Wednesday, August 17, 2016

ඉයන් සමඟ රැල්ලට උත්තරයක්..



මිනිස්සු විදිහට අපි කවුරුත් විවිධාකාරයේ රැලි වලට අහු වෙනවා.නැත්තම් රැලි දිහා බලන් ඉන්නවා.. මේ දවස් වල ඉයන් බ්ලොග් ලෝකෙ ගී සයුර කළඹවලා රැල්ලක් ඇතිකරල තියනවා... ඒක හරි සනීපදායී රැල්ලක් නිසා ගස්ලබ්බත් ඔන්න තමුන්ගෙ සත දෙක දාන්නයි ලෑස්තිය.කස්ටියත් එක්ක අහලා තමුන්ගෙ අදහස් කියන්නකො බලන්ට..

*මුලින්ම කියන්න ඕනෙ සිංදු 16 තෝරගත්තෙ මේ දැන් හිතට එන පිලිවලට.අටමගෙ සිංදු සෙට් එක අහලා සම්පූර්ණයෙන්ම ලයිනප් එක වෙනස් උනා.ආයෙ හෙට මේ පෝස්ට් එක ලිව්වොතින් එන්නෙ වෙන සිංදු 16වෙන්න ලොකු හැකියාවක් තියනවා.ඒ වගේම මෙතන කිසිම අනුපිලිවලකුත් නෑ.හිතුනා.. ලිව්වා..


1) ගස්ලබ්බා පළමුවෙනම තෝරාගන්නා ගීතය 'මගේ කවිය'.ඇත්තටම මේක ඕගොල්ලො අහල තියෙන්න තියෙන්නෙ බොහොම පොඩි අවස්ථාවක්.ඇහුන ගමන් හිත ගිහින් වශී උනේ ගායන හඬට.ඊට පස්සෙ ක්ලාස් යන කාලෙ අත්දැකීම් එක්ක අපූරු රූප රචනයක් ඔලුවෙ මැවුනා..සංගීතයත් මනරම්. අහල බලලා මේ ගීතය ගැන ඔයාලගෙ අදහස සටහන් කරන්න කියල ආරාධනාවකුත් කරන ගමන් අහමු පලවෙනි ගීතය.






2)  මේ ගීය ගස්ලබ්බට පොඩි කාලෙ ඉඳන් හොඳට අහල පුරුදු ගීතයක්.නමුත් බොක්කටම වැදුනෙ දුර ඈත ජොබ් එකට ගිහින් හිටපු කාලෙ.ගෝලයොයි අපියි ඔක්කොම පොඩි ගේ කෑල්ලක උයාගන කකා පැදුරුවල නිදාගෙන උපරිම ෆන් එකේ හිටපු කාලයක් ඒක.හැන්දෑ කොරේ නාල හේන් වලින් නෙලාගන්නා ලද නැවුම් ඉන්ධන භාවිතා කරලා හඳවටේ කැරකි කැරකි ඉන්නවා උයන  කට්ටිය උයනකන්.අතරේ මේ ගීය අහලා ඉවරවෙලා වටපිට බලනකොට රිලේ එක දුවපු උන් ඔක්කොම කඳුළු පිහිනවා.. මේ හඬ වික්ටර් රත්නායකගෙන්.






3) මේ ගීතය වායෝ කණ්ඩායමේ වර්තමානයේ හොඳට ජනප්‍රිය උන ගීයක්.නමුත් ගස්ලබ්බ දැන් ඉදිරිපත් කරන්නෙ ඒ ජනප්‍රිය ගීයෙම රී මේක් එකක්.හැබැයි රී මේක් එකත් කරන්නෙ වායෝ උදවියම තමයි.විශේෂ දේ තමා ගස්ලබ්බට මේකෙ රෙකෝඩ් කරන්න කලින් කරපු ගයිඩ් එක අහන්න ලැබුනා.වායෝ කී බෝඩ් වාදක සේනාංග ගෙ හඬින්.ඒක මීටත් වඩා රහයි.ඒත් යූ බටේ තියෙන්නෙ මේක.රසේ අඩුවක් නම් නෑ.අහන්නකො බලන්න..මේක ඔරිජිනල් එකට වඩා ටිකක් වෙනස්.





4) සිහිනයකි රෑ වැඩසටහනට කමල් අද්දර ආරච්චි ඇවිල්ල පදමාලාවෙන් ඇහැට ඇනලා මේ ගීතයෙන් කණට ගැහුවා.

පෙරදා මහරෑ
මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවාගෙන
ලසොවින් වැලපුන
නුඹේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැලලක් ඉතිරි වෙලා

උරහිස තැවරී වියැලුනු කඳුලින්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත
සදා දැවෙන්නෙමි
ඒ ගින්නෙන්

පෙරදා මහරෑ....

ඔබ හට පෙම් කල යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට
සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ...




5) රැකියාවක් කරන්න කියලා හිතුන කාලෙ ඉඳන්ම ගස්ලබ්බට ටිකක් හරි ආස හිතුන ක්ශේත්‍රය තමයි ඉදිකිරීම් ක්ශේත්‍රය.ඒ අතරිනුත් ඉංජිනේරු මැනුම් ශිල්පියෙක් වෙන එක හීනයක් වගේ තිබුනෙ.හිටිගමන්ම බොඳ වෙලාගියා උනාට හැකියාවක් තිබුනු කාලෙ ඒ හීනෙ යම්තාක් දුරකට හැබෑකරගන්නත් ගස්ලබ්බ සමත් උනා.සයිට්ටෙකම නිවාඩු දවස් වල පාළු වෙච්ච කඳු අස්සෙ බැද්ද අස්සෙ සර්වේ කරල මහන්සි උනාම ගල් පොත්තක ඉඳගෙන දුමක් දාන ගමන් ආසාවෙන් අහපු ගීතයක් මීලඟට තෝරාගත්තා..




6) අපි හැමෝම ප්‍රශ්න වලින් පීඩිත වෙලා හිටපු දවසක.. කලබල නැති අඩ අඳුරේ මධුසාදයක.. පාන්දර දෙකට තුනට විතර... වෘත්තීය මට්ටමේ ගිටාර් සහ බොංගො නාද අතුරින්... බොහොම හෙමින්.. සංයමයෙන්.. ගස්ලබ්බගෙ යාළුවෙක් මේ ගීය ගැයුවා.දැන් අවුරුදු ගානක්.. අදටත් ගියොත් රොකියා මම වෙනුවෙන් 'ඉහිරුන දිවි බඳුටට මධු පුරවා...' මේ ගීය ගයනවා.





7) විශ්‍රාම ගිහිනුත් කාලයක් ගතවෙලා තිබුනත් අදටත් ඉඳ හිට ගෙදරට එන දරුවෙකුට අකුරක් කියා දෙන,විවිධ පාර්ශව වල රැව්ම් ගෙරවුම් මැද උනත් කළු,කැත,හොටු නාවර පෙරන කියල අයින්කරපු දරුවො ගෙදරටත් ගෙනැවිත් අකුරක් අඳුනගන්න කියාදෙන අප්පච්චියි අම්මයි මතක්වෙන නිසා මේ ගීයට ගස්ලබ්බා බොහොම මනාපයි




8) බූට් එකක් කාලා දුක නිවන්න කියලා නාලාගිරි වගේ රා,අරක්කු ඔක්කොම බීල ඇස් රතු වෙලා වයිරෙන් පිච්චි පිච්චි හිටපු බොක්කෙ ෆිට් එකක් කූල් කරගන්න අමරදේවයන් ගයන මේ ගීයත්,හඳ එලියත් ගොඩක්ම උපකාරී උනා...
අපි ගොඩක් වෙලා යනකන් ගීතයට දුක දියකරල හැරියා... 
මේ ගීය ඒ නිසා අමරණීයයි.





9) එතෙක් මෙතෙක් තිබුනු ස්ටාර් වැඩසටහන් වලින් හරියට වැඩක් ගත්තු හොඳම කෙනා තමා ශිහාන් මිහිරංග.මුල් දවස් වල දාපු මෝඩ චූන් නිසා අජූවයි කියල හිතුනත් පස්සෙ පස්සෙ මිනිහගෙ වැඩ කිඩ බලපුවාම මිනිහගෙම තැනක් හදාගන්න ශිල්පියෙක් බව හිතෙනවා. මෙන්න අපේ ශියාන් අයියා......හ්



10)  ගස්ලබ්බගෙ ආදරේට අවුරුදු හතක් පිරුනෙ මේ ඊයෙ පෙරේදා.. සුපුරුදු විදිහටම හයවෙනි වරටත් ඒ දවස ගස්ලබ්බට අමතක උනා.සතිඅන්ත නිවාඩුවට ගෙදර ඇවිල්ලා ගස්ලබ්බි විසින් ලස්සන අත් ඔරලෝසුවක් අතේ බඳිනකොට වත් මතක් උනේ නෑ මොකටද මේ කියලා.(සුපුරුදු මඳ හිනාවෙන්ම එයා ඒ අවස්ථාව විඳගත්තා.)හැබයි ආදරේ ප්‍රකාශකරන්න කලින් හිතේ තියාගෙන හොරගල් අහුලපු කාලෙ තදට අහපු ගීතයක් වන මේ ගීය ඇහෙන වෙලාවට තාමත් අර ඒ කාලෙ ගැස්ම දැනෙනවා දැනෙනවා වගේ..





11) අපි බොහොම පොඩි කාලෙ මිහිරට ඇහුනු ගීයක් මේ දවස් වල චූන් පාං සිස්ටම් එකට පැල විකුණ විකුණ යන ලොරියක් දාගන යනව ඇහිලා දිවත් හැපුනා..
මේ දවස්වල අර ගෙදර හදන වැඩෙත් එක්ක ඉන්නකොට සමහර වෙලාවට සිද්ධවෙන දේවල් නිසා සැලෙන හිත මේ ගීය අහල  සන්සුන් කරගන්න වෙලාවල් නැතුව නෙමෙයි.
වැඩිය ගී ගැයුවෙ නැති උනාට රෝහණ වීරසිංහගෙ මේ ගීය ළමයෙක් පොඩි කාලෙ ඇසිය යුතුම ගීයක්... හොඳ අරමුණක් ලැබෙයි ඔහුට.
(රූප රචනයට තියන ලෝභ කමට මේ ලිංක් එක දැම්මෙ.සමාවෙන් සද්දෙ ටිකක් අවුල්.)




12)  බටහිර ගීත අසන ගොඩක් දෙනා කියන දෙයක් තමයි සිංහල සිංදු වල හැඟීම් ගායනා කරනවා අඩුයි.. කටහඬෙන් වැඩ කැටයම් දානවා අඩුයි කියලා.එයාල මේ ගීය අහල බලන්න ගායනාව අස්සෙන් ඉකි ගැසීමක් පවා ඇතුල් කරන්න සනත් නන්දසිරි කියන අති දක්ශයා සමත්වෙලා තියනවා.. හරිම සංවේදීවෙන ගීයක්.






13) අර කලින් සඳහන් කරපු  'සුලඟ' ගීතය ගැයුණු බෝඩිම ගස්ලබ්බගෙ ප්‍රියතම නවාතැනක්.(බෝඩිමක් කිව්වට දැන් එතන රෙකෝඩින් ස්ටුඩියෝ එකක්.)දවසක් රෑ බොහොම මිහිරට ගෙවෙනකොට ගස්ලබ්බා විසින් මේ ගීතය ගයමු කියල යෝජනා කරනවා.ඒ දවස් වල සයිට් එක කිට්ටුවෙන් කාමරයක් අරන් තනියෙන් නැවතිලා ඉන්නකොට රෑට කාන්සිය මකා ගන්න මේ ගීය ගොඩක් උපකාරී උනා.ඔය කතා කතාබහ වෙනකොට එතන හිටපු කෙනෙක් කියනවා 'මැදපෙරදිග ගිහිල්ලත් ඔය වගේම කාන්සිය දැනෙන අය මතක්වෙන්න තමයි ගිටාර් පාට් ඇරබික් ටච් එකක් එක්ක දැම්මෙ' කියලා.බලනකොට ඒ මේ ගීතය සංගීතවත් කරපු ජානක ෆොන්සේකා නැමැති දක්ශ,නිහතමානී සංගීතඤ්ඤයා. එතනින් එහාට රාත්‍රිය ගෙවුන හැටි හිතාගන්න පුළුවන් නෙ..?




14) අලි ඇත්තු ගැන සුපුරුදු විදිහටම මේ කාලෙ කතාබහ අළුත් වෙලා.. වාද විවාද බොහොමයි.. ඒ අස්සෙ මතක්වුන හර්ෂණ දිසානායකගෙ මේ ගීය අහල බලන්නකො.. කවුරු ගැනද මේ කියන්නෙ?? කාටද මේ කියන්නෙ??




15) සේනක බටගොඩ කියන්නෙ සැඟවී සිටින දක්ශයෙක්.යූ බටේ උනත් තියෙන්නෙ ගීත කීපයයි.ඒ ටික හැබැයි හරිම අගෙයි.ඔහුගෙ ආගම නම් මොකද්ද දන්නෑ.නමුත් මේ ගීයෙන් කියැවෙන අදහස නම් බෞද්ධයාට බොහොම හුරු සහ නිතර නිතර මෙනෙහි කල යුතු යතාර්ථයක්.තට්ට තනියෙන් ඇඳේ වැතිරිලා ඉන්න වෙලාවක විවේකීව අහල තමයි හිතට වැදුනෙ.තමුන්ගෙ දුවණියත් එක්ක එකතුවෙලා ඔහු ගයන අපූරුව බලන්නකො..




16)  රායිට්... අද දවසේ තෝරගන්න වරම් ලැබෙන අවසාන ගීතය.වෙලාව පාන්දර දෙකත් පහුවෙලා.. මේ ගීතය ගැන නම් ආයෙ මොනව කතා කරන්නද? අහමු.. ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල




ආපහු බලනකොට තමයි පෙනෙන්නෙ බර සෙට් එකක් මිස් වෙලා.. මේ වෙලාවෙ මූඩ් එකේ හැටියට එලියට ආපු ගීත තමයි මේ.ලියපු රටාවත් තැනින් තැනට වෙනස් ද මන්දා..



71 comments:

  1. පලවෙනි සිංදුවම අහල නැහැ කියන්නකො :) වරුණ ගුණතිලක අහල පුරුදු නමක් කවුද කියල මේ කල්පනා කරන්නෙ :/ සිංදුව ලස්සනයි
    අපි කවුරුද ..අපේ ජාතික ගීය කියල අපි කියන්නෙ :D කැම්පස් එකේ එදා ඉඳල කියන්නේ ඕක
    පෙරදා මහ රෑ සිංදුව අහද්දි මොකක් හරි වැස්සක සම්බන්දතාවයක් දැනෙනවා ඇයි ඒ කියල තාම හිතාගන්න බැහැ

    ලඳු ඕවිටි සිංදුවට ඉහලින්ම මනාපයි :) :)

    සුළඟ සුළඟ සින්දුවත් අහල නැහැනෙ :/

    ෂෙහාන් ගේ සිංදු වලින් ඇස ගැටෙනා ,සෙව්වන්දියේ සිංදු දෙකට තමයි මම වැඩියෙන් ආස .. මේ සිංදුවත් අහල කියල මතක නැහැ

    නිදි නැති රැය සිංදුවත් අහල නැහැ ... ඒ සිංදුවේ අමුතු ලස්සනක් තියේ :)

    ReplyDelete
    Replies
    1. වරුණ ගුණතිලක (රොකී) කියන්නෙ රාජ්‍ය සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා.දක්ශයෙක්.
      හංසි උනන්දුවෙන් සිංදු ටික අහල තියනවා වගේ.
      ජයවේවා..!!

      Delete
  2. Last one is one of my favourites ever.

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බගෙත් එහෙමමයි.. ඒකනෙ 16ට අහු උනෙ..
      ජයවේවා..!!

      Delete
  3. මෙහි එන බොහෝ ගීත මා අසා නැති ඒවා වීම විශේෂයකි.

    ReplyDelete
    Replies
    1. දැන් ඒ ගීත අසා ඇති ඒවා වී ඇත්නම් එය ගස්ලබ්බාට මහත් සතුටකි.
      ජයවේවා..!!

      Delete
  4. අර සඳ පළුවෙන් මෙග් ක්ලිස්ට් එකෙත් තියෙන එකක් , මෙන්න මේවා තමා ලබ්බේ ගීත ,හැක්, නියමයි බන්, විවිධ ආකාරයේ ගීත තියෙනවා මේ ලිස්ට් එකේ

    ReplyDelete
    Replies
    1. අර සඳපළුවෙන් සිංදුව අහපුවාම නිකන් තිබහ වෙලාවක වතුර බිව්ව වගේ දැනෙනවා.. හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  5. එක්කො ස ර ස තුමා ගේ කැමතිම ගීත 16 දැනටමත් ගස් ලබු තුමා පලකොරලා කියලා ශේප් වෙනවා... ඒ තරමට ස ර ස තුමා කැමැති ගී මේ 16 ඇතුලේ තියනවනේ

    ReplyDelete
    Replies
    1. අම්බාන් දෙක තුනකට සතුටු හිතුනෙමි.සාරස තුමාගේ ගී ත් දැක්කෙමි. රස අංකුර පිනා ගියෙමි..
      ජයවේවා..!!

      Delete
  6. මාද අසා නොමැති ගීතය.. ඩේටා ඌණතාවය හේතුවෙන් සමහරක් නොඇසිමි

    ReplyDelete
    Replies
    1. ඩේටා ඇති විටක අසා රසවිඳින්න මේවා සුරැකිව තැබෙනු ඇත..
      ජයවේවා..!!

      Delete
  7. අපුරු එකතුවක්, සින්දු ඔක්කොටම වගේ මනාපයි. විශේෂයෙන් ගලවල ගන්නවා නම් දම් පාටින් ලා හඳ, පැන මඩ කඩිති, මොනවාද මුත්තේ, පෙරදා මහා රෑ ඉහලින් ඉන්නවා. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගීත සදා නොමැකෙන ගීත නම් තමා මචෝ..
      ජයවේවා..!!

      Delete
  8. ෂා... වෙනස් විදිහක අපුරු සිංදු එකතුවක් ගස්...
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. වෙනසක් දැනුනි නම් රසක් දැනුනි නම් සතුටක් නැගේ... හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  9. Replies
    1. මගේ ලිස්ට් එකේ බර ගානක් ඔහේගෙ ලිස්ට් එකේ තිබුන නිසා මට වැඩේ ලේසි උනා.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  10. මම නම් හිතන්නේ මේක ඩයලොග් එක ඉයන් එක්ක එකතු වෙලා කල කුමන්ත්‍රණයක් කියලයි... අපේ ඩේටා ටිකට කෙල වෙනවා..

    ඒත් බ්ලොග් බ්ලොග් අතර සංවාදයක් ඇති කිරීම ගැන ඉයන්ට තුති... කාලෙකින් මෙහෙම දෙයක් උනේ..

    ReplyDelete
    Replies
    1. ඉයන් කොටස් වෙළඳපල ආයෝජන දිහා පහුගිය ටිකේ වැඩි අවධානයකින් උන්නයි කියන්නෙ.. ඩයලොග් කොටස් බර ගානක් අරන් ලු.. මේ ඒ වෙනුවෙන් කරන වැඩ ලු... ඔන්න කාටවත් කියන්න එපා හොඳේ.. හෙහ් හෙහ්
      මේ වැඩේ නැගල ගියා.. අමාරුයි අමාරුයි කිය කිය ඉන්නැතුව කොරල බලන්නකො.. හෙන වෙලාවක් යන නියම වැඩක්..
      ජයවේවා..!!

      Delete
  11. අහල නැති අපූරු ගීත කීපයකුත් තිබ්බා. හෙමින් සැරේ අහන්න ඕනි . ' අලුත් පාර හදන සින්දුව' හිතට සමීපයි . ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හෙමින් හැරේ අහනකොට තමා 'ගතිය'.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  12. හහ්හා. ඔහොම යං මචෝ. මේ සෙට් එකත් බොහොම මනාප සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. එල එල... යං යං යං පාවී පාවී...
      ජයවේවා..!!

      Delete
  13. පලවෙනි ගීතයේ මුල්ම වාදනය යද්දි මගෙ ඇඟේ , හිරිඟඩුත් පිපුනා... අහලම නැ ... ..හරි අපූරු තේරීමක් ගස්...

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බගෙ රිංගින් ටෝන් එක විදිහට අවුරුදු ගානක් නොවෙනස්ව තියෙන්නෙ ඒ ගීතය.. ඉස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  14. පලවෙනි සින්දුව මමත් අදමයි ඇහුවේ. ගොඩක් ලස්සන සින්දුවක්. ලිස්ට් එකේ තියෙන සින්දු ගොඩක් ඒවාට මමත් කැමතියි හොඳේ. :)

    ReplyDelete
    Replies
    1. සංතෝසයි.. සංතෝසයි...
      ජයවේවා..!!

      Delete
  15. මින් පෙර අහල නැති අලුත් සිංදුද තිබේ.
    සතුටුයි.
    දුකයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් බැලූ මො
      සංතුශ්ඨි අප් හයි
      දුක් නොම් වන් වා

      ජයවේවා..!!

      Delete
  16. අසා නැති ගොඩක් ඇත

    ReplyDelete
    Replies
    1. අසා රසවිඳින්නට ඇරයුමක් ඇත..
      ජයවේවා..!!

      Delete
  17. හත්වලාමේ මේ ලිස්ට් එකේ සින්දු දෙක තුනක්ම අහලා නැහැනේ.අසමි අසමි මේ දැන්ම අසමි. ආ.. අමතක උනා කියන්න මේ රැල්ල නිසාමයි මෙහෙට පාවෙලා ආවේ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා... පාවෙලා ඇවිත්... ගීත සාගරේ පාවෙලා... දිගටම පාවි පාවි ඉනු මැනේ... හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  18. හත් වලාමේ ඇඟේ හිරිගඩු පිපෙන සිංදු ටිකක්නේ.... පලවෙනි සිංදුව වගේම තව කීපයක්ම මුල්ම වතාවට ඇහුවේ.... පංකාදු පහයි ගස් ලබ්බේ....

    ReplyDelete
    Replies
    1. සින්බෑඩ් නැවියා.... මේ දූපතට පිළිගන්නවා... සංතෝසයි.. සංතෝසයි..
      ජයවේවා..!!

      Delete
  19. අහල නැති අපුරු සින්දු ටිකක් තියනවා. ඒ අතරේ මම දාපු ලිස්ට් එකේ ඒවා මෙතන තියන එක ගැනත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම පොදු එව්ව මතුවෙනකොට අමුතු ලල් එකක් දැනෙනවා නම් තමා... හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. තමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ බ්ලොග් මාමලා ) අතර බෙදා ගත්තු ලිස්ට් 18 ක් දැනට පබ්ලිශ් වෙලා තියෙනවා. මේ ගීත එකතු ටික එක තැනක තියන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොඳයි. එතකම් ඒ ටික මේ පෝස්ට් එකේ තියෙනවා.

    පොඩි කරුණක්. මම කලේ මම කැමති සිංදු ටික දාපු එක විතරයි. ඒක සුන්දර රැල්ලක් කලේ තම තමන්ගේ ලිස්ට් දාපු ඔබ වගේ අය. ඒක නිසා මගේ නම දැන් හලල මේක අපේ පොදු දෙයක් ලෙස තියමු.

    ඔබගේ කැමැත්ත බෙදා ගත් එක ගැන නම් ඉතාමත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මොකද බොල හැම තැනම දෙක දෙක දාගෙන යන්නෙ. හැක්..

      Delete
    2. හෙන කාලෙකින් ඉයන් මේ පැත්තෙ ඇවිත් කියලා සංතෝසෙන් බලනකොට මේ කොපි පේස්ට් කොමෙන්ට් එකක්නෙ.. කමක් නෑ එහෙම හරි ආව නෙව.. හෙහ් හෙහ්

      @ප්‍රස්
      කම්මල සින්ඩ්‍රොම් හැමතැනම අයියාහ්..

      ජයවේවා..!!

      Delete
  22. 5, 7, 8, 16 කියන්නෙ මගෙත් ප්‍රියතම සින්දු. මාත් අහල නැති දෙක තුනක් මෙතන තියෙනව.
    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රීතම්... ප්‍රීතම්..
      කොකා සභාපති තුමාට බරපතල වැඩ යෙදිල වගේ..
      ජයවේවා..!!

      Delete
  23. උඹට හොඳ වින්දනයක් තියන බව පැහැදිලිවම පෙනෙනවා. හොඳ ගීත එකතුවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. ඔබ වැන්නකුගේ ඒ වචන ගස්ලබ්බාට මහත් ධයිර්යයක්..
      ජයවේවා..!!

      Delete
  24. ලස්සන සින්දු ටිකක්.
    අපිත් ඇහුවා...

    ReplyDelete
    Replies
    1. සංතෝසයි නයනේ.... අපි අහමු අහමු සිංදු අහමු සවන් පිනන්ටා....
      ජයවේවා..!!

      Delete
  25. මචෝ, අහපු නැති සින්දු ගොඩක් තියෙනවා..
    ඒවා අහන ලැබීමත් බොහෝම සන්තෝසයි.

    විශේෂයෙන්ම කියන්න ඕන අර පලවෙනි සින්දුව නම් මොකක්දෝ අමුතු හැගීමක් ගේනවා..

    මොනා වුනත් ඉතින් ලිස්ට් එක නම් පංකාදු පහයි.

    ReplyDelete
    Replies
    1. අහල නොතිබුන ගීතත් අහල රසවින්ද නම් ඒ ටිකම මදැයි සංතෝස වෙන්න..
      ජයවේවා..!!

      Delete
  26. සුළඟ සුළඟ, මගේ කවිය, ලඳු ඕවිටි කළල මතින්, සුළඟ ඔබද, හිත හඬනා වෙලාවේ...මේ ගීත සියල්ලම ඇසුවේ මුල් වතාවට...

    අර සඳ පලුවෙන් ගීතය ඇසුවේ බොහෝ කලකින් පසුව...

    පෙරදා මහ රෑ...මගේ ප්‍රියතම ගීතයක්, එහි පදපෙළ ට තමයි බොහොමත්ම කැමති...

    එදා මෙදා තුර, දම්පාටින්, පැන මඩ කඩිති, ආදරයේ උල්පත...මේ සියලුම ගීත බොහෝම විඳින ගීත...

    බොහොම රසවත්, සොඳුරු ගීත එකතුවක්....

    ReplyDelete
    Replies
    1. බොහොම රසවත් කොමෙන්ට් එකක් පොකුරු වැහි.. කෙනෙක් රසවිඳල කියල දැනෙනකොට හරි සතුටුයි..
      ජයවේවා..!!

      Delete
  27. ඉයන් මාමගෙ බ්ලොග් එකෙන් පාර හොයාගෙන මෙහෙ ආවෙ..))

    එදාමෙදා තුර මගෙත් කැමතිම ගීතයක්..

    http://wehimandarama.blogspot.com/2016/08/blog-post_21.html - මේ මගේ ලිස්ට් එක..!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා...වැසිදැරිය.
      ලින්ක් එකේ පෝස්ට් එක නැහැයි කියනවා.මට මතක විදිහට ඒ පැත්තෙ ගොඩ වැදුනා වගේ...
      ජයවේවා..!!

      Delete
  28. Replies
    1. අඩෝ මෙණ්ඩා... හප්පේ උඹලව දකින්න තියන අමාරුවක්..
      එල ද බ් රා රා...
      ජයවේවා..!!

      Delete
  29. සේනක බටගොඩ දුව එක්ක ගායන කරන විදිය දැක්කම තාත්ත කෙනෙක් විදියට ඔහු කොයිතරම් වාසනාවන්තයෙක් ද කියලයි මට නම් හිතෙන්නේ. ඔහු ගැන දැනගත්තේ ඔබේ පොස්ට් එකෙන්.

    ඔබ කියපු මෙලමයින් ඩී සී ඩී ගැන ලියන්න බැරි වුනා අවශ්‍ය කරන නිවැරදිම තොරතුරු තවම හරියටම සොයාගන්න බැරි වුන නිසා. මිනිස්සු කන බොන දේ ගැන ආවට ගියාට දේවල් කියන එක බොහොම නරකයි කියල මම හිතන නිසා මට එකට තව කලක් ගන්න වේවි.

    ReplyDelete
    Replies
    1. තාත්තයි දුවයි සිංදුව කියන හැටි නම් හරිම අපූරුයි.ඇත්තටම ලෝබ හිතෙනවා.. හෙහ් හෙහ්.. ඒ වීඩියෝව අවසානයේ ඔහු දැනට අසනීපව පසුවෙන සංගීත ශිල්පීන් සිහිපත් කරන්නත් අමතක කරන්නෙ නෑ.එයත් මා දුටු විශේෂත්වයක්.
      ඩීසීඩී ලිපිය එනතුරු මඟ බලා ඉන්නෙ.ඔබෙන් පිටවෙන ලිපියක ගුණාත්මක බව පිළිබඳ තබාගෙන තියන විශ්වාසය මයි එයට හේතුවත්.ඒ සඳහා ඔබේ කාලය අරගන්න.
      ජයවේවා..!!

      Delete
  30. උඹට තියෙන්නේ වෙනම චොයිස් එකක්.. එහෙම නැත්නම් අර කියුවා වගේ මූඩ් එකත් එක්ක යන චොයිස් එකක්.. මේ ටික පට්ට.. අර සඳ පාලුවෙන් ඔබව පෙනෙයි.. පාලු සිතේ විඩා නිවෙයි.. මේ සුවිසල් පුර..තනිව ඉන්න.. මට ඔය සිත සවිය ගෙනෙයි.. මේක වැදුනා බොක්කටම.. මේ වගේම අන්ඩරේට් කරලා තිබ්බ තව සින්දුවක් මතක් උනා ඒ එක්කම.. මා සිතුදේ පැතුදේ අහිමි සිතින්- ඉන්නම් හැමදාමත්.. ඔය මුවඟින් සිනහා බිඳු මුතුලැල්.. මට මතකයි හැමදාමත්. (ඉස්සර දවසක හිත ගිය සින්දුවක්..)

    ReplyDelete
    Replies
    1. ඇස් පියන් අහන සිංදු සෙට් එකෙන් කොටසක් තමයි මේක.අපි ඉතිං ප්‍රසංග වේදිකාවත් අහනවා.. මෙව්වත් අහනවා.. වෙනසක් නෑ.. විඳින්න පුළුවන් ඒවා හෙමින් සැරේ ආයෙ විඳිනවා.මත්වෙලා කරල ඉන්න වෙලාවක කවුරු හරි ලස්සනට මේවා කියනවානම් වෙරි ඩබල් වෙනවා.හැබැයි බයිල කිය කිය නටනවා නම් ඒත් ඔට්ටුයි.හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  31. ගස් උඹේ රසඥතාවය අන්තිම ඉහළයි...:)

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔබට බොහොම ලොකු ඉස්කෝතුවක්..
      ජයවේවා..!!

      Delete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. මගේ ආස ගීත ත් සෑහෙන්න ප්‍රමානයක් මේකේ තියෙනවා

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි එක ලඟින් යන රහක් තියන බව දැනගැනීම ම.
      ජයවේවා..!!

      Delete
  34. ඔන්න බඩා මාමත් දැම්මා

    http://badamama.blogspot.com/2016/09/blog-post.html

    ReplyDelete