Wednesday, June 1, 2016

කාලෝ අයංතේ (ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු II)





කොහෙවත් තිබුනෙ නැති වැස්සක් ඇවිත් මිනිස්සුන්ගෙ ජීවිත පොඟවලා දාල ගිහින් තාම වැඩි කාලයක් නෑ.

හැබැයි ලංකාවෙ මිනිස්සුන්ගෙ හදවත් අමුතුවෙන් පොඟොවන්න දෙයක් නෑ කියලා යලි යලිත් ඔප්පු කරල පෙන්නන්න මේ ගං වතුරත් සමත් උනා.

මේ වැස්ස හින්දම අපට මුණ ගැහුනු පුංචි පවුලක කතාවක් අපි බෙදාගත්තා මතක ඇති.

මේ තියෙන්නෙ කතාව

නමුත් උපකාරයක් කිරීම කල් ගියෙත් වැස්ස නිසාම ඔවුන් ආරක්ශක ස්ථාන වලට ගිහින් හිටපු නිසා.ඒත් කාලගුණය යහපත් වීමත් එක්කම ඔවුන් ආයෙත් ඇවිල්ල.

පහුගිය දවසක ගස්ලබ්බටත් චෑන්ස් එකක් වැදුනා ගෙයින් එලියට යන්න.ඒ ගමන් මේ පවුලෙ අයව හම්බවෙන්නත් අර ටීචත් එක්කම යන්න පුළුවන් උනා.

කොමෙන්ට් වලින් කතාකරගත්තු විදිහට ගෙයක් හදන්න උදව් කරන එක තමයි මේ වෙලාවෙ අපට කරල දෙන්න පුළුවන් හොඳම දේ කියල ගස්ලබ්බට තේරුණා.

ඒ දරුවන්ගෙන් ලොකු පිරිමි ළමයා තමුන්ගෙ ආච්චි භාරයේ ඉඳන් ඉස්කෝලෙ යන්න පිටත් කරලා තිබුනා.
දැන් ගෙදර ඉන්නෙ භාග්‍යයි මල්ලියි විතරයි.
මල්ලි තාම පොඩියි නෙ.

සන්තෝසයි කියන්න මේ මිනිස්සුන්ට මොනව උනත් උත්සාහය කියන එක තියෙනවා.
ඉඩමේ නිරවුල් බව හොයන්න ටීච ෆාහිම් මන්ත්‍රීතුමා හමුවෙන්න ගිය වෙලාවෙ මන්ත්‍රීතුමා මොවුන්ට පරණ ටකරම් තහඩු ටිකක් ලබාදීල තිබුනා.
කටුමැට්ටෙන් බිත්ති ටිකෙන් ටික ගොඩනඟමින් උන්න..
වහලෙට පොල් අතු වහගෙන තිබුනා.
අපි ටිකක් උදව් කලොත් මිනිස්සු විදිහට ජීවත්වෙන්න ඔවුන්ටත් හැකියාවක් ලැබේවි.

හරි. දැන් මේ නිවස ඉදිකිරීම ගැන කතා කරමු.

නිවස හදන ඉඩමේ අයිතිය මේ පවුලට ලබාගන්න පුළුවන්.අදාල නීතිමය කටයුතු කරන්න ගාස්තු ගෙවලා අත්සන් කරන්න විතරයි තියෙන්නෙ.ඒ කටයුත්ත ටීචයි ඉඩම ලබාදුන්න ෆාහිම් මන්ත්‍රීතුමයි කරන බවට පැවසුවා.කොහොමත් අත්තිවාරම් දමන්න කලින් අදාල ඔප්පුව නිරවුල් කරගන්න ගස්ලබ්බ කටයුතු කරනවා.



මේ දක්වලා තියෙන්නෙ ඉදිකරන්න හිතාගෙන ඉන්න නිවාසයේ සැලැස්ම.අඩු වියදම් නිවාස ක්‍රම වල භාවිතා වෙන සැලැස්මක්.


මේ සැලැස්මට අදාල වියදම කොහොම වෙයිද කියන කාරණේ තමයි ඊලඟට ඔලුවට එන්නෙ.

මේ තියෙන්නෙ ඒක.



සැලැස්මට අදාලව ගස්ලබ්බි හදල දුන්න දළ ප්‍රමාණ පත්‍රයක අවසාන පිටුව තමයි තමයි ඔය තියෙන්නෙ.
ආයෙත් සිමෙන්ති රුපියල් තිහකින් ගණන් ගියාලු.ඒ කොහොම වෙතත් ලක්ශ පහක් වත් අඩුම වියදම් කරන්න සිද්ධවෙනවා කියන එක මේ සම්බන්ධ අත්දැකීම් ඇති පිරිස සමඟ කරපු කෙටි සාකච්ඡා වලදී තහවුරු කරගන්න පුළුවන් උනා.

අදාල ඉඩමට යන පාර මඩ ගොහොරුවක් වෙලා තිබුන නිසා පහුගිය දවස් ටිකේ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන එක ගැටළුවක් වෙලා තිබුනත් දැන් ඒ ප්‍රශ්නෙත් විසඳිලයි තියෙන්නෙ.

දැන් තියෙන්නෙ අපට වැඩ අරඹලා  ලස්සනට අවසන් කරන්න.



වදගත්ම දේ කියන්නෙ දැන්.



ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු කියන ලිපියෙන් ගස්ලබ්බ කිව්ව දෝණි කතා කරන්නෙ බොහොම අඩුවෙන් කියලා.ඇය බොහොම හෙමින් තමුන්ගෙ අඳුරු කුටියෙන් එලියට එන්න පටන් අරන්.වෙනදට වඩා වචන දෙක තුනක් කතා කරන්නත් ඒ අඩුව පිරිමහන්නදෝ ලස්සනට හිනා වෙන්නත් පටන් අරන්.
එයාට දැනෙනවා ඇති එයා තනි වෙලා නෑ කියලා...

අළුත් ගෙදරක අළුත් ජීවිතයක් අරඹන්න එයා ටික ටික සූදානම් වෙනවා.
ඒ ගෙදර කුස්සියක් තියේවි.
අලයි,ලුණුයි  වෙනුවට සුවඳ ගහන බතකුයි පරිප්පුවකුයි වත් හැදේවි.

එන්න... අපි ඒ වෙනුවෙන් අපේ සහයෝගය ලබා දෙමු.


මේ කාර්යයේ සියලුම අවස්ථාවලදී ඔබ සියලුදෙනාගේ අදහස් විමසා බලන්න ඉඩ කඩ වෙන් කලේ වඩා හොඳ අවසානයක් බලාපොරොත්තු වෙන නිසාමයි.ඒ නිසා ඔබගේ අදහස් ලබාදෙන්න.

භාග්‍යාට නිවසක් තනා දෙන්නම ආරම්භකරපු ගිණුමේ විස්තර පහතින් තියෙන්නෙ.මුදල් වැයකිරීම පිලිබඳ වගකීම ගස්ලබ්බා පුද්ගලිකවම භාරගන්නවා.
අපි එකතුවෙලා දුවට ගෙයක් හදල දෙමු.



gaslabba1@gmail.com

85 comments:

  1. මගේ උපරිම සහයෝගය.. මොණරාගල මියාගල වැඩෙන් ඉතුරුවුනු මුදලක් තියෙනවා. දායකත්වය දක්වපු අයගෙන් හා නෙලුම්යායෙන් අහලා ඒකත් මේකට යොදවන්න බලමු. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් කමියො.. කතා කරල බලන්නකො.පහුගිය මාසෙ හැමෝටම දැනෙන මාසයක් වෙන්න ඇති.නමුත් අපි හැමෝම එකතු උනොතින් මේ දේ කරගන්න පුළුවන්.
      ජයවේවා..!!

      Delete
    2. ඒක මේකට යොදවමු කමියා. මගේ විරුද්ධත්වයක් නැහැ. චන්දිම ගෙනුත් අහන්න. මේ දවස් වල ගෙවල් මාරුවක යෙදී ඉන්න නිසා අල්ල ගන්න අමාරුයි.

      Delete
  2. හැකි ඉක්මනින් මමත් යමක් බැර කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණ අයියෙ. අපි මේ වැඩේ කරමු.
      ජයවේවා..!!

      Delete
  3. කොහෙද මේ ගේ හදන්නේ?

    ReplyDelete
    Replies
    1. කුඹල් අංග හන්දියෙන් ඇතුලට හැරිලා ගිහිල්ලා... ගිහිල්ලා... ගිහිල්ලා... ගිහිල්ලා.... තියන පොඩි කට්ටි ඉඩම් කෑල්ලක්. වෙලාවක අපි යමු තැන බලන්න..
      ජයවේවා..!!

      Delete
    2. නිවාඩු දවසකට වගේ ඇවිල්ල ශ්‍රමදායකත්වය සපයන්ඩ පුලුවන්

      Delete
  4. හැකි ඉක්මනින් මුදලක් එවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපයියා... අත්වැල් බැඳගමු.හීනෙ හැබෑවක් කරමු.
      ජයවේවා..!!

      Delete
  5. ////ඇය බොහොම හෙමින් තමුන්ගෙ අඳුරු කුටියෙන් එලියට එන්න පටන් අරන්.වෙනදට වඩා වචන දෙක තුනක් කතා කරන්නත් ඒ අඩුව පිරිමහන්නදෝ ලස්සනට හිනා වෙන්නත් පටන් අරන්.
    එයාට දැනෙනවා ඇති එයා තනි වෙලා නෑ කියලා.../////

    එයාට ඒ විදිහටම දැනෙන්න වැඩකරමු...

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි.. එයා අපි දිහා හෙමින් සැරේ බලාගෙන ඉන්නෙ.. ඉස්සර පන්තියේ හිටියට වඩා දැන් අකුරු ලියන්නත් උනන්දුයි ලු.
      ජයවේවා..!!

      Delete
  6. Is this account saving or current. Kurunegala Super is Kurunegala or Kurunegala Metro. I am trying to transfer online. Just clarify. Then I can make a contribution. All the best

    ReplyDelete
    Replies
    1. This is a savings account.
      Branch name is KURUNEGALA SUPER.
      Thank you very much for your contribution.
      please drop an e-mail,then it will easy to keep contacts with you.
      gaslabba1@gmail.com
      Thank you again.
      Jayawewa..!!

      Delete
    2. ලබ්බා ස්විෆ්ට් කෝඩ් එක දාන්න ඕන නේද? රටින් පිට එවද්දි..

      Delete
    3. swift code- BSAMLKLX
      bank code 7278
      ඔන්න ඔහොමයි බැංකුවෙන් දුන්නෙ. දේශකතුමා කියන්න ඇත්තේ මේක මගෙ හිතේ..

      Delete
    4. Thank you. Please see my email.Ranjith

      Delete
  7. අපිත් එනවා .. මුහුණු පොතෙන් මුදල් බැර කල සැණින් කියන්නම්.. බොහෝවිට අද හවසට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කවිඳු.ගෙවල් හැදිල්ලෙන් තෙම්පරාදු වෙලා ඉන්න එකේ මේ වැඩේ ගුණ දොස් කාරිය කියන්න හොඳේ..
      ජයවේවා..!!

      Delete
  8. ඔබේ ව්‍යායාමයට ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේනක.
      ජයවේවා..!!

      Delete
  9. උත්සාහය මල්පල ගැනේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගුණසිංහ මහත්මයා.
      ජයවේවා..!!

      Delete
  10. අඩු වියදමින් ඉක්මනින් නිවාස තැනිය හැකි ක්‍රමයන් ගැනත් සොයා බලමු.
    මාත් මේ ව්‍යාපෘතියට උදව්කරන්නම්!

    ReplyDelete
    Replies
    1. ඔව්.. දරන වියදමින් උපරිම ප්‍රයෝජනයක් එන විදිහට කරන්න තමයි කල්පනාව.තවත් හොයල බලන්නම්.
      බොහොම සන්තෝසයි ඔබත් අත්වැල් බැඳගැනීම ගැන.
      ජයවේවා..!!

      Delete
  11. මං කිව්වේ මේක කරන්න ඕන උඹම තමා. ජය වේවා

    මං උඹට මැසේජ් එකක් එවන්නං. ශ්‍රම දායක්තවය ලබා දීම සදහා දිනයක් යොදාගමු..

    ReplyDelete
    Replies
    1. උඹ යන්නෙ කෝට්ට වන වන උපදෙස් දෙන්නද. හැක්..

      (ජස්ට් ෆෝ ජෝකිං හොඳේ)

      Delete
    2. එදාට කෝට්ට පැත්තකින් තියලා දෙනවා උදැල්ලක්.බස්තම දරන්නෙ ගස්ලබ්බ නෙව.හෙහ් හෙහ්..
      කට්ටියම එකතුවෙලා කොරමු....

      @ප්‍රසා. ජෝකීන් මාමට දැම්ම කතාකරේ ඇයි අප්පා.. උන්දැ කොරන්නෙ වහලවල් ගහන එකනෙ.
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  12. එළ......

    මම කාළෙකට කලින් දැක්කා ආන්ඩුවේ මොකක් හරි ආයතනයක් තියෙනවා ඒකල. එයාලා ගාව තියෙනවලු රෙඩිමේඩ් ගෙවල් මිළෙන් බොහෝම අඩු... පොඩ්ඩක් හොයලා බැලුවා නම්...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ රාජ්‍ය ඉන්ජිනේරු එකේ. ගස්ලබ්ස් දන්නව ඇති. ඉවාන් හා ලොකු පුතාගෙනුත් ඇහුවනම්

      Delete
    2. නර්ඩ් එකෙත් තියෙනවා අත්හදාබැලීම් මට්ටමේ නිශ්පාදන.කොහොම හරි ගාන අඩුවෙන් ඒත් ශක්තිමත්ව ගේ හදාගන්නයි ඕනෙ. වැඩිපුර තොරතුරක් හම්බුනොත් ජුණ්ඩක් කියන්න.මාත් හොයල බලන්නම් මේක.හරි ගියොත් ගොඩ.
      ජයවේවා..!!

      Delete
  13. මත් උදවුවක් කරන්නම්..
    හොද වැඩක්. ගොඩක් පින්....

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩක් කලාම අපි හැමෝටම පින්.
      ඔව්.. අපි කරමු.
      ජයවේවා..!!

      Delete
  14. හැකි උදව්වක් කරන්නං.
    වැඩේ සාර්ථක වේවා !

    ReplyDelete
    Replies
    1. ඕ යේ... කොංක්‍රීට් වැඩපොලෙනුත් ඇවිල්ලා..
      නියමයි ප්‍රසණ්ණ අයියෙ.අපි මේක කරමු
      ජයවේවා..!!

      Delete
  15. තිහකින් නෙමෙයි ඕං සිමෙන්තියක් හැටකින්ම ගිහිල්ල.

    ReplyDelete
    Replies
    1. යකඩත් එක්කගෙනමයි ගිහිල්ල තියෙන්නෙ... දියමන්ති වලට නම් අවුලක් නෑ ලු.
      ජයවේවා..!!

      Delete
  16. මමත් දායකත්වයක් දක්වන්නම්...

    ඉඩමේ සයිස් එක කොච්චරද...
    ප්ලෑන් එක හුරුබුහුටි උනාට මට පොඩි අවුලක් පේනවා, ඔය ගානටම වගේ කිට්ටුවෙන් කරන්න පුළුවන් කාමර දෙකේ ගෙයක් ගැන සළකලා බැලුවට කමක් නැහැ නේද...
    මම හිතන්නේ ගස් ගේ හාමිනේ සළකලා බලන්න ඇත්තේ කම්පැණි රේට්ස් විය යුතුයි, ඔය ගෙදරට හිතාගෙන ඉන්න ෆිනිෂස් ටික පොඩ්ඩක් කියන්න...
    මම බලන්නම් ඔය රේට් එක ඇතුලේ ඉඳගෙනම කාමර දෙකකට යන්න විදිහක් තියේද කියලා...

    තීන්ත ගනිද්දී මට ඩිස්කවුන්ට් එකක් දාල දෙන්න පුළුවන් (30~35% ක් වගේ), බලමු ඒක නිකං ගන්න පුළුවන්ද කියලත්...

    මම උඹට කෝල් එකක් දෙන්නම් කොයිකටත්...

    ReplyDelete
    Replies
    1. වර්ග අඩියකට රුපියල් 1500ක් වැයවෙයි කියන උපකල්පනයෙ ඉඳන් තමා ගණනය කිරීම් කලේ.අපට අදහසක් ගන්න වැඩේ ගැන. කවිඳුත් කියපු විදිහට අඩුම ලක්ශ පහක් යයි වගේ.ඉඩම ඇත්තටම බොහොම පොඩි ඉඩමක්.පිටිපස්සෙ සීමාව් ඇලක්.ඉඩමේ දිග පළල හරියටම මැනලා බලාගන්න තාම බැරි උනා.ඔප්පුවේ කටයුත්ත හොයල බලන්න යන ගමන් මම ඒ තොරතුරුත් එකතු කරගෙන වහ වහා උණු උණුවේ දන්නල එවන්නම්.බ්ලොග් එක කියවපු එක ගෑණු ළමයෙකුත් කතා කරලා කිව්වා කාමර දෙකක වැදගත්කමක් ගැන.ඒ කතාව ඇත්ත.කෙහෙල් ගහක් වත් වවාගන්න ඉඩමත් ටිකක් ඉතුරු කරලා වැසිකිලියකුත් හදන්න තමයි කල්පනාව.
      ෆිනිශස් ගැන විශේෂ දෙයක් හිතුවෙ නම් නෑ.
      ෆෞන්ඩේශන් එක නම් පොඩ්ඩක් විතර උස්සලා දාන්න හිතුවා එතන පොළොව හැම වෙලේම තෙත බරිත නිසා.
      ලොකුපුතාලත් වැඩේට බහින එකේ හිතේ බරක් නැතුව වැඩ කරන්න පුළුවන්.හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  17. kurunegala branch 2k tiyanawa
    1. kurunegala
    2. kurunegala metro
    me 2n mokakda?

    ReplyDelete
    Replies
    1. I was also asking the same. Cannot see Kurunegala super..

      Delete
    2. my passbook says it is Kurunegala Super. But when i ask from bank they said it is just 'KURUNEGALA'.
      so it is
      KURUNEGALA
      sorry for the inconvenience.
      :)

      Delete
  18. ජයවේවා...අපිත් එකතුවෙනවා හැකිඅයුරින්..

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි.. ඔබත් අත්වැල් බැඳගැනීම සම්බන්ධයෙන්.
      ජයවේවා..!!

      Delete
  19. Denageneemata yamak thibe topic eke neville fernando yanuwen sadahan wenne ei me wenuwen udaw kireematath kemathi yi

    ReplyDelete
    Replies
    1. ඔබ ඒක අහපු එක මට සතුටක්.නෙවිල් ෆර්නෑණ්ඩු නම මේ ලිපියට සම්බන්ධ කරගත්තේ සංකේතාත්මකව.රුපියල් ලක්ශ 120ක මුදලක් දෙවරක් නොසිතා අධ්‍යාපනය වෙනුවෙන් වැයකරන ලාංකිකයන් 1000කට අධික ප්‍රමාණයක් එතැන ශිල්ප අපේක්ශාවෙන්(?) සිටිනවා.ඒ එක කොනක්. මේ අපි දකින්නේ තව කොනක්. ජයලාල් රෝහණ කියන්නෙ අපේ කතා නායිකා භාග්‍යා වගේම දුශ්කරතා අත්විඳි නමුත් අද වන විට ඉතාමත් ගෞරවනීය පුරවැසියෙකු වශයෙන් රටට සේවය කරන්නෙක්.
      ඉතින් කෙනෙකුට එක්වරම හිතාගන්න අමාරුයි ලක්ශ 120 කතාවයි මේ කතාවයි දෙකම.
      නමුත් අපි ඔක්කොම එකම වාතය බෙදාගනිමින් මේ මොහොතේත් මේ ලංකාවෙ හුස්ම ගනිමින් ඉන්නවා. කිසිදු අපහාසයක් හෝ උපහාසයක් අදාල නම් තුනම භාවිතා කිරීමේදී අදහස් කලේ නැහැ. ලිපියේ අරමුණ හුදු මනුශ්‍යත්වය පමණමයි.
      අපි එකතු වෙලා ඒ වෙනුවෙන් යමක් කරමු.
      ජයවේවා..!!

      Delete
  20. මහත්මයා,

    හැකි අයුරින් ආධාරයක් කරන්නම්
    මාගේ email යට පිළිතුරක් එවන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    අසේල කුලතුංග

    ReplyDelete
    Replies
    1. ඔබගේ සහයෝගයට බොහොමත්ම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  21. Hi Im trying to transfer online via commercial bank online banking. Its not showing "Kurunagala super" .

    ReplyDelete
    Replies
    1. Hi gaba,
      when it is online banking,branch name is just 'KURUNEGALA'.
      sorry for the inconvenience.
      :)

      Delete
  22. සුළු උදව්වක් එකතු කළා 06/03/2016 . ඉදිරියේදී වැඩ කරගෙන යනකොට නැවත සම්බන්ධ වෙමු . මුහුණු පොතෙන් කුවිතාන්සිය එව්වා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කවිඳු.. ඔව් ඔව්.. අපි එකතු වලා කරමු.
      ජයවේවා..!!

      Delete
  23. Oba neville fernando nama dapu hethuwa mata piliganna be oba godak loku deyak siyalu dena hawul kara gena karanawa ekata mama hisa nama achara karanawa. Meka daruwekge igeneema gena witharak nemeine minisunge duppathkama nugathkama siyallama ekathuwak. Keheliya rambukwella ape badu mudalin australiyawe bill gewanakota nadu karayo .hamuduruwaru laksha30 40gewa ali araganna rataka deshaplakaya kotiganan walin pissu natana kota loku kotipathiya lamai pitarata yawala koti ganan rata yawana kota nevill fer lankawedi mudal thiyena ayata uganwana eka weradi ne neda ohu eka nokala nam oya 1000 lamayinuth rata yanawane

    ReplyDelete
    Replies
    1. නෙවිල් ෆර්නෑන්ඩු කඩේ ගැන ඔබේත් මගේත් අදහස් වෙනස් බව හැඟෙනවා.මෙතන ස්ලිට්,ඇපිට්,එන්.එස්.බී.එම් සඳහන් නොවී නෙවිල් ෆර්නෑණ්ඩු ම දාන්න හේතුවක් තියෙන බව සඳහන් කරන්න කැමතියි.මේ ආයතනයේ ගුණාත්මකබවේ ඇති ගැටළු රහසක් නොවෙයි.ඒ ගැටළු නොතකා මුදල් ආයෝජනය කිරීම වෙනස්ම දෙයක්.ඒ වෙනස් දෙය මාගේ මාතෘකාවට අදාල එක් ඉමක් නියෝජනය කරනවා.
      රටේ දූශනය , නාස්තිය ගැනම කතකරමින් ඉන්නවාට වඩා දශමයක දෙයක් හෝ ක්‍රියාවෙන් කිරීම වටිනා බව මම හිතනවා.ඒ නිසා මේ ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවෙනවා.

      Delete
  24. Hope, I could also make my comments on this. We all have to see from different angle.
    Why only medical colleges cannot go private
    What about the quality of foreign universities awarding medical degrees. There are some with much much lower standards. Thing is we accept anything come from outside.
    If SAITM standards are low why not try to get together and bring to required standards.. What ever the thing Sri Lankan teachers are much better. I can see only destructive criticisms. We Sri Lankan never go in a constructive way.
    Please see the below comment from a specialist doctor who was also formerly active medical union fellow. That will give you a good idea
    |
    According to SLMC there are 7500 students are studying medicine in foreign medical colleges at present . Most colleges are from China and Bangladesh. Some study in medical colleges in Caribbean islands where population is less than 100000.
    So I am not sure whether SLMC has a proper mechanism to scrutinise the standards of medical education in all these colleges.
    So I can't understand why so called champions of free medical education are not protesting against these foreign degrees.

    I strongly believe if foreign medical degrees are allowed , why we can't have our own private medical colleges in Sri Lanka . Definitely they have to maintain at least minimum standards.

    Though I don't have any kind of relationship or commitment with SATIM, I got an opportunity to see these students standards as a final year examiner(external) . With me Prof. Sujeewa Amarasena, Dr. R. Ajanthan, Dr. H. D. Wickramasinghe and few others were in the panels as external examiners.
    Surprisingly more than 95% of the students performed very well in the final exam. Their knowledge and clinical skills are on par with government graduates. I had been an external examiner at the Karapitiya medical faculty few times and worked with interns from almost all medical faculties in Sri Lanka.
    I merely can't understand why people are protesting against SATIM.


    ReplyDelete
    Replies
    1. Thank you very much for your comment.
      we have lot of facts to discuss. I will post new blog post according to this topic as soon as possible.i hope we can make good discussion.
      Thank you again.

      Delete
  25. Sadharana vivurtha manasakin me gena katha kala Mr Ranjith oba gena mata sathutui mage adahasath obata samanai ape raten pitarata yana salli mehima redeema vagema me ape lankawe daruwo podi wayasin rata gihin samaru bank loan aran depala vikunala samahara daruvo vinasha kara gannawa jeevithaya meyath pululwa sitha beliya yuthu karunak ma hithanawa bhagyage wedasatahain meya thawa dura geniyanna mama kemathi ne puluwan wunoth me gena api we blog ekakin kathakaramu Mr.Ranjith wenas widiyata sithu obata sthuthiy

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ.කතා කරන්න බොහෝ දේ තිබෙන බව හැඟෙනවා.ඉතා ඉක්මනින්ම මේ සම්බන්ධයෙන් ලිපියක් පලකරන්නම්.ඔබත් එන්න.අපි අදහස් බෙදාගනිමු.

      Delete
    2. හොඳයි ...බොහොම ස්තුතියි , ඇනෝ , ගස්ලබ්ස් ....අපි ටිකක් විවුර්ථව මේ ගැන කතා කරමු. රංජිත්

      Delete
  26. හරි මචෝ වැඩේ පටන්ගෙන නෙ. මටත් පුලුවන් උපරිම සහයෝගෙ දෙනවා. අපි කොහොමහරි පුන්චි දුවගෙ අනාගතේ ලස්සන කරන්න උත්සාහ කරමු.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං.. පටන් ගත්තා.අපි හැමෝම එකතු උනාම මේක අමාරු වෙන එකක් නෑ..
      ජයවේවා..!!

      Delete
  27. ඔය දරුවෝ මොන පන්ති වලද ඉන්නේ .

    ReplyDelete
    Replies
    1. දුව දෙක වසරෙ. පුත නවය වසරේ.පුතා දැන් ඉන්නෙ ඔහුගේ පාසලට සමීප ඤාති ගෙදරක නතර වෙලා. පොඩිම දරුවා වයස අවුරුදු තුනයි.

      Delete
  28. මේ කාරණය අරභයා ඔබ දක්වන සැලකිල්ල ඉතාම වටිනවා එයට මගේ ස්තූතියි. මටත් හැකියාව ඇති අයුරින් ආධාරයක් කරන්නම්..පුංචි දෝණිගෙ වියැකී ගිය සිනහවට ජීවය දෙන එක ලොකු පිනක්.

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා... මේ වැඩේ අපි එකතු වෙලා කරමු.අපි හැමෝම එකට හිනා වෙමු..
      ජයවේවා..!!

      Delete
  29. අපිත් පොඩි උදව්වක් කලා. තොරතුරු ඊයකින් ඒවා ඇති

    ReplyDelete
    Replies
    1. ඊය ලැබුනා නිරෝශන්.. පිළිතුර එවන්න බලාගෙන ඉන්නවා.බොහොම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  30. දැන් මුදල් තත්වය කෙසේද? කරුණාකර දන්වන්න.

    rasikologist@gmail.com

    Thanks.

    ReplyDelete
  31. මොකද මොකවත් නොලියා කල්මරන්නේ

    ReplyDelete
  32. How is everything going on.....? I mean the construction of house....Just to know

    ReplyDelete