ඉස්කෝලෙ කාලෙ කරපු වැඩක් මතක් උනා ය.නිකන්ම මතක් උනා නෙමෙයි,වෙන දේවල් දිහා බලන් ඉන්නකොට සමාන කමක් පෙනුනා ය.උනේ මෙහෙමයි ය. .
ගස්ලබ්බ බාලදක්ශයා ය.අවුරුද්දකට වතාවක් ලංකාව පුරා පාසල් වලට ආරාධනා කරලා කොහේ හරි කන්දක් අල්ලගෙන ගවේශන තරගයක් පවත්වන එක අඛණ්ඩව කරගෙන එන එක බාලදක්ශ කණ්ඩායමේ පුරුද්දකටත් වඩා වගකීමක් එහෙම නැත්තන් සිරිතක් බවට පත් වෙලයි තියෙන්නේ ය..
පොඩි කාලෙ ඉඳන් අයියලා කියන කියන වැඩ කර කර හමයන.. බර වැඩ කරලා කරලා ඔන්න වගකීම් පැවරෙන තරමට කර දඬු උස් මහත් උනාම පැවරුන පළමු වගකීම ප්‍රධාන වේදිකා සැරසිලි ඉදිකරන එක ය.
අපේ සින්නන්ගෙ සිරිත් විරිත් තිබුන අපරාදෙ කියන්න බෑ මඩවන්නේ දෙකෙන් තුනෙන් නොව එකෙන්මය...කියන්නෙ හොද්ද රස වෙන්න හැඳිගානවා කියලා ය.ඒත් ඒ වෙලාවට උන්වත් හැඳි ගෑවිලා යන්න තරම් දේවල් කියන්න හිතුනට කියන්නෙ නෑ.. මොකටද ඉල්ලගෙන පනිශ්මන්ට් කන්නෙ කියලා ය.එච්චරකට ඉතින් සීනියර් භක්තිය සහ විනය ය.
කිව්වද කලා... නොකලොත් මලා.
කිව්වද කලා... නොකලොත් මලා.
වේදිකාව සරසන එකත් ආවට ගියාට කොරන්න බැරිය.මුලින්ම ප්ලෑන් ඇඳිය යුතුය.ඇපෲ කරගත යුතුය.ඒ අතර වෙන වැරදි සඳහා පනිශ්මන්ට් ද කෑ යුතුය.අපට මුලින්ම පැවරුනේ ග්රාප් ශීට් වල නිවරදි ස්කේල් එකට එකිනෙකට වෙනස් සැලසුම් පහක් ඉදිරිපත් කොරන්නටය.
හිත හොඳ සින්නෙක් ඉදිරිපත් වී අපට කීවේ
හිත හොඳ සින්නෙක් ඉදිරිපත් වී අපට කීවේ
"ඔය මොක ඇන්දත් ආයෙ අඳින්න වෙනවා.. ඒ නිසා මුලින්ම මොකක් හරි බයිලයක් ඇඳන් එනවා.පස්සෙ අපි වෙනස් කරල දෙන්නම්" කියලා ය.
ඉස් මුදුනින් ඒ අවවාද පිලිගෙන අපි පස් දෙනෙක් ග්රාප් ශීට් වල එක එක ජාති ඇඳ ගෙන සැදැහැ සිතින් පෙල ගැසුනෝය.
පොඩි අව්ලකුත් නොතිබ්බා නෙමේය..
ඒ මක්කද යත් එහෙන් මෙහෙන් කුරුටු ගාන විට ගස්ලබ්බාට වැඩේ රස වැටීම ය.
ඉතින් වී තිබුනේ එකල දන්නා පරිදි විව් තුනකින්ම මහා සංකීරණ සැලැස්මක් ගස්ලබ්බා අතින් බිහි වී තිබීම ය.
අනෙක් උන් කීවේ උඹට ඔය කොළ ටික කන්න වෙනවා සත්ත බවය.අළුතෙන් එකක් අඳින්නට වෙලාව මදි නිසාත් ආසාවෙන් කළ සැලසුම ඉවත දමන්නට දුක නිසාත් ගස්ලබ්බා නොබියව තත්තෙට මූණ දෙන්නට සිතා ඉදිරියටම ගියේ ය.
සැලසුම් එකක් නෑර බැලූ සින්නන් අවසානයට ගස්ලබ්බාගේ සැලසුම දැක.. මූණෙන් මූණ බලා සෑහෙන වේලාවක් සිනාසුන හේතුව ගස්ලබ්බාට තේරුනේ ටික වේලාවකට පසුවය.
'අපි කිසි වෙනසක් කරන්නෙ නෑ... තොපි මෙන්න මේකම හදපල්ලා... කිසි වෙනසක් වෙන්න බෑ..'
හපෝයි... ඔය කෑවෙ මලකඩ බැඳුනු ටකරං..
මුල් සැලසුම් විසිකරනවා කියා අපට යහපාලන බලාපොරොත්තු දුන් සින්නා උගේ ඔරන් ඔටන් මූණ දික්කොරගෙන හිනා වෙනවා ය.
අපට දැං පව් ය.
මක්කෙන් හරි දන් වළඳන්න උවමනා නිසා අනෙක් උන්ගේ අපහාස..තර්ජන.. ඝර්ජන.. මැද ගස්ලබ්බා වැඩ ඇරඹීය.මෙතුවක් කල් තිබූ ඇහැට හුරු රූප වෙනස් කර අලුත් ක්රමයකර අලුත් රූප තැනීම ඇරඹුනේ ය..
පොඩි උන් මරාගෙන කමින් මෙන්න මේවා නිර්මාණය කිරීම සිදුකළ යුතුමය.
1)බාලදක්ශයෙකුගේ අනුරුවක්
2)යන්ත්‍රානුසාරයෙන් කැරකෙන ශූරතා කුසලාන දෙක.
3)විනිවිද පෙනෙන මයික්‍රෆෝන රඳවනය
4)සිරස්ව ගලායන ජලය තුලින් දැල්වෙන පහන්
5)ගින්දර නොමැතිව දැල්වෙනවා සේ පෙනෙන ගිණිමැල

කොහොමෙයි වැඩසටහන?? මේවා හයර් කරන්න තිබුනත් ඒකට අවසර නතිය.. කැමැත්තකුත් නතිය.. අපේ අතේ පයේ වෙර වීරියෙන්ම ගොඩදැමීමේ පරම පවිත්‍ර පවිටු චේතනාවෙන් දිවා රෑ නොබලා කස්ටිය දැන් වැඩ ය.
කස්ටිය වැර වෑයම් කර ඇහැක් විදිහට කනක් හදාගත් බව චිත්තප්ප්‍රීතියෙන් දන්වන්නෝය..
ඔන්න දැන් වැඩසටහන හෙට ය.
වතුර ඇතුලෙන් දැල්වෙන පහන් හදන්නට පැරපින් ගුලි හෑරූ එකා එක අතක් බලාගෙන ය.කොච්චර කීවත් වෙනතක් බලන්නේම නැතිය.උගේ බෙල්ල උළුක් වෙලා ය.
සිරස්ව වතුර ගලනවා පෙන්නන්නට වීදුරු තහඩු සමඟ ඔට්ටු උන එකා අත් මේස් දමාගෙන ය.ගැලෙව්වාම ලේ ගලනවා ය.
ඕන වෙලා තිබුනු පොකුණු වතුර මෝටරය ගෙදරින් ගලවාගෙන ආ පොඩි එකාව ගෙදරට වද්ද ගන්නේ නැතිය.
ඒ අව් අස්සේ වේදිකාව එලිමහන් චතුරස්‍රය වෙත මාරු කිරීමට සින්න අයියලා පතල මහා අනුකම්පාවෙන් ක්‍රියා කළෝය.
අපට 'නානසාර ලකුණ' දරන අබ සරණ ය.
කොහොම කෙරුවත් එකයි නිසා සැලසුම් උඩු යටිකුරු කොට කොහොමින් කොහොමින් හරි වැඩේ ඇටෙව්වෝ ය. එක අවුලක් තියෙනවා ය.
වේදිකාවට පිටුපස බිත්තියක් නැති ය.
එහෙම උනොත් පුල් චාටර් ය.
හදපු ඒවා පේන්නැතිය.
එහෙම වෙන්න දෙන්න බැරිය..
වෙස්මූණ බැන්දේ නටන්නය.කොහොම හරි නැටිය යුතුය.
ටිං ටොං ටිං ටිං.....
නුවණ පහල විය.
හැන්දෑකොරේ ඉස්කෝලෙ තාවර වෙමින් ඉන්නකොට ගස්ලබ්බා ඇතුලු පිරිස ඇදගෙන ගොහිං ප්‍රාථමික අංශයේ රෙපෙයාර් වැඩ ටිකක් නොමිලේම කරගත් මොහොතේ කබඩ් ඇතුලට වී ගස්ලබ්බාට අත් වැනූ කළු කොළ ටික පිහිට වන්නට ඉඩ තියෙන්නේය.
හුරුබුහුටි පොඩි එකෙකුට වාක්‍ය කීපයක් උගන්වා දහඩිය දමන්නට රවුම් කීපයක් දුවවා දුක හිතෙන ස්වරූපයෙන් ප්‍රාථමික අංශයට යැවූ විට තාප්ප වහන්නට තරම් ලැබුනේ කලු කොල මය..මින් කළු ගලක හැඩ මතුකොට වේදිකාවේ වැඩ හමාර ම කල වග ය.
ඔන්න ඉතින් වැඩේ දවස ය...
වෙනදා ලැබෙන ගල් මුල් වෙනුවට කිසිසේත් හුරු නැති මල් ලැබෙන විට ගස්ලබ්බාට බැචාලාගෙන් ලැබුනු රැවුම් ගෙරවුම් කිංඩි අඩු වීම ගස්ලබ්බා ප්රමෝදයට පත්කලේය.
නමුත් කරුමෙ ඩබල් පින සිංගල් ය.
දරුණු සින්නෙක් කියා මහා සිංහලයේ වංශකතාවේ පවා නම සඳහන් පොරක් මේ වැඩේ ඇදක් දැක්කේ අමුතුම ඇහැකින් ය.
මිනිහා එක පාරටම ගුගුලේ ය..
'යකෝ.. මේ මොකද්ද? කිසිම තේරුමක් නැති අටමගලක් නෙ.මොකාද මේක හදපු එකා..??'
පූජාසනයේ හිඳුවා ගස්ලබ්බාට පිදූ ලෝකයම එක බැල්මකින් එරෙහිව නැගිටින හැටි දුටු විට නන්දා මාලනීට ජෑම් ගෙඩියක් දෙන්නට තරම් හිතක් පහලවූයේ ගස්ලබ්බාටත් හොරාටමය.
හීන් දාඩිය අර දාඩිය මේ දාඩිය ඔක්කොම එකපාරම දැම්මේ ය.
බඩත් ගොර ගොර ගාන්න ගත්තේ ය.
ඒ මදිවාට දත කට පූට්ටු වෙලා ය.
කටේ මුද්දරයක් අලවන්නවත් කෙල ටිකක් නැත.
'ඛවුධ යඛෝ..??'
ගස්ලබ්බා හීන් කෙඳිරියක් නගාගෙන අත ඉස්සුවා මතකය.
දැං ඉතින් කොරන්න දෙයක් නැතිය...
"මේ තෝ අටවලා තියෙන්නෙ මොකද්ද කියපිය."
ගස් ලබ්බා මෙන්න මෙහෙම කතාවක් කී බවක් යාන්තමින් මතකය..
"අයියෙ.. ගල් යුගයේ ඉඳන් නවීන ලෝකය වෙනකන් ලෝකය කැරකි කැරකි වෙනස් උනත් බාලදක්ශයෙකුගෙ වගේ යහ ගුණදම් තමයි මොන බාධක ආවත් දිලෙන්නෙ"
ඊට පස්සෙ ඇහුනේ මහා හූ හඬකින් හිනාවෙන හඬක් බවත් මතකය.
සත්‍යයට ලුණු ඇඹුල් දමා මේක කියන්න හිතුනේ නිකම්ම නෙමෙයි ය..නිරුවත ඉන්ටප්රිට් කිරීම,වාසු සීයා ගේ රැවුල කපා මොලේ පාදා බැලීමට තැත් කිරීම,උත්තරීතර ආයතන තුල පහත්ම වචන භාවිතය,භාණ්ඩාගාර බිල්පත් වංචාව,විදෙස් මුදල් වංචාව වංචාවක් නොවීම,වෙලේ සුදා උපාසක මහතෙකු වීම,කුඩු පාං පිටි වීම,සිංහලයාට රටක් නැති වීම හා මේ සියල්ල නිවරදි හේතු සහිතව සිදුවිය යුතුම ඒවා බවට මහජනයාට ඒත්තු ගැන්වීම යනාදිය දුටු විටය.