Saturday, March 19, 2016

හිස්තැනක්






සතෙන් සතේ රුපියල හැදෙද්දී
ඇලෙන් දොලෙන් ගඟ හැදෙද්දී
කුටීරයෙන් කුටීරය මී වදය සෑදෙද්දී
ගලෙන් ගල පර්වතය සෑදෙද්දී
දිනෙන් සතියෙන් මාස ගෙවෙද්දී
ග්‍රෑමෙන් කිලෝවෙන් ටොන් හැදෙද්දී
එකකින්.. තවකකින්..තවත් එකකින්.....
................................








ඔව්.. ඔබ හරි.කිසිම තේරුමක් නැත.

64 comments:

  1. මෙච්චර ඉක්මන්ට තාත්තා කෙනෙක් වෙන්න යනවද? සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. හත්දෙයියනේ තාම එහෙම එකක් නෙමෙයි ලෑන්...
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  2. "එකකින්..... තවකෙකින්..... තව එකක්"
    නොනවතින ඇරඹුමක්
    ඇරඹුමද අවසනක්
    අවසනම ඇරඹුමක්
    නැහැ තිතක්
    ඉඳහිට අකමැතිම කොමාවක්

    ReplyDelete
    Replies
    1. හලි හලි....
      හංසමාලි ලඟට ඇවිල්ලා.. ඔය වගේ තමා..
      ජයවේවා..!!

      Delete
  3. යුක්තානුව සහ සෛල වර්ධනය පිළිබඳව වෛද්‍ය රුවන් එම් ජයතුංග ගෙන් උපදෙස් විමසනු. පරිස්සං කොරනු. ගැස්සෙන ගමන් ගෙනයාම තහනම්.

    ReplyDelete
    Replies
    1. එව්වට තව කල් තියෙනෝ..... තාම ඒ ගැන හිතුවෙ වත් නැතෝ....
      ගැස්සෙන ගමන් යාමට ගස්ලබ්බාටද තාම නොහැකියි තුමනි.....ප්.
      ජයවේවා..!!

      Delete
  4. එකකින්.. තවකකින්..තවත් එකකින්.....
    නිතරම ඇරඹෙයි තවත් චක්‍රයක්..
    නොවතින ගමනක්..

    අම්මපා තේරුනේ නං නෑ මොකක්ද මේ කියන්නෙ කියල තේරෙන විදියට තමා අකුරු දෙක තුනක් කෙටුවෙ..

    ReplyDelete
    Replies
    1. පොඩි දෙයක් උනත් එකතු වෙලා එකතු වෙලා... මහ දෙයක් වෙනව.. වගේ දෙයක්.මහ දේ මොකද්ද කියල අහන්න නම් එපෝ...
      ජයවේවා..!!

      Delete
  5. /?එකකින්.. තවකකින්..තවත් එකකින්.....

    ................................//



    ඔක්කොම එකක්...රවුමක ගමනක්

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපගමනයන් තියෙනවා... 4ඩී ලෝකයක් බං..
      ජයවේවා..!!

      Delete
  6. අනේ මන්ද රට්ටු කියන විදියටනං වැඩේ සුබ අතට ගිහිල්ල වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. රට්ටු කියන කතා ඇත්ත නෙමෙයි... හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  7. Replies
    1. Thank you.. mm... but what for..??
      heh he
      ජයවේවා..!!

      Delete
  8. සුබ පැතුම් ලබ්බෝ.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි.. ඒත් මක්කටද? හත්තලාමේ.... තාම ගස්ලබ්බ පැටව් හදන්න හිතලවත් නැතෝ....
      ජයවේවා..!!

      Delete
  9. Patichchasamuppadaya

    jayawewa !!!!

    ReplyDelete
    Replies
    1. හරියට හරි..
      ජයවේවා..!!

      Delete
    2. ලෙඩේ හොඳටම තදයි වගේ විදානයෝ.කම්මලයගෙන්වත් බේතක් අහගනින්.

      Delete
    3. අපොයි.. ඉතුරු ඇට දෙකත් නැතිවෙයි වගේ.

      Delete
    4. විදානෙ , මගුලයි උඹටත් හැදුනද ලෙඩේ ? ඕක තියෙන්නෙ බ්‍රවුසරේ අවුලක්

      Delete
    5. කම්මලේ විදානයා බෙහෙත් ගන්නේ ටිකිරා අයියාගෙන්..... ඌට දෙන්නේ සමපෝෂගුලි...... ඇදලා යනවා වැඩේ....

      Delete
  10. Patichchasamuppadaya

    jayawewa !!!!

    ReplyDelete
    Replies
    1. හරියට ම හරි..
      ජයවේවා..!!

      Delete
  11. Patichchasamuppadaya

    jayawewa !!!!

    ReplyDelete
    Replies
    1. හරි හරි හරියටම හරි..තිතටම හරි..
      ජයවේවා..!!

      Delete
  12. Replies
    1. හෙහ් හෙහ්... ඔය කතාව මන්තරේ වගේ හිතේ තියෙන නිසා කොල්ලා බොහොම පරිස්සං...දරුවෙක් වඩාගෙන ඇවිදින්න පුළුවං උන කාලෙක එව්ව කොරන්න බැරියැ.. අටං අයියට මේ පෝස්ට් එකේ වචන ටික තේරුම් ගන්න ඇහැක් වෙන්න ඕනෙ...
      ජයවේවා..!!

      Delete
  13. Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ජයවේවා..!!

      Delete
  14. කොමෙන්ට් ටික කියවලා යන්තම් විදානේට පින් සිද්දවෙන්න කොනක් පටක් හොයාගත්ත.. තාම ඒ තරම් දුර ධර්මය හදාරලා නැහැ.. ඉක්මනනින්ම කියවලා බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. විදානෙට මක්කද වෙලා බං.. පටිච්චසමුපාදයට වඩා මෙතෙන්ට අටලෝ දහම තමයි සෙට් කොරන්න ඇහැකි.
      ජයවේවා..!!

      Delete
  15. උබගේ අලුත් ජිවිතයට මඩ කාර්ඩ් එකක් ගැහුවා සම්මාන උළෙල දවසට එලියට දාන්නම්

    ReplyDelete
    Replies
    1. හෑ.... අඩේ..මඩ? අපි අයිශයයි අයිබෝං..
      ජයවේවා..!!

      Delete
    2. අන්න වැඩේ.......... ජයවේවා...... ලබ්බිත් ගෙන ඒම අනිවාර්ය කරමු....

      Delete
    3. යෙතකොට බෝතල් ඔක්කොම කොහොමද බොනවා..?? යේක කෙත වෙඩ..

      Delete
  16. !$*($#@%...........!???????

    ReplyDelete
  17. Replies
    1. හ්ම්ම්... වැඩිය හිතන්න එපෝ..
      ජයවේවා..!!

      Delete
  18. කවියනම් අනේ මන්දා ඔය උඩ කමෙන්ට බලලා සුබ පැතුම් කියන්න තමා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න බොලත් වැරදි කොනෙං අල්ලගෙන.. ලෑන් සීයගෙ කොමෙන්ටුව සෑහෙන දෙයක් කොරන හැටි හැබෑට..
      ජයවේවා..!!

      Delete
  19. මගෙ අත්දැකීම් හැටියටනං, “පොඩි පොඩි වැරදි එකතු කරල එකතු කරල අන්තිමේ දවසක් විතර කතා නොකර ඉන්නව“ වගේ දෙයක් තමා කියන්න පුළුවං.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ.. බොලා ඔක්කොම මේක මඟුලත් එක්ක පටලගෙන නෙ.. කකුලත් එක්ක පටලගනිං.. අන්න ඇතුගලත් පිපිරුව බලං ඉන්න බෑ කියල.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  20. පොඩි පොඩි වැරදි එකතු කරල කඹයක් අඹරනවද හාමිනේ ?

    ReplyDelete
    Replies
    1. 'අවසාන පිදුරු ගහත් ඔටුවාගේ පිටකොන්ද බිඳ දැමීමට පෙර' වගේ කියන්න තමා වෙන්නෙ.. හාමිනා තාම මීක් නෑ.. හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  21. kaalekata passe dharmaya mathak velaada??

    ReplyDelete
    Replies
    1. යෙස් ලලිත්... මොන රවුම ගැහුවත් ඇවිත් නතරවෙන්නෙ ඔතන තමා..
      ජයවේවා..!!

      Delete
  22. වෙඩිමෙන් පස්සේ මොකද්ද බං මේ දාල තියෙන්නේ???

    ReplyDelete
    Replies
    1. වෙඩිමෙන් පස්සෙ දුමක් දැම්මනෙ මචං.. ඊට පස්සෙන් පහු තමයි මේක .. වෙනසකටත් එක්ක..
      ජයවේවා..!!

      Delete
  23. යකෝ මේ එකක්වත් නෙමෙයිනං වෙන මොකුත්වත්ද???????? බැන්දා විතරයි ඕවා කොරන්න එපා බං.... ටික දවසක් ගිහින් උන්නද මලාද කියලා බලන්නැති කාලෙට ඔය පැත්තකින් එකක් තියාගනින්... කාටවත් අවුලක් නැතිවෙන විදිහට....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං මොන ලබ්බක් කියනවද කියලා.....බැරිම තැන පින්තූරෙත් ලොකුකරලා බැලුවා

      wonderful things happen when your brain is empty.....

      Delete
    2. අන්න කුරුටු,කටුශ්ශා අන්තිම උත්සාහයත් දරලා... එක එක සිතුවිලි ඔලුවෙ පුරවගෙන තමන්ගෙ ජීවිතේට.....,මුහුණ දෙන්න සිද්ධවෙන අත්දැකීම් වලට අර්ථකතන දෙන්න ගියොත් වැඩේ වල් වෙනවා... මොලේ හිශ් කරා නම් හරි..
      නැත්තං.. ටිකෙන් ටික ටිකෙන් ටික එකතු වෙලා පුපුරන්න පුළුවං... ඒ කිව්වෙ.... පීඩනේ අඩු කරන වෑල් ඔක්කොම ඔන් එකේ තිබුනාම පුපුරන්නෙ නෑ නෙව.
      ඔන්න කිව්වා..(හාමිනේ අමතක කරලා හිතුවොතින් අගක් මුලක් අල්ලගන්න ඇහැකි.)
      ජයවේවා..!!

      Delete
  24. මම මේ කල්පනා කලේ උඹ දාලා තියෙන පදවලින් අදහස් කරන දේ අනිත් උන් තෙරුම් ගත්ත අපූරුව ගැනයි. උන් උඹෙන් කෝල්ස් දීලා ඇහුවද? මට නම් හිස් තැනක් කියලා මොලයක් දාලා තිබ්බාම හිතුනේ 'හරියට හරි' කියලා විතරයි. සමහර විට මගේ මොලේ ගැන හිතලා වෙන්න ඇති.

    අරෙහෙම නම් සුභ පැතුම් ලබ්බා (ගස්)

    ReplyDelete
    Replies
    1. නෑ ඩූඩයියෙ..සම්පූර්ණයෙන්ම නොහිතූ තේරුමක් යන්නෙ.. මේ පෝස්ට් එකෙන් උනේ තවත් පැටලුනු එක.. හෙහ් හෙහ්.. එතකොටත් පොඩි ලල් එකක් තියෙනවා වගේ..
      ජයවේවා..!!

      Delete
  25. ඒක මේක එකතු වෙලා අන්තිමට දුකම තමයි බොලන්....

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි.. වෙන විකල්පයක් නෑ කල්ප. වෙල්කං කිව්වා..ආයෙ එන්න .
      ජයවේවා..!!

      Delete
  26. බ්ලොග් එක පැත්තට ආව ගමන්ම සුබ පතන්න වෙයිද? :D

    ReplyDelete
    Replies
    1. වෙල්කං කිව්වා.ඔය කස්ටිය වැරදි කොනින් අල්ලගෙන නෙව...ලියන එකක් හරියට ලියා ගන්න බැරි උන එකේ වැරැද්ද.හෙහ් හෙහ්.. ඔන්න එක්කෙනෙක් දෙන්නෙක් අල්ලගෙන.අවුලක් නෑ.. ඊලඟ එක බලන්නත් ආයෙ එන්න සිතූ.
      ජයවේවා..!!

      Delete
  27. මෙතනින් එහාට හිතාගන්ඩ බැරි නිසා නේ ගස් අය්යේ ................................ උනේ..

    ReplyDelete
    Replies
    1. යකෝ... දේවල් එකින් එක එකතු වෙලා සාමාන්‍යෙන් වැඩක් ඇති දේවල් වෙන්නෙ.. ඒත් කරදර උනත් එකින් එකට දිගින් දිගට එනකොට මක්කෙයි වෙන්නෙ?
      ජයවේවා..!!

      Delete
    2. කරදර එක පිට ඇවිත් ටික දොහොකින් ඒවාට කැපිලා යන්න හොදත් එනවා ගස් අය්යේ

      Delete