Wednesday, December 30, 2015

දිසාපාමොක්


පොප්ලර් ගස් දෙකක් අතරට
ලණු දමා බැනර් ඇදගෙන
ගොම පිරුණු අස්ස ගාලක
පිටපලු බංකු මත සිට
ෆ්‍රී කාඩ් ගත් අලන්තීනායි
කාර බැඳගෙන
දේදුණු පාට විප්ලවයකට
එක එකාගේ ශුක්‍රාණු හොයන
අකුරු අතරින් සිහින විකුණන
චංගුමී සීඩී අතින් ගත්
දුයිශෙන්....
උඹට ආදරෙයි මම

Wednesday, December 16, 2015

කැච් යූ ලේටර්..


හායි වට්ස් අප් බෙබ්..
වයි ආ යූ ලාස්ට් නයිට්... 
ආවෙ නා නෙ චැට් එකට.?
ඕ.. පාටීස්..
හරි වෙනස් කල්චර් නේ?
සැලරි හොඳට ඇති උයාට
ඩොන්ට් ස්මෝක් ඉන්ෆ්‍රන්ට් ඔෆ් මී මෙයා
උයා දන්නවානෙ..
මම මැරිකරන්නෙ නා අනේ..
ජොබ් එක කරගෙන ඉන්නවා..
නෙක්ස්ට් වීක් ???
ම්..ම්.. ම්.....ම්..
නෙක්ස්ට් වීක් ඕකේ..
මම ආදරේට ආදරෙයි 
අයි ලයික් යූ කලූ....
ගොඩක්ම
වට්ස් යුවර් ප්ලෑන්ස්..?
ඩ්‍රීම් කා එක..?
අව්වෙ ඉන්න එපා...අයියො
කොල්ල කළු වෙනවනෙ...
ඒ.. මාරයි අවුරුදු ගානක් නේ..
ඕ ශිට් හැපන්ස්..?
ඔයා පව් අයියෝ...
ආයෙත් ජොබ් කරමු අපි
ශිට් හැපන්ස් අගේන් ඇන්ඩ් අගේන්??
රිකවර් වෙන්නකෝ...
අයිම් ලිට්ල් බිට් බිසී අනේ...
හරි ටයඩ්..
කැච් යූ ලේටර්..


Saturday, December 5, 2015

'ලයිට්නිං රොක්ස්'


'හ්ම්ම්.... ලයික්ස් සීය පැනලා.'
පහන් ට හරි සතුටක් ආව පැයක් ඇතුලෙ ලයික් සීයක් ගන්න තරම් ෆේක් ලෝකෙ 'පොරක්' වෙන්න හැකියාවක් ලැබීම ගැන.
ඒ මදිවට කොමෙන්ට් වැටෙන්නෙ පෝලිමට.
'ලයිට්නිං රොක්ස්' පහන්ගෙ ෆේස්බුක් ෆේක් එකවුන්ට් එක.
දවසෙන් දවස බොහොම අමාරුවෙන් ගොඩනගා ගත්තු ප්‍රොෆයිල් එක.පැය විසිහතරම ලයික්,කොමෙන්ට් වැටෙන ඒ වගේම ගොඩක් පෝස්ට් වලට මෙන්ශන් වෙන ප්‍රොෆයිල් එක.

සකර්බගා පිට පිට හදාගත්තු එකවුන්ට් වලට කෙලිනකොට සැලෙන්නෙ නැතිව තමන්ගෙ නම කොන්ටිනිව් කරපු එක අපතෙ ගියේ නෑ.
කොටින්ම ඊ මේල් අකවුන්ට් හදන්න වෙනම සිම් එකකුත් ගත්තා.
හෙහ්.. පැයට ලයික් සීයයි.රජ උනා වගේ යකෝ....

'අම්මියෝ... ෆීලිං හැපී යකූ..!'

ලයිට්නිං රොක්ස් ස්ටේටස් අප්ඩේට් කලා.

ඕ ලෙවල් විභාගෙ හිංදා වැඩිය සෙල්ලං දාන්න නම් බැරි වෙයි.ඒත් විභාගෙ වෙනුවෙන්ම දාගත්තු හෙයා කට් එකේ ෆොටෝ එකක් දාන්න ඕනෙ.
තමුන් හෙයා කට් එක කොපි කරගත්තු නළුවගෙ ෆොටෝවක්ම පොඩි එඩිට් පාරක් දාල පෝස්ට් කරලා දැම්මා.
වැදගත්ම දේ තමයි 'ලයිට්නිං රොක්ස්' අබිරහස් චරිතයක් වීම.
මලාට වත් තමුන්ගෙ රියල් ෆොටෝවක් ෆේක් එකේ නොදාන්න පහන් පරිස්සම් උනා.

ඒත්.......

විභාගෙ ඉවර වෙලා හම්බුනු නිදහස් කාලය ගෙවිලා ගියේ හරි වේගෙන්..
අප්ඩේට්ස් දාන්න ඕන නිසා හැමදාම අලුත් දේවල් ඕන කලා.
ඩප්පියක්,පැණියක්,ඔතපු පැට්ටෙක් අතේ තියාගෙන වගේ 'අමුතු' ෆොටෝස් දාන්නත් ඒ වගේම ලොකු ටෝක් දෙන්නත් 'ලයිට්නිං රොක්ස්' පුරුදු උනා.

කවුරුත් ගේමකට නම් ආවෙ නෑ.
වචනයක් මිස් උනත් විනාස කරලා දාන්න තරම් චක් ගෝලයො රංචුවක් තමුන් වටේ දැං නම් ඇත්තටම ඉන්නවා කියලා හිතෙනකොට පපුව පිරෙන්න හුස්මක් ගන්න පහන් අමතක කලේ නෑ.
ඉස්සර නම් කෙල්ලොංගෙ නම් වලිනුත් පහන්ම අකවුන්ට් හදාගෙන 'ලයිට්නිං' නෝටියාත් එක්ක තලහා වෙවී හුලතල් වෙලා ප්‍රමෝට් කරගත්ත හැටි හිතෙනකොටත් හිනා... හෙහ් හෙහ්...


ඒ මොනා උනත් මේ ටික කාලෙක ඉඳන් චැට් කරන 'සෝස බබී' පහන් ගෙ හිත ටිකක් හොලවන්න සමත් උනා.
ටිකෙන් ටික පැයෙන් පැය බබී එක්ක චැට් එක වැඩි උනා විතරක් නෙමෙයි ඒ වෙනුවෙන්ම වෙනම අකවුන්ට් එකක් හදාගන්නත් දෙන්නම පියවර ගත්තා.
මොකද 'ෆේක්' ලෝකෙ එයාලා ගොඩ නඟාගත්තු කීර්තිනාමය(?) නැති වෙනවට දෙන්නම කැමති උනේ නෑ.

කියන විදිහට නම් 'බබී' සිරාවටම පොශ් කෑල්ලක් වගේ.
ලොකු කමකුත් නෑ හැබැයි.
රජයේ සේවකයො වෙච්චි පහන්ගෙ දෙමවුපියන්ට වත් තාම වාහනයක් ගැන හිතාගන්නවත් බැරි උනාට
'ෆීලිං ක්‍රේසි' කියලා බබී අප්ඩේට් කරන්නෙ බී.ඇම් සුක්කානම් අල්ලගත්තු ෆොටෝස්.
මොනා උනත් 'බබී' ගැන කාටත් නොකියන්න පහන් හිතාගත්තා.
අමුතු අමුතු කවි කෑලි 'ලයිට්නිං රොක්ස්' පෝස්ට් කලත් වැඩි විස්තරයක් කාටවත් කිව්වෙ නෑ..



ගෙදරට දාහක් බොරු කියලා හෙට කොළඹ යන්න සෙට් කරගත්තෙ මොන ගේමක් දීලද...?
පහන්ට මොනව උනත් දෙගිඩියාවක් නොදැනෙනවත් නෙමෙයි.
දඹදිව ගිහිං ආපු ලොකු අම්මා ගමනේ වරුනාව අම්මත් එක්ක කියවන ගමන් එහෙං ආරංචි උන ඕප කිලෝ පිටිං අතාරින අතරෙ කියපු කතාවක් සැරින් සැරේට පහන්ගෙ හිත උඩට මතු උනා.
ළමයිව රවට්ටගෙන ගෙනිහිං වකුගඩු....,ලේ.... අරගෙන විකුණන ජාවාරම් එහෙම බර සාරෙට එහෙ තියනවා කියල කියපු කතාව,  තනියම..,නොදන්නා නගරෙක..., නොදන්නා කෙනෙක්ව... මුලින්ම හම්බවෙන්න යන පහන්ගෙ හිත හෙල්ලුවත්.,
'බබී' ගෙ චැට් එක ඒ ඔක්කොම පසුගාමී හැඟීම් වේලලා කර කරල ම දැම්මා.


වාව්.... වට ෆකිං ඕසම් ෆීලිං.......!!!

ජොයින්ට් ගැහුවට හෑශ් පාරක් පහන්ට සෙට් වෙලාම තිබුනෙ නෑ.
'සෝස බබී' එක්ක,
ලොකු හෝටලේක....
ලොකු කාමරේක.....
ලොකු ඇඳක....
 ඒසී දාගෙන තුරුළුවෙලා බබීගෙ කටින් රොක්ස්ට දාපු චයිනීස් පාර තරම් ෆීලිං එකක් පහන්ට ආයෙ දැනිලම තිබුනෙ නෑ..

වාව්.....!!

කොළඹ ගමන් වැඩි උනාට ඇඳුම් පැලඳුම් වෙනස් උනාට ගෙදර ඇත්තන්ට ඒ වෙනස එච්චර මීටර් උනෙ නැත්තෙ ඒ ලෙවල් ක්ලාස් යනව කියලා ලේසියෙන්ම ගෙදර ශේප් කරගන්න පහන්ට හැකියාවක් තිබුනු නිසා.

ඒත් වැඩියෙන්ම දවස් ගෙවුනෙ කාගෙ කවුද? ඉන්නෙ කොහෙද? වෙන එකක් තියා ඇත්ත නම වත් මොකද්ද කියල දන්නෙ නැති (වැඩකුත් නැති.) 'සෝස බබී' එක්ක එක එක ජාතියේ හෝටල් වල කියල දැනගෙන හිටියෙ පහන් ම විතරයි.


දවසක් ගෙදර එනකොට පහන්ගෙ මේසෙ උඩ ලියුමක් තියෙනවා.
එවල තියෙන්නෙත්.......ආ... ගිය මාසෙ ගමේ කොල්ලො සෙට් එකත් එක්ක එකතුවෙලා පංසලේ කරපු ලේ දන්දීම ට ස්තූති කරලා වෙන්න ඇති.
තමුනුත් ලේ දන් දීපු ඒ වැඩසටහන නැගලම ගියා විතරක් නෙමෙයි
 'ගමට රටට වැඩදායී තරුණයෙක්'  විදිහට ලොකු හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම පහන් ගැන හැඳින්වීමකුත් දෙන්න තරම්ම සාර්ථක උනා.
ඒක ඕගනයිස් කරන්නත් එක එක ආයතනත් එක්ක ලියුම් ගනුදෙණු කරපු නිසා මේ ලියුමටත් ගෙදරින් වෙනම වටිනාකමක් ලැබිලා තිබුනෙ නෑ..


වට්..? හෝලි ශිට්...!


පහන්ට නිකන්ම කියවුනේ කවරෙ ඇතුලෙ තිබුන ලියුමෙ ලෙටර් හෙඩ් එක දැක්ක ගමන් මයි.


'ජනන ඉන්ද්‍රිය මඟින් බෝවන රෝග පාලනය කිරීමේ ඒකකය'

Sunday, November 22, 2015

දෙවියො මමයි



ගෙවා කහවනු ඇති විටෙක
උනන සළු පිළි
හිරි නැතිව ඔබ
පතිනි වරමට තනිව
කියයි ඇති අයිතිය
ඊශ්වර තෙවන ඇස
විදා දවමින්
නැත දෙවන වරමක්
'අපොයින්මන්ට් ෆික්ස්' නැතිව..





Monday, November 16, 2015

අසනීපද අයිසෙ?



ඔන්න අද කතාව.අහල දැකලා තියෙනවාද අග මුල නැති වැල්..?? ඔය පොල් වතු වල එහෙම තියෙන්නෙ...?  ඒ වගේම ජාතියක් තියෙනවා අග මුල නැති ලිපි.
දැකල නෑහ්..??
හෙහ්.. ඔන්න තියෙනව එකක් එහෙනම්.බලමුකො ඒක කොහොමද කියලා හොඳේ..

අද උදේ ටීවී බලනකොට ඩෑල් එකක් කියනවා ආසියාවෙ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ඉන්නෙ ලංකාවෙ ලු.ඒ වගේම කාන්තා ආයු අපේක්ශාව 76ට ටිකක් වැඩියි පුරුෂ ආයු අපේක්ශාව 72යි කියලා.සාක්ශරතාවය ගත්තත් හොඳ ඉලක්කමක් කිව්වා දැං මතක නෑ.

රායිට්...

ගස්ලබ්බ එක්ක කලින්(අවුරුද්දකට විතර කලින්) වැඩකරපු චීනෙක් (ඌ ඇත්තම ඉංජෙක්.) අහනවා ලංකාවෙ සිටිසන්ශිප් ගන්නෙ කොහොමද? පොඩ්ඩක් හොයලා කියන්න පුලුවන්ද කියලා.
ඇයි කියලා අහපුවාම ඌ කිව්වෙ එහෙ මිනිස්සු පාර අයිනෙ මැරිලා යනවා හෙම්බිරිස්සාව වැඩි වෙලා නියුමෝනියාව හැදිලා.
බෙහෙත් පෙත්තක් ගන්න සල්ලි නැති නිසා.
බහුතරයක් බොහොම අඩු අධ්‍යාපනයක් ලබන්නෙ.. මොකද ඉදිරියට ඉගන ගන්න සල්ලි නැති නිසා.
ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් ඉතිං වාසනාව තියෙන්නෙ ඕනෙ කියලා.
ඌට උගෙ ළමයට 'මානුශික අගයන් එක්ක' ජීවත් වෙන්න ඉඩදෙන්න පුළුවං ලු ලංකාවෙ පදිංචි උනොත්.. ඔන්න කතාව පටංගත්ත හැටි.
ඉවර උන හැටි දෙන්නටම මතක නෑ ඩැයිවර් මලයගෙ කරේ නැගලා වාහනේට පැටවුන නිසා..
කොහොමත් ගස්ලබ්බගෙ හිතට තදට වැදුනු කතාවක් මේක.මොකද එකට ඉස්කෝලෙ හිටපු කීප දෙනෙක්ම චීනෙ ගියා ඩිග්‍රි අරන් එන්න.
මක්ක හරි අවුලක් තියෙනවා..


පාට් වන්.

ඔය කාලෙම තමා ගස්ලබ්බ ඇස්සිඩන්ට වෙලා රෝහල් ගත වෙන්නෙ.
යන්නෙ මාතර රෝහල් හදිසි අනතුරු අංශෙට.
ගෙනියන්නෙ වීල් පාක් එකේ කොල්ලො සෙට් එක.
උංගෙ පෙනුමෙයි ගස්ලබ්බගෙ පෙනුමෙයි මහ ලොකු වෙනසකුත් නෑ..
අතේ රබර් වලලු දාල,තොප්පියක් දාල ටී ශර්ට් එකක් ගහලා උන්නෙ.ඉතිං දාහක් ප්‍රස්න අහලා ඇතුල් කර ගත්තෙ.
ආපු ඩොකා බඩ මැද්දට රැවුල වවපු තම්බියෙක්.ඌ මුලින්ම අතේ වලලු ගනින්න පටං ගත්තා.කිණ්ඩි ටෝක් ඉශූ කර කර.මිනිහා ගනන් කරලා ඉවර වෙන්න කලින් ගස්ලබ්බගෙන් සැරට අහගත්තා මොකද පොඩි වෙලා ලේ බේරෙන කකුල් දෙකක් බදාගෙන කෑ ගහන ලෙඩෙකුගෙ අතේ රබර් වලලු ගනින එක ලොකු කර ගත්තු නිසා.
ඌ ගියා..
පස්සෙ වෙන ඩොකෙක් ඇවිත් ඉතිං ගානට වැඩේ ගියා...(කියල හිතුවා.)
රැයක් එලි වෙනකන් ට්‍රොලියක ට වෙලා උන්නා.
'අර බස් එකට පැනපු කොල්ලා' විදිහට නාම කරනය වෙලා එක්ස් රේ ගන්න ගියා.
එක ගෑණියෙක් බැන්නා.
තව කෙනෙක් හිත හදලා ශක්තිමත් කලා..
විවිධ දේ උනා.
රෑ නමයට ඇඩ්මිට් කොරපු එකා පහුවදා දවල් දොලහට තියටර් දැම්මෙ.
ඒ වෙනකොට දෙපාරක්ම විවිධ කෝණ වලට එක්ස් රේ කීපයක්ම අරගෙන.
ස(ර්)ජන් ඩොකා නිකන්ම ක්‍රේප් බැන්ඩේජ් දාල හරි යවන්න කියන කොට ගස්ලබ්බ ආයෙත් කට ඇරියා.
ඒකෙ ප්‍රතිපලයක් විදිහට මිනිහා අස්ථි පිපිරීම් තුනක් හොයාගත්තා.
ඌ තනිකර පිස්සෙක්.
එලියට එනකොටම ගෙදරින් ඇවිල්ල හිටියා..
ටිකට් කැපුවෙත් නෑ කෙලින්ම හයිවේ දාල තමයි පස්ස බැලුවෙ.

හොස්පිටිතාලෙකට යනකොට කොන්ටැක්ට් එකක් එක්කම යන්න ඕනෙ කියලා තහවුරු වෙලා තිබුන නිසා ගස්ලබ්බ යන්න ප්ලෑන් කරපු රජයේ හොස්පිටිතාලෙ හිතවත් ඩොකෙකුට කතා කලා.
මෙන්න මිනිහ කියනවා
'මලේ අද සර් ඇවිත් ගියා.හෙට ඉරිදා.එන්නෙ නෑ.ආයෙ සඳුදා එන්නෙ.එතකන් උඹට පැරසිටිමෝල් එකකට වඩා දෙයක් දෙන්න වෙන්නෙ නෑ ආවට.ඇඳනුත් නෑ.ගෙදර ඉඳලා සඳුදා වරෙන්.' කියලා.

ඔන්න ඊට පස්සෙ තුවාල සඳහාම ප්‍රසිද්ධ ඩොකෙක් ලඟට ගස්ලබ්බ යනවා තුවාල හොඳ කරගන්න.. එතකොටයි දැන ගන්නෙ මැහුම් දාන ඕන තුවාල වලටත් මැහුම් නොදා තියලා.
දැං පමා වැඩියි.ටිකක් කල් යයි හොඳ වෙන්න කියලා.
එතකොටයි ගස්ලබ්බට තේරුනේ හොස්පිටිතාල වල ඉන්නව නම් කට පාලනය කොර ගන්න ඕනෙ කියලා.

*මේ සියල්ල වෙනකන් සත පණහක් වත් ප්‍රතිකාර සඳහා වැය වෙලා තිබුනේ නැත.
Medical care
Nursing care
Drugs
Injections
Surgical Items
Laboratory
Linen
Medical Procedures
X-Ray
etc                                                                          
                                                                                           Total- 0.00 LKR


පාට් ටූ 

මාස පහක විතර විවිධ ප්‍රතිකාර අවසානෙ දෙපයින් නැගිට්ට ගස්ලබ්බා ආයෙත් ජොබට යනවා.
බලන කොට එතන අලුත් ලොක්ක කියනවා අබ්බගාතයින්ට ජොබ් කරන්න බෑ කියලා.
ඒක අහලා අර සිටිසන්ශිප් ගන්න අහපු චීනා අලුත් කොම්පැණියක් සෙට් කරලා දෙනවා අර ප්‍රොජෙක්ටුවේම.

එතන වැඩ ඉතිං ඕසෙට..
අවුලක් නෑ.මාස පහක් ගෙදර උන්නු එකේ එරියස් කවර් කොරන්නත් එපැයි.
ඔහොම ජොබ කරාන ආතල් එකේ ඉන්නකොට තමයි දෙවනි හෙනේ පාත් වෙන්නෙ.
එක්වරම මාසයක් විතර ඇතුලත ආයෙත් ගස්ලබ්බ ඇඳටම සීමා වෙන තරමටම ආබාධිත වෙනවා.
ඩොකා ගෙන් ඩොකාට මාරු වෙමින් ගියාට වේදනා නාශක සහ චේතනා නාශක වලින් එහාට දෙයක් ලැබෙන්නෙත් නෑ.
සුවයකුත් නෑ.
ඔන්න ඉතිං ගස්ලබ්බ යනවා හොඳම ඩොකෙක් කියපු කෙනෙක් ලඟට.
එයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගස්ලබ්බට ඇඩ්මිට් වෙන්න කියනවා 'ප්‍රයිවට්' හොස්පිටිතාලෙක.
එතෙන්ට විතරයි එන්නෙ කියලත් කියනවා.
දැං මොකේද දං වලඳන්නෙ..?
අම්මලාට ගිහිං බඩු ටික ගේන්න කියලා උදෙන්ම ඇඩ්මිට් වෙන්නම් කියලා ගස්ලබ්බ යාලුවෙකුගෙ බෝඩිමකට ගිහින් හොඳට අනුමත වෙලා පහුවදා උදෙන්ම ගස්ලබ්බිත් එක්ක යාලුවාගෙ කාර් එකේම යනවා ඇඩ්මිට් වෙන්න.

'එන්න සර්.. කවුද පේශන්ට්? මේ ෆෝම් ෆිල් කරල දෙන්න සර්.. රූම් නේද සර්..?'

ගණන් මිනුම් අහල තිබුන නිසා ගස්ලබ්බ කිව්ව

'නෑ නෑ.. වෝඩ් බෙඩ් එකක්' කියලා.

අරකිගෙ මූණෙ හිනාවෙන් කට කපලා තුන් කාලක් මැකිලා ගියා.
රා....යිට්. ඔන්න ඇඩ්මිට් උනා.
චෙකප් පටං ගත්තා.සෑර් සෑර් කියලා හිනා වෙලා බොහොම විනීතව..
අම්මට සිරි වෙන සැලකිල්ල.
ඉන්න ඉන්න ආස හිතෙන සීන් එක.
ඩොකත් ඇවිල්ල බලල දඬු කඳේ ගැහුව වගේ වැලි කොට්ට එල්ලලා ගියා.
දවසින් දවස යනවා.
ඔන්න සර්,මිස්ට ගස්ලබ්බා බවටත් පත් වෙලා.

මේ වෙනකොට හොඳට හිතවත් උන ඇටෙන්ඩන්ට් කෙනෙක් කියනවා

'සර් ල වගේ හැමෝම කතා කරන්නෙ නෑ... රෙස්පෙක්ට් එකේ ඉන්නවා.එතකොට තමයි මිස්ල උනත් සලකන්නෙ..'

අරකයි මේකයි ඒකයි විස්තර ගොඩයි...

ඔය සතියටම හොස්පිටිතාලෙ රෙකමන්ඩ් කරපු ඩොකා ආවෙ තුන් සැරයයි.
අනික් වෙලාවට හිටපු පොඩි ඈයො ප්‍රස්නයක් අහපුවාම උත්තරයක් වත් දෙන්න හයියක් නැති කර අඹපු උන් වගෙයි හැසිරුනේ.

ටිකට් කපලා ඔන්න බිල දුන්නා..
දැං නෙ තේරෙන්නෙ ...
සර් කියනවාටයි......,හිනාවෙනවටයි.....,ගුඩ් මෝනිං කියන්වාටයි.....
එක්කමද මංදා බිල.

බිල දුන්නට පස්සෙ ඇහේ මානෙන් පිට නොයන්න නොතේරෙන්න මුර කාවල් වැටෙනවාකියලත් මේ උන්න දවස් ටිකේ ගස්ලබ්බට මීටර් වෙලා තිබුනෙ.

බිලත් ගෙවලා ගෙදර ඇවිත් බෙහෙත් බීලා.. බීලා.. බීලා.. ආයෙ එන්න කිව්ව 'එතෙන්ටම' සතියකින්.

සතියක් යනකොට තිබුන අමාරුව කලින් විදිහටම වැඩි වෙලා ඊටත් වඩා අමාරුයි.
ඉඳලා... ඉඳලා... ඉන්දලා...
ඔන්න ඩොකා ආවා.
ඇවිත් චෙක් කරා.
"MRI එකක් කරන්න ඕනෙ.තව බ්ලඩ් චෙකප් ටිකකුත් කරන්න ඕනෙ.ඒ ටික කරගෙන සතියකින් එන්න.අපි බෙහෙත් ටිකක් වෙනස් කරමු" කියලා
බෙහෙතක නමක් කිව්ව.
ගස්ලබ්බ කිය්යනවා 'ඩෝක්,ඕක තමයි ඉන්නකන් මට අයි.වී දුන්නෙ' කියලා.
ඩොකා ඊට පස්සෙ
'ආ.. එහෙමද? එහෙනම් ... කියල තව එකක් කියනවා.
' ගස්ලබ්බ ආයෙ කියනවා
'ඩොක්,ඕක තමයි පහුගිය සතියෙම බිව්වෙ' කියලා
ඩොකා ආයෙ කියනවා
'ම්ම්.. එහෙනම් අරක ප්ලස් මේක' කියලා.
ඊට අමතරව කියනවා
'ලෙඩේ එන්න එන්න වැඩි වෙනවා... තාම අයිඩියා එකක් නෑ මොකද්ද කියලා.MRI එකෙන් පස්සෙ බලමු.'කියලා.

ඒ ටිකත් කොරා කියමු.
මේ...............න්න මෙච්චර බිලක් ඒකටත්.
කමක් නෑ හොඳ වෙනව නම්.

නිරීක්ශන.

*රජයේ විශ්ව විද්‍යාල වයිද්‍ය සිසුන් ගේ ගුණාත්මකබව පුද්ගලික වි.වි වයිද්‍ය සිසුන් ගේ ගුණාත්මක බවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් පවතී. {එක හා සමාන කාරණා සඳහා ගස්ලබ්බාව මේ දෙපිරිසම පරීක්ෂකයක් ලෙසට යොදාගත් අතර ඔවුනට පිළිතුරු දෙමින්ම ගස්ලබ්බා ඔවුන්ව පරීක්ෂාකලා.}
පුද්ගලික වි.වි.වෙද සිසුන් මුදල් වැය කරමින් පොෂ් කැම්පස් උප සංස්කෘතිය මෙහි මවාගත්තත් ගුණාත්මක බව (ආකල්පමය වශයෙන්ද ඇතුලුව.) බොහොම පහල අගයක ඇති අතර එය වර්ධනය කිරීමට කිසිවෙකුත් උත්සාහ නොකරයි.

*ගස්ලබ්බා පරීක්ශා කල ඩොක්. අවසාන තෝරාගැනීම ලෙසට තෝරාගත්තේ රට වටේම නමක් ඇති විශේෂඤ්ඤ වයිද්‍යවරුන් මොහුගේ ගෝලයන් බව ඔවුන්ම කියනා බැවිනි.නමුත් පුද්ගලික වෙද සිසුන්ට යම් උපදෙසක් දීමට ගොසින් ඔහු පච උනේ ප්‍රයිවට් බස් කොන්දොස්තරකෙනෙක් මගියෙකු හා තර්ක කරන ආකාරයක් සිහි කරවමින්.මුදල් එතරම් බලවත්.

*මුදල් නොමැති නම් ලෙඩ නොවනු.
(දැනට MRI උපකරණ ඇත්තේ කොළඹ සහ නුවර පමණක් වන අතර ඒ සඳහා දිගු පෝලිම් පවතී.ප්‍රයිවට් නම් ඇත.නමුත් ගිණි ගණන් ය.)

* රජයේ හා පුද්ගලික කියා වෙනසක් නැත.ලෙඩා තමන් ගැන අවධානයෙන් සිටිය යුටුය.නැත්තම් සොරි ය.

*රජයේ ඔසුසලෙන් ලැබෙන ඉංදියන් බෙහෙත විස්වාසයට ගත නොහැකි නිසා රජයේ රොහලේම ලෙඩුන්ටත් පිට ෆාමසි වලින් වෙළෙඳ නමට බෙහෙත් හැනීමට සිදුවී ඇත.රෝහලේ බොහෝ විට බෙහෙත් නැත.

*රජයෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි හමුවේ කෙසේ හෝ තමුන් වෙත් පැමිනෙන ලෙඩුන් මැනේජ් කරගන්නා රජයේ රෝහල් කාර්ය මණ්ඩලයට ගරුත්වයක් හිමි විය යුතුය.මක්නිසාද එකා දහයකගේ වැඩේ (බොහෝවිට.) කරනා බැවිනි.

*සෞඛ්‍ය සේවය දිය කරමින් පවතින අතර එය වෙළෙඳාමක් බවට පරිවර්තනය කෙරෙමින් පවතී.

ප.ලි.

සීනි භාවිතය හා බුරි පිලිබඳ චක්‍රලේඛණ නිකුත්කිරීමට පාලකයන් ඉතා කඩිනමින් ක්‍රියාකරයි.


අධ්‍යාපනය ගැන වෙනම කතා කරමු.

Tuesday, November 3, 2015

සමා අවසර මිනිට්ටුවකට




මහත්තයෝ

මෙට්ටය ඇජස්කර

පොවන්නම් බෙහෙත්

උගුරින් උගුර තිතටම

ඇක්සයිස් දෙන්නම් කලට වේලට

බෙඩ්පෑන් ගඳ නෑ සුවඳ කොට
මොණර කොල...

සමා අවසර මිනිට්ටුවකට
වාත තෙල් ජුණ්ඩක් 
පෙන්නලා එන්නම්

ඉදිමිලා ගිණිගන්න දණියට
........

Friday, September 18, 2015

'මාමේ...'


අවුරුදු තුනක්ම ගෙවිල ගිහිං කියල දැනුනෙ ආයෙ ලංකාවට ගොඩ බැහැපුවාම.කාටවත්ම නොකියම මවුබිමට ආවෙ ඇයි කියලා මට තාම තේරෙන්නෙ නෑ.. බැරි වෙලාවත් කිව්ව නං එහෙම මෙතන එකම කලබලයක් වගේ තියෙයි..
අම්මව අප්පච්චිව බලන්න ආසයි..
ඒත් කොහේදෝ නැති උදාසීන බවක්...

ඕන කෙහෙල්මලක් කියලා ජොබ් එකත් දමල ගහල ආවෙ මේ හැඟීමෙන් මිදෙන්න.. ඩිප්‍රෙස් වෙලාද කියලා හිතුනත් එහෙ ඩොකා කිව්වෙ නම් චේන්ජ් එකක් ගන්න.එතකොට හරියයි කියලා.

ටැක්සියක නැගලා මීගමුවට ගියෙත් කිසිම හැඟීමක් නැතිව.
ඔක්කොම ලට්ට ලොට්ට දාගත්තත් බැගේජ් දෙකේ තවත් ඉඩ තිබුන නිසා ඒවා තනියම ආංබාං කරගන්න පුලුවන් උන එක ලොකු දෙයක්..
බ්‍රවුන්ස්බීච් එකේ මුහුදට මූණ දාපු හෝටල් කාමරේ සුවපහසුයි..
පිස්සුද මංදා..
කාලෙකින් මවුරටට ඇවිත් ගෙදර නොගිහිං හෝටල් ගානෙ ලගින්න.. හෙහ් හෙහ්...

කාලෙකින් නොලැබුනු අත්දැකීමක් ගන්නත් එක්කයි මිනිස්සුන්ගෙ මූණු බලන් ඉන්නයි තියෙන ආසාවටයි නගරයේ පයින් රවුමක් ගහන්න හිතුනෙ..
පෙට්ටි කඩේකින් ප්ලේන්ටියක් ගහලා ගෝල්ලීප් දුමක් ඇදලා විටකුත් කටේ දාගත්තම ඇත්තටම සැහැල්ලුවක් දැනුනා..
ඒ කාලෙ සයිට් වල වැඩ කරනකොට වාගේ..

හුරු පුරුදු සුවඳයි රසයි එක්ක එහේ මෙහේ දුවන්න හදන හිත් පොඩිය ඔතලා කිහිලිගන්නගෙන පාරවල් දිගේ අරමුණක් නැතිව ඔහේ ඇවිදන් යන්න පටං ගත්තෙ මේ සංකර වෙන්න දඟලන කෙල්ලො දැකල වත් වෙනසක් වෙයිද බලන්න..

පාරවල් ටික නම් ඉස්සර තරං ට්‍රැෆික් නෑ..
යනගමන් විස්සෙ කණුවෙ සුරුවම ලඟ සරත් අයියා ඉන්නවාද බලන්න ඕනෙ.
පොර අපිට ජරාව දුන්නෙ නෑ නෙ.පිරිසිදු අහස්කූරු නැත්තං 'නෑ මල්ලියේ' කියලා ගුලි දෙක තුනක් දීලා අපිව පිටත් කරන්න තරං මිනිහා හිතවත් උනා.. ඒත් ඌ දැං හිරේ විලංගුවේද දන්නෙත් නෑ..


පාරෙන් එහාපැත්තෙ හිටපු අවුරුදු තුන හමාරක් හතරක් විතර පොඩි එකා
"මාමේ..."
ගාන සද්දෙට නැවතිලා බැලුවෙ අද දවසේ රාජකාරිමය නොවන දේකට කතා කරපු පලවෙනි සහ එකම කෙනා ඒ පොඩි එකා නිසා..

ඒත්...

ඒත් එක්කම පොඩි එකා පාරට පැන්නා..
 එතකොටම තමයි මහ හයියෙන් හෝන් ගහගෙන ලයිට් දාගෙන ප්‍රාඩෝ එකක් පාරදිගේ ආවෙ...
හිතන්න වෙලාවක් නෑ...
එක පාරටම පාරට පැනලා දරුවව තුරුල් කරගෙන අයිනට පනිනවා ලාවට මතකයි.


කූං සද්දයක් එක්ක මිනිස්සු කෑ ගහනවා ලාවට ඇහෙන්න පටං ගන්නකොටම වගේ තමයි බොඳ වෙවී පෙනුන දේවල් පැහැදිලි වෙන්න ගත්තෙ..

නිල්පාටයි කහ පාටයි මිශ්‍ර වෙච්ච ලස්සන සූට් එකත් ඇඳගෙන ඉන්න පොඩි එකා මගෙ මූණ අතගානවා..

මම මැරිලද??

වෙන්න බෑ.. උරහිස පැත්තෙන් වේදනාවක් දැනෙන නිසා මැරිලා වෙන්න බෑ..

'අනේ මගේ පුතා........'

 කියලා කෑ ගහගෙන ආපු ගෑණු කෙනෙක් පොඩි එකාව වඩාගෙන දූවිලි පිහින්න ගත්තා..
වටේ මිනිස්සු අත දික් කර කර කෑ ගහන්නෙ ඒ ගෑණු ළමයට බනිනවා වෙන්න ඇති.

ඒත් එක්කම හැරිල බලපු ඒ කෙනා...

"රන් අයියෙ ඔයා...??"

කියලා මොහොතක් බලං ඉඳලා දරුවත් වඩාගෙනම පේමන්ට් එක දිගේ දුවගෙන ගියා... ගිහිං වංගුවෙන් හැරිලා නොපෙනීම ගියා...

වටේ මිනිස්සුන්ගෙ කාලගෝට්ටිය පැහැදිලිව ඇහුනෙ නෑ..
අහගන්න ඕන කමක් තිබුනෙත් නෑ..


ඒත් ඒ එයාමද? වෙන කවුද "රන් අයියා" කියලා කතා කරන්නෙ..

කල්පනා ලෝකෙ පැටලිලා ඉන්නකොට පියවි ලෝකෙට ආවෙ කව්දෝ මාව කිහිලි අස්සෙන් අත දාල උස්සනවා දැනෙනකොට.. 
මට කරදරයක් නැති බව කෙටියෙන් කියලා ඉක්මනට ගැලවෙන්නයි ඕන උනේ.. 
ඒත් එතන හිටපු ත්‍රී වීල් මල්ලි කෙනෙක් බලෙන් වගේ මාව පටවගෙන හෝටලේට එක්කයන්න පිටත් උන නිසා  සහනයක් ලැබුනත් ඒකත්  තාවකාලික උනේ උගෙ කට ඔක්කොටොම වැඩියෙන් වැඩකරන්න උනු නිසා.. 

පොඩි එකා පාර පැන්න හැටි,..
වාහනේ ආපු හැටි,..
මම පැනලා පොඩි එකාව බේර ගත්ත හැටි.. ....
නැත්තං පොඩි එකා චප්ප වෙන හැටි....
වාහනේ නවත්තන්නැතිව ගිය හැටි.. 
ළමයි හදන්න දන්නෙ නැති අම්මලායි උන්ගෙ අම්මලයි... 



ආයෙ කං දෙක කූං ගාන නිසා වීල් එක පාර අයිනෙ නවත්තන්න කිව්වෙ තැඹිලි ගෙඩියක් බොන්නම නෙමෙයි.
කන්දොස්කිරියාවෙන් බේරෙන්න.. 
මූ ආයෙත් තැටියෙ ප්‍රතිවාදනේ පටංගත්තෙ තැඹිලි කපන මනුස්සයා එක්ක... 

එහෙං මෙහෙං තැඹිලි උගුරක් දෙකක් ඇඟට වැටෙනකොට පොඩි පනක් ආපු බව තේරුන නිසා වීල් මල්ලිට නොවඳිනා වැඳුම් වැඳලා හෝටලේට පයිං යන්න අවසර ගත්තෙ.

පව්.. ඌ සල්ලි ගත්තෙත් නෑ කොටිංම තැඹිලි ගෙඩියට සල්ලි දෙන්න දුන්නෙත් නෑ.. 

හිත හොඳ කොල්ලෙක්.. කතා කරානම් හොඳයි.. 
ඒත් මට ඕනෙ ඉක්මනටම තනි වෙලා මොකක්ද මේ උනේ කියලා ආයෙ කල්පනා කරලා බලන්න.. 
හිත හිරි වැටිලා වගේ..


ඉර බැහැගෙන එන අහස අස්සෙන් මුහුදු රැළි මාව හොයාගෙන එනවා පේනවා.. 

ඒ එක එක රැල්ලක් එක එක වචනයක් ගානෙ ගෙනල්ලා මේ පැටලුම ලිහාගන්න දෙන උදව්ව අහක දාන්න මට හිතුනෙ නෑ..

මුහුද දිහා බලං ඉන්න හැටි දැකපු රූම් බෝයි මලයා ගෙනල්ල දීපු ජොයින්ට් එකයි ගෝලීප් පැකට් එකයි තව තවත් මාව හාන්සි පුටුවට තද කරලා බැඳල දැම්මා..

දැං මුහුදු රළ අහන ප්‍රස්න වලට උත්තර දෙන්නම වෙනවා... 
නැත්තං වේගෙං එන රළ පාරක් ගල් කුළුවල සද්දෙට ගසලා සුදු පෙණ නංවලා මට තර්ජනය කරන්න මුහුදු රළ පැකිලුනේ නෑ..

ඔව්.. ඒ ගෑණු ළමයා එයාම තමයි.. 

මට රන් අයියෙ කියන්නෙ නෑ නෙ එහෙනම්.

තාම මතකයි බෝඩිමේ හිටපු කාලෙ.
කෑමෙන් බීමෙන් සැලකීමෙන් කිසි අඩුවක් නෑ.
ඇන්ටිගෙ පොඩි පුතා බොක්ක හොඳ කොල්ලා.මිනිහගෙ වෙඩින් එක ලස්සනට කරගන්න දිවා රෑ නොබලා වැඩ කලේ ඒ හොඳ කමට ප්‍රතිචාරයක් විදිහට.
ඒත් ඒ ගෙනාපු කෙල්ල කොහොම මුට සෙට් උනාද මංදා.අහංකාර කම විතරමයිද කොහෙදෝ ලඟ තිබුනේ.


මලයා මාසෙකට සැරයයි ගෙදර එන්නෙ.
දැං මාත් එක්කත් වැඩි ඇසුරක් නෑ.ඒත් කාලයක් යනකොට මොකක් හරි ලොකු අවුලක් තියෙන බව කට්ටියගෙ හැසිරීමෙන් දැනුනා.. 
එක පාරටම ගෙදරට ආපු කෙල්ලගෙ අම්මලා ගිහින් තිබුනෙ ඒ ගෑණු ළමයට හොඳටම  ගහල බව ඇන්ටි මට කිව්වෙ පස්සෙ....
මලයා දවසක් මගෙ කාමරේට ඇවිත් අඬ අඬ කිව්වෙ පුළුවං උදව්වක් කරන්න.. නැත්තං කෝච්චියට හරි පනිනවා කියලා.
එහෙම කියල ඌ ගියා.. 
මට මුකුත් තේරුනෙත් නෑ.. මම ඇහුවෙත් නෑ..

ගෙදර පරිසරය වෙනස් උනා.
මට සැලකීම වැඩි උනා.
තනියම බියර් එකක් ගහන වෙලාවට බිත්තරයක් වත් බැදලා දෙන්න ඇන්ටි කාරුණික උනා.
කන පිඟාන සෝදන එකටත් අර ගෑණු ළමයව සම්බන්ද උනා.
ඇත්තටම අපි හිතවත් උනා.
කොටිංම මම 'රන් අයියා' උනා
.
හදිස්සියේ ඇන්ටිලා වන්දනා ගමනක ගිය එකත්,,,,නංගියි මමයි බොඩිමේ තනි වුන එකවත්,,,,මහ රෑ බාත් රූම් එකේ නංගි කිසිම හානියක් නැතිව ලෙස්සලා වැටුනු එක වත්,,,,කාමරයට උස්සගෙන යන්න වීමත්,,,,ක්‍රීම් ගාන්න වීමත්.......
එතනින් එහාටත්....................... 
උන දේවල් අහම්බයක් කියලයි මට හිතුනේ...


ඒත් එක සැරේටම නංගි ගැබ් ගත්ත හැටි.. 

තනියට එක්කගෙන එන පුංචිඅම්මට කාමරේ දෙන්න කියලා මට වෙන බෝඩිමක් හොයා ගන්න කියපු හැටි.. 

කොටින්ම මාව පන්න ගත්ත හැටි...

මට තේරුම් ගන්න බැරි උනා.. 

හිත රිදුනා වැඩි කමට මම තෝරගත්ත රට ඇරලා යන තීරනේ විසඳුමක් නෙමෙයි කියලා තේරෙන්න අවුරුදු තුනක්ම ගියා...





මේ ඔක්කොම කියන කන් මුහුද හූ මිටි දුන්නා විතරයි..

පොද වැස්සක් පටං අරං.. 
ඈත මුහුදෙ නැවක් එක සැරේටම දිග..ට නලාව සද්ද කලා.. 
පොඩි බෝට්ටු කාරයෙකුට වෙන්න ඇති.. 
පොඩි මාළු හොයාගෙන එක් දින පන්න කරන අය රෑට මුහුදු යනවනෙ.. 

පොඩි මාළු හරි ගුණයි කිය කිය කන යාලුවෙක් මට හිටියා.. ඌ දැං ඩොකෙක්.රට ඉන්නකොට දවසක් හම්බෙලා අඩියකුත් ගහලා ගියේ.. 
එදත් කිව්වෙ පොඩි මාළු ගැන.. 

ම්ම්ම්ම්.............

එච්චරමද? 

පොර වීඕජී කෙනෙක්.මිනිහගෙ අරුම පුදුම ලෙඩෙක් ගැන කිව්වෙ.. 
පිරිමියාගෙ සදාකල් නොහැකියාවක් තියෙද්දි,ඒකට බෙහෙත් ගන්න ගමන් ළමයෙක් හදපු හැටි ගැන කිව්වෙ.. 


මොනවා....????

ඒ... ඒ.. විස්තරේ හරියටම ගැලපෙන්නෙ බෝඩිමේ මල්ලිටයි නංගිටයි.. විතරමයි..


වැස්ස හොඳටම වැඩි උනා..

ඩෝං ගාලා හෙනයක් මගෙ කණ ලඟින්ම පිපිරුනා... 

මුල මැද ඔක්කොම එකට ගැට ගැහිලා පෙනෙන්න පටං ගත්තා.. දරුවා වඩාගෙන මගෙන් ඈතට නංගි පැනලා දුවනකොට ජීවිතේට මාව නොදැකපු පොඩි එකා 'මාමේ...' කියලා අත දිගු කරපු හැටි මැවෙන්න පටං ගත්තා..


විදුලි කොටන එලියෙන් මගෙ ඇස්වලින් බේරෙන කඳුළු දැකලද කොහෙදෝ....
මුහුද එක දිගටම සුළං එව්වා... 
කඳුළු වේලන්න.. 

දෙපාරක් පණ දීලත් පුතේ කියන්න බැරි උන ආත්මානුකම්පාව පියෙකුගේ දෑසින් දිගින් දිගටම ගලාගෙන ගියා..

Saturday, September 5, 2015

රෙද්ද තමයි..



පණ කෙන්ද රැක දෙන්න
ගිය ගමන වැරදුනා
අම්මාට පව් නොමැත
පීනන්න බැරි උනා


ලොකු සාදු නෑයෙක් ලු
පංසල්ම හතරක් ලු
කාල ඇඳලා ඉන්න
පවුලටම නම්බුයි ලු


පිරිසිදුව ඉන්නෝන
දෙවියො අදහන්නෝන
ලේ ගලන චූ පැටියා
රටම අල්ලන්නෝන


අළුත් කිරි බඩුවක් ලු
මයිල් ඇදිලත් නෑ ලු
කාත් කවුරුත් නෑ ලු
පෝලිමට යමු යාලු


තුවක්කුවෙ තරමටත්
උසනොමැති උව නුඹත්
පිහියකින් කපාපං
ලේ සුවඳ බලාපං

.
නිවාසෙට හාල් ටික
මොණර මිටි මගෙ බඩට
කිරි සුවඳ කඳුළු කැට
මිළ බැහැල නෑ තාම



රෙද්ද තමයි..



ප.ලි.
සිරියානු සිඟිත්තයි දොස්තර රුවන් ගෙ මෙන්න මේකයි සෑහෙන්න රිදෙව්වා..

Wednesday, August 19, 2015

අපට ඕනෙ....!!


අවුරුදු දහස් ගණනක් රාජාණ්ඩු යටතේ එක්තරා වැඩවසම් මොඩලයකට හිරවෙලා මුළු ලෝකෙම තිබුනනෙ.ඉතින් ශ්‍රී ලංකාවෙ අපිත් එහෙමමයි.හැබැයි 1505න් පස්සෙ හම සුදු සෙට් එකක් එයාලගෙ කිරීටයට අපිව යටත් කොරගන්න ට්‍රයි කරා මේ දූපතේ දේවල් ටික අයිති කොර ගන්න.(ඇත්තටම එහෙම කර ගත්තා.)එයාල ඔන්න යනවා මෙන්න යනවා කාලෙදි වගේ නෙ මේ පාර්ලිමේන්තු ක්‍රමය අපට දීලා ගියේ.
ඉතින් අපිට ඕක එහෙම්මම සැට් වෙනවා ද?
සෑහෙන්න ගොඩ.

එතකොට මොකක්ද අවුල?
ආ.... ඒක මෙහෙමයි..

මේ ආසන්න මාස කීපෙ ශ්‍රී ලංකාවෙ වීරයා කවුද?
කවුද?

කවුද?

හා කවුද?

ආරංචි විදිහට මෙයා ගල් බලකායෙ ගරු තනතුරකට උනත් පත්වෙන්න සුදුසුයි.

බස් එකේදි කඩපිලේදි ලංවෙලා ඇහුවත්..
ලෑන්ඩ් ෆෝන් එකට හෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා ඇහුවත්..

ඕන කෙනෙක් කියන්නෙ....................

මැකෝ හෙන වීරයා කියලා.

ඉතිං මැකෝ වීරයෙක් ද?
ඔව්.

කොහොමද?
නිර්භීතව සෘජුව බලය පාවිච්චි කරලා තමන්ගෙ ඩියුටිය කරපු නිසා..

ඒකට ඕන මහජන විශ්වාසය සහ නිලධාරීන් ගේ අවනත භාවය ලැබුනෙ කොහොමද?
අතීතෙ ඉඳන් කොරපු දේවල් තියෙනවා.ඒත් ආසන්නතම සහ ප්‍රමාණවත් දේ උනේ අර අවම බලය ටෝක් එක නෙ..

'අවම බලය මොකටද? ඔලුව කුඩු වෙන්න තියන එකනෙ..' වගේ කතාවක් ජනාධිපතිවරනෙ කාලෙයි,
මහ මැතිවරණ කාලෙ කියපු
'පාතාලෙ හැමෝම මිනිස්සු නෙ.. කවුරුත් හෙණරාජ තයිලෙ ගාල එන්නෙ නෑ නෙ.. එන කෙනෙකුට පෙනෙයි පාවිච්චි කරන බලය' වගේ කතාවයි..
කතාවක් කිව්වට ටෝක් ඉෂූ කරපු නිසා ලංකාවම හෙල්ලිලා ගියා..

ඡන්ද මැශිම වෙච්ච එස්.බී කියන කාලකණ්ණියා පවා හැඳි ගෑවිලා ගියා..

එස්.බී. කියනකොට මතක් උනේ... ප්‍රයිවට් කැම්පස් සීන් එක.මිනිහත් හෙන ඒකාධිපති සීන් එකෙන් කොල්ලන්ගෙ ඔලු පළලා ප්‍රයිවට් යුනිවසිටි වැඩේ කලා නෙ.හැබැයි හොඳ වැඩක්.. කරපු ක්‍රමේ තමයි වැරදි.උදේ පාන්දරම ඩොකා ල හදලා මිනිහා හිතුවෙ වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක් ද කියලා මොනවා හරි කඩ ටිකක් අටවන්න ලයිසොන් දෙන්න.එහෙම කොරලා බෑ..නියම ක්‍රමේකට සැලසුමකට ළමයින්ට ඉගෙනගන්න චෑන්ස් එක දෙන්න ඕනෙ..හැමෝටම රජයේ කැම්පස් යන්න බෑ.. හැමෝටම ඩිග්‍රි ගහන්න රට යන්නත් බෑ.ඉතාමත් සුපරික්ෂාකාරී නිරීක්ශණ සහිතව ප්‍රයිවට් යුනිවර්සිටි දාන්න ඕනෙ.. නැත්තම් කොම්පැණි කාරයො පිස්සු කෙලලා සල්ලි වලට ගේම ගහනවා..

ඉතිං... මේ වැඩේ කොරන්න පුලුවන් කාටද?
ඒකාධිපතියෙකුට ඇර වෙන කාටද?

හැබැයි සොඳුරු විදිහට..
(අර ධවල පත්‍රිකා ගෙනාවා වගේනම් නෙමෙයි දෙයියනේ..)
ඔළු පලලා නෙමෙයි.

දියුණුයි කියන රටවල් වේගෙන් දියුණු උන එකේ රහස මරණ බය.ඒක හංගන්න දෙයක් නෑ.
කොළඹ ලස්සන කරන්න,වැස්සට යට නොවෙන්න කාණු පද්ධතිය හදාගන්න අනවසර ඉදිකිරීම් කඩලා දාන්න ගෝඨා පාවිච්චි කළේ මරණ බය.
සිංගප්පූරුවෙත් සේම්..
ජපානෙ ඔලුව උස්සන කාලෙ කී දෙනෙක් බඩගින්නෙ මලා ද?
අපිටත් කැප කිරීම් කරන්න වෙනවා.
ගේම අදින්න කර ගහන්න කෙනෙක් ඕනෙ.
මහින්ද යුද්ධෙට කර ගහලා තාම ඔය අහගන්නෙ යස අගේට..
අපිට කොච්චර කරත් වැරදියි..
අන්න ඒක නිසයි ඒකාධිපති වෙන්න සිද්ධ වෙන්නෙ..

කෙලින්ම කිව්වෙ ගේම නම් ගේම...
දැඟලුවොත් මරණවා කියලා.මරණ බය දැනෙන්නම ඒත් හිනා වෙවී..

අච්චර සීනියර් වාසුට මළ පන්නලා වැදගත්ම කරුණු මතු වෙන එක වලක්වලා පකයා කියලා කියවපු රනිල් ට මේවා එච්චර ගේම් නෙමෙයි..
ඒත් බලය නැති සතායි බලය ඇති සතායි වෙනස් නෙ. මහින්ද මාමා රජතුමා වෙලා අප්පච්චි උනා වගේ මොන මොන වෙස් පෙරලෙයිද දන්නෙ නෑ නෙ.

ඒකාධිපති විදිහට බලය පාවිච්චි කරමින් තීරණ ගන්නා යම් පුද්ගලයෙක් වටා එකතු වෙලා තමන්ගෙ ඇඟ බේරගෙන අරයගෙ නම විකුණගෙන වැඩ කරන්න තමයි අපේ කස්ටිය ආස...
පහු ගිය අවුරුදු 64 දිහා බලනකොට වැඩ වෙලා තියෙන්නෙ එහෙමයි.
ඒ අතරෙන්ම රාජ ඌෂ්නෙ ඇඟට ගහපුවාම වටේ උන්ටත් ඒක බෝ වෙනවා.ඉතිං ගම් වර,පඬුරු පාක්කුඩම්,නම්බු නාම ඕන වෙනවා.රජකම තියාගන්න ඕන දෙයක් තමන්ගෙ වගේ දීලා අන්තිමේට කිච වෙනවා..

මේ ඔක්කොම ප්‍රායෝගිකව අපි අත් දැක්කා..

සාර්ථක ඒකාධිපති ක්‍රමයක් හරහා නිවරදි දැක්මකින් කුහක නොවී හරි දේවල් ඉදිරියට ගෙන යන්න බය නැති
ශ්‍රී ලංකා කොම්පැණිය නොවී මේක රටක් විදිහටම තියාගෙන ගේම ගහන
'පොරක්' අපට ඕනෙ..

මං අහන්නෙ එතකොට... 
මෙහෙම හරිද? 
වෙන විදිහක් අපට ඇත්තෙම නැද්ද? 
මේකද ක්‍රමේ??
මඤ්ඤං අප්පා..

Monday, August 3, 2015

කසාද බැඳීම යනු.... යනු..යනු...


කතරගම පෙරහැර.. දෙවුන්දර පෙරහැර හිංදලු කියනවා මෙහාටත් පෙරහැර වගේ වහිනවා..
එකකට පස්සෙ එකක්.. ආයෙ එකක්..
අතරතුරේ මඩ නාගෙන වැඩ..
ආයෙ මඩ හේදෙන්න වැස්ස..
(දේශකයා ගේ වැස්ස නෙමෙයි.. අනේ එහෙම වත් උනා නං..)

ඉතිං මේ වැස්සට පිණිබාලා එහෙම තෙමිල ඇති උනාම වළාකුළු උඩට එහෙමත් යනවා... එහෙම ගියාම  ගස්ලබ්බටත් අමුතු අමුතු කල්පනාවන් පහල වෙනවා..
අරක යනු මෙහෙම ය.. මේක යනු මෙහෙම ය.. වගේ..
මේ එහෙම එකක්...
ඉස්සරහට වැස්සොතින් තව තව දේවල් හිතේවි.. ඒවත් එතකොට ලියන්න බැරියැ..

මෙන්න නෝනාවරුණි.. මහත්වරුණි..

උපකල්පන මත පදනම් තියරි අංක එක..

කසාද බැඳීම.

දැං මෙහෙමයි.. මේ බැඳිල්ලට ඇවිල්ලා ලවු කොරන්නම ඕනෙ.
පරපෝසල් උනත් (පර- අන්‍යයන්, පෝස ල්- පෝශනය කරන්නාවූ) ප්‍රොබේශන් කාලයක් තියෙන්න ඕනෙ.
ඒක තමා ලවු කොරන කාලෙ.
මෙහෙමයි වෙන්නෙ.


****හරකෙක් ගහක බැඳීම= කසාද බැඳීම****

කලබල වෙන්න එපා.. කියවලා බලන්නකෝ...

ගස්ලබ්බා ගස්ලබ්බිව හම්බුවෙලා යෝජනා පාර දාන වෙලාවෙ කියපු දෙයක් තමයි...
"මම නිදහස් වෙන්න ආසයි... ඔහේ යනවා...
ඒත් එහෙම වැඩක් නෑ නෙ..
එක කේද්‍රයක් වටේ කැරකෙන්න ඕනෙ.ඒක තමයි ලෝකෙ හැටි..
ඔන්න ඉරයි ග්‍රහලෝකයි බලන්නකො.. අන්න එහෙම..
(ඔන්න ගස්ලබ්බා ගොනා උනා.)
කේන්ද්‍රය දිහාට ඇදගන්න බලය තමා ආදරය..
ඒක එන්නෙ කේන්ද්‍රය පැත්තෙන්..
මගේ කේන්ද්‍රය තම ඔයා..''

(ඔන්න ලණුව බෙල්ලෙ දාගෙන අනිත් කොණ අතටම දුන්නා.)

ඔන්න දැං තමයි වැදගත්ම ටික.

ලණුව අතට දුන්නයි කියලා කොට කරගෙන ගහටම තියලා අල්ලගෙන ඉන්න සමහරුන් කැමතියි.
ඒත් මොන ගොනාද එහෙම ඉන්නෙ...?
ඔන්න ටික කාලෙකදි ඌ දඟලන්න ගන්නවා.
නිදහසක් නොලැබුනොතින් පිඹලා.. පොලොව හාරලා කඹේ කඩා ගන්නවා.. සමහර විට ලණුව අල්ලගෙන ඉන්න අයට ඇනලත් තමයි යන්නෙ..

ම්ම්ම්ම්... ඒ කියන්නෙ කඹේ කොටම කොරන්න හොඳ නෑ..

ඔන්න සමහරක් අය හිතනවා
'අනේ... මූ අතටම කඹේ දුන්න නෙ.ඉතිං එහෙමම ඉඳියි' කියලා..

මොනා...

මූ ගොනා..

ඔන්න ටික දවසකින් අයාලේ යනවා.. කෙහෙල් කොටු,අනුන්ගෙ වතු වලට පනිනවා..

එකම දෝස්මුරයයි..

සමහර විට වෙන කොටුවක එකෙක් බැඳ ගන්නත් බැරි නෑ.. සමහර විට කැති පාරක් උනත් ලැබෙන්න චෑන්ස් එක තියේ..

ඒ කියන්නෙ ළමායි.. අතෑරලා දාලත් හරියන්නෙ නෑ..!!

මක්කෙයි එතකොට කොරන්නෙ...???


කොරන්නෙ මේකයි..


ලණුව ටිකක් දිග වැඩි උනාට කමක් නෑ..

මොකද දිග ආදර ලණුවක් බෙල්ලෙ තියෙන එකා ලණුවෙ කොනටම යන්නෙ නෑ..

අව්වෙ තැපලා වමාරං කන්න.. කොක්කු පිටේ තියගෙන කං හොල්ල හොල්ල ඉන්න එහෙම නිදහසක් තියෙන්න ඕනෙ.
ගහ මුලින් වතුර බාල්දියත් එක්ක ඉඳලා හිටලා පුන්නක්කු බාල්දියක් එහෙම ලැබෙන්න ඕනෙ..
ඔය ටික හුරු උනාම කඹේ ලිහල දැම්මත් ගොනා ගානට ගහ මුලට එනවා..
උට වෙන තැං හරියන්නැති වෙනවා..
ඔය අස්සෙ අනුන්ගෙ කොටු අස්සට පොල් පැල වලට එහෙම හොම්බ පොවනකොට පොඩ්ඩක් ආදර ලණුවෙන් ඇදල කරලා ගොනාට වගේ මතක් කළාටත් කමක් නෑ.
නහය විදිනකං හෙල්ලෙනෑ..
නොවිද්දා කියලා වෙනසකුත් නෑ..
නාස් ලණුව නැතත් කරත්තෙ අදිනවා..

ඔව් ඔව්...
මේක ඇවිල්ලා දෙපසටම ගම්‍ය වෙන මෙව්වා එකක්ලු ඈ..

හැච්චූස්.........
මොළේ පෙඟිලා වගේ...

තව තියරියක් එන්න වගේ යන්නෙ.. බලමුකො ඉස්සරහට..ඒක..

අදට ඉවරයි.
අසා සිටි ඔබ සැමට ස්තූතියි.

Friday, July 24, 2015

මේ මගේ නලාවයි




අන්න පුතේ පොඩි අයියෙක්

කවි කියනා හැටි අහන්න

ස්වීට් මෙයා හැඩ කොල්ලෙකි

සින්දු කියන හැටි අහන්න

අරුත්බරයි තාත්විකයි

උස් මිටි තැන් පද බඳින්න..

තරුණයාට අත දෙන්නම්

කවි පොත් ටික විකුණගන්න

උකස් කරපු කරාබු දෙක

දරුවගෙ වත් කණ විදින්න

මැතිතුමාගෙ වේදිකාවෙ

පද මල්වෙඩි හැඩ දමන්න

රැඩිකල් පොර ටෝක් වලින්

ජහමනයගෙ මන බිඳින්න

කාර් එකට අලුතින් හොඳ

ටයර් සෙට් එකක් දමන්න

ඉතිහසය කුණු කූඩෙට

කවියෙන් මාකට් කරන්න...

හ්ම්ම්ම්ම්.......

තව වෙන මොනවද....
හැකියාවට රැකියාවක්
ගී ගයමු.. පද බඳිමු...
කණ අස්සෙන්... එතෙර වෙමු..

කඩේට වැඩි දුරක් නෑ..

Saturday, June 27, 2015

එතකොට අපි හාල් කෑලි..??

(පින්තූරය ගූගල් ගෙනි.)

'සංවර්ධනය' යන්නට නානාප්පර නිර්වචන අටෝරාසියක් ඇතිබව ගස්ලබ්බාට මතකය.ඕ ලෙවෙල්  කොරද්දී සංවර්ධන අධ්‍යයනය නම් විශයකදී ඒවා පාඩම් කළ බවත් යාන්තමට මතකය.ඒත් දැං ඒවා මතක නැත.ත්‍රී ඉඩියට් පිලුම් එකේ වගේ 'ඩෙෆිනිශන් ක්‍යා හේ?' කියා අහන විශයන් ඉක්මනින් අමතක කර හිත නිදහස් කර ගැනීම ගස්ලබ්බාට හොඳට පුරුදුය. හදිසියේම සංවර්ධනය මතක් උනේ මල කෙලියක් නිසාය. කෙලිය නම් මේකය.

දැං ගෙදරට ඉතිරි වී ඇති එකම එකා නිසා විප්‍රවාස ගත වීම කල් දම දමා (දැං නම් ඇඟිලි ගනිමින්) උන්නු නිසා හා නොහිතපු විදිහට ලයිෆ් ප්ලෑනට කෙල වූ නිසා ගස් ලබ්බා ලඟ තැන්පත් මුදලක් නැති ය.මුදල් අවශ්‍යතාවය නිසා ගස්ලබ්බා කලේ බැංකුවක සරණ පැතීම ය.මක්ක ද යත් සමාන සුදුසුකම් ඇති සමාන රැකියා වල යෙදෙන අනිත් ලබ්බන්ටත් බොහොම ලෙහෙසියෙන් ණය මුදල් අනුමත කරගැනීමට හැකි වූ නිසා ය.කොටින්ම ලීසිං එකකට වඩා වාසි ලැබෙන ණය යෝජනා ක්‍රම ලබාගැනීමට අවශ්‍ය සාමාජිකත්ව පවා ගස්ලබ්බා ලබාගෙන තිබූ නිසා හිතේ කොනක වත් සැකයක් තිබුනේම නැති ය.

කෙල උනේ බැංකුවට ගිය විටදී ය.

ඉල්ලන කිසිම දෙයක් දෙන්නට විදිහක් නැත..

පේ ශීට් තියෙනවාද සර්?
නැත.
සැලරි මොන අකවුන්ට් එකටද එන්නෙ සර්?
මට ලැබෙන්නෙ කෑෂ්.
එහෙනම් ඊ.පී.එෆ්/ ඊ.ටී.එෆ් එහෙම?
ඒවා කැපෙන්නෑ..
'ඔයා' ඉන්නෙ මොකකද?
චීන ඉදිකිරීම් සමාඟමක.
සොරි.. මේ තත්වෙ උඩ නම් අපිට මුකුත් කරන්න බෑ.
හ්ම්.. තැන්කිව්..

බැංකුවට මුකුත් කියන්නට බැරිය.පොඩි අපිට ණයක් දෙන්නට යට ඇඳුමේ පාට පවා බලපාන බව අපි දත යුතුය.
ගස් ලබ්බා ඊලඟට බැලුවේ ඇටයක් මිරිකා හෝ වැඩේ කරගන්නටය.
බැංකු යාලුවෙකුට කෝල් කර විස්තරය කියූ පසු ඌ කීවේ
'මචං උඹ අවුල් ගන්න එපා.. උඹේ ඩෙසිග්නේශන් එක වත් පඩිය වත් වැඩක් නෑ.. බැංකුව පැත්තෙන් ගත්තාම උඹයි  දවස් කුලියට වැඩ කරන එකෙකුයි අතර වෙනසක් නෑ.. කොටින්ම අපේ ගෙදර පොල් කඩන එකා ආවත් කියන ටිකම තමයි උඹටත් කියන්න තියෙන්නෙ ' කියලා ය.

රෙන්න තියන පුක හපාගත්තොත් රීලා හමාර නිසා ගස්ලබ්බා පුක හපාගත්තේ නැතිවාට ඊට වඩා අප්සට් හැඟීමක් දැනෙන්න වූ බව අමුතුවෙන් කියන්න ඕනා නැති ය.

රටේ සංවර්ධනයට ත් බිඳක් හෝ දායක වන ශ්‍රමිකයන්ට උරුම මේක ද?

දැනට ලංකාවේ වැඩ කරන ඇතැම් කොම්පැණි දකුණු ආසියාවේ බ්ලැක් ලිස්ට් වී ඇති ඒවා බවට කව්දෝ කීවා මතක ය.
අතලොස්සක් කොම්පැණි සේවකයන් ගෙන් අයකර ගන්නා ඊ.පී.එෆ්/ඊ.ටී.එෆ් ගෙවා පේ ශීට් ලබා දී වැටුප් නියමිත දිනට බැංකු ගත කර ක්‍රියාත්මක වෙයි.ඔවුනට අපගේ ගෞරවය හිමිවන බවත් කිව යුතුම ය.

නමුත් බහුතරය??

බහුතරය වැඩ කරන්නේ එදා වේල කන්ස්ට්‍රක්ශන් තියරියට ය.

ඕන නම් ඉඳලා වැඩ කරපං... නැත්තං පලයං.. වැඩිය කතා කරනවා නම් කොහොමත් පලයං.. යන්න මුංගේ දේව වචනයයි.

එක්තරා කොම්පැණියක සේවකයින් අයිතිවාසිකම් ඉල්ලා සටනට බැස 'ලේබර්' එකෙනුත් ගෙන්වා ගත් කතාවක් මතකයට එන නිසා එයත් කිව යුතුය.

'ලේබර්' එකෙන් එනවා කියා පණිවිඩයක් ලැබූ සැනින් වැඩ කරමින් සිටි කම්කරුවන් කීප දෙනාද වන ලැහැබ් වල සැඟවූයේ උන්ට හෙල්මට් එකක්,සපත්තු දෙකක් වත් නොතිබූ නිසා ය.
'ලේබර් මහත්තුරු'  කට උත්තර ගත්තේ ලොකු ලොකු කතා කිය කියා ය.ඔපීසිය ඇතුලට ගිය උන් පසු පසම 'බ්ලැක් ලේබල්' බෝතල් ද ගිය වග දැක්කේ කීප දෙනෙක් පමණක් බවත් කිව යුතු ය.

අවසානයේ 'ලේබර්' මහත්තුරුන් ගේ උපදෙස් පරිදි කොම්පැණිය පහුවදා ලියුමක් එව්වේ 'ඊ.පී.එෆ්/ඊ.ටී.එෆ්' නැතිව වැඩ කරන්නට මෙයින් එකඟ වන බවට අත්සන් කොරන්නට ය.නොකල එවුන් ගෙදර ය.

පෝය නිවාඩු ය.නමුත් පඩි කපනවා ය.
හිමි නිවාඩු ගත්තොත් ලැබෙන පඩිය කුට්ටි ගණනින් අඩුවන්නේ ය.යකාගේ කැල්කියුලේශන් ය.

මේ චීන්නුන්ගේ විතරක් තියෙන ප්‍රස්නයක් නෙමෙයි ය.
වැඩිමනක් කොම්පැණි කාරයන් කොරන වැඩක් ය.මොකාට උනත් 'කුලී වැඩ කරන්නා' යන මට්ටමින් ඉහලට
ඔලුව උස්සන්න ලැබෙන්නේ දෑතේ කර්මාන්තයක් හෝ හොරකමක්, වංචාවක් කළොත් විතර ය.


කියන්න කෙනෙක් නැත. කොරන්න දෙයක් නැත.
දමල ගහල යනවාට මුන් කැමති ය.
එතකොට තවත් අඩුවට එන්නට බුරුතු ගණන් සෙනග ය.
මොකද දැං රස්සා නැති ය.ප්‍රොජෙක්ට් නැති ය.
පටං ගන්න ඒවා සේවකයින් බඳවා ගන්නේ කුණු කොල්ලෙට යමර නීති වලට ය.
ඒත් යන්නට පොරේ ය.
හුදී ජනයා අසරණ ය.

එකෙක් ආසියාවේ ආශ්චර්යක් පෙන්නන්න ගිහින් හත්පලේ ගා ගත්තේ ය.
අනෙක් උන් යහපාලනයක් කියා පුක් වෙන්දේසියක් පටන් ගත්තේ ය.

ඔන්න ආයෙත් මුං චංදෙකට එන්නේය.
හිතෙන්නේ හරහට දාලා......
අපෝ.....යි......!!

Wednesday, May 27, 2015

මොකද්ද යකෝ මේකෙ තේරුම??


ඉස්කෝලෙ කාලෙ කරපු වැඩක් මතක් උනා ය.නිකන්ම මතක් උනා නෙමෙයි,වෙන දේවල් දිහා බලන් ඉන්නකොට සමාන කමක් පෙනුනා ය.උනේ මෙහෙමයි ය. .
ගස්ලබ්බ බාලදක්ශයා ය.අවුරුද්දකට වතාවක් ලංකාව පුරා පාසල් වලට ආරාධනා කරලා කොහේ හරි කන්දක් අල්ලගෙන ගවේශන තරගයක් පවත්වන එක අඛණ්ඩව කරගෙන එන එක බාලදක්ශ කණ්ඩායමේ පුරුද්දකටත් වඩා වගකීමක් එහෙම නැත්තන් සිරිතක් බවට පත් වෙලයි තියෙන්නේ ය..
පොඩි කාලෙ ඉඳන් අයියලා කියන කියන වැඩ කර කර හමයන.. බර වැඩ කරලා කරලා ඔන්න වගකීම් පැවරෙන තරමට කර දඬු උස් මහත් උනාම පැවරුන පළමු වගකීම ප්‍රධාන වේදිකා සැරසිලි ඉදිකරන එක ය.
අපේ සින්නන්ගෙ සිරිත් විරිත් තිබුන අපරාදෙ කියන්න බෑ මඩවන්නේ දෙකෙන් තුනෙන් නොව එකෙන්මය...කියන්නෙ හොද්ද රස වෙන්න හැඳිගානවා කියලා ය.ඒත් ඒ වෙලාවට උන්වත් හැඳි ගෑවිලා යන්න තරම් දේවල් කියන්න හිතුනට කියන්නෙ නෑ.. මොකටද ඉල්ලගෙන පනිශ්මන්ට් කන්නෙ කියලා ය.එච්චරකට ඉතින් සීනියර් භක්තිය සහ විනය ය.

කිව්වද කලා... නොකලොත් මලා.

වේදිකාව සරසන එකත් ආවට ගියාට කොරන්න බැරිය.මුලින්ම ප්ලෑන් ඇඳිය යුතුය.ඇපෲ කරගත යුතුය.ඒ අතර වෙන වැරදි සඳහා පනිශ්මන්ට් ද කෑ යුතුය.අපට මුලින්ම පැවරුනේ ග්‍රාප් ශීට් වල නිවරදි ස්කේල් එකට එකිනෙකට වෙනස් සැලසුම් පහක් ඉදිරිපත් කොරන්නටය.
හිත හොඳ සින්නෙක් ඉදිරිපත් වී අපට කීවේ

"ඔය මොක ඇන්දත් ආයෙ අඳින්න වෙනවා.. ඒ නිසා මුලින්ම මොකක් හරි බයිලයක් ඇඳන් එනවා.පස්සෙ අපි වෙනස් කරල දෙන්නම්" කියලා ය.

ඉස් මුදුනින් ඒ අවවාද පිලිගෙන අපි පස් දෙනෙක් ග්‍රාප් ශීට් වල එක එක ජාති ඇඳ ගෙන සැදැහැ සිතින් පෙල ගැසුනෝය.
පොඩි අව්ලකුත් නොතිබ්බා නෙමේය..
ඒ මක්කද යත් එහෙන් මෙහෙන් කුරුටු ගාන විට ගස්ලබ්බාට වැඩේ රස වැටීම ය.
ඉතින් වී තිබුනේ එකල දන්නා පරිදි විව් තුනකින්ම මහා සංකීරණ සැලැස්මක් ගස්ලබ්බා අතින් බිහි වී තිබීම ය.
අනෙක් උන් කීවේ උඹට ඔය කොළ ටික කන්න වෙනවා සත්ත බවය.අළුතෙන් එකක් අඳින්නට වෙලාව මදි නිසාත් ආසාවෙන් කළ සැලසුම ඉවත දමන්නට දුක නිසාත් ගස්ලබ්බා නොබියව තත්තෙට මූණ දෙන්නට සිතා ඉදිරියටම ගියේ ය.

සැලසුම් එකක් නෑර බැලූ සින්නන් අවසානයට ගස්ලබ්බාගේ සැලසුම දැක.. මූණෙන් මූණ බලා සෑහෙන වේලාවක් සිනාසුන හේතුව ගස්ලබ්බාට තේරුනේ ටික වේලාවකට පසුවය.

'අපි කිසි වෙනසක් කරන්නෙ නෑ... තොපි මෙන්න මේකම හදපල්ලා... කිසි වෙනසක් වෙන්න බෑ..'

හපෝයි... ඔය කෑවෙ මලකඩ බැඳුනු ටකරං..

මුල් සැලසුම් විසිකරනවා කියා අපට යහපාලන බලාපොරොත්තු දුන් සින්නා උගේ ඔරන් ඔටන් මූණ දික්කොරගෙන හිනා වෙනවා ය.

අපට දැං පව් ය.

මක්කෙන් හරි දන් වළඳන්න උවමනා නිසා අනෙක් උන්ගේ අපහාස..තර්ජන.. ඝර්ජන.. මැද ගස්ලබ්බා වැඩ ඇරඹීය.මෙතුවක් කල් තිබූ ඇහැට හුරු රූප වෙනස් කර අලුත් ක්‍රමයකර අලුත් රූප තැනීම ඇරඹුනේ ය..

පොඩි උන් මරාගෙන කමින් මෙන්න මේවා නිර්මාණය කිරීම සිදුකළ යුතුමය.

1)බාලදක්ශයෙකුගේ අනුරුවක්
2)යන්ත්‍රානුසාරයෙන් කැරකෙන ශූරතා කුසලාන දෙක.
3)විනිවිද පෙනෙන මයික්‍රෆෝන රඳවනය
4)සිරස්ව ගලායන ජලය තුලින් දැල්වෙන පහන්
5)ගින්දර නොමැතිව දැල්වෙනවා සේ පෙනෙන ගිණිමැල

කොහොමෙයි වැඩසටහන?? මේවා හයර් කරන්න තිබුනත් ඒකට අවසර නතිය.. කැමැත්තකුත් නතිය.. අපේ අතේ පයේ වෙර වීරියෙන්ම ගොඩදැමීමේ පරම පවිත්‍ර පවිටු චේතනාවෙන් දිවා රෑ නොබලා කස්ටිය දැන් වැඩ ය.
කස්ටිය වැර වෑයම් කර ඇහැක් විදිහට කනක් හදාගත් බව චිත්තප්ප්‍රීතියෙන් දන්වන්නෝය..

ඔන්න දැන් වැඩසටහන හෙට ය.

වතුර ඇතුලෙන් දැල්වෙන පහන් හදන්නට පැරපින් ගුලි හෑරූ එකා  එක අතක් බලාගෙන ය.කොච්චර කීවත් වෙනතක් බලන්නේම නැතිය.උගේ බෙල්ල උළුක් වෙලා ය.

සිරස්ව වතුර ගලනවා පෙන්නන්නට වීදුරු තහඩු සමඟ ඔට්ටු උන එකා අත් මේස් දමාගෙන ය.ගැලෙව්වාම ලේ ගලනවා ය.
ඕන වෙලා තිබුනු පොකුණු වතුර මෝටරය ගෙදරින් ගලවාගෙන ආ පොඩි එකාව ගෙදරට වද්ද ගන්නේ නැතිය.
ඒ අව් අස්සේ වේදිකාව එලිමහන් චතුරස්‍රය වෙත මාරු කිරීමට සින්න අයියලා පතල මහා අනුකම්පාවෙන් ක්‍රියා කළෝය.
අපට 'නානසාර ලකුණ' දරන අබ සරණ ය.

කොහොම කෙරුවත් එකයි නිසා සැලසුම් උඩු යටිකුරු කොට කොහොමින් කොහොමින් හරි වැඩේ ඇටෙව්වෝ ය. එක අවුලක් තියෙනවා ය.
වේදිකාවට පිටුපස බිත්තියක් නැති ය.
එහෙම උනොත් පුල් චාටර් ය.
හදපු ඒවා පේන්නැතිය.
එහෙම වෙන්න දෙන්න බැරිය..
වෙස්මූණ බැන්දේ නටන්නය.කොහොම හරි නැටිය යුතුය.

ටිං ටොං ටිං ටිං.....

නුවණ පහල විය.

හැන්දෑකොරේ ඉස්කෝලෙ තාවර වෙමින් ඉන්නකොට ගස්ලබ්බා ඇතුලු පිරිස ඇදගෙන ගොහිං ප්‍රාථමික අංශයේ රෙපෙයාර් වැඩ ටිකක් නොමිලේම කරගත් මොහොතේ කබඩ් ඇතුලට වී ගස්ලබ්බාට අත් වැනූ කළු කොළ ටික පිහිට වන්නට ඉඩ තියෙන්නේය.

හුරුබුහුටි පොඩි එකෙකුට වාක්‍ය කීපයක් උගන්වා දහඩිය දමන්නට රවුම් කීපයක් දුවවා දුක හිතෙන ස්වරූපයෙන් ප්‍රාථමික අංශයට යැවූ විට තාප්ප වහන්නට තරම් ලැබුනේ කලු කොල මය..මින් කළු ගලක හැඩ මතුකොට වේදිකාවේ වැඩ හමාර ම කල වග ය.

ඔන්න ඉතින් වැඩේ දවස ය...

වෙනදා ලැබෙන ගල් මුල් වෙනුවට කිසිසේත් හුරු නැති මල් ලැබෙන විට ගස්ලබ්බාට බැචාලාගෙන් ලැබුනු රැවුම් ගෙරවුම් කිංඩි අඩු වීම ගස්ලබ්බා ප්‍රමෝදයට පත්කලේය.

නමුත් කරුමෙ ඩබල් පින සිංගල් ය.

දරුණු සින්නෙක් කියා මහා සිංහලයේ වංශකතාවේ පවා නම සඳහන් පොරක් මේ වැඩේ ඇදක් දැක්කේ අමුතුම ඇහැකින් ය.
මිනිහා එක පාරටම ගුගුලේ ය..

'යකෝ.. මේ මොකද්ද? කිසිම තේරුමක් නැති අටමගලක් නෙ.මොකාද මේක හදපු එකා..??'

පූජාසනයේ හිඳුවා ගස්ලබ්බාට පිදූ ලෝකයම එක බැල්මකින් එරෙහිව නැගිටින හැටි දුටු විට නන්දා මාලනීට ජෑම් ගෙඩියක් දෙන්නට තරම් හිතක් පහලවූයේ ගස්ලබ්බාටත් හොරාටමය.

හීන් දාඩිය අර දාඩිය මේ දාඩිය ඔක්කොම එකපාරම දැම්මේ ය.
බඩත් ගොර ගොර ගාන්න ගත්තේ ය.
ඒ මදිවාට දත කට පූට්ටු වෙලා ය.
කටේ මුද්දරයක් අලවන්නවත් කෙල ටිකක් නැත.

'ඛවුධ යඛෝ..??'

ගස්ලබ්බා හීන් කෙඳිරියක් නගාගෙන අත ඉස්සුවා මතකය.
දැං ඉතින් කොරන්න දෙයක් නැතිය...

"මේ තෝ අටවලා තියෙන්නෙ මොකද්ද කියපිය."

ගස් ලබ්බා මෙන්න මෙහෙම කතාවක් කී බවක් යාන්තමින් මතකය..


"අයියෙ.. ගල් යුගයේ ඉඳන් නවීන ලෝකය වෙනකන් ලෝකය කැරකි කැරකි වෙනස් උනත් බාලදක්ශයෙකුගෙ වගේ යහ ගුණදම් තමයි මොන බාධක ආවත් දිලෙන්නෙ"

ඊට පස්සෙ ඇහුනේ මහා හූ හඬකින් හිනාවෙන හඬක් බවත් මතකය.


සත්‍යයට ලුණු ඇඹුල් දමා මේක කියන්න හිතුනේ නිකම්ම නෙමෙයි ය..නිරුවත ඉන්ටප්‍රිට් කිරීම,වාසු සීයා ගේ රැවුල කපා මොලේ පාදා බැලීමට තැත් කිරීම,උත්තරීතර ආයතන තුල පහත්ම වචන භාවිතය,භාණ්ඩාගාර බිල්පත් වංචාව,විදෙස් මුදල් වංචාව වංචාවක් නොවීම,වෙලේ සුදා උපාසක මහතෙකු වීම,කුඩු පාං පිටි වීම,සිංහලයාට රටක් නැති වීම හා මේ සියල්ල නිවරදි හේතු සහිතව සිදුවිය යුතුම ඒවා බවට මහජනයාට ඒත්තු ගැන්වීම යනාදිය දුටු විටය.

Friday, May 1, 2015

ඩබල් ත්‍රිබල් නොවේවා...!!!



කාලෙකට පස්සෙ ඔන්න ගස්ලබ්බ ආයෙ රැකි රක්ෂා සඳහා පිටත් උනා.මුල ඉඳන් එකඟ වෙලා හිටපු විදිහටම පුරුදු කොම්පැණියටම ගියේ පරණ බොසාට කෝල් එකකුත් දීලමයි.පහුවදා ඉඳන් ඇග්‍රිමන්ට් අලුත් කරලා වැඩ කොරන්න ගිය ගස්ලබ්බ ට කෙල වෙලා ගියේ අලුතෙන් සෙක්ශන් එකට දාපු බොසා ගස්ලබ්බත් එක්ක වැඩ කරන්න අකමැති උන නිසයි.අනිච්චේ දුක්කේ කියල කල්පනා කරනකොට  පරණ බොසා අදාල ප්‍රොජෙක්ට් එකේම වෙන කොම්පැණියක ජොබක් සෙට් කරලා දුන්නෙ වෙච්ච දේට විස්සෝප වෙන ගමන්.

හෙණ ගේමක් දීලා අලුත් ඉසව්වෙන් බෝඩිමක් කාරිය හොයල දුන්නෙ ගස්ලබ්බගෙ පියතුමා.
මූණ බලන් එපා කියන්න බැරි නිසා ගස්ලබ්බත් ඔහෙ බලං හිටියා.
ඒකෙන් උනේ ගෙදර තිබුනු නිදහස තරම් වත් නිදහසක් බෝඩිමේදි නැති උන එක.
කොටින්ම රෑට දුමක් වත් දාන්න බෑ.. පොඩ්ඩක් පහු උනොත් කෝල් පිට කෝල්...
ජොබට යන මුල්ම දවසෙ උදේ පාන්දර ඇන්ටි කියනවා

'පුතා... මේ පැත්ත ටිකක් වෙනස් මිනිස්සු ඉන්නෙ.වැඩි කතාවට යන්න එපා.. ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න ' කියලා..

ගස්ලබ්බත් 'හා....' කියල ඔන්න යනවා.
යන ගමන් මේ ළඟපාතම ගෙවල් තියෙන හිතවත් මලයෙකුට කෝල් එකක් ගත්තා..
.
'අඩේ... ඔන්න මම උඹලගෙ ප්‍රාන්තෙ අද ඉඳන්'

'ආ.. එහෙමද අයියෙ..මම දැං කොළඹ ඉන්නෙ. බෝඩිම කොහෙද?'

'.....'

'ආ.. එහෙනම් අවුලක් නෑ.. වැඩිය ගම ඇතුලට යන්න එපා අයියා.. දන්නවානෙ ඉතිං...'

'ඇයි බං..?? මොකක්ද අවුල??'

'නෑ.. ඉතිං.. එහෙම එකක් නෑ.. එක එක මිනිස්සුනෙ ඉතිං නේද? අයියා ශේප් එකේ ඉන්නකො..'

'හරි හරි බං... මම ආයෙ පස්සෙ කතා කරන්නම්කො'

කල්පනාවෙන් කල්පනාවෙන් ගස්ලබ්බ ඔෆිස් එකට කොර අනිනවා.මිනිස්සු අමුතු විදිහට බලනවා.ගස්ලබ්බ කල්පනා කරනවා.
එතකොටම ඔෆිස් එක ගාව අමුතු දෙන්නෙක්.
පොලිස් කැලෑ අඳුම ඇඳගෙන අවි අතේ තියාගෙන දෙන්නෙක් ඉන්නවා.මොකක් හරි වැඩකට එන්න ඇති..ගස්ලබ්බ හිතනවා..

ඔන්න දවසේ වැඩ පටං ගත්තා.ගස්ලබ්බයි ලොක්කයි,ගෝලයො තුනයි,වෑන් එකයි.ඔන්න සෙට් එක.

'මහත්තයා අද ඉඳං එන බව ආරංචි උනා..'

'ඒ කොහොමද මල්ලි? මම අද එන බව කාටවත් කිව්වෙ නෑ නෙ'

'ඊයෙ '......' ගෙදර අලුතෙන් කෙනෙක් ආව කියලා ආරංචි උනා.ඉතින් හොයල බලනකොට මහත්තයා...'

'කොහොමද? සයිට් එකේ වැඩ ? '

'වැඩ නම් අවුලක් නෑ... ඒත් මහත්තයා ගමත් එක්ක පරිස්සමින් ඉන්න.මෙතන ඉන්න ඔක්කොම ගුටි කාලා ඉන්නෙ.'

'ඇයි ඒ?'

'එහෙමට කියල හේතුවක් නෑ....දිරවන්නැත්තං ගහනවා.පාඩුවේ හිටපුවාම අවුලක් නෑ.'

'හැමෝටම ගැහුවා??? ඒක මාර වැඩක් නෙ'

'ඔව් ඉතිං.. සමහරු පණ්ඩිතකං කියවන්න ගියා.. සමහරු ලොකු ලයින් වැඩියි.. කොටු සීන්...'

'ආ... කොටු සීන් එහෙමත් තියෙනවා?'

'අහු උනොත් ඉවරයි. ***** මහත්තයා ජොකා පිටින් ගමේ පාරවල් දිගේ දිව්වා.පන්න පන්න ගැහුවෙ'

දැං නම් ගස්ලබ්බා මොක නැත්තත් තුන් වන සිල් පදය රකින්නට දැඩි විදිහට හිතට ගතට ගත්තා.
හෙහ් හෙහ් හෙ... විලි ලැජ්ජාවෙ බෑ නෙව.

ඔන්න රෑ බෝඩිමට ගියා.

'ලන්ච් පැකට් එක රෙඩි'
 
කියන ඇන්ටිලා වෙනුවට මේ ඇන්ටි මේසෙට ඇරල තියෙන කෑම එකෙන් කෑව අඩු උනත් 

'කෑම ටිකක් දවටල දෙන්නෙයි පුතා...?? කෑවෙ නෑ නෙ.එහෙනං මෙන්න කිරි ගෙනාව.බෙදාගෙන කන්න.'
කියන ඇන්ටි කෙනෙක් ඉන්නෙ.

'කරදරයක් නෑ නෙ.. රස්නෙ නම් තමයි ඉතින්...' 

අනන් මනන් කියලා එදා ඔන්න ගෙවුනා.
පහුවදා හවස් වෙනකොට ඔෆිස් එකේ හම්බුනු හැමෝම කියපු එක දෙයක් තිබුනා..

'පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න ඕනෙ.. දන්නවනෙ ඉතිං මේ පැත්ත..'

දවස් දෙක තුනක් යනකොට පැත්තෙ තරම ටිකක් විතර ඇඟට දැනුනෙ ඔෆිස් එකේ සන්නද්ධ පොලිස් ආරක්ශාවට අමතරව පොලිස් මොබයිල් එකකුත් පැය දෙකෙන් දෙකට වගේ සයිට් එකේ යන බව දැක්කාම.

ඔන්න දවසක් එක ලොකේශන් එකක ඉඳන් තව එකකට අපි කට්ටිය වෑන් එකේ යනවා. මෙන්න පාර පුරා කොට දාලා.. වෙලාව දෙක හමාරට විතර ඇති.ගස්ලබ්බ බහින්න හදනකොටම ගමේම ඩයල් එකක් උන ඩැයිවර මලයා...

'බහින්න එපා මහත්තයා බහින්න නම් එපා.. කන්න වෙන්නෙ..' 

කියල  'මේන් රොඩ් ඕකේ.. මේන් රෝඩ් ඕකේ' 

කියලා බොසාටත් කියලා වාහනේ හරවනකොටම චුට්ටං නයිටි කෑල්ලක් ගහගත්ත තනි ගෑණු ගෙනෙක්..

'මල්ලි ඔය හු*** ට කියපං පාරට වතුර ගහන කියලා' 

කියාගෙන පටංගන්නකොටම හරවගත්ත වාහනේ මීටර 200ක් එහායින් ඇති ලොකේශන් එකට කිලෝමීටර දෙකකටත් වඩා දුරක් වියදම් කරගෙන එන එක ගැන බොසා මුකුත්ම හිතුවෙ නැත්තෙ මීට ටික දවසකට කලින් පිහි ඇනුමක් කාපු එයාගෙ යාලුවා මතක් වෙලා වෙන්න ඇති කියලයි ගස්ලබ්බට හිතුනෙ.

තවත් දවසක හීනි අඩියක් සෙට් වෙලා වෙනද යන වෙලාවට වඩා පැයක් හමාරක් පහුවෙලා බෝඩිමට යනකොට ඇන්ටි ගේට්ටුව ලඟ.. 
හොඳටම බය වෙලා.
ගඳ දැනිල වෙන්න ඇති වැඩිය මුකුත් කිව්වෙ නෑ.

පහුවදා උදේ කාපු බත් ඇට ගානට වඩා ඇන්ටිගෙ උපදෙස් ගාන වැඩියි.!!

මේවා කල්පනා කර කර සයිට් ගියාම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ එදා පාර වහල ජාතිය අමතපු අක්කම ගෙදරට කතා කරලා කේක්,කැව්ම්,කෙසෙල් එක්ක තේ පැන් සංග්‍රහයකුත් බොහොම ලෙංගතුව කලා.

නියම අන්ත දෙකක දෝලනය වෙන සුපිරි අත්දැකීමක් හින්ද ගස්ලබ්බට දැං පිස්සු ඩබල් තත්වයක් ඇතිවෙලයි තියෙන්නෙ.

ඩබල් ත්‍රිබල් නොවේවා...!!!

Monday, April 13, 2015

ඩෝං...!!!!!!!





දුප් යන්න...
මුර කරන.. හපා කන
නිදි නොලැබ කඹුරන
සුනඛ ගති
ගොරවන්න ඔට්ටු නැති
හාම්පුතා
කන පතට අත දාන
දුප් යන්න..
දත් ටිකට බය ඇයිද
හැපුවෙනම් නෑ ඔන්න
කොර ගහන... ගඳ ගහන
කියන විදිහට වැනෙන්නැති
වලිගය රැගෙන
දුප් යන්න..
ඉඳා උඹට අවුරුද්දට
පත්තු කරපු
රතිඤ්ඤයක්.!!

GO HOME

ඩෝං...!!!!!!!

ලබ් ඩබ්... ලබ් ඩප්... ලබ් ඩප්... ලබ් ඩප්...




නිමිත්ත : කෙනෙක් ආතල් එකට ඇඟට දැමූ රතිඤ්ඤයකට බියවූ බල්ලෙක් ව රැකියාව අහිමිවූ ගස් ලබ්බාට දක්නට ලැබීම.

Wednesday, April 1, 2015

උන් රවනවා මට



ඇස් හීන් වෙනතරන් සන්තෝසෙන් මේ රූපෙ බලමුද? නැත්තම් ජපන් බබා වගේ ඇස් දෙක හීනි කොරගෙන මේ රූපෙ බලල හිටියත් කමක් නෑ..











කන්නට කෑල්ලක් පාන්
ඇච්චගෙ කිරි ගින්දර නිවන්න
ගන්න පිටි ඇබිත්තක්
පොලිය විතරක් වත් දෙන්න
ඉතිරි එකම චේන් එකේ
අනේ....
හිතල කෙරුවා නෙවෙයි
විරිත්තුවේ මටමයි
උන් ඉඳගෙන මම හිටගෙන
බඩ කනට ලඟ වැඩි උනාදෝ
වටේ උන් රවනවා මට
බඩගින්නටයි ගොරහඬ
හිනා වෙයන් මහතුනේ
මම යනවා තෙමෙන්න
මහ වැස්සේ...
හිනා වෙන කඳුලු කැට
සේදිලා යයි..
පිස්සෙක්..!
නෑ බං පිස්සු *ත්තෙක්..









Monday, March 30, 2015

ඉන්නද?... යන්නද?



අවනත හදෙක
සහකම්පනය
මහඟු රැකවරණයකි
දිවියට ලැබෙන
දින සති මාස
ගෙවී කල් ගතවත්ම
තත් සුසර නූවාද?
'ටියුන්' මදි වූවාද?
වෙස්මුහුණු පැලඳ නැති
වැට කඩුලු බැඳ නොමැති
ඉඩ හසර එමට ඇති
දිවිය බර වූවාද?
සරා සඳ නුඹ ගැබත
සිටින තුරු සැනසෙන්න
තරු පොකුරු සෑමදා
දුරින් හිඳ මඟ කියාවි..




(චිත්තරේ ගූගල් විසිනි)

Wednesday, March 25, 2015

වැස්ස තව දුරයි ද?


ගිණි ගහන අව් පූටකේ අස්සෙන් කැරකි කැරකි හමාගෙන ආපු දූවිල්ල කමල ටීචගෙ නහය අස්සට රිංගන එක වලක්වන්න එයා ඔසරි පොටෙන් නහය තදින් වහ ගත්තා.ඉස්කෝලෙ ඇරුනා විතරයි.ස්පෝට් මීට් ඉවර උනාට හට් සරසන්න ගෙනාපු පිදුරු පරඬැල් වියලි හුළඟත් එක්ක ඇවිදින් මිදුල හැඩි කරලා.
'හෙට උදේ අතුගාන ළමයි ටිකක් එක්ක ගිහින් පිට්ටනිය සුද්ධ කරන්න ඕනෑ'.
 කමල ටීච හිතා ගත්තා.

පාසල ඇරුනත් ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ල වටේ රවුමක් ඇවිදලා බලන එක කමල ටීචගෙ පුරුද්දක්...
ගොඩනැගිල්ලෙ එහා කොනේ අඹ ගහ යට ළමයි දෙනෙක් ඉන්නවා දැකපු ටීච ඒ පැත්තට ඇවිදගෙන ගියා.
ළඟට යනකොට තමයි දැක්කෙ මේ සති දෙකකට කලින් භාරදීපු අයිය මලෝ දෙන්නනෙ.
අයිය පහේ පන්තියෙ.මල්ලි දෙකේ පන්තියෙ.
අයියගෙ පපුවට ඔලුව තෙරපගෙන මල්ලි හොඳටම අඬනවා..
අයියා මල්ලිව සනසනවා.

'ඇයි පුතා?'

ලොකු ළමය අහිංසක විදිහට හිනා උනත් පොඩි ළමයා අයියව තවත් හයියෙන් අල්ලගත්තා..

'ඇයි පුතේ මල්ලි අඬන්නෙ?'

'මේ... චීච.. මේ... යන්න බෑ.. කකුල් රිදෙනවා කියනවා.. දැං යනව චීච...'

'ඉතින් පුතා බස් එකේ නෙමෙයිද යන්නෙ?'

'නෑ චීච.. පාරෙන් ටිකක් ගිහින් වතු පැනලා යන්න පුලුවන්.ටිකක් වෙලා යනවා... ඊයෙ මෙයාගෙ කට්ටක් ඇනුනා.ඒ....ඒ හිංදා බය වෙලා..'

'එන්න පුතා.. යාලුවො ඔක්කොම ගිහිං.. අපිත් යමු... බඩගිනියිද?' 

කමල ටීච කරුණාවෙන් පොඩි එකාගෙ ඔලුව අතගාල අහපු හැටියට උගෙ ඇඬිල්ල නැවතිල්ලත් එක අතකින් කමල ටීචගෙ ඔසරි පොටේ කොනක් අල්ල ගැනිල්ලත් එකටම වගේ උනා.


ගෙදරට වෙලා විවේකීව තේ බිඳක් තොල ගාන කමල ටීචට මැවිලා පෙනෙන්නෙ බස් එකේ යන්න රුපියල් දහයක් ලැබුනම පොඩි එකාගෙ මූණට ආපු සිරියාව.

ඒත් ටීචට සැනසිල්ලක් ලැබුනෙ නැත්තෙ ළමයින්ට බඩගින්නට මුකුත් දෙන්න ගිය වෙලාවෙ ඉස්කෝලෙ ලඟ කඩේකට කියල තියෙන එකම කඩේ, ආච්චිගෙ පෙට්ටිකඩේ එකම එක බනිස් ගෙඩියක් විතරක් ඉතිරි වෙලා තිබුනෙ කාගෙ අහේතුවටද කියලා තේරුනේ නැති නිසා..

හරිම සන්තෝසෙන් ඒක බෙදාගෙන කාල 'බස්' එකේ සැපට යන්න කොර ගගහ ටිකිරි හිනා පපා අයියගෙ අතින් අල්ලගෙන ගිය පොඩි එකා මොනවා දන්නවද?


මීට සතිදෙකකට කලින් මේ දරුවො දෙන්නව ගෙනල්ල භාර දුන්නෙ දරුවන්ගෙ ආච්චි.
පාසලට ටිකක් දුරින් වෙන්න තියෙන පොල් වත්තක තිබුනු පාලු මඬුවක පදිංචියට අලුතෙන්ම ආපු පවුල තමයි මේ.

'කෝ මේ දරුවන්ගෙ අම්ම?'

'මීට මාස හයකට විතර කලින් එල්ලිල මලා නෝනෙ'

'එතකොට තාත්ත?'

'වත්තට ආපු ගමන් ගස් ඔක්කොම සුද්ධ කරන්න කියලා වත්තෙ මහත්තයා කිව්වා...
උදේ ඉඳන් රෑ වෙනකන් ගස් බඩගාල මහන්සි වෙන එක තමයි මගෙ කොල්ල කොරන්නෙ...
මහන්සි අරින්න වත් ඉන්න දෙන්නෙ නෑ ගස් යැව්ව එක දිගට... 
අනේ නෝනෙ මගෙ කොල්ල ගහක් පල්ලෙ පත බෑ වෙලා දැං ඉස්පිටිතාලෙ.
කකුල කැඩිල යකඩ කූරක් ඇණ ගහල ඉන්නෙ දැං.. 
පපුව වාවන්නෙ නෑ...'

ආච්චි එක හුස්මට අඳෝනාවක් වගේ නාහෙයි කටයි අතර තැනකින් අමුතු හඬකින් කියාගෙන ගිහිං කඳුලු බිංදුවක් පිහදැම්ම.

මේ ආච්චිටත් ළඟ ගෙදරක 'පොඩි බේබි' කෙනෙක් බලා ගන්න රස්සවක් ලැබුන නිසා දරුවො දෙන්න ඉස්කෝලෙට භාර දුන්න.


කියන දේ හොඳට අහගෙන කලබලයක් නැතිව මැසිවිල්ලක් නැතිව ආසාවෙන් අකුරු හොයන මේ දරු දෙන්න දිහා කමල ටීච පොඩ්ඩක් විතර විමසිලිමත් උනේ පුංචි වයසට දරාගන්න බැරි තරම් දුකක් විඳින බව ඇස්පනාපිට පෙනෙන නිසාම වෙන්න ඇති.ඉස්පිරිතාලෙ හිටපු තාත්තා ගෙදර ආපු නිසාද කොහෙදෝ අයිය මලෝ සංතෝසෙන් ඉස්කෝලෙ ආවා.


ලස්සන හුරතල් හිනාවකට උරුම කියන පොඩ්ඩගෙ ඇඳුම් පැලඳුම් බොහොම කිලුටු වෙන්නත් හොටු නාවර පෙරන එක,ඔලුව කහන එක වැඩි උනේ එක පාරටම.

'ඇයි පුතේ මේ ඇඳුම..? සෝදලා නෑ නෙ..'

කමල ටීච පොඩි එකා එක්ක දොඩමලු වෙන්න උත්සාහ කලා..

'ම්ම්ම්ම්ම්ම්ම්.........'මේ... අයියා සේදුවා... ඊයෙත්...'

'ඇයි ආච්චි?'

පොඩි එකා ඇඹරෙනව විතරයි... 
උත්තරයක් ගලපගන්නවත් තේරුමක් නෑ තාම...

'ආච්චි වත්තෙ වැඩ කරන්නැතිව ගෙවල් වල ළමයි බලන්න යනව කියල වත්තෙ මහත්තයා ආච්චිව එලෙව්වා....
තාත්තා කිල්නික් යනකොට ඉස්පිරිතාලෙ ඉස්සරහින් මෝටර් බයිසිකලයක් ඇවිල්ල කැඩුන කකුලෙම හැප්පුනා... යකඩ කූර එලියට පැන්නා.. දැං ආයෙ ඉස්පිරිතාලෙ'

ලොකු ළමයයි මේ කියන්නෙ.

'එතකොට කොහෙද පුතේ හිටියෙ?'

'වත්තෙ ගෙදරමයි'

'කාත් එක්කද හිටියෙ? කෑවෙ කොහොමද? එතකොට රෑ..?'

'නැන්ද කෙනෙක් බත් පිඟානක් හවසට ගෙනත් දීල යනවා.
මමයි මල්ලියි ඒක කනව චීච.. 
රෑට බය හිංද පැදුර ගාව කුප්පි ලාම්පුව පත්තු කරගෙන නිදා ගන්නව.'



ගුරු සේවයෙ දශක දෙකකට ආසන්න සේවා කාලයක් සම්පූර්ණ වෙලා හිටියත් කමල ටීචගෙ ඇස් දෙක පෙරලගෙන එන කඳුලු බිංදු නවත්තගන්න බැරිව අසරණව වටපිට බලන ගමන් උගුර පාදලා වත් පපුවයි උගුරයි අතරෙ හිරවුනු ලොකු ගුලිය ගිලගන්න කියලා කමල ටීච අසාර්ථක උත්සාහයක් දැරුවා.

හැමදාම උදේට ප්‍රාථමික අංශයේ ළමයින්ට දෙන ආහාර වේල කොච්චර වටිනවාද කියලා කමල ටීච කල්පනා කලා.. 

මාසෙකට සැරයක් ඉස්කෝලෙට ඇවිල්ල ළමයි බලන වයිද්‍ය සායනේ නිසා ළමයි කීදෙනෙක් සේවයක් ලබනවාද කියලා කමල ටීච කල්පනා කලා...

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ නැත්තන් මිනිස්සු කීදෙනෙක් අසරණ වෙනවද කියලා කමල ටීච කල්පනා කලා... 

සීසන් එකෙන්.. නොමිලේ ලැබෙන පොතෙන්.. රෙදි කෑල්ලෙන් පුංචි හදවත් කීයක ලේ ගලන තුවාල සනීප වෙනවද කියලා කමල ටීච කල්පනා කලා..


ඒත් මේ තවත් එක පවුලක කතාවක් විතරයි නේද කියලා කමල ටීචට කල්පනා උනේ තමුන් ඉන්න පැත්තට යාලුවන්ට හොරෙන් එන දහය වසරෙ ළමය දැක්කම.
ටීචගෙ බෑක්කෙකේ දාගෙන හිටපු පුතාගෙ කලිසමකුයි කමිසෙයි දාපු ඉටිකවරෙ ඒ ළමයට දීල කමල ටීච මූණ පසෙකට හරව ගත්තෙ ඒත් එක්කම ගිණියම් හුළඟත් එක්ක හමාගෙන ආපු දූවිලි පාරෙන් බේරෙන්න.

වැහි පොදක සේයාවක් වත් නෑ.... අහස දිහා බලපු ටීචට හිතුනා...


(ප්‍රබන්ධයක් නොවෙයි.)

Friday, March 20, 2015

'ලඹේ හොඳයිද මිස්?'

අළුත් මිස් කෙනෙක් සයිට් එකට එනවා කියන්නෙ PM ලොක්කගෙ ඉඳන් ලේබර් දක්වා හැමෝම සංතෝස වෙන දෙයක් කියල කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ ගෑවිලා ඉන්න කෙනෙක් උනත් දන්න සුන්දර සත්‍යක්.
ස්ටාෆ් ඉන්න අය ගොඩක්ම ගණිත අංශයෙන් ඉගන ගත්ත අය නිසා කාන්තා ඇසුර සීමා උන පිරිසක් තමයි සයිට් එකක ඉන්නෙ.අනික උදේ ඉඳං රෑ වෙනකන් වැඩ කරලා රෑටත් අඩියක් ගහල එකමඩේශන් එකේ ඉන්නවා මිසක් ගෙදර යන්න ලැබෙන්නෙ මාසෙකට දවස් දෙක තුනක් නිසා මේවා පුරුෂ ගුහා වගේ වෙලා තියෙන්නෙ.
ඉතින් ට්‍රේනිං හරි ජොබ් එකට හරි අලුතෙන් 'මිස්' කෙනෙක් එනවා කියන්නෙ ඊටත් ලස්සන හැඩ කෙනෙක් එනවා කියන්නෙ සයිට් එකක් රී ෆ්‍රෙශ් වෙන අවස්ථාවක්.

එන 'මිස්' හොඳටම දන්නවා තමන් ට හෙන තැනක් මෙතන තියෙනවා කියලා.ඒක ඉතින් ඉගෙන ගන්න කාලෙම ඉඳන් අත්විඳින දේ නෙ.ඔය එන 'මිස්' ලගෙ ප්‍රධාන සෙට් දෙකක් ඉන්නවා.ඔෆිස් එකේ ගල් වෙන සහ සයිට් බහින තමයි ඒ.
ලොක්කො කැමති ඔෆිස් එකේ ගල් වෙන අයට.සොක්කො කැමති සයිට් බහින අයට.
හැබැයි ගොඩක් වෙලාවට සයිට් බහින්න වෙන්නෙ ට්‍රේනිං අයට තමයි.ජොබ් එකට එන අය ගොඩක් එන්නෙ ෆීල්ඩ් එකේ ටික කාලයක් ඉඳලා කොහොම හරි ඔෆිස් එකේ ගල් වෙන සූත්තර ටික දැනගෙන.

අළුතෙන් කෙනෙක් ආව ගමන් මෙච්චර කල් හිටපු 'මිස්' ලගෙ අවුල් පේන්න ගන්නවා.ඇත්තටම ඔය එන ගොඩ දෙනෙක් යක්කු.ඒත් ගස් නැති රටේ එඬරු ගහත් ගහක් නෙ කියලා කිසි දුකක් නැතිව කටුස්සගෙ කරේ රත්තරන් බඳින්න අපේ අයියලා පැකිලෙන්නෙ නෑ.
ඉතිං මිස් රඟන්න ගන්නවා... එතකොට කස්ටියට එපා වෙනවා.. සිඹින්නො නම් සිඹිනවා.. උන් වත් බයිට් වෙනවා.. අන්තිමට මිස් පච වෙනවා.. අලුත් කෙනෙක් එනවා.. රත්තරන් බඳිනවා...
ඕක තමයි සාමාන්‍යෙන් සිල්ලරට වෙන තත්වෙ.
හොඳ ඩීසන් අය ඉන්නවා බොහොම කලාතුරකින්.එතකොට එයාලට ප්‍රස්න වැඩියි.ඔලුව ලොකු අය කියලා.හෙහ් හෙ...

සමහර මිස් ලා ඇවිත් කාට හරි හේත්තු වෙනවා තමුන්ගෙ ආරක්ශාවට.එයාල දන්නෙම නැතිව ගොදුරු වෙන්නෙ හොඳ බඩුකාර ඉන්ජෙකුට තමයි ගොඩක් වෙලාවට.ටික දවසකින් දෙන්න සයිට් එකේ අහු මුලු වල දඟලන එක සාමාන්‍ය වෙනවා.ඊට පස්සෙ ඉතින් සමහරු සබා (සබ් කන්ට්‍රැක්ටර්) ලගෙ අතින් අතටත් යන්න මැලි වෙන්නෙ නෑ...
දැං ඔන්න කට්ටියම පොලු උස්සගෙන එන්න එපා මඩ ගහනවා කියලා.මේ කියන්නෙ බොහොම සුළුතරයක් කරන නරක වැඩක්.
නමුත් හැමෝගෙම සායම යන කුජීත වැඩක්.
එහෙම අය හිතාගෙන ඉන්නෙ මේවා හෙන රහස් කියලා.
නමුත් හවස බෝතල් කැඩෙන වෙලාවට තමන් රස මවන කතාවක් වෙන බව ඒ සමහර 'මිස්' ලා දන්නෙ නෑ...
ඇයි මම මේවා කියන්නෙ?
කියන්න හේතුවක් තමයි වැටුප දිහා බලාගෙන විතරක් සිවිල් ෆීල්ඩ් එකට එන කෙල්ලො කෙලින පිස්සු දැක්කම මඤ්ඤං වීම.
මේ සයිට් යන අයගෙ ඉන්නව හොඳ මෝඩ අල.පඩියක් නැග ගන්න බැරි,උඩට ගියාම ඔලුව කැරකෙන,දූවිලි සිමෙන්ති දැක්කම ඊයා කියන සෝමාරි එවුන්.. උං නම් වැඩිකල් රැඳෙන්නෙ නෑ..
තමුංගෙ ගරුත්වයත් තියාගෙන වෘත්තියත් බොහොම අගේට කරන 'මිස්' ලා ඉන්න බව මම නැවත නැවතත් කියන්න පැකිලෙන්නෙ නෑ.ඒත් මේ විකාර කරන එවුන් නිසා කට වහගෙන ඉන්නත් බෑ..

මේ කියන්නෙ මමත් හිටපු සයිට් එකක වෙච්ච සිද්ධියක්.

ඔන්න අලුතෙන් 'මිස්' කෙනෙක් ආවා..
මෙයා ටිකක් වෙනස්,හිර ඩෙනිම ගහලා හැඩ පෙනෙන ඇඳලා ඇවිත් හැමෝටම සද්දෙ දානවා.හොඳට පොත් පාඩම් කරගෙන සයිට් එන්නෙ.බී එස් කෝඩ් කට පාඩම්.ලොක්කගෙ ඉඳන් සොක්කව දක්වා හොල්ලන්නයි මෙයා හදන්නෙ.හැමෝම කෙල හැලුවට ගනන් ගන්නෙ වත් නැතුව අමුතුම ලයින් එකක් අල්ලන නිසා කාටවත් මෙයාව සෙට් උනේ නෑ..මෙයාගෙ ලොකුම අවුල තමයි ඕන එකටයි එපා එකටයි හැම එකටම අත දාන්න යන එක.කේලම් මල්ලක් උනා අන්තිමේට.

දවසක් බාසෙකුට කියල බිත්තියක් කපරාදු කරවනවා.. ලඟට වෙලා බනිනවා බල්ලෙකුට වගේ.අරූට කන්න යන්න වත් නෑ වැඩ.
හවස අපිටත් කිණ්ඩිය දැම්මා ඕගොල්ලන්ට වත් කරන්න බැරි වැඩ මම කරන්නෙ.කොහොමද මගෙ වැඩ.. අනං මනං කියලා.
ගෙවන පඩියට වැඩ කලා නම් ඊට වඩා කරවන්න යන්නෙ නෑ මම නම්.මෙයා කොම්පැණියෙන් හොඳ නම ගන්න මිනිස්සු මරවන සීන් එකක් යන්නෙ දැන්.
ඔන්න පහුවදාත් මෙයා ගියා හෙන ලොකු සීන් එකෙන් සයිට් එකට.
මම ඒ වෙලාවෙ ඔෆිස් එකේ..
මෙන්න මේකි එක පාරටම අඬාගෙන දුවගෙන ආවා.. මේසෙකට ඔලුව ගහගෙන අඬනවා වැලහින්න වගේ... මට දැනුනා මොකක් හරි ටොපියක් සෙට් වෙලා තමයි කියලා.QS සෙක්ශන් එකෙන් මිස් කෙනෙක් ගෙනල්ලා මෙයා ලඟින් තියලා මම ගියා අන් ඔෆීශිඅලි සීන් එක හොයන්න..

මෙන්න මේකයි වෙලා තියෙන්නෙ..

කලින් දවසෙ කන්නවත් නැතිව වැඩ කරපු බාස් එදත් වැඩට අහුවෙලා.හැබැයි මිනිහා සූදානමින් ඇවිල්ල තියෙන්නෙ.පලංචිය උඩ වැඩ කරන බාස්ට මේකි බැනලා 'ලඹ නෑ ලඹ නෑ.. කෝ ගන්න.. තියල බලන්න' කියලා. අරුත් ඉතින් පලංචිය උඩ කෙලිං කටිං ඉඳගෙන 'මිස්'ට මූණ දාගෙන

  'ලඹේ හොඳයිද මිස්?'

කියල අහලා.

හැබැයි පොර ඇඳගෙන ඉඳල තියෙන්නෙ ගොල්ෆිය ඉරුණු කලිසමක්.. යටටත් මුකුත් නැතිව..



Friday, March 13, 2015

කොකුන් පිටින් ඈ කිරට ගොසින්නේ





අම්මා සොයනා මා පුතුනේ
නාඬන් මා පුත රත්තරනේ
කොකුන් පිටින් ඈ කිරට ගොසින්නේ
කිරි එරවාගෙන එන්න ගොසින්නේ


පුංචි පැලක පුතු රජකරවන්නට
මැවූ සිහින පොදි බැඳගෙන හදතුල
ඉගිල්ලුනේ දුරු කතරට තනිවී
වැලි කතරේ රන් මසු ඇහිඳින්නට


මව් පිය සෙනෙහේ අයදින පුතු ලොව
මවු සෙනෙහේ නැති අඩුව මකන්නට
මව් වෙන්නම් පුතුනේ මින් මතුවට
පිතු වෙන්නම් පුතුනේ ඔබෙ තනියට


ගස්ලබ්බා ඕලෙවල් කාලෙ ඉස්කෝලෙ තරඟෙකට ලියපු ගීතයක්.පරණ පොත් පත් අවුස්සනකොට හම්බුනේ.. 

Sunday, March 8, 2015

උෂ්ණ ශිරෝමි




අද කොච්චර වතුර බිව්වත් උගුර කට වේලෙන එක නම් අඩු නෑ.වතුර බෝතලයෙන් භාගයකටත් වඩා ආසන්න පැය තුල අඩුවූ බව දකිත්දියි ගීත්ට එහෙම හිතුනෙ.
බෝඩිමට ගිහින් සිගරට් එකක් වත් බිව්ව නම්....
අත්දෙකට හොඳටම දාඩිය දාලා... කකුල් වලටත් එහෙමමයි... සෙරෙප්පු දෙකත් දැං ලිස්සන ගාන...
තව කොච්චර වෙලා මෙහෙම ඉන්නද?..
ඇවිද ඇවිද හිටියා...
ෆෝන් එක ඔහේ... එබුවා...
නර්ස් කෙනෙක් ලඟට ඇවිල්ල කියනකන් දන්නෙ නෑ තහඩු පුටුවට තට්ටු කරමින් හිටපු බව..
ශෙහ්..කොච්චර වෙලාද දන්නෑ..
මොනව උනත් අද නම් මඟින් යන්නෙ නෑ නෑ නෑ................මයි...


පොඩ්ඩක් සංසුන් වෙන්න හිතගෙන දිග හුස්මක් ගත්තු ගීත්ට තමංගෙ ලස්සන පාසල් කාලෙ මතක් උනා.
දෙමවුපියො කොච්චර ආසාවෙන්ද ගීත්ව ඒ කොලෙජ් එකට දැම්මෙ..
නිළ ඇඳුම ඇඳගෙන පාරෙ ඇවිද්දෙ උනත් ටිකක් ආඩම්බරෙන් කියලා පිළිගන්න ගීත් ලැජ්ජ වෙන්නෙ නෑ... දීප්තිමත් අධ්‍යාපන දිවියක් එක්ක හත අට පංති වලට එනකොට ගීත් හැමෝම දන්න අඳුනන චරිතයක්..
අනේ ඒ කාලෙ ඇත්තට...
ගීත්ට චූටියට හිනාවක් ගියා.. ඒත් එක්කම මූණ අඳුරු වෙලා අතින් මූණ පිහගෙනම හිනාව විසිකරලා දැම්මෙ මේ හිනාව හිංද මොනතරම් දේවල් උනාද කියලා මතක් උන නිසා වෙන්න ඇති.



පොතෙ පතේ වැඩ වලට අමතරව කොලෙජ්ජෙකේ අනිත් වැඩ වලටත් සම්බන්ධ වෙන්න ගීත්ට ආරාධනා ගලාගෙන ආවෙ ගීත් බොහොම සමාජශීලී වගේම හුරුබුහුටියට සකසුරුවමට වැඩ කරන නිසා කියලා තමයි එයාල කිව්වෙ.
ඒක ඉතින් බොරුවකුත් නෙමෙයි..
මොකද ගීත් මුල් උන හැම වැඩසටහනක්ම හරිම සාර්ථක උන නිසා.
මේ වගේ කරුණු නිසා ගීත්ට නිතරම ඉන්න උනේ තමන්ට වඩා වයසින් වැඩි පිරිසක් එක්ක.නමුත් අත්දැකීමෙන් වගේම ශරීරයෙනුත් ගීත් වයසට වඩා මෝරලයි හිටියෙ.
සම වයස් කණ්ඩායම් අතර ඉරිසියාවට ලක් වෙන්නත් මේක හේතුවක් උනා.නමුත් ගීත්ට පංතියේ යාලුවො ගැන්සිය එපාම වෙන්න හේතු උනේ එයා නමය වසරෙදි උපන්දිනේ දවසෙ සිද්දවුන දෙයක්.

චොක්ලට් අයිසිං කේක් එක කපලා විශ් කරලා හග් කරලා.. කේක් කාලා කට්ටියම එකතුවෙලා ලස්සනට ඔතපු ගිෆ්ට් එකක් දුන්න හැටි...
සංතොසෙන් ඇස් වල කඳුලු පුරෝගෙන රැපින් කඩපු හැටි...
මුළු ඔක්කොම කෙල්ලො හිනා උනා.....
යස්සනියො...
ගීත් අත් මිටි මෙලවුනා...
එතන තිබුනෙ කාගෙදෝ ඇඳලම පරණ උන ලොකුම ලොකු පෑන්ටියකුයි පරණ ලොකුම ලොකු බ්‍රා එකකුයි..
36 කියල මාකර් පෙන් එකකින් සුදු ගවුමෙ පිටිපස්සෙ එතකොටම එක යස්සනියක් ලිව්වා..

එදා තමයි ගීත් අන්තිමටම ඇඬුවෙ...

ටොයිලට් පැත්තට ගිහිං හිතේ හැටියට අඬලා බෑග් එකෙන් ගවුමෙ ලියපුවා වහගෙන ගෙදර ගිහිං දොර වහගත්තා මතකයි.
රෑ අම්මට උන දේවල් කියනකොටත් ඇඬුනා..
ඒත් එයාල කිව්වෙ මේක පොඩි විහිලුවක් ගණන් ගන්න එපා කියලා.
ඒත් ඒක විහිලුවක් විතරක් නෙමෙයි කියන්න නං ගීත් ට තේරුණා.
කොන්දෙ බලි ඇන්ද කෙල්ලට පපුවකුත් නෑ පස්සකුත් නෑ..
ඒත් ගීත් ගෙ ඇඟ හැඩයි කියල හැමෝම කියනවා...

පංතියෙන් ඈත් වෙන්න ඕන නිසාම ගීත් බෑන්ඩ් එකට සම්බන්ධ උනා...
බොහොම උද්යෝගෙන් පුහුණුවීම් වලට සහභාගී උනා.ඇත්තටම ඒකෙං ඇඟට වගේම හිතටත් ලොකු සහනයක් දැනුනෙ..



උදේ පාන්දර කාටත් කලිං කොලේජ් ඇවිල්ලා එක්සයිස් ටිකක් කරලා ප්‍රැක්ටිස් කරලා වොශ් එකක් දාගෙන පංතියට ගියාම කම්මැලි දැනෙන්නෑ ටිකක් වත්.
මොනවා කළත් පොතේ පතේ වැඩ නං ගීත් අමතක කලේ නෑ.
බෑන්ඩ් එකට කොච්චර ආස උනත් එපා වෙන වෙලාවල් නම් නැත්තෙ නෑ.
පොඩ්ඩක් වැරදුනත් කුණුහරපෙන් බණින ශිරෝමි අක්ක තමයි සැරම.
අනෙක් අයත් එහෙම තමයි.. බෑන්ඩ් එක වෙනුවෙන් නිසා ඉවසලා ඉන්නවා..
ඒත් ශිරෝමි අක්ක මොනව හරි වැරැද්දක් හොයාගෙන ගීත්ට කුණුහරපෙන් බනින එක දැං පුරුද්දක් වෙලාද මංද..
එයාගෙ ෆේවරිට් ස්වීට් ජාතිය තමයි ලොලිපොප්.කොයි වෙලෙත් එකක් කටේ...
ශිරොමි අක්ක පාසලේ විවාද කණ්ඩායමේ නායිකාව.
කාන්තා විමුක්තිය තමයි ආසම මාතෘකාව..
කතාකරන්නෙ දුං විසිවෙන්න.. කොල්ලො කියන්නෙ උෂ්ණ ශිරෝමි කියලා.. ගීත් ල උනත් නැති තැන කිව්වෙ එහෙම.


පුටුවෙ වාඩි වෙලා ඉන්න එක එපාඋන ගීත් ජනේලය ලඟට ගියා.උඩ තට්ටුවෙ ඉඳන් බලනකොට පල්ලෙහා පාර ලස්සනට පේනවා.
හැන්ඩි කොල්ලො දෙන්නෙක් පාරෙන් එහාපැත්තෙ මොකක්දෝ ලොකු කතාවක්..
කෙල්ලෙක් ගැන වෙන්න ඇති.ඔය මෝඩ ජාතියට කෙල්ලෙක්ගෙන් එහා දෙයක් හිතාගන්න පුලුවනැයි..
එකෙකුට මල පැනල වගේ.ඔර්ලෝසුව බල බල දඟලනවා.
උගෙ විකාර දකිනකොට ගීත්ට ආයෙත් පරණ සිද්ධි මතක් වෙන්න පටංගත්තා.



දවසක් ශිරොමි අක්ක ගීත්ට දුන්න නොටේශන් වගයක් හදාගෙන එන්න කියලා..
නරක වෙලාවට පාන්දර ප්‍රැක්ටිස් යනකොට ඒ ටික අරං යන්න ගීත්ට අමතක උනා.
ශිරොමි අක්ක ඒක ගැන අහනකොටයි මතක් උනේ...
ගීත්ට හීන් දාඩිය දැම්මා..
එතෙක් මෙතෙක් අහපු නරකම කතා ටිකක් ශිරොමි අක්කා ඇතුලු පිරිසගෙන් අහගත්තෙ දණ ගහගෙන අත් උස්සගෙන ඉන්න ගමන්.
සෑහෙන වෙලාවක් එහෙම හිටියට පස්සෙ ගීත්ට දඬුවම් කිරීම ශිරොමි අක්ක භාර ගත්තා.
දඬුවම තමයි නොටේශන් ඔක්කොම ලියල දීල ඉවර වෙලා පංතියට යන එක.

බෙල් ගහන්නත් ටික වෙලාවයි..
ඉක්මනට ඉක්මනට ලියන්න පටන්ගත්තත් හිතෙන් නෝට්ස් දාන්න තරම් හැකියාවක් ගීත් ට තිබුනෙ නෑ.
ඒ මදිවට අද මිසුත් නිවාඩු.
මිස් හිටිය නම් කොහොම හරි පංතියට යන්න තිබුනා.
මිස් නැති දවසට බෑන්ඩ් කාමරේ යතුර තිබුනෙ ශිරෝමි අක්ක ලඟ.
අන්තිමට සිද්ධවුනේ ගීත් වයි ශිරෝමි අක්කවයි බෑන්ඩ් රූම් එකට දාල එලියෙන් වහලා අනිත් අය පංති වලට ගිය එක.
මොකද හවසට අනිවාර්යෙන් අලුත් නෝට්ස් ඕන නිසා.

කරන්න දෙයක් නැති තැන පාඩම් වැඩ අමතක කරලා ගීත් නොටේශන් හදන්න ගත්තා.
ශිරෝමි අක්කා ලොලිපොප් එකක් කටේ දාගෙන ගීත් වැඩ කරන දිහා බලන් හිටියා.
දණ ගහගෙන හිටපු නිසා රිදෙන දණිස් අතගගා වැඩ කරනකොට..........
බාම් එකක් අරගෙන ශිරොමි අක්ක ලඟට ආවා.

"කෝ ඉන්න.. මේක ගාපුවාම හරි."

අමුතු කරුණාවන්ත හඬකින් එයා කිව්වා.
අමාරුවෙන් බොටමෙ කකුල් උස්සගෙන ගීත් ඒක ගාන කොට එයා අමුතු විදිහට බලන් හිටියා.
එක පාරටම
"ඔහොම ගාල හරියන්නෑ.. කෝ ඉන්න"
 කියලා එයා ගාන්න පටං ගත්තා...
රටාවකට...
වැරැද්දකුත් කරලා තව පණ්ඩිතකම් කියවන්න බැරි නිසා ගීත් ඔහෙ බලන් හිටියා.

ඒත් ටිකෙන් ටික ශිරෝමි අක්ක වෙනස් වන බවක් ගීත් ට දැනුනා..

කරුණාවෙන් යාලුවෙක් වගේ කතා කරන්න පටංගත්තු එයා අමුතුම සෙල්ලමක් පටන් අරන් හිටියෙ....

ගීත්ට මොනවත් හිතාගන්න වෙලාවක් තිබුනෙ නෑ...

අඩවන් දෑසින් ශිරොමි අක්ක දිහා බලන් ඉන්න එක විතරයි එයාට කරන්න ඉතිරිවුනේ..




'ගුඩුස් ගුඩුස් ගුඩුස්..'
බෝතලේ තිබුන වතුර ටික ඔක්කොම බීගෙන බීගෙන ගිය ගීත් ඔලුව දෑතින්ම බදාගත්තා...
කොච්චර අමතක කරන්න උත්සාහ කළත් අමතක නෙවෙන අත්දැකීම් ගොන්නක ආරම්භයට එදා දවසෙ මුල් ගල් තැබුනා.


ලෝකෙට හොරෙන් අමුතුම රසයක් ගීත්ගෙ ලෝකෙට එකතු උනා...
ශිරොමි අක්කගෙ පෞර්ශයට... ඒ හඬට...
අදහස් වලට ගීත් වශී උනා...
ඊට අමතරව කොහොම හරි දෙන්නා තනි වෙලා මිහිරි මොහොතකට ඉඩ කඩ හදා ගන්නත් අමතක කලේ නෑ.
බෑන්ඩ් එකට අමතරව නිවේදන කටයුතු,කථික,විවාද කටයුතු නිසා ගීත් ටයි ශිරොමි අක්කටයි එකිනෙකාගේ නිවෙස් වලට ගිහින් රාත්‍රී ගත කිරීම පවා පහසුවෙන්ම කර ගන්න ලැබුනා.

කාන්තා විමුක්තිය,ගෘහස්ත හිංසනයට එරෙහි වීම,සමතැන සඳහා හඬ නැගීම බොහොම ජයට කෙරුන නිසා ගීත් ප්‍රදේශය පුරා රිදී සීනුවක් ලෙසින් නමක් දිනාගත්තෙ කොලේජ් එකට පදක්කම් කුසලාන එකපිට එක ගෙන දෙමින්..

අනිත් කෙල්ලො මොනව කිව්වත්...
පාරෙ යනකොට අවලං කොල්ලො ආප්පෙ කියල කෑ ගැහුවත් ගීත්ට ඒවා ගාණක් තිබුනෙ නෑ.
ඇත්තටම අම්ම තාත්ත කියන දෙයක් වත් වැදගත් නොවන අවවාද කරන්න එන අයවත් තර්කයෙන් පරද්දන්න ගීත් පුරුදු උනා.

කාලය වේගයෙන් ගත උනා
විශ්ව විද්‍යාල කියන්නෙ ගෝත්‍රික මතවාද දරන නොදියුනු මිනිස්සු එන තැනක් ය..
නිදහස් චින්තනය අගයන්න එහෙ ඉන්න දේශපාලන අතකොලු දන්නෙ නැති ය..
පුරුෂ ඒකාධිකාරයට විරුද්ධව හඬනගන එකයි උතුම් කියල ශිරෝමි අක්කා ඒ වෙනකොට ක්‍රියාකාරී වෙලා හිටපු එන්.ජී.ඕ. එකෙන් ලොකු හොටෙල් වල කරපු වැඩමුලු වලින් දීපු අදහස් හිස් මුදුනින් පිලිගත්ත ගීත් ඒ වෙනුවෙන්ම කැප උනා.

සිගරට් එක.. හර්බ්.. මේවා ගීත්ගේ ඇඟිලි වලට වේගෙන් හුරු උනා.

ඒත් එකපාරටම ශිරෝමි අක්ක කාටත් නොකියම රට ගියා.

ශිරෝමි අක්ක රට ගියාට පස්සෙ පාලුව මකා ගන්න ක්ලබ් යන එක පුරුද්දක් උනා.
ගීත්ගෙ ඔලුව යකාගෙ කම්මල වගේ උනා.
එල්.එස්.ඩී. දාපු දවසෙ පරණ කාලෙ සැහැල්ලුව හිතට දැනෙනන් ගත්ත වගේම කාමරේ හිටපු හැම ගෑණු ළමයම ශිරොමි අක්ක වගේත් ගීත්ට පෙනෙන්න පටන් ගත්තා...

මොනව උනත් ලංකාවෙ ඉන්න ගමන් උපාධියක් හදාරන්න පටන් ගත්ත කාලෙ තමයි ශිරෝමි අක්ක වෙනස් උනේ...
එයා ගීත් ටත් නොකියම රට ගියේ ගීත්ව හොඳටම අසරණ කරලා.ඒ හිදැස මකා ගන්න ගීත් නොකරපු දෙයක් නැති තරම්..

මෙහෙම යනකොට දවසක් ගෘහස්ත හිංසනයට ලක්වුනු කාන්තාවන් වෙනුවෙන් ගීත්ගේ සංවිධනයෙන් පැවතුනු වැඩසටහනක් අවසානයෙ ඒ වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් පැමිණි වයෝවෘද්ධ නීති නිලධාරිනිය ගීත් ගැන හොයල බලුවෙ අම්ම කෙනෙක් වගේ.
ගෙදරින් පිටත් වෙලා සම්බන්ධකම් අතෑරලා හිටපු ගීත්ගෙ  හිස්කම ඇය අඳුන ගත්තා.
ඇයගේ පෙළඹවීමෙන් තමුන්ගෙ මනස නැවත ශක්තිමත් කරගන්න උපදේශන සහය ලබාගන්න ගීත් කැමති උනා..



ඔන්න දැන් නම් බලා හිටියා ඇති...
වෙනස් වෙන්න සූදානම් ගීත්ට පොඩි සහයයි ඕන වෙන්නෙ...
ජනෙල් පඩියට අත් දෙකින්ම බර වෙලා ගීත් ලොකු හුස්මක් හෙලුවා...

"මිස් ඔයාගෙ වෙලාව.."

ලස්සන නර්ස් කිව්වෙ උරහිසට අතක් තියල කල්පනා ලොකෙන් ගීත්ව අවදි කරමින්.


උගුර පාදගෙන හොඳ හුස්මක් අරන් .. බෑගයේ තිබුනු චූටි කණ්නාඩියෙන් බලාගෙන කොණ්ඩයත් සකසගෙන ගීත් කාමරයට ඇතුල් උනා...

තමාට පිටුපස හරවගෙන ෆිල්ටරෙන් වතුර එකක් පුරව ගත්තු උපදේශක වරියට ඇත්තටම ලස්සන හැඩයක් තියෙන බව ගීත්ට පෙනුනා...

පිලිවෙලට අස්කරපු මේසෙ පැත්තකින් ලස්සන පාට පාට ලොලිපොප් පිරුනු දීසියක් තියලා තිබුනා

Monday, March 2, 2015

ඒ වගත් මෙසේම - මේ වගත් එසේම




"ගෙදෙරෙ කවුදේ.....?????"
"ගෙදෙරෙ කවුදේ.....?????..................."

භව් ... භව්....වාආඅව් භව්..

මහත් කම්මැලිකමකින් හිස ඔසවා බලන රංදික ට ගේට්ටුව අසල මල්ලක් තුරුල් කරගත් ගැහැණියක් හඬ නඟනවා පෙනුනි.
බල්ලන්ගේ සැර වැර වලට බියෙන් ඇය, ඇඳ සිටින චීත්තය පොටකින් වැරෙන් අල්ලාගෙන පස්සෙන් පස්සට යනවා දුටු නිසා
'ඔහෙ යන්න යයි' කියා හිස හරවන විටම

"ගෙදෙරෙ කවුද.....?????..........."

හෝන් එක නැවත වාදනය විය.ලේසියෙන් යන පාටක් නෑ...

රංදික අමාරුවෙන් ඉස්තෝප්පුවට පිය මැන්නේ, ලාබ හවුස්කෝට් එකක්,පරණ චීත්තයක් ඇඳගෙන බැගෑපත් බැල්මෙන් තමාවෙත් නෙත් යොමන ස්ත්‍රිය දිටීය.

'මහත්.....' භව්..භව්...

බල්ලන්ගේ කන්දොස්කිරියාව නිසා කී දේ අපැහිදිලි මුත් පුරුද්ද විසින් මෙහෙය වූ රංදික කාමරයට ගොසින් යම් මුදලක් රැගෙන ආවේ ඇය කෙරෙහි අනුකම්පාවක් ඉපදුන නිසාවෙනි.

'කෝ..??? ගිහින්ද?'
තමන්ටම කොඳුරමින් වට පිට බලන විට බල්ලන්ට නොපෙනෙන්නට මාවතේ අයිනක එකෙල මෙකෙල වෙමින් සිටින ඇය ඔහුගේ නෙතට හසු වින..
සෙමෙන් සෙමෙන් ඇය වෙතටම ගොස් මුදල පිරිනැමූ විට ඇය රංදිකට මහත් යටහත් පහත් බවක් පාමින් දසන් දක්වා දෝතින්ම එය පිලිගත්තාය.

ඒ අතරම..

'අනේ මහත්තයෝ.. අනතුරක් වෙලා පුතා එකතැන් වෙලා... අහක දාන ඇඳුමක් එහෙම ලැබෙනව නම් ලොකු දෙයක්...'
කීවේ හිස පැත්තට ඇලකරමින් බයාදු හඬිනි.

'හ්ම්.. හ්ම්.. ඔහොම ඉමුකෝ..'

රංදික නැවතත් නිවසට විත් පෙරදා සෝදා දැමූ තමාගේ හා පියාගේ ඇඳුම් කීපයක් ගෙන ආවේ කල්පනාවෙන් බරවූ සිතිනි.

මේ වනතුරුත් තම දැඩි මුර කාවල් බිඳකට වත් ලිහිල් කිරීමට අකමැති වූ සුනඛ සේනා තම දේපල අන්සතු කිරීමට නම් තම තදබල විරෝධය පල කළේ නොනවතින බිරුම් කෙඳිරුම් හඬිනි.
එය නොතැකූ රංදික...,

'පුතාට මොකද උනේ..?'

'අනේ මහත්තයෝ බස් එකකට අහුවෙලා.. සුසුම්නාව කැඩිලලු.'

'දැන් ඇවිදින්න බැරිද? රෝද පුටුවකද?'

'නෑ මහත්තයො... ඇඳක වැතිරිලා ඉන්නෙ... දැං ඉතින් බෙහෙත් හේත් කරනෙත් නෑ... කිරිපිටි එකක් බොන එක තමයි කරන්නෙ.'

'මේ ඇඳුම් ඔක්කොම දැනටත් අඳින ඒවා..
ආ.... මෙන්න මේකත් ගන්න..' යි පවසමින් තවත් සුලු මුදලක් ඇය අත තැබීය..

'අනේ ඉස්සර මෙහෙම ඉල්ලන්න ගියේ නෑ... දැං වෙන කරන්න දෙයක් නෑ මහත්තයො..'
බැගෑපත් හඬින් ඇය කෙඳිරීය.

ඇය නොකීවත් ඇගේ තෙත්වූ දෙනෙතින්.. ආත්මානුකම්පාවෙන් මැඩීගිය වතින් ඒ බැව් මොනවට පිලිබිඹු විය.

'මහත්තයා....ම්ම්... ම.. ම්....'

තමන්ගෙ දෙපය දෙස බලනා ඇය අසන කාරණය පැහැදිලිය..

'ඔවු....
මාත් බස් එකකටම තමයි අහු උනේ.. තාම කකුල් ඩැමේජ්.. 
ඇවිදිනකොට කොර ගහන්නෙ ඒකයි..'

කාන්තාව තමන්ට සෙත් පතමින් මොනවදෝ කීවත් ආපසු නිවසට කොර අනින රංදිකට ඒවා ඇසුනේ නැත...

අනතුරෙන් පසු කාලයේ ප්‍රතිකාර කළ සැටි.. 
ගණන් හිලවු නොබලා... උදයක් රැයක් නොබලා... 
වෙහෙසුනු අයුරු...
රැකියාවෙන් රංදික ඉතිරිකරගත් සොච්චමත් වියදම් කිරීමට සිදුවීම නිසා තව තවත් තැවුනු අයුරු...
අදටත් රංදිකට නොපෙනෙන්නට තෙත්වූ නෙතින් ඔහු දෙස බලමින් සුසුම් හෙලන අයුරු...


'අම්මා...'


ගතින් පමණක්ම වෙනස් වන................,නොසිඳෙන නෙතින් යුතු ලොවේ වෙසෙනා සහසක් මව්වරුන් සිහි වී රංදිකගේ රත්වූ නෙත් කෙවෙනි තුලින් කලකට පසු උණු කඳුලක් මෝදුවනු දුටු නිසාදෝ සුනඛ පෝතකයින් නැගූ කූක් කූක් කෙඳිරිය මැකීයන්න සෑහෙන වේලාවක් ගතවූයේ....


(පින්තූරය ගූගල් වෙතිනි)

Thursday, February 26, 2015

කිති කැවුනා කිති කැවුනා... (ඉවරයි )



දන්නෙම නැතිව තව ඩිංගෙන් මෙගාවක් වෙන්න ගිය කිති කැවුනු කතාවෙ අන්තිම කොටසයි මේ..

(1 මෙතන )
(2 මෙතන )

මගෙ පාට පාට හීන ලෝකෙ ලස්සනම කාලෙ ගැන නෙ කිය කිය හිටියෙ.

මේ තමා මම මතක හිටින කාලෙකින් සතුටින්ම හිටපු කාලෙ... මොන ප්‍රශ්නෙ ආවත් සැහැල්ලුවෙන් මූණ දුන්නා.
ඉස්කොලෙදි උනත් වෙනද ඔරව ඔරව හිටපු එවුන්ටත් 'යන්නං මචං' කියාගෙන හරිම සැහැල්ලුවෙන් හිටියෙ.


ඔන්න විභාගෙට තව සති දෙකයි.ඇත්තම කියනවා නම් තාම මම අච්චු පොත් ටික වත් කියවලා නෑ..
ඒත් ඉතින් අවුලකුත් නෑ..
දැං මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි හිතේ තෙරපෙන හැඟීම ප්‍රකාශ කොරන එක.
'වහෙන් ඔරෝ' කිව්වට මට තේරුණ දෙයක් තමා කෙලිං කතා කරන එකට එයා කැමතියි කියන එක.
ඒත් මේ විභාග අස්සෙ....?
ඒ ළමයා දුර ඉඳන් ඇවිත් බෝඩ් වෙලා ඉන්නෙ ලබු ඇට ගනින්න නෙමෙයි නෙව.

ඉතිං මේක ඔෆීශියලි නොකිව්වට දැං දැං ටිකක් විතර නෝණ්ඩි වෙලත් තියෙන්නෙ.ඔව්වා මෙව්වා කල්පනා කර කර දැං මම ක්ලාස් එකට ගියා.
අදයි තව එක දවසකුයි තමා මේ විදිහට ගියොත් අපි හම්බවෙන්නෙ.
මම සුපුරුදු ගහ යටට ගිහින් බලන් හිටියා එයා පාවෙලා එනකං...

මට පොඩ්ඩක් එහා පැත්තෙ පාරෙන් අනිත් පැත්තෙ දැකලම නැති කොල්ලො සෙට් එකක් ඇවිත් හිටියා.
අපේ ක්ලාස් එකේ උනුත් ගිහින් කතා කර කර හිටියට මට උංගෙ ඇක්ශන් එච්චර ඇල්ලුවෙත් නෑ..
ඒ අතරෙ ක්ලාස් එකේ එකෙක් ඇවිත් වරෙං මචං පාටිය සෙට් කරන්න කියලා මාව ඇතුලට එක්කන් ගියා.

'සීන් එක මොකක්ද බං?'   කියල අහපුවාම
'අල්ලලා දාපං බං.. පිස්සු -ත්තලා'

 කිව්ව නිසා මාත් ඉතිං  අපිට මොටෝ අනුන්ගෙ පොටෝ කියලා අල්ලලා දැම්මා.


මෙච්චර කල් බැන ගත්ත.. බයිට් කර ගත්ත කෙල්ලො කොල්ලො සෙට් වෙලා පුංචි පාටියක් සෙට් කලා.
මේ එකකට වත් එයා සම්බන්ධ නොවුනෙ එදා ටිකක් පමා වෙලා ආපු නිසා කියලයි මතක.

හැබැයි සුපුරුදු කවි පූජාව එදත් කළා.ඒ අතරෙ මම ඇහුවා

'ඔයා කියවනවා නේද? මොකද හිතෙන්නෙ ' කියලා.

ලස්සනට හිනා උනා ඇරෙන්න මුකුත්ම කිව්වෙත් නෑ.හැබැයි මොකක්දෝ නොසන්සුන් ගතියක් නම් තිබුනා.
විපරම් කලාට හේතුවක් දැනුනෙ නෑ...


එදත් ඔන්න ක්ලාස් ඉවර වෙන්නයි යන්නෙ... 
මට දැං කං දෙකත් කූං ගානවා වගේ.. 
මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව.
එතකොටම සර් කිවුවා

'අන්තිම දවසෙ අපි පාටි දාන්න ඕන නෑ.. මෙතන එහා පැත්තෙ පංසලට ගිහිං බෝධි පූජාවක් කරමු' කියලා.

අපි ඔක්කොම එක හඬින් ඒක අනුමත කරන අතරෙ මම හිත්හ ගත්තා 
'අන්න මගෙ වෙලාව' කියලා.

ආ... එදා රෑ පියතුමා එනකන් කොල්ලො හතර පස් දෙනෙක්ම පාටිය ගැන කතා කර කර මගෙ ලඟටම වෙලා හිටපු එකත් වෙනසක් දැනුනෙ නෑ අන්තිම දවස් නිසා.ඇත්තටම අපි සහෝදරයො තරම් කිට්ටු වෙලා හිටියෙ ඒ වෙනකොට.

දවසින් දවස කාලෙ ගෙවිලා ගියා.
පොත් පත් වලට වැඩි අවධානයක් මම දෙන අතරෙ මම ගැන වැඩි අවධානයක් ගෙදරින් ලැබෙන බව මට දැනුනා.
විභාගෙ නිසා කියලයි මට හිතුනෙ.


මම මේ වෙනකොට ප්ලෑන් එකක් හදාගෙන හිටියෙ.
තීරනය කලා විභාගෙ ඉවර වෙනකන් හිටපු විදිහටම ඉන්න.
මොකද එයාටත් විභගෙ අමාරු නොවෙන බව මම තේරුම් අරන් හිටියෙ.
අනිවාර්යෙන් ඒ ලෙවල් ක්ලාස් එන්නෙ මම උදේ හවා යන එන තැනටනෙ.
ඉතිං බොරුවට කලබල වෙන්න ඕන නෑ.


ඔන්න ඉතිං ජීවිතේ ටෙන්ශන් වැඩිම දවස ලං උනා.

සර් එපා කිව්වට හැමෝම සල්ලි දාල කෑම බීම,සර්ට ගිෆ්ටෙකක් එහෙම අරගෙන ක්ලාස් එක පටන් ගත්තා.
සාමාන්‍ය උපදෙස් ටිකක් දීල මොරාල් අප් කරලා සර් පාටියට වෙලාවක් දුන්නා.. 
වැඩේ අහිංසක විදිහට නැගලම ගියා... 

බෝධිපූජාවට යන්න වෙලාවත් ලං වෙනකොට සර් එයාට කිවුවා.. 

'පුතා සිංදුවකුත් කිව්වනම් වැඩේ හරියටම හරි'

අඩේ.... එතකොටයි මම දන්නෙ එයාට සිංදු කියන්න පුලුවං කියලා... 

දේවාලෙ දෙවියන්ට භජන් ගායනා වෙනකොට බැතිමතෙක් ඒක දිහා බලන් ඉන්නවා වගේ මම එයා දියා බලන් හිටියා...

බොහොම ලස්සනට මධුර හඬකින් එයා ගායනා කරනකොට මම ඇත්තටම අමුතු ලෝකෙකට ගියා.

'අප්පච්චී මට තැලුවට දිගට හරහට..
සන්තකටම මට තිබුනේ ඔබගෙ දයාව...'

මොකක් බොල.... 

මේක මේ කිංස්ලි පීරිස්ගෙ බස් සිංදුවක් නෙව.
මොන සික් එක තිබුනත් මේකට නම් කිණ්ඩියක් නොදා බෑ කියලා එයාගෙ මූණ දිහා බලපුවාම.. 
ඒ ලාවට තෙත් උන ඇස් දෙක අමුතු කතාවක් කියන්න හදනවා කියලා හිතුනා...

හ්ම්ම්ම්.... 
'කමක් නෑ.. තව ටික දවසකින් ඔයාට ලෝකයේ ලොකුම සතුට මම දෙනවනෙ' 
කියලා මගෙ හිත හදා ගන්න ට්‍රයි කලත් ලොකු ගලක් හිත උඩට අතෑරියා වගේ බරක් දැනෙන්න ගත්තා.

පුරුදු විදිහටම ඉර අවරට ගිහින් තිබුනා.

බෝධි පූජාව පටන් ගන්න නොහිතූ තරම් වෙලා ගියා.
ඒ අතරෙ එයාව හොයාගන්න කොච්චර බැලුවත් එයා හිටියෙ නෑ... 
මට මිස් උනා වත් ද?
මගෙ ලඟින්ම හිටපු ශුවර්ම කොල්ලට කතා කරලා මම ඇහුවා 

'එයාව දැක්කද?'කියලා. 

ටිකක් මගෙ මූණ දිහා බලන් ඉඳලා ඌ කියපි 

'මාත් දැක්කෙ නම් නෑ..පණිවිඩයක් තියෙනවා නම් කියන්න .. මම කියන්නම්'  කියලා.

'විභාගෙ ඉවර වෙන දවසෙ අහවල් බස් හෝල්ට් එකට මම එනවා.ලොකු දෙයක් කියන්න තියෙනවා කියන්න.'

කියලා කියපු මම ඒ වෙනකොටත් ඇවිත් හිටපු පියතුමා එක්ක ගෙදර ආවෙ ඇවිදින මළමිනියක් වගේ.
වෙනසට හේතුව ක්ලාස් ඉවර උනු එක කියලා ශේප් උනු මම දවසෙ උන දේවල් කොච්චර කල්පනා කලත් පැහැදිලි උනේ නෑ..

හැමෝම මොනව හරි හංගනවා කියලමයි හිතුනෙ.

ඒ මොනවත් ගැන වැඩිය හිතන්න වෙලාවක් ඉතුරු වෙලා තිබුනෙ නෑ ඒ වෙනකොට.
සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එක ගොඩ දා ගන්න නැහෙනවා මිසක...  

මොනවා උනත් මම ඒ අස්සෙ ෆ්ලෑශ් බෑක් දෙහි මලක් පීස් එක හොයාගෙන අසාමාන්‍ය විදිහට අහන්න පටන් අරන් හිටියෙ.

ඔන්න විභගෙ ඉවර වෙන දවස ආවා.

මම ඉගෙන ගත් පාසලේම විනය අංශයේ මගේ පියතුමා කැපී පෙනෙන චරිතයක් නිසා එදා එයත් ආවා...
මොකද මහා බරක් බිමින් තියන එදා කොල්ලො කස්ටිය සෙට් වෙන්න යොදා ගන්න බව අත් දැකීමෙන් එතුමා දන්න හින්ද වෙන ඕනෙ.

විභාගෙ ඉවර වෙන වෙලාව වෙනකොට මෙන්න පියා ශාලාව ලඟ.

කාල වරෙන්කො බුල්ටො දැං..

මම දැං යන්න ඕනෙ එයාව හම්බ වෙන්න.. 
මගෙ හිතේ තියෙන දේ කියන්න... 
ඒත් දැං මේ මොකද වෙන්න යන්නෙ.. 

හපෝයි... 

විය යුතු නරකම දේ උනා...

පැය දෙක තුනක්ම ඔෆිස් එකේ අස්පස් කිරිලි අනං මනං වලට ගෙවලා දාලා පියාණන්ගේ අත්ඩංගුවේම ගෙදර බලා ඇදුනා.

මේ තත්වෙ පාලනය කොර  ගන්න... 
අඩු ගානෙ එයාට පණිවිඩයක් යවා ගන්න මට බැරි උනා ඔන්න... 

'කොහොමද අපේ පියාණන් ගෙ මොලේ..?'
හැසිරීමෙන් වෙනස දැනෙන්න ඇති.කලබල කලේ නෑ.. 
කිසිම දෙයක් වෙන්න ඉඩක් නම් දුන්නෙ නෑ.

අන්න එදා තමා මගෙ වටේ තියෙන බැමි විලංගු අවබෝධ වෙලා මම ගෙදරින් නිදහස් සටන ආරම්භ කළේ.



නිවාඩු කාලයක් ලැබුනා.. 

ජංගම දුරකථන තිබුනෙත් නෑ.. 
කගෙ වත් අංකයක් තිබුනෙත් නෑ..
එයගෙ බෝඩිම පැත්තෙ හොයල බලපුවාම ගෙදර ගිහිං කියලා ආරංචි උනා.
සීන් එක දැනගෙන හිටියෙ එකම එකයි... ඌත් අතුරු දහන් වෙලා වගේ.. 

දින සති ගෙවිල ගියා... 
මාත් ඔහේ කල් ගත කලා.. 


ඔන්න දවසක් ටවුන් එකෙං අර මිත්‍රයා හම්බ උනා.. 

'උඹෙ අම්** ...' කියල පටං අරන් සෑ හෙන වෙලාවක් මූ මට බැන්නා. 
මමත් අහගෙන හිටියා... 
අන්තිමේදි මම ඇහුවා කෝ එයා කියලා.. 

මෙන්න මෙහෙමයි මූ මට කියපුවාගෙ අදහස.
.............................................................................

'යකෝ ගස් ලබ්බො,උඹ ඕකිට ට්‍රයි කියලා අපිට ටික දවසකින්ම දැනුනා.
ඒත් අපි කවුරුත් ඒ ගැන වචනයක් වත් නොකිව්වෙ ඒ වෙනකොට ඒකිට 'අහවලා' බැහැලම ට්‍රයි නිසා. 

{'අහවලා' යනු ඉතාමත් දරුණු මිනිසුන් සඳහාම ප්‍රසිද්ධ ගමක කෙරුමාගේ.. කොරන පුතා ය.ගමේ එකෙකුට කේස් එකක් නම් බහින්නේ බස් පිටින් ය.ගුණක් අගුණක් නැත.වතු සංස්කෘතියටත් වඩා චාටර් ය}

එයත් සද්ද නැතිව හිටියෙ ඒකයි.
උඹට ගේම දෙන්න 'අහවලා' කීප සැරයක් ආවත් අපි උඹට නොදැනෙන්න ශේප් කලේ උඹ අහිංසකයෙක් හිංදයි.
එහෙම එකෙක් පැටලුනොත් අපිත් මැදිවෙන නිසා එයාත් ගොඩක් පරිස්සමින් හිටියෙ.
ඒත් අන්තිමේදි එයා තීරණයක් අරන් තිබුනා.
මාත් එක්කම උඹ කියපු තැනට ඇවිල්ලා පැය දෙකක් බලන් හිටියා මචං.
'අතක් පයක් කැඩුවොත් උඹේ අනාගතේ අඳුරු වෙනව කියලලු හිටියෙ.දැං බයක් නෑ ලු... ඉතුරු ටික උඹ බලාගනියි කියලා විශ්වාසයි ලු...' 
ඔව්වා කිය කිය ඉඳලා... 

'මම යනවා.. මම බලන් හිටියා.තවත් බෑ' කියල ගියා බං.. 

දැං ඉතිං උඹ පරක්කුයි.ආයෙ විස්තර හොයන්නත් එපා.කරදර කරන්නත් එපා බං... එයාට කරදර වෙන එක ශුවර්. 
මම කියන දේ අහල අමතක කරපන්'

................................................................................................


මේ වන විට එයා ටීච කෙනෙක් ලු. මට කිව්වෙත් පස්සෙ බොක්කෙ ෆිට් එකක් උනු 'අහවලා' ගෙ යාලුවෙක්.හැබැහි එතනින් එහාට කිසිම තොරතුරක් හොයන්න බැරි වෙන්නම එයා අතුරුදහන්.




දැං අවුරුදු පහලවක් විතර ඇති වෙලා.ඒත් තාම මට අමතක කරන්න බෑ... 

ඒක ආදරයක්ද? නැත්තම් ආකර්ශනයක් විතරද?

ආදරයක් නෙමෙයි නිසාද ඒ දවස් වල මගෙ උනන්දුව මදි කියලා හිතෙන්නෙ?

ආකර්ශනයක් විතරක් නම් ඇයි අදටත් මගෙ පපුවෙ ඇමිනිනු කට්ටක් වගේ සැරින් සැරේ කෙවෙන්නෙ?

ඇත්තටම එයා මාව මඟ ඇරියේ මම වෙනුවෙන් ද? 

හැබැයි මම අදටත් කැමතියි එයාව එක මොහොතකට හරි හම්බවෙලා කතා කරන්න.. 
එතකොට වත් කිංස්ලිගෙ ගී හඬ, චූටි ටීචලාගෙ රූප මාව ගල් කරන එක නවතියි...

(එයා ටිකක් අනුෂ්කා ශර්මා වගේ.Rab ne bana di jodi බලන්න ගිහිං මට ෆිල්ම් එක බලන්නත් බැරි උනා.)

Tuesday, February 24, 2015

කිති කැවුනා කිති කැවුනා (2)



(1 මෙතන )


කිය කිය හිටියෙ නයිට් ක්ලාස් එකේ පලවෙනි දවස ගැන නෙ.
මම හිටපු හරිය ටිකක් කලුවර ගතියකුත් තිබුනා.
මම තාම පස්ස බලාගෙන.

"කලුවරේ ඉඳලා නින්ද යයි.. එන්න මේ එලිය තියෙන තැනකට"

සර් ගෙ හඬ ඇහෙන්නෙ.මම තාමත් පස්ස බලාගෙන.හෙමින් සැරේ ඉස්සරහ බලනකොට ආයෙත් හැමෝම මහ හයියෙන් හිනා උනා.හුඟක්ම මගෙන් බයිට් උන කෙල්ලො...

එතකොටම දැක්කෙ ලයිට් එක තියෙන්නෙත් එයා ඉන්න තැනමයි.
කොහොමත් මගෙ එලිය තිබුනෙ එතන විතරයි.
පළඟැටියා පහනට ඇදෙනවා වගේ මමත් ගිහින් එයාගෙ පිටිපස්සෙන්ම බංකුවට බර දුන්නා...

ම්ම්ම්.... සුවඳ......

අමුතු සුවඳක් තියෙන ෂැම්පු එකක් ගාල තියෙන්නෙ..
තාම මතකයි ඒ සුවඳ..

මේ ක්ලාස් එකේ කරන්නෙ පේපර් වලට වෙලාවට උත්තර ලියලා,බලලා,සාකච්ඡා කරන එක.
නැගල යන වැඩේ.ඔන්න පේපරේට උත්තර ලියල වෙලාව ඉවර උනා නෙ.
සර් කියපි "දැං ඉස්සරහ බංකුවයි පිටිපස්සෙ බංකුවයි උත්තර පත්තර මාරු කර ගන්න" කියලා.
ආයෙ මට ඉතිං.... සංතෝසෙ කං දෙකෙං බේරෙනවා..
දැං කොහොමත් කතා කරන්න පුලුවං නෙ.
ඇත්තටම එයා ලස්සනයි.
හරිම ලස්සන හිනාවක් තියෙන්නෙ.
පේපර් එක මාරු කරගෙන මූණට වැටුනු කෙස් රොදක් දකුණු අතින් කන අස්සට යවන ගමන් ලාවට හිනා උනා...........
මම ගල් උනා..
එයා කතා කරන හැම මොහොතකම හිනා උනා..
මම ගල් උනා..


කොහොම හරි එදා ක්ලාස් ඉවර උනා.ඉවර වෙලා කථා කරන්නත් හිතුනා.. ඒත්...
එහෙම හරි නෑ නෙ.මගෙ රැස් වලල්ලට මොකද වෙන්නෙ එතකොට.. හ්ම්ම්...
අනිත් දවසෙම කතා කරනවා..කියලා ලොකු සීන් එකේ එලියට බහින කොටම මෙන්න මගෙ පියතුමා ඇවිල්ලා.
මහ රෑ නිසා දක්කං යන්න ඇවිත්.
දැං ඉතින් මක් කොරන්නද... විස්තර ටිකක් හොයා ගන්නම් කියල හිටියා ඒකටත් කෙල උනා නෙව.
පුදුම තරහක් ආවෙ.ගෙදර යනකල්ම කතාවත් කලේ නැද්ද කොහොද මම.
පවු ඉතින්... පියතුමා මක් කොරන්නද කොල්ල තිරිහං උනාට.


රායිට්.....
අන්න නිදි නැති රාත්‍රිය අංක එක.
මේකි පුදුම වදයක් නෙව දුන්නෙ.
නින්ද යාගෙන එනකොට හිනා වෙලා මගෙ දිහා බලනවා.පපුව ගැහෙන හිටු කියලා.
බැරිම තැන ගත්තා කොලයක්.
රැක් එකේ තිබුනු කලිසමේ සාක්කුවට අත දාල ගත්ත පෑනත්.
හිතට ආපු හැඟීම් දැම්ම කොලේට..
හැබැයි පට්ට කලුවර.ලයිට් දැම්මෙත් නෑ..කලුවර දැනුනෙත් නෑ..
මේ විදිහට හැම රැයකම කවි ලියැවුනා.. උදේ පාංදරත් ලියැවුනා..
ඔක්කොම පොත් අස්සෙ හංගලා පස්සෙ තනියම කියවනවා.අන්න එහෙම තමයි කොල්ලා පාඩම් කලේ.

ඇඟිලි ගැන ගැන හිටියෙ ඊලඟට ක්ලාස් යන දවස වෙනකං..
ඔන්න හෙට යන්නෙ කියලා ගියා අක්කගෙ කාමරේට.පාට පාට පෑං දෙකතුනකුයි කැපිලා අහක් උන පාට පාට ඒෆෝ කොල කෑලි ටිකකුයි අරන් ඇවිත් හැංගුවා.
ඊයෙ පෙරේද ඉඳං රෑට ඇහැරගෙන පාඩං කරන කොල්ලට අම්ම කෝපි එකකුත් උණුවතුර බෝත්ලේකට දාල දුන්නා.
අම්ම දන්නවැයි මම මක්ක කොරනවාද කියලා.
මුලු රෑම කරපු එකම වැඩේ තමයි අර කවි කෑලි කොල කෑලි වලට අරන් මගෙ නුහුරු නුපුරුදු පාට පාට හීනෙ හැඩ කරපු එක....
ම්ම්ම්ම්..... ඇස් වහගෙන.... තනියම හිනා වෙවී....
කවුරු හරි දැක්කනං අංගොඩින් මෙහා නවතිනෑ.. සුවර්..!


කොහොමිං කොහොමිං හරි දෙවනි දවසෙත් ක්ලාස් යනකොට මම පරක්කුයි.
හැබැයි අනං මනං නෑ පැණිහැලිය හොයාගෙනම ඇඹලයා ගියා.
කොතෙන්ට ගියත් ඉඩක් ලැබෙන නිසා (ඒ කාලෙ ) අවුලක් උනෙත් නෑ..

එයා හිටපු බංකුවෙ හිටියෙ එයාගෙ යාලුවො විතරයි.
පිටිපස්සෙ බංකුවෙ.. ඒ කියන්නෙ මම දැං ඉන්න එකේ ඉන්නෙ යාලුවන්ගෙ යාලුවෝ විතරයි.ආයෙ වෙන මොනවද ඉතිං... දෙන දෙයියො බන්දේසියෙ තියලම දීලා..
ඔන්න පේපර් මාරු කරන වෙලාව..
කවි ටික මේකට දාල දෙනවද... නැද්ද..දාල දෙනවද... නැද්ද..
නෑ...එහෙම දෙන්නෙ නෑ.. 
මේකි කෑ ගැහුවොතින් හතර විලි ලැජ්ජාවක් වෙන්නෙ..
පෙනුමෙන් ශාන්ත දාන්ත උනාට 'සේෆ්ටි ෆස්ට්' කියනවනෙ.

ක්ලාස් ඉවර වෙන්න මොහොතකට කලින් මම එයාගෙ පෙන්සිල් කේස් එක ඉල්ල ගත්තා.
(ඊට කලින් වතුර ඉල්ලගෙන බීලා.. පෑනක් ඉල්ලගෙන වගේ වට පිට තත්වෙ නෝමල් කරන් හිටියෙ ) කාටවත් පේන්නැතිව ඒකට බඩු ටික දාලා මුකුත් දන්නැති සතා වගේ මම ආවා.
එයාගෙ ගෙවල් ගොඩක් ඈත..බෝඩ් වෙලා තමයි සෙන්ට්‍රල් එකට යන්නෙ කියල එහෙම දැං කොල්ලා දන්නවා.
ඇස් දෙකෙන් පිහදාල එකතු කරගත් එයාගෙ රූප ටිකත් හිතේ ගුලි කරන් ගියා ගෙදර පියතුමා එක්ක.


ඔන්න අමාරුම හරිය... 
සතියක් කල් ගත කරන එක.
අනික කාටවත් කියලත් නෑ නෙ සීන් එක.
හරිම අමාරුයි හිර කරන් ඉන්න.ඉතිං පීඩනේ අඩු කර ගන්න ආයෙත් කවි ම තමයි.


ඊලඟ දවසෙ ක්ලාස් යන්න නිකං මොකද්ද මොකද්ද වගේ.. 
නොගිහිනුත් බෑ.. 
වැඩේ නෝණ්ඩිද දන්නෙත් නෑ..
ඕන එකක් සිලිං දෙකයි කියලා කොල්ල ටිකක් කලිං ගියා.
ගිහිං ඉව අල්ලල බැලුවා.අවුලක් නෑ වගේ.... 

අන්න එනව හෙමිං හෙමිං... 
එනවද පාවෙනවද...
ඒ වගේ සීන් ස්ලෝමෝශන් වෙලා ටාගට් එක විතරක් ෆෝකස් වෙලා අනිත් අය බ්ලොට් වෙලා පේන හේතුව අදටත් මට තේරෙන්නෙ නෑ...
එයා මම හිටගෙන හිටපු ගහ යටින් හැරිලා ක්ලාස් එකට යන ගමං ඇස් කොනෙන් බලලා නහය පුංචි කරලා බලපු බැල්ම..... 

& අලේ..... මම රාත්‍රිය.. උනා නම්...&

අවුලක් නෑ.. හෙහ් හේ.... 

& මගෙ ලෝකේ මං සක්කර දෙයියෝ...සුර ලෝකේ හීන මවන්නේ...&

දැං බොහොම සංතොසෙන් කල් ගත කරන්නෙ... 
හැම සතියෙම කවි දෙනවා... මගෙ පේපරේ එයා බලනවා... 
ඒත් එයාගෙ එක පේපර් එකක් මම බැලුවෙ පලවෙනි දවසෙ විතරයි.ආයෙ මට දුන්නෙ නෑ..
මට ගානකුත් නෑ ඉතිං..
එයා මගෙ ගණනුයි කවියි දෙකම බලනවානෙ..
ඔහොම සති ගානක් ගෙවුනා.... 

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

(3 මෙතන )

තරහා අවසර...
හුම්මක් කටක් අරං හෙම ඉතුරු ටික හෙට කියඤ්ඤං හොඳේ... වැරදි අඩුපාඩු කියාදෙනවනං බොහොම වටිනවා.
(පිංතූරෙ ගූ ගල් අස්සෙන්.)