Friday, July 24, 2015

මේ මගේ නලාවයි




අන්න පුතේ පොඩි අයියෙක්

කවි කියනා හැටි අහන්න

ස්වීට් මෙයා හැඩ කොල්ලෙකි

සින්දු කියන හැටි අහන්න

අරුත්බරයි තාත්විකයි

උස් මිටි තැන් පද බඳින්න..

තරුණයාට අත දෙන්නම්

කවි පොත් ටික විකුණගන්න

උකස් කරපු කරාබු දෙක

දරුවගෙ වත් කණ විදින්න

මැතිතුමාගෙ වේදිකාවෙ

පද මල්වෙඩි හැඩ දමන්න

රැඩිකල් පොර ටෝක් වලින්

ජහමනයගෙ මන බිඳින්න

කාර් එකට අලුතින් හොඳ

ටයර් සෙට් එකක් දමන්න

ඉතිහසය කුණු කූඩෙට

කවියෙන් මාකට් කරන්න...

හ්ම්ම්ම්ම්.......

තව වෙන මොනවද....
හැකියාවට රැකියාවක්
ගී ගයමු.. පද බඳිමු...
කණ අස්සෙන්... එතෙර වෙමු..

කඩේට වැඩි දුරක් නෑ..

29 comments:

  1. අඩෝ මම එක!!
    එක පොලොවක ලෝක දෙකක් බන්!!
    පට්ටම පට්ට පැපු!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකෙන්ම ....
      ජයවේවා..!!

      Delete
  2. පැපූ ගේ හෘදසාක්ෂිය...

    ReplyDelete
    Replies
    1. වල දමන්නයි උත්සාහය..
      (තාම ගානකට ආවෙ නෑ.. චැහ්..)
      හෙහ් හෙහ් හෙ..
      ජයවේවා..!!

      Delete
  3. වැල යන අතටයි මැස්ස හදන්නේ
    ගම යට කරගෙන වැල දිවයන්නේ
    ගම රට වැනසුනත් එකයි
    අපි හෙට නැතිවුණත් එකයි
    අපි බැලුවේ එකම එකයි
    වැලට මැස්ස හදන එකයි
    රළ යන අතටයි ඔරුව පදින්නේ
    මකර කට වෙතයි රැල්ල ඇදෙන්නේ
    මකර කටට ගියත් එකයි
    අපි හෙට නැතිවුණත් එකයි
    අපි බැලුවේ එකම එකයි
    ඇදෙන අතට පදින එකයි
    පිටරට වෙතමයි ගත සිත යන්නේ
    දෙස බස රැස ‍කොතැනද නවතින්නේ
    දෙස බස නැතිවුණත් එකයි
    රට දැය වැනසුනත් එකයි
    අපි බැලුවේ එකම එකයි
    වාසි පිලට ඇදෙන එකයි

    ගායනය - සිහ ශක්ති

    ReplyDelete
    Replies
    1. //අපි බැලුවේ එකම එකයි
      වාසි පිලට ඇදෙන එකයි //
      අද කවුරුත් ඔහොම තමයි.. වෙන එකක් තියා ඡන්දෙ ඉල්ලන එකා හෙට වෙනකොට කොහේ ඉඳියිද දන්නෙ නෑ නෙව.
      හෙහ් හෙහ් හෙ..
      ජයවේවා..!!

      Delete
  4. අනේ මන්දා................ අපි තාම පොඩිනේ...... මේවා තේරුමක් නෑ වගේ ලබ්බෝ....

    ReplyDelete
    Replies
    1. හොඳ පොඩි... හපෝයි...!
      තේරුමක් නෑ බන්ස්..
      හෙහ් හෙ..
      ජයවේවා..!!

      Delete
  5. මෙයා මේ ලබ්බක් කතා කරනව. :D

    ReplyDelete
    Replies
    1. ඇක්චුඅලි... ළභ්භක්... යේස්...
      හෙහ් හෙ..
      ජයවේවා..!!

      Delete
  6. ලබ්බ පිස්සු කියෝනවද මේ මේ ඕවට විතරක් එන්ට එපා අෑ
    හිහිහිහිහිහිහිහිහිහි

    ReplyDelete
    Replies
    1. පිස්සු විකාර ද පොල් කොළ වෙනව බං ඇහෙන පේන ඒවට..
      හෙහ් හෙ..
      ජයවේවා..!!

      Delete
  7. මේ හැකියාවටනම් උඹට රැකියාවක් දෙයි. ලොක්කෝ දෙන්නම ගාවට ගිහින් මේක පෙන්නපන්.

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් ලඟට යන්න බයයි..එක්කෝ... තව ටිකක් කළු උනාම ම යනවා... නැත්තං නිකංම ධීවර රස්සාවට බහින්න උනොතින්...
      හෙහ් හෙහ් හේ...
      ජයවේවා..!!

      Delete
  8. පොඩ්ඩක් ටියුබ් ලයිට් මට..
    ආයමත් කියවලා තේරැම් ගන්න බලන්නම්

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න දෙයක් නෑ බං... හැකියාවයි රැකියාවයි වේස කමේ දාන උන් ඉන්නවනෙ ඡන්දෙ කාලෙට.. උනුත් පව් ඉතිං.. ඒකයි ලියවුනේ..
      හෙහ් හෙහ් හේ...
      ජයවේවා..!!

      Delete
  9. July 24, 2015 at 10:43 PM
    සර්ගෙන් අහලා බලන්න ගල් මෙන්ඩෝ එයා ඔක්කොම අයට තෙරුම්කරලා දෙනවා A --Z ඒවා කොයිවගෙද කියලා උඹටම තේරෙයි

    ReplyDelete
  10. නෙත් අඳ බාලයන්
    රතු : කොළ : නිල්
    නෙක පැහැ බදාගෙන
    නැහැ බෙදාගෙන නෙව
    හතර රියනක් හිමි නැති
    මහ පොළොව හිනස්සන
    රඟ දැක....( නුදුටුවා වගෙ හිඳ )
    ලියාපන් උඹෙ කවිය
    බත් පැකට් එකයි
    රුපියල්ම එකසිය පණහක් එක්ක
    පුදන්නට පොරොන්දු වෙන
    වෙනත් පාටකටම දෙන
    උඹේ මනාපය .... කාටද?
    කාලය දේශය දීපය කුලය මව්
    පස් මහ බැලුම් බැලූ
    බඩ තඩි බඩ වඩන්නට පතන
    එක එකා කුළල් කා ගන්න
    නූගත් නොසන්ඩාලයෙකුට

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ ලෙසටම.. මෙණ්ඩෝ... මෙන්නෝ....
      වෙල්කම් කිව්වා...
      හෙහ් හේ...
      ජයවේවා..!!

      Delete
  11. කවුරු හරි කාලා ඇඳලා ඉන්නවනෙ ඕවයිනුත්.

    ReplyDelete
    Replies
    1. ළමා ලපටි ගැන හිතලා උනත් මෙච්චර අමුවෙන්???

      Delete
  12. දන්න දෙයින් ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නත් ඕනනෙ.....

    ReplyDelete
    Replies
    1. චාරයක් තියෙන්න එපැයි නේද බං?
      ජයවේවා..!!

      Delete
  13. http://ramachandrageadaviya-ramachandra.blogspot.ae/2015/07/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. ගියා.. කියෙව්වා.. වැදගත් ලිපියක්.ඒ වගේම ආදර්ශයක්.
      ජයවේවා..!!

      Delete
  14. මොන ලබ්බක්ද මන්ද බං.. මට තේරුණේ නෑ. ආයෙත් උත්තර දුන්නම ඇවිත් බලන්නම්...

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහන් ළමයින්ගෙ තාත්තෙ දැං..
      ජයවේවා..!!

      Delete
  15. Replies
    1. තැන්කිව් මනා..!
      ජයවේවා..!!

      Delete