(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)
දහවල් දොලහ හමාරයි.දෙක වසර පංතියේ ළමයිට නම් ඉස්කෝලෙ ඇරුනා.කුඩ ඉහලගෙන එන අම්මලා,මොටර් සයිකල්,පුට්සයිකල් පැදගෙන එන තාත්තලා පොඩිත්තන්ව ගෙදර එක්කන් යනවා.අද දවසෙ වෙච්ච සිද්ධි කට උල් කර කර අනෙකට කලින් අම්මට තාත්තට කියන්න පොඩි උන් පොරකනවා.
ඉහල පන්තිවල ඉන්න අයියලා අක්කලා එක්ක යන පුංචිත්තො සෙල්ලං මිදුලෙ.
ඉස්කෝලෙටම සින්න උනු බලු රංචුව බෑ නොකියා පොඩි එවුන්ව පිටේ තියාගෙන අස්සයා ගෝං කියනවා..
මාලා ටීච හුස්මක් අරන් පන්තියට ඇවිත් හිටපු තුන හතර ළමයි ටිකට නම ලියන්න පුරුදු කරන්න පටංගන්නකොටම එයාගෙ ජංගම දුරකථනය හඬ නැඟුවා.
'අම්මේ..,හවස ක්ලාස් එකේ ෆීස් උදේ ඉල්ලගන්න බැරි උනා.මේ දෙවනි සතියනෙ.කාඩ් එක ගන්නම ඕනෙ.,මම එනව ඉස්කෝලෙ ගාවට.ඒ ගමන් ගෙදර ගිහින් දාගෙන යන්නම්.යන්න ලෑස්තිවෙලා ම ඉන්න.වෙන වැඩ දාගන්න එපා ඔන්න'.
මාල ටීචගෙ පුතා එකදිගට කියාගෙන ගියේ හුස්මක් වත් ගන්නෙ නැතුව.
'හා.. එහෙනම් එකහමාර වෙනකොට එන්න.පාර හදනවානෙ.. ඒ නිසා කාර් එක ගේන්නෙ පරිස්සමින්.'
කෙටියෙන්ම කතාව ඉවරකරලා ආයෙත් වැඩේ පටන්ගත්තෙ අද ආපු මේ ළමයි හෙට එයිද කියන එක විශ්වාස නැති නිසා අහු උන වෙලාවෙ උපරිම වැඩක් කරන්න හිතාගෙන.
පුතා කාර් එක හරවනවා දකිනකොටම මාල ටීච පාර පැන්නෙ පුතාට පන්තියට පමා වෙන නිසා ඉක්මනටම යන්න හිතාගෙන.ඒත් වාහනේ දොර වහන්න කලින් තමුන්ගෙ පංතියේ පුංචි භාග්‍යා ගහක් යට පොට්ටනියකුත් තුරුලු කරගෙන ඉන්නවා දැකපු ටීච එයාට කතා කරා.
'පුතා..,මේ දුව ඉන්නෙ කුඹල්ලංගෙ.අපි යන ගමන් මෙයාවත් දාගෙන යමු.කමක් නෑ නේද?'
අම්ම අහනකොට පුතා පිටිපස්සෙ දොර ඇරලත් ඉවරයි.
'නඟින්න දුව.බහින තැන ටීචට කියන්න හොඳේ'
දැරිය ඔළුව හෙල්ලුවා.
මේ දැරිය මාල ටීචගෙ අවධානය එකවසරෙදිම දිනාගත්තෙ අද්භූත නිහඬ බව නිසාමයි.
පුංචි ළමයි නිහඬ බව ඇතුලෙන් මහා කතාවක් හිරකරගෙන ඉන්න බව මාල ටීචට වැටහෙමින් තිබුනා.
දවසක් හවස තුනට විතර ඉස්කෝලෙ ගාව මේ දරුවා අඬ අඬ ඉන්නවා ගමේ මිනිස්සුන්ට හම්බෙලා ගෙදරට ඇරලවලා තිබුනා.පොඩි දරුවට අසනීප වෙලා එයාව අරගෙන අම්ම ඉස්පිරිතාලෙ ගිය නිසා එන්න භාග්‍යව ගෙදර ගෙනියන්න කෙනෙක් ඉඳල නෑ.
එක වසරෙදිම එකපාරටම ඉස්කෝලෙ එන එක නවත්තපු මෙයාව හොයාගෙන හොයාගෙන යන්න සිද්ධ වුනේ 'ළමයෙක් පාසල් ගමන නවත්තන්නේ නම් එහි වගකීම පංති භාර ගුරුවරයා සහ විදුහල්පති විසින් අනිවාර්යෙන් භාරගත යුතුයි' කියන නීතියෙන් බේරෙන්න බව මතක් වෙලා ටීචට පොඩි ලැජ්ජාවක් වගේ දැනුනා.
ඒත් ඉස්කෝලෙ එන කාලෙ දැරිය නැවතිලා හිටපු ඤාති ගෙදරට ගිහිල්ල පණිවිඩ යවලා කොහොම හරි ආයෙ දරුව ඉස්කෝලෙ එවන්න මවු එකඟ කරගන්න ටීචට හැකි උනා.
පාළුවට ගිහින් තිබුනු කන් පෙති දෙකට ලැබුනු තෝඩු දෙක,ලැබෙන අළුත් (වගේ) ගවුම් පොඩි,ඉස්කෝලෙන් දෙන බත් පිඟාන දරුවට ආකර්ශනයක් නොවුනම නෙමෙයි. දැනුත් මේ මහ මෙරක් වගේ තුරුළුකරන් ඉන්නෙ ටීච කෙනෙක් ගෙනත් දීපු ඇඳුමක් බවයි පෙනෙන්නෙ.
වාහනේ පාර දිගේ ඇදෙනවා..
අවුරුදු ගාණක් ඇදි ඇදී පාර හදනවා.ගල්කුඩු දූවිල්ල කුණාටුවක් වගේ පාරෙ වැඩකරන මිනිස්සු යටකරගෙන හමාගෙන යනවා.මහ වැස්සක් ලඟ නිසාද කොහෙදෝ හරිම අපහසු දාඩිය උණුසුමක් තිබුනත් වායුසමනය කරපු කාර් එක ඇතුලෙ නම් පොඩි සහනයක් තිබුනා.
කුඹල්ලංග හංදියට එනකොට මුළු පළාතම කළු කරගෙන..
වැහි දෙයියොත් දැං දෙඤ්ඤං ගානට බලං ඉන්නෙ.
පුතාගෙ මූණ බලපු ටීච,
'එහෙනම් භාග්‍යා මෙතන ඉඳං යන්න පුළුවන් නෙ'
කියල ඇහුවෙ හිතකින් නම් නොවෙනබව දැනුනත් පුතාට තරහා ඇවිත්,
'අපේ නංගි කෙනෙක් නං මේ වැහි බීරමේ මඟ දාල යනවද? ක්ලාස් පරක්කු උනාට කමක් නෑ.මෙයාව ගෙදරට දාල යං.'
කියනකොට මාල ටීචට පොඩි හිනාවක් ගියා.
'භාග්‍යා.. අපිට පාර පෙන්නන්න.'
කෙලි පැටික්කි පාර කියන්න පටං ගත්තා.
කටින් නෙමෙයි.ඇඟිල්ලෙන්.
ඉස්කෝලෙදි ඇහෙන නෑහෙන තරමට වචනයක් දෙකක් දරුවා කතා කරත් කාර් එක ඇතුලෙදි නම් වචනයක් වත් ගන්න බැරි බව මූණ දිහා බලපු ගමන් ටීචට තේරුණා.
කුඹල්ලංග මුස්ලිම් ජනපදය මැදින් කාරෙක බොහොම පරිස්සමින් හෙමින් හෙමින් ඉදිරියට ඇදුනා.
බෝ කරලා අතෑරලා දාපු ළමයි රංචු රංචු ඕන ඕන හැටියට පාර පුරා දුවනවා.. පනිනවා.
ඒ අස්සෙ ගැටවරයො යතුරුපැදි අරන් එන්නෙ සුනාමියෙන් බේරෙන්න මිනිස්සු දුවනවාටත් වැඩි වේගෙන්.
යනවා.. යනවා... ඉවරයක් නැති නිසා මාල ටීචටත් ටිකක් සැරෙන්ම
'කොහෙද ළමයො ගෙදර..? තව දුරද?'
ඇහුවෙ නොඉවසිල්ලෙන්.
ඇයි පුතාගෙ පංතියට යන්නත් ඕනෙ.
මහත්තයා එන්න කලින් ගෙදර යන්න ඕනෙ.
පොත් වගයක් තියෙනවා හෙට බලාගෙන යන්න.
පාඩං සටහන් ලිව්වෙ නැත්තන් ප්‍රින්සිපල් ගෙන් කුණු බැණුම් අහන්න ඕනෙ.
ඒ මදිවට සේවාස්ථ සැසියට යන්න කලින් හදාගන යන්න කියල එවපු ක්‍රියාකාරකම් උපකරණ හදන්න ඕනෙ.
රෑට උයන්න ඕනෙ..
මේ ඔක්කොම අස්සෙ කිලෝමීටරේකට වැඩිට ගමක් අස්සට යනවා.. යනවා.. ඉවරයක් නෑ.
කොහොමින් හරි මුස්ලිම් ජනපදේ අවසානෙ හරියෙ තියෙන කට්ටි කරපු පොල් වත්තෙත් අන්තිම මුල්ලට යට වැදි වැදි කාර් එක ආවා.
හාත්පස අඳුරු වෙලා සීතල හුලං හමන්න පටං අරන්.
ඔන්න දැරිය ටීචගෙ අතින් අල්ලලා වාහනේ නවත්තගත්තා.
ඉක්මනට වාහනෙන් බැහැලා දරුව වත් එලියට බස්සගත්තත් ගෙයක් නම් පේන්න නෑ.
'කෝ පුතේ ගෙදර?'
ලන්දක් අස්සෙන් හැදුනු පොඩි අඩිපාරක් අස්සෙන් දුවපු පුංචි භාග්‍යා තමුන්ගෙ ගෙදර අත දික් කරලා පෙන්නුවා...
පොඩි ඇලකින් එහා පැත්තට පැනල යන්න ඕනෙ.
ඉවුරට වෙන්න හදල තියන ගෙයක්..
ගෙයක්..(?)
ටකරන් තහඩු දෙකක් එකට හේත්තු කරලා වටේට පරණ සාරි වලින් වට කරලා.
හතර අතට කකුල් විහිදුනු ඇඳ කබලක් උඩ හට්ටි වලං දෙකතුනක්,පැදුරක්,කාඩ්බෝඩ් පෙට්ටියක් එහෙන් මෙහෙන් පිටට පේනවා.
මේක තමයි භාග්‍යගෙ ගෙදර...
'කො පුතේ අම්ම ඉන්නවාද?'
වාහනේ සද්දෙට වෙන්නැති කුතුහලයෙන් බල බල ඇලෙන් මෙහාට වැඩි වයසක් නැති ගෑණු කෙනෙක් ආවා. ආපු ගෑණු කෙනාගෙ චීත්තපොට භාග්‍යා අත්දෙකෙන්ම අල්ලගත්තා.
අත් දෙකේ මැටි ඇලෙන් බාගෙට බාගෙට වගේ සෝදගන ආපු තරුණිය දැක්ක ටීචට මතක් උනේ සාරය මිරිකී ගිය උක් රොඩු කැබැල්ලක්.
'අම්මව හම්බුනු එක හොඳයි.භාග්‍ය දැන් අකුරු එහෙම ලියනවා'
අම්මගෙ චීත්තෙ අස්සෙ දැවටෙන පුංචිත්තිටයි අම්මටයි ටිකිරි හිනාවක් ගෙනෙන්න ඒ වචන සමත් උනා.
'ඒත් සතියක් ආවොත් සතියක් නෑ..
අන්න එහෙම තමා බැරි.
පොඩි කාලෙ ඉඳන්ම හැමදාම ඉස්කෝලෙ එවන්න දරුවව.
ඇයි මේ කඩින් කඩ එවන්නෙ?'
පුතා දිහයි ටීච දිහයි අහස දිහයි බලල කෙල්ල දිග හුස්මක් හෙලුවා.
'අනේ ටීච මෙහෙම හරි දරුවව එවන්නෙ හරි අමාරුවෙන්...
දුව සතියක් එනකොට ලොකු පුතා ගෙදර.. මල්ලිව බලාගන්නවා.
පුතා ඉස්කෝලෙ යනකොට දුව තමයි ගෙදර නතර වෙලා මල්ලිව බලා ගන්නෙ.
දරුවන්ගෙ තාත්තා පොල් කඩන්න හැමදාම උදෙන්ම යනවා.
මේ වැස්ස කාලෙට ගස් යන්න බෑ නෝනා.ගස් ලෙස්සනවා.
ඉතිං මමත් ඔය කුලී වැඩක් හොයාගන යනවා.
පොඩි එකා අරන් ගියාම වැඩ ලැබෙන්නෑ නෙ නෝනා.
ඉතිං මේ දෙන්න මාරුවෙන් මාරුවට ගෙදර නවත්තන්නැතුව මම මොනවා කියල කරන්නද?'
'ඒ කියන්නෙ භාග්‍යා ඉස්කෝලෙ යන්නෙ ගෙදර එන්නෙ තනියමද?'
'ඔව් නෝනා.කෙල්ලට දැං ඒක හුරුයි.උදේට නං පාරට අපිත් එක්කම යනවා.හවසට ලොකු ළමයි එන වෙලාව වෙනකන් ඉඳලා එයලගෙ පස්සෙන් හංදියට එනවා.එතන ඉඳන් ඉතින් එන්න මෙයා දන්නවා.'
'අද එතකොට පුතා ගෙදරද?'
'ඔව් නෝනා.මම මේ අද කුලියට වත් නොයා මේ ගේ(?) වටේ මැටි තියනවා.මොහොමඩ් මහත්තයාට පිං සිද්ධවෙන්න මේ ඉඩංකෑල්ල දුන්න හිංදා ඉන්න තැනක් තියෙනවා.
ඒත් ඊයෙ රෑත් ගේ (?) ඇතුලෙන් වතුර ගැලුවා.
දැන් වැස්සට කලින් වතුර පාරවල් හරවන්න ඕනෙ.
කොල්ල මැටි කපාගන එන්න ඇල උඩහට ගියා'
......................................
හිතවතුනි...,
මේ කෙටිකතාවක් නොවේ...
මේ පරිකල්පනයක් නොවේ...
ගස්ලබ්බගේ මවට තරුණ ගුරුවරියක් අද දවසේ දැනුම් දුන් විස්තරයක් කිසිදු වෙනසකින් තොරව වාර්තා කිරීමක් පමණයි.
මේ කථාව ඇසෙන විට ගස්ලබ්බාගේ මතකයට නැඟුනේ 'සිහිනයකි රෑ' වැඩසටහනට පැමිණි ජයලාල් රෝහණ නැමැති කලාකරුවායි.
බිඳකට කාලය කැපකර මේ සබැඳිය නරඹන්න.
ඒ දැරිවියට පුළුවන් උපකාරයක් අපි කරමු. මේ සටහන් අතරේ මේ අකුරු අතරේ සටන් වදින මනුස්ස කම එතනින් එහාට ගෙනියමු. ඇය ඇගේ ලෝකය දිනයි හෙට දවසේදී, අපි අද දවසේ අත්වැලක් වීමයි අවැසි. තවත් විස්තර හොයල දෙන්න. ඔබට පින්.
ReplyDeleteඔව් සොමියා... දැක දැක අහක බලන්න බෑ අපට.
Deleteජයවේවා..!!
ගස් ලැබු ජයලාල් ගේ වීඩියෝව සම්බන්දව ලියලා. මම පරක්කු වුනා වැඩියි.. හිත හිතා හිටියේ මේ සම්බන්ධ වෙන පොස්ට් එකක් ලියන්න.. අපි කරා වාගේ ඔය දැරිවියට ගෙයක් හදවමුද? ඔබට පුළුවනි නායකත්වය ගන්න. අපි උදව් කරන්නම්. අම්මා නමින් ලංකා බැංකු ගිණුමක් අරඹා පටන් ගන්න...
ReplyDelete///අම්මා නමින් ලංකා බැංකු ගිණුමක් අරඹා පටන් ගන්න...///
Deleteඅම්මා කිව්වේ ඒ දරුවාගේ අම්මාද...?
එහෙම උනොත් ඒ මුදල වෙන වෙන වැඩ වලට වැය වෙයි...
හොඳම දේ වෙනත් ගිණුමකට මුදල් දමා ගෙය හැදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි...
ලොකු පුතා කියන ඒකෙත් ඈත්තක් තියෙනවා . ඒ වුනාට කවුරු හරි ඒ අම්ම එක්ක ගණුදෙනු කරන ටීචර් කෙනෙක් කාරී ඇතිනේ ඒ අය ලව්වා හොයලා බලවන්න පුළුවන් කියලා තමයි හිතුනේ.. අපි ගෙවල් දෙකක් හද්වව්වේ ඒ ක්‍රමේට තමයි.. එහෙම වුනාම ඔය පහළින් අනොලා නෙලුම්යයට කියන්න වගේ කියන්න ඉඩක් නෑ.. ගෙදර අයිති කාරය දන්නවනේ ලැබෙන මුදල
Deleteකවිඳු,ලොකුපුතා ඔව්.ඇත්තටම මට දැන් තියෙන ලොකුම ගැටළුව මේකයි.ලැබුණු තොරතුරු වලට අනුව යම් මුදලක් කලමණාකරණය කරන්න වගකීමත් ඒ ඔළු වලටම පටවන්න බැරි තත්වයක් තියෙන්නෙ.
Deleteසතුටට කරුණ නම් අදාල මැදිහත් වූ ගුරුතුමිය මීට පෙරත් යම් සමාජ සත්කාර වලට ඉතා නිහඬව දායකවී තිබීම.කවුරුන් කලා දැයි නොදැන හිටියත් ඒ කාර්යයන් ගස්ලබ්බ දැකල තිබුනා.එය අපට පහසුවක්.
ජයවේවා..!!
ගස්ලබ්බ.. ලංකා හෝ සම්පත් බැංකු ගිණුමක් ලබා දෙන්න පොඩි උපකාරයක් එවන්නම් ආරම්භයක් විදිහට... ජයවේවා !!!
Deleteසෑර්, අපිටත් පුලුවන් විදියට සප් එකක් දෙන්නම්.
ReplyDeleteකවුරුහරි වැඩේ සංවිධානය කොරනවා නං.
අන්න්‍යතාව නොපෙන්නා සප් එක දෙන්ඩ පුලුවං නම් තවත් හොඳයි සෑර්.
~සූස්ති ගුණේ~
හප්පට සිරි.. මේ අර පරණ සූස්ති ගුණේ මද? ඉස්සර කොමෙන්ට් අතරදි විතරනෙ දැකල තිබුනෙ.ඔව්.පුළුවන් උපරිම දෙයක් කරන්නයි කල්පනාව.ඔබගේ අදහස් සහ සහයෝගය සාදරයෙන් පිළිගන්නවා.දිගටම රැඳී ඉමු.
Deleteජයවේවා..!!
අපිත් උපරිම සයයෝගය දෙන්නම්, වැඩේ පටන්ගන්න
ReplyDeleteඔව් නිරෝශන්.. වැඩ කටයුතු සංවිධානය වෙමින් යනවා.රැඳී ඉන්න.අපි මේ වැඩේ කරමු.
Deleteජයවේවා..!!
I watched that video.. and knew from the beginning how this story goes.. only thing I thought the 'putha' here was gaslabba. Check what we can do for Bhagya please.
ReplyDeleteඋඹ ඉතින් දැණුම් තේරුම් ඇති හාදයානෙ.මේ කමියො.. අර පහලින් අපි අහල තියෙන ප්‍රශ්න වලට උඹේ අදහස කියපන්කො.
Deleteමම නෙමෙයි බං ඒ.අම්මගෙ ස්ටාෆ් එකේ මිස් කෙනෙකුගෙ පුතෙක්.හරියට ඇවිදගන්නවත් බැරිව මම කොහොමෙයි ඩ්‍රයිව් කොරන්නෙ.. හෙහ් හෙහ්
ජයවේවා..!!
ඒ දැරිවිය වෙනුවෙන් කළ හැක්කක් වේ නම් කරමු.. ගස් ලබ්බෙ මොකද කියන්නෙ වැඩක් පටං ගම්මුද
ReplyDeleteඔව් මහේශ්.. අපි කරමු.වැඩේ පටන් ගත්තා.. විතර ටික ඉක්මනටම බෙදාගමු.
Deleteජයවේවා..!!
අනිවාර්යෙන්.. කරන්න පුුවන් දෙයක් ඒ දරුවා වෙනුවෙන් කරමු..
ReplyDeleteඔව් නිර්මාණී.. අපි කරමු.වැඩේ පටන් ගත්තා.රැඳී ඉන්න.
Deleteජයවේවා..!!
ඔය ඉන්නෙ කට්ටිය. වැඩේ පටංගැනීම උඹට බාරයි ගස්.
ReplyDeleteඅපි කරමු ප්‍රසන්න අයියෙ.අර පහලින් අහල තියෙන එව්ව ගැන මක්කෙයි හිතන්නෙ?
Deleteජයවේවා..!!
//අර පහලින් අහල තියෙන එව්ව ගැන මක්කෙයි හිතන්නෙ?// ඔය අපි අතර සද්භාවය පෙන්නගෙන ඉන්න සමහර බ්ලොග් කාරයෝම තමයි ඔය ඇනෝ ඇවිත් පහළින් ඔහොම ලියන්නේ.. අපේ ලංකවේ සමහර අයගේ හැටියක් ඕක . එයාලා හිතන්නේ එයාල වගේම තමයි අනික් මිනිස්සුත් කියලා කාට හරි හොඳක් කරත් වැරදියි එතකොට එක්කෝ ඔහොම කියනවා නැත්නම් ලකුණු දාගන්න හදනවා කියනවා.. මේ මෑතකදී මට ඔහොම කෙනෙක් අහුවුණා.. පස්සේ " අඩු කලේ සෙලවීම නිසා කියන සිංදුව මතක් කර ගත්තා මම...."
Deleteමගේ පොඩි කාලේ ගෙවුනේ මේ කියන කුඹල්ලංග ගමේ එක අයිනකට වෙන්න තිබුනු පොල් වත්තක. නංගියි මායි තව යාළුවෝ සෙට් එකකුයි පුට් සයිකලේ පැදගෙන බතලගොට වැව් බැම්ම දිගේ හැමදාම ඉස්කෝලේ ගියේ. අපි එහෙම යද්දි හැමදාම පයින් ඉස්කෝලේ ගියපු ළමයි කට්ටියකුත් හිටියා. දවසකට කිලෝමීටර් හය හතකට වඩා පයින් ගියා ඒ ළමයි ඉස්කෝලේ යන්න ඕනේ හින්දා. මේ පොඩි කතාව ලොකු මනෝ පාරකට මග පෑදුවා. ගස් ලබ්බා ඉබ්බාගමුව අවට කෙනෙකුද ?
ReplyDeleteඔව් සුසන්ත..ඒ අවට.මේක කියවලා තියෙනවාද?
Deletehttp://gaslabba.blogspot.com/2015/03/blog-post_25.html
මේත් ඒ ඉස්කෝලෙම ළමයි දෙන්නෙක් ගැන.එදා ඒ ප්‍රශ්නෙට මැදිහත්වෙන්න හැකියාවක් ගස්ලබ්බට තිබුනෙ නෑ.ඒත් මේ ප්‍රශ්නෙට පුළුවන් විදිහේ උදව්වක් කරන්න උපරිමෙන්ම මැදිහත් වෙනවා.එන්න... අපි එකතුවෙමු.
ජයවේවා..!!
ලබ්බා උඹටයි ස්ටාර්ට්අප් එක තියෙන්නේ.. ඇයි දරුවා කතා නොකරන්නේ..???
ReplyDeleteඅවසානය වෙනකම්ම අදිමු.. යං පටන් ගමු..
ගස්ලබ්බ බලාගෙන ඉන්නෙ යෝජනා එන විදිහ දිහා.ඒ අතර අම්මට කිව්වා විදුහල්පති තුමත් එක්ක කතාකරන්න කියලා වඩා සුදුසු සහ ගැලපෙන දේ තෝරගන්න.ඒ අතරෙ ගස්ලබ්බ කියවන වෘත්තිකයන් ඇතුළු පිරිසගේ අදහසුත් බලනව හවස කතාකරන්න.
Deleteදේශකතුමන්ගේ අදහස කොහොමද?
ජයවේවා..!!
මගේ අදහසට වඩා කමියගේ අදහස වඩාත් වැදගත් වෙයි. අපි මිනිහගෙන් අහමු.. හැක්..
Deleteකමියා බුකියටත් ලින්ක් එක ශෙයා කරගෙන දැක්කා.. කමියගෙ අත්දැකීම් එක්ක අදහස් සෑහෙන්න වැදගත් වේවි.
Deleteදේශකතුමා කියල ඉඩෝරෙට නාකි වෙලා නෙමෙයි නෙ.. හෙහ් හෙහ්.. ඒ පවුලට වඩාත් ප්‍රයෝජනයක් වෙන විදිහට වැඩේ කරමු.හෙහ් හෙහ්
//වඩා සුදුසු සහ ගැලපෙන දේ තෝරගන්න.//
Deleteඅදිමු දේශා ……
Deleteපොඩි උන්ට ඔලුවට බර වැඩි උනාම උන් කාත් එක්කවත් කතා කරන්නෑ.කාව වත් විශ්වාස කරන්නෙත් නෑ.හෙණ අමාරුයි ශේප් කරගන්න.
Deleteදේශ්,ප්‍රා,පත්තරේ...
අපි මේ වැඩේ කරමු.අන්න මම අර පහලින් අහල තියෙන දේට අදහසක් දෙන්නකො.විෂේශයෙන් බැංකු ගිණුමක් ගැන.
ජයවේවා..!!
This comment has been removed by a blog administrator.
Deleteඇනෝ අදහස හිතට ගතිමි.නමුත් තුන්වෙනි පාර්ශවයකව අපහාසයක් විය හැකි බැවින් ඉවත් කලෙමි.
Deleteඔය වැඩසටහන මුල සිට ම බැලුවා...... අව්‍යාජ කතා ටික ඇහුවා...... ජයලාල් රෝහණ විතරක් නෙමෙයි ඔතන හිටපු වැඩිය කතා නොකරන ගායකයාත් ඒ ගැන කිව්වා.....
ReplyDeleteමචං මේවා තමා කළ යුතු දේවල්..........
එයාල අද ඉන්න තැනයි එදා ඉන්න තැනයි අතර වෙනස කොහොමද?
Deleteඅන්න ඒ නිසයි පොඩි දරුවන්ට කොන්දේසි විරහිතවම උදව් කල යුතුයි කියල ගස්ලබ්බ හිතන්නෙ.
ජයවේවා..!!
//එයාල අද ඉන්න තැනයි එදා ඉන්න තැනයි අතර වෙනස කොහොමද?
Deleteඅන්න ඒ නිසයි පොඩි දරුවන්ට කොන්දේසි විරහිතවම උදව් කල යුතුයි කියල ගස්ලබ්බ හිතන්නෙ.// හරියට හරි මගෙත් ආදර්ශපාටාහ්ය මේක තමයි....
මම මේ වැඩ සටහන බැලුවා... සංවේදී පෘතග්ජන මාතලන්ගේ ඇසුත් තෙත් වුනේ නෑ කිව්වොත් බොරු... අවුලක් උනේ නැත්තේ මම ඕක බලන්නේ තනියම නිසා....
ReplyDeleteමම නම් කියන්නේ ඔය දඩාවතේ යන බල්ලෝ වඳ කරනවා වගේ... දුප්පත් කාන්තාවන්ටත් ඒ දේ කරන්න ඕන කියලා.... වෙන දෙය්ක් නෙමෙයි... වැඩි පුරම දුක් විඳින්නේ කානතාව නිසා... මේවා දරන්න අමාරුයි මචෝ... කී දෙනෙක් කියලා ගොඩ ගන්නද...? එහෙව් රටක පාළකයෝ කියන වේසිගේ පුතාලට සැප කාර නැතුව ජනතා සේවය කරන්න බෑ... අකුණු ගහන්නෙත් දුප්පත්ම් එකාට බං...
" සංවේදී පෘතග්ජන මාතලන්ගේ "
Deleteඅනේ නිකන් පල ගොබ්බයො
කුලියට ලියන අපතයන්ගෙ මොන සංවේදනද
යකෝ සාරසයා ගස්ලබු වගාවටත් ඇවිත්නේ.. ඔය යකාට ගු කන්න මාරා ඉතුරූ වෙයිද දන්නේ නෑ උගන්ඩාවේ කලබල නම්..
Deleteඔව් මාතයියෙ.. මේකටත් ඇහැට කඳුලක් එන්නැත්තම් ඒක පුදුමයක්.
Deleteදුප්පතා කියල දුප්පත්කමටම සින්නකරල දාල බෑ නෙ.ඉනිස්සුන්ගෙ හෙට දවස ගන අපට කියන්න බෑ.හැබැයි අද දවස පහසු කරන්න අපට පුළුවන් දේ අපි කරමු.එතකොට එයාලගෙයි අපෙයි දෙන්නගෙම හෙට දවස කොහොමත් සුන්දරයි.
ජයවේවා..!!
This comment has been removed by a blog administrator.
Deleteසොරි ඇනෝ..තුන්වෙනි පාර්ශවයකව අපහාසයක් විය හැකි බැවින් ඉවත් කලෙමි.
Deleteජයලාල් වීඩියෝව බුකියෙදි දැක්ක. කතාවත් කියෙව්ව.
ReplyDeleteමං උපයන්නෙක් නං නෙමෙයි තාම. ඒත් පොඩි කෙල්ලට එක පොතක් හරි අරන් දෙන්න එනව ගස් අයියෙ.
ඔහේ දන්නවෙයි.. ගස්ලබ්බත් දැන් උපයන්නෙක් නෙමෙයි.දෙමව්පියන්ගෙ පෙන්ශන් එකෙන් කාල වයිෆ්ගෙ පඩියෙන් ඉන්ටනෙට් බිල් ගෙවාගෙන ඉන්න සිද්ධවෙච්ච එකෙක්.සල්ලි නෙමෙයි ප්‍රශ්නෙ.ආකල්ප.
Deleteවචනෙකින් හරි අපි අපේ ඩියුටිය කරා නම් කාට හරි වැදගත් වෙයි.
උඹේ එක පොත එයාලට මහමෙරක්.
ජයවේවා..!!
ගස් ඇහැට කඳුලක් ඉනුවා මේ කතාව දැකල. නමුත් තව ටිකක් හොයන්න. මමත් මේ වගේම මිත්තනිය ළඟ ජිවත් වෙන හිරුනි කියල ළමයෙකුට ගෙයක් හදන්න ගියා. මුල්න් අම්ම තාත්ත නැහැ වගේ කතාවක් තමයි මගේ හිතවත් ජනමාධ්‍යවේදීන් දෙන්නෙක් කිව්වේ. අපි සල්ලි එකතු කරල (හොයපු ගාන මදි) ගෙයක් හදන්නත් හැදුව. නමුත් ගමේ පන්සල මුලින්ම විරුද්ධ වුණා . අහල පහල මිනිස්සු විරුද්ධ වුනා. මිථ්ථංඉඅ කුඩු ගන්න අයට පැල්පත් කුලියට දෙනවලු. ගනු ළමය ඒ වෙලාවට අහල ගෙදර අගු පිලේ ඉන්නේ. අපි සල්ලි දෙනකොට ඒ ළමයට බෑග් පොත් පත් කෑම අරන් දෙනකොට ඒ ළමයාගේ නැන්ද කෙනෙක් ළමයි තුන් දෙනෙක් එක්ක මතු වුණා . එයා තමා මේ දුව බලා ගන්නේ කිව්වා. (ඊට කලින් කවුරුත් හිටියේ නැහැ) ඊට පස්සේ තාත්ත මතු වුනා. ළමයි 3 ඉන්නව වෙන බිරිඳක ගෙන් . පොර ඇවිත් අර අපි දුන්න ඒවා ඔක්කොම තමන්ගේ ළමයින්ට අරන් ගියා. මගේ මල්ලි අපි යවන ඉතාම සුළු මුදල දෙන්න ගියහම ඒ ළමය කියල තියනවා මාමේ සල්ලි දෙන්න එපා තාත්ත හරි නැන්ද හරි අර ගන්නවා. පොතුයි බෑග් එකකුයි කෑමයි දෙන්න මම හංගල තියා ගන්නම් කියල. අපි පහුගිය අවුරුදු තුන් හතර තිස්සේ කරන්නේ එක. අර නැහැයි කියපු පැත්ත නොබලපු අය දැන් ටිකක් බලනවා. මොකද ලමයට හම්බ වෙන දේවලින් ගන්න පුළුවන් නිසා. ළමය ඉන්නේ රාගම පෞද්ගලික විශ්ව විද්‍යාලය පේන තෙක් මානේ පරණ සොහොනක අයිනේ පැල්පතක. සොහොන කාටද ගිය ආණ්ඩුවේ මන්තිරි කෙනෙකුට මොකක්ද අහන්න දුන් වෙලේ කාරුණික සර්වේයර් මහත් මේ තීරුව මිත්තනියට දීල ඉන්න කියල. මේ ළමයාගේ පවුලට මොකක් හරි උදව්වක් කරමු.
ReplyDeleteඔව් අජිත් අයියෙ.ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න එන එක අනිවාර්යයි.ඒකයි පොඩිත්තක් හෙමින් සැරේ හොඳට හොයල බලලම මේකට අතදන්නෙ.මේ පවුල් ඒකක වල තියෙන ගැටළු ගැන අජිත් අයියට මට වඩා හොඳ අවබෝධයක් ඇති.අපේ අවධානය ලොකුවටම දරුවන් වෙතට යොමුකරන්න හිතන්නෙ ඒකයි.
Deleteදැනට මට තියෙන ලොකුම ගැටළුව බැංකු ගිණුමක් පවත්වාගැනීම සහ එහි වගකීම කාටද කියන එක.
දරුවන්ගේ අධීක්ශන වගකීම භාරගන්න විශ්වාසදායී ගුරු මවක් ඉදිරිපත් වෙලා ඉන්නවා දැනටම.
ඔබගේ අදහස් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
ජයවේවා..!!
මම කරන චරිටි එකෙන් අපි කෙලින්ම ගිණුමට මුදල් දානවා. දෙමාපිය කපකරුගේ. ළමයට ගිණුමක් හදල 1/4 ඒකට දානවා. තව පියාපත් කියල ලංකාවේ තියෙන පදනමකින් තවත් ළමුන් තුන් දෙනෙකුට මුදල් දෙනවා. ඒ ගොල්ලෝ තමන්ගේ ගිණුමෙන් ළමයින්ට සල්ලි දෙන්නේ. මාස 6 කට සැරයක් විතර එවනව ගිණුම් විස්තර මට. මේක ලංකාවේ වැඩක් නිසා ලංකාවේම එහෙම කරන්න පුළුවන්නේ.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඔන්න සෙට් එකම අයින් කරා.මම දැක්කා යන යන තැන වටකරගෙන්න යාළුවො ටිකක් ඉන්නවා කියලා.ඒ කියන්නෙ සමාජෙට දැනෙන යමක් වෙලා කියන එකනෙ.ඒ ටිකම මදැයි.අනෙක ලංකාවෙ තියෙන එකම සම්මජ සුභසාදනේ තමයි 'හිත හොඳ මිනිස්සු.' මේ ගංවතුර කේස් එකෙන් ඒක හොඳටම ඔප්පු උනා.මට විශ්වාසයි ඔය ඇනෝ කතා වලට අජිත් අයියගෙන් වැඩක් උන වැඩ වෙනස් වෙන්නෙ නැතිවෙයි කියලා.
Deleteජයලාල්ව හදවතින්ම කියෙව්වා.ඔහු අපූරු මිනිහෙක්. ඒ උත්සාහයට හා එඩිතරකමට ගරු කල යුතුයි.
ReplyDeleteභාග්‍යා දැරිය වෙනුවෙන් සුලුවෙන් හෝ දායකවීමට සුදානම්.
ඔව්.ජයලාල් රෝහණ කියන්නෙ කෝච්චියේ හැප්පිලත් මරන්න බැරි උන යකඩ මින්හෙක්.
Deleteමේ දරුවො වෙනුවෙන් දෙයක් අපි කරමු අරූ..දැනට සංවිධානය වෙමින් පවතින්නෙ.අදහස් වැදගත්.
ජයවේවා..!!
අර පහුගිය කාලේ බජට් නැති ප්‍රෝජෙක්ට් එකට වියදම් කරපු මුදලින් ඔය වැඩේ කලානම් නෙලුම් යයා බැරිනම ගෝවා යාය කියල හරි කියලා මොකද වෙන්නේ [ එක එකාව පුම්බගන්නේ නැතිව ]
ReplyDeleteඑහෙනං ඇනෝ මේ වැඩේට සපෝට් එකක් දෙන්නකො..ඒ වගේම විනිවිදව මුදල් පරිපාලනය කරන්න ඔබ යෝජනා කරන ක්‍රමය මොකද්ද?
Deleteජයවේවා..!!
ඉතාලිය පැත්තෙන් ආධාරයක් අරන් දෙන්න.
Deleteඅපි උදව් කරමු...
ReplyDeleteමට හිතෙන්නේ ගෙයක් හදල දෙන එක ඒ තරම් අමාරු වෙන එකක් නැහැ...
සරළ විදිහට කරන්න පුළුවන් ලොකු වියදමක් නොයන විදිහට...
ඔව් ලොක්කයියෙ.. අද කෙනෙක් යනවා ඉඩමේ පිහිටීම බලාගෙන එන්න.ඉඩමෙ අයිතිය ගැනත් ටිකක් හොයලබලලම ස්ථිර ඉදිකිරීම පටංගන්නයි හිතුවෙ.
Deleteකට්ටියම ඉන්න නිසා හිතට බයක් නෑ..
ජයවේවා..!!
කතාව බොහොම සංවේදියි ලබ්බෝ.හැකි විදියට උදව් කරමු.අර අතන වාර්තාව කියල හදපන්.
ReplyDeleteහැදුවා...තැන්කූ හැලප අයියෙ.ඔව්.. අපි හැකි විදිහකට උදව් කරමු.
Deleteජයවේවා..!!
අපි හැමෝම එකතු උනොත් ලොකු දෙයක් කරන්න පුලුවන්. ලොකු දෙයක් ඕනෙ නෑ. දුවට කරදර නැතුව ඉගෙනගන්න පුලුවන් පරිසරයක් හදමු.
ReplyDeleteපුලුවන් හැම දෙයක් ම කරන්නම්.
අන්න හරි කසුන්..සමඟිය බලය වේ කියල කියන්නෙ කට කහනවාටයැ.. හෙහ්හෙ
Deleteඅපි මේ වැඩේ කරමු
ජයවේවා..!!
මේ ළමයට උදව් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා...
ReplyDeleteපුළුවන් සිතූ...රැඳිල ඉන්න.දන්වන්නම් විගසින්ම.
Deleteජයවේවා..!!
ලබ්බා... මේ උඹද? පුළුවන් දෙයක් කරමු...
ReplyDeleteහිහි හී.. සජ්ජා.. මේ නම් උඹම තමයි.අනිවාර්යෙන්ම අප් මේ දේ කරමු.
Deleteජයවේවා..!!
අපි බලාපොරොත්තු නොවුනට අදත් ජීවිතේ වෙනුවෙන් බොහෝ අරගල කරන මිනිස්සු ඉන්නවා. ඒත් අපිට ඒ හුඟක් දේවල් පේන්නේ ඇහෙන්නේ නෑ. අන්න ඒකයි අවාසනාව.
ReplyDeleteජයලාල් රෝහණ මහත්තයගේ කතාව මම ෆේස්බුක් එකේ ශෙයාර් වෙද්දී ඇහුවා. ජීවිතේ දවසක ජය ගන්නවනම් අන්න ආදර්ශයට ගත යුතු අපේම මිනිස්සු. වෙන ලොකේ ඉන්න චරිත ඕන නෑ.
ඔව් මචන්.. මේ පැහැදිලිවම වීරයෝ.
Deleteඅපි අපට පුළුවන් විදිහට ඒ අරගලයට සහායක් වෙමු මචං.. අපතේ යන්නෙ නෑ.
ජයවේවා..!!
//'අපේ නංගි කෙනෙක් නං මේ වැහි බීරමේ මඟ දාල යනවද? ක්ලාස් පරක්කු උනාට කමක් නෑ.මෙයාව ගෙදරට දාල යං.'//
ReplyDeleteනියමයි මචං.. නියමයි
කවුරු උනත් මෙන්න යාලුවා උඹට මගේ සැලියුට් එක !!!!
පත්තරේ මේ කියන මල්ලිව තාම මම දැකල වත් නෑ ඒත් මෙහෙම කොල්ලො එක්ක වැඩකට බහින්න බය නෑ බං..අද කාලෙ හරිම කලාතුරකි ඇහෙන කතාවක්.
Deleteජයවේවා..!!
This comment has been removed by a blog administrator.
Deleteහරිම සන්තෝශයක් වගේම ශක්තියක් දැනුනා මේ ප්‍රතිචාර දැකපුවාම.
ReplyDeleteඔව්.. අපි යමක් කරමු..
අපි ඊයෙ දවසෙ සොයා බැලීමක් කරා මේ දරුවන් සහ පවුල ගැන.අද දවස වෙනකොට අදාල පැල්පත සහිත ඉඩමේ ඡායාරූපයක් ලැබෙන්න නියමිතයි.
පියවර කීපයකින් ඉදිරියට යන්න තමයි දැනට අපි කතා වෙන්නෙ.ඒ සඳහා ඔබගේ අදහස් දැක්වීමත් උපකාරයත් ප්‍රයෝජනවත් වේවි.
මෙහෙ වැස්ස පටන් අරන්.හවසට හොඳට වහිනවා.
මූලිකවම නොතෙමී ඉන්න අවශ්‍ය පහසුකම් ලබාදීල වඩා හොඳින් සැලසුම් කරලා ඔවුන් නඟාසිටුවිමට අත දිය යුතුයි කියලයි ගස්ලබ්බට හිතෙන්නෙ.
සෝඩා බෝතල් න්‍යායට අහු උනොත් ඒ 'සංකීරණ' පවුලෙ අහිංසක දරුවො කබලෙන් ලිපට වැටෙන්න පුළුවන්.
මේ සඳහා ඔබගේ උපදෙස් අවශ්‍යයි.
1)සෙවිලි තහඩු ඇතුළු සීමිත ගොඩනැගිලි ද්‍රව්‍ය කීපයක් සපයා මූලික පැලැස්තර විසඳුමක් සැපයීම.
2)දරුවන් ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මූලික වියදම් වත් සපුරා ගැනීමට අරමුදලක් ඇතිකිරීම සහ එහි භාරකාරීත්වය.
3)නිවෙසක් ඉදිකර දී ඔවුන්ටත් මනුශ්‍ය කියන තත්වය අත්විඳීමට සැලැස්වීම.
වියලි ආහාර පාර්සල් කීපයක් සැපයීම ගුරුම්ණ්ඩලයේ කීප දෙනෙකු සිදු කරන බව පැවසුවා.බැංකු ගිණුම ගැන අදහසක් ලබාදෙන්න.
ඔව්.. අපි ඔවුන් වෙනුවෙන් යමක් කරමු.
Delete>1)සෙවිලි තහඩු ඇතුළු සීමිත ගොඩනැගිලි ද්‍රව්‍ය කීපයක් සපයා මූලික පැලැස්තර විසඳුමක් සැපයීම.
තාවකාලික සහ ඉක්මනින් ප්‍රතිචාරයක් විදියට මෙය වඩාත් හොඳයි.
>2)දරුවන් ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මූලික වියදම් වත් සපුරා ගැනීමට අරමුදලක් ඇතිකිරීම සහ එහි භාරකාරීත්වය.
සාමාන්‍යන් සිදුවිය යුත්තෙ දරුවගෙ අධ්‍යපනය සඳහා මාසිකව වියදම් ආවරණය කරගන්න දරුවට අවශ්‍ය විටක මුදල් ලබා ගැණිමට පහසු වන ලෙස ගිණුමක් ඇර එම ගිණුමට මුදල් බැර කිරීම (මේ ආකාරයට අප දැනටම කටයුතු කරනව).
මෙහිදි දරුවට උදව් කරන මම කැමති බව කලින් කමෙන්ට් එකක මම කියල තියෙනව. සරලව කියනවා නම් මේ දරුව වෙනුවෙන් සෘජු අනුග්‍රාහකයෙක් මඟින් අප ඇගෙ ගිණුමට මුදල් දාන්න කැමති. එවගේම ඇගේ පුද්ගලිකත්වය සමාජා ජාල හරහා ප්‍රසිද්ධ වීමක් සිදුවන්නෙ නැ. :)
ඔබ කැමති නම් මේ වෙසක් මාසෙ ඉදන් ඒ වැඩෙ කරන්න පුලුවන්.
>3)නිවෙසක් ඉදිකර දී ඔවුන්ටත් මනුශ්‍ය කියන තත්වය අත්විඳීමට සැලැස්වීම.
මේ කාරණය වඩාත් වැදගත් නමුත් මේ වැඩෙදි නම් ගිණුම ඔබ විසින් හෝ ඔබේ මිතුරකු සමඟ බද්ධ ගිණුමක් ලෙස අරඹන්න. ගෙයි හදන්න වගකීම ගන්න ඔබම මූල්‍ය වගකීමත් ගන්න.
අංක 2 සහ 3 කාරණා සඳහා වෙන වෙනම ගිණුම් දරුවාගෙ සහ ඔබේ නමින් තියාගන්න එක ලෙසි.
04. මුදල් කොච්චර තිබ්බත් මේ දරුවගෙ ප්‍රශ්න සියල්ල විසදෙන්නෙ නැ. එනිසා ඔබේ මැණියන් හෝ වෙනත් අයෙක් මේ දරුවගෙ ගැටලු සඳහා අවදානය යොමු කිරීමෙන් රටට ඵළදායි දරුවකු බිහි කිරීමට ඉහල් වනු ඇත.
ඔබ සහ ඔබේ මිතුරන් කරන සත්ක්‍රියාවට හදවතින්ම සුබ පතනව!
:D
ReplyDeleteජයවේවා..!!
Start a bank account and public on your name. Best person to handle this is you. No one else. Cas you know either side. As long as you work openly and transparently every one would support. Keep update all the people involved through an email thread and also using blog.
ReplyDeleteDecide what most required and do it first
That idea is good. Decide how many roofing sheets require for a permanent house and bring them first. And build a tempory shelter using them without damaging. Then go for the main objective I.e. the house. Simple and achievable plan. Choose correct people.
Meantime lookafter the kids welfare and education.
A fund for future can be generated after the main event.
I'll discuss with Nelumyaya ppl and contribute our best.
For all of this call/ email me first. :)
All the best!
Has to be publish not public. :)
Deleteකමිය කියල තියෙන දේට මාත් එකඟයි.
Deleteගෙයක් සදා දීමට ප්‍රථම ඔවුන්ට නිත්‍යානු කුලව හිමි ඉඩමක් ද කියලා සොයාබලන්න නැතිනම් ඔවුන් දනට් සිටින ඉඩම ඔවුනට නිත්‍යානුකුලව ලබා දෙන්න නැතිනම් පසුව ඔවුනට එහි නියම හිමිකම නොලැබීම නිසා සාදාදුන් නිවසත් නැතිවේවි
Deleteහොඳ අදහසක්.. ඉඩම නිරවුල් කර ගන්න එක..
Deleteඑකඟයි.මේ ගැන වැඩ කටයුතු සිද්ධවෙමින් පවතිනවා.අපරාදෙ මහන්සිය වතුරෙ දාගෙන බෑ නෙ.
Deleteඑකඟයි.මේ ගැන වැඩ කටයුතු සිද්ධවෙමින් පවතිනවා.අපරාදෙ මහන්සිය වතුරෙ දාගෙන බෑ නෙ.
Deleteමේ දරුවට ඉගෙනීම සඳහා ඇය උසස් අධ්‍යාපනය අවසන් කරන තෙක් මාසිකව උදව් කළ හැකියි. මම ඇඩ් එකක් දානව කියල හිතන්න එපා. ඔබට දැනගන්න අවශ්‍ය නිසා කියන්නෙ. අපි යාලුවො කිහිප දෙනෙක් එකතුවෙලා මේ වගේ ළමයිට උදව් දෙනව. http://www.akura.org/new-year-with-akura-scholarships/
ReplyDeleteගෙයක් හදන වැඩෙටත් පුද්ගලිකව උදව් දෙන්නම්.
බොහොම ස්තූතියි නවීන්.මේ දින වල පවතින අධික වර්ශාවෙන් ඔවුන්ගේ ඉඩම් යටවීම නිසා ඈත ප්‍රදේශයක ඤාතියෙක් වෙතට හදිසියෙන්ම තාවකාලිකව ඔවුන් ගිහින් තියෙනවා. ඔවුන් නැවත පැමිණි වහාම අපට ඇරඹිය හැකියි.දැරියගේ පන්තිභාර ගුරුතුමිය හරහා දරුවන්ගේ කටයුතු සම්බන්ධීකරණය කර ගැනීම වඩා යෝග්‍ය බැවින් ඔවුන් පැමිණි වහාම මා ඔබව සම්බන්ධකරගන්නම්.
Deleteජයවේවා..!!
ජයලාල් රෝහණගේ වීඩියෝව සම්බන්ධ කර ලියපු තවත් බ්ලොග් පොස්ට් එකක් හමුවුනා ..http://helmalu.blogspot.com.au/2016/05/blog-post_15.html
ReplyDeleteමාවත් දැනුවත් කරන්න මේ ගැන. කැමතියි සම්බන්ධ වෙන්න. අනන්‍යතාවය අවශ්‍ය නැහැ
ReplyDeleteඅනිවාර්යෙන් උපේක්සා ගේ සහය අපේක්සා කොරමි.වරුසාව හිංදා එයාල ටිකක් දුර ගිහින්.ආපු ගමන් වැඩේ පටන්ගන්නවා.
Deleteජයවේවා..!!
අපි ඔට්ටුයි උදවු කරන්න
ReplyDeleteඔව් කස්සා..අපි එකතුවෙලා කරමු.වරුසාව හිංදා එයාල ටිකක් දුර ගිහින්.ආපු ගමන් වැඩේ පටන්ගන්නවා.
Deleteජයවේවා..!!
https://web.facebook.com/SamajaSathkara/?_rdr
ReplyDeletehttps://web.facebook.com/Daneshmaduranga?_rdr
සහෝදරයා, ඔය මම උඩින් දාලා තියෙන ලින්ක්ස් වලට ගිහින් බලන්න. දිනේෂ් මධුරන්ග කියන්නෙ තමඟේ ජීවිතයේ පෑය 24න් වෑඩි කොටසක් සමාජසේවයට කෑප කරන මල්ලි කෙනෙක්. එයා ෆේස්බුක් එකේ කට්ටිය එකතු කරගෙන කරන වෑඩසටහන් ඔයාට බලන්න පුලුවන් ඔය ඉහල තියෙන ලින්ක්ස් වලින්. එයා දෑනටමත් අසරණ පවුල් කීපයකට ගෙවල් හදලා දුන්නා. ඉතින් එයාට ඔය වෑඩේ ගෑන සෑහෙන අත්දෑකීමක් තියෙනවා. ඔයාට පුලුවන් එයත් එක්ක සම්බන්ධවෙලා අවශ්‍ය විස්තරයක් දෑනගන්න.
Buddhika
බොහොම ස්තූතියි බුද්ධික.මම ඔහුව සම්බන්ධකර ගන්නම්.
Deleteජයවේවා..!!
හිතවතුනි, වැඩසටහන ඇරඹුනා... ඔබට එක්වෙන්න පුළුවන් මේ ලිපියේ විස්තර දක්වලා තියෙනවා.
ReplyDeletehttp://gaslabba.blogspot.com/2016/06/ii.html
ජයවේවා..!!
Obagen dena ganeemata yamak etha topic eke nevilr fernando yanuwenuth sadahan wenne ei
ReplyDeleteIğdır
ReplyDeleteAdana
Karabük
Diyarbakır
Antep
R6UY12
Ankara
ReplyDeleteVan
Hakkari
Edirne
Yozgat
CAY4Z3
görüntülüshow
ReplyDeleteücretli show
0ROH
https://titandijital.com.tr/
ReplyDeletemalatya parça eşya taşıma
bilecik parça eşya taşıma
antalya parça eşya taşıma
hakkari parça eşya taşıma
K5E
ankara parça eşya taşıma
ReplyDeletetakipçi satın al
antalya rent a car
antalya rent a car
ankara parça eşya taşıma
Q4MM03
8EE05
ReplyDeleteArtvin Evden Eve Nakliyat
Tunceli Evden Eve Nakliyat
Mardin Evden Eve Nakliyat
Manisa Evden Eve Nakliyat
Bingöl Evden Eve Nakliyat
6BE37
ReplyDeleteEtimesgut Fayans Ustası
Tekirdağ Cam Balkon
Çankırı Parça Eşya Taşıma
Mardin Evden Eve Nakliyat
Bingöl Şehir İçi Nakliyat
Nevşehir Şehirler Arası Nakliyat
Uşak Şehir İçi Nakliyat
Yenimahalle Boya Ustası
Ünye Evden Eve Nakliyat
1E4E1
ReplyDeleteMefa Coin Hangi Borsada
Çerkezköy Marangoz
Yalova Evden Eve Nakliyat
Niğde Parça Eşya Taşıma
Çorum Evden Eve Nakliyat
Ünye Çelik Kapı
Bitlis Lojistik
Ünye Kurtarıcı
Pancakeswap Güvenilir mi
E35F9
ReplyDeleteTekirdağ Rastgele Görüntülü Sohbet Ücretsiz
maraş sohbet muhabbet
Ağrı Chat Sohbet
aydın görüntülü sohbet odaları
sakarya ücretsiz sohbet odaları
Ankara Sesli Sohbet Siteleri
görüntülü sohbet kızlarla
görüntülü sohbet kızlarla
canli sohbet
4ACD0
ReplyDeletebursa canlı sohbet odaları
bolu sesli sohbet odası
trabzon görüntülü sohbet yabancı
Sinop Parasız Görüntülü Sohbet Uygulamaları
giresun görüntülü sohbet kızlarla
hatay kadınlarla rastgele sohbet
çanakkale bedava sohbet chat odaları
manisa telefonda rastgele sohbet
rastgele sohbet siteleri
D28DD
ReplyDeleteAmasya Rastgele Sohbet Uygulaması
Samsun Telefonda Kızlarla Sohbet
canlı sohbet siteleri
ankara görüntülü sohbet uygulamaları ücretsiz
sivas en iyi rastgele görüntülü sohbet
kayseri en iyi rastgele görüntülü sohbet
Ankara Görüntülü Sohbet Canlı
osmaniye sohbet sitesi
sohbet odaları
3D8C6
ReplyDeletebilecik canlı sohbet odaları
mardin sohbet
uşak chat sohbet
canlı sohbet siteleri
Kocaeli Görüntülü Sohbet Sitesi
uşak rastgele görüntülü sohbet ücretsiz
Ardahan Kadınlarla Görüntülü Sohbet
tekirdağ mobil sohbet siteleri
bingöl sesli sohbet sesli chat
C2E05
ReplyDeleteGate io Borsası Güvenilir mi
Görüntülü Sohbet
Bitcoin Nasıl Oynanır
Loop Network Coin Hangi Borsada
Okex Borsası Güvenilir mi
Threads Takipçi Satın Al
Youtube İzlenme Hilesi
Referans Kimliği Nedir
Bitcoin Kazanma
شركة مكافحة النمل الابيض B3UKcE2cFQ
ReplyDeleteC3AA70BAD3
ReplyDeletetakipçi arttırma
F87304616B
ReplyDeletetakipçi instagram
8BB053762A
ReplyDeletetakipci satin al mobil odeme
ADD0E3EA88
ReplyDeletetakipçi satın al
türk takipçi satın al
bot takipçi
TL Trafik Cezası Nedir
Referans Kimliği Nedir
Yunan Alfabesi Harfleri
Theoria Ne Demek
MLBB Hediye Kodu
TL Trafik Cezası Nedir
443555C80C
ReplyDeletetıklayarak coin kazan
kayıt ol coin kazan
butona bas coin kazan
coin kazan
oyun oyna coin kazan