(ඡායාරූප අන්තර්ජාලයෙනි.)
කශ්ටියට මතකද සන්ෆ්ලවර්ස් සමඟ 'අහවලා' කියලා කැසට් පීස් රැල්ලක් ආවා..? ඩිශ් ටං ටං සංගීතයේ ජනප්‍රියම කාලෙ.කපුගේ ගෙ පීස් එකෙන් තමා වැඩේ නැගලම ආවෙ.ඊට පස්සෙ එච්චර දුර යන්න බය කස්ටිය ගැහුවා 'නව රිද්ම' කියලා පීස් සෙට් එකක්.මේවත් අච්චර ඩිශ් ටං ටං නැති උනාට නොසෑහෙන්න බීල සිහි නැති උනොත් මිසක් අහන්න බෑ.. මේ ඔක්කොගෙම පොදු සීන් එකක් තිබ්බා
ඒ තමා 'රැප්'..
හප්පේ ඉතිං සුභාවිත ගීතය අගයන අහිංසක රසිකයින් කෑ මොර දුන්නෙ මුං සිංදු රැප් කොරනවා නෙමෙයි රේප් කොරනවා කියලා..
ඊට පස්සෙ භාතිය සංතුශ් ඩබල 'සිරි සංඝබෝධි මාලිගාවෙදී' කියන 'ට්‍රැක්' එක (එව්වා සිංදු නෙමෙයිලු.) අවුට් කරා. බැනුම් ඇහුවා.. කොහොමද කියන්නෙ..අන්න බැනුම්. හැබැයි උන් ඒව අහගෙන ටිකෙන් ටික වෙනස් ආරකට ඇවිත් 'රන් කුරහන් මල' එහෙම කියලා දැන් එක විදිහකට ඉන්නවා..
ඔය කාලෙම තමයි රනිඳුගෙ එල්ලිලා ඉරාජ් මාමා එන්නෙ.රංග ඩී. එක්ක එහෙම. ඔය කට්ටියම පොඩ්ඩක් අවධානෙට ලක් වෙන්නෙ 'රැප්' කියල සීන් එකක් සිංදු අස්සෙ දාන නිසා..
අපේ පරණ දේශීය සංගීත කරුවො කියන විදිහට නම් මේ රැප් එක අපට අළුත් දෙයක් අරුමයක් නෙමෙයි ලු.උදාහරණත් ඕසෙට.
හෑලි.. යාදිනි.. තව එක එක ඒවා.
ඔය දේවාල අස්සෙන් එහෙම ඇහෙනවා නියම හෙල රැප් කෑලි.
ඔය අස්සෙම තමයි එක පාරටම 'සෙල්ෆි රැප්' කියල සීන් එකක් එන්ටර් වෙන්නෙ.දැං හැමෝගෙම අතේ ස්මාට් ෆෝන් කෑලි එහෙම තියෙන එකේ සෙල්ෆි රැප් වැඩේ නැගලම ගියා.. ෆිල් ටී කියන හාදයා තමයි මේක ලංකාවෙ නග්ගලා ගත්තයි කියලා කියන්නෙ.
ආ.. කියන්න බැරි උනා.. මේක මේ ලංකාවෙ සංගීතය ගැන ගවේශණාත්මක විවරණයක් හරි ශාස්ත්‍රීය ලියමනක් හෙම නෙමෙයි.. බුකියෙන් අහපු හෙල රැපක් (?) නිසා ඇවිස්සිච්ච හිතුවිලි ටිකක් ලියල දැමිල්ලක් විතරයි... තරහා අවසර.
රැප් එහෙම නැත්තම් (RAP) රිදම් ඇන්ඩ් පොයට්රි කියන සංගීත ශයිලිය ගොඩ දෙනෙකුට සෙට් වෙන්නෙ නෑ.ඇත්තටම ඕක හෙන අමුතුයි.අප්‍රිකානු වහල්ලු තමුන්ගෙ දුක වේදනාව පිට කරන්න හොයාගත්තු විදිහක් ලුනෙ මේක.එයාල කොහොමත් නැව ගිලුනත් බෑන් චූන්.. තව ගිලුනත් ඒත් චූන් සැට් එකක් නෙ.හැබැයි කළු ජාතිකයන්ගෙ රැප් ඒකාධිකාරය බිඳහෙලනවා එමිනම්.මනුස්සයත් අමුතු අමුතු කතා ටිකක් කියන්න ඒ සංගීත ශයිලිය යොදා ගන්නවා.
ලංකාවෙ ඉංගිරිස් රැප් එච්චර නැගලා ගියේ නෑ.ඔය කිල බී වගේ උන්දලා බාසා දෙකම දාගෙන කරපු වැඩ නම් ටිකක් හිට් උනා.
ආ.. ආයේ අර සංගීත් (වායෝ.) කරපු මනමේ කිං රැප් පාට් එක නම් නැගලා ගියා.
හැබැයි මේ ඔක්කොගෙම මොකක් හරි තේරුමක් තිබ්බා..
ගස්ලබ්බට මේක ලියන්න හිතුනෙ ඔය එකක් වත් නෙමෙයි.. මේ කොල්ලයි බල්ලයි ඔක්කොම පට්ට කුණුහරප රැප් කිය කිය වීඩියෝ කරලා බුකියෙ අප්ලෝඩ් කිරිල්ලයි හේතු උනේ.මොකද මේ රැප් කියන්නෙ යමක් කියන්න පුළුවං හොඳ සංගීත ශයිලියක් කියලා ගස්ලබ්බ හිතන නිසා සහ මේ වෙන විකාර දිහා බලනකොට ජුගුප්සාජනක හැඟීමක් ඇතිවෙන නිසා.
තොප්පි කෑල්ලක් දාගෙන ලේන්සු කෑල්ලක් අතේ ඔතාගෙන ගංජා ටිකක් උර උර පාතාලෙයක් ගැනයි කුණුහරපයි තමුන් ගැන මහා ලොන්ත පෝල් කයිවාරුවකුයි ගහන එක තමා මුන්ට හෙන කලාව වෙලා තියෙන්නෙ.
ඇත්තටම ලංකාවෙ හරි හමං පාතාලෙකුත් නෑ නෙ.. එහෙං මෙහෙං මිනීමරුවො,කුඩ්ඩො,මන්ත්‍රීල ටිකක් රංචු ගැහිලා උන්නට.
ඒක වෙනම කතාවක්.
මේ රැප් වල කුණුහරප කීම තමා හෙණ රැඩිකල් වැඩේ දැං.
කොච්චර නැගල ගියාද කියනවා නං 'පැරා' තමුංගෙ බ්ලොග් ලිපියක් පවා වෙන්කරා කුණුහරප රැප් වෙනුවෙන්.
ඒක නිදහස් අදහස් ප්‍රකාශන විදිහක් කියලා පැරාත් හිතන්න ඇති.
ඔව්.. රැප් නිදහස් තමයි.ඒක 'ගරු සරු නැති අවකාශයක්'.
හෝව්..... ඒක මගෙ වචනයක් නෙමෙයි.
සිව්මංසල කොලු ගැටයා නාලක ගෙ අදහසක්.ඒත් එයා ඒ අදහස් කලේ බ්ලොග් ගැන.
බ්ලොග් වගේම ගරු සරු සීමා නැති අවකාශයක් විදිහට සංගීත ක්ශේත්රේ නැගලා යන ආට් එකක් තමා සෙල්ෆි රැප්.
හොඳම උදාහරණෙ පොලිසිය ගැන 'මනඃකල්පිත' කියන සිංහල රැප් ගොයියා ගහපු රැප.ගිණි විසිවෙන්න සැරයි.ඒත් තේරුමක් තියෙනවා.
වහලවල් උඩ,බෝක්කු යට,අම්මලාට ඇහෙන්නැතුව කාමර වල දොරවල් වහගෙන 'හෙල රැප්' කියලා කුණුහරප දෙකක් විදින පොර ටෝක් දෙන ඇච්චො තේරුම් නොගන්න ලොකුම දේ මේක වැඩක් ඇති කලාවක් කියන එක.පට්ට තාක්ශනයක් තියෙන සංගීත ශයිලියක් කියන එක.
උංට ලොකු නිගා නිගා කියල කෑ ගහලා ජොයින්ට් එකක් එහෙන් මෙහෙන් අල්ලලා පාතාලෙ පාතාලෙ කියල හූ තියන එක උනාට... කවුරු හරි මේකත් කලාවක් විදිහට උස්සලා ගනියි කියල ගස්ලබ්බ බලාගෙන ඉන්නවා.
මොකද විකල්ප හැඟීම් ප්‍රකාශන මාධ්‍ය තරුණයන්ට අත්‍යවශ්‍ය වෙලා තියෙන නිසා.
යමක් කමක් තේරෙන්න තේරෙන්න..
පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න..
ඒක පිටවිය යුතු නිසා..
රැල්ලට යන උන් පිස්සු නැටුවට අදහස් සමාජ ගත කරන්න සුදුසු මාධ්‍යක් නිසා..
ඇත්තටම කියන්න ඕනෙ අහන්න පුළුවං මට්ටමේ සිංහල රැප් ටිකෙන් ටික ජාලගත වෙන්න පටං අරන් තියෙන්නෙ.කල්පනා කරලා වැඩ කරන උං ටිකක් ඉන්න හින්දා බලමු තව ටික කාලෙකින් ලංකාවෙත් අමුතු අමුතු දේවල් ඇහෙයි.
විශේෂ දැනුම් දීමයි : පාසල් නිවාඩු කාලය ඇරඹී ඇත.පාතාල ගැන්ස්ටර් රැප් කරුවන් බුරුතු පිටින් එලිබැස ඇති බැවින් අන්තර්ජාලය ප්‍රවේසමෙන් පරිහරණය කරන්න.
(හොඳම ආතල් එක කියන්නෙ පැත්තකට වෙලා මේ 'හෙල රැප් සීන් එක' (!) දිහා බලං ඉන්නකොට තව ටික දවසකින් මෙයාල ඡන්දෙ දෙනවනේ නේද කියල හිතෙන එක..)
අපි සැපේ ඉන්නෙ බ්‍රෝ.. සාමය...!! ජාති ජාති.
මමනන් හිතන්නෙ ලබ්ස් ඒක ඔවුන්ගෙ විදීම හා සංගීත රසය...හැබැයි බහුතර සමාජයේ වැඩි පිරිසකට ඔය රසය නෑ...ඔබත් මාත් ඇතුලුව....ඉතින් සමාජයක් ජීවත් වීමේදී බහුතරය ප්‍රබල වන බැවින් ඔවුන් සිය කලාව ශිශ්ට සම්පන්න කර නොගත හොත් කලාවෙන් ඉවත් වෙන්ඩ සිදු වෙනව...
ReplyDeleteඔව්.ඒත් රැප් සඳහා කුණුහරප යොදාගන්නවාට විරුද්ධ වීමක් ගස්ලබ්බාගේ නෑ.ඒක නිර්මාණශීලී සහ තේරුමක් ඇතිව විය යුතුයි.අන්න ඒකයි.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
//වෙන්නෙ 'රැප්' කියල සීන් එකක් සිංදු අස්සෙ දාන නිසා..// නෑ බං ඒකෙ අනිත් පැත්ත. ඉරාජ් කරන්නෙ සින්දු කියල ජාතියක් රැප් අස්සෙ දාන එක. හා මං කියනවට හොඳට අහල බලහංකො.
ReplyDeleteහුට්ට පටස්... ඇත්ත නේන්නංහෙහ් හෙහ්
Deleteජයවේවා..!!
සහතික ඇත්ත කසුන්. වැඩේ කියන්නෙ අතරමැද්දෙන් එල්ලන සින්දු කෑල්ලට සුන්දර හඬක් තියන, තමන්ටම අනන්‍යතාවක් හදාගන්න පුලුවන්කම තියෙන ගායකයො හේත්තු වෙන එකනෙ. අපරාදෙ අන්තිමේ හඬ. අපි වුණත් ගීත කොටස අහන්න සූදානම්, නමුත් තේරුමක් නැති වචන ගොඩකින් ඒක විකෘති කරල.
Deleteසහතික ඇත්ත කසුන්. වැඩේ කියන්නෙ අතරමැද්දෙන් එල්ලන සින්දු කෑල්ලට සුන්දර හඬක් තියන, තමන්ටම අනන්‍යතාවක් හදාගන්න පුලුවන්කම තියෙන ගායකයො හේත්තු වෙන එකනෙ. අපරාදෙ අන්තිමේ හඬ. අපි වුණත් ගීත කොටස අහන්න සූදානම්, නමුත් තේරුමක් නැති වචන ගොඩකින් ඒක විකෘති කරල.
Deleteමුල් කාලෙ එහෙම හැකියාවක් තියෙන අය හිටියා.රොමේෂ් වගේ.එයාල හැලුනා.පස්සෙ පස්සෙ උණ කාරයෝ හේත්තු වෙනවා.. හැලෙනවා.. ඔහොමනෙ යන්නෙ.
Deleteරුධිර පැහැ ස්වප්න..කසුනත් එක්ක කයිය දාලා ශේප් එකේ යන්න නේ හැදුවෙ.. හෙහ් හෙහ්.. වෙල්කම් කිව්වා. ආයෙ එන්න..
ජයවේවා..!!
හොඳ සහ කාලීන ලිපියක්
ReplyDeleteඉස්කෝතුයි..
Deleteතද තද බ්‍රෝ...හෙහ් හෙහ්
ජයවේවා..!!
හොඳ ලිපියක් තමයි....
ReplyDeleteබුකියට දැන් ගොඩක් අය සිංදු අප්ලෝඩ් කරනවා... ඒකෙන් වෙලා තියෙන්නේ බඳුරකට පයින් ගැහුවම ගායක ගායිකාවෝ විසි වෙන එක....
ඒක හරි.. හැබැයි එහෙම ගොඩ දෙනෙක් අප්ලෝඩ් කරන එකත් හොඳයි නේද? එතකොට වටින නිර්මාණ කොහොමද? ඒවා කරන්න කොච්චර අමාරුද කියන එක රසිකයින්ටත් වැටහෙනවා.ඒ වගේම මොකක් හරි ඕඩියෝ එකක් අවුට් කරපු පමණින් ගායකයෙක් වෙන්න බෑ කියන එකත් තේරුම් ගන්නවානෙ.ඒකම ලොකු දෙයක්. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
ඒකත් ඇත්ත.... හික් හික්
Deleteජයවේවා
ජාති ජාති අහසේ දෙයියෝ නා
ReplyDeleteනැති වෙන්න බෑ බං. එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇති :D
Deleteඌ කියන්න හදල තියෙන්නෙ අහසෙ දෙයියො නානව කියල පත්තරයො.
Deleteවෙන්ටැ :D ඔය කාලෙට මූ ඔහොම තමා.. පෝය පහු උණාම හරියයි .හැක්
Deleteහූඌඌඌඌඌ....
Deleteයෝ නිගා ලව්පූෂ්..
Deleteජාති බ්‍රෝ.. ජාති..
@පත්තරේ..
හැබැයි පොළොවෙ රියල් කැ* යො නෑ...
@ප්‍රසා..
රස්නෙටද බ්‍රෝ...?
@විදානේ
නෑ නෑ.. කොහූ... කොහූ....
හෙහ් හෙහ්
ජයවේවා..!!
පොඩි උන් හිතං ඉන්නෙ අර ලොකු කැප් එක දාගෙන ලොකු T ෂර් ට් එකක් ඇඳල කුණුහරුප 2 , 3ක් කිව්වම රැප් කියලා... හැදෙන්න ටික කාලයක් යයි.. එතකං අපිත්
ReplyDeleteයෝ යෝ! නිගා නිගා!
අන්න ඒකයි.. එතකන් අපි
Deleteකොල්ලෝ....... වේස කල්ලිය..
සවනි මගේ මං සවනිගෙ
සවනි මගේ මං සවනිගෙ
හෙහ් හෙහ්
ජයවේවා..!!
ඔය කොහෙන් හරි පොටක් අල්ලගත්තම ඒක රැල්ලට යවන එක අපේ උංගෙ පුරුද්දක්නෙ. ඒක තමයි කුණුහරුප කේස් එකේ ඔය දැන් වෙන්නෙ. දැන් තියෙන තාක්ෂනය බාවිතා කරල හරවත් දෙයක් කරන්න ඕනතරං පහසුකම් තියෙද්දි ඒක වඳුරට දැලිපිහිය අහුඋනා වගේ පාවිච්චි කරන්නෙ. අපරාදෙ මාක් මල්ලි සර්වර් වලට වියදං කරන සල්ලි.
ReplyDeleteඔන්න ඕක මෙවුන් තේරුම් ගන්නෙ නැති එක නෙ අවුල..
Deleteමුනුත් කපාගෙන අපිවත් කපන එකයි අවුල..
හෙහ් හෙහ්
ජයවේවා..!!
හෙහ්, කියල වැඩක් නෑ ගස්.....මුං මේ සින්දු කියල අමුවට කුණුහරප කියනව ඇහෙනකොට බඩ දඟලනව.
ReplyDeleteමම දැක්ක අර අජිත් පැරකුම් කුණුහරප සිංදුවක් උඩ දාල ලියල තිබ්බ පෝස්ට් එකට නියම කමෙන්ට් එකක් දාල තිබ්බ කවුරු හෝ රැප් කියන්නෙ මෙව්වට නම් හවසට දෙකක් දාගෙන සරමත් අතිං අරගෙන දෙවට දිගේ වැනි වැනි කුණුහරප වපුරමින් යන යන අපේ කළු මාමා තමයි මම දන්න හොඳම රැප් ගායකය කියල..:)
මේ කළු මාමගෙ කතාව දැක්කම මට මතක් උනේ අපේ පැත්තෙ ඉන්න 1940 ගනන් වල විතර ඉදන් ඉන්න චීන පවුලක සීය කෙනෙක් අල්ලපු කඩේ ව්කාට බනිනව මාත් පොරගෙ බාසාව පැහැදිලි මදි හින්ද කන පොඩ්ඩක් ටියුන් කරන් අහගෙන හිටිය. අප්පා චීන හඩකින් කිවුව අපේ දේශීය කුණුහබ්බ .....හරි ජාති රැප් එක.
Deleteරවි අයියෙ ඔය මසුරං කතාව කිව්වෙ අපේ සිංදු ඇනෝ ..
Deleteසින්දු ඇනෝ January 2, 2016 at 5:40 PM
අපේ ගෙවල් ගාවත් ඉන්නවා මේ වාගේ එකෙක් හැමදාම හාවසට දෙකක් දාගෙන එනකොට රැප් කරනවා..බලාගෙන යනකොට අපේ ගමේ එවුන් ඌට සලකනවා මදි කියලයි මට හිතෙන්නේ මේ සින්දුව ඇහුවාම ..අනිවාර්යයෙන් ඒවාත් පට්ට ගීත වෙන්න ඕනෑ ..ගමේ එවුන් බැනලා තියෙන්නේ බොරුවටනේ කුණුහරුප කියනවා කියලා ..මේ සින්දුව පෙන්නලා බලන්න ඕනෑ ..
ස්තූතියි පත්තර මල්ලි...:)
Deleteහරි හරි එතකොට සිංදු බිංදු තමයි ඒ කමෙන්ට් එක දැම්මෙ නේද? හෙහ්..හෙහ්..මට මතක තිබ්බ විදිහට මම ලිව්වෙ...
@රවී
Deleteසිරාවටම අයියෙ.. සමහර වෙලාවට ගෑණු වලි වල බැනගන්නවා සුපිරි රැප් (?) වලින්.. කට්ටිය කොහොමත් මුලින් අල්ලගන්නෙම වැරදි කොනෙන් නෙ.මේක වියරුවක් වෙලා දැන්..
@කම්මලේ
චීන්නු සිංහල කුණුහරප කියනකොට නම් සිංහලෙන්ම කියනවා නම් පට්ට 'කියුට්'.ජාති බ්‍රෝ.. ජාති..
@පාද්රේ..
ආ... මේ තියෙන්නෙ භාණ්ඩෙ.අඩේ බොලා පරණවිතාන වගේ..ඉතිහාසෙම අත උඩ.තද තද නිගා...සින්දුවාගෙ අදහස නම් හරියටම හරි.රෙස්පෙක්ට් බ්‍රෝ..
@රවි
ඔය මතක හරිය මදෑ.. අසෝකව,ඩීඩී බෝතල්,සයිට් විස්තර එහෙම අමතක උනොත් .....!! මැද ඇඟිල්ල තමා නිගා
හෙහ් හෙහ්..
ජයවේවා..!!
ආමරුවෙං හරි අහලා මාත් "රැඩිකල්" උනා ඕං ……
ReplyDeleteසාදු කියපියව් !!! එකෙන්ම
සාදු නිගා සාදු නිගා...
Deleteකමෝන් ගයීස් :D
Deleteරැඩිකල් ඔස්තාද්ලට එච්චරම මේක ක්ලික් උනේ නැද්ද මංදා. අනික මේක කොල්ලො කුරුට්ටො අතරෙත් තියෙන සීන් එකක් නෙ.ඔක්කොම හරි.. කොහොමද මුං දෙන පොර ටෝක් ටික..??
Delete@ප්‍රසා..
බලාගෙන..අයියණ්ඩි.. සිත ශූන්‍ය වෙලා රහත්වෙයි.අහවලා වගේ...
ඩ්‍රොප් ද බීට් නිගා
ජයවේවා..!!
සංගීත කර්මාන්තයෙන් බඩවියත රැකගන්නා අය මොකක් හරි බොම්බයි මොටයි පපඩම් වැඩක් කරලා ගානක් හොයාගන්නවා. හැබැයි ඒවා නිර්මාණ නෙවෙයි වැඩ. කනකොට රහයි. ටික දවසකින් ඒ රස අප්පිරියා වෙනවා. රසවින්ද අයට ලැබුන දෙයක් නැහැ. කර්මාන්තකාරයා පොකට්ටුවට සල්ලි දාගන්නවා.
ReplyDeleteඅන්න හරි.. කර්මාන්ත කාරයො..බිස්නස් කාරයො. උං කියන විදිහට නම් ඉන්ඩස්ට්‍රි එකේ සවයිව් වෙන්න නිතර ට්‍රැක් අවුට් කරලා ෆෑන් බේස් එක එක්ස්ටෙන්ඩ් කරන්න ඕන ලු.මොන කුණුහරපයක්ද ඒක?? හන්දියෙ කොත්තු කඩේ ආප්ප බානවා වගේ උන් දන්නෙත් නෑ මොකද්ද කලේ කියලා.. අන්තිමේ සැට් එකේම සිල් බිඳිලා..
Deleteජයවේවා..!!
ස්‍රි ලන්කා සන්ගීත සෙස්ත්රේ නමක් තියන් ඉන්නා සුරෙශ් මාලියද්ද ස ර ස තුමා ගේ මල්ලී ගේ බොක්කා....
ReplyDeleteඑතුමා පොඩි කාලේ යාලුඔවෙ එක්ක එකතු වෙලා පොඩි බජවු කන්ඩායමක් හැදුවා.. නම ECHO......
අපි කීවේ පොඩි එකෝ ලොකු එකෝ කියලා...
කස්ටිය අත අරින්නේ නැතිව පලමු බජවුව සාලාවක පැවැත්තුවා.... ඒ සන්දර්සනේ නම තමා "සිද්දිය"!!
අන්න බලන්ට... දැං සුරේශ් මාලියද්ද කොච්චර තැනක ඉන්නවාද?සුපිරි ඩෑල් නෙ. වැඩේ තියෙන්නෙ මේ දඟලන උන් ගොඩ දෙනෙක් කැපිල පේන්න දඟලනවා මිසක් මේක ෆීල් වෙලා නෑ.. වැඩේ අල්ලගත්ත එවුන් නම් මක්ක හරි කරන බවක් පේනවා... බලන් ඉමු නේ.. වැඩේ අහකටම යනවනම් ගලවමු සැට් එකේම දත්.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
උඹට එකෙක් අමතක උනා ‘‘චින්තිව ‘‘ , ඔය අපේ තියනවනේ රැප් ජාතියක් ටීකා සීපද කියල , නන්දා මාලනිත් ඒවා එකක් කියල තියනවා
ReplyDeleteගුනසාර
සිරිසාර
මොන මල ඉලව් සාරයක්ද
මම දන්නැ කියල
ටීකා.. ටිප්පනි... අන්න හරි.ඒවත් රැප් ම තමා.අපට ආගන්තුක නෑ මේ ශයිලිය.
Deleteචින්ති ගොඩක්ම රෙගේ ටයිප් නේද අයියෙ.ජය ශ්‍රී ලත් එහෙම නෙ.උන් නම් වචන ගැන ටිකක් හිතනවා.චින්තිගෙ වචන කෙසේ වෙතත් අනික් හරිය නම් සෑහෙන්න හොඳයි.
අටං අයියා ඉතින් හෙල රැප් සීන් එක ආපු කාලෙ ඉඳන්ම එකෙන්ම ටච් එකේ ඉන්නවා.. කොල්ලෝ...........රෙගේ රැප්ස් සෙට් වෙලා.. ඕ යේ... ජාති.
ජයවේවා..!!
කාලින මාතෘකාවක් අපේ අය අළුතින් එන ඕනෑ දෙයක් භාර ගන්නවනේ ඩොන් ගාලා. කිරිබොන වයසේ පොඩි එවුන් ..කෙල්ලේ ..කෙල්ලේ කියලා රැප් එකක් බුකියේ දැක්කා .. හිරිකිතයි බලන්න...ජයවේවා!!!
ReplyDeleteආ....රැප් චමිඳු ගායනා කරන 'සවනි මගේ' ගැන වෙන්නැති කියන්නෙ.. ඔන්න අපට වෙලා තියන දේ..මේ පෝස්ට් එක ලියන්නත් ඕක ලොකු හේතුවක් උනා.උගෙ අහවල් ගැන්ස්ටර් සෙල්ෆි රැප්.තව දවසකින් දෙකකින් පාතාලෙයි,ගන්ජයි ගැනත් කියෝවයි.මෙයාලට තියෙන ලොකුම අවුල බලාගන්න,ෆලෝ කරන්න වත් 'චරිත' සිංහල රැප් ඇතුලෙ තාම නෑ..තනියෙන් දෙයක් කරන්න මොලේ නෑ.කොපියක් වත් ගහන්න කෙනෙක් නෑ. ඉතිං අජූවයි.
Deleteජයවේවා..!!
"අවකාශෙ" තමා ජී ඇල් හැමෝටම ගරු සරුව නුවුමනා
ReplyDeleteහැබෑ ලෝකෙ ප්‍රොටොකෝල් රකින්න දිවිහිමියෙන් කැපවෙනව - ඒ මොකද ඒවා තමුන්ගෙ බඩවියතත් එක්ක බැඳිල හින්ද
ජී ඇල්ට එහෙම ප්‍රශ්න නැති හින්ද ජී එල් මේකෙන් - සෙල්ෆි රැපෙන් - මැණිකක් මතු කරගන්න හදනව
මෙතන පීඩනයක් මතුවෙලා දෝරේ යාමක් නම් නෙමේ වෙලා තියෙන්නෙ නේද?
අර භූගත ජලය උඩටම අරන් ඒ ඩිංගත් හින්දල දාන්න හදනව වාගෙ වැඩක් මේ ඕසෙට කැපිල තියෙන ඇලවේලි ඔස්සේ ඕං මට හිතෙන හැටියට
හ්ම්ම්.. වෙනස්ම කියවීමක්.. නියමයි.
Deleteමෙතන නං කිසිම පීඩන කතාවක් නෑ.හැබැයි ලෝක මට්ටමින් බැලුවොත් එහෙම යොදාගන්න හැකියාවක් තියෙනවා.ලංකාවෙ එකෙක් පොඩි ට්‍රයි එකක් දීල තිබුනා මෙන්න මෙහෙම.
https://www.youtube.com/watch?v=qAgeaMBTB4Q
(මේ පලවෙනි එක.ටිකෙන් ටික නැගිටිනවා.)
තිස්ස අයියා බොහොම රහට මතු කරන ව්‍යංගය කියන දේ දැං දකින්න ත්නක් නෑ නෙ.අනික ඒ වගේ රහක් දැනෙන්න විඳින්න තරම් හිතේ විවේකයක් තියෙන කෙනෙක් හොයාගන්න අමාරුයි.ගස්ලබ්බා අදහස් කලේ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියලා කපන ක්‍රමයක් බිහිවිය යුතුයි කියන එක.
ජයවේවා..!!
මුන් දන්නා රැපක් නැ බන් ඔහේ වචන ට්කක් කියනවා ගිරවු වගේ
ReplyDeleteපරිගණක තාක්ෂණයේ මෘදුකාංග නිවස
ඒකනෙ.. පොඩ්ඩක් හරි අතපත ගාල වැඩේට බැස්සනම් මෙච්චරම විහිළුවක් වෙන්නෙ නෑ..
Deleteජයවේවා..!!
ඔය අපබ්‍රංස සින්දු මට නං තේරෙන්නෙ නෑ බං.
ReplyDeleteහෙහ් හෙහ්.. ගස්ලබ්බට කියලත් ඔව්වා මහවට තේරෙනවා කියල නෙමෙයි.කොටින්ම ගස්ලබ්බා රැප් ෆෑන් කෙනෙකුත් නෙමෙයි.ඒත් දෙයියනේ බුකියට ගිය ගමන් සෙල්ෆි රැප් කාරයෝ ගේම ඉල්ලනවා නෙව.ඉතින් ටික දවසක් තිස්සෙ පොඩ්ඩක් බැලුවා කතන්දරේ කොහොමද කියලා.එතකොට හිතුනු දේවල් තමා..හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
ඇත්තම කියනවානම් කිසිම රැප් ගීතයකින් තාම මට නිර්මාණ රසයක් ලැබුනේ නෑ . සමහර විට හොඳ ඒවා මම අහල නැතිව ඇති
ReplyDeleteසිංහලෙන් නම් නෑ තමා.ඒත් නුදුරු අනාගතයේ ප්‍රාථමික මට්ටමේ නිර්මාණයක් වත් කරයි කියල හිතෙන කීපදෙනෙක් ඉන්නවා.ගස්ලබ්බ ඒ ගැන සුභ දෑස් දල්වගෙන ඉන්නවා ඉතින්.ඉන්ගිරිස් නං හොඳ ඒවා තියෙනවා.ගස්ලබ්බගෙ කඩ්ඩ මොට නිසා බොහොම හෙමින් තේරුම් ගන්න හේතුවෙන් ඒවා අඳුනගන්නෙ බොහොම හෙමින්.එමිනම් ගෙ තමා දැනට දැකපු හොඳම නිර්මාණ තිබුනෙ. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
මමනම් ඔය පොඩි උන් සෙල්ෆි රැප් අරව මේව කියල බුකියෙ දාන එව්වට කලබල වෙන්නෙත් බනින්නෙත් නෑ. ඕව එදත් තිබ්බ, නොතිබ්බෙ බුකියයි.
ReplyDeleteකාලෙත් එක්ක ඔය කොල්ලො හරි යනව, එක්කො ඕක අතෑරල දානව, නැත්තන් දිගට පිලිවෙලකට කරනව.
සිරාවට ඉංදික අයියේ.මොකද ඒ කාලේ අපි සිංදුවලට කුනුහරප වචන දාලා කිවුවේ නැද්ද? කුණු හරප බයිලා කිවුවේ නැද්ද?අවුලවුනේ බුකිය නොතිබ්බ නිසා අපි ස්ටාර්ලා වුනේ නෑ.ඕවත් ඔහොම්මම ඇවිත් ඔහොම්මම බැහැලායයි.වැඩිය හිතන්න එපා බං.
Deleteමම සවනිට...
ආහ් ඉංදික අයියා කාලෙකින්.. ඔව්.ඇත්තටම බුකිය හිංදා ඉක්මනට රැල්ල ඇතිවෙනවා.. ඒ වගේම නැති වෙනවා.ඉස්සර රැලි විශ්වවිද්‍යාල ආශ්‍රිතව බිහිඋනා වගේ දැන් බුකිය.
Deleteමෙතන මේ ආතල් ගන්න කොලු කෙලි පැටවුන්ට තමුන් කරන දේ ගැන හීනෙන් වගේ වත් හැඟීමක් නැති එකයි අවුල.ඒක හරියට හිස් ඒෆෝ කොලේකින් කඩල ගොට්ටක් ගැහුවා වගේ.ගස්ලබ්බ කියන්න හදන්නෙ ඒකයි..මේකෙන් වැඩක් ගනිල්ලා කියල.
@කටුස්සා.
ඔහොමම ඇවිත් බැහැල යන්නැතුව හොඳ රැප් ආටිස්ලා දෙතුන් දෙනෙක් වත් ලංකාවෙන් බිහි උනොත් වටීනෙ බ්‍රෝ.. පොඩි කාලෙම ඇඟට වදින නිසා මුංට යමක් කරන්න කාලෙත් තියෙනවානෙ..
ජයවේවා..!!
http://nelumyaya.com/?p=5514
ReplyDeleteඉස්කෝතුයි දිරිමත් කිරීමට..
Deleteජයවේවා..!!
ඉල්ලුමට සැපයුම නෙහ් සහෝ..කුණු ගොසිප් කාරයෝ උඩදාගෙන මාර්කට් කලේ නැත්නම් පොඩි උන් සෙල්ෆි රැප් කියන කුණුහරප කියන එක අඩු වෙනවා,,,
ReplyDeleteහැබැයි අතරින් පතර පැහැදිලි තේරුමක් තියෙන වචන ට්කක් පිලිවෙලා කියන උනුත් ඉන්නවා,,,
අහසේ කොහෙද බ්‍රෝ දෙවියෝ හන්දියක් හන්දියක් ගානේ තියෙන දේවල වලයි සාස්තර පොට් වල ඉන්කම් එක හොද නිසා දෙවියෝ බින්න බැහැල කියනේ
හෙහ් හෙහ්.. සිරාවටම.කුණු ගොසිප් සයිට් කාරයෝ හිට්ස් වලට ඕනෙ දෙයක් වයිරල් කරන්නනෙ බලන්නෙ.කොහොම හරි කැපී පෙනෙන්න,ප්‍රසිද්ධියට කැමති නැට්ටට කිරි එරෙන වයසෙ පොඩි උංට ඒක හොඳ පල්ලම.. ලෙස්සලා යන වේගෙට හොම්බ කට සමතලා වෙයිද කියන එකයි ප්‍රස්නෙ... හෙහ් හෙහ්
Deleteදෙයියො බිසී බන්.
ජයවේවා..!!
ඔය "නිගා" කියල කල්ලෙක්ට කිව්වොත් ඌ කියපු එකාව සම්බල් කරනවා. උන් පිලුකුල් කරන වචනයක් ඒක.
ReplyDeleteඇනෝ බැලුවද 'කෝච් කාටර්' ෆිල්ම් එක.බලන්න වටින ෆිල්ම් එකක්.ඒකෙ කෝච් තමුන්ගෙ ටීම් එකේ කොල්ලො නිගා නිගා ගානකොට දෙනවා දේශනයක් දුම් පිට වෙන්න.. තැන්කූ ඇනෝ අදහස් දැක්වීම ගැන.
Deleteජයවේවා..!!
ඉංග්‍රීසි රැප් වල මාර අර්ථයක් තියේද? මමරැප් රසිකයෙක් නෙවි හැබැයි මම දැකපු බහුතරයක තියෙන්නේ "ගංජා ටිකක් උර උර පාතාලෙයක් ගැනයි කුණුහරපයි තමුන් ගැන මහා ලොන්ත පෝල් කයිවාරුවකුයි " විතරයි. සුළුතරයක් සමාජ විප්ලවයකට හෝ නව බුද්ධිමය වෙනසකට රැප් කරලා ඇති බහුතරය නම් නිකම් පොර ටෝක්. ඒ නිසාඅකලාවක් ලෙස රැප් කොහොමත් ඔතනතමා තියෙන්නේ.
ReplyDeleteදෙක, මේ රැප් ගායකයෝ නෙවි. සෙල්ෆි රැප්, ප්‍රේක්ෂකයන්ගේ අසාර්ථක උත්සහ. ඉතින් එව්වා ඔහොම තමා. රැප් නැතුව සරල ගීත ලියලා කිව්වත් නිකම් මිනිස්සු කරද්දී එන්නේ හද්ද වල් වට්ටෝරු.
මුලින්ම වෙල්කම් කිව්වා..
Deleteඉංගිරිස් එව්ව මාර තේරුම් ද නැද්ද කියන්න තේරුම් ගන්නත් මාර ගේමක් දෙන්න එපැයි.. හැබැයි නිකං වචන විසිකිරීමකට එහා ගිය දෙයක් නම් තියෙනවා නේද? අඩු ගානෙ රිදම් එකක් වත් තියෙනවානෙ..
ඔව්.. මෙයාල රැප් ගායකයො නෙමෙයි.නමුත් මේ සමස්ථය අතරෙ ඉන්නවා හැකියාවක් තියෙන කොල්ලො කීපදෙනෙක්.ගස්ලබ්බ කියන්නෙ අර සවනි ඉල්ලන පොඩි එකා ගැන එහෙම නෙමෙයි.උං නිකං රැල්ලට ආතල් ගන්න උදවිය.එහෙම නැතුව මේක කලාවක් විදිහට ඉදිරියට කරගෙන යන්න පුළුවන් අයත් එකතැන කැරකෙන ගතියක් නෙ දැනට තියෙන්නෙ.අපේම ආරක් ගොඩ නඟාගෙන්න පුළුවන් පැත්තක් මේක කියල හිතෙන්නැද්ද හා? කල ඇවිල්ල තියෙන්නෙ වල ඉහගන්න මොලේ තියෙන අයට.
ජයවේවා..!!
රැප් මට නං මෙලෝ රහක් නෑ..තේරෙන්නෙත් නෑ...ඒ ගැන මෙලෝ අදහසකුත් නෑ....නිකං කං රිදිලා බඩ දඟලන්න ගන්නව විතරයි..මගේ රස වින්දනයෙ අවුලක්ද මන්ද
ReplyDelete'නානත්ත කායා නානත්ත සංඤා' කිව්වලුනෙ.. අපි නං නිකං හම්බෙන දෙමළ පත්ත්රේත් රූප ටික හරි බලනවා.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
හෙක් ජාති ජාති. සමහරු පජාති. :D
ReplyDeleteසමහරු කිව්වට වැඩි දෙනෙක් පජාති බං..
Deleteජයවේවා..!!
බුකිය එක්ක වැඩි ආශ්‍රයක් නැහැ
ReplyDeleteහැදෙන්න ඉස්සල්ල පැලෙන්න හදනවා කියන්නේ ඔය වගේ එවුන්ට වෙන්න ඇති නේද බං
ගස්ලබ්බ නම් බුකියෙන් සෑහෙන වැඩක් ගන්නවා.. ඔය වගේ එවුන් හින්ද තමයි බං රටක් හැදෙන්නෙත්.. ඒ වගේම මැකෙන්නෙත්..
Deleteජයවේවා..!!
මට නම් මේ කියන දේ ගැන මෙලෝ වගක් නෑ බං.. ඔය ඇටිච්චෝ වගේ උන් මොනවද කියවන වීඩියෝ දෙක තුනක් බුකියේ දැක්කත් ඇහුවේ නෑ.. මොනවද ඔය තද තද ජාති ජාති බ්‍රෝ බ්‍රෝ නිගා නිගා කියන්නේ?
ReplyDeleteඋඹල කාලයෙන් වැඩක් ගන්නවා නම් ඉතින් කොරන්න දෙයක් නෑ.. සිඟිති ආතල් බං..ඒත් වැඩක් ගන්න ඇහැකියි..
Deleteජයවේවා..!!
හරිම වටින ලිපියක්...
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා හාමුදුරුවනෙ..
Deleteබොහොම ස්තූතිවේවා.. අබුද්දස්ස කාලෙ ගැන වෙන මක්ක ලියන්නෙයි.
ජයවේවා..!!
Kavaklıdere
ReplyDeleteGüzelhisar
Dikili
İnecik
Kuluca
HZW
Diyarbakır
ReplyDeleteSamsun
Antep
Kırşehir
Konya
XNSH8
yalova
ReplyDeleteyozgat
elazığ
van
sakarya
JTHL
manisa
ReplyDeletesakarya
sivas
van
elazığ
1OR
goruntulu show
ReplyDeleteücretli
CF4Q
https://titandijital.com.tr/
ReplyDeletetrabzon parça eşya taşıma
zonguldak parça eşya taşıma
kayseri parça eşya taşıma
edirne parça eşya taşıma
CD3
kırıkkale evden eve nakliyat
ReplyDeleteamasya evden eve nakliyat
kayseri evden eve nakliyat
istanbul evden eve nakliyat
sakarya evden eve nakliyat
UTİKR
E6D46
ReplyDeleteAdana Parça Eşya Taşıma
Elazığ Lojistik
Burdur Lojistik
Muş Evden Eve Nakliyat
Urfa Lojistik
294E6
ReplyDeleteÜnye Yol Yardım
Mersin Parça Eşya Taşıma
Çanakkale Şehir İçi Nakliyat
Afyon Lojistik
Iğdır Evden Eve Nakliyat
Aydın Şehir İçi Nakliyat
Karaman Şehirler Arası Nakliyat
Trabzon Şehir İçi Nakliyat
Antep Parça Eşya Taşıma
16340
ReplyDeleteHakkari Parça Eşya Taşıma
Kırşehir Evden Eve Nakliyat
Çerkezköy Oto Boya
Rize Şehir İçi Nakliyat
Elazığ Parça Eşya Taşıma
Kilis Lojistik
Urfa Lojistik
Silivri Parke Ustası
Bybit Güvenilir mi
73619
ReplyDeletedeca durabolin
buy pharmacy steroids
buy testosterone propionat
buy clenbuterol
halotestin for sale
order masteron
parabolan
for sale dianabol methandienone
buy primobolan
9FE38
ReplyDeleteÇerkezköy Yol Yardım
Balıkesir Lojistik
Diyarbakır Lojistik
Çankırı Şehirler Arası Nakliyat
Hatay Şehir İçi Nakliyat
Çerkezköy Buzdolabı Tamircisi
Nevşehir Şehirler Arası Nakliyat
Şırnak Şehir İçi Nakliyat
Yalova Lojistik
67F6B
ReplyDeletedappradar
thorchain
uwulend finance
sushiswap
shapeshift
layerzero
eigenlayer
uniswap
zkswap
14898
ReplyDeletespookyswap
thorchain
pancakeswap
phantom wallet
defillama
sushiswap
uwulend finance
shapeshift
pancakeswap
شركة مكافحة حشرات بالجبيل bTaJ72lPDS
ReplyDelete1B701DC462
ReplyDeleteinstagram çok ucuz takipçi
DA5ADB4A7A
ReplyDeleteinstagram kadın takipçi
E5CE7757C5
ReplyDeletegerçek takipçi
Pubg New State Promosyon Kodu
Raid Promosyon Kodu
Google Yorum Satın Al
Viking Rise Hediye Kodu
Google Yorum Satın Al
Hay Day Elmas Kodu
MFF Kupon Kodu
Azar Elmas Kodu
95BF818FCB
ReplyDeleteKripto Telegram Botları
Yatırımsız Para Kazanma Telegram
Yeni Telegram Coin Oyunları
Telegram Para Kazanma Grupları
Binance Hesap