Tuesday, February 7, 2017
අබිරහස් වැසිකිලි ගණුදෙනු
වැසිකිලි ගණුදෙනු ගැන කට ඇරලා කතාවෙන කාලෙක සාරසතුමාගේ පෝස්ටුව කියෝනකොට පොඩි ගස්ලබ්බා ඇසූ දුටු වැසිකිලි ගණුදෙනු දෙකතුනක් මතක් උනා.
මතක් උන වෙලේ කොටා දමාපිය කියන සුවර්ණ වැකියට අනුව ඒ බොහොම සරළ අවස්ථා මෙහෙම ලියෝනවා.ඒ අතරේ පාඨක භවතුන්ගේ අත්දැකීමුත් ඇත්නං එකතු කරාට කිසිම විරුද්ධත්වයක් නෑ ඕන්...
මුලින්ම මතක ප්‍රාථමික අංශෙ උන්න කාලෙ වෙච්චි දෙයක්.ඉස්කෝලෙ ප්‍රාථමික අංශෙයි දහය එකොලහ පන්තියි වෙන් වෙන්න උස තාප්පයක් බැඳලයි තියෙන්නෙ.තාප්පෙටම අල්ලලා තමයි ප්‍රාථමික අංශෙ වැසිකිලි පෝලිම තියෙන්නෙ.
ඔන්න ඒ දවස් වල ලොකු අයියලාගෙ මොකද්දෝ කලබලකාරී බවක් නම් තිබ්බා මතකයි...
මේ දෙක වසරෙදි හරිද.
ඔන්න දවසක් ළමේක්ට කක්ක බරක් හැදිලා.
ගස්ලබ්බා පන්තිනායකයා නිසා වතුර බාල්දිය ඇදල දෙන්න යන්න ඕනෙ ගස්ලබ්බ.ඒක තමයි නීතිය.
ඔන්න ඉතින් පස්ස පැත්ත වටේ මැස්සො එකා දෙන්නා කැරකෙන අර ළමය බෑ බෑ... කකාබර නෑ නෑ කියද්දි වදෙන් පොරෙන් දක්කන් ගිහිල්ලා ටොයිලට්ටුවකට දාලා වතුර බාල්දියත් දීලා දොර ලඟ තනියට ඉන්නවා. (හප්පා.... තාමත් එනව වගේ ඒ ගඳ... ඌ මොනවා කාලද මන්දා.)
එකපාරටම තාප්පෙන් එහාපැත්තෙන්
'කවුරුත් නෑ.. දාපන් දාපන්' කියනවා ඇහුනා..
තහඩු වහලෙට ඩොග් ගාල මොකද්දෝ වැටුනා..
වැටුන ගමන්..
'ඩෝං පටෝන්..' ගාල පුපුරන්න ගත්තා..
මොකද්ද උනේ කියල වටපිට බලනකොට අර ඇතුලෙ හිටපු එකා හෙලිකොට්ටෙන්ම පන්තිය දිහාට දුවනවා දැකලා ගස්ලබ්බත් ඒ පස්සෙන්ම දිව්ව ඕන්...
බයවෙලායි ලැජ්ජාවටයි අඬන අර කොළුවව සනසලා ඉනෙන් පහල තිබුන කක්කා මෝස්තර සෝදලා ලොකු ටීච ගාව තියන කලිසම ටීචම අන්දලා පන්තියට ගෙනත් ඉඳලා බලනකලුත් ගස්ලබ්බා කණට ඇඟිල්ල ගහ ගහ තමුන්ට කොටි බෝම්බ ගහපු හැටි කිය කිය උන්න මතකයි..
දෙක
ඔන්න ගස්ලබ්බ දැන් ටිකක් ලොකුයි.
හත වසරෙ වගේ.සිස්සත්තෙන් නානාප්පර ළමයි ඇවිත් යන්තන් සියල්ල සන්සුන් උනා විතරයි වගේ..හොස්ටල් එක පිරිලා.
ඔය කාලෙ එක එක හේතු නිසා ඔය විසාල පාසල් වත්තපුරා ඇවිදින එක ගස්ලබ්බගෙ පුරුද්දක්.
හොස්ටල් එක පැත්තට පිට අය එනවට එයාල එච්චර කැමැත්තක් දැක්කුවෙ නැත්තත් බාලදක්ශ ගිණිමැල වලට අවශ්‍ය දර ඒ පැත්තෙන් ලේසියෙන් හොයාගන්න ඇහැකි නිසා අර අකමැත්තවල් ගස්ලබ්බලා වැඩිය මායිම් කලේ නෑ.
ලොකු වෙනකොට නම් ඔය බේද මුකුත් නෑ..
ඊට අමතරව හොස්ටල් එකේ ටොයිලට් ටික සෑහෙන මට්ටමක පිරිසිදු විදිහකට තිබුනා.
ඒ නිසා හොස්ටල් පැත්ත අපේ ඇස් වලට හොඳට පාඩම්.
මේ කාලෙ තියන උණක් තමයි අයියලාව අඳුනනවා,අර අයියා යාළුවා අනන් මනන් කියන්න.කොල්ලො සෙට් එක ඉන්නකොට අර 'අයියා' කෙනෙක් අත වනාගෙන ගියත් ඒ ගැම්මෙන් පන්තියෙ අහිංසක කොල්ලො දෙතුන් දෙනෙකුගෙ ඇඟේ හැප්පෙන එක හෙන වැඩක් විදිහට සලකපු පිරිසක් හිටියා.
මේ අතරෙ අළුතින් ආපු හොස්ටල් බුවෙක් බොහොම තදින් අයියලා අස්සරේ කොරන්න පටන් ගත්තා.කොටින්ම එක 'අයියා' කෙනෙකුයි මූයි බොහොම ලඟම හිතවත්තු උනා.හැබැයි කොල්ලන්ට මේක වැඩිය ඇල්ලුවෙ නෑ.මොකද අර අයියා අමුතු ගති සිරිත් ඇත්තෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා තිබීම.
ඔන්න ඉතින් අර 'අයියා' අපේ බුවාට සමහර වෙලාවට පොඩි පොඩි චිට් කෑලිත් දෙනව කියලා කොල්ලන්ට නෝට් උනා.රහස් හොයන එක ඉතින් ඔය වයසෙදි බොහොම උවමනාවෙන් කොරන දේ නෙව.හැබැයි කවුරුත්ම දන්නෑ ඒ ලියල දෙන්නෙ මොනවද කියලා.
සෙල්ලම වැඩිකල් ගියේ නෑ.
හොස්ටල් ටොයිලට් පේලියේ එකම ටොයිලට් එකකින් අපේ බුවත්,ටිකකින් අර 'අයිය'ත් එලියට එනව දැක බලාගන්න බුද්ධි අංශ සමත් උනා වගේම අර චිට් වල තිබුනෙ වෙලාවත් ටොයිලට් එකට ඔවුන්ම යොදාගත්තු අංකයක් බවත් දැනගත්තෙ පස්සෙ.
කේස් එක ඇදුනම අපේ බුවා ඇඬූ කඳුලෙන් කල් ගත කරපු බවත් ඔහුව හොස්ටල් එකෙන් නෙරපපු බවත් මතකයි.
ඔන්න ඔහොමයි මිතුරනි ඔවුන්ගේ වැසිකිලියේ ආදරය වැසිකිලියේම නිමා වුනේ...
මීලඟට කියවෙන්නේ දුම් දමන වැසිකිලි ගැනයි.
මේකතාව ඇහැට නොදැක්කත් සිදුවෙලා තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්..
ඔන්න දවසක් පිනා ඉස්කෝලෙ වටේ ඇවිදිනවා..ඒකට වෙලාවක් අවේලාවක් නෑ.ඉස්කෝලෙ ඇරෙන්න බෙල් ගහපු ගමන් මනුස්සයා එදා ඇවිදිල්ල පටන් අරන් තියෙන්නෙ.ගේට්ටු පැත්තට සම්පූර්ණෙන්ම ප්‍රතිවිරුද්ධ පැත්තෙ පරණ ටොයිලට් ගොඩනැඟිල්ල ලඟින් යනකොට බුවා දැකලා ජනේලෙකින් සුන්දර දුමක් මතුවෙනවා... පිනා උනත් ආතල් කඩලා නෑ.ශේප් එකේ ලඟ පඳුරකින් පොල්ලක් කඩාගෙන දොර ලඟට වෙලා ඉඳලා. අනේ ඡත්ත මානවක ගාථා ඉවර වෙලා ඔක්කොම කතන්දර ඉවර උනාම පාසලේ ආදර්ශවත් ළමයි හතරදෙනෙක් අමු පොල්ලකින් ගුටි කකා පෝලිමට ඔෆිස් යන දර්ශනේ දකින්න වැඩිය කවුරුත් ඉඳල නැතිකමින් උන් අදටත් වරද හංගගෙන ඉන්නවා..පිනා උනත් කේස් එක වැඩිය ඇද්දෙ නෑ...
මීට අමතරව වැසිකිලි අස්සෙන් මදුරුකොයිල් සුවඳක්,හඳුන්කූරු සුවඳ ආපු බවත් ඒවා හාරාව්ස්සන්න නොයා සද්දේ විනෝදේ ලබන්නත් අහිංසක ගස්ලබ්බා පුරුදුවූ බව අමුතුවෙන් කියන්න ඕනා නෑ නෙ...හෙහ් හෙහ්..
හැබැයි කොල්ලො වලි දාගත්තම තමුන්ගෙ හතුරගෙ ටෙලිෆෝන් නොම්මරේ ටවුමෙ පොදු වැසිකිලියක ලියන පුරුද්ද ආවෙ ටිකක් පහු වෙලා මයෙ හිතේ..
බූට් තියන කෙල්ලන්ටත් බූට් එකත් එක්කම සිම් එකත් විසිකරන්න සිද්ධ උනා පස්සෙන් පහු..
මේ සේරම මතක් උනේ වයස අවුරුදු හතරේදී රටේ ප්රමුඛ දේශපාලකයන් සමඟ දේශපාලන කටයුතු වල යෙදී කඳුළුගෑස් පවා කෑ පොඩි කක්කුස්සිකටා ගේ 'ඔපරේශන් වැසිකිලි' මෙහෙයුම ගැන ඇහෙද්දීබව කියාගෙනම ගස්ලබ්බා බ්ලොගට වැළඳී තිබුන මළබද්ධ තත්වය සුවකරගන්නට හීන දකින බවත් කියාගෙනම නවතිනෝ....
Subscribe to:
Post Comments (Atom)
සෝදන්න බාල්දියෙන් වතුර ඇදල දෙන්න පන්ති නායක කම තියා රජකම දුන්නත් කොරන්නෙ නෑ නෑමයි!
ReplyDeleteහෆොයි.... අපි පොඩි කාලෙ විස්සවිජ්ජාලෙදි ඔහෙගෙ ඉස්කොලෙට ගල්දේව සහ කාන්තා පාසැලට ආප්ප දේවි කීව එක වැරදි නැහැ එහෙනම් ??? (ගල්දේව කිවුවට තරහ වෙන්න එපා හිටන්... හරිය?)
ගස්ලබ්බා පැටියා කාලෙ ඉඳන්ම අනුන්ගෙ උලුක්කු අදින්න රුසියා.. හෙහ් හෙහ්..
Deleteඔය විදිහේ උදව් කිරීම සම්ප්රදායක් විදිහට අපේ ප්‍රාථමික අංශෙ තිබුන දෙයක්.රජ පැටියෙක් උනත් වතුර බාල්දිය අරන් ගිහින් දෙන්න ඕනෙ මොකාට උනත්.
හහ්.. ගල්දේව? අනේ අපේ කොළු පැටව් සජ්ජුරුන්නෙ ඉස්කෝලෙට ගියානං අද ඇමැටි මණ්ඩලේ තදයො නෙව.. හෙහ් හෙහ් (ඇහැක් ගහන මූණෙ සිම්බල් එක.)
ජයවේවා..!!
කක්කා කතා..
ReplyDeleteමතක් උනා..
ැෑෑෑෑෑෑෑෑෑෑැක්කා..
ජ ය වේ වා !!!
කක්කක්කක්කතා මම්මම් මතක් ඌ..නා ද?
Deleteජයවේවා..!!
ඉල ටිකක් විතර ඇදුනා. කතා විලාසය නම් ෆර්ස්ට් ක්ලාස්.
ReplyDeleteබෝ...ම ස්තූතියි ඇනෝ. දැං ඉල වලට මක්කෙයි කොරන්නෙ? හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
++++++++++ two thumbs up
ReplyDeleteThank you Doc
Deleteජයවේවා..!!
අපේ ඉස්කෝලෙ A/L maths සර්ට කියන්නෙත් අපි ගස්ලබ්බා කියලා... :D
ReplyDeleteහුටා... පොර මේ බ්ලොග දැක්කොත් මිනිහගෙ ප්‍රෙශර් ශ්‍රිතය නිතිමතින් වැඩිවෙයිද දල්ලෑ.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
//මීට අමතරව වැසිකිලි අස්සෙන් මදුරුකොයිල් සුවඳක්,හඳුන්කූරු සුවඳ ආපු බවත් ඒවා හාරාව්ස්සන්න නොයා සද්දේ විනෝදේ ලබන්නත් අහිංසක ගස්ලබ්බා පුරුදුවූ බව අමුතුවෙන් කියන්න ඕනා නෑ නෙ//
ReplyDeleteමේ කියන්නේ මොකද්ද බොලේ ?
අර අවුරුදු කාලෙට පත්තු කරන ඩෝන් පටස් ගාන ඒවා (රතිඤ්ඤා කියන කියන්නේ) ටයිමින් තියල පත්තු කරන එක තොපි ඉස්කෝලේ කාලේදී කරලා නැද්ද...
Deleteහුටා ..... විලිලැජ්ජාවයි..... මීටර් උනේ නෑ කියහන්කෝ....
Deleteඑකෙක් ටොයිලට් එකේ බොග දාන ගමන් පඩ සද්දෙත් එලියට එනවා. එකෙක් එලියේ ඉඳන් සින්දුවෙන් අහනවා " සද්දේ මොකෝ අවුරුද්ද ඇවිල්ලද" කියලා. ලස්සන සින්දුවක් ..කියන තැන හරි නැහැ කියලා අනිකා කියනවා. ඇත්ත කතාවක්.
Deleteසින්දුව තමයි... බැද්ද පුරා සුදු රෙද්ද වගේ යස
ගායනය....පියසිරි විජේරත්න/ අමිතා වැදිසිංහ
පද...හෙන්රි තෙන්නකෝන්
සංගීතය.....පියසිරි විජේරත්න
හප්පට... ඔය තියෙන්නෙ සූටික්කගෙ පුරස්නෙට පිළිතුරු.. සුවඳ,හඬ ඔක්කොටොම
Deleteජයවේවා..!!
යාංතං රීලා
ReplyDeleteගල් වෙලා තිබ්බෙ.. එක සැරේටම සෙට් වේගන එනකොටම ලෝඩ් එක බෑවා.ආයෙ ගල් උනොත් එහෙම. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
නෙලුම් යායේදී සෙට් වෙමු
ReplyDeleteසෙට් වෙමු...!
Deleteජයවේවා..!!
වතුර ඇදල දෙන්න උනු එක නම් මරු වැඩේ:D
ReplyDeleteජයවේවා...
පොඩි කාලෙ ඉඳන් කඩේ යන්න පුරුදු කොරලා ඉන්නෙ.හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
2 වසරේ පන්ති නායකයා උනා කියල අනිත් උන්ට පුක හෝද ගන්න වතුර අදින්න තරම් වයසක් නැහැනේ බං...
ReplyDeleteඕවා ඔය ගුරුවරු වැඩ ලේසි කර ගන්න කරපු වැඩ වෙන්න ඇති...
මොනවා උනත් හොඳ කක්කා කතා ටිකක්...
අර පොඩි වැසිකිළි කටා ගැන නම් කියල වැඩක් නැහැ, ඌ ඔය විදිහට බොරු කියාගෙන කියාගෙන ගිහින් කවදා හරි කියන්න ඉඩ තියෙනවා අම්මගේ බඩේ ඉන්න කාලෙත් පෙළපාලි ගියා කියලා...
දෙක වසරෙ කියල නෑ උදව් කරන්නම ඕනෙ.වතුර එක හලාගන්නැතුව ගෙනියන එකට වඩා ගේම බාල්දියක් හොයාගන්න එක.අරූ ශපාන් එකේ රෙන අතරෙ වෙන ලැට් අස්සෙ ගූ ගොඩවල් අස්සෙන් බාල්දි හොයන එක තමයි එපාම කරපු වැඩේ..
Deleteපොඩිවැඩිකිලිකටාට බුකියෙන් සම්බුව හම්බෙනවා රිදෙන්න..
ජයවේවා..!!
අම්මටඋඩු එල කථා සෙට් එකක්. මටත් මා බාල කාලේ මතක් උනා. ජැජ්ජාවට කක්කබර ඉවසන් හිටපු විදිහ, ජනේලයෙන් දුම් පිටවීම, මදුරු කොයිල් හඳුන් කූරු සුවඳ මගෙත් පොදු අත්දැකීම්.
ReplyDeleteලැජ්ජාවෙන් කක්කබර ඉවසන් හිටිය වගේ නෙමෙයි මල්මලේ ඉබ්බා ඔලුව දාන්න ගත්තම.. හා නැතෙයි?
Deleteජයවේවා..!!
කක්ක කතා මරු ඈ.. පවු බන් අර කොල්ල කක්ක දදා ඉද්දි ඔලුව උදාර රතිඥ්ඥාව වැටුනාම ඌට අනිද්දා දාන්න තිබ්බ කක්ක ටිකත් යන්න ඇති.. හැක්..
ReplyDeleteකොච්චර උනත් කක්ක දාන එකාට භාදා කරන එක පවු වැඩක් බං.. මොකෝ ඕක දාන්න ගත්තාම බග නවත්තන්න කියලය.. රතිඥ්ඥ දාපු එවුන් දෙන්නට අපායේ ගියාම පුක මහල බඩ යන්න බෙහෙත් දෙයි යාම රජ්ජුරුවෝ.. එහෙම නැත්තම් බඩ යන්න බෙහෙත් පොවලා කකුල් දෙකෙන් එල්ලලා තියාවි..
අහනකොටත් බය හිතෙන දඬුවම්...
Deleteඅරුන් රතිඤ්ඤා දැම්මෙ අපි ඉන්නවා කියල නොදැනම වෙන්න ඕනෙ.ඔව්ව අස්සෙ අතක් පයක් නොකැඩි දිව්වා කියල මතක්වෙනකොටත් පුදුමයි..
ජයවේවා..!!
මම ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගිය පලමු දවසෙ පංතියේදි චූ උනා කලිසමේම (කියල අවසර අරන් යන්න තිබුනු ලැජ්ජාවට). දෙවෙනි දවසෙත් ඒකම උනා.
ReplyDeleteටෞකන්ඩ තුන් වෙනි දවසෙ රෙවුනා කියහන්කො.
උඹ දේශකයද බං. හැක්..
Deleteනිදන කතාවක් තියනවා වගේ
Deleteඇනෝට නම් ටෞකණ්ඩ දෙයියන්ගෙම පිහිටයි.. හෙහ් හෙහ්
Delete@ප්‍රස්
ශුවර්ද අයියා..? එයාට එහෙමෙයි උනේ?
@මෙණ්ඩා
අඩේ ඒ වගේ නේද බං?
ජයවේවා..!!
ඊයෙත් මේ ඇනෝ කමෙන්ට් එකට කමෙන්ට් එකක් දාන්න ගිහින් ඒක බහිරවයා ගිල්ලා...
Deleteඔෆිස් එක ඇතුලේ හිනාව හංගගෙන හිනා වෙලා පට්ට අමාරුයි බං...
ඒක කියවන කියවන පාරක් ගානේ හිනා යන සීන් එකනේ වැඩේ...
ඌට නම් ටෞකන සිද්ධියක් බන් වෙලා තියෙන්නේ...
සිරාවටම... මතක් වෙනකොට හිනායන වැඩක්..
Delete//ඔෆිස් එක ඇතුලේ හිනාව හංගගෙන හිනා වෙලා පට්ට අමාරුයි බං...// කොමෙන්ට් කරන්නත් බෑ ඕයි හිනා යනවා..
Deleteටෞකන්ඩ Ano, That's hilarious! :D
Deleteඅපේ එකෙක් OL ඇඩ්මිෂන් දෙන දවසේ බට්ටා පත්තු කරන්න ගොහිං විභාග මධ්යස්තානත් මාරු කරගෙනයි නැවතුනේ!
ReplyDeleteආ... පොර වැඩේ චොරස් කොරගෙන වගේ..
Deleteඔය ගේමට සෙට් වෙන සුවඳ ආවත් කොල්ලා පලාතෙන්ම මාරු උනේ අනුන්ගෙ පරිප්පු කන්න උනත් සෙට් වෙන්න ඉඩකඩ වැඩි නිසා.
ඔහේ නම් නාඩියට ගේම් දීල ඇති ඒ කාලෙ.හෙහ් හෙහ්
ජයවේවා..!!
niyamayi
ReplyDeleteඉස්තූති වේවා..!
Deleteජයවේවා..!!
අපේ කාලෙනං ඔය ලැට් අස්සෙ සිගා ගහන සීන් තිබුණෙ නෑ. හැබැයි ලැට් අස්සට අරං ගිහින් රැග් දෙන ඒවනං තිබුණ. ඔය හඳුංකූරු වැඩේ කළේනං උදේ එසෙම්බ්ලි එක තියෙන වෙලාවට තමයි.
ReplyDelete3 වසරෙදි පන්තියට අලුතිං ආපු එකෙකුට බොගග් සෙට් වෙලා ඌට ලැට් යන්න ඉස්සෙල්ල වැඩේ පත්තු උනා.
එක දෙක තුන කියන්නෙ කක්ක සීන් ගොඩක් තියන වයසක් නෙව..
Deleteපෙසන්න අයියලා සිගා ගැහුවෙ එතකොට ගුරුමේසෙ උඩ ඉඳෙගෙන ය?
ලැට් අස්සට ගෙනියනවා කියන්නෙම රැග් එකක් වෙච්චි.. හෙහ්
ජයවේවා..!!
කාලෙකට කලින් මමත් ලොල් කතාවත් ලිව්වා මේ ලැට් සීන් එකක් ගැන. මොනවා හරි ලියන එක ලොකු දෙයක්.
ReplyDeleteඇත්තටම මොනවහරි ලිවීලක් තමයි උනේ.බොහොම වේගෙන් අයිස් බැඳීගෙන බැඳීගෙන ආවා... බයටම සෙවුනා...
Deleteජයවේවා..!!
හයියෝ කක්කි කතා .. ඒත් මරු හිනා උනා හොදට.මොකද අනේ මේ ඉස්කෝලෙ පන්ති නායකය කක්ක දාන්න අනිත් අයට වතුර ඇදල දෙන්න ඕන.
ReplyDeleteකැම්පස් කොල්ලො අපේ ඉස්කෝලෙට දාපු කාඩ් එකක් අර උඩින්ම සාරස තුමා දාල තියෙන්නෙ.. ඊට වඩා කීන්ට බේ.. බඩු මාස්ටු වෙනෝ.
Deleteඅර මෝඩයො දෙන්නෙක් අච්චර සොඳුරු සඳටත් පොළු ගහලා කක්කා කාපු කතාවක් අහල තියෙයි?
ජයවේවා..!!
හඳට පොලු ගහපු එකට මටත් ඌන පූරණයක් දෙන්නට පුළුවන්. මේගැන මගේ 'බ්ලොග්' එකේ හොඳ විස්තරයක් ඇති. ඒ එක්කම 'මෝඩ පන්දම ගැනත් ලිව්වා.
Deleteවිසිට් එකක් දාලම බලන්න. ඒ මෝඩයෝ කක්කා වල ඇඹුල් රස ආවේ ගොරක පොලු ගැසූ නිසා බව කියා සතුටු උනා.
ගස් ලබ්බෝ....උඹට නේද වැඩේ සිද්ධවුනේ...
ReplyDeleteවතුර අදින්න උනේ නං මට තමයි.. හෙහ් හෙහ්.. අනිත් ඒවා ඇසූ දුටු කතා.
Deleteජයවේවා..!!
සමහර ලැට් ව්ල තියෙන කවි ගුත්තිලෙත් නෑ :-D
ReplyDeleteචිත්‍ර සීගිරියෙත් නැහැ.
Deleteසුවඳ බේරෙ වැවෙත් නෑ. :D
Deleteරස්ති.. කවියකුත් කියලම ගියානං නෙව තවත් වටින්නෙ..
Deleteහෙහ් හෙහ්
ජයවේවා..!!
@අරූ
එකොළොස්දාස් එකසිය එකොලහ එහෙම ඇඳල තියෙන්නෙ.. නේහ්?
@ප්‍රස්
සුවඳ?? හම්මා.. සමහර ලැට්වල ගූ බල්ලොත් නොකයි.එච්චර කැතයි.ඊයා..
හෙහ් හෙහ්
##########################
ReplyDeleteජයවේවා..!!
රස්ති කවි ගැන කිව්වම මේක මතක් උනේ... මතක ඇත්තෝ ලියාන්ට බලාන්ට වැසිකිලි කුරුටු ගී..
ReplyDeleteරෙන්ඩ බර වූ විට
දුවගෙන ඇවිත් මෙතනට
වටපිට කැත නොකොට
රීල පලයන් හිතේ හැටියට
If you sprinkle,
DeleteWhen you "twinkle"
Be a sweet
And wipe the seat....
හුජ්ජකර බිජ්ජ දෙවරක් සොලවන්න........ඒ වුනාට වටේ හලන්න එපා.
DeleteWhy do farts stink? So that deaf people can enjoy them also!
Deleteවැසිකිලියෙ පැවතුම
Deleteපවසයි ඔබේ වතගොත
Notice Near the urinal:
DeleteGet closer.
You are holding a pistol.
Not a fucking rifle.
maliyadewa neda bole
ReplyDeleteදල්ලෑ දල්ලෑ.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
කියන්ඩ ගිය ඔක්කොම අමතක උනා බන් අර රෙවිච්ච ඇනෝ ගේ කමෙන්ට් එකෙන්.. ආ.. කියන්න ගියේ.. ඔය පන්ති නායකයා වතුර බාල්දිය ගිහින් දෙන සීන් එක රෙවුන එවුන්ව හෝදන්න එක්කගෙන යන එක හුජ්ජ ගියාම ඌත් එක්ක එකතු වෙලා බිම හෝදන එක අපේ ඉස්කෝලෙත් තිබ්බ ඕයි.. හැබැයි අපේ ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් ගේ පුතා 1-5 වෙනකම් නොකඩවා පන්ති නායක කම දරපු නිසා මටනම් බාල්දි හොයන්න වෙලා නෑ.
ReplyDeleteඒ ඇනෝ නම් සුපිරිම ආතල් බුවෙක්..
Deleteහය වසරෙ ඉඳන් ගස්ලබ්බා තමයි මුලින්ම පන්ති නායකයට වෙන එකෙක්ව යෝජනා කරන්න පටන් ගත්තෙ.. ඇයි අප්පා කඩේ යෑමේ ඉවරයක් නෑ නෙ.මොන නාඩිය දැම්මත් ගොනා පස්සෙ කරත්තෙ වගේ ඔය කඩේ යෑම් නම් පස්සෙන්ම ආවා අප්පා..
ජයවේවා..!!
අවුරුදු 30 කට විතර ඉස්සර ඉස්කෝලවලට යන එක මගේ ජොබ් එකේ කොටසක්. මම වැඩ කරපු දිස්ත්‍රික්කයේ මුස්ලිම් ඉස්කෝලවල වලටත් යන්නට සිදු උනා. ජනාකීර්ණ මුස්ලිම් ගමක තිබුණු ඉස්කෝලෙට යන්නට තිබුනේ ගෙවල්වල තාප්ප අස්සෙන් තිබුණු පටු පාරක් දිගේ. ඒ ඉස්කෝළේ පිරිමි ළමයින්ට වැසිකිලියක් තිබුනේ නැහැ.කොල්ලෝ අර තාප්ප දෙක අස්සේ තමයි චූ කලේ.මෙය නතර කර ගැනීමට සිතු මුස්ලිම් අයෙක් ඉංග්‍රීසියෙන් මෙසේ ලියා තිබුනා. 'Please do not urinate on the wall' පස්සේ කවුරු හරි ඒ වගන්තිය සිංහලට හරවා කැත අකුරෙන් ලියලා තිබුනේ "බි...... හුජ්ජ අල්ලන්න එපා" කියලයි (හිස් තැන් පුරවා ගන්න)
ReplyDeleteහෙහ් හෙහ්... මොන ටොයිලට් තිබුනත් තාප්පෙට අල්ලලා පුරුදු එකා හොයන්නෙ තාප්පම තමා.දැන් නම් ඒ පුරුදු සෑහෙන්න අඩු වෙලා.හැබැයි කොටුව ස්තෑන්ඩ් එකේ ටොයිලට් එකෙන් රුපියල් 20ක්ම ගන්නවා දුක නැතුව.
Deleteගියා බ්ලොග පැත්තෙ.එල්ලගත්තා රෝලට දිගටම කියවන්නම ඔන්න.
ජයවේවා..!!
කක්කා කතාව උනාට බොහොම රහයි ලිවිල්ල නම්....
ReplyDeleteආහ්... ඉස්කෝතුයි.. ඉස්කෝතුයි.
Deleteජයවේවා..!!
මං දැක්ක හොස්ටල් ටොයිලට්ටුවක
ReplyDeleteමේ ඔබේ බැංකුවයි
රිසේ සේ තැන්පත් කරන්න
එහෙත් ඉතිරි කවුන්ටරය මත දමා නොයන්න
ඔබේ පොස්ටුව රස වින්දෙමි............