Saturday, February 21, 2015

කඩුවෙන් කොටා කුඩු ගැසීම


මේක ටික කාලෙකට කලින් උන වැඩක් ඔන්න.ඒ දවස් වල මම වැඩ කළේ බොරැල්ල වනාතමුල්ල ඇතුලෙ සයිට් එකක.

එදා= ඉරිදා දවසක්
වෙලාව= රෑ 8.00 ට විතර

 සති අන්තය නිවඩුවක් විදිහට අරගෙන සඳුදා උදේ ඉඳන් වැඩ කරන්න සයිට් එකට යන ගමන් මම හිටියෙ.බොරැල්ලෙන්ම හම්බුනා සයිට් එකේම වැඩ කරන ටයිල් බාස් ල දෙන්නෙක්.මොනව උනත් යුතුකම් දන්න මිනිස්සු.මගෙ බෑග් එකට බියර් කෑන්1යි එයාලට කාල් දෙකයි. මම ගානෙ වඩෙයි රන්පත්‍රයි.

                                            පට්ට පාලු වනාතෙ පාරවල් දිගේ සන්නද්ධ අපි ඉවසිල්ලක් නැතිව ස්යිට් එකට යනවා.ඔය යන පාරෙ තියෙනවා ලොකු ඉඩ කඩ තියෙන වංගුවක්.. ඔව්..ඔව්.. වන් බම්ප් ගහන්නයි වාහන යන්නයි එකපාරෙම පුලුවන්.
මෙන්න යකෝ මෙතන ලොකු ප්‍රාඩෝ එකක්..
අර මක්කෙයි ඒ කියලා ඇතුලට බැල්මට් එකක් දැම්මා..
ඇතුලෙ මොනව හරී......
හික් හික්.. කැත හිත නෙමෙයි..හුදෙක් කුතුහලය මෙයා..හුදෙක් කුතුහලය.

                                මෙන්න  මේකෙ හොර හරක් පටවලා වගේ මිනිස්සු පුරවලා..
අඩුම දහයක් පහලවක් වත් හිටිය ඔන්න..
 "මේ බලහං"
 කියලා බාසට කියන්න හදන කොටම අත අහුවුනා දඬු අඬුවකට..

දැං නම් වැඩේ අවුල්...

හයේ හතරෙ ඩයල් සෙට් එකක් කොහෙන්දෝ මතුවෙලා අපිව අල්ලගෙන..
දැං මේ යෝධයෝ දාහක් ප්‍රස්න...

ඇඟ සීතල වෙලා උගුර කට වේලිලා..
කලුවරේ පැත්තක හිටපු එකෙක් කියපි
"දා ගනින් මුං ටිකත් ඇතුලට" කියලා.

ඒ පාර නං කොල්ලට තද උනා..
සාමයට කැමතියි කියන්නෙ යුද්ධ කරන්නෑ කියන එක නෙමෙයිනෙ..
හොඳ හුස්මක් ගත්තා..
කීප සැරයක් ඇහිපිය ගැහුවා...
එල්ලි එලිලි තිබුන පුරුස ධහිරිය (පුරුස සක්තිය නෙමෙයි ) ඇඟට අරගෙන..
මරාගෙන මැරෙමි කියලා.. පහර දුන්නා....
කටිං තමයි අයුබොවං...

මොකො මුංගෙ ටී ෂර්ට් අස්සෙන් කට පුංචලත් එබිලා බලනවානෙ..

එදා ඒ වෙලාවෙ අපේ යුද්ධෙ ඇහුන නං රැජිනට, අද එංගලංතෙ රජ කොරන්නෙ රැජින නෙමෙයි...
මෙන්න කැට..

දෙක කියනකොට යෝධයො ඇඹරුනා... ඔව්..ඔව්... ඇඹරුනා..

සුද්දාගෙ කඩ්ඩෙ අගේ හරියටම මට තෙරුනෙ එදා...
හ්ම්.............

මෙයාලා වලාන ඇක්සයිස් නාකොටික්කොලු...

ඒක අහලා බෑග් එකේ බියර් එකත් උණු උනා ඔන්න..
කටට ආපු හදවත ආපහු ගිලල එහෙම අනිත් අය කෝ කියල බැලුවා.

බාස්ලා දෙන්නා ඒ අස්සෙ වැඩේ අනාගෙන.
බොරු කියලා මාට්ටු වෙලා. 
අයි ඩී එකේ එක නමක්.. මුන් කියන්නෙ වෙන නමක්..
හත්පොලේ ගා ගෙන..

දැං මෙයාලව දාලා යන්නත් බෑ..
මම ආයෙ ටෝක්ස් ඉශූ කරනව.. 
ඔන්න ඉතින් කරුමේ පැටවු ගහනවා කියන්නෙ එක යෝධයෙකුට ආයෙ මල පැන්නනෙ.. 
"සර්.."
"දාමු මුං තුන්දෙනා දොස්තරට" කිවුවා.

මාත් හරි එහෙනං කිව්වා.. මොකෝ අපි බීලත් නෑ.. ගංජ ගහලත් නෑ.. (ඒ වෙලාවෙ )
මෙයාල හොයන්නෙත් කුඩු විතරයි කිව්වනෙ.
දැං ඔන්න 

"දොස්තර වරෙං..??" කිව්වා.

හපෝයි දෙයියනේ දොස්තර දැක්කම ඇස් දෙක දොට්ට පැන්නා.නිල් පාට ගල් ශෝටකුයි හඩු ඉස්කිනියකුයි ගහපු එකෙක් ආවා කාණුව අයිනෙ ඉඳං.
දැං මුට දිව දික් කොරලා පෙන්නන්න ඕනෙ.
මම නේද.. හෙහ්....මම ආපහු කෙටුවා.. රැජිනගෙ රස්නෙට මුවා වෙලා මගෙ ශ්‍රී දිව පෙන්නන්නැතිව ගොඩගියා.
ඒත් එක බාසෙක් කොටු උනා.. 
ඌ කුඩු ගහන්න තියා දැකලත් නෑ කියලා මට සුවර්.. 
ඒත් දොස්තර බිල්ලා ඔලුව වැනුවා.
බාසා ප්‍රාඩෝවට පැටවුනා..  
එතන හිටපු ලොක්කා වගේ යෝධයා කියපි 

"හෙට අලුත්කඩේ උසාවියේ පහේ කාමරේට ඇවිත් යාලුවා අරන් යන්න."
"දොස්තරයට වරදින්නෙ නෑ.. උ අවුරුදු අටක් කුඩු ගහන එකෙක්" කියලා... 

ඒ වෙලාවෙ තවත් කරන්න දෙයක් නෑ කියලා තේරුනු බාසත් කියපි 
"මහත්තයා දැං යන්න.. හෙට එන්න" කියලා.
වාහනේ අංකෙත් හිතේ කොටාගෙන හොටේ එල්ලගෙන මම සයිට් එකට ගියා.


ඊට පස්සෙ උන දේවල් කියන්න ගියොත් තව පෝස්ට් දෙකකට වත් කතාව දික් වෙනවා.. දණගාලා දණිසුත් රිදෙනවා.ඒවා පස්සෙ කියන්නම්...

ආරක්ශක අංශ දැනුම්දුන්නෙ ඒ අංකෙ දරණ වාහනයක් යොදවලා නෑ කියලා.ඒත්
බාසව කියපු විදිහටම උසාවි දාලා තිබුනා ගංජා ලඟ තබාගැනීම කියලා.
ඔන්න ඔහොමයි මගේ පලවෙනි නාකොටික් අත්දැකීම...


( ගූ ගල් අස්සෙන් පින්තූරෙ ඉස්සුවා)

14 comments:

  1. දවස් දෙක තුනක ගැප් එකක් තියල පෝස්ට් දාහං මනුස්සයෝ

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හේ... එසේය.. එසේය..අයියණ්ඩිය.හොයල බලනවාට ඉස්තූතියි..!

      Delete
  2. ලබ්බ අස්සෙ තොවිලෙ.. නෑ නෑ තොවිලේ අස්සේ ලබ්බක්.. හැක් හැක්. අටම තමයි පාර කිව්වේ සජ්ජගේ තොවිල් පොලේදී.. මේ වගේ නෝටිකොටික් අත්දැකීම් හරිම ඉන්ටරෙස්ටින් මෙයා.. දිගටම ලියපන්. ජය ශ්‍රී!!

    ReplyDelete
    Replies
    1. අප්‍රමාණ තං තොසෙයි ඔන්න...කමි මයා සාදරයෙන් පිලිගන්නවා.තව ජුණ්ඩෙන් කොල්ලා කූරු ගණිනවා.අටං අයියට ජයවේවා..!

      Delete
  3. අටම කිව්වා .. ඔන්න ආවා.. දිගටම ලස්සනට ලියාපන්... කන් පෙත්ත අල්ලපුවම ඇතුලෙන් පොඩි ගැටිති අහුවෙනවලු දිග කාලයක් ගංජා ගැහුවම. ඔන්න ඔන්න.. කන් පෙත්ත අල්ලලා බලනවා නේද දැන්?? ගැට තිබ්බත් නැතත් ඔන්න එහෙම ඇල්ලුව නං , බඩුම තමා :P

    ReplyDelete
    Replies
    1. අපේ කොහෙන්ද ගැටිති.. හෙහ්..
      (රහසෙන්)හුටා...ගැටිති නේන්නං මේ.. වෙලාවට කවුරුත් දැක්කෙ නෑ.... .. කතාව ඇත්ත වගේ.
      (හයියෙං)ආවට තුති...ලබු ඇට ගණින්න ආයෙ එන්න..
      (යටි ගිරියෙං ) අටං අයියට ජයවේවා...!

      Delete
  4. දිගට ලියමු.. නැත්නං වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. දණ ගා ගෙන හැප්පි හැප්පි පටං ගත්තා විතරයි... දේශකතුමත් ගොඩ උනා කියන්නෙ නොලියා කොහොමද? අදහස් බොහොම වටිනවා..

      Delete
  5. මේ කතාවේ ඉතුරැටික ලියපිය

    ReplyDelete
    Replies
    1. මතක් වෙනකොටත් මල විසි වෙන කේශ් එක... කමක් නෑ... ලියන්නම්... එල එලෝ...

      Delete
  6. මොනව බං ගස් ලබ්බෝ? එහෙම වාහනයක් යොදවලා නොතිබ්බට ඒ වාහනෙන් ඇවිත් කුඩු ගහන ඩොකෙක් චෙක් කරලා බලපු එකාට දඩත් ගැහුවා ඈ? පුදුමය නෑ, ලංකාවනේ.

    ReplyDelete
    Replies
    1. හෙනං හෙනං ඩූඩ්... තව තව ජරා වැඩ උනා.අර මෙන්ඩා කියනවා වගේ ඒ ටිකත් ලියන්නම්කො.
      පුදුම තංතෝසයක් නෙව දැනෙන්නෙ ඩූඩ් මේ පැත්තෙ ඉන්නවා දැකලා. ගස්ලබු වල ගුනාගුණ කියන තරමට වටිනවා..
      ආයෙත් එන ගස්ලබු ගනින්න...

      Delete
  7. ලබ්භෝ ... මේකෙ ඉතිරි කෑල්ල ලිව්ව නං ලින්ක් එක දාපන්කෝ :-D

    ReplyDelete