Tuesday, September 25, 2018

-තාත්තා-


හිත පුරා හෙමින් කොඳුර කොඳුර මොනව කියනවද
පොඩි හුස්ම හුස්ම එකතුවෙලා හුළං හැදෙනවද
හීං හුළං සැරේ හමායන්න අවසර දෙනවද
මගෙ හුස්ම පොදත් ඒ හුළඟට එකතුකරනවද

ඇල් හාල් බතින් ගුලි හදාන ගෙනත් කවනවද
පොඩි ඇලේ දණ්ඩිපැටව් එක්ක කතා කරනවද
පොඩි බමරපෙත්ත බිම තවමත් රවුම් ගහනවද
හීං හුළංසැරට ගතේ සුවඳ එකතුකරනවද

මුවපුරා ටිකිරි හිනා හලං බලං ඉන්නවද
සීපදේ නදට තාල තියන් පාද සලනවද
පපුතුරේ උණුහුමට ගුලිවී ඉන්නට දෙනවද
මයෙ අප්පොච්චියෙ එකපාරක් පුතේ කියනවද


(තාත්තා ටෙලිය කරපු හැමෝටම ජයවේවා)