Monday, August 3, 2015

කසාද බැඳීම යනු.... යනු..යනු...


කතරගම පෙරහැර.. දෙවුන්දර පෙරහැර හිංදලු කියනවා මෙහාටත් පෙරහැර වගේ වහිනවා..
එකකට පස්සෙ එකක්.. ආයෙ එකක්..
අතරතුරේ මඩ නාගෙන වැඩ..
ආයෙ මඩ හේදෙන්න වැස්ස..
(දේශකයා ගේ වැස්ස නෙමෙයි.. අනේ එහෙම වත් උනා නං..)

ඉතිං මේ වැස්සට පිණිබාලා එහෙම තෙමිල ඇති උනාම වළාකුළු උඩට එහෙමත් යනවා... එහෙම ගියාම  ගස්ලබ්බටත් අමුතු අමුතු කල්පනාවන් පහල වෙනවා..
අරක යනු මෙහෙම ය.. මේක යනු මෙහෙම ය.. වගේ..
මේ එහෙම එකක්...
ඉස්සරහට වැස්සොතින් තව තව දේවල් හිතේවි.. ඒවත් එතකොට ලියන්න බැරියැ..

මෙන්න නෝනාවරුණි.. මහත්වරුණි..

උපකල්පන මත පදනම් තියරි අංක එක..

කසාද බැඳීම.

දැං මෙහෙමයි.. මේ බැඳිල්ලට ඇවිල්ලා ලවු කොරන්නම ඕනෙ.
පරපෝසල් උනත් (පර- අන්‍යයන්, පෝස ල්- පෝශනය කරන්නාවූ) ප්‍රොබේශන් කාලයක් තියෙන්න ඕනෙ.
ඒක තමා ලවු කොරන කාලෙ.
මෙහෙමයි වෙන්නෙ.


****හරකෙක් ගහක බැඳීම= කසාද බැඳීම****

කලබල වෙන්න එපා.. කියවලා බලන්නකෝ...

ගස්ලබ්බා ගස්ලබ්බිව හම්බුවෙලා යෝජනා පාර දාන වෙලාවෙ කියපු දෙයක් තමයි...
"මම නිදහස් වෙන්න ආසයි... ඔහේ යනවා...
ඒත් එහෙම වැඩක් නෑ නෙ..
එක කේද්‍රයක් වටේ කැරකෙන්න ඕනෙ.ඒක තමයි ලෝකෙ හැටි..
ඔන්න ඉරයි ග්‍රහලෝකයි බලන්නකො.. අන්න එහෙම..
(ඔන්න ගස්ලබ්බා ගොනා උනා.)
කේන්ද්‍රය දිහාට ඇදගන්න බලය තමා ආදරය..
ඒක එන්නෙ කේන්ද්‍රය පැත්තෙන්..
මගේ කේන්ද්‍රය තම ඔයා..''

(ඔන්න ලණුව බෙල්ලෙ දාගෙන අනිත් කොණ අතටම දුන්නා.)

ඔන්න දැං තමයි වැදගත්ම ටික.

ලණුව අතට දුන්නයි කියලා කොට කරගෙන ගහටම තියලා අල්ලගෙන ඉන්න සමහරුන් කැමතියි.
ඒත් මොන ගොනාද එහෙම ඉන්නෙ...?
ඔන්න ටික කාලෙකදි ඌ දඟලන්න ගන්නවා.
නිදහසක් නොලැබුනොතින් පිඹලා.. පොලොව හාරලා කඹේ කඩා ගන්නවා.. සමහර විට ලණුව අල්ලගෙන ඉන්න අයට ඇනලත් තමයි යන්නෙ..

ම්ම්ම්ම්... ඒ කියන්නෙ කඹේ කොටම කොරන්න හොඳ නෑ..

ඔන්න සමහරක් අය හිතනවා
'අනේ... මූ අතටම කඹේ දුන්න නෙ.ඉතිං එහෙමම ඉඳියි' කියලා..

මොනා...

මූ ගොනා..

ඔන්න ටික දවසකින් අයාලේ යනවා.. කෙහෙල් කොටු,අනුන්ගෙ වතු වලට පනිනවා..

එකම දෝස්මුරයයි..

සමහර විට වෙන කොටුවක එකෙක් බැඳ ගන්නත් බැරි නෑ.. සමහර විට කැති පාරක් උනත් ලැබෙන්න චෑන්ස් එක තියේ..

ඒ කියන්නෙ ළමායි.. අතෑරලා දාලත් හරියන්නෙ නෑ..!!

මක්කෙයි එතකොට කොරන්නෙ...???


කොරන්නෙ මේකයි..


ලණුව ටිකක් දිග වැඩි උනාට කමක් නෑ..

මොකද දිග ආදර ලණුවක් බෙල්ලෙ තියෙන එකා ලණුවෙ කොනටම යන්නෙ නෑ..

අව්වෙ තැපලා වමාරං කන්න.. කොක්කු පිටේ තියගෙන කං හොල්ල හොල්ල ඉන්න එහෙම නිදහසක් තියෙන්න ඕනෙ.
ගහ මුලින් වතුර බාල්දියත් එක්ක ඉඳලා හිටලා පුන්නක්කු බාල්දියක් එහෙම ලැබෙන්න ඕනෙ..
ඔය ටික හුරු උනාම කඹේ ලිහල දැම්මත් ගොනා ගානට ගහ මුලට එනවා..
උට වෙන තැං හරියන්නැති වෙනවා..
ඔය අස්සෙ අනුන්ගෙ කොටු අස්සට පොල් පැල වලට එහෙම හොම්බ පොවනකොට පොඩ්ඩක් ආදර ලණුවෙන් ඇදල කරලා ගොනාට වගේ මතක් කළාටත් කමක් නෑ.
නහය විදිනකං හෙල්ලෙනෑ..
නොවිද්දා කියලා වෙනසකුත් නෑ..
නාස් ලණුව නැතත් කරත්තෙ අදිනවා..

ඔව් ඔව්...
මේක ඇවිල්ලා දෙපසටම ගම්‍ය වෙන මෙව්වා එකක්ලු ඈ..

හැච්චූස්.........
මොළේ පෙඟිලා වගේ...

තව තියරියක් එන්න වගේ යන්නෙ.. බලමුකො ඉස්සරහට..ඒක..

අදට ඉවරයි.
අසා සිටි ඔබ සැමට ස්තූතියි.

56 comments:

  1. මාරයි ගස් ලබ්බා විවාහ මහාචාර්ය වෙලානේ......
    එකෙන්ම හැම වචනෙකටම එකඟයි

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. එකෙන්ම... ලබ් ඩබ් කේ..
      හෙහ් හෙහ්.. මෙව්ව ඇවිල්ල උපකල්පන මත පදනම් වූ තියරි හරිය..
      ජයවේවා..!

      Delete
  2. ගස් මචං.. උඹ බැදලාද????????

    ReplyDelete
    Replies
    1. තාම නෑ මචං.. නිදැල්ලේ හැසිරෙන්නෙක් ලෙස සිතා සිටින්නෙක් මි. (ඒත් නහය විදලද මන්දා...)
      ජයවේවා..!

      Delete
  3. කේන්ද්‍රඅභිසාරී බලය වගේම කෙන්ද්‍රාපසාරී බලයකුත් තියෙනවනේ , බය නැතුව හිටු

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට අහුවෙයි කියලා තමයි මේ පඬි වාක්‍ය කියන්නෙ..
      ජයවේවා..!

      Delete
  4. අපිනං තාම පොඩිඋන්ය..ඕවා දන්නේ නැතිය!

    ReplyDelete
    Replies
    1. මේවා උපකල්පන මචෝ... උපකල්පන.. හෙහ් හේ..
      ජයවේවා..!

      Delete
  5. සිරාම කතාව බං. එක්කෝ ගහේ බැඳලා හොඳට කන්න දෙන්න ඕනෙ ගහ මුලටම. එහෙම නැත්නම් කන්න තියෙන බිමකට ඇරලා හදන්න ඕනේ. ඔය දෙකෙන්ම ගොනා පරිස්සම් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මොනවා කන්න බොන්න දුන්නත් කඹේ කොට උනොත් කුල්ප්පු වෙන්වා මචෝ.. කන්න බොන්න නැතත් ගහ මුල වැටිල ඉන්න ගානට සැට් වෙන්න නම් ගානට කඹේ දෙන්න ඕනෙ..
      ජයවේවා..!

      Delete
  6. යකෝ කොහාටද වහින්නේ? අපේ පැත්තේ දැන් ළිං වල වතුර හිදීගෙන යනවා. පුලුවන්නම් වසක් එවපන් මෙහාට.

    ගෑණු අහන එකතරා වැදගත් ප්‍රශ්නයක් තියනවා බනින්දින්න කලින් අපි පස්සෙන් යන කාලේ. මෙන්න මේකයි අහන ප්‍රශ්නය.

    "එන්න එපා දන්නවද"

    මොකද්ද ඒ කියන්නේ? දන්නවනම් විතරක් එන්න. දන්නේ නැත්තං එන්න එපා. ඒ නිසා දැනගෙනම තමා ලං වෙන්න ඕනේ.

    අත්දුටුවයි සත්තයි.

    ReplyDelete
    Replies
    1. දෙයියනේ කියලා ඩවුන් සවුත් වහිනවා..නියමෙටම..
      //පුලුවන්නම් වසක් එවපන් මෙහාට.//
      එවන්න නම් ඇහැකි.ඒත් ඉතින් 'නීතිය නෑ ආතල් දන්නේ' කියලා කතාවකුත් තියෙනවානෙ..
      දැන් ගියොත් කතරගම.. නොදැන ගියොත් අතරමග..
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  7. කසාද බදින්න කලින් ඉදන්ම ඇති වෙන සමහර ප්‍රශ්න කසාදෙටත් බලපාන විදිය දැනගන්නත් එක්ක ඇවිත් කියවලාම යන්න.
    ස්වයං වින්දනයට ඇබිබැහිවීම මානසික ගැටලුවක්ද?

    ReplyDelete
    Replies
    1. ස්වයං වින්දනයේ යෙදුනම කෙට්ටු වෙනවද අහපුවාම මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙන්න ඕනෙ.. කියලා තියෙන්නෙ 'එහෙනම් මෙතන කතා කරන මම නොපෙනී යන්න ඕනෙ' කියලා..
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
    2. මහාචාරය නන්දදාස කෝදාගොඩ තමා ඕක නිතරම කිව්වෙ.

      Delete
    3. ස්තූතියි මධාවි... නිවරදි කිරීම ගැන.

      Delete
  8. මාතෘකාවට අදාලව කතාකරනවා නම් මේක ඕකෙම දිගුවක්.

    ඔය කොන්ඩම්ස් නිසා ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්න පුලුවන් කියන එක පට්ටපල් බොරුවක්ලු . උඹලා අහුවෙන්නෙපා ඕවට. මගෙ යාලුවෙක් හොඳට දන්න පොරක් කොන්ඩම් එක දාගෙනම ජෙලස් හස්බන්ඩ් කෙනෙක් අතින් වෙඩි කාලා මැරිලා හිටියලු.

    ReplyDelete
    Replies
    1. සැබෑවක්ද ඔබ පවසන්නේ..?? එහෙනං ඒ හීනෙත් මහ රාත්තිරියෙම ඉවරයි.. (සුපිරි කතාව ඩූඩ්.. එළ කිරි.)
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
    2. වතුර බොන අතර ඩූඩ්ගේ කමෙන්ට් කියවීම භයානකය. ඔපීසියේ සිට කියවීම අතිශය භයානකය. මේ ටයිප් කොරන්නේ වතුර බේරෙන කීබෝඩයකිනි.

      Delete
    3. බොහොම හරි බස්සි.. බොහොම හරි..

      Delete
    4. යකෝ එහෙනම් ඒක මාරක කමෙන්ට් එකක්නෙ. A fatal comment.
      මේකෙන්ම තේරෙනවනේ ආරක්ෂාවෙ තරම.

      Delete
    5. අපේ සයිට් එකේ ඉන්න කොටු පනින්න ගිහින් ගුටිකාපු ඩෑල් එක මතක් උනා.. ශේප් එකේ අහල බලන්න ඕනෙ.. දාලද හිටියෙ කියලා.. කොහොම උනත් දැං ඉතිං පොරගෙ ඉතුරු ඇඳුමත් මම ගලවනවා.. හෙහ් හෙහ් හේ....
      ජයවේවා..!!

      Delete
  9. හද පායනකොට පිස්සු තද වෙනද?

    ReplyDelete
    Replies
    1. හඳ දැක්කත්.. ලඟට ගියත් මක්කද වෙනවා බං..
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
    2. මූ හඳ දිහා බලාගෙන ලියල තියෙන්නෙ...

      Delete
  10. හරිම දාර්ශනික අදහස් නෙ.

    ReplyDelete
    Replies
    1. මල් රොන් වල 'බලය.. ජවය.. ශක්තිය' තමා ඉතිං..
      නීතිගත කරා නං රටම දාර්ශනික වෙනවා.. ඕ යේස්..
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  11. ඔය මොන කේන්ද්‍ර (කේන්දර..) බලල බැන්දත් කසාද බැඳීම යනු අන්තිමට.. කඩේට යනු.. උයනු.. අරක ගේනු.. මේක කරනු.. ඒක නොකරනු.. කනු.. (නො) බොනු.. වගේ ගනු දෙනු ටිකක් තමයි අන්තිමට ලබ්බෝ.. :(

    ReplyDelete
    Replies
    1. ඇයි 'ලඟින් උන්නු නැති ටික කාලෙට... ඔයා හුඟාක් වෙනස් වෙලා...'
      ඔන්න ඔය කතාව ඇහෙන කොට තමයි කඹේ ගිලලා මැරෙන්න හිතෙන්නෙ.. හ්ම්ම්.... (නො ) බොනු...!!
      ඉවසන්නෙ කොහොමෙයි ඉතිං..
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  12. හැක් යකෝ දැන් එතකොට මමත් ගනුදෙනුවක්ද මේ කොරගන්න යන්නේ?

    ReplyDelete
    Replies
    1. ගණු දෙණු??? ඒව කොහෙද බං.. මෙතන තියෙන්නෙ බෙදා ගැනීම්..
      හෙහ් හේ...
      ජයවේවා..!!

      Delete
  13. යකෝ..මිනිස්සු බැංකු එක්ක ගණු-දෙණු කරනවාට වඩා බෙල්ලට කඹේ දාගන්න කරන ගණු-දෙණු වලට උනන්දුයිනේ සෑහෙන්න...

    ReplyDelete
    Replies
    1. බෙල්ලට කඹේ දා ගන්න... අදින අදින විදිහට නටන්න.. කොච්චර නම් ආසයිද? ඒ ආසාව දිගටම තියාගන්න එක කඹේ අල්ලන් ඉන්න එකාගෙ දක්සතාවෙ.. (කොහොමෙයි උපකල්පන මත ටෝක්??)
      හෙහ් හේ...
      ජයවේවා..!!

      Delete
  14. කඹේ ගහක ගැටගහලනං, ඒ කෙන්ද්‍රය වටා තවදුරටත් පරිභ්‍රමණය වීම කඹය කොටවී බෙල්ල හිරවෙන මගුලකි. මේක විවාහයට ආදේශ වෙන තැන තමා පුරස්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ නැතෝ...
      කඹේ කොණ ගන්න කෙනා හරි ගැටේ ගහන්න ඕනෙ.කඹේ එතෙන්නැතුව කැරකෙන්න.
      නැත්තං ඉතින් ගොනාට තෙරුනාම හෙමින් හෙමින් බෙල්ලටම හිර උනා කියලා.... බඩු බනිස්..
      ජයවේවා..!!

      Delete
  15. ලස්සනයි ගස්..... ඒත් ඔය ගොන්නු නම් විස්වාසම නැති ජාතියක් අප්පා....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මචං කඹයක් දාලම රැක ගන්නෙ.. ගොනා නෙ..
      හෙහ් හේ...
      ජයවේවා..!!

      Delete
  16. දැන් මම මොකද්ද කියන්න ඕනේ?

    ReplyDelete
    Replies
    1. //දෙපසටම ගම්‍ය වේ//
      අදාලව හිතෙන දෙයක්..
      ජයවේවා..!!

      Delete
  17. උඹ තාම කසාද බැඳල නැති බව හොඳින් තේරෙනවා.බැඳපු දාකටත් තව පෝස්ටුවක් ලියපං.එතකොට දෙකේ වෙනස බලමු.

    ReplyDelete
    Replies
    1. උපකල්පන... උපකල්පන...
      බලමුකො ඒ වැඩෙත් කොරලා..
      ජයවේවා..!!

      Delete
    2. //උඹ තාම කසාද බැඳල නැති බව හොඳින් තේරෙනවා.බැඳපු දාකටත් තව පෝස්ටුවක් ලියපං.එතකොට දෙකේ වෙනස බලමු.// මමත් කියන්න හැදුවේ මේකමයි. ගොනාට කන්න වෙන්නේ තණ නෙවෙයි එහෙමනම්...

      Delete
    3. ඕක තියරිය.දැන් ප්‍රැක්ටිකල් කොරනවා.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  18. බලහන්කො බැඳලා.. ඊට පස්සෙත් ලියහන්කෝ....

    ReplyDelete
    Replies
    1. ඇයි මචෝ... කඹේ වෙනුවට දංවැලක් වත් දානවාද දන්නෙම නැතිව..
      හෙහ් හේ....
      ජයවේවා..!!

      Delete
  19. කසාදේ හොඳට හිටියොත් හොඳයි නරක් උනොත් හුටස් ජීවිතේම. ලනුව ගැටගහගන්න දෙනවනම් හරියන ගෑනියෙකුට තමයි දෙන්න වෙන්නේ නැති උනොත් මේ කේ කියල තියෙන ඒවයින් ගැලපෙන ටික වෙයි ඕං.

    ReplyDelete
    Replies
    1. ආයෙ මක්කෙයි... හරි ගෑණියෙකුට දෙන්න ඕන වගේම හරියන ගොනෙක්ගෙ ලණුවක් තමයි අල්ලගන්නත් ඕනෙ... නැත්තං ඉතින් බඩුම තමා..
      හෙහ් හෙහ් හේ..
      ජයවේවා..!!

      Delete
  20. බැදපු එකාලු දන්නෙ කන්නෙ ඇඹුල් අඹයක් කියලා...ඒත් වටේ පිටාවෙ ඉන්න උන් හිතන්නෙ මී අඹයක් වෙන්න ඇති...පට්ට රහ නිසා අපිත් කන්න ඕන‍ෙ කියලා...කසාද මිනිහා එලියට එන්න සිහින මවනවා...එලියෙ ඉන්න තනිකඩයා ඇතුලට එන්න සිහින දකිනවා...එහෙම නේද ලබ්බො....

    ReplyDelete
    Replies
    1. යේස් යේස්.... 'කශාඩය වනාහි අමු අඹයකි.වටේ උන්ගේ කටෙන් කෙල බේරෙයි.නමුත් කන එකාගේ දත් සැට් එක හිරි වැටෙයි.'
      ගස්ලබු තියරිය දෙන්නම ඇප්ලයි කොරගත්තොතින් නම් සිරෝ.. වැඩේ අඹ අච්චාරුවක් වගේ ලෙසටම තියෙයි.. (ඒකත් උපකල්පනයක් පමණි.)
      හෙහ් හේ..
      ජයවේවා..!!

      Delete
  21. මෙහෙමය් මචන්, ඉන්දලා හිටලා කම්බේ කඩාගෙන ඔය ලග පාත නැතිනම් කෝහේහරි වත්තකට පැනලා ආවාම තමා ඔය ජීවිතය හොදට ගෙනියන්න පුලුවන් වෙන්නෙ. නැතිනම් ඉතින් දකුනු අතින් වම් අත අතගානවා වගේ මෙලෝ රහක් නැතිවෙනවා කාලය ගියාම, පලපුරුද්දෙන් කියන්නෙ මලයට.....

    ReplyDelete
    Replies
    1. හැමදාම චිකන්ම කන්න බෑ අයියෝ.. කියලා කෙල්ල කිව්වලු.
      මමත් කියන්නෙ ඒකම තමයි බබා.. කියල කොල්ල කිව්වලු.
      හෙහ් හෙහ්....
      //දකුණු අතින් වම් අත අතගානවා වගේ// අනිච්ච්ඡේ.....
      හුකෑස්..
      ජයවේවා..!!

      Delete

  22. මේවනේ යකෝ පාසල් විශය නිර්දේශයට දාන්න ඕනේ පාඩම්....
    හරි අපූරුයි ලිය්විල්ල.......
    කෙල්ලෙක් සැට් කොර ගත්තම පෙන්නන්න ඕනේ මේක....

    ReplyDelete
    Replies
    1. වාසනාවන්ත උඹ කෙල්ලෙක් සෙට් කරගෙන කාලකණ්ණියෙක් වෙන්නද හදන්නෙ බං?
      ජයවේවා..!!

      Delete
  23. ගස්.එතකොට උඹ දැන් ගොනා වුණි ඈ? බොහොම සන්තෝෂයි..:D
    දැන් ඉතින් තියරියක්වත් හදන් හචිමක් යවන් හිටු මලේ..මක් කොරන්නෙයි වෙන..:P

    ReplyDelete
    Replies
    1. හත්තලාමෙ වෙච්ච දේට මක්කොරන්න දෑ..
      ජයවේවා..!!

      Delete