Friday, January 15, 2016

දුම (2)



දුම (1)


100%ක් අපේක්ශා ඉටුවීම යනු බෝනස් එකකි.80%ක් අපේක්ශා ඉටුවීම යනු සාර්ථකත්වයයි.
                                        -කෙවින්- (ට ඇසුනු කතාවක්.)



මේ වෙලාවෙ මම ඉන්නෙ ප්ලේන් එකක.
මගේ රටට යන ගමන්.
හදිසි නිවාඩු පිට.
ඔව්.... කිසිම තේරුමක් දන්නෙ නැතුව.

එදා අපේ කතාව ලියන්න පටන් ගත්තට ඊට පස්සෙ හරි හමන් වෙලාවක් සෙට් උනේ නෑ.. හිතුනෙත් නෑ.
ඒත් එක පාරටම ඊයෙ උදේම ඔෆිස් එකට ආපු මනුස්සයෙක් දීපු ලිවුම් කවරෙ ගොඩක් දේවල් වෙනස් කෙරුවා.
ඒකෙ තිබුනෙ ලියකියවිලි වගයක් සහ ගුවන් ටිකට් පතක්.
බොහොම කල්පනාවෙන් හදපු නීත්‍යානුකූල ලියවිලි උන ඒවා ඉදිරිපත් කළ සැනින් නිවාඩු අනුමත කරගෙන පිටත්වෙන්න විතරයි මට ඉතුරු වෙලා තිබුනෙ.
විනාඩි දහයක කල්පනා කාලයකින් පස්සෙ මම ගමන පිටත් වෙන්න තීරණය කලේ 'අනිවාර්යෙන් වරෙන් මචං' කියල පොලා අස්සන් කරපු පොඩි කොල කෑල්ලකුත් ලියුම් කවරෙ ඇතුලෙ තිබුනු නිසා.. හැබැයි එච්චරයි.
ඊ මේල් එඩ්‍රස් එකක්,ටෙලිෆෝන් නොම්බරයක් වත් මුකුත් තිබුනෙ නෑ.
ඒත්.. පරණ යාලුවො ඔක්කොගෙන්ම මිදිලා වෙනම රටක තනියෙන් මගේ පාඩුවේ රස්සාවක් කරගෙන හිටපු මාව හොයාගෙන මෙච්චර ගේමක් ගහපු එකා ඉතුරු ටිකත් බලාගනියි කියල විස්වාසයක් මට තියෙනවා.මොකද ඌ එහෙම තමයි.(සතා උනාට.)

පොලා එක්ක ට්‍රිප් යන එකත් අමුතුම අත්දැකීමක්.කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි යන්නෙ.ඒත් ආපහු එනකොට හිතෙනවා මූ ඔක්කොම කලින් ප්ලෑන් කරලා තිබ්බවද්ද........ කියලා.
අහපුවාම හිනා වලින් එහාට දෙයක් නම් මූ දෙන්නෙ නෑ ලොවෙත්.තියෙන ලොකු කමයි පණ්ඩිතකමයි...!!වෙන මොනවද ඉතිං... හ්ම්ම්..
ඕක පට්ට වැඩ කරනවා.
මිනිහ ලඟ තිබුනා පොඩි ටෙන්ට් එකක්.යන්තං අපි තුන්දෙනාට ඕක අස්සෙ රිංගගන්න පුළුවං.සිහියකිං නිදාගන්නෙ නැති නිසා ඉතිං ඉඩකඩ අවුලකුත් නෑ.
උගෙ බෑග් එකේ නැති දෙයක් නෑ.. ඇති දේකුත් නෑ...

ඔන්න දවසක් කැලයක් මැද වැවක් ලඟට යමු කියල සෙට් උනා.
කිරාගෙ වාහනෙ තමයි ඉතිං.
(ඒක නම් අපේ පාවිච්චියට විතරයි.ඕන වෙලාවට ගන්න පුළුවං.ආයෙ ගෙදර ගිහිං දානවා.)

ඌ කැමරාවක් අරං ඒකට පිස්සු වැටිලා හතර අතේ ගහනවා... පොලොවෙ ගහනවා... උඩ ගහනවා... ඒ අස්සෙ අපෙත් ගහනවා... පොටෝ තමයි ඉතින්.. වෙන මොනව ගහන්නද?
ඔන්න අදාල තැනට කොහොමිං කොහොමිං හරි ගිහිල්ලා හෙන බොරු ගොඩක් කියලා කැලේ අයිනෙ ගමේ ගෙදරක් ශේප් කරගෙන වාහනේ එහෙ දාලා..., ගමේ කඩෙන් පොඩි බඩු ටිකකුත් අරගෙන කැලේට රිංගලා වැව ලඟ ටෙන්ට්ටෙක එහෙම ගහ ගත්තා...

ආ කියන බැරි උනා.. එදා වැස්ස.
වැස්සට අපේ ප්‍රතිචාරය තමයි තෙමෙන එක.
හැබැයි අද වෙනකන් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නම් නෑ..

මම මේ කියන්න හැදුවෙ මූ ගෙ අමුතු වැඩක්.
ටෙන්ට්ටෙක ගහල බිම ඉඳගෙන හති අරිනකොට කිරාගෙ උකුසු ඇහැට අහු උනා පොලා අතේ ගෙනාපු බෑග් එකේ තිබුනු කඩපු කොපු පැකට් එක.(කොන්ඩම් තමයි.)

මූ ඕක අරගෙන කෑ ගහන ගමන් බෑග් එක බිමට හැලුවා...
හුටා....
පොඩි ඊවා පැකට් එකකුත් තියෙයි කියහල්ලකො..

අන්න මට තද උනා..

මට ඇත්තටම සැක හිතුනා තුං වේලටම ගංජ ගහන මුගෙ මොලේ කොලොප්පන් වෙලාද කියලා.මෙව්ව මොකටෑ මේ කැලෑ අස්සට?

කිරා වදේ ගහනවා..
මම බනිනවා...
ඒ අස්සෙ පොලා...

ඌ...... පොලා පොඩි දර කෑලි...,තෙතමනය අඩු කොල රොඩු.., වගේ හොය හොය ගිණි මැලයක් හදනවා..

'ඔන්න පත්තු කරපං..' එච්චරයි ඌ කිව්වෙ.

අපේ සාක්කු වල තිබුන ලයිටර් පත්තු නෙවෙන ගානට තෙත් බැහැලා..

හුකා... රෑත් වෙනවා...
පොලා ගත්තා රාජලීලාවෙන්.. බෑග් එකෙන් පොඩි පාර්සලයක්.
කොන්ඩම් එකක් අස්සට දාල තිබුනු ග්ලිසරින් එකකුයි තවත් එකක් අස්සට දාල ගැට ගහල තිබුනු කොණ්ඩිස් වගයකුයි.
සැනිටරි ටවල් එකකුත් අරගෙන ඒකෙ පුළුං අවුස්සලා එතෙන්ට කොණ්ඩිස්,ග්ලිසරින් දාල ගිණි අවුලල නැගෙන ගිණිදළු දිහා බලාගෙන ඌ බරට හිනාවෙලා කෑ ගැහුවා...

'ජයවේවා......!!!!'

ගැස්සිලා ඇහැරෙනකොට තමයි දැනුනෙ ප්ලේන් එක ලෑන්ඩ් කරන්න සූදානම් වෙනවා කියලා.
හ්ම්ම්..... මූව දකින්න හරිම ආසයි.පිස්සු යකා..

මේ වෙනකොට සැකයකට වඩා විශ්වාසයි කිරා ත් මොන ලෝකෙ ඉඳං හරි ඇවිත් මට හම්බවෙයි කියලා..

එයාපෝට් එකේ මගේ නමට ඇවිල්ල තිබුනු ටැක්සියෙන් ඇහුවම කිව්වෙ නම් මාව විතරක් එක්කගෙන එන්න කියලලු...
එතකොට කිරා..???

මොකක් හරි ඇරෙන්ජ්මන්ටුවක් ගහල ඇති...
ඒ මදිවට පට්ට මහන්සියි.

එක්කො මට පිස්සුද?

යකෝ මම එනව කියල කාටවත් කිව්වෙත් නෑ නේද කියල මතක් උනේ ටැක්සියෙ යනකොට.
ටැක්සියෙ එකා කියන්නෙ මහරගමට ඩ්‍රොප් හයර් එකක් කියල දන්නෙ.. වෙන මුකුත් දන්නෙ නෑ කියලා..

පොඩි එවුන් වගේ ගොං කොටන්න හදන මටත් හොඳ පාඩම..
අඩු ගානෙ මුගෙ නොම්බරයක් වත් නෑ නෙ.. .
දැං ගෙදරට කතා කරලත් බෑ.. හොඳවයින් අහගන්න වෙන්නෙ..
ඊට මීට හොඳයි මොකද්ද මුගෙ ප්ලෑන් එක කියල බලලම ඉන්න එක.මෙච්චර දුර ආපු එකේ..
ලියන්න පටංගත්තු වෙලාවෙ හිටියෙ ප්ලේන් එකේ.දැං ටැක්සියේ..ඉස්සරහට මොන දේවල් වෙයිද මන්ද


                                                                             -කෙවින්-

ඉදිරියට
දුම (3)

61 comments:

  1. ඈ බන්... මේ 3 Idiots ලංකාවේ වර්ෂන් එකවත්ද... කුතුහලය අවුස්සන කතාවක්... බොලත් කොන්ඩම් එක දැක්ක ගමන් ඌට ගෑනු සීයක් පෝලිම් කරන්න තරම් ගමේ ගොඩේ චීත්ත ඩයල් වගේමද බන්..

    අහස්යන්තරේ ඉඳන් සිංග්ලිෂ් ටයිප් කරන විදිහක් තියෙනවනං මටත් කියහන්කෝ බන්.. off ලයින් සිංග්ලිෂ් ටයිප් කරන විදිහක් තියෙනවනම් බ්ලොග් ලිවිල්ල මීට වඩා හරිම ලේසියි මට.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ අතරමගදී සිංග්ලිෂ් කොටන විදිහ මටත් දැන ගන්න ඕනි. වැඩිපුරම ගමන්බිමන්වල ඉන්න මම මගදී බ්ලොග් කියවන්න දැනන් හිටියාට ලියන්න දන්නේ නෑ

      Delete
    2. http://www.google.lk/inputtools/

      ඔන්න ඔතනට යන්න. try it තෝරාගන්න. ඊට පස්සේ සිංහල කියලා තියන කොටුවයි කොන්දේසි පිලිගන්නවා කියන කොටුවයි ක්ලික් කරලා බාගන්න. විනාඩියෙන් බාගන්න පුළුවන්. ඔටෝ ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සෙ online/offline දෙකේදීම එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

      සිංහල ඉංග්‍රීසි අතර මාරුවීම සඳහා windows key + space bar ඔබන්න.

      Delete
    3. යුනිකෝඩ් එකෙත් පුළුවනි තිලකෙ.ඕෆ්ලයින් කොටල අලවන එකයි තියෙන්නෙ.

      Delete
    4. ස්තුතියි විචාරක තුමා.. දැන් වැඩේ ලේසියි. දැන් ඉතින් ඉන්න තැනක ඉඳන් ලියන දෙයක් ලියන්න පුළුවනි ෆෝන් එහෙ හොට් ස්පොට් ඔන් කරගෙන දඟලන්නේ නැතුව. කරපු උදව්වට කොහොම ස්තූති කරන්නද මන්ද..

      ඔන්න උඩ ටික ලිව්වේ ඔෆෆ් ලයින්...

      Delete
    5. @අම්බලම්,
      චීත්තෙ කඩන්නයි යන්නෙ ඔන්න..

      @තිලක සිත
      ගස්ලබ්බ දැනගෙන හිටියෙත් නෑ නෙව

      @විචාරක
      ආ මේ තියෙන්නෙ ක්‍රමේ.. ඉස්කෝතුයි

      @හැලපයියා
      ඒක මට ගොඩක් ගැලපෙයි වගේ..
      ඉස්කෝතුයි

      @අම්බලමේ
      ඔන් හරි ඕෆ් හරි ලයින් තමා නේහ්..?

      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  2. 2කෙන් කතාව ඉවර කරන්නම් කිව්ව එකා 3ටත් ගිහිල්ලා.
    කතාවනම් එල
    අපිට ඉතින් අනුන්ගේ ඕපාදූපයක් කිව්වොත්.....හැක්.

    ReplyDelete
    Replies
    1. දෙකෙන් තුනෙන් නෙමෙයි තව යයි වගේ
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  3. ඉස්සෙල්ල ප්ලේන් එකේ, දැං ටැක්සිය, තව ටිකකිං බයික් එකේ.. ඔහොම යං.
    පේන හැටියට පොලා සයන්ස් එක්ස්පෙරිමන්ට් කාරයෙක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඇස්පෙරිමන්ට් කොල්ලා හිරේ විලංගුවේ වැටෙයි වත් ද?
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  4. "පොලා අතේ ගෙනාපු බෑග් එකේ තිබුනු කඩපු කොපු පැකට් එක....."
    "පොඩි ඊවා පැකට් එකකුත් තියෙයි කියහල්ලකො.."
    Apita baba part dammata oya ahu une hore......
    mama mokuth kiyannema namai.....

    ReplyDelete
    Replies
    1. Ane pala pala Nasarani yanna... umbala digree gahanakota api thawa hodi potha kiyawanne
      Jayaweiwaa..!!

      Delete
  5. උඹ පොලා කියද්දි මතක් වෙන්නෙ අපෙ පන්තියෙ හිටපු පොලාව. උඹට මතක ඇති ඌව. ඌත් එක්තරා පිස්සෙක් තමයි වෙලාවකට.

    ReplyDelete
    Replies
    1. පිස්සු නැත්තං ඌට ඕ ලෙවල් කාලෙම මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් ඔෆර් ලැබෙයි යැ.
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  6. 3 Idiots seratama balanawa wage me dawaswala.......

    ReplyDelete
  7. රසවත්. ට්‍රිප් එකේ ඉතිරි විස්තරෙත් කියවන්න බලාගෙන ඉන්නවා . ජය !

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නෙත් එක්තරා ට්‍රිප් එකක් නෙ... බලමු කෙව්න් මොනවා එවයිද කියලා..
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  8. මේකා යන්නේ මහරගමද අන්ගොඩද

    ReplyDelete
    Replies
    1. මහරගම හරහා අංගොඩ වගේ යන විදිහට නම් පෙනෙන්නෙ...
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  9. මරු මරු හරිම ෂෝක්.ඉතුරු ටිකත් ඉක්මනට ලියපං.

    ReplyDelete
    Replies
    1. එළ එල.... ඉක්මන් කොට වෙයිද දන්නෑ..
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  10. hondhai hondhai ethuruwath ekenma liyanna. :-)

    ReplyDelete
    Replies
    1. Isthuthiy.. ekenma bariwena hadayak thiyenne.. balamu gemak gahala..
      heh heh
      jayawewaa..!!

      Delete
  11. යකෝ ඌට පොඩි කුප්පි දෙකක් තිබුණෙම නැද්ද ඕවා දාගන්න? බලපං. හදිසි අවස්ථාවක් ඇවිදින් (ග්ලිසරින්නම් කමක් නෑ) කොන්ඩිස් දාපු මෙව්වා එක පැළඳගත්තානං, කෝමද දම්පාටට දිලිසි දිලිසි ඉන්නකොට?

    ReplyDelete
    Replies
    1. හෑ... උඹට මතක් වෙච්චි එක... දීග දෙන්න ලොකු මහත් වෙච්චි දරුවො ඉන්න නාකියෙක් නේද අම්මප මේ.....

      Delete
    2. අනන්තෙන් පියඹා ආ තරු කුමරා වගේ තියෙයි. හැක්..

      Delete
    3. කැමා,
      දීග දීලා කොහෙද බොල උන්? තාම 12 යි. මගුලක් කතාකරනවා.

      ප්‍රසා,
      උගේ දැක්කද උඹ?

      Delete
    4. අම්බලංගොඩ කතා එකේ තිබ්බ පිටසක්වල ජුන්ඩා කියල සිරා පෝස්ට් එකක්...

      Delete
    5. @මධූ
      ඔන්න ඔන්න ට්‍රැක් පනිනවා ඉතිං..

      @කැමා
      හනේද කියන්නෙ බං..

      @ප්‍රස්
      හපෝයි........ පව් අර අහිංසකාවියන්ගෙ හිත කඩන්නෙපා..

      @මධූ
      අන්න හරි... අතාරින්න එපා..!

      @ඩ්‍රැකී
      ඒක බලන්ටොනැ..

      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  12. ලියහං අපි ෆන් ඒකේ මේවා කියවනවා බොලව්...

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. නැව ගිලුනත් බෑං චූං... තව ගිලුනත් ඒත් චූං..
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  13. එල ගස් එල. ඉතුරු ටිකත් දාහං ඉක්කන්ට.

    ReplyDelete
    Replies
    1. එල ගස් නෙමෙයි බොල..ලබු ගස් හෙවත් ගස්ලබු
      රායිට්... ලියමු
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  14. ලස්සනට ලියල ඉක්මටනට තුරු ටිකත් ලියනවද? " එන්ඩ්" කියල එහෙම කියන්න එපා හොඳේ .

    ReplyDelete
    Replies
    1. ලියමු... එන්ඩ්ඩෙන්නෑ දැම්ම... ඒ වගේ පෙනෙන්නෙ.
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  15. Replies
    1. ජාති ජාති..
      තද තද..
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  16. මල මගුලයි...
    උඹ ගියේ තුම්මුල්ලට හෙම නෙවෙයි නේදඝඝ

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හැක්... මෙන්න මුගේ උණ සනීප වෙලා.

      Delete
    2. @විදානේ
      චී.......... මෙයා කියන කතා...!!

      @ප්‍රස්
      අනේ වාසනාවන්..

      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  17. මට තවම මේ කෙවින් කතාව ගැටළුවක්. උඹේ ඇත්ත නම් ඒකවද්ද?

    ReplyDelete
    Replies
    1. @ඩූඩයියා
      කෙවින් කතාව කොහොමත් ගැටලුවක්... ඩූඩයියා ලංකාවෙ උන්න නම් ගස්ලබ්බගෙ ඇත්ත නම දැනගන්න තිබුනා..

      @ඩ්‍රැකී
      ඵල.. ඵල.. භොරු ඛියණ්ණැථුව..
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  18. බොලා දුම දාන්නෙ හරි අමුතු විදියකට...ඒ අලුත් සිස්ටොන් එකට මම ලයික්...

    ReplyDelete
    Replies
    1. තංතෝසේ... තංතෝසේ.....
      බලමු මේ විදිහ කොහොමෙයි කියල නෙහ්..
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  19. පලවෙනි පාරට මේ පැත්තෙ ගොඩවුනෙ හරි රසවත් කතාවක් දිගටම ලියන්ට ජයෙන් ජය (තිත්දෙකක්)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා සහෝදරයා..ඉස්කෝතුයි.
      ලියමු ලියමු අපි..
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  20. උඹෙ කතාව සිරා බං. ඔය ශෛලිය හෙනම නැවුම්...

    ReplyDelete
    Replies
    1. හෙණ නැවුම්..?? ඒ උනාට 'හෙණ' සැරයිනෙ අප්පා..
      හෙහ් හෙහ්...
      ඉස්කෝතුයි...
      ජයවේවා...!!

      Delete
  21. ලස්සන කතාවක් , පෙර කොටස් ටිකත් කියවන්න ඕන ඉක්මණින්ම :D ඩ්‍රැකී කිවුව වගේ ඔබ ලියන ශෛලිය නිසා කතාව කියවගෙන ගියා මහන්සියක් නැතිවම , ස්තුතියි

    ReplyDelete
    Replies
    1. කියෝලා බලන්ටකෝ.. තැංකුයි
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  22. නියමයි ,
    පොලා කියන නම සෙට් වෙන හැම එකාම එකයි වගේ. මගෙත් fb එකේ යාලුවෙක් ඉන්නවා මේ විදියෙම කැරැක්ටර් එක

    ඒක නෙමේ වැදගත් පෝස්ට් එක ලියන මේ නිදහස් sailiyataමo කැමතියි.

    ReplyDelete
    Replies
    1. හහ්.. පොල් සමන් වෙන්ටැ.. ඔහෙල ඉතිං ෆේක් ලෝකෙ චරිත නොවැ..
      වැදගත් කතාවක්.නෝට් කොරගත්තා ඕන්.
      හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. 2ක ඉවරයි
    එල එල ගස් අය්යේ

    ReplyDelete
    Replies
    1. යකෝ ... ඕක පරිස්සම් කොරගනින් මක්ක නැතත්.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
    2. ඒ 2 නෙවේ ගස් අයගේ දුම් 2

      Delete