Wednesday, April 1, 2015

උන් රවනවා මට



ඇස් හීන් වෙනතරන් සන්තෝසෙන් මේ රූපෙ බලමුද? නැත්තම් ජපන් බබා වගේ ඇස් දෙක හීනි කොරගෙන මේ රූපෙ බලල හිටියත් කමක් නෑ..











කන්නට කෑල්ලක් පාන්
ඇච්චගෙ කිරි ගින්දර නිවන්න
ගන්න පිටි ඇබිත්තක්
පොලිය විතරක් වත් දෙන්න
ඉතිරි එකම චේන් එකේ
අනේ....
හිතල කෙරුවා නෙවෙයි
විරිත්තුවේ මටමයි
උන් ඉඳගෙන මම හිටගෙන
බඩ කනට ලඟ වැඩි උනාදෝ
වටේ උන් රවනවා මට
බඩගින්නටයි ගොරහඬ
හිනා වෙයන් මහතුනේ
මම යනවා තෙමෙන්න
මහ වැස්සේ...
හිනා වෙන කඳුලු කැට
සේදිලා යයි..
පිස්සෙක්..!
නෑ බං පිස්සු *ත්තෙක්..









97 comments:

  1. ඇත්තටම මු හරි පව්...

    ඕනයයි මමයි එවෙලෙම කතා උනා... ඒ වගේම මෙහෙම මිනිස්සුන්ට සලකන එක හෙලා දැක්කා.. ඔය පාර පුරා නටන ජිම් පප්පලා.. සූර පප්පලා.. නත්තල් පප්පලා මිනිස් කමට කරන නිගාවක්... පොඩි උන් ඉන්න තැනක පොඩි උන්ගේ විනෝදෙට කලාට කමක් නෑ.. කොයි රටේ කළත් මම නම් මේකට විරුද්ධයි... දැඩි සේ හෙලා දකිනවා.. මිනිසත් කමට නිගාවක්..

    ReplyDelete
    Replies
    1. ඔක්කොම මේ මනුස්සයාට අරවා මේවා කියලා තිබුනා කමෙන්ට්වල..මටනම් හරිම දුකයි මේ වගේ අය දැක්කම..
      හැබැයි මට කව්දෝ කියලා තිබුනා, බොහොමයක් අභිරූපන රංග ශිල්පීන් ලොකු විනෝදයක් ලබනවාය කියලා මේ වගේ ඉදිරිපත්කිරීමකින්...
      මට ඔය ස්ටේජ්වල පුක දික් කර කර නටන නැටුම් රෑන් දැක්කාමත් මේ වගේම දුකක් එනවා අනේ දෙය්යනේ දෙකය් පනහක් හොයාගන්න නේදැයි ඕක කරන්නේ කියලා..
      ඒකට සමහරු අපිටත් කියනවා ඇති ..පව් මෙයා අරයලා දෙකයි පනහක් හොයාගන්න ප්ලෑන් අදිනවාය කියලා..
      එහෙම හිතාගෙන තමයි හිත හදාගන්න වෙන්නේ..

      Delete
    2. කොහොම හිතුවත් හිත හදාගන්න බැරි උනා....
      මූට බැනපු තරම් දකිනකොට මට බනිනවා වගේ දැනුනෙ..
      ඉන්න බැරිම තැන තමයි මේක ලිව්වෙ..
      කොමෙන්ට් දෙක කියවනකොට කඳුලක් ගැලුවා.
      මාතයියෙ.. චෙෆාකි අයියෙ..
      දැං හිතට ටිකක් සැහැල්ලුයි.

      Delete
    3. "...සමහරු අපිටත් කියනවා ඇති...." මේ සත්‍යය මෙනෙහි කරන්නෝ කවුරුන්ද?
      වෙළඳ දැන්වීම්වල, බිල්බෝඩ්වල වල හිනාවෙලා ඉන්න අය දැක්කම මටත් හිතෙන කාරණයක් ෂෙෆ්ටෙක් කීවේ...

      Delete
    4. ඌට වෙනම සෙග්මන්ට් එකක් තිබුනා...
      ඌ කලින් ඉඳලා හැම තැනම චාටර් වෙලා උගේ අයිටම් එක ඌටම එපා වෙලා ඌ ස්ටේජ් එකෙන් බැහැලා ගියා..
      ඉවෙන්ට් මැනෙජ්මන්ට් කරපු උන්ගේ වැරද්ද..
      අපේ හිත උණු උනා.. එච්චරයි..

      ඒත් මම හිතන්නේ අටමලා ගාව තිබුන කඩපු බෝතලෙන් ටිකක් දුන්නය කියලා කොමෙන්ට් එකකද කොහෙද දැක්කා..

      Delete
    5. තිස්ස අයිය කිව්ව වගේ ඒ හිනාවල් පිටිපස්සෙ මොන කථාවක් තියෙනවාද කියල හිතෙනවා... මේක කිව්වට කමක් නෑ මම හිතන්නෙ.. වැල ෆිල්ම් රඟපාන උදවිය ගැනත් ඔය විදිහට හිතෙනවා... මොන මහන්සියක්ද වෙන්නෙ සල්ලි වලට කියලා.

      Delete
    6. අමතක උනා ලබ්බෝ.....

      කයිය වල්ලා පට්ට...

      මම උඹට පබ්ලිසිටියක් දෙන්න හේතුවක් හොය හොයා උන්නේ.. ඕන් සින්ඩියේ එල්ලුවා.. එකවුන්ට් එකට කීයක් හරි දාහන්.. අඩු ගානේ ගල් බෝතලේකටවත්...

      Delete
    7. මාතයියෙ... ඌට මම හිතන්නෙ ජීවිත කාලෙටම මතක තියෙයි ඒ ශොට් එක... මොකද ඒකෙ අරක්කු වෙනුවට මිනිස්කම තිබුන නිසා..

      Delete
    8. යූ ආ ඇබ්සොලූට්ලි කරෙක්ට් ජී ඇල්!
      මෙහෙම හිතන්න හුරුවීම වැදගත්වන්නේ පරිපාලනයට නොවේ කළමණාකරණයට - තමන්ට නායකත්වය හිමිවෙලා තියන මොනම මට්ටමේ කණ්ඩායමකට වුණත් සැබෑම නායකයෙක් වෙන්න හැකි!

      Delete
    9. GUS...මෙන්න මෙහෙම තේරෙන හිංගලෙන් ලියහන් මලේ නැත්නම් මම වගේ අඳ බාලයන්ට තේරෙන්නෙම නෑ..මම කිව්වෙ උඹේ අර ඉස්සෙල්ලා කයිය ගැන...

      Delete
    10. මාතලං අයියේ.. උම්ම හොඳේ...
      -බ්‍රෑන්ඩ් එක ගල්-

      Delete
    11. චෙෆාකි අයියෙ අන්න සුදීක අයියා අන්තිමට සමරයිස් කොරලා තිබුනා ඒක.නැත්තං අද දාන්න හිටියෙ... අර පුටු සීන් එක ලියපු ඔයාට මේක ක්ලික් උනේ නෑ කියන්නෙ මයි බෑඩ්..
      ඒකෙ වීඩියෝ ක්ලිප් කතාවක් කිව්ව වගේ මතකයි.. ම්ම්.... හෙහ් හෙ...

      Delete
  2. ජී එල්, හින්දි ෆිල්ම් එකක් තිබේ "මේරා නාම් ජෝකර්" කියල
    ටිකක් පරණ එකක්. ලස්සන සින්දු තියන හින්ද ගත්තා ඩී වී ඩී එක.
    මේ ප්‍රස්තුතයට කිට්ටු දුක හිතෙන කථාවක් ඒකත්

    "මම යනවා තෙමෙන්න - මහ වැස්සේ...
    හිනා වෙන කඳුලු කැට - සේදිලා යයි.."
    මරු!
    ජය!!

    ReplyDelete
    Replies
    1. රාජ් කපූර්ගෙ ෆිල්ම් එකක්. ජෝකර් කෙනෙක් වෙන්න පෙරුම් පුරන චරිතයක්... අම්ම මැරිලා..මිනියෙ රස්නෙ යන්නත් කලින් ඒ දුක හිර කරගෙන ඕඩියන්ස් එක හිනස්සන්න වෙනවා...
      'මා.....' කියල කෑ ගහන්නෙ හිතේ දුකට.. ඒත් මිනිස්සු හිනා වෙනවා..
      රැසියන් සරඹකාරිය විතරයි සංවේදී වෙන්නෙ ඔහුට...
      මැවිල පෙනුනා ඒ දර්ශනය..!
      මහේන්ද්‍ර පෙරේරා යි,කමල් හසන් දෙන්නම ඔය සීන් එක කොපි කලා..අච්චර සාර්ථක නෑ.
      ස්තූතියි!

      Delete
    2. හිස නමා ආචාරය..!!

      Delete
    3. //රාජ් කපූර්ගෙ ෆිල්ම් එකක්. ජෝකර් කෙනෙක් වෙන්න පෙරුම් පුරන චරිතයක්... අම්ම මැරිලා..මිනියෙ රස්නෙ යන්නත් කලින් ඒ දුක හිර කරගෙන ඕඩියන්ස් එක හිනස්සන්න වෙනවා...
      'මා.....' කියල කෑ ගහන්නෙ හිතේ දුකට.. ඒත් මිනිස්සු හිනා වෙනවා..
      රැසියන් සරඹකාරිය විතරයි සංවේදී වෙන්නෙ ඔහුට...
      මැවිල පෙනුනා ඒ දර්ශනය..!
      මහේන්ද්‍ර පෙරේරා යි,කමල් හසන් දෙන්නම ඔය සීන් එක කොපි කලා..අච්චර සාර්ථක නෑ.
      ස්තූතියි!//

      අඩෝ..පට්ට!
      උඹ සිරා කොල්ලෙක්..මෙහෙම ඒ අවස්ථාව වින්ඳා කියන්නේ උඹ මිනිස්සුන්ගේ හැසිරීම් සහ හැඟීම් හොඳට ගලපගන්න දන්න එකෙක්..කොටින්ම බොට සහකම්පනය හොඳින් පිහිටලා තියෙනවා කියලයි මට හිතෙන්නේ..කවිය ඒ බව තහවුරු කරනවා..

      Delete
    4. බොට සහ කම්පනය කියල දෙකක් පිහිටලා? මට? ඈ....
      සමහර වෙලාවට ගෝලයන්ගෙ බොරු අහු උනත් සද්ද නැතිව ඉඳල තියෙනවා උන්ට අප්සට් යයි කියල..උන් ලස්සනට කොකා පෙන්නනවා...
      ඒ හිංද කම්පනයෙන් නම් අඩුවක් නෑ..හෙහ් හෙහ්...
      ටැංකිව් තනි තරුවේ...

      Delete
    5. බොට සහ කම්පනට නෙවෙයි යකෝ..සහකම්පනය (Empathy) :P
      හැක් හැක්..ඔව් ඔව් ඒක තිබ්බම හුඟක් වෙලාවට එක එකා කොකා පෙන්නන එක තමයි වෙන්නේ...අපේම නයි අපිවම කයි කියනවලු..:D

      Delete
    6. ලැජ්ජ බයට හැදුන කොල්ල වෙච්චි බොලා ගෙ වර්ණනාවට ලැජ්ජ හිතුනු ගස් ලබ්බා කියපු විකාරයක්නෙ.. හෙහ් හෙහ්...

      Delete
  3. හිතුනෙම නැති පැත්තක්.. උඹට දුර පේනවා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යණේ....ටැංකිව්.
      ජය වේවා...!

      Delete
  4. හිටියේ නැති අපිටත් තේරෙන විදිහකට කිව්ව නම්??

    ReplyDelete
    Replies
    1. අනේ මම හිටියෙත් නෑ... යන්න බැරි උනා නෙව. නෙළුම් යායටත් 'ජෝකර්' කියලා කෙනෙක් ඉඳලා.ඌ අයිටම් එක ෆේල්.ඌ හොඳට බැනුම් ඇහුවා.ඒත් උටත් ඌ වගේම අනිත් 'එන්ටටේනර්' ල ගැනත් මගෙ කියවීම තමයි මම මේ කිව්වෙ.

      Delete
  5. ඇත්තටම නෙළුම් යායේ හිටපු ඔය කොල්ල දැක්කම උඹ දැකපු පැතිකඩ ගැන හිතට ආවේ නෑ. ඇත්තටම මමයි අටමයි ඌට ලඟට ආවොත් කුච්කවන්න හිතන් හිතන් හිටියේ. අපි ඇත්තටම වැරදියි. ඔය කොල්ල ඔය විකාර කරලා කීයක් හරි හම්බකරලා එකෙන් තමන්ගෙ අඩුපාඩු පිරිමහගන්නවා ඇති. අපේ මට්ටම එක්ක බැලුවම පව් තමයි . අපිට වැඩිය උඩ ආර්ථික මට්ටම් වල එවුං ඔය විදියට හිතුවොත් අපි කරන දේවල් බලල පව් කියල හිතාවි. අනික කව්ද දන්නෙ කොල්ල තව කාලයක් ගියාම දක්ෂ නළුවෙක් වෙයිද කියල. මිනිස්සු ලබා උපන් හැටි බං. එහෙම බැලුවම අපි කව්රුත් දුක් විඳලා දුක් විඳලා මැරිල යන්න ඉපදුනු මිනිස්සු. ජීවත් වෙන කාලෙ ඇතුලත අනිත් එවුං ගැනත් හිතන්න හැමවෙලේම පුළුවන් නම් එක ලොකුම දෙයක්. ඒත් අපිට සමහර වෙලාවට ඒ දේවල් "මිස්"වෙනවා.
    තව එකක් කියන්න ඕන. මට ඔය ගැන හිතට ආවේ නැති උනාට අපේ ඇනොපිලිස් සාක්කුවේ දාගෙන හිටපු උගෙ "හිප් ෆ්ලාස්ක්" එක අදාළ අරන් ලෙමන් ජින් ෂොට් එකක් දුන්න ඔය කොල්ලට. ඌට උඹ හිතපු විදියට හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔවු බං... මිනිස්සු මහම මහ පුදුම ජාතියක්.. උඩ චෙෆාකි කිව්වෙ අපි ගැනත් ඔහොම කියනවා ඇති කියලා.මගෙ මූණටම කියලා තියෙනවා.ගිණි අව්වෙ සයිට් එක මැද ඉන්ස්ටෘමන්ට් අටවගෙන ඉන්නකොට එතනින් ගිය ගෑණු කෙනෙක් කියනවා.. 'සල්ලි හම්බෙනවා කියලා මෙහෙම දුක් විඳින්නෙ.. කරපු පවු නේද ඉතිං' කියලා. මං ඉතින් මොනවා කියන්නද? මැරෙන ටිකටනෙ මේ ඔක්කොම කැටයං..

      Delete
    2. අපි ඌට කැත විදිහට විහිලු කලේ නැනේ බං , වාතයක් විදිහට හිතල හරි ඌව රස වින්දේ අපි විතරද කොහෙද , එකනේ ඌ සැහෙන වෙලාවක් අපි ලගට වෙලා හිටියේ ,

      ඇත්තටම මං එන්ඩ කලින් ඌ පේන්ඩ ඉන්නවද කියල බැලුවා , දැක්කේ නැ

      Delete
    3. හප්පා.... යන්තං ඇති අටං අයියා ආවා.මම හිතුවෙ හිත රිදවගෙන වත් දෝ කියලා.මම එහෙම වැරැද්දක් කිව්ව නෙමෙයි...අනික උටත් මනුස්සකම ශොට් එකක් ලැබුනනෙ. ඌ ගැනයි.. ඌ ඇතුලෙ ඉන්න මම ගැනයි දුක හිතුනා.

      Delete
  6. තිසර කියන දේම තමයි මටත් කියන්න තියෙන්නේ... මාතෝ විග්‍රහ කරපි මේක තේරෙන්න..

    ReplyDelete
    Replies
    1. මාතයියා එනකන් ඔන්න මම ම තිසරට කිව්වා.මිනිහා මේ වැඩේට සල්ලි ගත්ත නං තමුන්ගෙ වෘත්තිය හරියට කරන්න තියෙන වගකීම බැහැර වෙන්නෙ නෑ.ඌ ෆේල්.ඒත් නොදන්න..., කොරන්න බැරි මඟුලක් හරි කොරන්න ඌ පෙලඹුන හේතුව ගැනයි මට හිතුනෙ...
      සාදරයෙන් පිළිගන්නවා ගස්ලබ්බට.

      Delete
    2. ඔව් නලින්....තිසර කියන එක ම තමා මටත්......
      එකෙක්වත් හරි දෙයක් කියන්නේ නැහැ......
      මාතයටත් මුකක් හරි දුන්නම.......
      ගහගෙනද මන්ද ඇට දෙක පුකේ......
      මට නම් මුල ඉදලම අවුල් ......
      ඔය නෙලුම් හුත්ත.......

      Delete
    3. 'නෙළුම් යාය' අවස්ථාවට සම්බන්ධ වෙන්න මටත් බැරි උනා.නමුත් ඒ වෙනුවෙන් එලි දැක්වුනු පෝස්ට් සික් එකෙන් කියවලා ආපු හැඟීමක් විතරයි තියෙන්නෙ.මම මේ පෝස්ට් එකෙන් කතා කලේ නෙළුම් යාය ගැන නෙමෙයි...සමාජයේ අපි දකින චරිතයක් ගැන.
      හරිම තංතෝසෙයි.කෙන්ජි අයියාව ගස් ලබ්බට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  7. සිරාවටම..උඹ නම් මරු මචං...ජය!!

    ReplyDelete
    Replies
    1. උඹත් මරුවා සමඟ වාසේ නෙහ්??
      ටැංකිව් වේවා මචො..!!

      Delete
  8. පැපූ ඉදලා ඉදලා පට්ට ඒවා ලියනවානේ??
    දුප්පත්කමටනේ බන් ඔක්කොම කරන්නේ????

    ReplyDelete
    Replies
    1. හ්ම්... දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී...
      මුගෙ හොඳට මැස්සො කෑවා...
      :)

      Delete
  9. "මම යනවා තෙමෙන්න - මහ වැස්සේ...
    හිනා වෙන කඳුලු කැට - සේදිලා යයි.." මෙන්න මෙතැනයි රහම බරම හරිය. ගස්ලබු
    ඒ සිද්ධිය මතක් වෙද්දී නම් හිතට පට්ටම අවුල් තමයි. වැඩිය කට්ටිය නොදැකපු පැත්තක් දකින්න තරම් සංවේදී හිතක් උඹට තිබ් තිබුන. නියමයි .

    ReplyDelete
    Replies
    1. ටැංකිව් වේවා...දිලිනි.
      මූ ගැන කතා දකින කොට දරාගන්න බැරි බරක් දැනුනා..
      ජයවේවා..!!

      Delete
  10. මේ කොල්ල හරියටම ගැලපෙන්නෙ මොන්ටිසෝරියක ප්‍රෝග්‍රෑම් එකකට. මට ඌ ගැන පවු කියල හිතුන ස්ටේජ් එකට නැගල උගෙ ඉදිරිපත් කිරීම කරන්න හදපු වෙලාවෙ එකෙක්වත් ඌ ඉල්ලපු අත්පුඩිය නොදී ඉද්දි. මිනිස්සු මෙහෙම අසරණ කරන එක පව්,
    ඉවෙන්ට් මැනේජ්මන්ට් කරපු එවුන්ගෙ දුර්වල කමින් අසරණ වෙන්නෙ මේ වගේ ශිල්පීන්. ඔය ඉදිරිපත් කිරීම මොන්ටිසෝරියක කලානම් මේ ශිල්පියත් සතුටු වෙනව වගේම පොඩි ළමයිත් සතුටු වෙනව

    ReplyDelete
    Replies
    1. තත්වෙ ඔහොම උනා නම් එන්න බැරි උන එක හොඳයි කියලා හිතෙනවා.වෙන මුකුත් නෙමේ..ඒ වගේ දෙයක් දරා ගන්න අමාරුය් මට.ඌට මොනවා හිතෙන්න ඇද්ද?බස් වලට ඇවිත් සින්දු කියනවා කියලා බෙරිහන් දෙන එකාට උනත් නිකමට වගේ හිනා වෙලා බලපන්කො මූණ පිපෙන ලස්සන..
      මෙතන උගෙත් වැරැද්දක් තියෙනවා බං... ඌ ෆේල් එතන.

      Delete
    2. එතනට ඒ වෙලාවේ ගැලපුනද කියලත් හිතෙනවා .

      Delete
    3. එතන නොඉඳ ඒක විවේචනය කරන්න මට සදාචාරාත්මක අයිතියක් නෑ වගේම මම ඒ අයිටම් එක දකින්නෙ අහිංසකයෙක් තමන්ගෙ දාඩිය මහන්සියෙන් කීයක් හරි හොයාගන්න දරන ප්‍රයත්නයක් විදිහට විතරයි.මම කලේ ඔහු ගැන ඇතිවූ පසු කතා වලට නව මානයක් එක් කරන්න උත්සාහ දරපු එක.

      Delete
  11. මම ඔය සිද්දිය අත් දැක්කෙ නැතත් ප්‍රස්තුතය හරි සංවේදියි ගස් ලබ්බෝ.ඔය වගේ කොල්ලන්ගෙ විතරක් නෙවෙයි නාට්‍ය ටෙලි නාට්‍ය චිත්‍රපටවල රඟපෑම කරන අයගෙ ජීවිතේ ගැන හොයල බැලුවම මේ වගේම මහා දුක් කන්දරාවක් දැක ගන්න පුළුවනි.ඒ මම අත්දැකපු දෙයක්.මම කියාපු මේ කතාව මට වඩා හොඳට දන්නා කෙනෙක් අපේ බ්ලොග් අවකාශෙ ඉන්නව.ඒ අපේ කෙන්ජි.ඌ ලිව්වෙ නැතුවට ඔය වහේ කතා මහා ගොඩක් දන්නා බව මට විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. මටත් යන්න බැරි උනා හැලපයියෙ.. ඒ උනාට සික් කාරයා වගේ(?) නෙළුම් යාය ගැන දාපු පෝස්ට්,කොමෙන්ට් කියෙව්වා... එතකොට හදවතටම ඇනුන කට්ටක් මේක.
      කෙන්ජයියා කුම්භකර්ණ වගේ නිදි..
      එයාලා කට ඇරියොතින් කොච්චර වටී ද?
      ඉන්න බලන්න ආයෙත් ගිහින් ඉන්බොක්ස් රතිඤ්ඤයක් දාල එන්නම්...
      අයිය අත්දැකපු දේවලුත් බෙදාගමුකො... හෙහ් හෙහ්..

      Delete
  12. සතියෙ දවස?( ඕල් ටැයින් ගෙවන්නේ කවුද ඇමතිලට? )
    හිස් පුටු ? (කිව්වට කස්ටිය ඉඳල තියෙනව )
    තේරුව පදනම ? (කුමක් වුවත් ආරම්ඹය හොඳයි කියා සැනසෙමු )
    බ්ලොග් කාරයෝ ලොකු වෙනසක් කලා ? (ඒකයි අත් ඉඹින්නේ)

    ReplyDelete
    Replies
    1. මොට ආයුධයකින් ඔලුවට ගැහුවා වගේ...

      Delete
    2. කවුරු මොනවා කිව්වත් අපි අපේ වැඩේ කලා. මම මාතට කිව්වේ උමබල හා දෙන විතරක් ඇති කියල. 125 හිටිය රුපවාහිනී මාධ්‍ය කාරයෝ ඇරුනම. තේරුව පදනම ලියල ලියල ඇති වෙලා.

      Delete
    3. අජිත් අයියෙ...ඔබ ඇතුලු පිරිසගේ මෙහෙය මම අගයනවා.රෝදය කැරකවීම ඇරඹී ඇත... සියලු දෙනා එක්ව කැරකෙන රෝදය මෙහෙයවා ගත යුතුය.

      Delete
  13. කවිය කියන යෙදුම සුමට වැඩි
    පිහිය වගේ බොක්කට අනින
    පද ගැට මොලේ අඹරන
    ලියන ඔබට ගහමි සැලුට් එක

    ReplyDelete
    Replies
    1. නිල් කට්‍රොල් වැලක වැට්කොල් මල්..
      (ලිව්වෙ ඔහේ නේද?)
      හිස නමමි... ප්‍රති සැලියුටයද ගසමි.

      Delete
  14. මෙතන දෙපැත්තක්.

    එක, මේ කොල්ල අමාරුවෙන් අපිව හිනස්සන්න හදන්නෙ ඌ පිටිපස්සෙ ඉඳන් අඬන කවුරු හරි කෙනෙක් නලවන්න. ඒගැන සංවේදී නොවීම ඛේදවාචකයක්.

    අනික් පැත්තෙන් ඌ තමන්ගෙ රස්සාව හරියට නොකරනව කියන්නෙ හෝ කරගන්න උත්සාහ නොකරනව කියන්නෙ අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව නොසළකල පළවෙනි හේතුව මත විතරක් ඌට අනුකම්පා කරා උගෙ කාර්‍ය අගය කරනව කියන්නෙ, අපි ඒකට කරන අසාධාරණයක්. එතකොට ඒ සම්ස්ථ ක්‍රියාවම මහා ලොකු ඛේදවාචකයක්.

    මෙන්න මේ නිසා දෙපැත්තන් බැලුවම, බැනපු උනුත්, ලියපු උඹත් දෙගොල්ලම හරි. හේතුව, බැන්නෙ උගෙ වැඩේ වැරැද්දට මිස ඒකගෙ බඩේ රැළිවලට ඇඟේ කැතට හෝ කළිසමේ හිල්වට නොවෙන නිසා.

    දුක හිතුවෙ උගේ සහ අපේ තත්වයට.

    කවියෙන් ගහන පාරවල් කිස්කනව!

    ReplyDelete
    Replies
    1. කවුරු හරි යමක් කියන්න හිතං පහලට එන්නෙ ඒක මේකෙ දාන්න බලාගෙන. ඒක ඒ විදියටම කිව්වම අපි මක්කෙයි දැං කියන්නෙ?

      [උඹ හරි. ඌට උගේ කතාවක් ඇති. නමුත් එතන හිටපු අයට වැදගත් වෙන්නෙ උගේ සාර්ථකත්වය මිසක් උගේ සංවේදී කතාව නෙවේ. මේකට කරන්න දෙයක් නෑ.]

      කොහොම උනත් හැමෝම බලපු කෝනයෙන් බැහැර වෙලා මේ පැත්ත ගැන හිතපු නිසා රචකයාට ලකුනු දියයුතුයි!

      Delete
    2. @ඉන්දික ; ඔව් අයියෙ... මම කලින් කොමෙන්ට් වලදිත් ඔය කතාවට එකඟ උනා.එයා යම් මුදලකට සේවාවක් සපයන්න එකඟ උනා.නමුත් ඔහු අසාර්ථකයි සහ ඒක කතාබහක් නිර්මාණය වන තරමටම අසාර්ථකයි.
      ඇයි ඒ?
      මේ මනුස්සයා ඇයි බැරි වැඩකට අත දැම්මෙ?
      මේක මෙතෙන්ට විතරක් නෙමෙයි අකමැත්තෙන් රැකියාවල යෙදෙන්න 'සිද්ධ' වුනු කවුරුත් වෙනුවෙන් කියලා මට හිතෙනවා.

      Delete
    3. රාජ් අයියා එකම කතාව... විවිධ වචන වලින්...
      පළවෙනි වතාව වෙන්න ඕනෙ මේ පැත්තෙ.. වෙල්කම් ටු ගස් ලබ්බ කිව්වා.

      Delete
  15. ගෝල්ලිප් එකක්ගහන්න එළියට ගිය වෙලාවේ මූත් එක්ක කතාකලා.ස්කිට්සෝ එකේ කොණ්ඩේ වවාගන හිටපු උස මහත ඩෑල් එකත් සෙට්වුනා.(නම මතක නෑ.කමියට මතක ඇති ).මේකා පොඩි එකා වගේ හිටියට වයසයි.හැබැයි ජොබක් කරන්නේ නෑ.මූ කැමති නෑ ජොබ් කරන්න.ගෙදර බිස්නස් වලට උදවු කරගන ඉන්නවා.මූට මාර දැනීමක් තියනවා අභිරූපන කලාව ගැන වගේම චිත්‍රපට ක්ශේස්ත්‍රය ගැනත්.මේකා ඒකාංගික නාට්‍ය තුන හතරකත් රගපාලා තියනවාළු.ඒත් දැන් යන්නේ නෑළු.මූට ඒ ඇතිළු.මූ ගියාට පස්සේ අපි දෙන්නා කතාවුනෙත් මූ මහ අමුතු ඩයල් එකක් කියලා.මෙතනදී උනේ මුගේ රගපෑමේ අඩුපාඩුවකට වඩා ඒ ඇක්ටින් ඒ තැනට නොගැලපීම.
    (මෙතනදී ඌ,මූ,ඒකා,මේකා කියල කතාකලේ අගෞරවයටනම් නෙමෙයි.ෆිට් එකට.)
    ඇත්තටම අර මාතේ කිවුවා වගේ අර මපට් ඇදුම් අන්දලා රගපාන මිනිස්සු,අවුරුදු කාලෙට රෙද්දයි හැට්ටෙයි අන්දලා,නත්තල් කාලෙට සැන්ටා තොප්පිය ඔළුවට දාලා ඉන්න ශොප් ගර්ල්ස්ලා මිනිස්කමට නිගාවක්.
    උඹ නියම තැනින් අල්ලලා තියනවා ලබ්බෝ.සුභ පැතුම්.ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඌ..මූ.. අරූ කියන්නැතිව වෙන මක්ක කියන්නද? මම නම් ඉතින් කුණුහරපයක් කියගෙන පහක් දාල සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්.
      මුට මොන දැණුම තිබුනත් ඇප්ලයි කරගෙන නෑ නෙ ඕඩියන්ස් එකට සෙට් වෙන්න.මේ කියන විදිහට මේ මනුස්සයා හිතලම කතාබහට ලක්වෙන්න ඔහොම හැසිරුනාද කියල හිතෙනවා ඒ පාර.
      අවුරුදු දවස් වල ෆුඩ් සිටියෙ කෙල්ලො අර කොට හැට්ටෙයි චීත්තෙයි අස්සෙන් පෙනෙන බඩ වහගෙන වැඩ කරන්න කොච්චර දඟලනවද?
      :)

      Delete
    2. කටුස්සා එදා හම්බ උන පට්ටම ඩයල් එකක්....

      Delete
    3. පට්ට නැත්තං ෆන්ශන් එකට ආපු ජෝකර් ලයි පෝකර්ලයිත් එක්ක චැට් දාන්නෑනෙ.අදාල බ්ලොග් සගයන් සහ සම්භාව්‍ය සෙට් එකත් එක්ක ලයින් එකේ ඉන්නවානෙ...
      මාතයියෙ.. පට්ට..

      Delete
    4. මාතේ....ඔය කතාව කමියට ඇහෙන්න එහෙම කියන්න එපා.

      ලබ්බෝ...ඔතනදිනම් උනේ කරූ ජයසූරුයගේ කතාව අහන්න කම්මැලි කමට එළියට ගියා සිගරට් එකක් බොන්න.එතනදි තමා ඕක උනේ.හැබැයි ඔය චැට් එක නිසා තෑගිදෙන වෙලාවේ මට ඔතන ඉන්න වුනේ නෑ.කරූ මාමා තෑගිදෙයි කියලා මම හිතුවෙත් නෑ.

      Delete
    5. උඹ එහෙනං මොන මඟුලකටද ජොකර් එක්ක කයියට ගියෙ?සිගරට් එක බීලා එන්නැතිව..?? හෙහ් හෙහ් හේ.... උඹ පට්ටයි තමයි... හෙහ් හෙහ් හේ...

      Delete
    6. කටුස්සා... උඹ සිරා බං... අපි හැමෝම වෙනුවෙන් උඹ ඌත් එක්ක එහෙම හරි කතාකරපු එක කොච්චර දෙයක්ද,,,,

      Delete
    7. උඹලා ඔක්කොම හොද උන් බං

      Delete
    8. උඹ හරි වැව්...! මේකෙ ඉන්න ඔක්කොම හොඳ මිනිස්සු..!!

      Delete
    9. උඹලා ඔක්කොම හොද උන් බං//
      ඇරපිය කට ගල් බෝතලයක් හලන්න..
      ලේ දන්දිම් සිහින උලේලවල් පාටි ඔය හැම තැනකදිම මට දැනුනෙත් එච්චරයි.

      Delete
    10. ඡිවත් වෙන්න මිනිස්සු මොනතරම් දේ කරනවද?
      උඔ දැක්කානම් අපේ පැක්ට්‍රි එකේ කුනු අදින්න එන කොල්ලෝ දෙන්න..පිරිසිදු කිරිම් වලට එන අපේ අම්මලා තාත්තලාගේ වයසේ අය ඇඩෙනවා බං..
      මම සමහර වේලාවට ඒ මිනස්සුන්ට තේ බොන්න කියලා කැන්ටිමට කියනවා බිල මට එවන්න කියලා..
      දවසක් සිගරට් එකක් බිබි ඉන්න කොට අර කොල්ලෝ දෙන්න ආවා බිඩියක් බොන්න මාව දැකලා හැරිලා යනකොට කතාකරලා වුන්ගේ බිඩිය විසිකරලා සිගරට් දෙකක් දිලා බොන්න කියලා කිව්වා..වුන්ගේ මුනේ තිබුන සතුට මම විදිනවා..කියන්න කතා ගොඩක් තියනවා වේලාවක බෝතලයක් ගහලා කතා කරමු

      Delete
    11. සිරාවටම මෙණ්ඩියො.. ඒ වගේ පුංචි දෙයකින් උනත් පුදුම සතුටක් ලබන්න පුලුවන්.. ඉක්මනටම මක්ක හරි කොරමු... හෙහ් හෙහ් හේ..

      Delete
  16. අර හුලං ගහලා නටෝන එක හොඳයි බං මේ මිනිස්සු නටෝනවට වඩා...
    ෂර්ලොක් හෝම්ස් කතා පෙලේ The Man with the Twisted Lip මතකද?

    ReplyDelete
    Replies
    1. විකටයො...,සීසනල් කොස්ටියුම් වගේ දේවල් මනුශ්‍යත්වය උකසට තබන ක්‍රියාවල්.මිනිහෙක් වෙනුවට යන්ත්‍රයක් හඳුන්වාදීම මට මතක් කලේ 'මචං' ෆිල්ම් එකේ අත පිහින රෙදිකඩ දෙන පුද්ගලයා වෙනුවට ඩ්‍රයර් එකක් ආදේශ වීම.
      ගස්ලබ්බට වෙල්කම් කිව්වා..!

      Delete
  17. සිදුවුනේ මොකක්ද කියලනං දන්නෑ එතන හිටියෙ නැති නිසා..
    උඹෙ වචන ටිකනං වැදුනා නිල් වෙන්න..

    ReplyDelete
    Replies
    1. මාත් ගතින් එතන හිටියෙ නෑ සංචාරක... හැබැයි සික් එකෙන් ඒ ගැන විස්තර කියෙව්වා.... හිටිය වගේ තමා...
      ගස්ලබ්බට වෙල්කම් කිව්වා..

      Delete
  18. රාජ් කපූර් ප්‍රධාන චරිතය රඟපාමින් අධ්‍යක්ෂණය කල 'මේරා නාම් ජෝකර්' චිත්‍රපටිය බලලා තියනවද ගස් ලබ්බ?

    http://en.wikipedia.org/wiki/Mera_Naam_Joker

    ඒ චිත්‍රපටියෙදී, සර්කස් එකක ඉන්න විහිලුකාරයාට තමන්ගේ පැරණි පෙම්වතිය හදිසියෙන් දකින්න ලැබෙනවා. ඔහුට තමන්ගේ කාර්යය වරදිනවා. නමුත් මිනිස්සු හිතන්නේ එයත් විහිළුවක් කියා. මෙතනින් බලන්න 'Jeena yaha marna yaha - ජීවත් වන්නේත් මෙහියි, මියයන්නෙත් මෙහියි.

    https://www.youtube.com/watch?v=zcHUGc8yHak

    ඒ වගේම ඔහු තම අතීතය සිහිපත් කරන අවස්ථාවක් තිබෙනවා. අපි ඔක්කොම එක අතකට ජෝකර්ලා කියලා ඔහු අපිට කියනවා. ප්‍රියේ, ඔබ එදා කොහෙද ගියේ Jane kahaan gaye wo din

    https://www.youtube.com/watch?v=yiUWxAbqTrE


    ReplyDelete
    Replies
    1. බලල අඬල තියෙනවා... අදටත් මට ඔය ෆිල්ම් එකේ සිංදුවක් වත් බලන්න බෑ ඇස් තෙත් නොවී... ඒවනම් 'පට්ට' නිර්මාණ නේද විචාරකතුමා?

      Delete
  19. :(((((((((((((((((((((((((((((((((((((((

    ReplyDelete
    Replies
    1. මේ මක්කෙයි ඔමා..???
      වැරැද්දක් වත් වෙලාද???

      Delete
    2. නැහැ දුකයි කමෙන්ට් එකක් විදියට කියන්න ගොඩක් දේ හිතේ,, මං දවස ගෙවාගන්න විදියක් නැතුව ඉන්නවා මාසේ අන්තිමට නිකම්ම වගේ ඉදලා ලක්ෂ වලින් පඩි ගන්නවා.. ෆ්‍රිජ් එකේ දාන් ඉදලා සමහර ඒවා එක්ස්පයර් වෙලා විසිකරනවා,, අපෙන් වෙන නාස්ති සහ තව ගොඩක් දේවල් නිසා මේ වගේ අයගේ කතා වලදී හිත ගොඩක් රිදෙනවා.. මිනිස්සු වෙස් වලාගෙන මිනිස්සුන්ව හිනස්සන ජෝකර්ලා වෙනවට මන් ආස නැහැ,,, චුටි ළමයින්ට නම් කමක් නැහැ :( ඒ හැමදේම නිසයි මන් :((((((((((((((((((((((((((((((( මෙහෙම දාලා නිකා හිටියේ

      Delete
    3. මම බෞද්ධයෙක් විදිහට ඔයවගේ කාරණා වලදි හිතන්න ලැබෙන දෙයක් තමයි 'පින්' කියන එක.ඒකත් සල්ලි වගේ.ඔමා කලින් හොඳට පින් කරලා එකවුන්ට් එකේ ලොකු ගානක් එක්ක ඇවිල්ල දැං ඒවා වියදම් කරලා සැපෙන් ඉන්නවා.නමුත් එකවුන්ට් එක ඉවර වෙනවා.මේ ජෝකර් ලා වගේ අයගෙ එකවුන්ට් හිස්.ඒ නිසා සැප අඩුයි.හිත නිදහස් කරගන්න ගතට විවේකයක් ලැබෙන ගානකට වියදම් කරන්න පින් හම්බ කරගත යුතුයි කියන එකයි මගෙ මතය.ආගම ගැටලුවක් නෑ පින් වලට.හොඳ වැඩ වලින් ලැබෙනවා.. කැමති උනත්,අකමැති උනත්.

      Delete
  20. සමාරවිට උගෙ අපිට කදුලු වක්කරගෙන අඩන්න පුලුවන් ජීවිත කතාවක් ඇති. සමාරවිට එහෙම නැතුවත් ඇති. මොනව උනත් ඌ උගෙ සෙග්මන්ට් එකේදි පට්ට ෆේල්. ඒ ෆේලියර් එකට හෙුගුව උගෙ හැකියාවෙ මදිකමක් නිසා නෙමෙයි මම හිතන්නෙ . . . එතනදි උනේ තේක බොන්න කලින් කේක් කෑල්ලකෑවාම වෙන සීන් එක. තේකෙ සීන් රහ අපේ දිවට දැයෙන්නෙ නැතුව ගියා වගේ එකක්.
    උගෙ හැකියාව ගැන කතා කරද්දි මම දැක්ක පට්ට සිරාම සීන් එක තමයි . . . ඌ ඉස්සරහම දෙවනි පේලියෙ හිටි පොඩි දරුවෙක්ට ඉල ඇදෙන ජෝක් ලයින් එකක් දුන්නාම ඒ පොඩි දරුව අඩපු ඇඩිල්ල :D :D

    ප.ලි.
    උඹ එතන නොහිටියත් හිටියා වගේ සීන් එක ලියල තියනව ඕයි . . .

    ReplyDelete
    Replies
    1. පොර කොච්චර ගෙමක් දෙන්න ඇද්ද ඔතන රැඳිලා ඉන්න... උටත් වෙලා තියෙන්නෙ ශ්‍රී ලංකා ටීම් එක සෙමි ෆයිනල් මැච් එක ගැහුවා වගේ වැඩක්..ගහන ගහන තුරුම්පුවට කෙල වෙලා කපොතියක් වැදිලා හත්පලේ ගාගෙන...(පොඩි එකා ඇඬුවා කියන්නෙ ආයෙ මොනව අහන්නද )
      ඕනයා සහෝ වෙල්කම් කිව්වා ගස්ලබ්බට..
      ලියන්නකො බලන්න එලකිරි පෝස්ට් එකක් පිස්සු බම්ප් වෙන්න.

      Delete
  21. ගස් ලබ්බා, උඹ සංවේදී එකෙක් කියලා දැනගෙන හිටියා..ඒත් මෙච්චරටම සංවේදී විදියට අපි සාමාන්‍යයෙන් සරදමකින් වහලා දාන යථාර්ථයක් අස්සට රිංගන්න පුළුවන් ඇති කියලා අදයි දැනගත්තේ..මං කැමති උඹේ ඒ ලස්සන මනුස්සකම හැමදාම උඹේ වචන අතර දකින්න..කුණු අතර මැණිකක් වෙයන්..ලබ්බන් අතර රන් ලබ්බෙක් වෙයන්..අන්න ඒක තමා මගේ සුභ පැතුම..
    ජය වේවා! :) :)

    ReplyDelete
    Replies
    1. මක්ක හරි දැනිලා ඒක කියවන්න ගියාම පිස්සෙක් කියලා හිනාවට ලක්වෙලා හැඟීම් ලොක් කරගෙන ඉඳලා බැරි තැන තමයි බොගක් අටවගත්තෙ සිංහල බොග්කලාවේ පැරැන්නන් අනුව යමින්.අලුත් එකා කියල හලන්නැතිව ඇවිත් කියවලා බලල කොමෙන්ටුවකුත් කොටලා යන පිරිසක් ඉන්නකොට අයාලෙ යන්න ඉඩක් නෑ.. එහෙම යනව දැනුනොතින් කෙලින්ම කියහන් මචන්.. මීටත් වඩා වටී ඒක.සුභ පැතුම වටිනවා හොඳේ...
      ජයවේවා..!!

      Delete
    2. // ලබ්බන් අතර රන් ලබ්බෙක්// ඒක නං කිව්වෙ කින්ඩියට ඈ....

      Delete
    3. හොඳ වෙලාවට 'ලබ්බෙක්' කියල තියෙන්නෙ.මේක ඉතින් කොහොමත් ළභ්භක් නෙ.හෙහ් හෙහ්....

      Delete
  22. වැඩි විස්තර ඕන නෑ ඉතිං මාත් කොල්ලට පොඩි විහිළුවක් කරා. හැබැයි උගෙ මාධ්‍යයෙන්ම විතරයි..උෟට ඒක මාර ආතල් වුණා.. කොහොමත් ඌ අපිට වඩා හුගක් ඉස්සරහින් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනෙ වැව්... මතක් උනත් ආතල් නේද ඒ වැඩේ... කේස් එක කියන්නෙ එහෙම පස්සෙ මතක් වෙලත් ආතල් වැඩ අපි අතින් කෙරෙන එක අඩුයි.කොරමු කොරමු නේද කස්ටිය එකෙන්ම... හෙහ් හෙහ්....

      Delete
  23. Replies
    1. අනෙ බොරු නොකියා ඉඳින් මෙන්ඩො... මනුස්සයෙක් කීයක් හරි හොයාගන්න නොසෑහෙන කට්ටක් කනකොට බොට දුක හිතෙන්නෙ නැතෙයි?

      Delete
    2. අන්න එහම කියහන් ආයමත් කොනක ඉදන් කවියයි කමෙන්ටුයි කියවලා ඔලුවට දා ගත්තා..
      මේකට කමෙන්ටුවක් කොටන්න තව ටිකකින් එන්නම්

      Delete
  24. විකල්ප විධිහට හිතල ලියන කවි වලට කොහොමත් කැමැතියි.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකත් බිහි වුනේ 'නෙළුම් යාය' නිසා.
      ස්තූතියි.

      Delete
  25. ගස් ලබ්බා , අර උෂ්ණ ශිරෝමි එක නෙලුම් යායට දැම්මට පස්සේ මේ දාන දෙවෙනි එක. අර උද නෙලුම් හු....මොකක්ද කියල කියන අයට නම් කියන්න දෙයක් නැහැ. ඇවිල්ල බලන්න. මිනිසුන්ගේ නිර්මාණ අගය කරලා වැඩි දෙනෙකුට බලන්න සලස්වන එක තමා මම නම් දන්නා විධිහට අපි කරන්නේ. පුරවැසි ජන මාධ්‍ය කියන්නේ ඒකට..
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16439-2015-04-03-17-33-55

    ReplyDelete
    Replies
    1. උඩින් කිව්වා වගේ නෙළුම් යාය වැඩසටහන මම අගය කරනවා... ඒක මගේ මතය.
      බොහොම ස්තූතියි අයියෙ.මේක ලොකු දිරිමත් කිරීමක්.

      Delete
  26. කවිය නම් පට්ටයිලු
    මොකද්දෝ කම්පනය
    උබ ලගත් තිබුනාලු
    පෙනෙන වෙස් මූනක්
    තිබු නිසා මං ජෝකර්ලු
    ඉකිගහන උබලාව
    හිනැස්සුවෙ නැති නිසා
    මං ජෝකර්ලු
    අයිටම් ෆේල් ජෝකර්ලු

    අනේ බං බොට පිස්සු

    විරිත්තුවෙ මගෙ වෙස් මූන
    උබලාට වැඩියෙන්
    මං හිනාවෙනවා මචං



    (සබරේ ඇනෝ)

    ReplyDelete
    Replies
    1. සයිබරේ ඇනෝ... වෙල්කම්..
      අඩ්ඩ්ඩා.... එහෙම කියන්නත් පුලුවන් නේද? එල එල...

      Delete
  27. හා පුරා කියලා බොලාගෙ අඩවියට අද තමයි ආවෙ. උඹ කාමරේ පැත්තෙ සෑහෙන දවසක ඉදන් ආවත්. මේ මනුස්සයා දිහා මානුෂීයව හිතලා ලියපු මේ පද කිපයට මම ගොඩාක් මනාපයි. ඒක තමයි ඇත්තම කථාව. මුදල් මත හැමදේම තීරණය වෙන සමාජයක අහිංසකයොත් ජෝකර්ලා වෙනවා.

    ReplyDelete
    Replies
    1. මුදල් කියන්නෙ ඔක්සිජන් වගේ වෙලා තියෙන්නෙ දැන්... ඒකෙන් බිහි වෙන්නෙ විකුර්තියක්.. එකයි අවුල සිරා..
      වෙල්කම් සිරා... ගස්ලබු ගහට හොඳ පොහොරක් එකතු උනා..

      Delete