Saturday, June 27, 2015

එතකොට අපි හාල් කෑලි..??

(පින්තූරය ගූගල් ගෙනි.)

'සංවර්ධනය' යන්නට නානාප්පර නිර්වචන අටෝරාසියක් ඇතිබව ගස්ලබ්බාට මතකය.ඕ ලෙවෙල්  කොරද්දී සංවර්ධන අධ්‍යයනය නම් විශයකදී ඒවා පාඩම් කළ බවත් යාන්තමට මතකය.ඒත් දැං ඒවා මතක නැත.ත්‍රී ඉඩියට් පිලුම් එකේ වගේ 'ඩෙෆිනිශන් ක්‍යා හේ?' කියා අහන විශයන් ඉක්මනින් අමතක කර හිත නිදහස් කර ගැනීම ගස්ලබ්බාට හොඳට පුරුදුය. හදිසියේම සංවර්ධනය මතක් උනේ මල කෙලියක් නිසාය. කෙලිය නම් මේකය.

දැං ගෙදරට ඉතිරි වී ඇති එකම එකා නිසා විප්‍රවාස ගත වීම කල් දම දමා (දැං නම් ඇඟිලි ගනිමින්) උන්නු නිසා හා නොහිතපු විදිහට ලයිෆ් ප්ලෑනට කෙල වූ නිසා ගස් ලබ්බා ලඟ තැන්පත් මුදලක් නැති ය.මුදල් අවශ්‍යතාවය නිසා ගස්ලබ්බා කලේ බැංකුවක සරණ පැතීම ය.මක්ක ද යත් සමාන සුදුසුකම් ඇති සමාන රැකියා වල යෙදෙන අනිත් ලබ්බන්ටත් බොහොම ලෙහෙසියෙන් ණය මුදල් අනුමත කරගැනීමට හැකි වූ නිසා ය.කොටින්ම ලීසිං එකකට වඩා වාසි ලැබෙන ණය යෝජනා ක්‍රම ලබාගැනීමට අවශ්‍ය සාමාජිකත්ව පවා ගස්ලබ්බා ලබාගෙන තිබූ නිසා හිතේ කොනක වත් සැකයක් තිබුනේම නැති ය.

කෙල උනේ බැංකුවට ගිය විටදී ය.

ඉල්ලන කිසිම දෙයක් දෙන්නට විදිහක් නැත..

පේ ශීට් තියෙනවාද සර්?
නැත.
සැලරි මොන අකවුන්ට් එකටද එන්නෙ සර්?
මට ලැබෙන්නෙ කෑෂ්.
එහෙනම් ඊ.පී.එෆ්/ ඊ.ටී.එෆ් එහෙම?
ඒවා කැපෙන්නෑ..
'ඔයා' ඉන්නෙ මොකකද?
චීන ඉදිකිරීම් සමාඟමක.
සොරි.. මේ තත්වෙ උඩ නම් අපිට මුකුත් කරන්න බෑ.
හ්ම්.. තැන්කිව්..

බැංකුවට මුකුත් කියන්නට බැරිය.පොඩි අපිට ණයක් දෙන්නට යට ඇඳුමේ පාට පවා බලපාන බව අපි දත යුතුය.
ගස් ලබ්බා ඊලඟට බැලුවේ ඇටයක් මිරිකා හෝ වැඩේ කරගන්නටය.
බැංකු යාලුවෙකුට කෝල් කර විස්තරය කියූ පසු ඌ කීවේ
'මචං උඹ අවුල් ගන්න එපා.. උඹේ ඩෙසිග්නේශන් එක වත් පඩිය වත් වැඩක් නෑ.. බැංකුව පැත්තෙන් ගත්තාම උඹයි  දවස් කුලියට වැඩ කරන එකෙකුයි අතර වෙනසක් නෑ.. කොටින්ම අපේ ගෙදර පොල් කඩන එකා ආවත් කියන ටිකම තමයි උඹටත් කියන්න තියෙන්නෙ ' කියලා ය.

රෙන්න තියන පුක හපාගත්තොත් රීලා හමාර නිසා ගස්ලබ්බා පුක හපාගත්තේ නැතිවාට ඊට වඩා අප්සට් හැඟීමක් දැනෙන්න වූ බව අමුතුවෙන් කියන්න ඕනා නැති ය.

රටේ සංවර්ධනයට ත් බිඳක් හෝ දායක වන ශ්‍රමිකයන්ට උරුම මේක ද?

දැනට ලංකාවේ වැඩ කරන ඇතැම් කොම්පැණි දකුණු ආසියාවේ බ්ලැක් ලිස්ට් වී ඇති ඒවා බවට කව්දෝ කීවා මතක ය.
අතලොස්සක් කොම්පැණි සේවකයන් ගෙන් අයකර ගන්නා ඊ.පී.එෆ්/ඊ.ටී.එෆ් ගෙවා පේ ශීට් ලබා දී වැටුප් නියමිත දිනට බැංකු ගත කර ක්‍රියාත්මක වෙයි.ඔවුනට අපගේ ගෞරවය හිමිවන බවත් කිව යුතුම ය.

නමුත් බහුතරය??

බහුතරය වැඩ කරන්නේ එදා වේල කන්ස්ට්‍රක්ශන් තියරියට ය.

ඕන නම් ඉඳලා වැඩ කරපං... නැත්තං පලයං.. වැඩිය කතා කරනවා නම් කොහොමත් පලයං.. යන්න මුංගේ දේව වචනයයි.

එක්තරා කොම්පැණියක සේවකයින් අයිතිවාසිකම් ඉල්ලා සටනට බැස 'ලේබර්' එකෙනුත් ගෙන්වා ගත් කතාවක් මතකයට එන නිසා එයත් කිව යුතුය.

'ලේබර්' එකෙන් එනවා කියා පණිවිඩයක් ලැබූ සැනින් වැඩ කරමින් සිටි කම්කරුවන් කීප දෙනාද වන ලැහැබ් වල සැඟවූයේ උන්ට හෙල්මට් එකක්,සපත්තු දෙකක් වත් නොතිබූ නිසා ය.
'ලේබර් මහත්තුරු'  කට උත්තර ගත්තේ ලොකු ලොකු කතා කිය කියා ය.ඔපීසිය ඇතුලට ගිය උන් පසු පසම 'බ්ලැක් ලේබල්' බෝතල් ද ගිය වග දැක්කේ කීප දෙනෙක් පමණක් බවත් කිව යුතු ය.

අවසානයේ 'ලේබර්' මහත්තුරුන් ගේ උපදෙස් පරිදි කොම්පැණිය පහුවදා ලියුමක් එව්වේ 'ඊ.පී.එෆ්/ඊ.ටී.එෆ්' නැතිව වැඩ කරන්නට මෙයින් එකඟ වන බවට අත්සන් කොරන්නට ය.නොකල එවුන් ගෙදර ය.

පෝය නිවාඩු ය.නමුත් පඩි කපනවා ය.
හිමි නිවාඩු ගත්තොත් ලැබෙන පඩිය කුට්ටි ගණනින් අඩුවන්නේ ය.යකාගේ කැල්කියුලේශන් ය.

මේ චීන්නුන්ගේ විතරක් තියෙන ප්‍රස්නයක් නෙමෙයි ය.
වැඩිමනක් කොම්පැණි කාරයන් කොරන වැඩක් ය.මොකාට උනත් 'කුලී වැඩ කරන්නා' යන මට්ටමින් ඉහලට
ඔලුව උස්සන්න ලැබෙන්නේ දෑතේ කර්මාන්තයක් හෝ හොරකමක්, වංචාවක් කළොත් විතර ය.


කියන්න කෙනෙක් නැත. කොරන්න දෙයක් නැත.
දමල ගහල යනවාට මුන් කැමති ය.
එතකොට තවත් අඩුවට එන්නට බුරුතු ගණන් සෙනග ය.
මොකද දැං රස්සා නැති ය.ප්‍රොජෙක්ට් නැති ය.
පටං ගන්න ඒවා සේවකයින් බඳවා ගන්නේ කුණු කොල්ලෙට යමර නීති වලට ය.
ඒත් යන්නට පොරේ ය.
හුදී ජනයා අසරණ ය.

එකෙක් ආසියාවේ ආශ්චර්යක් පෙන්නන්න ගිහින් හත්පලේ ගා ගත්තේ ය.
අනෙක් උන් යහපාලනයක් කියා පුක් වෙන්දේසියක් පටන් ගත්තේ ය.

ඔන්න ආයෙත් මුං චංදෙකට එන්නේය.
හිතෙන්නේ හරහට දාලා......
අපෝ.....යි......!!

55 comments:

  1. ගස් ලබ්බ. උඹ මව් බිමේම අනාත වෙලා. විදෙස් ශ්‍රමිකයෝ වන අපිටත් ඔය සන්තෑසියමයි. මෙහෙදිත් ඔය ටික ගෙදර ආවත් ඔය ටික. අයිතිවාසිකම් නෑ. ඒ වුනාට අපි හරි වැදගත්ලු බං රටට.

    ReplyDelete
    Replies
    1. අනාත.. කුජීත වෙලා ඩූඩ්.. මක්කෙයි ඉතින් කොරන්නෙ.. හම්බකරන් 'බොන' රස්සාවනෙ කියල කරන් ඉන්න වෙන්නෙ.හැමදාම බොසාලත් එක්ක රණ්ඩු වෙන එකත් එපා වෙනවනෙ.
      හෙහ් හේ....

      Delete
  2. එක්කෝ ඔබේ නමින් කම්පැනියක් අරඹා ඒ නමින් චීන කොම්පැනියට කොන්ත්‍රාත්තු ක්‍රමයට වැඩ කරන්න.

    නැතිනම් අඩු වශයෙන් ගතමානව ලැබුණු විගසින්ම නොවරදවා බැංකු ගිනුමට දාන්න. ඉන් පසු දිනපතා තමන්ගේ වියදමට මුදල් ගන්න. නැතිනම් කාඩ් එකෙන් ගෙවන්න.

    මේ ආකාරයට ඔබට තමන් ගේ ආදායම ගැන බැංකුවේ දත්ත ගබඩාවේ ම වාර්තාවක් සකසා ගත හැකියි.

    එහෙම නැතුව බැංකුවකින් ණයක් ගන්න නම් ඇපයට ස්ථිර දේපලක් තැබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. 1) මෙම ව්‍යාපෘති වල පස්වෙනි හයවෙනි මට්ටමේ උපකොන්ත්‍රාත්කරුවන් පවා එන්නෙ චීනෙන්.ඊට පල්ලෙහායින් සබක් අරන් මිනිස්සුන්ට ගෙවලා ජරාව දීලා (නොදී ඉන්න බැරිය.) ඉවර වෙනකොට ඉතිරි වෙන්නෙ පඩියටත් අඩු ගානක්.මොකද ලංකාවෙ අයට සබ් දෙනකොට රේට් හදන්නෙ බොහොම අඩු ගණන් වලට.
      ඒත්,ඉස්සරහට ෆීල්ඩ් එක ගොඩ ගියොත්... හ්ම්...
      2)මෙහෙම තමයි කෙරෙන්නෙ.ඒත් ඒවා ඩිපොසිට් නිසා තෘප්තිමත් වෙන්න බෑ ලු.
      3)බැංකු දෙකකම එකම සල්ලි කරක කරක ඉතිහාසයක් හදාගෙන තියෙන්නෙ.නමුත් මට අවශ්‍ය ගානට යන්න ඒක මදි.
      4)ඔය මුකුත් නැතිව ඩුග් ගාල දෙන ක්‍රම තියෙනවා.පඩිය බැංකුවට එන්න ඕනෙ.අදාල තැන වෘත්තීය සාමාජිකත්වය ඕනෙ.

      අර මුලින්ම කිව්ව විදිහට චෙක් එකකින් වත් පේමන්ට් ගන්න ට්‍රයි කොරලා බලන්න ඕනෙ.(ඔය සිද්ධිය පැහැදිලි කරන එක තමයි වැඩේ..) හෙහ් හේ...

      Delete
  3. ඕවා ලංකාවේ බලු දේශපාලනේ හින්දා වෙන දේවල් බන්!!!
    අහිංසක මිනිහා හැමදාම තැලෙනවා....
    ඊ.පී.එෆ් ඊ ටී එෆ් දෙනවානම් ඒ ගන්නෙත් මෑන්පවර් හරහා....ඕක තමයි පැපූ දැන් තියෙන ස්ටයිල් එක...

    ReplyDelete
    Replies
    1. වහල් වෙළඳාමට කියන පොශ් නම තමයි 'මෑන් පවර්'.උඹ හොඳ වෙලාවට මතක් කලේ.. හෙණ ගහනවා බං මේ මෑන් පවර් කාරයෝ කරන කුපාඩි වැඩ වලට.අහිංසකයඉන්ට කෙලින කෙලිල්ල.. චැක්...

      Delete
  4. ඩූඩ් කියා ඇති කථාව ඇත්ත...
    'ලේබර්' ෆෝස් එකේ තත්වය හැමතැනම ඔහොමය...
    මේවා එක් කලක උග්‍රවූවිටක 'ප්‍රාග්ධනය' නම් පොතක්ද බිහිවිය..

    ව්‍යසනය වන්නේ ඔබඳු වැඩපොලෙහි අතපය කැඩෙනා අසරණවන කිසිඳු අයෙකුට සහනයක්ද නැතිවීමය....
    දේශපාලනයටමත් වඩා සිවිල් සේවය දුර්වල වීම හේතූ භූත වී ඇති බැව නිසා යැයි සිතේ...
    ටී බී ඉලංගරත්න පන්නයේ රාජ්‍ය සේවකයින් ඉන්පසු බිහි නොවීමත් හේතුවකි...
    නූතනයේ ඇති විවිධාකාර සංකීර්ණ වැඩහල් කම්හල් කොන්ත්‍රාත්තු සමග සේවකයාටද රැකවරණ ලැබෙන නීති රීති සුලුවෙන් හෝ සැකසිය යුතුය...
    බරපතල ලෙස සාකච්ඡා කල යුතු කරුණක් ඉස්මතු කිරීම ගැන ජී ඇල්ට ගොඩක් ස්තුති!!!

    ReplyDelete
    Replies
    1. මේ දේවල් නිසා මිනිස්සු අසහනයෙන් ඉන්නෙ.
      විචාර බුද්ධියකින් දෙයක් දිහා බලන්න තියෙන හැකියාව ගිලිහිලා හැඟීම් වලට වහල් වෙන සමාජයක් ඇති වෙන්න මේ නොසලකා හැරීම් ලොකු හේතුවක් වන බව මගේ විශ්වාසයක්.

      රාජකාරී නොවන වෙලාවක අනතුරකට ලක් වෙලා මාස ගානක් එක්තැන් වෙලා ඉඳපු ගස්ලබ්බව 'අබ්බගාත' ලේබලය යටතේ සේවාස්ථානෙන් එලියට දැම්මෙ 'පුහ්' ගාලා.
      ඇග්‍රිමන්ට් කල් ඉකුත් වෙලා නිසා බෝලෙ එයාල අතේ.

      රාජකාරි වෙලාවෙ අනතුරට පත් වෙන අයටත් වරද ඔවුන් පිටම පවරලා ගේම ගහන්න කොම්පැණි කාරයෝ කපටියි.

      දැං සිවිල් 'සේවයක්' තියෙනවාද?කියලයි අහන්න වෙන්නෙ.
      අදාල තැන් වල ඇස් කන් ඇරේවා...!!
      ඔබතුමාගේ අදහස් ගොන්නටත් බොහෝම ස්තූතියි.

      Delete
  5. උඹේ හිතේ වේදනාවේ තරම බොක්කටම වැදුනා කොල්ලෝ....උපන් රටේම අනාතයෙක්ද හිතෙනවා නෝනුමානයි....බැංකුවක් අපේ චේතනාව බලලා හෝ අපේ ආහිංසකකම බලලා ණයක් දෙන්නේ නැතය​....අපේ හොඳ නොහොඳ ඔවුන්ට වැඩක් නැත​....ඔවුන්ට ඕනේ අවශ්‍ය කරන ලියකියවිලිය​.....කට වචනෙට කියෙව්වත් ණය දෙන එකාට උඹේ ණය අය කර ගැනීම ගැන ලොකු තැකීමක් නැත​....ණය අයකරගන්න එන එකා වෙන එකෙක්‍ය​....ගෙවන්න හෝ නොගෙවන චේතනාවකින් වුවත් ණයක් ගන්න නම් සැළසුමක් ඇතිව ලියකියවිලි සපුරාගත යුතුයි. අප භාවිතා කරන ගිණුම ක්‍රියාකාරීව පවත්වා ගත යුතුයි. අමතර ලියකියවිලිද ක්‍රමාණුකූලව සකසා ගත යුතුයි. ණයකට ඉල්ලුමක් කරන්න අවමව මාස හයකට පෙර සිටම ඒ සඳහා සූදානම් විය යුතුයි. එහෙම ලියකියවිලි සපයනවාන්ම හොරෙකුට වුවද ණයක් ලබා ගත හැකියි. ණය දෙන එකා අපේ හදවත බලන්නේ නැතය​. ඔහු බලන්නේ ලියකියවිලිය​....එනිසා අප හොඳ හිතකින් ණය ගන්නවා වුනත් අවශ්‍ය ලියකියවිලි සපුරා ගත යුතුමය​...වෙන විකල්පයක් නැත​....

    ReplyDelete
    Replies
    1. සුපිරි වංචා කාරයෙක් වෙලා කෝටි ගානක පොල්ලක් තිබ්බොත් 'සර්' කියල අහගෙන ආතල් එකේ ඉන්නත් පුලුවන්.. පොලොව තෙමෙන්න දාඩිය දාන අපට තමයි ඔක්කොම නීති.
      අවුලක් නෑ ඉතින්... සබ්බේ සත්තා උම්මත්තකා කියලා මලක් ගහලා දුමක් ඇරලා ඉන්න තමයි වෙන්නෙ.
      හෙහ් හෙහ් හේ..

      Delete
  6. Duk scene eka labbo. Koheth ohomayi. Maha ewun podi ewunge katawal wahanawa harima puduma hithena widihata.

    ReplyDelete
    Replies
    1. ඔව් බන්... වෙලාවෙන් වෙලාවට උන්ට වාසි වෙන්න නීති වෙනස් වෙන්නෙ පුදුම අපුල විදිහට.ගොඩක් කම්කරුවො හවහට කාලක් ක්‍රියා කොරලා ගෙදර යන්නෙ ඇඟේ අමාරුවටම නෙමෙයි..
      හ්ම්...

      Delete
  7. බැංකු තියෙන්නෙ පොඩි මිනිහට දියුණු වෙන්න නෙවෙයිද කියලා වෙලාවකට හිතෙනවා බං. සල්ලි තියෙන කෝටිපතියන්ට ඕනෙ තරම් ණය දෙනවා ආදායම් බදු වලින් ශේප් වෙන්න. ඒත් පොඩි එකෙක් කඩයක් දාගන්න ණයක් ගන්න ගියොත් දහයක් දේවල් හොයනවා. ඒ මදිවට හිටපු ගමන් ලොකු ලොකු උන් අරන් ගෙවන්න බැරි උන ණය බොල් ණය කියල ආණ්ඩුවෙන්ම කපලා දානවා. පොඩි උන්ට හුලං. කාලයක් ආමි එකේ කොල්ලන්ට ණය දුන්නෙ නෑ උන්ව රක්ෂණය කරන්න බෑ කියලා. ඒ උනාට උන් ට්ව් වල දාන ඇඩ් කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං... රජයේ සේවකයෙක් නම් මොකක් හරි චාන්ස් එකක් තියෙනවා.පුද්ගලික අංශෙ ඉන්න අපේ අනාගතේ ගැන කිසිම විශ්වාසයක් නෑ.. බැංකුවකින් ප්‍රතික්ශේප වෙනවා කියන්නෙ බං මෙලෝ රහක් නෑනෙ ආයෙ..බල්ලො මරලා හරි සල්ලි හොයන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි.ඒත් ඊට වඩා හොඳයි.... නෑ.. මුකුත් හොඳ නෑ...

      Delete
  8. ඇත්තමයි, ඔයිටස් හොඳයි උඹ පාරේ ගස් ලබු ටිකක් තියන් විකුණුවානම්.. ස්වයං ‍රැකියා කරණ උන්ට කොහොමත ණය ගත්තෑකි...

    අනේ අපේ කම්පැනි ඒ අතින් වාසනාවන්...

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ඒ කතාව හරි.මේ කේස් එකෙන් පස්සෙ ලයිෆ් ප්ලෑන් ඔක්කොම උඩු යටිකුරු වේගන එන්නෙ.. හොඳ කොම්පැණිකරුවන් දියුණු වේවා..!!
      හෙහ් හෙහ්..

      Delete
  9. ඕක උඹේ වරදක්වත් බැංකුවෙ වරදක්වත් නෙමේ. බැංකු ඔඩිට් කරන සැට් එක මැනේජරයයි ක්‍රෙඩිට් ඔෆිසරයයි මරාගෙන කන්න හදනවා ආදායම් තහවුරුකර නොගෙන ණය දුන්නම. මගේ අදහස නම් කාලයක් ගණුදෙනු කර විශ්වාසය ගොඩනගාගන්නා ඕනෑම අයෙකුට ඒ ගණුදෙනුවල ප්‍රමාණය සලකා ඒ අනුව ණය දිය යුතුය යන්නයි. මොකද සමස්ථ බැංකු ක්‍රමයම බිහිවෙන්නෙ විශ්වාසය පදනම් කරගෙන නිසා. මට ඊයක් විද්දොත් කලහැකි යමක් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. මෙතන වැඩේ තියෙන්නෙ මම යම් තරමක මුදලක් එකවර බලාපොරොත්තු වීම.ඇත්තටම ඒක මගේ ආදායම් ප්‍රමාණය ලබන අනෙක් ලබ්බන්ට අනුමත උනා.වැඩි විස්තර ඊයක් විදින්නම්කො... කොහොම හරි ගොඩ යන්නත් එපැයි.
      හෙහ් හෙහ්..

      Delete
  10. සමූපකාර ග්‍රාමීය බැංකුවෙන් ඇහුවද? එතන තියනවා විවිධ ණය ක්‍රම.

    ReplyDelete
    Replies
    1. ඔවු එතිනින් ණය ගන්න ලේසියි. ප්‍රධානම අවශ්‍යතාවය අදාල සමූපකාරයේ සාමාජික වීම සහ සාමාජික වූ දෙන්නෙක් ඇපයට අත්සන් කිරීම පමණයි. නමුත් එතනින් එකපාර ලොකු ගාණක් දෙනවච කියලනං දන්නෙ නෑ.

      Delete
    2. විචාරක තුමා කියන තැනින් මම හිතන් ඉන්න ගානට යන්න අමාරුයි ප්‍රසන්න අයියා කියනවා වගේම.
      තව තව විස්තර හොයන ගමන් මේ දවස් වල... කොල්ලා ගේම අතාරින්නෑ..
      හෙහ් හෙ..

      Delete
    3. උඹ පණ්ඩිතයා වෙන්නේ නැතුව හිටං, ගිහිල්ල හිටං. අහල හිටං, බලපන්.

      Delete
    4. යේස්... යේස්.... ඔප් කෝස්..! ඩෙපිනීට්ලි හිටං...

      Delete
    5. යේස්... යේස්.... ඔප් කෝස්..! ඩෙපිනීට්ලි හිටං...

      Delete
  11. ඉඩමක් බැංකුවට තියල ණයක් ගන්න ගිය මටත් මාස හයක් විතර දඟලන්න උනා උං කියන ඩොකියුමන්ට් ‍සැට් එක කොම්ප්ලීට් කරගන්න. ඒ අස්සෙ වෙන බැංකුවල තිබ්බ කරන්ට්, සේවින්ස් ඔක්කොම එකවුන්ට් ටික ඒ බැංකුවට දාල ඒවයෙ ගනුදෙනු කරපු හිංද යන්තං වැඩේ ගොඩදාගන්න පුලුවං උනා.
    ඔය උඩිං කට්ටිය කියල තියෙනව වගේ හරියට ඩොකියුමන්ට් ටික තියෙනවනං ඕන එකෙකුට ණය ගන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. ඉගන ගත්තු දේ උකසට තියලා නෙව ගස්ලබ්බ ලෝන් ගහන්න හැදුවෙ.ඒකට නෙව මේ කණ කොකා ඇඬුවෙ.. බලමු කොකා සුදු කොරගන්න නේද අයියෙ...ඩොකියුමට් වලින් තමයි දැං වංගුවක් ගන්න වෙන්නෙ.
      හෙහ් හෙ..

      Delete
  12. මතු ආරක්ශාව සඳහා ඉතිරුම් සමග ජීවිත රක්ශන දෙන මාසික ප්ලන් එකකට ගියොත් නරකද.. සුලුවෙන් වුවත්.. AIA නරක නැහැ...

    ReplyDelete
    Replies
    1. ඒ අදහස බොහොම අගෙයි.. ඇවිද ගන්න බැරිව එක්තැන් වෙලා හිටපු පහුගිය කාලෙ හොඳට දැනුනා සෞඛ්‍ය රක්ශණයක් වත් තිබුන නම් තියෙන අගේ....
      බහින්න ඕනෙ ඒකටත්.

      Delete
  13. ලබ්බො මොනා කියන්නද දන්නෑ බං.
    ඒත් චීන්නුන්ට වැඩ දෙන එකනත්තන්ට ඕන බං. කාලකන්නි හැත්ත හිංද තව ටික කාලෙකිං අපිට *න්න වෙන්නෙත් චීන මාක් බෙට්ස් තමයි
    ඇත්තමයි

    ReplyDelete
    Replies
    1. ණය ලැබෙන්නෙ චීනෙන් නිසා වැඩ දෙන්න ඕනත් චීනෙට.ඒක තමා එකඟත්ව වල මුලින්ම තියෙන්නෙ.ඒත් කම්කරු නීති,චීන ලංකා සේවක අනුපාත වගේ දේවල් ලංකාවට වාසි සහගත ආකාරයට හදාගන්න අපේ 'ලොක්කො' දැනගන්න ඕනෙ.නැත්තම් ඉතින් හුප්පෙ තමා... ඉඳහන්කො පෝට් සිටි එහෙම හැදුනාම වෙන දේ බලන්න.. දැම්මම ඒ ගැන හිතන්න කාලෙ හරි..

      Delete
  14. අපේ රටේ ඉන්න බාගෙට ඉගෙනගත්ත මෝල්ලු ඈමරිකාවට බෑන බෑන සමාජවාදෙ අගේගෑන පම්පෝරි ගහනව. පේනවනේද චීනගෙ සමාජවාදෙ නරිවාදන් රෙද්ද පල්ලෙ පෙරෙන හෑටි. මම කලින් වෑඩ කලේ සහ දෑනටත් වෑඩ කරන්නෙ ලන්කාවෙ තියෙන ඈමරිකන් සමාගමක. අපරාදෙ කියන්න බෑ ඈමරිකන් කාරයගෙ ඔය වගේ බලු වෑඩ නෑ..නීතිය අකුරටම පිලිපදිනව. නීති හොයාගෙන ගිහින් ඉල්ලගෙන පිලිපදින්නෙ :-) මිනිස්සුන්ට උපරිම විදියට සලකනව. ජාති ආගම් පන්ති අනුව කිසිම වෙනස්කමක් කරන්න තහනම්. ලොක්කගෙ සිට පොඩ්ඩ දක්වා නීතිය කාටත් එකයි. මිනිස්සුන්ට බනින්න, වෙනස්කම් කරන්න තහනම්. කිසිම රජයේ නිලදාරියෙකුට පගාව දීම තහනම්. එහෙම වන්ගු දාල බිස්නස් කරන එක ඈමරිකන්කාරය පිලිගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. චීනෙ සමාජවාදී ද? පිස්සු හැදෙයි... අපිට තව හොඳා.චීන්නු චීන්නු අතර පුදුම නිලධාරීවාදයක් තියෙන්නෙ.කෙනෙකුට හිතෙන්න පුලුවන් ගස්ලබ්බා කන පතේ පහරනව කියලා.ඒත් ඇත්ත ඇත්තම නිසා කරන්න හොඳ නම් කියන්නත් වෙනවා අම්ම අප්ප උනත්.
      බොහොම අතලොස්සක් චීන සමාඟම් තමයි යම්කිසි සංවිධාන ව්‍යුහයක් සහිතව ඉන්නෙ.සබාලා තමයි මෙහෙ වැඩ කරන්නෙ.ඒක තමයි ප්‍රධාන අවුල.
      ඇනෝ කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ නම් වෙන්න බෑ ඔය කියන විදිහට.
      හෙහ් හෙහ් හේ...

      Delete
  15. සමාජවාදයේ තරම තමයි ඔය, හුරාකෑමට සමාජවාදයද ධනවාදයද කියලා එකක් නෑ. අපේ ශ්‍රමය තුට්ටු දෙකට අරගෙන ලාබයයි අයිතියයි දෙකම අරං යනකං අපි බලං ඉමු. මේ වගේ ආශ්චර්යමත් යහපාලකයෝ ඉන්නකං රට ඔහොම තමා

    ReplyDelete
    Replies
    1. මෙතන වෙලා තියෙන්නෙ තරඟයක් නැති එක.ජරාව වැඩියෙන් දෙන එකාට වැඩ වැඩියෙන් ලැබෙනවා.දීපු ජරාව කවර් කරගන්න හූරගෙන කනවා.කම්කරු නීති කඩන කොම්පැණි බ්ලැක් ලිස්ට් වෙන සිස්ටම් එකක් තදින් ක්‍රියාත්මක උනා නම් මිනිස්සු සතුටින් ජීවත් වෙනවා වගේම කොම්පැණි අයිතිකරුවන්ට පිරිසිදු ලාභයක් ලැබෙනවා.
      ඒත් ඒක හීනයක්.

      Delete
  16. ලිවිය යුතු මාතෘකාවක්. අනික චිනේ තියෙන්නේ අමුතු සමාජවාදයක්. ඒක ධනවාදී රටක. ඕන බිසිනස් එකක් කරනන් පුළුවන්. ලාභ ගන්න පුළුවන්. එකම දේ එක පක්ෂයකින් පාලනය කරන්නේ.
    http://nelumyaya.com/?p=3352

    ReplyDelete
    Replies
    1. මෙහෙ තියෙන චීන කොම්පැණි වලත් ඉන්නවා ඔය පක්ශෙන් දාපු උදවිය.උන් තමයි තීරණ ගන්නෙ.මෙලෝ රහක් නෑ.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් ජාතියෙ වැඩ වෙන්නෙ.ඒ උනාට අයිතිකාරයාගෙ ඉඳන් ඔක්කොම බයයි උන්ට.අනික සබ් කරන කොම්පැණි වල ඉන්නෙ එකම පවුලෙ,ප්‍රදේශයේ අය.පිට අයට ඒවගෙ ජොබ් දෙන්නෙ නෑ..
      යමක් කමක් තේරෙන චීන්නු ට්‍රයි කරන්නෙ ලංකාවෙ සිටිසන්ශිප් එකක් ගන්න.
      ඔන්න ඕකයි තත්තෙ..

      Delete
  17. ලබ්බෝ...
    ඕක තමයි මචං පිලිගන්න අකමැති උනත් තිත්ත ඇත්ත. දැම්ම ඉදං මාසෙක කීය කියක් හරි එකතු කොරහන්. ලක්ෂයක් විතර සෙට් කරන් FD එකක් දාහන්. සැලරි සේවර් වගේ අකවුන්ට් එහෙකටත් කියක් හරි දාහන් මාස්පතා...

    ReplyDelete
    Replies
    1. දැං ඉතින් එහෙම මක්ක හරි කරන්න ඕනෙ කියලා දැනිලා ඉන්නෙ..

      Delete
  18. ලබුස්ගෙ අවශ්‍යතාවට ඕනේ කරන මුදල වෙන හොඳ ක්‍රමයකින් හරි ඉක්මනට ලැබෙන්න කියල විශ් කරනවා. සැලෙන්න එපා ;)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. ලොතරැයියක් වත් ගන්න වෙයි වගේ...තැංකූ..

      Delete
  19. උඔගේ කතාව මට බොක්කට වැදුනා..අපේ රටේ බැංකු ණය දෙන්නෙ නැති බැරි සල්ලි අවශ්‍ය අයට නෙමේ බං සල්ලි තියන අයට.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං... අපි කොරන රස්සා වල හැටියට මුංගෙ නීති වලට සෙට් වෙන්නෙම නෑ.. රජයේ රස්සා ඉල්ලලා මිනිස්සු මැරෙන කන් උපවාස කොරන්නෙ නිකන් නෙමෙයි.. කෙල උනාම තමයි ඒක තේරෙන්නෙ.

      Delete
  20. හෆ්ෆේ.. ඔය ප්‍රොෆෙෂනල්ස්ලාට දෙන ලෝන් ස්කීම් එකකට ඔලුව දා ගන්න පුලුවන්කමකුත් නැද්ද?

    චීනට කියලා පඩිය බෑන්ක් කරගන්න බලන්න ලස්ගබ්බෝ.

    ReplyDelete
    Replies
    1. ගන්න ඇහැකි ඔය ප්‍රොෆෙශනල් සීන් එකෙන් විතරයි බස්සියෝ... නැත්තං අම්ම අප්ප ගත්ත ඉඩම් ඉල්ලගන්න වෙනවා රස්සාවක් කරන පුතාට ලෝන් ගන්න.විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ..
      චීන මැනේජරයවම ටෝක් කලා ගිහින්.ඌ මට බැංකු තියෙන තැන් ඇඳලා දෙනවා කොලේක.. ලන්ච් ටයිම් එකේ ගිහින් මටම දා ගන්නලු.උට ට්‍රාන්සර් කරන එකයි ඩිපොසිට් කරන එකයි අතර වෙනසක් තියෙනවා කියලා තේරුම් ගන්නම බෑ.. ඔන්න තත්තෙ..

      Delete
  21. මචන් වරෙන් මෙහෙට මම උදව් කරන්නම් ගැලපෙන ජොබක් සෙට් කරගන්න. ඔය බැන්කු ගානේ රස්තියාදු වෙන්න අවශ්ය නැ, මාස හයක් සල්ලි එව්වාම උන් එනව උබ පස්සෙන්. තාම බදලත් නෑ නේ. ඊයක් විදපන් විස්තර ඇතුව vasantha.gunawardena@depa.com

    ReplyDelete
    Replies
    1. වසන්ත අයියෙ..
      වචන ටිකටම හිත සුවපත් වෙනවා.කොමෙන්ටුව ආයෙ ආයෙ කියෙව්වා.තනිවෙලා නෑ කියල දැනෙනකොට හයියක් එනවා.
      ඔන්න ඊයක් විද්දා..
      ජයවේවා..!!

      Delete
    2. ඔහොම හෙමිහිට යන් මලයා... මම හෙට හොදට බලලා කරන්න ඔනී දේ කියලා එවන්නම් කෝ... අපි පට්ට්ටාන් ගමු

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ගස් ලබ්බො සතියකට විතර පස්සෙ ලිපිය පලවෙලා මේ පැත්තට ඔලුව දැම්මෙ. නිවී හැනහිල්ලෙ හිතලා බැලුවාම තමන්ගෙ වෘත්තිය ගැන තෘප්තිමත් මිනිස්සු හරිම අඩුයි බං...කොච්චර ලොකු පඩි ගත්තත් උනුත් තමන්ගෙ වෘත්තිය ගැන බොහෝ වෙලාවට තෘප්තිමත් නෑ...ශ්‍රමය සූරා කෑම.....හැම තැනම...ඇඩෙනවා තනි ඇහැට...

    ReplyDelete
    Replies
    1. වෘත්තිය ගැන නෙමෙයි අවුල... කොම්පැණියයි අවුල.වැඩේ තියෙන්නෙ දමල ගහල වෙන එකකට යන්නත් වෙන මුකුත් ඇත්තෙ නෑ නෙ.මුනුත් ඒක දන්න නිසා උඩ පැන පැන තලනවා..

      Delete
  24. අපි කොච්චර තෘප්තිමත්ව වැඩ කලත් කොම්පැණි කාරයෝ එක නැති කරනවා..
    Love your job but don't love your company, because you may not know when your company stops loving you.

    A. P. J. Abdul Kalam

    ReplyDelete
    Replies
    1. හරියට හරි මු.මලයා.. කොම්පැණියක් ලාභයෙන් ඔබ්බට හිතන්නෙ නෑ කවදාවත්.
      ජයවේවා..!!

      Delete
  25. ඔය චීන්නුන්ට කොලා ඇති. ජපන් එකක් හරි එලම එල ලංකාවේ එකක් හරි සෙට් කොරලා දෙන්නද............. බණ්ඩාගේ කොන්ටැක්ස් තියනවා................

    ReplyDelete
    Replies
    1. චීන්නුන්ට නම් කොලා ඇති තමයි.මේ මාසෙ පෝය දෙකයි,ඡන්දෙට දවස් දෙකයි අමු අමුවේ පඩියෙන් කපලා.. හපෝයි... බණ්ඩා අඳුනාගැනීම සතුටක්.ඊයක් විදින්නම්.
      ජයවේවා..!!

      Delete