Friday, May 1, 2015

ඩබල් ත්‍රිබල් නොවේවා...!!!



කාලෙකට පස්සෙ ඔන්න ගස්ලබ්බ ආයෙ රැකි රක්ෂා සඳහා පිටත් උනා.මුල ඉඳන් එකඟ වෙලා හිටපු විදිහටම පුරුදු කොම්පැණියටම ගියේ පරණ බොසාට කෝල් එකකුත් දීලමයි.පහුවදා ඉඳන් ඇග්‍රිමන්ට් අලුත් කරලා වැඩ කොරන්න ගිය ගස්ලබ්බ ට කෙල වෙලා ගියේ අලුතෙන් සෙක්ශන් එකට දාපු බොසා ගස්ලබ්බත් එක්ක වැඩ කරන්න අකමැති උන නිසයි.අනිච්චේ දුක්කේ කියල කල්පනා කරනකොට  පරණ බොසා අදාල ප්‍රොජෙක්ට් එකේම වෙන කොම්පැණියක ජොබක් සෙට් කරලා දුන්නෙ වෙච්ච දේට විස්සෝප වෙන ගමන්.

හෙණ ගේමක් දීලා අලුත් ඉසව්වෙන් බෝඩිමක් කාරිය හොයල දුන්නෙ ගස්ලබ්බගෙ පියතුමා.
මූණ බලන් එපා කියන්න බැරි නිසා ගස්ලබ්බත් ඔහෙ බලං හිටියා.
ඒකෙන් උනේ ගෙදර තිබුනු නිදහස තරම් වත් නිදහසක් බෝඩිමේදි නැති උන එක.
කොටින්ම රෑට දුමක් වත් දාන්න බෑ.. පොඩ්ඩක් පහු උනොත් කෝල් පිට කෝල්...
ජොබට යන මුල්ම දවසෙ උදේ පාන්දර ඇන්ටි කියනවා

'පුතා... මේ පැත්ත ටිකක් වෙනස් මිනිස්සු ඉන්නෙ.වැඩි කතාවට යන්න එපා.. ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න ' කියලා..

ගස්ලබ්බත් 'හා....' කියල ඔන්න යනවා.
යන ගමන් මේ ළඟපාතම ගෙවල් තියෙන හිතවත් මලයෙකුට කෝල් එකක් ගත්තා..
.
'අඩේ... ඔන්න මම උඹලගෙ ප්‍රාන්තෙ අද ඉඳන්'

'ආ.. එහෙමද අයියෙ..මම දැං කොළඹ ඉන්නෙ. බෝඩිම කොහෙද?'

'.....'

'ආ.. එහෙනම් අවුලක් නෑ.. වැඩිය ගම ඇතුලට යන්න එපා අයියා.. දන්නවානෙ ඉතිං...'

'ඇයි බං..?? මොකක්ද අවුල??'

'නෑ.. ඉතිං.. එහෙම එකක් නෑ.. එක එක මිනිස්සුනෙ ඉතිං නේද? අයියා ශේප් එකේ ඉන්නකො..'

'හරි හරි බං... මම ආයෙ පස්සෙ කතා කරන්නම්කො'

කල්පනාවෙන් කල්පනාවෙන් ගස්ලබ්බ ඔෆිස් එකට කොර අනිනවා.මිනිස්සු අමුතු විදිහට බලනවා.ගස්ලබ්බ කල්පනා කරනවා.
එතකොටම ඔෆිස් එක ගාව අමුතු දෙන්නෙක්.
පොලිස් කැලෑ අඳුම ඇඳගෙන අවි අතේ තියාගෙන දෙන්නෙක් ඉන්නවා.මොකක් හරි වැඩකට එන්න ඇති..ගස්ලබ්බ හිතනවා..

ඔන්න දවසේ වැඩ පටං ගත්තා.ගස්ලබ්බයි ලොක්කයි,ගෝලයො තුනයි,වෑන් එකයි.ඔන්න සෙට් එක.

'මහත්තයා අද ඉඳං එන බව ආරංචි උනා..'

'ඒ කොහොමද මල්ලි? මම අද එන බව කාටවත් කිව්වෙ නෑ නෙ'

'ඊයෙ '......' ගෙදර අලුතෙන් කෙනෙක් ආව කියලා ආරංචි උනා.ඉතින් හොයල බලනකොට මහත්තයා...'

'කොහොමද? සයිට් එකේ වැඩ ? '

'වැඩ නම් අවුලක් නෑ... ඒත් මහත්තයා ගමත් එක්ක පරිස්සමින් ඉන්න.මෙතන ඉන්න ඔක්කොම ගුටි කාලා ඉන්නෙ.'

'ඇයි ඒ?'

'එහෙමට කියල හේතුවක් නෑ....දිරවන්නැත්තං ගහනවා.පාඩුවේ හිටපුවාම අවුලක් නෑ.'

'හැමෝටම ගැහුවා??? ඒක මාර වැඩක් නෙ'

'ඔව් ඉතිං.. සමහරු පණ්ඩිතකං කියවන්න ගියා.. සමහරු ලොකු ලයින් වැඩියි.. කොටු සීන්...'

'ආ... කොටු සීන් එහෙමත් තියෙනවා?'

'අහු උනොත් ඉවරයි. ***** මහත්තයා ජොකා පිටින් ගමේ පාරවල් දිගේ දිව්වා.පන්න පන්න ගැහුවෙ'

දැං නම් ගස්ලබ්බා මොක නැත්තත් තුන් වන සිල් පදය රකින්නට දැඩි විදිහට හිතට ගතට ගත්තා.
හෙහ් හෙහ් හෙ... විලි ලැජ්ජාවෙ බෑ නෙව.

ඔන්න රෑ බෝඩිමට ගියා.

'ලන්ච් පැකට් එක රෙඩි'
 
කියන ඇන්ටිලා වෙනුවට මේ ඇන්ටි මේසෙට ඇරල තියෙන කෑම එකෙන් කෑව අඩු උනත් 

'කෑම ටිකක් දවටල දෙන්නෙයි පුතා...?? කෑවෙ නෑ නෙ.එහෙනං මෙන්න කිරි ගෙනාව.බෙදාගෙන කන්න.'
කියන ඇන්ටි කෙනෙක් ඉන්නෙ.

'කරදරයක් නෑ නෙ.. රස්නෙ නම් තමයි ඉතින්...' 

අනන් මනන් කියලා එදා ඔන්න ගෙවුනා.
පහුවදා හවස් වෙනකොට ඔෆිස් එකේ හම්බුනු හැමෝම කියපු එක දෙයක් තිබුනා..

'පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න ඕනෙ.. දන්නවනෙ ඉතිං මේ පැත්ත..'

දවස් දෙක තුනක් යනකොට පැත්තෙ තරම ටිකක් විතර ඇඟට දැනුනෙ ඔෆිස් එකේ සන්නද්ධ පොලිස් ආරක්ශාවට අමතරව පොලිස් මොබයිල් එකකුත් පැය දෙකෙන් දෙකට වගේ සයිට් එකේ යන බව දැක්කාම.

ඔන්න දවසක් එක ලොකේශන් එකක ඉඳන් තව එකකට අපි කට්ටිය වෑන් එකේ යනවා. මෙන්න පාර පුරා කොට දාලා.. වෙලාව දෙක හමාරට විතර ඇති.ගස්ලබ්බ බහින්න හදනකොටම ගමේම ඩයල් එකක් උන ඩැයිවර මලයා...

'බහින්න එපා මහත්තයා බහින්න නම් එපා.. කන්න වෙන්නෙ..' 

කියල  'මේන් රොඩ් ඕකේ.. මේන් රෝඩ් ඕකේ' 

කියලා බොසාටත් කියලා වාහනේ හරවනකොටම චුට්ටං නයිටි කෑල්ලක් ගහගත්ත තනි ගෑණු ගෙනෙක්..

'මල්ලි ඔය හු*** ට කියපං පාරට වතුර ගහන කියලා' 

කියාගෙන පටංගන්නකොටම හරවගත්ත වාහනේ මීටර 200ක් එහායින් ඇති ලොකේශන් එකට කිලෝමීටර දෙකකටත් වඩා දුරක් වියදම් කරගෙන එන එක ගැන බොසා මුකුත්ම හිතුවෙ නැත්තෙ මීට ටික දවසකට කලින් පිහි ඇනුමක් කාපු එයාගෙ යාලුවා මතක් වෙලා වෙන්න ඇති කියලයි ගස්ලබ්බට හිතුනෙ.

තවත් දවසක හීනි අඩියක් සෙට් වෙලා වෙනද යන වෙලාවට වඩා පැයක් හමාරක් පහුවෙලා බෝඩිමට යනකොට ඇන්ටි ගේට්ටුව ලඟ.. 
හොඳටම බය වෙලා.
ගඳ දැනිල වෙන්න ඇති වැඩිය මුකුත් කිව්වෙ නෑ.

පහුවදා උදේ කාපු බත් ඇට ගානට වඩා ඇන්ටිගෙ උපදෙස් ගාන වැඩියි.!!

මේවා කල්පනා කර කර සයිට් ගියාම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ එදා පාර වහල ජාතිය අමතපු අක්කම ගෙදරට කතා කරලා කේක්,කැව්ම්,කෙසෙල් එක්ක තේ පැන් සංග්‍රහයකුත් බොහොම ලෙංගතුව කලා.

නියම අන්ත දෙකක දෝලනය වෙන සුපිරි අත්දැකීමක් හින්ද ගස්ලබ්බට දැං පිස්සු ඩබල් තත්වයක් ඇතිවෙලයි තියෙන්නෙ.

ඩබල් ත්‍රිබල් නොවේවා...!!!

90 comments:

  1. කොහෙද Gus මේ....අනේ අපොයි කියවෙනවනේ මලේ මේක කියවනකොට....

    ReplyDelete
    Replies
    1. මේ සිරි ලංකාවෙම තමයි මේ තැන.චෙෆාකිට බොහොම ළඟයි ඔන්න.
      මටත් 'හික්' ගෑවිලා ඉන්නෙ.
      හෙහ් හෙ..

      Delete
  2. යකෝ ඩබල් වෙලා නැවතුනා පුදුමයි......

    ReplyDelete
    Replies
    1. ඒක නොවේනං... භීෂනයක් තියෙන්නෙ... මරු ආතල්..

      Delete
  3. කොහේද බං ඔය පළාත? අර බුදුහාමුදුරුවන්ගේ කාලේ කවුදෝ හාමුදුරුකෙනෙක් වැඩපු සුනාපරත්නයවත්ද ?

    ReplyDelete
    Replies
    1. අනේ මම දන්නෑ බං... මේ ප්‍රාන්තෙ නම කිව්වට පස්සෙ මෙහෙ එකෙක් දැක්කොත් මට බඩුම තමයි.

      Delete
  4. Replies
    1. මෙව්වට 'බුදු අම්මෝ' කිව්වට අයියෙ කාලෙකට කලින් මෙහෙ මිනිහෙක් තමන්ගෙ තරහ කාරයාව මරලා කැවුත්ත(හදවත?) ගම්මිරිස් දාල උයාගෙන කාලා.
      අන්න එව්වට මක්කද කියන්නෙ???

      Delete
  5. මෝල් ගස් පාරක් කන්න වෙයි වගේ ළඟදීම.. මේ මෑතකදි එකෙක් මලා පොරෝ පාරක් කාලා...

    ReplyDelete
    Replies
    1. මෙහෙ මෝල්ගස් පාරවල් නෑ... තනිකරම ඔපොසිට්..! අයියත් මේ ළඟටම ඇවිත් තියෙනවා ඔන්න.

      Delete
  6. කෝකටත් පරෙස්සමින් ඉඳපං :-)

    ReplyDelete
    Replies
    1. අනිවා... කළුවර උනාම එලියට බහින්නෙ නෑ...
      දැං ආවොත් දැං දෙනවා කියලා බලාගෙන ඉන්න ගෑණු දිහා බලන්නෙ වත් නෑ.(උන් ගමේ උන්ට දෙන්නෙ නෑ.සයිට්ටෙකේ මහත්තුරුන්ට රෙද්ද උස්සනවා.)
      කොටින්ම මද පමණට අනුමත උනත් ගමේ එකෙක් එක්ක මිසක් බෝඩිමට වත් තනියෙන් යන්නෙ නෑ.

      Delete
  7. ඔන්න ඔය පළාත මොකක්ද කියහන් බං....

    ReplyDelete
    Replies
    1. පළාත දකුණ.ඊට වඩා අහන්න එපා බං.. මම පව් නෙ.
      තාම දුවන්න වත් බෑ.

      Delete
    2. මලයා ඔය හික්කඩුව ගැන වෙන්න ඕන කියන්නෙ

      Delete
  8. යකෝ මේ ලංකාවෙද චිකාගෝ වල මුඩුක්කු ප්‍රදේශයකද? නැත්තං මුම්බායි පැල්පත් ජනාවාසයකද? මටනම් පේන්නේ ලබ්ස්, දීර්ඝ කාලයක් විවිධ පීඩනයන්ට ලක්වීමෙන් උපරිමයට ගිහින්, ඒ පීඩනය පිටකරන නූගත් අහිංසක මිනිස් කොට්ටාශයක් වගේ මේ ගමේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා පිළිගනියිද දන්නෙ නෑ පහුගිය කාලෙ වෙනකන් ජීවිතේට කොළඹ දැකල නැති මිනිස්සු මේ ගම් වල ඉඳල තියෙනවා.දැං යමක් කමක් තේරෙන කොල්ලො ඔක්කොම කොරියා ගිහිල්ලා.තමන්ගෙ තරුණකාලෙ වීරකම් කියන වැඩිහිටියා සහ ඒවා අහන තරුණයා අතර ලොකු වයස් පරතරයක් තියෙනවා.කටුක ම කටුක දේශගුණයක්.. බොහෝ කාලයකට කලින් ලැබීමට තිබූ පහසුකම් දැන් ලැබෙන්නෙ.දැං මිනිස්සු රට ලෝකෙ දකිනවා.. කාලයත් එක්කම නිවිල යයි.

      Delete
  9. යකෝ කල්පනාවෙන් හිටපිය..

    ReplyDelete
    Replies
    1. ඕනවාට වඩා කල්පනා කළොත් මොකද *කෝ?? කල්පනා කරන්නෙ ගේමටෙයි?? කියල අහන්න බැරි නෑ..

      Delete
  10. වැඩපොළේ වේකන්සි එහෙම නැද්ද බං.නෑ මං මේ උඹේ ආරස්සාවට කියල හිටං.

    ReplyDelete
    Replies
    1. හැලපයියට කියන්න ඔන්න මම මගේ ආරස්සාවට දැං බුරුසු රැව්ලක් වවනවා.
      මෙහෙ එන්න හදන්නෙ **** මගත්තයා වගේ උපන් ඇඳුමින් ගම හරහා දුවන්නෙයි??
      හෙහ් හෙහ් හේ...

      Delete
  11. මෙන්න මු බ්ලොග් එකෙත් ලියලා හරි හෙට බලාගමු හෙට සයිට් ගිහින් ගෙදර යද්දී අහුවෙයන්කෝ :D

    ෆිල්ම් එකක් වගේ ඊලග කොටසත් ලියන්න,, ගුටි කන සීන් ලියන්න ඕනේ හොඳේ

    (පරිස්සමෙන්,, ඒ වගේම ඔය මිනිස්සු ඇයි එහෙම කරන්න හේතු කියලත් හොයලා බලන්න..පුලුවන්නම් විසඳුමක් හොයාගන්න)

    ReplyDelete
    Replies
    1. ඔහෙලට නම් ෆිල්ම්... මම මේ නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යන්න හිත හදාගන්න බැරිව ඉන්නෙ.දවස් දහයක් වැඩ කරල ඔය විස්තරේ.
      ගුටි කන්න නම් බැරියෝ... තාම නොණ්ඩි ගගහ යන නිසා ගහන්නැති වෙයි.
      විසඳුම මට පේන විදිහට නම් මෙයාලට රටට ලෝකෙට තියෙන දුර අඩු කරන්න ඕනෙ.දැං ඒක වෙමින් යන්නෙ.. ප්‍රධාන දහරාවෙන් මඟ ඇරපු සහ ඒ නිසාම ඒත් එක්ක එක් නොවී කල්ලි ගැහිලා ඒ ගැන ආඩම්බර වීමක් වගේ දෙයක් මෙතන මට පෙනෙන්නෙ.
      'පිටින් ඇවිත් රඟන්න බෑ' ඒකයි නීතිය.
      මේක දකුණට විතරක් නෙමෙයි,උතුරටත් පොදු වෙන්න ඕනෙ.මූලික පහසුකම් ටික වත් ලැබුනාම කොළඹ උදවිය ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදය,මානව අයිතිවාසිකම් වගේ ඒවා ගැන අවධානයක් යොදයි.මිනිස්සුන්ගෙ වෙනසක් නෑ.ක්‍රමයේ වැරැද්දක් තියෙන්නෙ.

      Delete
  12. මට හිතෙන්නේ අපිට ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කරන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. සුදීක අයියට කියන්න අස්ථි පඤ්ඛ්නරේ ඇට ගාන වැඩි කොරගෙන හෙන ගේමක් දීලා ගොඩ දා ගත්තෙ.තාම රනිං කොන්ඩිශන් 100%ක් ඕකේ නෑ.එහෙව් එකේ තව කෙලියක් උනොත් ගස්ලබ්බ හාන්සි..
      හෙහ් හෙහ් හෙ..

      Delete
  13. ලගදීම පැපූට සැපක් හම්බු වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. රූපේ.... ඔහේ මක්කෙයි මේ දොඩන්නෙ?? වෙන කොයිබින් වත් එහෙම සැපක් නම් ගන්න ඇහැකි වෙන්නෙ නෑ...ඔහෙත් ආවනම් තේරෙයි..

      Delete
  14. මම නම් ඔය රස්සාව කෝටියකටවත් ගන්නෙ නෑ බන්. මොකටෙයි නිකන් පොරෝ පාර කන්නෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෙහෙ පොරෝ නෑ... පොලු පාර හරි කඩු පාර හරි.. කටස් ශොට් එකක් හරි තමා.
      මේකෙත් 'මරු' ආතල් එකක් තියෙනවා.
      (මනුස්සයෝ.. මෙහෙම හරි ජොබක් මේ කාලෙ හැටියට හෙණ වටිනවා.)

      Delete
  15. හම්මේ....බොහොම පරිස්සමට හි‍ටු එහෙනම්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..හ්ම්ම්ම්... මේ කටත් තියාගෙන කොච්චර කල් ඉන්න ඇහැක් වෙයිද දන්නෑ.. හෙහ් හෙ..

      Delete
  16. අඩේ ගස් ලබ්බා නිකං මායිම ගම්මාන සීන් එකකට නේ එන්ටර් වෙලා තියෙන්නේ..ඔය මක්ක වුණත් කමක් නෑ කොලුවෝ උඹ අද ඊයේ කොටහළු වෙච්චි කෙල්ල වගේ හිටහන්..නැත්තං අපිට සිද්ද වෙයි උඹේ පෝස්ට් එකක් සතියක් දෙකක් නොදැක්කොත් ඔය මායිම් ගම්මානෙට සැපත් වෙලා උඹ කොහෙද කියලා අහලා හොඳ හැටි බඩ කට පුරා කාලා එන්න..අපි ගැන හිතහං හොඳේ..:P :P

    ReplyDelete
    Replies
    1. අඩේ බොනිකර තරුව...අද ඊයෙ කොටහළු උන කෙල්ල වගෙ හිටියොත් නම් ඉවරයි.උන් ඉතින් එෆ්බී දාන්නෙ ලාවට පේන්න අස්සෙන් ටැටූ එකක් ගහල.. කොණ්ඩෙ ටින්ට් කරලා.. කරකල...අඹරලා නෙ.එහෙම ඉන්නව කියන්නෙ ගස්ලබ්බගේ අවසානය.
      මේක මායිම් ගමක් නෙවෙයි බොල.නම ඇහුවොතින් බොලා සීරුවෙන් හිටගන්න ගමක්... ඔන්න කිව්වා..

      Delete
    2. හෑ...යකෝ එෆ්බී යන්නේ නැති කෙල්ලෙක් කොටහළුවුණාම ඉන්න හැටියට හිටු! මම හිතන්නේ මම දන්නවා උඹ ඉන්න තැන..ඒකෙන් මේකෙන් කාරි නෑ...මාත් තාම තරුණ වැඩී මැරුම් කන්න තරම්..යාන්තම් 16ක් වුණේ අවුරුදු 10-12කට කලින්..හැක් හැක් හැක්..

      Delete
    3. මම හිතුවෙ උඹ දැන් හැරමිටියෙන් ඇවිදින තරම් නාකියෙක් කියලා.
      දැන් මගේ ජාතික ගීය මේක.
      'සිරිමත් මගෙ සකි
      යහපත් ළමයෙකි
      නුවණත් ඇත්තෙකි
      වැඩටත් සමතෙකි'

      Delete
  17. අම්මප ලබ්බො බොලාටත් අහුවෙලා තියෙන්නෙ මාර ලොකේෂන් එකක්නෙ. අක්කගෙ කැවුං කාල ඊගාවට මොනව කන්න වෙයිද දන්නෑ. පරිස්සමෙන් හිටු.

    බුරුසු රැවුලක් වවන්නෙ අපේ වැනිවෙල් අයිය වගේ වෙන්නද.

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. මේක 'මාර' ලොකේශන් එකක්.
      වෙනිවැල් අයියලාව තාම සෙට් වෙලා නෑ නෙව... හෙන අඩුවක්.
      ඇයි ප්‍රසන්න අයියගෙ තියෙන්නෙ බුරුසුවක් නෙමෙයි ය?

      Delete
  18. ගම වටේ දිවුවට අදුනන එවුන් නෑනෙ. අනික ලාග්ග පිටින් හින්ද අවුලකුත් නෑනෙ. ඔන්න ඔහෙ කොට්ටක් පැනපං,
    ඉස්සර බ්ලොග් ලියපු - - ගමයා ගෙ ගම් පලාතෙද? මෙහෙම ගමක් ගැන ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ ලසිත් මාලිංගගෙ ගම වෙන්ටැ.. එහෙ නෙමෙයි..
      මේක පියෝ දකුණ.
      දැං මම පොඩි ළමයෙක් වගේ.. පැන්නොත් පනින්නෙ 'අට කොටු'
      හෙහ් හේ...

      Delete
  19. අනේ සුවීට් ලබු
    ඔයාලා මෙයාලාත් ඉන්නවද ඔහේ .... කන්න බලාගෙන මාත් එන් නම්
    දුර උනාට කමක් නැ මෙයා .....ඔයත් ඉන්නවනේ කවුරුත්ම නැතත් .....

    ReplyDelete
    Replies
    1. ඇනෝ.. මම ගස්ලබු.
      එන්න එන්න... ආගන්තුක සත්කාරය උපරිමයි.

      Delete
  20. ඔය වගේ තමා ඉස්සර ඇඹිලිපිටිය පැත්තත්. කොටු පැන්නොත් ත්‍රිකෝණයම ඉවරයි.
    පෙරේසමෙන් හිටින්ට මලයා...

    ReplyDelete
    Replies
    1. ඇඹිලිපිටිය.. ඒ පැත්තෙත් ටික කාලයක් උන්නා.. එහෙත් තාම හෙවනැලි තියෙනවා.ඒත් ගොඩක් දුරට නිවිලා.
      ගස්ලබ්බ දැං 'හොඳ ළමයෙක්'
      හෙහ් හේ...

      Delete
  21. උඹටත් Stress Management කෝස් එකක් වෙනම කරන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි අයියෙ.. මෙහෙම ගිහිං කවුන්සිලිං සෙශන් වලටත් යන්න වෙයිද දන්නෑ..(නැත්තං මම උන් එක්කන් යනවා.)
      බොග තියන නිසා හොඳයි.ගෙදර ඇවිල්ල මේව කිව්වොත් ඒ මනුස්සයෝ නිකන් ලෙඩ වෙනවා.

      Delete
  22. පිස්සු හැදෙයි. අප්පේ කරන දෙයක් කරගෙන පරිස්සමෙන් හිටහන් ගස්.

    ReplyDelete
    Replies
    1. ඕ... යෑස්...! පරිස්සමෙන් උන්නෙ නැත්තන් කොල්ල ගස්.

      Delete
  23. මට නම් මෙලෝ දෙයක් තේරුන්නෑ....අනුන් කියන හින්දවත් ටිකක් පරිස්සෙමින් ඉඳහන් ගස්ලබ්බෝ.......

    ReplyDelete
    Replies
    1. ගැඹුරු..දරුණු දෙයක් නෑ.. ගස්ලබ්බ අලුතින් ජොබට ගිය ප්‍රාන්තෙ විස්තර ටිකක් කිව්වෙ බං.

      Delete
  24. just simple solution mate!
    speak the language, which those ******** can understand!!!!

    ReplyDelete
    Replies
    1. LoL.. that will be my final solution.have to obey my own rules.. :p

      Delete
  25. මචෝ .. ඔය මිනිස්සු එක්ක ඉන්න ලොකු අමාරුවක් නෑ අයිටම් එකට හිටියාම.. බොක්ක හරි දෙයි.. එලියෙන් ඔහොම පෙනුනට ඇතුල හොඳයි ඔය ඩෑල් වල මචෝ..

    ReplyDelete
    Replies
    1. අඩේ පත්තරේ.... වෙල්කම්..
      සිරාවටම.. සෙට් උනොතින් අව්ලක් ඇත්තෙම නෑ.. බොක්ක හරි දෙනව මචං.ඒත් පොඩ්ඩක් හරි අවුල් ගියොතින්.. මොකා කොහොම උනත් ගොඩ දානවා බොරු...කොල්ල ඉතින් එක ප්ලේන්ටිය බෙදාගෙන ගහගෙන ඉන්න එකා හින්දා වැඩි කලබලයක් නෑ..

      Delete
  26. Akkata talk ekak dala balapan. Satapatayak da danne ee akka? Nikamata kiwwe. Try karahan labbo.. Ubata preethi wesak.. Hikz

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ... එයා හරියන්නෙ නෑ.. මෙලෝ රහක් නෑ.. එහෙ ගියොත් අර කිඹුලට වෙච්ච දේ තමයි වෙන්නෙ.
      බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩේවා..!!

      Delete
  27. හපොයි ලබ්බෝ.... ශේප් එකේ ඉඳපන්........ පිට තැනක ඉන්නකොට කොහොමත් පරිස්සම් වෙන්න වෙනවා... එහෙම උනත් සමහර වෙලාවට නරකයි කියන මිනිස්සු ලඟ හොඳයි කියන මිනිස්සුන්ට වඩා හොඳ ගති ගුණ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බන්.. මම ඇක්සිඩන්ට් උන වෙලාවෙ පිහිට උනෙත් මාතර ත්‍රී වීල් සෙට් එකේ හිටපු බොක්කක් සහ පිරිස.අව්වට කර වෙලා හිටපු මගෙයි උන්ගෙයි පෙනුම සහ මම 'මචන්' කියල උන් ඇමතීම හිංදා 'උගත්' දොසතර 'මහත්තුරු' මගෙ ලඟට රෝහල් පොලිසියෙන් එනකන් ආවෙත් නෑ.
      උන්ගෙ තිබුනු මනුස්සකම ජීවිතේට අමතක වෙන්නෙ නෑ..

      Delete
  28. යකඩෝ...ලංකාව ඇතුලෙත් උඹලට පුදුම භයකින්නෙ වැඩ කරන්න වෙලා තියෙන්නෙ. පිටරටක විවිධ ජාතීන් ජීවත් වෙන පළාතක උපරිම නිදහසේ යන එන එක ගැන මට සතුටක් දැනුනා බං මේක කියවලා...ඔහොම තිබ්බා නම් අපිටත් බඩුම තමා...

    ReplyDelete
    Replies
    1. අනේ මංදා.. මේ තමයි බිම් මට්ටම.උඩහා පළාත් වල,නැගනහිර පළාත් වල මිනිස්සු වෙනුවෙන් කතා කරන්න හරි කවුරු හරි ඉන්නවා.මෙයාල රැවටුනා විතරයි.යමක් ලැබෙන්න පටන් අරන් ඒවත් නැති වෙලා 'හුප්පෙ' වෙලා ඉන්නෙ.මූලික අවශ්‍යතා ඒ අදාල කාලෙම ලැබුන නම් මෙහෙම වෙන එකක් නෑ.

      Delete
  29. මට හිතෙන විදියට මේක මාතර පැත්තෙ සයිට් එකක් වගේ. අඩෝ රේල් පාරෙ ප්‍රොජේට් එකද? ඔව් ඊපැත්තෙ ටිකාක් මොලෙ කචල් කස්ටිය තමා ඉන්නෙ අපිත් මාතර තමා නමුත් ඔක්කොම එහෙම නැ සාමයට තමා ගොඩක් කැමති

    ReplyDelete
    Replies
    1. වස්සා ඔයා???
      හා හා හරි හාවා..
      කැලේ මැදින් ආවා..
      හිකිස්..(දිව හපා ගනිමින්.)

      Delete
  30. කාලෙකට ඉස්සර නිවිතිගල පෑත්තෙත් ඔහොම තත්වයක් තිබ්බ එක්තරා දේශපාලුවෙක් සහ උගෙ පිරිස නිසා. දෑල පාලමෙන් එගොඩ උනාට පස්සෙ ඉතින් වාහනයක් හයියෙන් බ්‍රේක් එකක් ගෑහුවත් ඈති. පට් ගාල ඈවිත් සලකනව මදි නොකියන්න :-) අපි ඒ කාලෙ ඔය පෑත්තෙ ගාම්න්ට් එකක ඔඩිට් එකක් කලා..අපොයි ගෙදර එනකල් ශුවර් නෑතුව හිටියෙ :-) ඒ පෑත්තෙ අලුත් තත්වෙ කොහොමද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනා කැමතියි නෙ කියන්න 'ඒ සෙල්ලං හරියන්නෑ ... මේක අපේ ඝම..!!! අපි ඝමේ කොල්ලො හරිය?' කියන්න.
      ලංකාව පුංචි රටක්.. අපි අහිංසක මිනිස්සු කියලා කවදා තේරුම් කොරන්නද?

      Delete
  31. පත්තරයා කියපු දේමයි මමත් කියන්නෙ. කියන තරම් යකා කලු නෑ. උඔ සෙට් වුනාම බොක්ක හරි දෙයි.
    එතකන් පරිස්සමට

    ReplyDelete
    Replies
    1. සිරාවටම.. ඔය මල පනින ගතිය වගේම හිත රිදෙන සීන් එකත් තදටම තියෙනවා.පොඩි දෙයක් ඇති සෑහෙන්න හිත රිදව ගන්න.. හරිම වෙනස් අත්දැකීමක් මචෝ..

      Delete
  32. මං මගේ දකුණු කණෙන් කියන්නද මොකක්ද කියල ගම හරියටම? මං ඉතින් දකුණ ඌව අතර නිතර පදින එකානේ.. ඔය ගම් දෙක තුනම පහු කරනවා නිතර.. සැක් උඹ අහල පහල ඉන්න බවක් මතක තිබ්බනම් අප්‍රේල් නිවාඩුව ඉවර වෙලා පදින ගමන් ඇහැක් විදියට කණක් දාල යන්න තිබ්බ ඔය පැත්තටත්?

    මං ඔය අත්දැකීම හරියටම මුලින්ම ගත්තේ 1995 දී.. දැනටත් වඩා ඒ කාලේ පට්ට ආතල් ඔය පැත්ත.. ඒ ලෙවල් එහෙම ඉවර කරලා වතාවක් මායි මගේ යාලුවෙකුයි උන්ගේ නෑ ගෙවල්වල ඇවිද්දා වැලිගම අහංගම පැත්තේ.. ඒ ට්‍රිප් ඉවර කරල බදුල්ලේ යන්න හිතන් දවසක් නැග්ග බස් එකට මාතරින්. අපි හිටියෙ පිටිපස්සේම සීට් එකට ඉසරහ සීට් එකේ. අන්තිම පේලියේ හිටියා ආමි ලුකින් ඩයල් තුනක්. මුන් තුන්දෙනා නැගපු වෙලේ ඉඳන් එතන හිටපු කෙල්ලො වගේකට ඇණයක් වුනා. කවුරුවත් නොහිතපු විදියට ඇඟපත පොඩි ඉස්සෙක් වගේ කොල්ලෙක් මුන් එක්ක ගේම ඉල්ලුවා. අරුන් ආමි පාට් දාල අරූට නෙලන්න සෙට් උනා. ඔහොමින් ඔහොම බස් එක තලල්ලට කිට්ටු උනා. අර පොඩි එකා ඉස්සරහට ගිහින් ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි එක්ක මොනවද මුණු මුණු ගාල ඉස්සරහ ෆුට් බෝඩ් එකේ හිටගත්තා. බස් එක තලල්ලට ඇවිත් කඩයක් අයිනේ නවත්තනකොටම අරූ පැනල එතන උන්නු උන්ට මොනවද කියාගෙනම ආපහු පිටිපස්සේ දොරින් ගොඩවෙලා අරුන් තුන්දෙනාට එක එක ගහගෙන ගියා. බුදු අම්මෝ ඒ එක්කම අර කඩේ ඉස්සරහ හිටිය රොත්තම බස් එක ඇතුලේ. අරුන් තුන් දෙනාට නෙලුවා ලේ බහිනකම්. ඇඟේ ඇඳුනුත් නෑ අන්තිමට. අපි බයේ හිටියේ මුන් වැරදිලා අපිටත් නෙලයි කියලා. හැබැයි වෙන එහෙකුටවත් අතක්වත් තිබ්බේ නෑ. හරියට කලින් කතා කරගෙන සෙට් වෙලා හිටියා වගේ. දෙමළ ෆිල්ම් පරාදයි. මරුම සීන් එක කියන්නේ බස් එක ඇතුලට නැග ගන්න බැරි උන් ඔක්කොම බස් එක වටේ. ගමෙන් භාගයක් විතර ගෑනු එක අතකින් රෙද්ද උස්සගෙන අනිත් අතින් ඉදල් ඇරගෙන ඉදලෙන් බස් එකට ගහනවා. ඔය ඔක්කෝටම ගියේ විනාඩියකට අඩු කාලයක්. ඩ්‍රයිවරයා ගානට බස් එක නවත්තගෙන ඉඳල වෙලාවට අද්දනකොට අර නැගපු උන් ඔක්කොම බස් එකෙන් පැන ගත්තා.. කොන්දා බෙල් එක දෙතුන් පාරක් ගහලා යං යං කියුවා ගේම ෆිනිශ්. ආමි ඩයල් තුන යන්ඩ ගියේ කොහෙද දන්නෙ නෑ ලේ පෙරාගෙන දික්වැල්ලෙන් බැස්සා. හැක්.

    එකක් කියන්නං අත්දැකීමෙන්ම.. ටිකක් හොයල බලල ඔය පැත්තේ අශ්‍රයට සුදුසු උන් දෙතුන් දෙනෙක් එක්ක ෆිට් වෙයන් (හැමෝම නෙවෙයි.) උඹට බොක්ක දෙනව හැමෝම ආයි ලොවෙත්.. හැබැයි ඕනෙවට වැඩිය බජනෙට යන්න එපා එකට බොන්න එහෙම. අනික නිකමටවත් කොටු පනින්න නැත්නම් උන් චාටර් කියල හිතන වැඩ කරන්න යන්න එපා.. උන් එක්ක ෆිට් වෙලා උඹේ රෙස්පෙක්ට් එක තියාගෙන හිටපන්. ගේමක් නෑ සිරා අත්දැකීම් ටිකක් ගන්න පුළුවන්. අහ්! ඔය සෙද්දවල් තියල ඔය හදන මඟුල ඉක්මණට ඉවර කරපං තොපේ කොම්පැණිය ගාටනවද බඩ ගානවද ඕක දිගේ?

    ReplyDelete
    Replies
    1. ආ... ඔය තියෙන්නෙ කතා... ටිකක් වෙලා කයියකට අහු උනාම ඔහොම ගහපුකතා කියන්න පොරේ කට්ටියගෙ..
      මම මෙතන වැඩ පටංගත්තෙ අවුරුදු පහු වෙලා.ආයෙ යන වෙලාවක අනිවා සැට් වෙමු..දැං අපිත් මෙහෙ තමයි හරිය??
      ප්‍රොජෙක්ට් එක කල් ඇදෙනවා.බිල් ගෙවලා නැති නිසා ප්‍රොග්‍රෙස් එක බස්සන්න කියලා ඕඩර් ඇවිල්ලා තියෙන්නෙ.පඩි ගෙවන්නෙත් ලෝකල් ස්ටාෆ් විතරයි.චීන්නුත් කොකාකෝලා එක ගන්න අපෙන් සල්ලි ඉල්ලන තත්වෙටම වැටිලා.

      Delete
    2. අහා..... ඔය තියෙන්නෙ, මචන් මම අවා ඔය සයිට් එකට මචන් මාර්තු අග හෝ අප්‍රිල් මුල මගෙ පරන් යාලුවෙක් හමුවෙන්න. මම එක්ක වැඩ කරලා තියන් එකෙක්. නම එමැනුවෙල් (මන්ගල) ප්ලැනර් කෙනෙක්.අහපන් උගෙන් වස්සා ( වසන්ත) කව්ද කියලා. උ කියාවි. මචන් උම්බලට බිල් ගෙවන්නේ නැහැ සෙර්ටිෆ්ය් කරනවා විතරය්, එකට ට්ය්ම් එංටෙන්ටන් ගන්න එක ගැන ටිකක් පුන්චි අය්ඩිආස් ටිකක් දිලා මම අපහු අවාම මෛල් කලා. උගෙන් අහපන්. මචන් ඔෆ්ෆී එක තියන පැත්ත එච්චර නරක් නැ, ඒත් අනික් පට්ත පට්ට අවුල් කියලා උත් කීවා

      Delete
    3. හරි... ඕක තමයි ප්‍රොජෙක්ටුව.ගස්ලබ්බා ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙදරට උනා මාස පහක් විතර.ඒ අතරෙ තමයි යාලුවා ඇවිල්ලා තියෙන්නෙ.වස්සා ආපු ඔෆිස් එකේ තමයි මම මුලින් හිටියෙ.දැං ඉන්නෙ අනිත් කොනේ ඒ කියන්නෙ ඔය පට්ට අවුල් කියපු ප්‍රාන්තෙ.හෙහ් හේ..... මට එකම එක දවසක් හම්බ උනා.. ඒ මම ඉන්න පැත්තෙ විසිට් එකකට ආපු වෙලාවක.හමු වුන ගමන්ම අහන්න ඕනෙ... (වස්සගෙ වයස හිතාගන්න ඇහැකි.)හෙහ් හෙහ් හේ..

      Delete
    4. අඩොව්... වයස.. උබ හිතුවද ඒකාගෙ යලුවා උනාට වයසත් එකය් කියලා? උබට වඩා නම් වයසය් තමා ඒත් මොකෝ ගැනියෙක් හොයනවායැ, පොස්ට් දනව මිසක්.....

      Delete
    5. හපෝයි.....
      හෙහ් හෙහ් හෙහ් හෙහ් හේ......

      Delete
  33. අඩේ.. උඹ තාම ජීවතුන් අතරද? හැබැයි කොල්ලො මතක තියාගනින්. ඔව්වත් අත්දැකීම්.. ලේසි පුතෙකුට නොලැබෙන විදියේ...

    ReplyDelete
    Replies
    1. ආ... මෙන්න මූ පෙට්ටියට කර ගහන්න ඇවිල්ල තියෙන්නෙ මිනිය කුණු උනාටත් පස්සෙ. අලේ.. සජ්ජෝ...
      ඔව් බන් සිරාවටම... මේක මහ අමුතුම ජීවිතයක්.අපි ඉතින් උලටයි පිලටයි සිංහාසනේටයි ඔක්කොටොම යන්න රෙඩි පිට බාටා දෙක කකුලෙ දාගෙන ඉන්න නිසා ඔන්න ඔහෙ ඉන්නවා.අමුතු බව වැඩි නිසාමයි බෙදා ගන්නත් හිතුනෙ.

      Delete
  34. වලස්මුල්ලද?

    ReplyDelete
    Replies
    1. නැත... නැත... එහෙ නෙමෙයි.. හූ..

      Delete
  35. එහෙනං පුතේ පිණ්ඩපාතෙ වඩින හාංදුරුවෝ වගේ බිම බලාන දෙපැත්තෙ ගෙවල්වල ඉන්න ගෑණු උදවිය නොදැක සුරාමේරය කට අහලකටවත් නොගෙන බුරක්මචරියත් ‍රැකගෙන වෙනත් තැනකට මාරු වනකල් ජීවිතේ පරිස්සං කර ගනිං..

    ReplyDelete
    Replies
    1. අර රුසියන් සුරංගනා කතාවල වගේ 'නැති රටෙන් නැති දෙයක් ගේන්න' පහසුයි සරත් අයිය කියන දේට වඩා... හෙහ් හෙහ් හේ...

      Delete
  36. පැපූ තාම යහතින් නේද? තව විස්තර ටිකක් දාන්ටකෝ.

    රත්ගම පැත්තෙද ඔය?

    ReplyDelete
    Replies
    1. තාම යහතින්.. රත්ගම නෙමෙයි බස්සි.ඊට ගොඩක් ඈත.විස්තර නේද..?? හෙමි හෙමිහිට දාන්නම්කො එහෙනම් මේ පැත්තෙ වීර කතා එහෙම.

      Delete
  37. ලබ්බෝ...කියෙවුවේ පරක්කු වෙලා නොවැ...උඹ තාම යහතින් වෙන්ටෑ....?

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි කියෙව්ව එක වටිනවා.. හෙහ් හෙහ්... තාම කොල්ලා යහතින්...

      Delete
  38. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට ලු... කේක් දිරවයිද මන්දා

    ReplyDelete
    Replies
    1. හෙහ්... අපිට ඕන දෙයක් දිරවනවා.. මැල්ලුමක් දුන්නත් බෙදාගෙන නෙව කන්නෙ.දිරෙව්වෙ නැත්තං හොඳ බෙහෙතක් තියෙනවා.. "ගස්ලබු".
      හෙහ් හෙහ් හේ..

      Delete
  39. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් අවසරයක් අරන්ද මේක දැම්මේ???

    ReplyDelete
    Replies
    1. හුටා... එහෙමෙයි වෙන්න ඕනෙ?? ඔය අවසර ගැනිලි වැඩිය පුරුදු නෑ බං..

      Delete
  40. මලයා ඔය හික්කඩුව ගැන වෙන්න ඕන කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ගොඩක්ම පහල... බෝඩරේ.. බ්‍රෝ.. බෝඩරේ

      Delete