අන්න පුතේ පොඩි අයියෙක්
කවි කියනා හැටි අහන්න
ස්වීට් මෙයා හැඩ කොල්ලෙකි
සින්දු කියන හැටි අහන්න
අරුත්බරයි තාත්විකයි
උස් මිටි තැන් පද බඳින්න..
තරුණයාට අත දෙන්නම්
කවි පොත් ටික විකුණගන්න
උකස් කරපු කරාබු දෙක
දරුවගෙ වත් කණ විදින්න
මැතිතුමාගෙ වේදිකාවෙ
පද මල්වෙඩි හැඩ දමන්න
රැඩිකල් පොර ටෝක් වලින්
ජහමනයගෙ මන බිඳින්න
කාර් එකට අලුතින් හොඳ
ටයර් සෙට් එකක් දමන්න
ඉතිහසය කුණු කූඩෙට
කවියෙන් මාකට් කරන්න...
හ්ම්ම්ම්ම්.......
තව වෙන මොනවද....
හැකියාවට රැකියාවක්
ගී ගයමු.. පද බඳිමු...
කණ අස්සෙන්... එතෙර වෙමු..
කඩේට වැඩි දුරක් නෑ..
අඩෝ මම එක!!
ReplyDeleteඑක පොලොවක ලෝක දෙකක් බන්!!
පට්ටම පට්ට පැපු!
එකෙන්ම එකෙන්ම ....
Deleteජයවේවා..!!
පැපූ ගේ හෘදසාක්ෂිය...
ReplyDeleteවල දමන්නයි උත්සාහය..
Delete(තාම ගානකට ආවෙ නෑ.. චැහ්..)
හෙහ් හෙහ් හෙ..
ජයවේවා..!!
වැල යන අතටයි මැස්ස හදන්නේ
ReplyDeleteගම යට කරගෙන වැල දිවයන්නේ
ගම රට වැනසුනත් එකයි
අපි හෙට නැතිවුණත් එකයි
අපි බැලුවේ එකම එකයි
වැලට මැස්ස හදන එකයි
රළ යන අතටයි ඔරුව පදින්නේ
මකර කට වෙතයි රැල්ල ඇදෙන්නේ
මකර කටට ගියත් එකයි
අපි හෙට නැතිවුණත් එකයි
අපි බැලුවේ එකම එකයි
ඇදෙන අතට පදින එකයි
පිටරට වෙතමයි ගත සිත යන්නේ
දෙස බස රැස කොතැනද නවතින්නේ
දෙස බස නැතිවුණත් එකයි
රට දැය වැනසුනත් එකයි
අපි බැලුවේ එකම එකයි
වාසි පිලට ඇදෙන එකයි
ගායනය - සිහ ශක්ති
//අපි බැලුවේ එකම එකයි
Deleteවාසි පිලට ඇදෙන එකයි //
අද කවුරුත් ඔහොම තමයි.. වෙන එකක් තියා ඡන්දෙ ඉල්ලන එකා හෙට වෙනකොට කොහේ ඉඳියිද දන්නෙ නෑ නෙව.
හෙහ් හෙහ් හෙ..
ජයවේවා..!!
අනේ මන්දා................ අපි තාම පොඩිනේ...... මේවා තේරුමක් නෑ වගේ ලබ්බෝ....
ReplyDeleteහොඳ පොඩි... හපෝයි...!
Deleteතේරුමක් නෑ බන්ස්..
හෙහ් හෙ..
ජයවේවා..!!
මෙයා මේ ලබ්බක් කතා කරනව. :D
ReplyDeleteඇක්චුඅලි... ළභ්භක්... යේස්...
Deleteහෙහ් හෙ..
ජයවේවා..!!
ලබ්බ පිස්සු කියෝනවද මේ මේ ඕවට විතරක් එන්ට එපා අෑ
ReplyDeleteහිහිහිහිහිහිහිහිහිහි
පිස්සු විකාර ද පොල් කොළ වෙනව බං ඇහෙන පේන ඒවට..
Deleteහෙහ් හෙ..
ජයවේවා..!!
මේ හැකියාවටනම් උඹට රැකියාවක් දෙයි. ලොක්කෝ දෙන්නම ගාවට ගිහින් මේක පෙන්නපන්.
ReplyDeleteඑක්කෙනෙක් ලඟට යන්න බයයි..එක්කෝ... තව ටිකක් කළු උනාම ම යනවා... නැත්තං නිකංම ධීවර රස්සාවට බහින්න උනොතින්...
Deleteහෙහ් හෙහ් හේ...
ජයවේවා..!!
පොඩ්ඩක් ටියුබ් ලයිට් මට..
ReplyDeleteආයමත් කියවලා තේරැම් ගන්න බලන්නම්
වැඩිය හිතන්න දෙයක් නෑ බං... හැකියාවයි රැකියාවයි වේස කමේ දාන උන් ඉන්නවනෙ ඡන්දෙ කාලෙට.. උනුත් පව් ඉතිං.. ඒකයි ලියවුනේ..
Deleteහෙහ් හෙහ් හේ...
ජයවේවා..!!
July 24, 2015 at 10:43 PM
ReplyDeleteසර්ගෙන් අහලා බලන්න ගල් මෙන්ඩෝ එයා ඔක්කොම අයට තෙරුම්කරලා දෙනවා A --Z ඒවා කොයිවගෙද කියලා උඹටම තේරෙයි
නෙත් අඳ බාලයන්
ReplyDeleteරතු : කොළ : නිල්
නෙක පැහැ බදාගෙන
නැහැ බෙදාගෙන නෙව
හතර රියනක් හිමි නැති
මහ පොළොව හිනස්සන
රඟ දැක....( නුදුටුවා වගෙ හිඳ )
ලියාපන් උඹෙ කවිය
බත් පැකට් එකයි
රුපියල්ම එකසිය පණහක් එක්ක
පුදන්නට පොරොන්දු වෙන
වෙනත් පාටකටම දෙන
උඹේ මනාපය .... කාටද?
කාලය දේශය දීපය කුලය මව්
පස් මහ බැලුම් බැලූ
බඩ තඩි බඩ වඩන්නට පතන
එක එකා කුළල් කා ගන්න
නූගත් නොසන්ඩාලයෙකුට
මේ තියෙන්නෙ ලෙසටම.. මෙණ්ඩෝ... මෙන්නෝ....
Deleteවෙල්කම් කිව්වා...
හෙහ් හේ...
ජයවේවා..!!
කවුරු හරි කාලා ඇඳලා ඉන්නවනෙ ඕවයිනුත්.
ReplyDeleteළමා ලපටි ගැන හිතලා උනත් මෙච්චර අමුවෙන්???
Deleteදන්න දෙයින් ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නත් ඕනනෙ.....
ReplyDeleteචාරයක් තියෙන්න එපැයි නේද බං?
Deleteජයවේවා..!!
http://ramachandrageadaviya-ramachandra.blogspot.ae/2015/07/blog-post_22.html
ReplyDeleteගියා.. කියෙව්වා.. වැදගත් ලිපියක්.ඒ වගේම ආදර්ශයක්.
Deleteජයවේවා..!!
මොන ලබ්බක්ද මන්ද බං.. මට තේරුණේ නෑ. ආයෙත් උත්තර දුන්නම ඇවිත් බලන්නම්...
ReplyDeleteඔන්න බලහන් ළමයින්ගෙ තාත්තෙ දැං..
Deleteජයවේවා..!!
නියමයි පැපු
ReplyDeleteජය වේවා!!!
තැන්කිව් මනා..!
Deleteජයවේවා..!!