Saturday, September 5, 2015
රෙද්ද තමයි..
පණ කෙන්ද රැක දෙන්න
ගිය ගමන වැරදුනා
අම්මාට පව් නොමැත
පීනන්න බැරි උනා
ලොකු සාදු නෑයෙක් ලු
පංසල්ම හතරක් ලු
කාල ඇඳලා ඉන්න
පවුලටම නම්බුයි ලු
පිරිසිදුව ඉන්නෝන
දෙවියො අදහන්නෝන
ලේ ගලන චූ පැටියා
රටම අල්ලන්නෝන
අළුත් කිරි බඩුවක් ලු
මයිල් ඇදිලත් නෑ ලු
කාත් කවුරුත් නෑ ලු
පෝලිමට යමු යාලු
තුවක්කුවෙ තරමටත්
උසනොමැති උව නුඹත්
පිහියකින් කපාපං
ලේ සුවඳ බලාපං
.
නිවාසෙට හාල් ටික
මොණර මිටි මගෙ බඩට
කිරි සුවඳ කඳුළු කැට
මිළ බැහැල නෑ තාම
රෙද්ද තමයි..
ප.ලි.
සිරියානු සිඟිත්තයි දොස්තර රුවන් ගෙ මෙන්න මේකයි සෑහෙන්න රිදෙව්වා..
Subscribe to:
Post Comments (Atom)
වල්ලා පට්ට
ReplyDeleteරොම්බ නන්ඩ්රි අයියා..!! සහතිකයක් ලැබුනා වගේ තං තෝසෙයි.
Delete(හිස නමා සහතිකය භාරගන්නා ඇක්ශන් එකෙන්.)
ජයවේවා..!!
කියල වැඩක් නෑ. ඒ විඩියොව බලලා නොහිතුණු දෙයක් නෑ. මේක තමා ඇත්ත දේ.....සුපිරි මචෝ
ReplyDeleteඅයියෙ ඒ දරුවා කෑ ගගහ අඬන්නෙ 'අම්මා.. අම්මා..' කියලා..'මට යන්න දෙන්න' කියලා.. අඩු ගානෙ 'අතෑරපං.. යන්නදීපං' කියල හපල කුනිති ගහන මුකුත් නෑ..
Deleteඅපි මෙහෙම නං ඒ අම්මා කොහොම පිච්චෙනවා ඇද්ද?
ජයවේවා..!!
ඔය ඇත්ත මහ උන්ට තේරෙණවා නම් මෙහෙම වෙන්නෙ නෑ බං. හදන්න බැරි නම් මොන රෙද්දටද වදන්නෙ දන්නෙ නෑ.
ReplyDeleteඑතකොට බං වදලා හදන උන්ගෙ කොන කපන්නෙ?
Deleteඅතට ආයුධ දීල මිනිස්සුන්ගෙ බෙලි කපන්නෙ??
උං හදන්නෙම ඒකට නෙ.
ජයවේවා..!!
අනිචිචෙ දුක්ඛෙ සංසාරෙම අපචාරේ
ReplyDeleteඋන්ට ගොඩ ඒමක් නම් නෑ මනෝ..
Deleteජයවේවා..!!
දුකයි,..ඇත්තයි.
ReplyDeleteතිත්තයි.. හැම රටේම හැම තැනම...
Deleteජයවේවා..!!
http://nelumyaya.com/?p=4111
ReplyDeleteබොහොමත්ම ස්තූතියි අයියා දිරි ගැන්වීමට..
Deleteජයවේවා..!!
කියල වැඩක් නෑ.
ReplyDeleteනොකියා වැඩකුත් නෑ..
Deleteජයවේවා..!!
මහානායක හාමුදුරුවනේ ඔන්න සිවුර අස්සෙන්........................
ReplyDeleteඑහෙම අය ඉන්නවාද?
Deleteජයවේවා..!!
දෙයියෝ සාක්කි.අපි අමාරුවෙන් හම්බ කරන එවුගෙන් හොඳම හරිය මුන්ට ගිල්ලවල තව දන ගහලත් වඳිනවනේ
ReplyDeleteකලබල වෙන්න එපා ලබ්.ඩබ්. අපේ පංසල් වල වගේම හැම තැනම මේක වෙනවා.. මුස්ලිම් පොඩි එවුන්ගෙ සුන්නත් කරපුවාම කෑ ගහන්නෙ දවස් ගනන් එක දිගට..
Deleteජයවේවා..!!
මේවා දැක්කම ඇඩෙනවා ලබ්බෝ............
ReplyDeleteඇස් දෙකටම... ඇස් දෙකටම..
Deleteජයවේවා..!!
ඇඩෙනවා.. ඩොක්ටර් රුවන්ගේ පොස්ට් එක බැලුවෙත් දැන්.. හ්ම්ම්..
ReplyDeleteඒක නං දෙපාරක් බලන්න බැරි වීඩියෝ ක්ලිප් එකක්. ළමයා කියන්නෙ මොකෙද්ද දන්නැති ලෝකයකට අපි යන්නෙ..
Deleteජයවේවා..!!
අගෙයි ගස්............. සුපිරියි
ReplyDeleteඉස්කෝතුයි...
Deleteජයවේවා..!!
දුකයි! ඒත් ලීව දේ අගෙයි.
ReplyDeleteදුකත් එක්ක පට්ට ලැජ්ජාවකුත් දැනෙනවා අයියෙ
Deleteජයවේවා..!!
අති විශිෂ්ටයි යාලුවා !!!!!! උපරිමයි !!!!
ReplyDeleteපත්තරේ මේ උඹමද?
Deleteමේ කොමෙන්ට් එකෙන්ම පේනවා මේ වැඩ වල තියෙන කැත කම..
ජයවේවා..!!
සිරා බන් වැදුනා ඒක නම්
ReplyDeleteපැටවු තමුන්ගෙ න්යායපත්ර වලට දාගෙන ගේම් ගහන එවුන්ට මොනවා වදින්න ඕනෙද කියලා කල්පනා කලේ බං..
Deleteජයවේවා..!!
මොන පව්කාර කමක්ද බං?
ReplyDeleteලෝකෙ පුරා පව්කාරයෝ බං
Deleteජයවේවා..!!
:(((((
ReplyDeleteඑල
:(( තමා ඔමා.. :) උන දවසට අපි කිරිබත් කමු.
Deleteජයවේවා..!!
පව් කාරයෝ
ReplyDelete'කරන කලට පව් මිහිරිය මී සේ
Deleteවිඳින කලට දුක් දැඩි වෙයි බෝ සේ' කියලත් තියෙනවානෙ..
ජයවේවා..!!
ඉස්තරම් ඈ..
ReplyDeleteජ ය වේ වා !!!!
තැංකිව් ඈ...
Deleteජයවේවා..!!
එළ !!
ReplyDeleteතැංකිව් ඈ...
Deleteජයවේවා..!!
මේක මරු කවියක්නෙ ගස්. පට්ට ඈ...
ReplyDeleteජය වේවා ගස්.
ගස්ලබ්බට දැන් අහසිනුත් එනවා...හෙහ් හෙහ්..
Deleteඑල එල මචෝ..
ජයවේවා..!!
බොදු ජනයො දින්න දවසට අපිත් පාටි දාමු.
ReplyDeleteපාටිය අද නොවෙයි හෙට..!
Deleteජයවේවා..!!
කැලෑ පත්තර කවියක් වගේ
ReplyDeleteඅගෙයි ගස්
ජයවේ ගස්ලබ්!