Tuesday, September 25, 2018

-තාත්තා-


හිත පුරා හෙමින් කොඳුර කොඳුර මොනව කියනවද
පොඩි හුස්ම හුස්ම එකතුවෙලා හුළං හැදෙනවද
හීං හුළං සැරේ හමායන්න අවසර දෙනවද
මගෙ හුස්ම පොදත් ඒ හුළඟට එකතුකරනවද

ඇල් හාල් බතින් ගුලි හදාන ගෙනත් කවනවද
පොඩි ඇලේ දණ්ඩිපැටව් එක්ක කතා කරනවද
පොඩි බමරපෙත්ත බිම තවමත් රවුම් ගහනවද
හීං හුළංසැරට ගතේ සුවඳ එකතුකරනවද

මුවපුරා ටිකිරි හිනා හලං බලං ඉන්නවද
සීපදේ නදට තාල තියන් පාද සලනවද
පපුතුරේ උණුහුමට ගුලිවී ඉන්නට දෙනවද
මයෙ අප්පොච්චියෙ එකපාරක් පුතේ කියනවද


(තාත්තා ටෙලිය කරපු හැමෝටම ජයවේවා)

19 comments:

  1. ටෙලි නාට්ටි බලන එක බොහොම කලාතුරකින් වෙන වැඩක්.

    ReplyDelete
    Replies
    1. මේක බැලුවට කිසිම පාඩුවක් නෑ ප්‍රසණ්නයියා..
      ජයවේවා..!!

      Delete
  2. හා එහෙම කරමු

    ReplyDelete
    Replies
    1. කොරමු කොරමු
      ජයවේවා..!!

      Delete
  3. Replies
    1. සියඹලා ගෙනාවෙම නෑ..????
      ජයවේවා..!!

      Delete
  4. අප්පච්චියේ.. මොකක්ද මෙච්චරටම බොක්කට වැටුණු සීන් එක? පට්ට ඈ!

    ReplyDelete
    Replies
    1. බැලුවෙ නැතෙයි..??? මේක බලන්නම ඕන ජාතියේ එකක්.. කොටස් 30යි
      ජයවේවා..!!

      Delete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  6. අහම්බෙන් වරක් නෙත ගැටුනා මේකේ තේමා ගීතය. බලන්න ඕනේ කියළා හිතා ගත්තත් වැඩේ අමතක වුණා.

    ReplyDelete