Wednesday, January 27, 2016

දුම (3)





දුම (1)
දුම (2)



එහා කොන සහ මෙහා කොන ගැන වෙනසක් නැතිව දැනුවත්වන තරමට ඔබට 'මැද ' පිළිබඳ අවබෝධය පුළුල් වේ.
(අත්ථකිලමථාව මායාවක් බව හැඟේ.)
                                                                                  -කෙවින්-


වාහනේක යනගමන් කටකපලා නිදාගන්න පුළුවන් උන එක නම් පට්ට වටිනවා.එතකොට මහන්සිය දියකරලා දාල අලුතෙන්ම වැඩකට බහින්න පුළුවන්..
'සර්..'
'ස...ර්..!!'
මම ගැස්සිලා ඇහැරුනේ ටැක්සියේ මල්ලි වාහනේ නවත්තලා මගේ පැත්තෙ දොරත් ඇරලා
කතාකරනකොට.

මහරගමටත් ඇවිත්.
ඩිකියෙ තිබුනු බෑග් දෙක එලියෙන් තියලා සාක්කුවෙන් ලියුම් කවරයක් අරන් මගෙ අතින් තියලා වාහනේට නැගලා යන්න ගියා..
නිදිමරගාතෙ එකපාරටම සිද්ධවෙච්ච දේ හිංදා නිකං කරකලා අතෑරියා වගේ.වටේ මිනිස්සුත් එහෙන් මෙහෙන් බලන්න ගත්තු නිසා එතනම තිබුනු පෙට්ටිකඩේ ලඟට ගිහිං ප්ලේන්ටියයි සිගරට්ටෙකයි අරන් කොට්ටම්බ ගහ යට බංකු කෑල්ලෙන් ඉඳගත්තෙ පොඩ්ඩ්ක් කල්පනා කරල බලන්න.
මේක මහ අමුතුම වැඩක්..
පොලා යාලුවා උනත් දුර කතර ගෙවාගන ආපුවාම මෙහෙම සලකන්න උට අයිතියක් නෑ...

'මහත්තයා ජොබ් එකකට ද ආවෙ? නැත්තං මාතර යන්නද?'

කඩේ පොර අහන්නෙ මගෙ බෑග් දිහා බලන ගමන්..

'ආ... මේ.. මම.. මම..අයියෙ මේ යාළුවෙක් එනකං...'

උටත් ඕන්නැති මඟුලක් නෑ... මම හෙමින් ලියුම් කවරෙ කඩලා ඇතුල බැලුවා.

ටෙලිෆෝන් නොම්බරයක්.
කිරාගෙ නම එක්ක.

දැන්නං පොඩි පුතේ මල පනිනවා හොඳම එකෙං.

........................................................................

ඒ විදිහට තමයි අවුරුදු ගානකට පස්සෙ කිරාව හම්බුනෙ.මිනිහටත් අර වගේම ලියුං කවරයක් ලැබිලා මහරගමට ඇවිත් ඉඳලා..මගෙ කෝල් එකෙන් පස්සෙ අපි දෙන්නා උට ලැබිල තිබුනු උපදෙස් වලට අනුව පොඩි කාමරයක් අරගෙන නැවතුනා.

කිරාට නම් වැඩේ ආතල්.
ඉගෙනගත්ත ඒව පැත්තකට දාල පවුලෙ බිස්නස් වලට බැහැල හිටපු නිසා උගෙ රස මැරිල ද කොහෙදො.තඩි බඩකුයි... මුදලාලි බැල්මකුයි එක්ක තනි වෙලා.
පව් කොල්ලා..

අපි පරණ දේවල් කතා කර කර බලන් හිටියා ඊලඟට මොකද වෙන්නෙ කියලා.කොච්චර පිස්සු වැඩ කරත් පොලා මේ විදිහට හැසිරෙන එක නම් මට මහ අමුත්තක් වගේ දැනුනෙ.ඒත් දැං ගොං කිරාත් ඉන්න නිසා ගැටලුවක් නෑ.

දවසක් අපි පොඩි කැලයක් මැද්දෙ.. ඒ වෙනකොට එකදිගටම හිටපු තුන්වෙනි නයිට...
වෙනද දවස් දෙකෙන් තැන් මාරු කරාට එදා පොලාට තව දවසක් ඉන්න ඕනෙම උනා...
අලුතෙන් ඇවිදින්න තැනක්,බලන්න සත්තු,නගින්න කන්දක් වත් නැතිව එපා වෙලා වගේ හිටියෙ.. කිරා කොහෙංහරි හොයං ඇවිලා තිබුන ත්‍රයිලෝක විජිතපත්‍ර නිසා දවස ගෙවාගත්තා 100%ක්ම නිදහසෙ... විවේකය කියන එකේ තේරුම හරියටම දැනෙන්න ගත්තෙ ඔන්න එදා...

බිම නිදාගෙන අහසෙ තරු දිහා බලාගෙන කිරාගෙ ෆෝන් එකෙන් ලාවට සින්දුවක් අහගෙන හිටපු අපේ ඔලු තුන එකතැන.. අංශක 120 එක එකා අතර හිටින්න සෙට් උනේ නිකන්ම...

'ශ්ශ්.........
කිරා ඔය සින්දුව නවත්තපන්...'
පොලා රහසෙන් වගේ කිව්වා..

'මොන හු**** ද බං ආතල් කඩන්නෙ..'
කෙඳිරි ගාන ගමන් කිරා සින්දුව නැවැත්තුවා...

ලාවට දැල්වෙන ගිණිමැලයෙන් එන නටන එලියයි ... ලා... දුම් සුවඳයි... තරු එළියයි... රැහැයි සද්දෙයි....

'ඇහෙනවාද....?'

'මොකද්ද බං..?'

'හොඳට අහපං...! ඈතින් එන්නෙ'

ඔන්න එතකොට අපිට ඇහුනෙ..

අයිස්ක්‍රීම් බයිසිකලේක මියුසික් එකක්..!

මිනිස්සු ජීවත් වෙන්න කන කට්ට... දවසම බයිසිකලේ ට හරි ත්‍රී වීල් එකට හරි වෙලා ඔය කන්දොස්කිරියාවත් කන අස්සෙ දාගෙන ඌ කොහොම වදයක් විඳිනවා ඇද්ද...?
මම හෙමින් සැරේ කියවගෙන ගියා.. ඇත්තටම දුක හිතෙන වැඩක්..

'ඇම්බියුලන්ස් එකක්ද බං ඒ..?'
කිරා අහනකොට තමයි මට තේරුනේ ඌ තාම හෙන දුර ඉඳං එන සද්ද අහගෙන බව..

අයිස්ක්‍රීම් සද්දෙ නැවතිලා... ඇම්බියුලන්ස් සද්දයක් ඇහෙනවා.ඒ සද්දෙත් එක පාරටම නැති වෙලා ගියා.. විනාඩියකින් විතර ආයෙත් පටං අරන් අඩුම වෙලා නැති වෙලා ගියා..

'ඔව්.. හරියට හරි..!'
පොලාගෙ සද්දෙ වෙනස් නිසා ඔලුව හරවලා බලනකොට මූ ඉඳගෙන වෙලාව බලනවා..

නෙක්ටො බෝතලෙයි හිස් බෝතලේකට බට ගහල වතුර දාලා ඌම හදපු ගඩුගුඩාවයි අරගෙන පොලා ආයෙ හාන්සි උනා...

'අපට ඒ සද්දෙ ඇහුනෙ කොහොමද බං..?'

'ශබ්ද තරංග ඇවිත් අපේ කනට ගහපු හින්ද.. උඹට අවුල්ද?'
වැඩි කතාවට කැමති නැති කිරා උත්තර දෙනවා..

'එතන උන කම්පනයක් අපේ කන කම්පනය කරපු නිසා අපට ඒක ඇහුනා.. ඒ වගේම ඒ කම්පනයට අදාල සංකේතය මේකයි කියලා මොලයෙන් සන්සන්දනය කරලා බලලා කිව්ව නිසා අපි ඒ සද්දෙ අඳුන ගත්තා..'

'මොකක්..?' මටත් කට වහගෙන ඉන්න බරි උනා..

'යකෝ.... මේ කම්පන රටාවට කියන්නෙ මේක... මේකට කියන්නෙ මේක.. කියලා භාෂාවක් අපේ ඔලුවෙ පොඩි කාලෙ ඉඳන් ගබඩා කරනවා.කණෙන් ගන්න එක අහවල් එකයි කියල අපි අඳුනගන්නෙ එහෙමනෙ බං.රැහැයියගෙ සද්දෙයි ඇම්බියුලන්ස් සයිරන් එකයි වෙනස්ව අපි අඳුනගත්තෙ ඒකයි...මේක තමයි සරලම සංකල්පෙ'

'දැං මොකද්ද උඹ කියන්න හදන්නෙ?'
ගඩුගුඩාවෙ බටේ තොල් අස්සෙ තෙරපගෙන අමුතු හඬකින් කිරා ප්‍රස්න අහනවා..
මම බලං ඉන්නවා... මරු..

'අපේ ඇඟේ තියෙන ආවේනික කම්පන රටාව වෙනස් වෙනවට අපි කියනවා ලෙඩ වෙනවා කියලා..'
ඔන්න පොලා තෙල් හිඳින්නයි හදන්නෙ..

'එතකොට වයිරස් බැක්ටීරියා කියන්නෙ අහවල් එව්වද බං..?
අන්න මගෙන්.

'හිටු ක්ශණික මෝචනේ කොරගන්නැතුව අහගෙන..'

'හ්ම්ම්.. කියපංකො'

'මොකද්ද මම කිව්වෙ.... ආ... වයිරස්..ඒ වගේම මේස පුටු පවා.ඒක මෙහෙමයි.. අපිට වගේම උන්ටත් තියෙනවා තමන්ගෙ කම්පනයක්..මේ අපට පෙනෙන්නෙ කාලයට සාපේක්ශව එක්තරා සංඛ්‍යාතයක් විතරයි...ඕක හරියට අඳුනගන්න ඕනෙ'

'මුට පිස්සු තදවෙලා යකෝ..'
කිරා තේරුම් ගන්න වඩේ අතෑරලා දාල හිනා උනා... අඩවන් දෙනෙතින්..
'උඹේ ඇස් රතුවෙලා හොඳටම'
මම කිරාට කිව්වා...

'මන්තර...... ඔව්.. මන්තර හරියට කියනවා කියන්නෙ ඒ සංඛ්‍යාතයට අනුගත වෙනවා... අනුනාද කරනවා... ඒක තමයි වෙන්නෙ... වයිරසේට අදාල සංඛ්‍යාතය දුන්නාම ඒවා විනාශ වෙනවා.. ලෙඩ හොඳ වෙනවා......
ආ.....න්න ඒකයි මෙතන වෙන්නෙ'
පොලා කියාගෙන යනවා.... අහගෙන හිටියත් එකයි නැතත් එකයි ගානට...


'මචං ..................
අසාමාන්‍ය විදිහට මැණික් හම්බවෙන්න පටන් අරන් තියෙන්නෙ...'

ඒ අපි අන්තිමටම එකට හිටපු රෑ..

                                                                               -කෙවින්-


ඉදිරියට...
දුම (4)


50 comments:

  1. අදනම් මගේ සතුට කියාගන්න බෑ. කාලෙකින් එක වෙන්න ලැබුනෙ.

    ReplyDelete
    Replies
    1. ත්‍යාගය වසයෙන් ඔබට රෙඩ් ලේඩි ගස්ලබු කැබල්ලක් හිමිවේ.අදාල දිනයේදී අදාල ස්ථානයෙන් ලබා ගන්න.
      ජයවේවා..!!

      Delete
    2. ආසාව නේන්නං අපිව මේ දක්කගෙන යන්නෙ අටං අයියෙ

      Delete
  2. කොටස් අතර පරතරය වැඩියි සහෝ කලින් කොටස් දෙකත් උඩීන් පල්ලෙන් කියවගෙන ආවේ කතාව අමතක වෙගෙන ආපු හින්දා අපරාදේ නැත්තන් මං පලවෙනියා (තිත් දෙකයි ඇල ඉරක්)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න රංගන සහෝදරයා... වරද පිලිගනිමි.
      අනිත් එව්වා ලඟ ලඟ දාමු.
      ජයවේවා..!!

      Delete
  3. යකෝ අන්න අරුන්දෙන්නා මහරගම කාමරේ ඇතුලෙ බීල කබරය දාගෙන වැටිල. උඹ මේ විජය පත්තරේ අරගෙන පිස්සු කෙලිනවා.

    මොනවද මල්ලි? කේරල බඩු ද?

    ReplyDelete
    Replies
    1. රියල් දේශීය බඩු.. නැත්තං මොරොක්කෝ බඩු.
      කේරල බඩු සවුත්තුයි... ච්හැඃ.. නයි කෑව වගේ.මහරගමට එලිවෙලා නෑලු.. උන් තාම බොනවලු.කෙවින් කිව්වෙ.
      ජයවේවා..!!

      Delete
  4. //කිරා කොහෙංහරි හොයං ඇවිලා තිබුන ත්‍රයිලෝක විජිතපත්‍ර නිසා// .. කෑම රුචිය වඩවන දේශීය ඖෂධය .. අත්දුටුයි.... ප්‍රත්‍යක්ෂයි.... අපිට කොයින්ද පූසෝ මාළු කිව්වලු... මේක ලිව්ව එකා කොටියම කාපිය..

    ReplyDelete
    Replies
    1. කාපිය කාපිය... කොටියෙක් නැත්තං කඩියෙක් හරි කාපිය... :-)

      Delete
    2. @අම්බලම්..
      මටත් කාලෙකින් සෙට් උනෙ නෑ බං... අඩේ.... මම කොටිමස් කන්නෙ නෑ බං..
      හෙහ් හෙහ්

      @ඩ්‍රැකී
      බෑ බෑ බෑ.... කන්නෙම නෑ....මයි.

      ජයවේවා..!!

      Delete
  5. දේශීය ගඩුගුඩා කාමරයක් පටන්ගත්තනම් සීග්ගරයෙන් දියුණුවෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. දියුණුව කෙසේ වෙතත් සීග්‍රයෙන් ඉහලට ගිහින් ඊට වඩා සීග්‍රයෙන් පහලට එන්න තිබුනා පොලොස් ආධාර යටතේ..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  6. උඹත් පටන් ගත්තද පඳුරු තැලිල්ල. මදි යකෝ.. තා ටිකක් ලියහං කියවගෙන යන්න. මෙච්චර රහට ලියන එකක් මෙච්චට කෙටි උනාම හිතට මදි වගේ...

    ReplyDelete
    Replies
    1. උඹලා වැඩිය දැඟලුවොත් අපි හදනවා "ජාත්‍යන්තර පඳුරු තලන්නන්ගේ සංගමය" කියලා එකක්.

      Delete
    2. @ කැමා..
      මක්ක කරන්නෙයි බන්..? කෙවින් ලියන හැටියට එපැයි දාන්න..

      @සුදීකයියා
      අන්න ඒකයි මම කියන්නෙ.. අන්න ඒකයි.. ඔව් ඔව්..

      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  7. ඒකාකාරී ප්‍රවේගයකින් තුනම කියවං ආව
    හුග දවසකින් නෙ ආවෙ මෙහේ
    ඉතුරු කොටහත් ඉක්මණටම දාන්ඩෝ
    අර කෙවිනට කිය

    ReplyDelete
    Replies
    1. එල එල එල.. ඔන්න තුනක්ම කිව්වා.. කෙවින් හෙන හිතුවක්කාරයි වගේ බං.. ආයෙත් කියල බලමු..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  8. උබලට ඔහොම ආතල් දෙන සෙට් එකක් ඉන්න එක කොච්චර සෝයි ඕයි.
    මගේ මෙමරියෙත් ගබඩා කර තබා ගැනීමේ ධාරිතාව අඩුයි කෙවින්

    ReplyDelete
    Replies
    1. හෑ..? කාටෙයි..? මටත් නං මෙහෙම ආතල් දෙන සෙට් එකක් හිටියනං වෙන මුකුත් ඕන නෑ.. කෙවින් ගෙ ජාතිය අමතන්න වෙයි වගේ..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  9. අන්තිම හරිය කියවද්දි මතක් උනේ, ලයන් කිං 1 ½. ඒකෙ ටිමොනුයි පුම්බයි සිම්බයි බුබුළු දාන වතුර වළක බැහැල ඉන්න ගමං අහසෙ තියෙන තරු කියන්නෙ මොනවද කියල තර්ක කරනව. ටිමොන් කියනව උඩ තියෙන්නෙ දැවැන්ත ඇලවෙන කඩදාසියක්ලු. කණාමදිරියො උඩට උඩට ගිහිං ඒ‍කෙ ඇළවිලාලු. පුම්බා කියනව, "මං හිතං උන්නෙ එව්ව හැතැම්ම මිලියන ගාණක් එහායිං තියෙන, ගිණිගත්තු ගෑස් බෝල කියලයි" කියල.

    පට්ට කතාව ගස්.

    මට උඹෙ අර ඉවෙන්ට් එක තියෙන තැන ගැන මේලක් දානවද පුළුවන්නං? drackey@gmail.com

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියො... ඉස්සර උඹේ නම හරියට ටයිප් උනා.. දැන් බෑ නෙ. ලයන් කිං.. ගස්ලබ්බ පොඩිකාලෙ හෙන ආසාවෙන් බැලුවෙ.සී.ඩී එක අරන් තිබුනා.. හොයාගෙන ආයෙ බලන්ඩෝන.. ඔන්න මේලක් දැම්මෝ..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  10. යහපාලනේ වගේ....

    ඇති දේකුත් නැහැ... නැති ලබ්බකුත් නැහැ....

    ReplyDelete
    Replies
    1. කියන දේකුත් නෑ.. නොකියන දේකුත් නෑ..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  11. සංඛ්‍යාත වන්තර මන්තර ඔක්කොම තියනවනේ බොල මේකේ.වෙඩිමට කලින් තව කොටසක් දාපං...

    ReplyDelete
    Replies
    1. එතකොට වෙඩිමෙං පස්සෙ දාන්නෙ මොනවද බං. :ඩී

      Delete
    2. වෙඩිමට පස්සේ ලබ්බට වැඩ රාජකාරි වැඩි වෙනවනේ බං. පෝස්ට් පරක්කු වෙයි එතකොට

      Delete
    3. @මනෝ...
      කෙවින දාන ඒව තමයි බන්..

      @ප්‍රස්..
      මාත් මේ කල්පනා කොරන්නෙ මක්ක වෙයිද කියල ඔයින් මනත..

      @මනෝ (ආයෙත්.)
      රාජකාරිය දේව කාරියටත් උඩින් ඉටු කොරන්නෙපැයි..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  12. පට්ටයි............. පට්ටයි........... ළගදිම දුං දායි.......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හ්ම්ම්.. පට පට ගගා රත් වෙන සීන් එකක් තමයි..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  13. ඇම්බියුලන්ස් සද්දෙයි රැහැයියන්ගෙ සද්දෙයි වෙන් කරල අඳුනගන්නනං මලක් තියෙන්න ඕනම තමයි. හැක්...

    අසාමාන්‍ය විදියට මැණික් හම්බවෙනව පේනවනං බඩු හරිම තමා.

    ReplyDelete
    Replies
    1. හෑ... අයියා බුද්ධි අංශෙද? චෙස් ඇද්දොත් රුස්සො පරාද කරයි..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  14. Apoi madai kola.....Tipi Tip ekak kewa wage......
    Ithiri kotasa Honeymoon eken passema dapan...wediya hadissiyak na....nathnam ekath me wagema wei....

    ReplyDelete
    Replies
    1. ටිපි ටිප් ගණන් යකෝ... උඹට නම් හදිස්සියක් නෑ වගේ තමා.ඒත් දැන් කාලෙ හරි.
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  15. ලබ්බෝ..මුල ඉඳන් දුම දාගෙන එන්නං..

    ReplyDelete
    Replies
    1. රායිට් මචෝ....
      ජයවේවා..!!

      Delete
  16. ඊලග එක පරක්කු නොකර දාපං ලබ්බෝ.

    ReplyDelete
    Replies
    1. කෙවිනට ටොක්කක් ඇනල හරි ඉක්මන් කොරගන්ටොනෙ..
      ජයවේවා..!!

      Delete
  17. ඔය ත්‍රයිලෝක පාවිච්චි කලාම එලර්ට් ගතිය වැඩි වෙනවා මට හිතෙන්නේ. ඒකයි පුංචි සද්දත් ඇහෙන්නේ. එහෙම දෙන්නෙක් දිහා නොගෙන බලාගෙන ඉන්නවා කියන්නේ ඊට වඩා ෆන් වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඒ බලාන ඉන්න කෙනා දිහා බලාන ඉන්න එක ඊට වඩා ෆන්.. හප්පේ.. හකු රිදෙනවා..හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  18. man hithuwe thunen ewarawei kiyala.
    :.( ----- :))

    ReplyDelete
    Replies
    1. poddak withara wade adhena seen ekak macho... ikmanata ahawarayak koranna kiyannoa..
      Jayaweiwaa..!!

      Delete
  19. මේ පත්‍ර වර්ගෙ හිංද මාත් දවසක් තරු පිරිච්චි අහසක් මැදින් බයිසිකලේ පැදගෙන ආවා.

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි සනීපෙ.... සැහැල්ලුව.. හ්ම්ම්ම්ම්......
      ජයවේවා..!!

      Delete
  20. පරණ ටික බලා ගෙනම එන්නම්

    ReplyDelete
    Replies
    1. රායිට් මචෝ... එල
      ජයවේවා..!!

      Delete
  21. ඔය ගින්නක් නැතුව දුමක් නැගල තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි රසික කියන්නෙ... දුම් නගිනවා.. ගින්න සැඟවිලා..
      ජයවේවා..!!

      Delete
  22. 3 ඉවරයි
    ලෙසටම කොටලා

    ReplyDelete
    Replies
    1. හුටා... යකෝ උඹෙ අනාගතේ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete