රැග් ටොපික් එක ආයෙත් ඉස්සිලා... ඒකත් නිකන් අර වඩදිය බාදිය වගේ...
ඊටත් වඩා දැන් නම් සුළුදිය බඩ දිය වගේ..
ඊයා... වෙලා.
ඇත්තටම ඊය ද?
ඔව්.. ඇත්තටම ඊයා.
එතකොට ඔය මඟුල ඊය අපට විතරද?
එහෙම නැත්තන් ෆර්ස්ට් ඉයර්ස් ලට විතරද?
ආසන්න අවුරුදු තුන ඇතුලෙ සමාජෙ ලොකුවටම රැගට විරුද්ධ කතා ගොඩ නැඟුනා...... සාකච්ඡා සිද්ධ උනා...... මනෝවයිද්යවරු ලිපි ලිව්වා.....
කොල්ලො කෙල්ලො අපරාධ නීතිය යටතේ අතඩංගුවට ගත්තා....
සමහරක් තාම ඇප නැතුව ඇතුලෙ..
පන්ති තහනම් කලා...
ඩිග්රි ඇන්නෙව්වා...
ගම් පෝරියල් දුන්නා..
හූ කිව්වා..
බයිට් කලා..
හැබැයි තාම රැග යනවා.
එන්න එන්න බොක වෙවී.
ඉතින් ඇයි මේ..?
ගෙවල් කුලියට අරගෙන අතින් කාල හරක් බලන්න තරම් මුන්ට තියන පුකේ අමාරුව මොකද්ද?
බලමු ශේප් එකේ...
රැග් එක සාමාන්යෙන් කොටස් තුනකින් වගේ යනවනෙ...
මුලින්ම
*හොඳට තෙල් පාර ගහනවා.. පොඩි පොඩි වාත සීන් දෙනවා...
*ඊට පස්සෙ ෆිසිකල් දෙනවා..
සැර වැඩි කරනවා..
*සෝශල් නැත්තම් වෙල්කම් එක දෙනවා.
ඉවරයි.
අළුතෙන් බැච් එකක් ඇවිත් මාස කීපයක් ඇතුලෙ ඔය වැඩසටහන සිද්ධ වෙනවා.ආයතනයෙන් ආයතනයට,පීඨයෙන් පීඨයට ඔව්වගෙ වෙනස්කම් තියනවා.මේ සාමාන්යෙන් වෙන වැඩේ.
ඉතින් ඇයි ඔය ඔහොම කරන්නෙ?
ඔය 'ඇයි?' කියල අහන ප්‍රශ්නෙට උත්තරේ තමා රැගා ල මුලින්ම දෙන්නෙ.
මුලින්ම ඔවුන් කියන කතාවක් තමයි තමුන් මේ සමාජෙ විශේෂ කොටසක් බව.
ඇයි එහෙම කියන්නෙ?
නිදහස් අධ්‍යාපනය පහසුකම් යටතේ තමුන් වෙනුවෙන් මහජනයා කරපු ආයෝජනයට අගයක් දුන්න උදවිය.
'ශිල්ප උගත්තෙමු - නැණ ලැබගත්තෙමු
ලැබූ ශිල්පයෙන් ඵල ලැබගත්තෙමු' කියලා.
ඉතින් එයාලට තියනවා සමාජය වෙනුවෙන් වගකීමක්.
බ්ලා... බ්ලා.. බ්ලා...
එලියෙ වගේ නෙමෙයි මේක ඇතුලෙ ඉහ ගහලා ගොඩ යන්න නම් ඉන්න ඕන ක්‍රමයක් තියනවා... සංස්කෘතියක් තියනවා...
එන්න සුදෝ.. අපි උයාලට ඒක කියල දෙන්නම්.
අපේ ඉහලින් හිටපු පිරිස් විසින් ගෙනාපු දංවැලේ ඊලඟ පුරුක උඹලා...
උඹලා ඒකට අමුන ගන්න ශක්‍යතාවය ඔප්පු කොරපල්ලා...
ඔන්න දැන් රැග යනවා...
වෙල්කම් දෙන්න සල්ලිත් එපැයි.කැට හොල්ලලා.. බුක්මාර්ක් විකුණලා සල්ලිත් හොයනවා.
වෙල්කම් එකත් ලැබෙනවා.
ඔන්න දැන් අළුත් පුරුක එකතු උනා.
ඔන්න ඔය කාලසීමාව ඇතුලෙ වෙන දේවල් ගොඩක් තියනවා.
*සින්නො ටික අළුත් බැච් එකේ කෙල්ලො හෝදගන්න එක.
*තමුන්ගෙ පක්ශෙට අළුත් කාඩරයන් ඇතුලත් කරගන්න එක.
*එක එක සංගම් වල සාමාජික ශක්තිය වැඩි කරගන්න එක.
*තම තමන්ගෙ එරියස් කවර් කරගන්න එක.
මෙව්ව ටික කරගන්න අළුත් සෙට් එක එකතැන තියාගෙන අමුතු බලයක් පෙන්නලා තරු බවට පත්වෙලා කැපී පෙනෙන්න රැග් කාලෙ හොඳ කාලෙ.
අපේ දැන උගත් බ්ලොග්කරුවන් සහ සමාජයේ පිරිස් නැවත නැවත සාර්ථක පෙන්නලා දෙන ඇහැට ඇන ඇන පෙන්නන එරියස් කාරයො ටිකට බලය ලැබෙන කාලෙ මේක.
මේ එරියස් සීන් එක සුන්දර දෙයක් නම් නෙමෙයි.මිනිස් ජීවිත අහිමිවීම් දක්වා ඇදුනු ඛේදවාචකයක් වෙලා තියෙන්නෙ.
මේ කාරණය සහ පසුබිම් ගැන අනනන්තවත් කතා වෙලා තියන කරුණු ගස්ලබ්බ ආයෙ මෙතන කියන්න උත්සාහ කරන්නෙ නෑ.
ගස්ලබ්බ කියන්න හදන්නෙ කොහොමද මේ එරියස් කාරයෝ 'පොර' වල් වෙන එක නවත්තන්නෙ කියන කාරණේ.
පහුගිය දවසක රුවන් දොස්තරමහත්තයා එයාගෙ රුසියාවෙ විශ්වවිද්‍යාල අත්දැකීම් ගැන කියනකොට ගස්ලබ්බට නෝට් වෙච්ච කථාවක් තමයි මේ..
//දුප්පත් සිසුවෙකු වූ ශ්මේරින්කා හි යූරා දිවා ආහාරය ගැනීමට ස්තලෝවයා අවන්හලට ගිය විට තෝර තෝරා ගත්තේ ලාභ ආහාරය. ඔහු නිතරම අනුභව කල ආහාර වූයේ සුප් එකක්, කළු පාන් කැබලි කීපයක් ලුණු විනාකිරි දැමූ ගෝවා සලාදයක් විය. යූරා ලාභ කෑම පමණක් ගන්නා විට අප ස්තලෝවයා එකේ තිබූ ඉස්තරම්ම ආහාර ඇණවුම් කලෙමු. එකල අපට යූරාගේ බඩගින්න ගැන අවබෝධයක් නොවීය. ඔහුද කිසිවෙකුට අත නොපෑවේය. ඔහුගේ පියා ශ්මේරින්කා නගරයේ දුම්රිය කම්කරුවෙකු විය.//
මේ දේ ලංකාවෙ සිද්ධවෙනව නම් වෙන්නෙ බොහොම අඩුවෙන්.
අපේ කැම්පස් වල අඩු කන එක මැජික් නෙමෙයි.(හැමෝම නෙමෙයි.හැබැයි අඩුවක් ගන්න එකා දිහා සතෙක් දිහා බලනවා වගේ බලනවා තාම අඩුයි.)
ගජේට ඇඳුමක් අඳින එක මැජික් නෙමෙයි.
වරෙන් මචෝ කටක් කන්න කියල එක කෑම එකෙන් හය හත් දෙනෙක් කන එක මැජික් නෙමෙයි.
ඒකට ලොකුම හේතුවක් තමයි තව එකෙක්ගෙ නැති බැරි අමාරුවක් අනිකාට දැනෙන එක.
ඕක හැමෝටම දැනෙන්නෙ නෑ.
කැම්පස් එකකට රටේ හැම පළාතකින්ම එන හැම සමාජ ස්ථරයකම අය එක අමුතු ස්ථරයකට ගත්තම ඔය මැජික් සීන් කොහොමත් නැති වෙනවා.
අන්න ඒකට රැග් එක බොහොම ක්‍රියාකාරීව වැඩ කොටසක් කරනවා.
ඒත් එක්කම සබ්ජෙක්ට් රිපීට් නොවී ගොඩ යන්න.., ඒ ඒ ලෙචා එක්ක මේ මේ විදිහට ඉන්න.. වගේ දේවල් මූලිකව අල්ලලා දෙන්නෙත් මේ කාලෙ. හැබැයි.... තමුන් එක්ක ඉන්න උදවියට.
මේසෙ උඩින් උත්තර පත්තර තියල ෆෑන් එක දාල මේසෙ ඉතුරුවෙන අය පාස්,බිම වැටෙන අය ෆේල් කියනවා වගේ වැඩනෙ සමහරක් කරන්නෙ.
උදේට ගුඩ් මෝර්නිග් සර් කිව්වොත්.. 'මූ මගෙ ඇඟට නගිනවා' කියනවා.
උදේට ගුඩ් මෝර්නිග් සර් නොකිව්වොත්.. 'මූ මාව කෙයාර් කරන්නෑ..ලොකු කම' කියනවා..
ඒ වගේම ගෙවන ගාන වාහනේට පෙට්‍රල් ගහන්නත් මදි තියාගෙන අතිං කයිට් කරන් ඇවිත් උගන්නන ගුරුවරුත් ඉන්නවා.
කොහොමෙයි ඔළුව බේරහන්නෙ හා?
අධ්‍යයන කටයුතු වලින් බැහරව ක්‍රීඩා , කලා සීන් වලට දක්සයින් අඳුනගන යොමුකර ගැනීම් වෙන්නෙත් මේ කාලෙ.
මට හිතෙන හැටි ලියන බාසි පුතා වගේ ගල් ඉබ්බො එහෙම බරට එලියට එනවා.පාසල් ඇතුලෙ අවස්ථා නොලැබුන, අවස්ථා ලබා නොගත්ත අය කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එලියට ඇවිත් සමහරු රැඳෙනවා.. සමහරක් යට යනවා..
තවත් ලොකු දෙයක් වෙනවා.
ඉගෙනගන්න තියන ලැබ්වලට බඩු, ටියුට් ටික රෝනියෝ කරන ටික, කොටින්ම බොන වතුර ටික පවා ඉල්ලුවෙ නැත්තන් ලැබෙන්නෙ නෑ.
ඉල්ලන්නෙ කවුද?
ශිෂ්‍ය සංගම්.
කතා කරල ඉල්ලන අයට මොකද වෙන්නෙ..?
විභාග පේල් වෙන්න.. රිපීට් වෙන්න.
ඒක අසාධාරණයි නෙ.
ඔව්..
අන්න ඒකට විරුද්ධව සහෝදර සහෝදරියනි... අපි එකා වගේ එකතුවෙන්න ඕනෙ..
අන්න එහෙම එකා වගේ ඉන්න අපි කියන විදිහට කොරපල්ලා...
හෝව්.. හෝව්...
මෙන්න මෙතන තමා හරිම පොයින්ට් එක තියෙන්නෙ.
අර උඩින් කිව්ව කතා ඔක්කොම එකක්වත් බලෙන් කරන්න ඕන දේවල් නෙමෙයි.ඒව ඔක්කොම හැඟීම් දැනීම් සහකම්පන එක්ක බැඳුන දේවල්.ඔය සීනි බෝල ටික දික් කලාට කවුරුත් රැග් වෙන්න යන්නෙ නෑ... ආතල් එකට ගොනෙක් කොටයි.හැබයි එතනින් එහාට දක්කන්න කොහොමත් බෑ.
හැබැයි දක්කනවා...
කොහොමද?
ඔන්න ඔය උඩින් අන්තිමට කිව්ව හේතුව ඉස්සරහට දාපු ගමන් චණ්ඩියො නොණ්ඩියො වෙනවා.
සීයකට ඉන්න හදපු හෝල් එකේ පන්සීයක් දාල ඌට වත් ඇහෙන්නැති පැහදිලි නැති විදිහට ලෙක්චර්ස් දීල උඩ පැන්නත් ඉන්ස්ටෘමට් පෙනෙන්නැති තරමට ළමයි වටකරගෙන ප්‍රැක්ටිකල් කොරනකොට... අත සෝදගන්න, තිබහට බොන්න වතුර උගුරක් නැති කොට..
අන්න... කස්ටිය ඕන පුකක් කියලා අරුන් කියන කියන දේ කොරන්න හිත හදාගන්නවා.
මෙහෙම මේච්චල් උන පිරිසක් ඇරියස් කාරයින්ට ඒගාර් මාධ්‍යයකටත් වඩා හොඳ පරිසරයක්.
විසඳුම දෙන්න ඕනෙ අන්න එතෙන්ට.
කුහකයෝ... පිස්සෝ.. අපරාධකාරයෝ.. කියල හංවඩු ගහලා හිරේ විලංගුවේ දැම්මට රැග නවතින්නෑ. මොකද සැබෑ ප්‍රශ්ණෙ යට ගහලා..
උගන්නන්න ගුරුවරු නෑ..
ඉන්න තැනක් නෑ..
ප්‍රැක්ටිකල් වලට බඩු නෑ..
රිසර්ච් කරන්න සල්ලි නෑ..(ලූ)
ප්රාග් ඓතිහාසික යුගයේ සිලබස්.. අප්ඩේට් වෙන්නෑ.
පිට රටවලින් ඩිග්රියට තැනක් නෑ..
හොඳට බලන්න අළුත් බැච් කැම්පස් එකට ගන්න කාලෙට ජේ.වී.පී එකෙන් පාර්ලිමේන්තුවේ බොහොම සාරෙට කරුණු දක්වනවා කැම්පස් වෙනුවෙන්.
අපේ ඇමතිලා උත්තර දෙනවා එව්වට 'ඕන ගොනා' න්‍යායෙන්.
ඉතින් හරියයි ද?
රජයේ කැම්පස් වල බඩු නෑ.. උගන්නන්න පිරිස් නෑ කියලා කිණ්ඩි දානවා. ප්‍රයිවට් නම් ඔක්කොම තියනවා කියනවා.
ඒක හරියට සීටීබී බස් එකේ සීට් කපලා ඇවිත් ප්‍රයිවට් බස් ලෝඩ් කරන්න කෑ ගහනවා වගේ වැඩක්.
පී ඇම් ජයතිලක ලියපු බඹරසර,මල්මාවත,(...) කියන නවකථා කියෙව්ව නම් ඒ කාලෙ පේරාදෙණිය ගැන පොඩි අදහසක් ලැබේවි.ශිෂ්‍යයන්ට ලැබුනු දේවල් ගැන හැඟීමක් ගන්න පුළුවනි.
කැම්පස් වල අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩල හරියට අවුරුදු දෙකක් වැඩ කලොත්....
රැග් එක වෙනුවෙන් ගහන්න තෙලක් ඉතුරු වෙන්නෑ.
ඔය මොනවා කිව්වත් කොල්ලො කෙල්ලො බලෙන් ඇදගන යන්නත් එතකොට බෑ..
නායකත්ව පුහුණු වැඩසටහන් ආමි එකෙන් කරල වත් ගොඩ දාගන්න බැරි උන එක හදන්න වෙන්නෙ එහෙමයි.
විශ්වවිද්‍යාල වර්ණ වලට හොඳ අගයක් දීලා.. තරුණ සේවා සභාව (විහිළු කරන එක නවත්තලා.) වගේ ආයතන වල සම්පත් දායකත්ව අරගෙන..
අවුරුදු උත්සව.. ක්‍රීඩා තරග... සංගීත කලා රසවින්දන වගේ දේවල් ඇතුලෙ මිනිස්සු එකිනෙකා අඳුන ගනී. (අදටත් නොවෙනවා නෙමෙයි නෙ.) හැකියාවන් බෙදා ගනී. සමාජ සේවා ව්‍යාපෘති කරයි.. (අදටත් බොහොම සාරවත් වැඩ වෙනවා.ඒවා තව වැඩි දියුණු වෙයි.)
එහෙම පරිසරයක් ඇතුලෙ අමානුශිකත්වය ඉබේටම දියවෙලා යයි.
නීතිය තදට ක්‍රියාත්මක කරන්නෝන මේවගේ පසුබිමක් ඇතුලෙ..
මේ ඔක්කොම දේවල් අර කිව්ව රැග් කාලෙ කොරගන්න තරම් සංවිධාන ශක්තියක් තියන මිනිස්සු ටිකක් වැඩේට බහින්න ඕනෙ.කරන්න බැරි නෑ..
හැබැයි පුතේ සාරස තුමාගේ නවක වධ උපකුලපති ලිපියට කොමෙන්ට් එකක් දාන ගයත්‍රී පෙන්නලා දෙනවා අද ඉන්න සරසවි පාලකයන් ක්‍රීඩාවට සලකන හැටි.
ඉතින් මොකේද දං වළඳන්නෙ?
ප්‍රයිවට් කැම්පස් සුරපුරක් කියල හිතාගෙන ඉන්නවා නම් ඒකත් හොඳ ඇඳ ගැනිල්ලක්.ඒවගෙත් දැන් දැන් බුලින් තදට යනවා... බලෙන්ම ක්ලබ් ගානෙ පාටි දැමිල්ලෙ ඉඳන් තව තව දේවල්.වියදම් කරගෙන ලයින් එක දාල ඉන්න පුළුවන් නම් ශේප්.. බැරි එකා ලීව් කරනවා මිසක් සද්ද නෑ.නෝණ්ඩියි නෙ.
හැබැයි ඒත් ළමයි.
ඔය සරසවි වල ඉන්නෙත් ළමයි... උන්ව හදාගන්න එක වැඩිහිටියන්ගෙ වගකීමක්.
{රැග් එක වර්ණනා කිරීම හෝ මානසික රෝගීන් සාමාන්‍යකරනය කිරීමට රචකයා කිසිසේත් සූදානම් නැති අතර කැත්තට පොල්ල න්‍යායෙන් ඔබ්බට පියවරක් තබා වඩා ප්‍රායෝගිකව ස්ථිර සාර්ථක විසඳුමක් සෙවීම පමණක්ම පරමාර්ථය විය.}
'වඩා ප්‍රායෝගිකව ස්ථිර සාර්ථක විසඳුමක් සෙවීම' ඇත්තටම කාලීන අවශ්‍යතාවක්
ReplyDeleteඔව් ගුණසිංහ මහත්තයො.. ඒක ලාභ සිල්ලර වැඩක් නෙමෙයි.ඒත් කළ යුතුමයි.
Deleteජයවේවා..!!
මහින්ද මහත්තයගේ කාළේ ඕවා අඩු වෙලා තිබුනේ.. මේ ගොබ්බ ආන්ඩුවේ නිදහසත් එක්ක රට බල්ලට ගිහින්.. බල්ලා රට ගිහින්...
ReplyDeleteඔහෙට මතකෙයි මහින්ද මහත්තයා සමයෙ පෙලපාලි රැල්ලක් ඇති උනා.. මුලින් මුලින් 'සරසවි සිසුන් මහ පාරේ' කියල හෙඩ්ලයින් වලත් ගියා.. ලොකු සද්දයක් තිබ්බා.ඇස්බී ලොක්කයි මහින්ද මාත්තයයි කලේ එක ලඟ එක දිගට කොළඹට සරසවි පෙලපාලි ගෙන්න ගත්තා.පඩයක් ගියත් පෙලපාලියක් ගෙන්නුවා.. ඔන්න හෙඩ්ලයින් වල ප්ලේස් එක නැති උනා... මිනිස්සුන්ට වදයක් වාතයක් උනා.. 'සරසවි සිසු පෙලපාලි' කිව්වම තිබුන ගැම්ම එහෙම්ම පිටින් නැති කොරලා තූ තූ කොරල දැම්මා.. ඇතුලට ඉත්තො දාගෙන ගේම ගැහුවා.භීශනෙත් දැම්මා.. හැබැයි පුක පාත් වෙන්න කෑ ගැහුවත් දැන් හඬක් නෑ... උගුරු බැරැණ්ඩි කරලම දැම්මා.. අන්න එහෙමයි ගේම ගහන්නෙ.
Deleteජයවේවා..!!
අර ඇක්සිඩන්ට් වෙලා මැරුණ ළමයි දෙන්නගෙන් නෙමෙයිද නතර වුනේ?
Deleteඒ මළසිරුරු දැක්කාම ඇක්සිඩන්ට් එකේ හැඩේ හිතාගන්න පුළුවන් නෙ.මහජන මතය තමන්ට ඕන ආකාරයට හදාගන්නකන් ගෙන්න ගත්තා.ඇති උන ගමන්.... භූ...ම්..!!
Deleteඇත්තටම රැග නැති උනා කියල අර "අන්දන සෙට් එක කියන" කිසි දේකට බලපෑමක් නැහැ මචං...
ReplyDeleteඅපි ඇන්ටි රැග්, යුනියන් එකේ ඉඳගෙන ළමයින්ගේ පහසුකම් වැඩි කරගන්න එකේ ඉඳල එක එක කෝස් වල තියෙන ගැටළු වලටත් ලයසන්ස් මීටින් වල කතා කරලා උත්තර අරගෙන තියෙනවා...
ඒ වගේම හැමදාම ගැටළුවක් වෙලා තිබ්බ NDT, BSc ප්‍රශ්නෙට අපේ කාලේ ගන්න පුළුවන් උන එක්තරා මට්ටමක උත්තරයක් හෝ ලබා ගන්න පුළුවන් උනා, ඒ තමයි NDT එක වෙනුවෙන් ගත්තු ඉඩම...
ඊට අමතරව එක එක උත්සව සමාජසේවා වැඩ, මේ හැම දේටම උපරිම දායකත්වයක් දීපු මම ඉස්කෝලේ කාලේ හැංගිලා හිටපු චරිතයක්...
අපිව කවුරුවත් රැග් කරලා එළියට ගත්තේ නැහැ, අපි අපේ කැමැත්තෙන්ම ඉදිරිපත් උනා මිසක්...
එසේ ඉල්ලගෙන කෑම නිසාම රැග් උනෙමි මමත්. එයට කියන්නේ සෙල්ෆ් රැග්ද ලොකු පුතේ?
Deleteසමහරු රැග ඉල්ලගෙන කනවා ඒ දෙන රැග ලොකු අවුලක් නැති තැන් වලදී...
Deleteහැබැයි අවුල් තැන් වලදී රැග රැගක්ම තමයි...
///එයට කියන්නේ සෙල්ෆ් රැග්ද ලොකු පුතේ?///
සෙල්ෆ් රැග් උනානම් ඕක දාන්න වෙන්නේ අභිරුපණ රංගනය වගේ දේකට...
අපිට කවුරුත් රැග් කලේ නැහැනේ! ඒ උනාට මාරම උවමනාව තිබ්බ ෆැකල්ටියට වැඩක් කරන්න. වැඩේ කියන්නේ ඔක්කොම ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ. තමන්ගේ වැඩේ කෙරෙනවා නම් අනිත් එකාට මොකක් උනත් ගානක් නෑ. තමන්ගේ පතට කෙලවෙනවා නම් අම්බෝ බලන්න ඕනේ කලබල වෙන තරම! ඊටත් වඩා කෙල්ලෙක් එහෙම යාළුකරගන්න ඕනේ උනාම තමයි උන්ට සමාජ සත්කාර මතක් වෙන්නේ. ඉතින් මම සෙල්ෆ් රැග්
Deleteමොරටුවෙ ඉන්ජිනේරිං ෆැකල්ටි වගේ නෙමෙයිනෙ ලොකු පුතේ අනිත් එව්වා.. කොල්ලො මඩවන එක ආතල් එකක් වෙච්චි හරක්නෙ බහුතරයක් ඉන්නෙ.
Deleteඅනික මොරටුවෙ ඇන්ටි රැග් යුනියන් එක බලවත් කරන්න පාලකයො ගොඩක් නම්‍යශීලීව වැඩ කලා.ඒකෙන් උනේ හොඳක්.
අන්න හරි ලිබිතා... ඕක තමයි ඇත්ත. ගොඩක් වෙලාවට ෆයිනල් ඉයර්ස් වල අයගෙන් කීයෙන් කීයද වැඩකට එන්නෙ?
Deleteඒ වගේම තමයි මූලික මනුස්ස අයිතිවාසිකම් වලටත් ඉල්ලීම් කරන්න අරගල කරන්න සිද්ධ කරල තියනවා නම් යම් වටපිටාවක ඒ පරිසරයෙන් මනමේ සිංහබාහු බලාපොරොත්තු වෙන එක තනිකර විහිළුවක්.
ෆැකල්ටියට 'යමක්' කරන්න කැහිල්ල තියන එවුන් මෝටිවේට් කරලා ඒ 'යම' කරගන්න තරම් මුහුකුරා ගිය පාලනයක් ඇති වෙනකන් අර 'යමක්' කොරන්න දඟලන මිනිස්සුන්ගෙ එෆර්ට් එක අපතේ.. සහ අයාලෙ. එහෙම අයාලෙ යවල උන්ව දානවා හිරේ.
ලොකු පුතාට මතක ඇති ඔය බීඑස්සී එන්ඩීටී වලි කාලෙ එන්ඩීටී ඇන්ටිරැග් වීරයෙක් මතු උනා.ඌ ඇතුලෙ හොඳ රැඟිල්ලක් දැම්මා.පොලිසියත් උට බයයි.කොල්ලන්ට ගහන්න එන්නෙ ඩිෆෙන්ඩර් වලින්.
Deleteඅන්න ඌ දැන් ග්‍රාමසේවක කමක් කරගෙන ඉන්නවා ඌව යොදවපු දේසපාලකයොත් එක්කම.
එච්චර භීශනයක් දාලත් අසාර්ථකයි නෙ.රැග යනවා... මොකද මූලික හේතු වලට විසඳුමක් නැති කම.
උල තියන්න ඕනේ
ReplyDeleteහේ හේ රුවන්
Delete///දුප්පත් සිසුවෙකු වූ ශ්මේරින්කා හි යූරා දිවා ආහාරය ගැනීමට ස්තලෝවයා අවන්හලට ගිය විට තෝර තෝරා ගත්තේ ලාභ ආහාරය. ඔහු නිතරම අනුභව කල ආහාර වූයේ සුප් එකක්, කළු පාන් කැබලි කීපයක් ලුණු විනාකිරි දැමූ ගෝවා සලාදයක් විය. යූරා ලාභ කෑම පමණක් ගන්නා විට අප ස්තලෝවයා එකේ තිබූ ඉස්තරම්ම ආහාර ඇණවුම් කලෙමු. එකල අපට යූරාගේ බඩගින්න ගැන අවබෝධයක් නොවීය. ඔහුද කිසිවෙකුට අත නොපෑවේය. ඔහුගේ පියා ශ්මේරින්කා නගරයේ දුම්රිය කම්කරුවෙකු විය.////
මෙතැන් රුවන් නොලියු කරුණ නම් ස්තලොවයා සුප එක ඇතුලේ බැටළු මස්, හරක් මස් හෝ මාළු තිබූ බවය. අනික රුවන මහත් එසේනොකලට රුස්සන් සමග සහයෝගයෙන් උයාගෙන කෑ අප වැනි අයත් සිටියහ.
@ රුවන්
Deleteකාවද??
ජයවේවා..!!
@ අජිත්
Deleteඒ ටිකෙන් ගස්ලබ්බා අදහස් කලේ සුප් එකේ කොලිටියක් ගැන නෙමෙයි කියල දැන දැන බඩගිනි හිතෙන කතා කියනවානෙ මෙයා.. හෙහ් හෙහ්
ජයවේවා..!!
මේ පාරෙන් එන්න..
ReplyDeleteඇස් බැඳල ගෙනියන්න ඔට්ටු නෑ... ඇස් බඳින්න ඕනත් නෑ.. කළුවර පාරක නිසා.අපි ලයිට් එක එක වත් පත්තු කරන්න ට්‍රයි කොරමු.
Deleteජයවේවා..!!
උබ අලුත් විදිහකට මේ ප්‍රස්නේ දිහා බලලා ...
ReplyDeleteඑල ද බ්‍රා ලිපියක්
අළුත් විදිහට බලමු.... හොයමු... විසඳමු...
Deleteජයවේවා..!!
නියමයි.
ReplyDeleteහැබැයි ඉතිං ඔය තත්වෙ ඇතිකරගන්න සෑෑෑෑහෙන්න කාලයක් යයි.
දැන් වත් පටන් ගත්තෙ නැත්තන් තවත් කල් යයි... ජීවිත තව ගණනාවක් නාස්ති වෙයි.. අපේ වරදින්.
Deleteජයවේවා..!!
ඇත්ත අපේ පොඩි එවුන් හරි ප්රෝජන ගනී
Deleteආණ්ඩුවෙ කැම්පස් එකක මාස 6ක් විතර ඉඳලා, කෝස් එක අත්හැර ගිය එකෙක් හැටියට මට පේන්නෙ උඹ ලියපු සේරම හරි කියලා. ඒත් පිටරට ඉගෙන ගත්ත එකෙක් හැටියට මට දැනෙන්නෙ, ලංකාවෙ ඔය රැගට මූලික හේතුව පන්ති භේදය බව. දියුණු රටවල පන්ති භේදය තිබුණත්, සල්ලි නැති එකා සල්ලි තියෙන එකාට වෛර කරන්නෙ නෑ. හැබැයි ලංකාවෙ අනික් පැත්ත. සල්ලි නැති එකා පුදුම වෛරයකින් පෙලෙනවා සල්ලි ඇති එකා එක්ක. ලංකාවෙ සල්ලි තිබීම, කොළඹ හෝ ඉහල පාසැලක ඉගෙනගෙන තිබීම, ඉංග්‍රීසියෙන් කතා කිරීම යන මූලික හයි ක්ලාස් ලක්ෂණ ඇති උන්ට පහළ සමාජය පුදුම විධියට වෛර කරනවා. මේක ඇති වෙන්න ඇත්තෙ ඔය වාමාංශිකයො කියන උන් නිසා වෙන්න ඇති. කොටින්ම මම ගිය කැම්පුස් (කැම්පස් කියන්නත් ලැජ්ජයි ) එකේ, ඉංග්‍රීසියෙන් කතා කරන්නත් තහනම්. හැබැයි උගන්නන්නෙ ඉංග්‍රීසියෙන්, එකෙක්ට ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් අහන්න තේරෙන්නෙ නෑ, අන්තිමට ලෙචා සිංහලෙන් ප්‍රශ්න අහන්න ඉඩ දුන්නා. මේ තත්වෙ වෙනස් කරන්නනම්, වැඩි වැඩියෙන් පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කරලා, ඉහල ප්‍රමිතියෙ උපාධිදාරියො බිහි කරන්න ඕනෙ. ඊට පස්සෙ ඉබේම හොඳ රස්සාවල්වලට මේ පුද්ගලික විශ්ව විද්‍යාල උපාධිදාරීන් තෝරා ගනී. පස්සෙ ආණ්ඩුවෙ කැම්පස්වලට තේරෙන ළමයිත්, ගෙවල් ඉඩම් උගස් කරලා පුද්ගලික විශ්ව විද්‍යාලවලට යයි, හරියට ගමේ ඉස්කෝලයි නගරෙ ජනප්‍රිය ඉස්කෝලයි වගේ. අන්න එදාට ඔය රැග් එකත් නැති වෙයි, පක්ෂවලට කඩේ යන ශිෂ්‍ය කාඩරයොත් අඩුම වෙලා යයි.
ReplyDeleteරොබට්: මම දන්නා නිසා කියන්නේ. රැග් කියන්නේ ඇත්තටම කණ්ඩායම් හැඟීම් ඇතිකරන්න කරන ඇක්ටිවිටි. දැන් ඉන්න පිස්සු ළමයි අර්ථය දැන් විකෘති කරලා; කොච්චරද කියනවා නම් මම මේ කියන එකවත් නොතේරෙන තරමට.
Deleteඔබ ඔය ගත්ත උදාහරණය ගන්න: ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැහැ.
රැග් වලදී ඇත්තටම ඒ වෙනුවට තටම තටමා මොකක් කිව්වත් වටේ ඉන්න උන් හිනහා නොවී ඉන්න උගන්නනවා. ( මේක ප්‍රායෝගිකයි; අත්දුටුවයි; ප්‍රත්‍යක්ෂයි.) තමන්ගේ බැචා මොන ඉංගිරිස් වලින් ඇහුවත් වටේ උන් හිනා වෙන්නේ නැත්තම් ඌ සිංහලෙන් අහන්න හදන්නේ නැහැ. ඒ වෙනුවට ඉංග්‍රීසි වලට වෛර කරන්න හදන්නේ අමු මෝඩයෝ.
තවත් දෙයක් කියන්නම්. අපිට කැම්පස් එකේ ප්‍රසන්ටේෂන් හැම මාසෙම ගොඩක් තියෙනවා. ඉතින් සබකෝලේ බලන්නත් බෑ හැමෝම කරන්න ඕනේ. ඉතින් ඒකට කලෙත් ඒ වගේ විසඳුමක්. වටේ උන් හිනා වෙයි කියන බය තමයි වැඩිපුර තියෙන්නේ.
කොහේ හරි වැරදි තැනකින් අපි අල්ලාගෙන තියෙන්නේ. මට හිතෙන්නේ එහෙමයි.
තමන්ට සරසවියේ බලයක් තියන නිසා දුබලයාට හිංසා කරලා අහුවෙන එවුන් ඔක්කොම නෙරපලා හිරේ දැම්මට පස්සෙ උන්ව පක්ෂෙන් බලා ගනීද, දෙමාපියන් බලා ගනීද? එතකොට රැගින් අඩු වෙනවාද කියන එක ඉස්සෙල්ලම බලලා ඊට පස්සෙ වෙන විසඳුම් බැලුවෑකිනෙ. වෙන ඇනලයිසිස් වලට කලින් අහුවෙන අපරාධකරුවන්ට දඬුවම් කරන්න ඕනෙනෙ,
Deleteලිඛිතා, ඔබ ඔය කියන ලැජ්ජාව නෙවෙයි තිබුණෙ. මට මතකයි කැම්පස් පටන් ගන්න ඉස්සෙල්ල තියෙන ඉංග්‍රීසි කෝස් එක (මතක විධියට GELT) මම ගියා. මගේ ලොකු කමකට කියනව නෙමෙයි, speaking වෙලාවෙ කථා කර ගන්න පුළුවන් මටයි, තව එකෙක්ටයි විතරයි, මුළු class එකෙන්ම. ඔක්කොම හිටියෙ ගම් පළාත්වල ළමයි. ඒ ළමයිට ලැජ්ජාව නෙවෙයි, වාක්‍යක් හදා ගන්න බෑ. අන්තිමට කියන්න ඕන දේ පොතේ ලියලා, කියවන්න කිව්වා. ඒත් බෑ, වාක්‍ය දෙක තුනක් පොතේ ලියා ගන්න බෑ. මේක තමයි ගම්වල ඉංග්‍රීසි අධ්‍යාපන තත්වෙ. කැම්පස් ආපු උන් (ගණිත අංශෙන්) මෙහෙම නම් අනිත් උන් කොහොම ඇතිද ? මේ දශකයකට එහා. දැන් සමහරවිට වෙනස් වෙලා ඇති.
Delete@ රොබට්
Deleteඔව්.. ඉංග්‍රීසි ප්‍රශ්නෙ තදට තියනවා.පොඩි කාලෙ ඉඳන් ඉංග්‍රීසි පීරියඩ් එක නිදාගන්න පුරුදු උන රටක්.උගන්නන්න එන්නෙත් කාගෙ හරි ලොක්කෙකුගෙ පොශ් වෙන්න දඟලන වයිෆෙක්.එයාලට උගන්නනවට වඩා වැඩ තියනවා.ඕක ඔඩු දුවල සහ ළමයින්ගේ 'උවමනාවක් නැතිකම' නිසා ඉංග්‍රීසි ගැටළුවක් තියනවා.
ඒකට පිළිතුරක් ලිඛිතා දීල තියනවා.
අන්න එතෙන්ට ඇටිටියුට් හදන්න ඕනෙ.ඒක ළමයි භාරගත්තම වැඩේ අයාලෙ යනවා.දැන් රැග් කියල අපි දකින්නෙ ඔය අයාලෙ යන සීන් එක.
මචං.. ඕකට විසඳුම විදිහට උඹ යෝජනා කරන දේ දැඩිව ප්‍රතික්ශේප කරනවා.
ඇයි අපි කැම්පස් දිය කරන්නෙ? සීමිත ළමයි කණ්ඩායමක් නියමිත දිශාවකට මෙහෙයවාගන්න තියන කම්මැලිකම සහ අකමැතිකම නිසා උන්ව දිය කරන එක හරිද?
හැමෝටම ප්‍රයිවට් කැම්පස් යන්න බෑ.
එතකොට හරියන්න ඕන දැනටත් යමක් කමක් පුළුවන් එකාට විතරද?
අපි ප්‍රශ්නෙ වැරදි කොන් වලින් අල්ලන්න හොඳ නෑ මචො..
ජයවේවා..!!
@ ප්‍රා
Deleteඅපරාධ කරුවන්ට දඬුවම් කරන ගමන් ඊටත් වඩා වේගයෙන් අපරාධ පෝශක විනාශ කරන්න ඕනෙ. නැත්තම් හැමදාම දඬුවම් කර කරම ඉන්න වෙයි.. පස්සෙ ශරියා නීතිය ගෙනාවත් මදි වෙයි.
ජයවේවා..!!
@ ලිබිතා
Delete//කොහේ හරි වැරදි තැනකින් අපි අල්ලාගෙන තියෙන්නේ. මට හිතෙන්නේ එහෙමයි.//
යේස් ඔප් කෝස්..
ජයවේවා..!!
රොබර්ට්,
Deleteමෙතන රොබර්ට් කියන අදහස හරියට හරි, කනාගාටුම කරුණ තමයි මේ ලමයි විශ්වවිද්‍යාලයකින් පිටවූ විටත් ඉංග්‍රීසි වගන්තියක් ගලපගන්න බැරිකම.
මම අගනගරයේ පුද්ගලික පාසලකට (international පාසලක් නෙමෙයි ) ගිය කෙනෙක් හැටියට දන්නවා පාසලේ ඉංග්‍රීසි භාෂාව ගැන කොපමණ අවදානයක් තිබුනද කියල පන්තියේ 50% ට විශිෂ්ට සාමාර්ථ තිබුන ඉතිරි 30% ට සම්මාන සාමර්ත තිබුන අවසාන 20 % සාමාන්‍ය සාමාර්ථ තිබුන විෂයක් අසමර්ථ වූ සිසුවෙක් සොයාගැනීමට අපහසුයි.
නමුත් ග්‍රාමීය පාසල විතරක් නෙමෙයි නගර වල ඇති මද්‍යමහා විද්‍යාල වලත් ඉංග්‍රීසි වලට දීල තියෙන්නේ අඩු ස්ථානයක්. සමහර විට ඉංග්‍රීසි උගන්වන්නේ ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි ගුරුවරියක්.
කොහොම උනත් මේ ළමයින් තුල තියෙන්න ඕනේ ඉංග්‍රීසි දියුනු කිරීමට උවමනාවක් මිසක ඉංග්‍රීසි වලට වයිර කිරීමක් නෙමෙයි.
මොකද කිසියම් කෙනෙකුට ඉංග්‍රීසි බෑ කියනවනම් ඔහු අද මොන අංශයේ වැඩකලත් දැනුමින් දිලිදු කෙනෙක්, මොකද ඕනෑම තාක්ෂණික විෂයක ලොව පාවිච්චි කරන දියුණු දැනුම පවතින්නේ ඉංග්‍රීසියෙන්. මේක පරිගණක අංශයේ රැකියාව කරන කෙනෙක් නෙමෙයි සාමාන්‍ය වඩු බාස් කෙනෙකුටත් අදාලයි.
ලාංකික සිතිවිලි,
Deleteමුලින්මද මන්දා මේ පැත්තෙ.. වෙල්කම් කිව්ව.
ඔය ඉංග්‍රීසි වලට ගස්ලබ්බගෙ විසඳුම තමා IELTS/TOFAL වගේ විභාග සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රචලිත කරනවා වගේම ඒ සුදුසුකම් රැකියා සඳහා අනිවාර්ය වන තත්වයක් ඇති කිරීම.
ජයවේවා..!!
රොබට්:
Delete.හරි. එනකොට එහෙම බැහැ කියමුකෝ. ඒකටනේ ගෙල්ට් එකක් තියන්නේ.. නැද්ද? ඉතින් ළමයි හැන්දෙන් පොවනකල් ඉන්නේ නැතුව ඒ 'ටික දවසේ' හරි තමන්ට නැතිවෙච්ච කොටස අල්ලගන්න ඕනේ නේද? අපි කවුරුත් 'නෑ බෑ ' සංකල්පය මිසක් පුළුවන් කියන්නේ නැහැනේ. හොඳම උදාහරනේ තමයි මැදපෙරදිග හෝ වෙනත් විදෙස් රටක ගෘහසේවිකාවක්/රියදුරන්/කම්කරුවන් වගේ යන 'නුගත්ම' කොටස. උන්ට යනකොට මළපොතේ අකුරක් ඉංග්‍රීසි හෝ ඒ භාෂාව බෑ. නමුත් පොඩ්ඩ දවසකින් ( අවුරුද්දක් නම් හොඳටම ඇති) ඒ රටේ එකාට වඩා ඒ භාෂාව කතාකරනවා. මම මේ කතා කරන්නේ අට පාස් නැහැ කියන ඉස්කෝලෙන් හැලෙන කොටස! තාර්කිකව හිතල බලන්න එතකොට ප්‍රශ්නේ තිබීලා තියෙන්නේ කොහෙද?? ඉස්කෝලෙදි තමන්ගේ නම විතරක් ඉංග්‍රීසියෙන් ලියාගත්තා නම්.... උසස්පෙලත් හොඳට පාස් වෙන්න පුළුවන් නම් ( ඒ කියන්නේ මොලේ යන්තමට හෝ තියෙනවා කියන එකයි) ඉංග්‍රීසි කියන්නේ කජ්ජක්ද? අනිත් එක කළා විෂයන් ඇරුණුකොට අනෙත් ගොඩක් විෂයන් ඔක්කොම උසස් අධ්‍යාපනය කරන්නේ ඉංග්‍රීසියෙන් බව දන්නේ නැද්ද? ඉතින් කොතනද වැරැද්ද? තම තමන් සහ තමන්ගේ ආකල්ප තුලයි. ඒකට වෙන කාටවත් වෛර කරලා වැඩක් තියෙනවද?
තවත් උදාහරණයක්:
අපේ බැච් එකේ අනුරාධපුරේ, පොළොන්නරුවේ ඉඳන් ආපු ගොවියන්ගේ පුත්තු; දූවරු හිටියා. සමහරු ගම්පහ සහ මාතර දිස්ත්‍රික්ක වල හොඳම පාසල්වල ළමයි. උන්ට එනකොට ඔය වගේ ඉංග්‍රීසි මෙලෝ මලදානයක් බෑ. ඒ නිසා එකෙක් බැච් මිස් වීම පවා උනා. ( ලියන ඒවා වලදී අදහස ඉදිරිපත් කරගන්න බැරි කමයි, ඉංග්‍රීසියෙන් කියන මලදානවල් නොතේරුම් කමයි) නමුත් ඒ කිසි කෙනෙක් මම දැකල නැහැ වෛර කරනවා. උන් ඔක්කොම තටම තටමා හරි ඉංගිරිස් අදටත් කතා කරනවා සහ හොඳ රැකියා කරනවා. ඉන්ටවිව් වලින් නම් පොඩ්ඩක් හැලුනා මොකද කම්පෙටිටිව් වෙනකොට ඒක එහෙමම තමයි. ඒ උනාට උන්ට අවුලක් උනේ නැහැ. තව උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. අපි ඉන්නේ මිත්‍යාවක අය්යෝ.....
රැග් කියන්නේ අන්න ඒවා... ඉංගිරිස් වටපිටාවක ඉඳන් ඉංගිරිස් මෙලෝ දෙයක් දන්නේ නැතුව ඉන්න එකම උන්ට රැග් එකක්. ඌ කට ඇරියොත් අනිත් එවුන් හිනා වෙන එක තරම් රැග් එකක් තවත් තියෙයිද? බුලින් කියන දේ දැන් ඔඩු දුවලා රැග් එක අර්ථයෙන්ම විකෘති කරලා. බලන්නකෝ රැග් කියපු ගමන්ම සමහර උදවියට තද වෙන තරම්. ඒ කියන්නේ අර්ථය නොපෙනෙන තරමටම වැඩේ කාලයක් තිස්සෙම නරකට හැරිලා. අන්න ඒකට නම් ඉන්ජෙක්ෂන් ඕනේ.
දාන්ඩ ලිබිතා පහක්..
Deleteආයෙත් ලිබිතා ලු! යකෝ ලිඛිතා.... Likhitha
Deleteඅම්මප උඹව අල්ලලා දෙන්න ඕනේ මේ 'අමුතු ජාතියේ රැග්' කියන එව්වා දෙන උන්ට! ඊ ඊ ඊ ඊ ඊ ඔන්න ඉතින් මට තද වෙනවා.. ගර්ර්ර්ර්ර්ර්ර්
ආ... සොරි සොරි ලිබිත්.... චැහ්ඃ..ළිඹිත්... නෑ නෑ... ලිකී.. අයියයියෝ.....
Deleteලියන්න..... හයියෙන් ඛි යන්න... ථා.. යන්න...නෑ.. නෑ.. තා...යන්න.
ලි....ඛි...තා...!!
හරිනේ..
ලි..ඛි..තා.
ලිඛිතා.
මෙව්ව රාජ මාලිගා වල නම් වගේ අප්පා...
//ආසන්න අවුරුදු තුන ඇතුලෙ සමාජෙ ලොකුවටම රැගට විරුද්ධ කතා ගොඩ නැඟුනා...... සාකච්ඡා සිද්ධ උනා...... මනෝවයිද්යවරු ලිපි ලිව්වා.....
ReplyDeleteකොල්ලො කෙල්ලො අපරාධ නීතිය යටතේ අතඩංගුවට ගත්තා....
සමහරක් තාම ඇප නැතුව ඇතුලෙ..
පන්ති තහනම් කලා...//
තාම රිමාන්ඩ් වුනා විතරයිනේ. සිර දඬුවම් ලබුනේ නෑනෙ. පංති තහනම් මදි නෙරපන්න ඕනෙ.
//කැත්තට පොල්ල න්‍යායෙන් ඔබ්බට පියවරක් තබා වඩා ප්‍රායෝගිකව ස්ථිර සාර්ථක විසඳුමක් සෙවීම පමණක්ම පරමාර්ථය විය//
සොරකමට ස්ත්‍රී දූෂණයට මිනීමැරුමටත් ප්‍රායෝගික ස්ථිර මානසික සමාජමය ආර්ථික සහ ජීවන ඩයිලෙක්තවාදී මාක්ස්වාදී මරාවාදී සිරාවාදී කිරිඇල්ලවාදී සේනාරත්නවාදී වාසුවාදී ලිබරල් ආගමික දේව වාදී අදේවවාදී දේශීය ජාත්‍යන්තර පරිසරහිතකාමී ඕනේම දේකින් හොඳ විසඳුමක් හොයන්න ඕනෙ. හොයා ගත්තොත් හොඳයි.
ඒත් ඊට ඉස්සර අහුවෙච්ච අපරාධකාරයින්ට රටේ නීතිය අනුව දඬුවම් දීල ඉන්න ඕනෙ. සරසවි ශිෂ්‍යයෝද මනුෂ්‍යයෝය. උන්ට වෙනම අපරාධ නීතියක් නැත.ඔය තියන නවක වධය අපරාධයකි. අහුවුන උන් සරසවියෙන් නෙරපා හිරේ සිටිය යුතුය.
//තාම රිමාන්ඩ් වුනා විතරයිනේ. සිර දඬුවම් ලබුනේ නෑනෙ. පංති තහනම් මදි නෙරපන්න ඕනෙ.//
Deleteඒ වෙනුවට පාරෙ පෝස්ටර් ගලවන්න... වැඩිහිටි නිවාස වලට ගිහින් අළුත්වැඩියාවන් කරලා වැඩිහිටියො නාවල කරල එන්න... කැම්පස් එකේ මල් වවන්න.. ටවුන් එකේ වටරවුන් අලංකාරව පවත්වගන්න වගේ දේවල් දෙමුකො...
ඇයි තවත් කළුවරටම තල්ලු කරන්නෙ... ජීවිතෙන් භාගයක් වත් ගෙවපු නැති උන් නෙ.
(මිනී මරන උන් ගැන නෙමෙයි මේ.)
හිරේ පුරවන එක තමයි තියන ලේසිම විසඳුම ප්‍රා.
නමුත් ඒකෙන් පලක් වෙනවද? ඒකෙන් වෙන්නෙ සමාජ ආතතිය තවත් වැඩි වෙන එක විතරයි.
ඇතුලෙ ප්‍රශ්ණ එහෙමමයි.ඒවා විසින් වරදකරුවන්(?) නිර්මාණය කෙරෙනවා අඛණ්ඩවම.අපි එලියට වෙලා උන්ව අල්ල අල්ල හිරේ දදා ඉන්නවා.
හිරේ ගිය උන් ඇතුලෙ ජල්තර සෙට් එක්ක හොඳට ෆිට් වෙනවා.උන් තමන්ගෙ දැණුම හොඳ දේකට ආයෙ පාවිච්චි කරයිද?
උන් එලියට එනකොට නළලෙ බ්ලැක්මාක් වැදිලා ඉවරයි.
සමාජගත වෙන්නෙ මිනීමරු වයිරී මානසිකත්වයකින්.
හරියයි ද?
අනික කැම්පස් එකේ එකෙක් සස්පෙන්ඩ් කරා කියන්නෙ ලංකාවෙ ශිශ්යයෝ දෙන්නෙකුට අසාධාරණයක් වෙලා වගේම මහජන මුදල් නාස්තියක් වෙලා.
අපි එච්චර ඒ විදිහට කැප කරනවාද නැත්තම් වින් වින් විසඳුමක් වෙනුවෙන් මහන්සි වෙනවද කියන එකයි තෝර ගන්න ඕනෙ.
නීතිය ක්‍රියාත්මක නොවිය යුතුයි කියන එක නෙමෙයි ප්‍රා මේ කියන්න හදන්නෙ.ඒක විසඳුමක් නෙමෙයි කියන එකයි.
ජයවේවා..!!
/ ජීවිතෙන් භාගයක් වත් ගෙවපු නැති උන් නෙ./
Deleteකොහොමද ජීවිතෙං බාගයෙක් ගෙවල නැති කජු කිරි කොල්ලංගෙ සයිස් එක? මහපොල ආධාර හෝ දෙමව්පියන් හම්බ කරල දෙන සල්ලිවලින් කරන්නෙ වදකාගාර කුලියට අරගෙන රැග් එක දෙන එක. වදකාගාරයට ට්‍රාන්ස්පෝට් එකත් උංගෙ ගානෙ බයික් වලින්...අම්මප නිදහස් අධ්‍යාපනය රැකගන්ට කරන කැප කිරීමක්..පව් මෙයා....:(
රවියාණෙනි... කලබල වෙලානෙ. ඔහොම වෙන්න හේතුවත් ගස්ලබ්බා දකින විදිහට කියලයි තියෙන්නෙ.හැබැයි ලියවිල්ල එච්චර පැහැදිලිව කෙරිලා නැති බවක් තමයි රවියාණන්ට පොයින් බර ගානක් මිස් වෙච්චි එකෙන් පෙනෙන්නෙ. මයි බෑඩ්.
Deleteකලබලයක් නෑ බං....උඹ උඹේ අදහස කිව්වා..මම ඒකට එකඟ නැති බව කිව්වා. එච්චරයි..අර කලින් දවසකත් අපි මේ කාරණය ගැනම වෙච්චි වාදයක් අවසන් කරපු විදිහට එහෙනං එකඟ නොවීමට එකඟවී වෙන්ව යමු...හෙහ්,හෙහ්,
Deleteඅර පොයින්ට් මට මිස් වෙලාය කියපු කතාව ගැන මෙහෙම කියන්නං...ඔය උඹ කියපු කාරණා වලංගු වෙන්නෙ විශ්ව විද්යාලෙකට ඇතුලු වෙච්චි ගමං ඕනම කොල්ලෙකුට කෙල්ලෙකුට නිදහස් අධ්‍යාපනය රැකගන්ට වගෙ මහා භාරදූර කාරණා බර ගානකට උරදෙන්ට වෙනවය, රටේ අනාගතය රැඳී පවතින්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ඒ භාරදූර වගකීමට උරදෙන අන්දමටය කියල හිතුවොත්නෙ. උඹ එහෙම හිතනව.මම එහෙම හිතන්නෙ නෑ.විශ්ව විද්‍යාල තියෙන්නෙ කොල්ලන්ට කෙල්ලන්ට එක එක විකාර ඔලුවට දාගෙන අපි හෙණ පොරවල්ය කියල හිතල පිස්සු කෙලින්ට නෙවේය. රටේ අනාගතයට වැදගත්වෙන යම් දැනුමක් ලබාගෙන එලියට ඇවිල්ල ඒකෙන් රටට යම් සේවයක් කරන්ටය කියන එකයි මගේ පිළිගැනීම...
නෑ නෑ... ඒ විදිහට තමයි ළමයි ටික ස්වයං මෝහනයකට පත් වෙලා ස්වයං ආතල් එකක් ගන්නෙ.එකට ඉතින් අපට පාං යැ.කියුබාවට අත නොතබනු ගගා ඔය ගියේ... එව්වා ගැන නෙමෙයි මේ කියන්නෙ.
Deleteඇතුලෙ තියනවානෙ ප්‍රායෝගික ප්‍රස්න ටිකක්.. කවදාවත් විසඳුම් නොලැබෙන... හැමදාම පැලැස්තර ගහන..
//උගන්නන්න ගුරුවරු නෑ..
ඉන්න තැනක් නෑ..
ප්‍රැක්ටිකල් වලට බඩු නෑ..
රිසර්ච් කරන්න සල්ලි නෑ..(ලූ)
ප්රාග් ඓතිහාසික යුගයේ සිලබස්.. අප්ඩේට් වෙන්නෑ.
පිට රටවලින් ඩිග්රියට තැනක් නෑ..//
අන්න ඒවා ගැන හරියට බැලුවොත්...(ඇත්තම ප්‍රස්නෙ තියෙන්නෙ එතන.) අර උඩින් කිව්ව මෝහන වැඩසටහන් වලට සහභාගිවන පිරිස් අඩු වෙලා අඩු වෙලා.. දියවෙලා යනවා නිරායාසයෙන්ම.මෙව්වා විසඳුම් තියන, නමුත් නොදෙන ගැටළු.
අද අපි දකින රැග් ගැටළුවේ දහන පෝශක වලින් ටිකක් තමයි තමයි ඔය.
ඔබ ඔබේ පැලේ... මම මගේ පැලේ... කවි කිය කිය යමු.....
/උගන්නන්න ගුරුවරු නෑ..
Deleteඉන්න තැනක් නෑ..
/ප්‍රැක්ටිකල් වලට බඩු නෑ..
රිසර්ච් කරන්න සල්ලි නෑ..(ලූ)
ප්රාග් ඓතිහාසික යුගයේ සිලබස්.. අප්ඩේට් වෙන්නෑ.
පිට රටවලින් ඩිග්රියට තැනක් නෑ../
අම්මට වූඩු,..කලින් කියන්ට එපාය..එතකොට ඔය අඩුපාඩු මඟ අරව ගන්ට තමයි මේ අලුත් කොල්ලො කෙල්ලො ලව්ව කුණු හරුප කරවන්නෙ..එතකොට කුණු හරුප කියවන්නෙ...කක්කුස්සි පෝච්චිවල ඔලු ඔබ්බවන්නෙ...මරු ඈ...එහෙම කලාම අපේ ඩිග්රියට තියෙන තැන බලා ඉද්දි ඉහල යනවනෙ..එළ එළ..එළ...
මල්ලි ඔය අඩුපාඩු කොහෙත් තියනව..ගෙවල් වලත් තියනව...එහෙම කියල කොහොමහරි ඒ අඩුපාඩු හදාගන්නව මිසක අපි අපේ නංගිල මල්ලිලව හෙලුවෙන් ඇවිද්දවන්නෙ නෑනෙ. ඉස්කෝල වලත් අඩුපාඩු තියනව...වැඩ කරන ඔෆිස් වලත් තියනව. එව්ව මොන ක්‍රමේකින් හරි හරිගස්සගන්ට උත්සාහ කරනව මිසක මේ වගෙ එකට ඉන්න අනික් එවුන්ට වද දෙන්නෙ නෑනෙ අපි.
මෙතන හේතුව ඕක නෙවෙයි බං..මෙතන මේ නවක වදේ ගෙනියන්නෙ ජෙප්පො සහ පෙරෙට්ටො....ඒ දෙගොල්ලට තමයි මේ නවක වදේ ඕන වෙලා තියෙන්නෙ. උංට සාමාජිකයො බඳවගන්ට තියෙන හොඳම ක්‍රමේ ඕක. දැං පිටිං උන්ට කොල්ලො කෙල්ලො බැඳෙනව අඩුයි..ඒ හරක් දැන් විකුණල...කොහොම උනත් ඔය උඹ කියන අඩුපාඩු හරියනවට ජෙප්පොයි පෙරෙට්ටොයි දෙගොල්ලම කැමති නෑ.එහෙම උනහම උංට සටන් පාඨයක් නැතිවෙනව.
උඹ ජෙප්පෙක්ද පෙරෙට්ටෙක්ද කියල නම් මම දන්නෙ නෑ...හෙහ්,හෙහ්,
එකම තැන කැරකෙන්නෙ..
Deleteරැග් එක වෙනුවෙන් තියන පෝස්ට් එකක් කියන පූරව නිගමනේක ඉඳන් බලනවාද මන්දා කියල හිතෙනවා.
//උඹ ජෙප්පෙක්ද පෙරෙට්ටෙක්ද කියල නම් මම දන්නෙ නෑ...හෙහ්,හෙහ්,//
...............
//
*සින්නො ටික අළුත් බැච් එකේ කෙල්ලො හෝදගන්න එක.
*තමුන්ගෙ පක්ශෙට අළුත් කාඩරයන් ඇතුලත් කරගන්න එක.
*එක එක සංගම් වල සාමාජික ශක්තිය වැඩි කරගන්න එක.
*තම තමන්ගෙ එරියස් කවර් කරගන්න එක.
මෙව්ව ටික කරගන්න අළුත් සෙට් එක එකතැන තියාගෙන අමුතු බලයක් පෙන්නලා තරු බවට පත්වෙලා කැපී පෙනෙන්න රැග් කාලෙ හොඳ කාලෙ.//
//තවත් ලොකු දෙයක් වෙනවා.
ඉගෙනගන්න තියන ලැබ්වලට බඩු, ටියුට් ටික රෝනියෝ කරන ටික, කොටින්ම බොන වතුර ටික පවා ඉල්ලුවෙ නැත්තන් ලැබෙන්නෙ නෑ.
ඉල්ලන්නෙ කවුද?
ශිෂ්‍ය සංගම්.
කතා කරල ඉල්ලන අයට මොකද වෙන්නෙ..?
විභාග පේල් වෙන්න.. රිපීට් වෙන්න.
ඒක අසාධාරණයි නෙ.
ඔව්..//
//
සීයකට ඉන්න හදපු හෝල් එකේ පන්සීයක් දාල ඌට වත් ඇහෙන්නැති පැහදිලි නැති විදිහට ලෙක්චර්ස් දීල උඩ පැන්නත් ඉන්ස්ටෘමට් පෙනෙන්නැති තරමට ළමයි වටකරගෙන ප්‍රැක්ටිකල් කොරනකොට... අත සෝදගන්න, තිබහට බොන්න වතුර උගුරක් නැති කොට..
අන්න... කස්ටිය ඕන පුකක් කියලා අරුන් කියන කියන දේ කොරන්න හිත හදාගන්නවා.
මෙහෙම මේච්චල් උන පිරිසක් ඇරියස් කාරයින්ට ඒගාර් මාධ්‍යයකටත් වඩා හොඳ පරිසරයක්.
විසඳුම දෙන්න ඕනෙ අන්න එතෙන්ට.//
//කැම්පස් වල අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩල හරියට අවුරුදු දෙකක් වැඩ කලොත්....
රැග් එක වෙනුවෙන් ගහන්න තෙලක් ඉතුරු වෙන්නෑ.
ඔය මොනවා කිව්වත් කොල්ලො කෙල්ලො බලෙන් ඇදගන යන්නත් එතකොට බෑ..//
මෙච්චර දඟල දඟල කියන්නෙ ඔය සටන් පාඨ නැති කොරවන එක ගැන තමයි.
පොච්චියේ....
හරි බං මට තේරෙනව...ඒත් එව්ව නැති කොරන්ට ඕන කිය කිය උඹ කරන්නෙ එව්ව නැති කොරනකල් රැග් එකනම් වලක්වන්ට බැරිය...එව්ව නැති කොරනකල් රැග් දෙන එවුං හිරේ දාන එක වැරදිය...අන්න ඒ වගෙ කතාවකුත් අඟවන එකනෙ..නැද්ද?
Deleteඑහෙම නැත්තං දැං කියපං අහවල් දේකටද අර පේරාදෙණියෙ ඇග්රි ෆැකල්ටි එකේ රැග් කරපු කොල්ලො රිමාන්ඩ් කලා විතරයි උඹ මෙහෙ දනි පනි ගාල පෝස්ට් එකක් ලිව්ව රැග් කරුවන් උල තියමු කියල. හරියට හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනව වගෙ ..හෙහ්..හෙහ්..
මම මේ උඹට කැමති දෙයක් කැමති විදිහට ලියන්ට තියෙන අයිතියට බාධා කරනව එහෙම නෙවෙයි හොඳද?
//උගන්නන්න ගුරුවරු නෑ..
Deleteඉන්න තැනක් නෑ..
ප්‍රැක්ටිකල් වලට බඩු නෑ..
රිසර්ච් කරන්න සල්ලි නෑ..(ලූ)
ප්රාග් ඓතිහාසික යුගයේ සිලබස්.. අප්ඩේට් වෙන්නෑ.
පිට රටවලින් ඩිග්රියට තැනක් නෑ//
//පිට රටවලින් ඩිග්රියට තැනක් /මම හිතන්නේ ලංකාවේ උගත් අයට තැන තියනවා කියල තවම. මොං දේ උනත් අපේ වුන් ගිය තැන හොඳට වැඩ කරන ඉන්නව.
හැබැයි අදාල නැති වුනත් මේක අහන්න ඕනේ. අර මොකද්ද එහෙකට ප්‍රමිතිය නැහැයි කියල නේද මේ දවස්වල සඳු වෙන්නේ. ඉතින් ගස් කියන විධිහට මෙව්වා වලත් ප්‍රමිතියක් නැහැ වගේනේ. (ආණ්ඩුවල වැරැද්ද?)
රවියාණෙනි... //එව්ව නැති කොරනකල් රැග් දෙන එවුං හිරේ දාන එක වැරදිය..//
Deleteනෑ.. මෙහෙම අමුවෙන්ම කියන්න බෑ ඒක.ලංකාවෙ දඬුවම් ක්‍රමය ගැන ගස්ලබ්බගෙ තියෙන්නෙ ලොකු විවේචනයක්.හිරේට කලින් පුනරුත්ථාපන වැඩ වලට යොමුකරලා (සමාජ සේවා වගේ) අවස්ථාවක් දිය යුතුයි කියන එකයි මගේ මතය.ඒක සරසවි දරුවන්ට විතරක් නෙමෙයි කාටත් පොදුවේ විය යුතු දෙයක්.
මේ වෙලාවෙ පෝස්ට් එක දැම්මෙ නම් තැටිය රත් වෙලා තියන වෙලාවක් නිසා..
හැමෝම හිටු කියල බනිනවා මිසක් උත්තරයක් නෑ නෙ.දැන් රවි අයියලා කියන උත්තරේ පවා සැබෑ ප්රශ්නය හමුවේ පැලැස්තරයක් විතරයි කියලයි ගස්ලබ්බ කියන්නෙ.
අජියාණෙනි,
Deleteපිටට ගිය අපේ අය හොඳට වැඩ ටික කොරන නිසා තාම රැකිලා තියනවා.මොකද ලංකාව ඉන්න දක්ශයෝ සුපිරි දක්ශයෝ.හැබැයි ඔය විදෙස් සරසවි වලින් සහ රැකියා ආයතන වලින් අපේ අයට දෙන වටිනාකම අඩුවේගන යන බව ඇත්තනෙ.වැඩ පෙන්නන්න හරි චාන්ස් එකක් එපැයි.ඔය ටික කිව්වෙත් ගිහින් කටු කන සහ කාපු හිතවතුන්ම තමා.
ලෝකෙ කැම්පස් වල රෑන්කින් වලින් අපි පහලෝ.... පහලෝ.... අපි වැඩක් නැතෝ... ගොබ්බයෝ... ගොබ්බයෝ... කියල කෑ ගහන්නෙත් අපේම උගත් බුද්ධිමත් ජනතාවම වෙච්චි.
ප්‍රමිති සීන් එක බැලුවොත්.. ඔව්.අවුලක් තියනවා.ඒක තමයි අර අහවල් තැන මුදලාලිත් ඇඟිල්ල දික් කර කර හූ කියන පොයින්ට් එක.
ගෑණිගෙ රෙද්ද පරණ වෙලා ගෙවිලා දිරලා ඉරිලා හෙළුව පෙනෙද්දිත් රෙද්දක් අරන්දෙන්නැතුව පාරෙ යන අනිත් ගෑණුන්ගෙ ඇඳුම් පෙන්න පෙන්න ගෑණි පාච්චල් කොරන මිනිස්සු නෙව රෙද්ද භාරව බලතල දරන්නෙ..
තව විදිහකට කිව්වොත් ආණ්ඩුව සහ රටේ අධ්‍යයන ප්‍රජාව.
ඒකත් එහෙමද?
ReplyDeleteඑහෙමයි කියන්නෙ.. හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
//කැම්පස් වල අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩල හරියට අවුරුදු දෙකක් වැඩ කලොත්.... //
ReplyDeleteමේක තමා එකම විසඳුම...
එහෙත් ඔයි කොහොට් එකේ බහුතරයත් ස්ටුඩන්ට් කාලෙදී රැග් කාපර් ලා වෙච්චි කොට...
උං තාම රැග් මානසිකත්වයෙන් මිදිලා නෑ.තමුන්ගෙ තනතුරේ බලය පාවිච්චි කරලා ශිෂ්‍යයන්ව රැග් කරනවා.
Deleteඕකම තමා පහලට ගලාගෙන යන්නෙ.
එහෙම පාලකයන්ට විරුද්ධව ප්‍රා ව ජජ් කෙනෙක් කොරලා නඩු අහන්න යෝජනා කොරනවා.
(දෙයි දුං විසිවෙන්න..)
ජයවේවා..!!
ඇට පිටිං ඇත්ත ලිවීම ගැන තැන්පත් ගස්ලබුවා තුමාට අපගේ සුභාශිංසන.
ReplyDeleteඇට රැහිල ගියත් කියන්න තියන දේ කියන්න එපැයි ශ්‍රංග තුමෝ... දෙපැත්තට බෙදිලා බැනගන්නවා ඇර වෙන දෙයක් වෙන්නෙ නෑ නෙව..
Deleteජයවේවා..!!
මුලින්ම කියන්න කැමති දේ නම් ශාරීරික හිංසන සහ බරපතල මානසික බිඳ වැට්ටවීම් "රැග්" කියන කොටසට දැමීම ම වැරදි දෙයක් බව මම හිතන්නේ.
ReplyDeleteපහු ගිය දා වාර්තා වුන දේවල්, ලිංගික අපරාධ මිසක් නවක වදය කියල හිතන්න අමාරුයි. බාහිර සමාජයේදී සිදු වෙන විදියටම මේවගේ දේවල්, ලිංගික අපරාධ හෝ දාමරික ක්‍රියා විදියට සමාජය සලකනවා නම් ඕවා කරන්න ඉදිරිපත් වෙන අය මීට වැඩිය අඩු වේවි කියන එක මගේ අදහස.
නවක වදය කියන ආවරණය මේවට ලැබෙන එක මේව දිරිමත් කිරීමක්.
ඔබ කියා ඇති කරුණු සමග එකඟ වෙන සහ නොවෙන තැන් කීපයකුත් තියෙනවා.
KEN
ඒක ඇත්ත.. රැග් කියල කියාගෙන තිරිසන් හැසිරීම් සාධාරණීකරණය කරගන්න හදන රටාවක් දැන් තියෙන්නෙ.එහෙම වෙන්නෙ ඇයි කියන එක හොයන්න දැන් වත් පටන් ගන්න ඕනෙ.. ඒ වගේම ඒ වෙනුවෙන් විසඳුම් හොයල ක්‍රියාත්මක කරන්නත් ඕනෙ.
Deleteඑකඟ නොවෙන තැන් ගැන අපි කතා කරමු..
ජයවේවා..!!
/සොරකමට ස්ත්‍රී දූෂණයට මිනීමැරුමටත් ප්‍රායෝගික ස්ථිර මානසික සමාජමය ආර්ථික සහ ජීවන ඩයිලෙක්තවාදී මාක්ස්වාදී මරාවාදී සිරාවාදී කිරිඇල්ලවාදී සේනාරත්නවාදී වාසුවාදී ලිබරල් ආගමික දේව වාදී අදේවවාදී දේශීය ජාත්‍යන්තර පරිසරහිතකාමී ඕනේම දේකින් හොඳ විසඳුමක් හොයන්න ඕනෙ. හොයා ගත්තොත් හොඳයි. ඒත් ඊට ඉස්සර අහුවෙච්ච අපරාධකාරයින්ට රටේ නීතිය අනුව දඬුවම් දීල ඉන්න ඕනෙ. සරසවි ශිෂ්‍යයෝද මනුෂ්‍යයෝය. උන්ට වෙනම අපරාධ නීතියක් නැත.ඔය තියන නවක වධය අපරාධයකි. අහුවුන උන් සරසවියෙන් නෙරපා හිරේ සිටිය යුතුය./
ReplyDeleteප්‍රා ඔබ හා සීයට දෙසීයක් එකඟයි.
මේ ලබ්බ කොහොමත් රැග් එක උඩ දාන එකෙක් එදා ඉඳලම...කිව්වට තරහ වෙන්ට එපා..
අර අපෙ තව මහතෙක් ඉන්නෙ කෙලින්ම ලිව්වෙ රැග් එක හින්ද අරක දියුණු උනාය . මේක සංවර්ධනය උනාය..අහවල් එකට අහවල් එක උනාය. අහවල් දේ කුල්මත් උනාය කියල. ලබ්බ එහෙම කෙලින්ම කියන්නෙත් නෑ. හීන් නුලෙන් කියනව රැග් එකට විරුද්ද ලු. ඒත් රැග් කරන මානසික රෝගියො හිරේ දාන්ටත් එපාලු. අර ජෙප්පංගෙ සමානාත්මතා සමාජය කියන බහුබූතෙ වගෙ ලබ්බත් මොනවදෝ එකක් කියනව..:)
PS - ආ ලබ්බො..සුබ උපන් දිනයකුත් වේවා කියල මේ එක්කම කියන්නං.. :)
මානසික රෝගියෝ හිරේ දානවා කියන්නෙත් පිස්සු වැඩක්නෙ රවී තුමෝ.. උන්ට ප්‍රතිකාර කරන්න ඕනෙ.ඒ වගේම රෝගෙ උත්සන්න උනු හේතු හොයාගෙන ඒව මකල දාන්න ඕනෙ.
Deleteඔන්න උඩින් ප්‍රාට ටිකක් දිග උත්තරයක් දුන්න... තරහ අවසර ඒ ටිකම්යි මෙතෙන්ටත්.
ඒ වගේම... මේ රැග් වචනෙන් හඳුන්වන ප්‍රශ්න මාලාවට ඩිජිටල් උත්තර හොයනවා නම්..( ඔක්කොම අල්ලලා හිරේ දැමිය යුතුයි.කෙලවා අඹරා දැමිය යුතුයි.) කියලා ඒක මිත්‍යාවක්.
මේ ප්‍රශ්නෙට එක බිංදුව ජාතියේ උත්තර හොයනකන් වෙන්නෙ තුවාලෙ තව තව ඔඩු දුවන එක.. පැසවන එක..
කැම්පස් වල තියෙන්නෙ පොදුවේ ටීම් වර්ක් එකක්.ටීම් ලීඩර්ස් ලා අයාලේ ගියොත් වැඩේ සුන්.. අපි උන්ට අයාලේ නොයන්න පරිසරයක් යෝජනා කරන්නෙ.මොකද ඒ රටේ අනාගතය නිසා.
සාම්ප්‍රදායික රජයේ කැම්පස් නොගිය එකෙක් වෙන ගස්ලබ්බා මේ (රැග් නෙමෙයි,විසඳුම.)වෙනුවෙන් කතා කරන්නෙ අපි ඔක්කොම මනුස්සයො නිසා..
බොහොම ස්තූතියි සුභපැතුමට රවියාණෙනි..
ජයවේවා..!!
/මානසික රෝගියෝ හිරේ දානවා කියන්නෙත් පිස්සු වැඩක්නෙ රවී තුමෝ.. උන්ට ප්‍රතිකාර කරන්න ඕනෙ./
Deleteඒක ඇත්ත.මානසික රෝගී මිනීමරුවොත් ඉන්නව. උංට කරන්නෙ සමාජයෙන් වෙන් කරල ප්‍රතිකාර කරන එක. (ඒකත් එක්තරා විදිහක සිර දඬුවමක් වගෙ තමයි). නවක වධකයින්ට කරන්න ඕනත් ඒක තමයි. උංට ඉගැන්නිල්ල පැත්තක තියල ඉස්සෙල්ල කූඩු කරල ප්‍රතිකාර කරන්න ඕන.
දැන් ඔය ක්‍රමේ වෙනවනෙ.අඩු ගානෙ අඩුවක් වත් වෙන්න එපැයි.හැබයි වෙන්නෙ එන්න එන්න තිරිසන් වෙන එකනෙ. ඒ කියන්නෙ කොතන හරි අවුලක් තියනවා. ඔය කියන විසඳුම හරියනව නම් රවී තුමෝ ලෝකෙටම ශරියා නීතිය පැනවීම ම ඇති සියලු ප්‍රස්න නිවාරනය වෙන්න.
Deleteනීතිය ක්‍රියාත්මක වන අතරතුර තව වෙන්න ලොකූ දේවල් ටිකක් තියනවා.ඒවා අමතක කරනතාක් මේ ගැටළුව එන්න එන්න සංකීරණ වෙවී සමාජ පිළිලයක් වෙනවා. මතුපිටට පෙනෙන තරම් සරළ නෑ ඇතුල කියන එකයි මේ කියන්න උත්සාහය.
/දැන් ඔය ක්‍රමේ වෙනවනෙ./
Deleteකොහෙද බං ඔය ක්‍රමේ වෙන්නෙ?...මම කියන්නෙ කොල්ලො කෙල්ලො කීදෙනෙක් 1975 අවුරුද්දෙ රූපා රත්නසීලිගෙ ඉඳල දැනට මැරුනද? කී දෙනෙක් දැනට අංග විකල වෙලා ඉන්නවද? කී දෙනෙක් රැග් එක හින්ද උසස් අධ්‍යාපනය අත ඇරල දාල අනාගතේ නැති කරගෙන ඉන්නවද?
දැං කියපං බලන්ට කී දෙනෙක් නවක වධකයො ඒ අපරාධ හින්ද හිරේ ගිහිල්ල තියනවද? අඩුගානේ ශිෂ්‍ය භාවයවත් අහෝසි වෙලා තියනවද?
නීතිය ක්‍රියාත්මක වීම ඇරඹුලා නිසා නේද බුරුතු පිටින් රිමාන්ඩ් වෙන්නෙ.
Deleteඒවා ඒ විදිහටම ඉදිරියටත් සිදුවෙච්චාවෙ... ඊට අමතරව විය යුතු දේවල් නොකර නීතියෙන් දඬුවම් කර කරම මේක විසඳන්න ගියොත් ඇතිවන ආතතිය නරක විදිහට මුදා හැරෙන්න ඉඩ තියනවා.ඒ දේ සිද්ධකරන කෙනා තාම සරසවියට පය තියලවත් නෑ.නමුත් එහෙම කෙනෙක් නිර්මාණය වන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නෙ.අන්න ඒ ක්‍රමේ තමා අපි මකන්න ඕනෙ.
ලිංගික හිංසන කරන්නේ නැතුව රැග් කරන්න ක්‍රමයක් ඇත්තෙම් නැත්ද ගස් ලබ්ස්? ඒක වැරදියි කියල පිරි අරගෙන වඩා සුහද රැග් ක්‍රමයක් හඳුන්වා දෙන්න බැරිද? අවශ්‍යම නම්.
ReplyDeleteරැග් කිරිල්ල කියන්නෙම අනවශ්‍ය දෙයක්.
Deleteහැබැයි අළුතෙන් එන පිරිස් එකට මුහුකිරීම නම් තවම ලංකාවෙ අත්‍යාවශ්‍යතාවයක්.මොකද අපේ සිස්ටම් එක ඇතුලෙ 'කොරයි අන්ධයයි' න්‍යායෙන් යන එකාට පිස්සෙක් නොවී ජීවත් වෙලා ඕකෙන් එලියට එන්න පුළුවන්.ඉතින් කොරු අන්ධයො එක එකා අඳුනගන්නත් එපැයි.මරසි කාරයෝ.. උණ කාරයෝ... පැණියො.. බඩු.. ඔක්කොම ගැන අයිඩියා එකක් ගන්න එපැයි.ඒකට පොදු ක්‍රියාකාරකම් වල යෙදෙන්නම වෙනවා.
ඔය කොම්පැණි වල තියෙන්නෙ ලීඩර්ශිප් ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් වගේ දෙයක්.. හැබැයි පිස්සො වගේ පිස්සො වගේ අනුන් පෙලන්න නෙමෙයි.
ඒ අතරෙ ගස්ලබ්බ කිව්ව ස්ටාෆ් එක ගැන කතාව අනිවා වෙන්නම ඕනෙ.නැත්තන් ඔය මොන කිරි කිරි බෝලේ කරත් වැඩක් නෑ.
ජයවේවා..!!
ලබ්බට සුබ උපන් දිනක් වේවා! අර තිත් තියලා තියෙන තැනට එන්න ඕනෑ පොත හන්තානේ ගීතයක් නේද?
ReplyDeleteඅන්න භාණ්ඩෙ... හැලපයියා කාලෙකින් අප්පා දැක්කෙ.සන්තෝසෙයි..
Deleteරැග් කොරන උන්ට මුලින්ම ඔය පොත් තුන කියවන්න දෙන්න ඕනෙ.හැබැයි තුනම.එකක් වත් මිස් උනොත් වැඩේ කනපිට.හෙහ් හෙහ් හේ..
බොහොම ඉස්තූතියි සුභපැතුමට.
ජයවේවා..!!
මමත් රැග් උනා. මේක ගැන ලියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා. කොහොම උනත් ගස් ලබ්බාගේ ලිපිය හොඳයි.
ReplyDeleteයුද්ධෙ එහෙම ඉවර වෙලා අළුත් ලෝකෙකට සමස්ථ සමාජයක් ඉව අල්ලන කාලයක් මේක මල් මල්ලි.. ඉතින් පොතක් උනත් ලිව්වට පාඩුවක් නම් නෑ.එක්කෙනා දෙන්නා හරි කමක් නෑ මාතෘකාවල් කතා කරන්න ඕනම කාලයක්..
Deleteජයවේවා..!!
ඇත්තම කියනවා නම් රැග් නැති වෙන එක කැම්පස් එකට එන්න කලින් ඔලුව හදලා කරන්න ඕන වැඩක්. නමුත් මේකත් අමාරු වෙයි මොකද සමහර ඉස්කෝල වලත් අලුතින් එන අයව රැග් කරන නිසා.
ReplyDeleteඅනිත් කාරනය දැනට තියන ගොඩක් උපාධි වලට මොන සම්පත් දුන්නත් වැඩක් නෑ මොකද රස්සා නෑ. ඒ වගේ උපාධි වලට ගන්න ගාන පුලුවන් තරම් අඩු කරන්න ඕන.
හැබැයි ඉල්ලුවේ නැතිනම් සම්පත් හම්බවෙන්නේ නැති කතාව තරමක් දුරට ඇත්ත. අඩුම ගානේ එක්මනට හම්බවෙන්නේ නෑ.
සල්ලි ගෙවලා උපාධි ලබා දෙන රජයේ (SLIIT, NSBM,NIBM) වගේම පුද්ගලික ආයතනත් හොඳ වගේම නරක ඒවත් තිබෙනවා. සමහර ආයතන වල රැග් පවා තිබෙනවා. ඒ වගේම සමහර ඒවල හදන් තිබෙන කල්චර් එකෙන් ලමයින්ගේ අනාගතයට ලැබෙන මෙලෝ වැඩක් නෑ. කුඩු වෙන්න ගහන පාටියි එක සැරේ දෙතුන් දෙනා එක්ක නිදියන ඒකයි ඇරුනම මුල් කාලේ වෙන වැඩක් කරන්නේ නෑ.
හරියට හරි ඇනෝ.. හරියට හරි. ඔව්වගෙ 'අමරිකන් පයි' විදිහේ වැඩසටහන් එලිපිට වෙන්න ගනී වගේ යන හැඩේට... රුවිතෙටමනෙ යන්නෙ අප්පා... හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
දැනටම එහෙම තැන් තියනවා. අවුරුදු 20 නැති උන් ත්‍රීසම් දාන එක එච්චර දෙයක් නොවන තැන් තියෙනවා.
Deleteසමහර තැන් වල ප්‍රශ්නෙ ලමයින්ගෙ විනය හෝ වැඩ ගැන මුල් කාලයේ බලන්න බැරි එක. මොකද ලමයි ආයතනය දාලා යාමේ අවදානම නිසා. සමහර තැන් වල මුල් කාලය නිකම් ෆවුන්ඩේශන් වගේ නිසා ඔහේ බුල කෙලින්න දීලා බලන් ඉන්නවා.
ඔව්වට විරුද්ධව කතා කොරලා ගුටි කාපු ගුරුවරු එහෙම එමට... සල්ලි බලේ කියන්නෙ අදට ලංකාවෙ හැප්පෙන්න බැරි බලයක්.මාලබේ පැත්තෙන් හොඳ හොඳ කතා ටිකක් නම් අහගත්තා පහු ගිය කාලෙ.වෙලාවක ලියල දාන්න ඕනෙ.
Deleteලබ්බෝ...උඹේ උපන්දිනේද...අවුරුද්දෙන් අවුරුද්ද ලබ්බ පාත්වෙනවා නේද.....
ReplyDeleteප්‍රශ්න දෙකයි......එච්චරයි. හැපි බාත් ඩේ.
1) මේ අත් අඩංගුවට ගත් සිසුන් සම්බන්ද දේශපාලන ව්‍යාපාරයක් තිබේද...මෙය සංවිධානත්මක කල්ලියක්ද
2) මේ සිසුන්ට නීතිමය ක්‍රියා මාර්ග නොගත යුතු නම්, ඔවුන් මානසික වෛද්‍යවරුන් හරහා හෝ පුනරුත්ථාපනය කිරීම සුදුසු නොවේද....,ඒක ලෙඩක්ද..අපරාධයක්ද..
ආ.. අරූ අයියා... සබ්බේ ලබං.
Deleteතැන්කූ හොඳේ..
1)නොදනිමි. සාමාන්‍යයෙන් රැග් බැච් එකක් සංවිධානය වී කටයුතු මෙහෙයවයි.(ඒවා ලේසියකට ලීක් වන්නේ නැත.)නමුත් ඒ අතර රඟදෙන වොලන්ටියර්ස් ලා හොඳම එකෙන් පච කරයි.හත්පලේ ගා ගනී.
2)ඔවුන් වහා පුනරුත්ථාපනයට ලක්විය යුතුමය.පරපීඩක කාමුකත්වය ඉහ වහා ගොස් ඇත.
ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නා පරිදි පරිසර සාධක සැකසිය යුතුය.
ජයවේවා..!!
/////පරපීඩක කාමුකත්වය ඉහ වහා ගොස් ඇත.//////
Deleteමේක මානසික රෝගී තත්වයක්නේ. ගමේ භාසාවෙන් කියන්නේ පිස්සු කියලනේ. මම ඒ වචනේ සාමන්‍යයෙන් භාවිතා කරන්නේ නැහැ.
යුනිවලට එන නවකයින්ට මගපෙන්වන සින්නෝ පිස්සෝ නම්, ඒක රටේ අධ්‍යාපන අනාගතයට හොඳ නැහැ. දැන් තියෙන්නේ අපරාධ කාරයන්ට ඉස්සෙල්ලා ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා ඉන්න. දොස්තරලටත් පිස්සු, ලෙඩ්ඩුන්ටත් පිස්සු. උඹටත් පිස්සු. මටත් පිස්සු.
අනිත් එක යුනි එකට යන දරුවෙකුගේ මනස කොච්චරව නිදහස්ව තියෙන්න ඕනද. අලුත් අත්දැකීමක්නේ. මම දෙමව්පියෙක් හැටියට ඒ පලමු දවසට සහභාගිවුනා. යුනිය සහ එහි සිසුන් අලුත් ලමයාට පාට, භාශාව බල්ලට දාලා සලකන සහ දෙන මොරාල් අප්ලිෆ්ට් එක කියලා නිම කරන්න බැහැ.
Deleteඋසස් අධ්‍යාපනය ලබන සිසුවෙක් නිදහස් මනසක් ඇති එකෙක් වෙන්න ඕන. අපේ එවුන්ව යුනි ෆස්ට්ඩේ එකෙන්ම බියගුල්ලෙක්, පරාධීනයෙක් කරනවා. කොහොමද බං නිදහස් චින්තකයෝ බිහිවෙන්නේ. බජාර් එක ඔයිට හොඳයි :D
ඔය ප්‍රස්න ටිකට තමයි අරූ අයියෙ මට තේරෙන විදිහකට ඔය උත්තරයක් දුන්නෙ... ඔව්වගෙ ස්ටාෆ් එක උන්ගෙ ජොබ් එක හරියට කොරන්න ඕනෙ.මේ හැමතැනම ඉන්නෙ පරපීඩකයො තමා.තමුන් අතට බලයක් ලැබුනු ගමන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හැසිරෙන්නෙ.
Deleteඅධිරජ අශෝක බලනවාද? ඒකෙ සුශීම ට දෙනවා රජකම ටික දවසකට.ඌ කෙලිනවා සුපිරිම පිස්සුවක්.ඕක හැමතැනටම පොදුයි.බලයක් අරන් හැසිරෙන්න දන්නෙ නෑ.වගකීමක් නෑ.ඉදිමෙනවා.කැම්පස් එකේ රැග් කාලෙට බලෙන් ආරෝපනය කරගන්න බලයක් ඇතුලෙ අතරමං වෙච්ච අනාතයො ටිකක් විදිහට තමයි මට අර පිස්සො ටික පෙනෙන්නෙ.මට උන්ට වයිර කරන්න හිත හදාගන්නම බෑ.. මට උන් ටික දුන්න නම් උන් ලව්වා වැඩිහිටි නිවාසයි ළමා නිවාසයි එක්ක වැඩ කොරවනවා මාසයක් විතර එක දිගට.පිලිකා රෝහලට එක්කන් යනවා..
ඔය පිස්සු හොඳ වෙනවා නිකන්ම..
හෙහ් හෙහ්
ඒ ප්‍රවෘත්තියට අනුව නවකවදයට ලක් වූ සිසුන් එතැනට ගොස් ඇත්තේ ස්වකැමැත්තෙන් වගේ නේද? ජංගම දුරකතනයට කතා කර පැමිණිය යුතු තැන කියා ගෙන්වා ගත් බවයි පැවසෙන්නේ.
ReplyDeleteඒ කතාව බොරුවක් ද?
ඒක නම් දන්නෙ නෑ රසික.රැග් කරනවා නම් සින්නට ජුන්නව අල්ලන්න බෑ කියල නීතියක් තියනවානේද?
Deleteරැග් කරන්න වගේම රැග් වෙන්න ඔලුව වෙනස් වෙන්නෙත් ඇයි? ඒ පොයින් වෙනස් කරමු කියලා ගස්ලබ්බා යෝජනා කරන්නෙ ඒකයි.
මේ ලිපියට පාදක කරගත්තෙ පේරාදෙණියෙ සිද්ධිය නෙමෙයි.. ඒ නිසා ඇති උන ආන්දෝලනය පුංචි ජනේලයක් කරගත්තා විතරයි.
ජයවේවා..!!
රැග් කරන්නා ගේ මානසික භාවය මෙන්ම, කැමැත්තෙන් ම රැග් වෙන්නට යන්නා ගේ මානසික භාවය ගැන ද සිතිය යුතුයි.
Deleteරැග් කිරීම පිළිබඳ තවත් නීතියක් නම්, රැග් නොවූ අයෙකුට රැග් කළ ණොහැකි බවයි. මේ අනුව, වයඹ, රජරට, සබරගමුව යනාදී විශ්වවිද්‍යාලවල නවක වදය නැති යැයි සිතමි.
රැග් නොවූවෙකුට රැග් කරන්න බෑ... තමුන් කාපු නැති දෙයක් දෙන්න බෑ... ඔහොම ඔහොම නීති තියනවා.ඒත් ඒවා ඔක්කොම විහිළු වෙලා දැන් තනිම තනි විකාරයක්.ඒකයි භයානක.
Delete//රැග් කිරීම පිළිබඳ තවත් නීතියක් නම්, රැග් නොවූ අයෙකුට රැග් කළ ණොහැකි බවයි.//
ReplyDeleteඒ කියන්නේ කිකිලිට කලින් ද බිත්තරේ හැදිලා තියෙන්නේ ? :D
KEN
ඕක හොය හොය ඉන්නවාට වඩා ජීවයක් පවතින්න තියන මාධ්‍ය නැති කරල දැම්මොත් ඔය කෙකර කුකුල් පරම්පරාව ඉක්මනටම රතු දත්ත පොතට දාල වඳ වූ ලයිස්තුවටම දා ගන්න පුළුවන් වෙයි.හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
නෑ.... ඒ නීතිය හැදිලා තියෙන්නෙ දෙකටම පස්සෙ
Deleteඑල ද බ්‍රා කෙමෙන්ට් ටිකක වැටිලා ...
ReplyDeleteඋබගේ ලිපිය සාර්ථකයි
කියවන උඹලට එහෙම හිතෙනවා නම් පට්ට සන්තෝසයි බං..
Deleteජයවේවා..!!
ලබ්බ සෑර්,
ReplyDeleteහැට්ටරුත් උපරිමට රැග කාපු එකෙක්. හැබැයි උන්ගේ ඉස්තරම්ම රැගත් හැට්ටර්ට රැගක් උනේ නැහැ. හැට්ටර් සාධාරණ මිනිහා, නාහෙට නාහන ගතියකුත් තියෙනවා. ගමේ කට්ට කාල, චාටර් වෙලා, ප්‍රේමදාස තුමාගේ වචනවලින් නම් තෙම්පරාදු වෙලා හිටපු එකාව රැග් කළා නෙවෙයි රැග දුන්න එකා රැග් උනා. දුකයි අප්පා ඒත් මොනවා කොරන්නද ජෙෂ්ට උත්තමයොනේ.
පහු කාලේ හරියට රැග නොකාපු, ෂේප් වෙලා හිටි උන් රැග දුන්නම ඒ ප්රෙශාලගේ දුක සැප බලන්නත් උනේ හැට්ටර්ටම තමයි.
අනික ඔය ලිඛිතා උත්තමයෝන්ගේ ඉංගිරිසි ගැන කොමෙන්ටුව දැක්කම මටත් මේක මතක් උනා.
පළමුවන සුමානෙම හම්බඋනා සෑර් ඔන්න ඉංගිරිසියෙන්ම බැස්ටිය. ටියුට් පන්තියේ දුන්න ප්‍රශ්නයක්. 'Calculate the potential difference between points A and B' කියල. කවුරු දන්නා 'potential' ද සෑර්. විභව අන්තරය හොයන්න කිව්වා නම් බඩේ බත් වගේ දෙන්න තිබුණා. කට්ට කෑවා, ඉංගිරිසියෙන් ඉගෙනගත්ත, දැන් නං ඕන සුද්දෙක් දෙකයි පනහයි . ඕනෑකම තියෙනවා නම් ලිඛිතා කියන්නෙහෙ ඕව ඉගෙන ගන්න බැරි කමක් නෑ.
රැග දීලා අහුවුනාම පිටලෝකෙන් ආව වගේ ඔලු වහගෙන යන 'සිසුන්ට' ලබ්බ සෑර් කියනවා වගේ දෙන්න ඕනේ පාරවල් නඩත්තු කරන්න. පෝස්ටර් සුද්ද කරන්නයි, පාර පිරිසිදුව තියාගන්නයි , කොළ කෑලි එහෙම අතුගාල. හැබැයි ඔලුව වහගෙන ඒවා කෙරිලි ඔට්ටු නෑ.
අන්න ඒකයි හැට්ටර් සෑර් කතන්දරේ..
Deleteඔය රැග් එකෙන් වෙන්නෙ බ්‍රේන් වොෂ් සීන් එකක් එකාතකට.එකට බත් එක අනාගෙන කන එක එකෙක්ට රැග් එකක් වෙන අතරෙම හැඳි ගෑරුප්පු පාවිච්චි කරලා නිවරදි මේස චාරිත්‍ර එක්ක කන එක තව එකෙකුට රැගක් වෙනවා.(කෑම්ප් ගිය කැඩෙට් කොල්ලෙක්ගෙන්ම විස්තරේ අහපුවාම රසට කියනවා.හෙහ් හෙහ්හ්) දැන් වෙලා තියෙන්නෙ ඔය සීන් එක පැත්තකට බර වෙලාය අරකය මේකය කියලයි හිතෙන්නෙ.
තරුණයන්ට ආවේග තියනවා... ඒවා පිට කරන්න සුදුසු මාර්ග සකසන එක වැඩිහිටියන් ගෙ වගකීමක්.එහෙම නැතුව බොටුව මිරිකන එක නෙමෙයි.හැබැයි ටොයිලට් එක හදල වතුරත් දීල දොරේ ඉබ්බත් ගලවලා දැම්මට පස්සෙ දොරකට සෙනව නම්,ඌ ලෙඩෙක් නම් වහාම බෙහෙත් දෙන්න ඕනෙ.කඩාකප්පල් කාරියෙක් නම් සඳ පෝරියල් දෙන්න ඕනෙ.
ලේසියට ලාබෙට රැල්ලට උත්තර හොයන එක හෙන විහිලුයි සෑර්..
හෙහ් හෙහ්
ජයවේවා..!!
//////තරුණයන්ට ආවේග තියනවා... ඒවා පිට කරන්න සුදුසු මාර්ග සකසන එක වැඩිහිටියන් ගෙ වගකීමක්/////////////
Deleteසීයට සීයක් එකඟයි. අපි තරුන කාලේත් ඔහොමයි. නාහෙට අහන්නේ නැහැ. මම කියන්නේ...තරුනයා ජීවත් වෙනතාක් කල් අරගල තියෙනවා. ඒක නවත්තන්න බැහැ. මේවා නවත්තන්නම් තියෙන හොඳම වැඩේ ඔය දරුවන්ව ෆේස්බුක් එකට ඇඩික්ට් වෙන මාර්ග හදන්න. දෙකම එකයි..එකම දෙකයි..
අරූ අයියා.. පුළුවන් නම් මේක බලන්නකො..
Deletehttps://www.facebook.com/CollegeHumor/videos/10154255992567807/?__mref=message_bubble
කුමනාකාරයෙන් කරත් කුමන අරමුණෙන් කරත් හිංසනය හින්සනයමයි මහත්වරුනේ..ඒ නිසා රැග් යනු කිසිසේත්ම සාධාරණීකරණය කල නොහැකි සාදකයක්. මොකද පුද්ගලයින් විවිදාකාර නිසා කෙනෙක් බොහොම කැමැත්තෙන් කරන දෙයක් තව කෙනෙකු අකමත්තෙන්ම කරනවා විය හැකියි. ඒ නිසා ප්රජාතන්ත්රවාදී රටක (එහමනේ කියන්නේ ) අනෙකාගේ නිදහසට භාදා කිරීම බලවත් වරදක්.
ReplyDeleteඔය ඉහල කමෙන්ට් වල සඳහන්වෙලා තියන විදිහට රැග් කරන්නේ අනෙක් සගයින්ගේ කුලෑටිකම නැතිකරලා එලියට ගන්න කියලා කියන උදවිය උපාධිය ගත්තයින් පස්සෙත් ඒ කියන මානව හිතවාදී ගති ලක්ෂණ පෙන්නුම් කරනවාද කියලා විමසා බැලීම වටී. එතන තියෙන්නේ අනෙකා වෙනුවෙන් ගොඩනැගුනු මානව දයාවට වඩා අනෙකා තමුන්ගේ රාමුවට කොටුකර ගැනීමට දරනා වෑයමක් පමණයි. අනෙකාගේ සමාජ තත්වය, අද්යාපන තත්වය දියණු කරන්නට ඔය කියනා කුල වලට තුට්ටුවකවත් මානව දයාවක් නැති වගට ඔප්පු කරන්න පුළුවන් සාධක ඕනෑතරම් විශ්විද්‍යාල ඉතිහාසයේ තිබේ. මේ දැන් තියන සයිටම් අවුලත් එක් පැත්තකින් බැලුවාම ඒ වාගේම මානව දයාව විදහාපාන අවස්තාවක්.
මේ සියල්ලටම මුල නොමිලේ ලැබෙන අද්යාපනයේ වටිනාකමක් නොමැතිවීම සහ එම අද්යාපනය ලබාදීම සඳහා වෙහෙසවූ දෙමාපියන්ටත්, බදු ගෙවූ සියලු රටවැසියන්ටත් වගකියන්නට මානව දයාවක් සිසුන් තුල නොමැතිකමයි. එහෙම මානව දයාවක් හර්ද සාක්ෂියක් මේ චෝදනාවට ලක්වෙන පාර්ශවයන් වෙත තිබුනානම් කවදාවත් පහල එකා රැග් කරන්නට නොයන බවයි මගේ මතය.
ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන ක්ශේත්‍රයම ආකෘතිකවම වෙනස් වීමක් ඉල්ලා සිටියි.
Deleteජයවේවා..!!
ඔය කියන ශිෂ්‍ය සංගම්, සමිති සමාගම්, ජ්‍යෙෂ්ට උත්තමයන්, එකී මෙකී සියලුම පාර්ශවයන් කොයි වෙලාවෙවත් හිතලා තියෙනවද, ගණනය කරලා තියෙනවද තමුන් පෙර පාසලේ හිටං උපාධිය දක්වා උගෙනුම ලබන්නට දෙමාපියන් විසින් දරන ලද මුදල් සහ ශ්‍රම දායකත්වය සහ බදු ගෙවන රටවැසියන් විසින් දරන ලද මුදල් දායකත්වය. කොතනකහරි සඳහන් වෙලා තියෙනවද ඔය පාර්ශවයන් විසින් සඳහන් කළා කියල අපව මෙතනට ගෙනෙන්නට මෙන්න මේ තරම් මුදල් කන්දරාවක් දෙමාපියන් සහ රටවැසියන් විසින් දරා තිබෙනවා ඒ නිසා පුළුවන් උපරිමයෙන් අද්යාපනය ලබාගෙන මේ ණය දෙමාපියන්ට සහ රටවැසියන්ට ගෙවිය යුතුයි කියල. ආන්න එහෙම හිතන්න පුළුවන් සිසු පරපුරක් බිහිකරන්න පුලුවනිනම් එදාට අපේ රට බොහොම සුන්දර රටක් වෙයි.
ReplyDeleteඅපි අමතක කරන දේ තමා රැගට විරුද්ධව අද හිට ගන්න නවකයාම තමා හෙට ඔබ ඔය හඳුන්වන ජ්‍යේෂ්ඨයා වෙන්නෙ.මේ රූපාන්තරනය අඳුනගන එතෙන්ට බෙහෙත් ලබා දීම නිවරදිව සිද්ධ කරන්න පුළුවන්.එතෙක් ඔය ගැටළු වැඩිවනවා මිසක අඩු නම් නොවේවි.
Deleteජයවේවා..!!
මේක පට්ට.. මේ රග එක ගැනම උඹ මිට කලින් ලියුව පොස්ට් එකට වඩා මේක හුඟක් ඉස්සරහින් තියෙන්නේ..
ReplyDeleteමම එකඟයි! (කලින් එකට මතක විදියට එකඟ උනේ නෑ) :)
ආහ්... එහෙමෙයි.. පවිටු මිත්‍ර ආශ්‍රෙ තමයි ඉතින් ඕකට හේතුව.ඉන්න ගමන් 'මෙලෝ රහක් නැති' බ්ලොග් කියවන එක නෙව කොරන්නෙ.හෙහ් හෙහ් හෙහ්
Deleteජයවේවා..!!
හින්දි පිල්ම් එකක් තියනවා ටේබල් 21 කියලා ..හොයාගෙන බලපන් අන්තර් ජලයේ ඇති
ReplyDeleteනවක වදය ගැන
ඔව් මෙණ්ඩො.. මම බලල තියනවා.සුපිරිම ෆිල්ම් එකක්.දෙනවා ආයෙ ඇඬෙන්න.
Deleteජයවේවා..!!
Kayseri
ReplyDeleteAnkara
Kilis
Sakarya
Bursa
CXV08
Antalya
ReplyDeleteAntep
Burdur
Sakarya
istanbul
İJST8
van
ReplyDeletekastamonu
elazığ
tokat
sakarya
2GQNE
bilecik
ReplyDeletevan
elazığ
tokat
uşak
Q1Y
https://titandijital.com.tr/
ReplyDeleteçorum parça eşya taşıma
niğde parça eşya taşıma
kastamonu parça eşya taşıma
istanbul parça eşya taşıma
64W2
malatya evden eve nakliyat
ReplyDeleteartvin evden eve nakliyat
kocaeli evden eve nakliyat
ankara evden eve nakliyat
düzce evden eve nakliyat
N62İL
Kocaeli Lojistik
ReplyDeleteUşak Lojistik
Osmaniye Lojistik
Çorlu Lojistik
Kocaeli Lojistik
RS0888
53AEC
ReplyDeleteYalova Evden Eve Nakliyat
Isparta Evden Eve Nakliyat
Erzurum Evden Eve Nakliyat
Bitlis Evden Eve Nakliyat
Ordu Evden Eve Nakliyat
19948
ReplyDeleteEtimesgut Fayans Ustası
Yenimahalle Boya Ustası
Aksaray Lojistik
Niğde Şehirler Arası Nakliyat
Bolu Lojistik
Ünye Yol Yardım
Çerkezköy Boya Ustası
Ünye Koltuk Kaplama
Malatya Lojistik
6CF13
ReplyDeleteKaraman Evden Eve Nakliyat
Silivri Evden Eve Nakliyat
Gümüşhane Şehir İçi Nakliyat
Kilis Evden Eve Nakliyat
Trabzon Evden Eve Nakliyat
Tokat Lojistik
Iğdır Lojistik
Çerkezköy Çelik Kapı
Çankaya Fayans Ustası
33E25
ReplyDeletebinance referans
A759D
ReplyDeletegörüntülü sohbet uygulama
nevşehir en iyi görüntülü sohbet uygulaması
kırıkkale canli sohbet
muğla telefonda rastgele sohbet
agri kadınlarla ücretsiz sohbet
sinop kadınlarla ücretsiz sohbet
bilecik canlı sohbet siteleri
agri ücretsiz sohbet sitesi
sakarya canlı sohbet odaları
0B7F4
ReplyDeleteAntalya Görüntülü Sohbet Siteleri Ücretsiz
en iyi rastgele görüntülü sohbet
rastgele sohbet siteleri
mobil sohbet sitesi
erzurum kadınlarla sohbet et
muğla canlı görüntülü sohbet siteleri
adıyaman sesli sohbet mobil
malatya kızlarla rastgele sohbet
Uşak Canlı Sohbet Odaları
CB6CC
ReplyDeletegörüntülü sohbet siteleri ücretsiz
yabancı canlı sohbet
rastgele görüntülü sohbet uygulamaları
aydın en iyi ücretsiz sohbet siteleri
Antep Goruntulu Sohbet
diyarbakır rastgele canlı sohbet
Edirne Kadınlarla Rastgele Sohbet
bedava sohbet uygulamaları
kocaeli görüntülü sohbet siteleri ücretsiz
0FCAE
ReplyDeleteGörüntülü Sohbet Parasız
Bitcoin Yatırımı Nasıl Yapılır
Soundcloud Dinlenme Hilesi
Youtube İzlenme Satın Al
Soundcloud Reposts Satın Al
Caw Coin Hangi Borsada
Meta Coin Hangi Borsada
Binance Referans Kodu
Okex Borsası Güvenilir mi
6B7F562B7E
ReplyDeletetakipçi satın al tiktok
57F40048C5
ReplyDeletedüşmeyen takipçi satın al
E345B37126
ReplyDeletebayan takipçi instagram