Friday, July 29, 2022

 

ජීවිතය 2022-07-29





ගෝඨා ට පැනල දුවන්න වුනේ පෝට්ටු ලෙල්ලන්ට වෙස්වලාගන්න වුනේ ඕකුන්ගෙ සුපුරුදු මර්ධන හස්තයට අල්ලන්න බැරි මානයකින් විරෝධතාවයන් දියත්වුන නිසා සහ විරෝධතාවයන්ට පොදු රැකවරණයක් ලැබුනු නිසා.

මර්ධකයො කලබල වුනේ නෑ. හොඳට කාලය අරගන සැලසුම් කරලා යම් යම් කැපවීම් කරලා මහජන බලය නිද්රාවට පත්කරන්න ක්රියාත්මක වෙලා. කුක්කො ලව්වා බුරවනවා මහජනයව අවුස්සගන භීශනය මවාගන්න.

දශක ගණනක් පුරා කීපවරක් මිනිස් බිලි කුසට පුරවා රුධිර ගංගා මතින් ඔඩම් පුරවා ජයපැන් බී පුරුදු ඔවුන් මහජනයා කුප්පමින් කෝචොක් දමමින් බියට පත්කරමින් පුරුදු පිටියට දක්කගන්නම බලන රඟ හොඳට පේනවා.

පාක්ශිකත්වයේ තෙලිදියෙන් දෑස පොඟවාගත් කුක්කුරයන් සහ තරුපටි ලෝභී වල්ගවංශිකයන් එකට රොදබැඳ අවසන් හුස්මට කැපවූ ලංකාවේ අවසන් සාර බිඳ සූරා තම වහල්බවේ පාරිශුද්ධත්වය පෙන්වමින් චෞරයන්ට පූජාකිරීමේ ජාන තුලින්ම රැගෙන ආ මජරකම ප්රශර්ශනය කරමින් ඉන්නවා.

අපි කවුරුත් සදාකාලික ජීවිත ගතකරන්න ඇවිත් නෑ. අපි කවුරුත් මියයන ජීවිත....
ඉල්ලන්නෙ ඉන්න ටික නිදහස්ව ඉන්න. ඔබට වගේම ජීවිතයක් තමා මහත්තයෝ අනිත් පුරවැසියාටත් තියෙන්නෙ...
අපි ඉවසීමෙන් සහ අවදියෙන්...