Wednesday, January 27, 2016

දුම (3)





දුම (1)
දුම (2)



එහා කොන සහ මෙහා කොන ගැන වෙනසක් නැතිව දැනුවත්වන තරමට ඔබට 'මැද ' පිළිබඳ අවබෝධය පුළුල් වේ.
(අත්ථකිලමථාව මායාවක් බව හැඟේ.)
                                                                                  -කෙවින්-


වාහනේක යනගමන් කටකපලා නිදාගන්න පුළුවන් උන එක නම් පට්ට වටිනවා.එතකොට මහන්සිය දියකරලා දාල අලුතෙන්ම වැඩකට බහින්න පුළුවන්..
'සර්..'
'ස...ර්..!!'
මම ගැස්සිලා ඇහැරුනේ ටැක්සියේ මල්ලි වාහනේ නවත්තලා මගේ පැත්තෙ දොරත් ඇරලා
කතාකරනකොට.

මහරගමටත් ඇවිත්.
ඩිකියෙ තිබුනු බෑග් දෙක එලියෙන් තියලා සාක්කුවෙන් ලියුම් කවරයක් අරන් මගෙ අතින් තියලා වාහනේට නැගලා යන්න ගියා..
නිදිමරගාතෙ එකපාරටම සිද්ධවෙච්ච දේ හිංදා නිකං කරකලා අතෑරියා වගේ.වටේ මිනිස්සුත් එහෙන් මෙහෙන් බලන්න ගත්තු නිසා එතනම තිබුනු පෙට්ටිකඩේ ලඟට ගිහිං ප්ලේන්ටියයි සිගරට්ටෙකයි අරන් කොට්ටම්බ ගහ යට බංකු කෑල්ලෙන් ඉඳගත්තෙ පොඩ්ඩ්ක් කල්පනා කරල බලන්න.
මේක මහ අමුතුම වැඩක්..
පොලා යාලුවා උනත් දුර කතර ගෙවාගන ආපුවාම මෙහෙම සලකන්න උට අයිතියක් නෑ...

'මහත්තයා ජොබ් එකකට ද ආවෙ? නැත්තං මාතර යන්නද?'

කඩේ පොර අහන්නෙ මගෙ බෑග් දිහා බලන ගමන්..

'ආ... මේ.. මම.. මම..අයියෙ මේ යාළුවෙක් එනකං...'

උටත් ඕන්නැති මඟුලක් නෑ... මම හෙමින් ලියුම් කවරෙ කඩලා ඇතුල බැලුවා.

ටෙලිෆෝන් නොම්බරයක්.
කිරාගෙ නම එක්ක.

දැන්නං පොඩි පුතේ මල පනිනවා හොඳම එකෙං.

........................................................................

ඒ විදිහට තමයි අවුරුදු ගානකට පස්සෙ කිරාව හම්බුනෙ.මිනිහටත් අර වගේම ලියුං කවරයක් ලැබිලා මහරගමට ඇවිත් ඉඳලා..මගෙ කෝල් එකෙන් පස්සෙ අපි දෙන්නා උට ලැබිල තිබුනු උපදෙස් වලට අනුව පොඩි කාමරයක් අරගෙන නැවතුනා.

කිරාට නම් වැඩේ ආතල්.
ඉගෙනගත්ත ඒව පැත්තකට දාල පවුලෙ බිස්නස් වලට බැහැල හිටපු නිසා උගෙ රස මැරිල ද කොහෙදො.තඩි බඩකුයි... මුදලාලි බැල්මකුයි එක්ක තනි වෙලා.
පව් කොල්ලා..

අපි පරණ දේවල් කතා කර කර බලන් හිටියා ඊලඟට මොකද වෙන්නෙ කියලා.කොච්චර පිස්සු වැඩ කරත් පොලා මේ විදිහට හැසිරෙන එක නම් මට මහ අමුත්තක් වගේ දැනුනෙ.ඒත් දැං ගොං කිරාත් ඉන්න නිසා ගැටලුවක් නෑ.

දවසක් අපි පොඩි කැලයක් මැද්දෙ.. ඒ වෙනකොට එකදිගටම හිටපු තුන්වෙනි නයිට...
වෙනද දවස් දෙකෙන් තැන් මාරු කරාට එදා පොලාට තව දවසක් ඉන්න ඕනෙම උනා...
අලුතෙන් ඇවිදින්න තැනක්,බලන්න සත්තු,නගින්න කන්දක් වත් නැතිව එපා වෙලා වගේ හිටියෙ.. කිරා කොහෙංහරි හොයං ඇවිලා තිබුන ත්‍රයිලෝක විජිතපත්‍ර නිසා දවස ගෙවාගත්තා 100%ක්ම නිදහසෙ... විවේකය කියන එකේ තේරුම හරියටම දැනෙන්න ගත්තෙ ඔන්න එදා...

බිම නිදාගෙන අහසෙ තරු දිහා බලාගෙන කිරාගෙ ෆෝන් එකෙන් ලාවට සින්දුවක් අහගෙන හිටපු අපේ ඔලු තුන එකතැන.. අංශක 120 එක එකා අතර හිටින්න සෙට් උනේ නිකන්ම...

'ශ්ශ්.........
කිරා ඔය සින්දුව නවත්තපන්...'
පොලා රහසෙන් වගේ කිව්වා..

'මොන හු**** ද බං ආතල් කඩන්නෙ..'
කෙඳිරි ගාන ගමන් කිරා සින්දුව නැවැත්තුවා...

ලාවට දැල්වෙන ගිණිමැලයෙන් එන නටන එලියයි ... ලා... දුම් සුවඳයි... තරු එළියයි... රැහැයි සද්දෙයි....

'ඇහෙනවාද....?'

'මොකද්ද බං..?'

'හොඳට අහපං...! ඈතින් එන්නෙ'

ඔන්න එතකොට අපිට ඇහුනෙ..

අයිස්ක්‍රීම් බයිසිකලේක මියුසික් එකක්..!

මිනිස්සු ජීවත් වෙන්න කන කට්ට... දවසම බයිසිකලේ ට හරි ත්‍රී වීල් එකට හරි වෙලා ඔය කන්දොස්කිරියාවත් කන අස්සෙ දාගෙන ඌ කොහොම වදයක් විඳිනවා ඇද්ද...?
මම හෙමින් සැරේ කියවගෙන ගියා.. ඇත්තටම දුක හිතෙන වැඩක්..

'ඇම්බියුලන්ස් එකක්ද බං ඒ..?'
කිරා අහනකොට තමයි මට තේරුනේ ඌ තාම හෙන දුර ඉඳං එන සද්ද අහගෙන බව..

අයිස්ක්‍රීම් සද්දෙ නැවතිලා... ඇම්බියුලන්ස් සද්දයක් ඇහෙනවා.ඒ සද්දෙත් එක පාරටම නැති වෙලා ගියා.. විනාඩියකින් විතර ආයෙත් පටං අරන් අඩුම වෙලා නැති වෙලා ගියා..

'ඔව්.. හරියට හරි..!'
පොලාගෙ සද්දෙ වෙනස් නිසා ඔලුව හරවලා බලනකොට මූ ඉඳගෙන වෙලාව බලනවා..

නෙක්ටො බෝතලෙයි හිස් බෝතලේකට බට ගහල වතුර දාලා ඌම හදපු ගඩුගුඩාවයි අරගෙන පොලා ආයෙ හාන්සි උනා...

'අපට ඒ සද්දෙ ඇහුනෙ කොහොමද බං..?'

'ශබ්ද තරංග ඇවිත් අපේ කනට ගහපු හින්ද.. උඹට අවුල්ද?'
වැඩි කතාවට කැමති නැති කිරා උත්තර දෙනවා..

'එතන උන කම්පනයක් අපේ කන කම්පනය කරපු නිසා අපට ඒක ඇහුනා.. ඒ වගේම ඒ කම්පනයට අදාල සංකේතය මේකයි කියලා මොලයෙන් සන්සන්දනය කරලා බලලා කිව්ව නිසා අපි ඒ සද්දෙ අඳුන ගත්තා..'

'මොකක්..?' මටත් කට වහගෙන ඉන්න බරි උනා..

'යකෝ.... මේ කම්පන රටාවට කියන්නෙ මේක... මේකට කියන්නෙ මේක.. කියලා භාෂාවක් අපේ ඔලුවෙ පොඩි කාලෙ ඉඳන් ගබඩා කරනවා.කණෙන් ගන්න එක අහවල් එකයි කියල අපි අඳුනගන්නෙ එහෙමනෙ බං.රැහැයියගෙ සද්දෙයි ඇම්බියුලන්ස් සයිරන් එකයි වෙනස්ව අපි අඳුනගත්තෙ ඒකයි...මේක තමයි සරලම සංකල්පෙ'

'දැං මොකද්ද උඹ කියන්න හදන්නෙ?'
ගඩුගුඩාවෙ බටේ තොල් අස්සෙ තෙරපගෙන අමුතු හඬකින් කිරා ප්‍රස්න අහනවා..
මම බලං ඉන්නවා... මරු..

'අපේ ඇඟේ තියෙන ආවේනික කම්පන රටාව වෙනස් වෙනවට අපි කියනවා ලෙඩ වෙනවා කියලා..'
ඔන්න පොලා තෙල් හිඳින්නයි හදන්නෙ..

'එතකොට වයිරස් බැක්ටීරියා කියන්නෙ අහවල් එව්වද බං..?
අන්න මගෙන්.

'හිටු ක්ශණික මෝචනේ කොරගන්නැතුව අහගෙන..'

'හ්ම්ම්.. කියපංකො'

'මොකද්ද මම කිව්වෙ.... ආ... වයිරස්..ඒ වගේම මේස පුටු පවා.ඒක මෙහෙමයි.. අපිට වගේම උන්ටත් තියෙනවා තමන්ගෙ කම්පනයක්..මේ අපට පෙනෙන්නෙ කාලයට සාපේක්ශව එක්තරා සංඛ්‍යාතයක් විතරයි...ඕක හරියට අඳුනගන්න ඕනෙ'

'මුට පිස්සු තදවෙලා යකෝ..'
කිරා තේරුම් ගන්න වඩේ අතෑරලා දාල හිනා උනා... අඩවන් දෙනෙතින්..
'උඹේ ඇස් රතුවෙලා හොඳටම'
මම කිරාට කිව්වා...

'මන්තර...... ඔව්.. මන්තර හරියට කියනවා කියන්නෙ ඒ සංඛ්‍යාතයට අනුගත වෙනවා... අනුනාද කරනවා... ඒක තමයි වෙන්නෙ... වයිරසේට අදාල සංඛ්‍යාතය දුන්නාම ඒවා විනාශ වෙනවා.. ලෙඩ හොඳ වෙනවා......
ආ.....න්න ඒකයි මෙතන වෙන්නෙ'
පොලා කියාගෙන යනවා.... අහගෙන හිටියත් එකයි නැතත් එකයි ගානට...


'මචං ..................
අසාමාන්‍ය විදිහට මැණික් හම්බවෙන්න පටන් අරන් තියෙන්නෙ...'

ඒ අපි අන්තිමටම එකට හිටපු රෑ..

                                                                               -කෙවින්-


ඉදිරියට...
දුම (4)


Friday, January 15, 2016

දුම (2)



දුම (1)


100%ක් අපේක්ශා ඉටුවීම යනු බෝනස් එකකි.80%ක් අපේක්ශා ඉටුවීම යනු සාර්ථකත්වයයි.
                                        -කෙවින්- (ට ඇසුනු කතාවක්.)



මේ වෙලාවෙ මම ඉන්නෙ ප්ලේන් එකක.
මගේ රටට යන ගමන්.
හදිසි නිවාඩු පිට.
ඔව්.... කිසිම තේරුමක් දන්නෙ නැතුව.

එදා අපේ කතාව ලියන්න පටන් ගත්තට ඊට පස්සෙ හරි හමන් වෙලාවක් සෙට් උනේ නෑ.. හිතුනෙත් නෑ.
ඒත් එක පාරටම ඊයෙ උදේම ඔෆිස් එකට ආපු මනුස්සයෙක් දීපු ලිවුම් කවරෙ ගොඩක් දේවල් වෙනස් කෙරුවා.
ඒකෙ තිබුනෙ ලියකියවිලි වගයක් සහ ගුවන් ටිකට් පතක්.
බොහොම කල්පනාවෙන් හදපු නීත්‍යානුකූල ලියවිලි උන ඒවා ඉදිරිපත් කළ සැනින් නිවාඩු අනුමත කරගෙන පිටත්වෙන්න විතරයි මට ඉතුරු වෙලා තිබුනෙ.
විනාඩි දහයක කල්පනා කාලයකින් පස්සෙ මම ගමන පිටත් වෙන්න තීරණය කලේ 'අනිවාර්යෙන් වරෙන් මචං' කියල පොලා අස්සන් කරපු පොඩි කොල කෑල්ලකුත් ලියුම් කවරෙ ඇතුලෙ තිබුනු නිසා.. හැබැයි එච්චරයි.
ඊ මේල් එඩ්‍රස් එකක්,ටෙලිෆෝන් නොම්බරයක් වත් මුකුත් තිබුනෙ නෑ.
ඒත්.. පරණ යාලුවො ඔක්කොගෙන්ම මිදිලා වෙනම රටක තනියෙන් මගේ පාඩුවේ රස්සාවක් කරගෙන හිටපු මාව හොයාගෙන මෙච්චර ගේමක් ගහපු එකා ඉතුරු ටිකත් බලාගනියි කියල විස්වාසයක් මට තියෙනවා.මොකද ඌ එහෙම තමයි.(සතා උනාට.)

පොලා එක්ක ට්‍රිප් යන එකත් අමුතුම අත්දැකීමක්.කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි යන්නෙ.ඒත් ආපහු එනකොට හිතෙනවා මූ ඔක්කොම කලින් ප්ලෑන් කරලා තිබ්බවද්ද........ කියලා.
අහපුවාම හිනා වලින් එහාට දෙයක් නම් මූ දෙන්නෙ නෑ ලොවෙත්.තියෙන ලොකු කමයි පණ්ඩිතකමයි...!!වෙන මොනවද ඉතිං... හ්ම්ම්..
ඕක පට්ට වැඩ කරනවා.
මිනිහ ලඟ තිබුනා පොඩි ටෙන්ට් එකක්.යන්තං අපි තුන්දෙනාට ඕක අස්සෙ රිංගගන්න පුළුවං.සිහියකිං නිදාගන්නෙ නැති නිසා ඉතිං ඉඩකඩ අවුලකුත් නෑ.
උගෙ බෑග් එකේ නැති දෙයක් නෑ.. ඇති දේකුත් නෑ...

ඔන්න දවසක් කැලයක් මැද වැවක් ලඟට යමු කියල සෙට් උනා.
කිරාගෙ වාහනෙ තමයි ඉතිං.
(ඒක නම් අපේ පාවිච්චියට විතරයි.ඕන වෙලාවට ගන්න පුළුවං.ආයෙ ගෙදර ගිහිං දානවා.)

ඌ කැමරාවක් අරං ඒකට පිස්සු වැටිලා හතර අතේ ගහනවා... පොලොවෙ ගහනවා... උඩ ගහනවා... ඒ අස්සෙ අපෙත් ගහනවා... පොටෝ තමයි ඉතින්.. වෙන මොනව ගහන්නද?
ඔන්න අදාල තැනට කොහොමිං කොහොමිං හරි ගිහිල්ලා හෙන බොරු ගොඩක් කියලා කැලේ අයිනෙ ගමේ ගෙදරක් ශේප් කරගෙන වාහනේ එහෙ දාලා..., ගමේ කඩෙන් පොඩි බඩු ටිකකුත් අරගෙන කැලේට රිංගලා වැව ලඟ ටෙන්ට්ටෙක එහෙම ගහ ගත්තා...

ආ කියන බැරි උනා.. එදා වැස්ස.
වැස්සට අපේ ප්‍රතිචාරය තමයි තෙමෙන එක.
හැබැයි අද වෙනකන් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නම් නෑ..

මම මේ කියන්න හැදුවෙ මූ ගෙ අමුතු වැඩක්.
ටෙන්ට්ටෙක ගහල බිම ඉඳගෙන හති අරිනකොට කිරාගෙ උකුසු ඇහැට අහු උනා පොලා අතේ ගෙනාපු බෑග් එකේ තිබුනු කඩපු කොපු පැකට් එක.(කොන්ඩම් තමයි.)

මූ ඕක අරගෙන කෑ ගහන ගමන් බෑග් එක බිමට හැලුවා...
හුටා....
පොඩි ඊවා පැකට් එකකුත් තියෙයි කියහල්ලකො..

අන්න මට තද උනා..

මට ඇත්තටම සැක හිතුනා තුං වේලටම ගංජ ගහන මුගෙ මොලේ කොලොප්පන් වෙලාද කියලා.මෙව්ව මොකටෑ මේ කැලෑ අස්සට?

කිරා වදේ ගහනවා..
මම බනිනවා...
ඒ අස්සෙ පොලා...

ඌ...... පොලා පොඩි දර කෑලි...,තෙතමනය අඩු කොල රොඩු.., වගේ හොය හොය ගිණි මැලයක් හදනවා..

'ඔන්න පත්තු කරපං..' එච්චරයි ඌ කිව්වෙ.

අපේ සාක්කු වල තිබුන ලයිටර් පත්තු නෙවෙන ගානට තෙත් බැහැලා..

හුකා... රෑත් වෙනවා...
පොලා ගත්තා රාජලීලාවෙන්.. බෑග් එකෙන් පොඩි පාර්සලයක්.
කොන්ඩම් එකක් අස්සට දාල තිබුනු ග්ලිසරින් එකකුයි තවත් එකක් අස්සට දාල ගැට ගහල තිබුනු කොණ්ඩිස් වගයකුයි.
සැනිටරි ටවල් එකකුත් අරගෙන ඒකෙ පුළුං අවුස්සලා එතෙන්ට කොණ්ඩිස්,ග්ලිසරින් දාල ගිණි අවුලල නැගෙන ගිණිදළු දිහා බලාගෙන ඌ බරට හිනාවෙලා කෑ ගැහුවා...

'ජයවේවා......!!!!'

ගැස්සිලා ඇහැරෙනකොට තමයි දැනුනෙ ප්ලේන් එක ලෑන්ඩ් කරන්න සූදානම් වෙනවා කියලා.
හ්ම්ම්..... මූව දකින්න හරිම ආසයි.පිස්සු යකා..

මේ වෙනකොට සැකයකට වඩා විශ්වාසයි කිරා ත් මොන ලෝකෙ ඉඳං හරි ඇවිත් මට හම්බවෙයි කියලා..

එයාපෝට් එකේ මගේ නමට ඇවිල්ල තිබුනු ටැක්සියෙන් ඇහුවම කිව්වෙ නම් මාව විතරක් එක්කගෙන එන්න කියලලු...
එතකොට කිරා..???

මොකක් හරි ඇරෙන්ජ්මන්ටුවක් ගහල ඇති...
ඒ මදිවට පට්ට මහන්සියි.

එක්කො මට පිස්සුද?

යකෝ මම එනව කියල කාටවත් කිව්වෙත් නෑ නේද කියල මතක් උනේ ටැක්සියෙ යනකොට.
ටැක්සියෙ එකා කියන්නෙ මහරගමට ඩ්‍රොප් හයර් එකක් කියල දන්නෙ.. වෙන මුකුත් දන්නෙ නෑ කියලා..

පොඩි එවුන් වගේ ගොං කොටන්න හදන මටත් හොඳ පාඩම..
අඩු ගානෙ මුගෙ නොම්බරයක් වත් නෑ නෙ.. .
දැං ගෙදරට කතා කරලත් බෑ.. හොඳවයින් අහගන්න වෙන්නෙ..
ඊට මීට හොඳයි මොකද්ද මුගෙ ප්ලෑන් එක කියල බලලම ඉන්න එක.මෙච්චර දුර ආපු එකේ..
ලියන්න පටංගත්තු වෙලාවෙ හිටියෙ ප්ලේන් එකේ.දැං ටැක්සියේ..ඉස්සරහට මොන දේවල් වෙයිද මන්ද


                                                                             -කෙවින්-

ඉදිරියට
දුම (3)

Wednesday, January 13, 2016

දුම




"යමක් කෙරේ ඇති උනන්දුව වැඩි වන තරමට එය තමුන්ගේ දුර්වලතාවයක් බවට පත්වනු ඇත"
-කෙවින්-

කෙවින් කියන නම උඩින් පෑනෙන් තට්ටු කරන ගමන්ම මම කල්පනා කලේ ඇයි මම මේ නමට මෙච්චර කැමති කියලා...
හිතාගන්න බෑ.. මොනව උනත් ලියන කියන වැඩ වලදි මම පාවිච්චි කරන්නෙ මේ නම.
ඇත්තටම මට මේ නම මුලින්ම දැම්මෙ මගෙ යාලුවෙක්...?
ම්ම්ම්ම්..... හ්ම්ම්.. යාලුවෙක් වෙලා හිටපු එකෙක්.
ඌ කිව්වෙ හැබැයි කෙලවින් කියලා.මොක්ද මට වෙන හැම වැඩක්ම කෙල වෙන වැඩක් විදිහට අඳුනගෙන තිබුන නිසා.
ඒත්..... ඒවගෙන් ගොඩ එන එක මගෙ විනෝදාංශය බවත් ඌ දැනන් හිටියා.

ඌ පොලා.
ඇත්තටම පොල් තෙලා.ඕනම දේකින් ලෙස්සලා යන්න බෙදන්න තෙලක් උගෙ ලඟ තිබුනා.බෙඩ්ශීට් එකක් වගේ රෙද්දකින් මහපු හාමුදුරු බෑග් එකක් වගේ එකක් කරක එල්ලගෙන ගොනයි මීමයි වගේ ඩෙනිමකුයි ශර්ට් එකකුයි ඇඳගෙන හැමදාම පරක්කු වෙලා ලෙක්චර්ස් ආපු පොලා මගෙ යාලුවෙක් උනේ කොහොමද කියල මට මතක නෑ..

පොලා ගෙ රූම තමයි කිරා.
ඌ බරක්.සල්ලිය බාගෙ තිබුනා.කිසිම බරක් පතලක් නැතිකම කියන පොදු සාධකය විසින් මුං දෙන්නා ඈඳලා තිබුනා කියලයි මට හිතෙන්නෙ.කිරාගෙ බයික්කෙක උගෙ වෙන්නෙ තෙල් ගහන වෙලාවට විතරයි.නැත්තම් වේස ගෑණි වගේ.හැමදාම හවසට කිරයි පොලයි කඩ පිලක හරි ගහක් යට හරි සිගරට් එකක් ගගහ බලන් ඉන්නවා බයිකෙක එනකන් බෝඩිමට යන්න.. මොනව උනත් උන්ට ගානකුත් නෑ.. ඉල්ලන් යන එවුන්ට ගානකුත් නෑ.සමහර දවස් වලට මුං බයිසිකලේ තල්ලු කොරං යන්නෙ ඉල්ලන් ගිය එකා තෙල් කඳුලක් වත් ගහන්නවත් කල්පනා නොකරන නිසා.මට මලපැනල බනිනකොට කිරා හිනාවෙලා 'මැරෙන ටිකටනෙ බං' කියලා දුං ගුලියක් එවනවා මූණට.
කිරා කුකුළ උනත් කෙල්ලො හතරක් පහක් එකට කරා උනත් ඌ කෙල්ලන්ට පදිරි නොවී , කෙල්ලන්ව පදිරි කරන් හිටපු සාත්තරේ නම් දන්නෙ ඌම විතරයි..


හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.............................

ඒක රසවත් අතීතයක්... පොලාගෙ රූම් එකට වෙලා ජොයින්ට් පාරක් ගහන ගමන් ත්‍රී ඉඩියට් ෆිල්ම් එක බලන එක අපිට නිකං සිරිතක් වගේ වෙලා තිබුනෙ..
කී පාරක් ඔය ඉටි ගෙඩිය බැලුවද?
ඕකෙ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට අමුතු අමුතු අර්ථ දක්වන්න පොලා හරි ආසයි.අමීර් ඛාන් ට ඌ හරි කැමතියි.ඒ අවුරුද්දකට සැරයක්කරන ෆිල්ම් එක අවුරුද්දම ආයෙ ආයෙ බලන්න තරම් රහට කරන නිසා ලු.
ඒ මොනව කරත් විභාග ගොඩදාගන්නත් අපිට පුලුවන් උනා.පාස් අවුට් උනාට පස්සෙත් අපි සැරින් සැරේ හම්බුනා.. ට්‍රිප් ගියා... පරණ පිස්සු මතක් කර කර සංතෝස උනා..


අන්තිමට අපි ගියේ සතියක ට්‍රිප් එකක්..
හරියටම අන්තිම දවසෙ සිද්දවෙච්ච ඒ දේ නොවෙන්න අපි තාම යාලුවො...
චැඃ.. ඇත්තටම ඇයි එදා අපි ඒ විදිහට රණ්ඩු උනේ කියලා මට හිතාගන්න බෑ.කොහොමත් පොලා තමයි ගේම ඇවිලුවෙ කියලයි මට මතක.
ඒකත් උනේ ජනවාරි මාසෙක නිසා වෙන්න ඇති මට ආයෙ ඒක මතක් උනේ..
ශික්...
උන දේවල් ඔලුවට හරි බරක් නිසයි මේ විදිහට ලියන්න කල්පනා කලේ.. ඒත් දැං මූඩ් එක බැස්සා... දෙකක් දාගෙන ෆිල්ම් එකක් එහෙම බලල ආයෙ ලියන්නම්...
ඔව් ඉතිං ඒ.. ෆිල්ම් එක තමයි බලන්නෙ.. අවුල් ද?


                                                                                            -කෙවින්-


ඉදිරියට 
දුම(2)

Monday, January 4, 2016

මේ අතරතුර..




@ඊටිං බනානා ඔන්ලි..

කීප් මයි ෆිගර් සෙක්සියර් - කන්න කියල තිබුනෙ එච්චරයි


@සෙල්ෆ් එඩියුකේටින්

ස්කූල්ස් සක්ස් අනේ.. ඔලුව වෙනස් කානවා - උන්ට වේලක් කන්න දෙන්නෙත් නැහිල නැහිලා.. ඉස්කෝලෙ යවලා මහ ඒජන්ත කොරන්නද.. නම ලියාගත්තාම ඇති


@නෝ බ්‍රා ඩේ/නෝ පෑන්ටි ඩේ

වී හැව් ටු මූව් විත් වර්ල්ඩ්... ඇයි අපි හිරවෙන්නෙ - අනේ දුවේ.. ලබන නිවාඩුවට පොඩි බේබි ගම ආවම පරණ එකක් ඉල්ලල දෙනකං පිරිමහගනිං මැණික


@ඇකර් පීඩියා\කොත්තමල්ලි


බ්‍රෙස්ට් ශේප් එක අවුට් යනව අනේ - කහට ජොග්ගු ගණන් බීල ලේ එනකං මිරිකුවත් කිරි කඳුලක් උනනෙ කොහොමෙයි..


@ලිකර්+ලේඩීස්

වට්ස් යුවර් ප්‍රොබ්ලම් ඉඩිඅට්..? - තෝත් නැහුනෙ වත්තෙ,මාත් නැහුනෙ වත්තෙ..හැමිනෙන්නැතුව පැකට් එක දීපං


@බ්‍රා ත්‍රොවිං ගර්ල්

ආහ්... මයි හීරෝ. - ගිහිං මේක තම්බං බීපිය.. මාවම කන්න එන මූසලයා


@ඕපන් සෙක්ස්

වික්ටොරියන් මැනස් ශිට් - කසිප්පු බීලම උගෙ ඇඟ පණ නෑ.. මගෙ ඇඟේ තාම ලේ දුවනවා


@......

වෙල්කම් අවර් කන්ට්‍රි බැන්ග්ලෝ - දැලි නාවර හෝදගනින්.. ලොකු හාමු බංගලාවට වැඩලා