Tuesday, March 7, 2017

ඤෑව්..ඤෑව්...ඤෑව්...!!!



පූසරයෝ නුඹ නාඬන්
තව පොඩ්ඩක් ඉඳපන්
ගේ වටේට පාර දිගට
කෑ ගැහුවට වැඩක් නැතේ
උඹේ අක්කා ඈත ඉඳන්
'පූවා' කියනවා ඇහුනට
අම්මත් කාලයක ඉඳන් 
එතන ඉඳන් හඬ නැඟුවට
ලඟදි ඉඳන් අප්පච්චිත්
පෙනෙන්නෑලු හඬ ඇහුනට
ඇඳන් මේස පුටු යට වත්,
කඩේ ලඟත් පාර දිගෙත්
එක පතේම බෙදාන කෑ
බ්ලැකියව වැලලූ තැන වත්
පේන්නැත්තෙ ඇයි කියලා
හඬ නඟනා හඬ නවතන්
නුහුරු පිටට සුද්ධ කරපු
සාලයො බත් උඹ කාපන්
කිරිත් සීනි කහට වැඩියි
ඒත් මචෝ කිරි බීපන්
සති අන්තෙට එයැයි ඇවිත්
උයල දේවි රසට ගුණට
කමු එදාට උඹයි මමයි
ඤෑව් උගුරෙ හිර වෙනකන්
එතකන් ඔය හඬ නවතන්
හෙවුම් බැලුම් නවතාපන්
පූසරයෝ මේ අහපන්
උඹ තව පොඩ්ඩක් ඉවසන්..