Wednesday, December 16, 2015

කැච් යූ ලේටර්..


හායි වට්ස් අප් බෙබ්..
වයි ආ යූ ලාස්ට් නයිට්... 
ආවෙ නා නෙ චැට් එකට.?
ඕ.. පාටීස්..
හරි වෙනස් කල්චර් නේ?
සැලරි හොඳට ඇති උයාට
ඩොන්ට් ස්මෝක් ඉන්ෆ්‍රන්ට් ඔෆ් මී මෙයා
උයා දන්නවානෙ..
මම මැරිකරන්නෙ නා අනේ..
ජොබ් එක කරගෙන ඉන්නවා..
නෙක්ස්ට් වීක් ???
ම්..ම්.. ම්.....ම්..
නෙක්ස්ට් වීක් ඕකේ..
මම ආදරේට ආදරෙයි 
අයි ලයික් යූ කලූ....
ගොඩක්ම
වට්ස් යුවර් ප්ලෑන්ස්..?
ඩ්‍රීම් කා එක..?
අව්වෙ ඉන්න එපා...අයියො
කොල්ල කළු වෙනවනෙ...
ඒ.. මාරයි අවුරුදු ගානක් නේ..
ඕ ශිට් හැපන්ස්..?
ඔයා පව් අයියෝ...
ආයෙත් ජොබ් කරමු අපි
ශිට් හැපන්ස් අගේන් ඇන්ඩ් අගේන්??
රිකවර් වෙන්නකෝ...
අයිම් ලිට්ල් බිට් බිසී අනේ...
හරි ටයඩ්..
කැච් යූ ලේටර්..


40 comments:

  1. හරි හරි, මේක ලියලා තියෙන්නේ මී උගුලක් විසින්. කැච් යූ ලේටර් කිව්වේ ඒ නිසානේ. අව්වේ ඉන්න එපා කියන කොටසේ, කො යන්නද පො යන්නද හරි එක?

    ReplyDelete
    Replies
    1. ඉහ නිකට පැහිල තියෙන්නෙ ඉඩෝරෙට නෙමෙයි කියලා ආයෙ අමුතුවෙන් තහවුරු කරන්න දෙයක් නෑ.හෙහ් හෙහ්....
      'පො' දැම්මොත්..? හපෝ..යි. ඒත් අව්වට??
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  2. ඕකේ, කැච් යූ ලේටර්.

    ReplyDelete
    Replies
    1. ඩිනේශ්.. නෙවර් කියන්න... ඕකුන්ට නෙවර් ම කියන්න..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  3. සම හරකෙක් ඩබල් ගේමක් ගහනවා කියලා ආටක නාටක ලියනවා

    ශිට් හැපන්ස් අගේන් ඇන්ඩ් අගේන්??

    වටෙන් නේද මේ කියන්නේ ඔලුව අත නොගා ඔන්න

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නෑ ඇනෝ
      ජයවේවා..!!

      Delete
  4. කලු වේවි අව්වට යන්න එපා...
    හරි සුදු එකානේ...

    ReplyDelete
    Replies
    1. සුදුයි තමයි යකෝ....................... ( හැබැයි දත් ටික.)
      හෙහ් හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  5. විල්ලුද පුන්චි දෙපා
    කලු කර ගන්න එපා
    අව්වට යන්න එපා දහවලේ.


    ද්වී භාෂා කවියක් නෙහ්.

    ReplyDelete
    Replies
    1. බාසා වෙල්ලො කොරන වැඩ වලට එක බාසාවක් මදි කසුනො...
      හෙහ්..හෙහ්..
      ජයවේවා..!!

      Delete
  6. උඹත් උපේක්ෂා වගේ කවි ලියන්න පටන්ගත්තද ?

    ReplyDelete
    Replies
    1. හෑ... එහෙමෙයි? පිච්ච මලක් කනව යකෝ මේ කතාවට..!!
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සොරි ඇනෝ.බොහොම කණගාටුවෙන් කියන්නෙ.අපහාසයට ඉඩක් නැත.
      (තැංකිව් කමියා.උබ කරපු දෙයිං ඇස් ඇරුනෙ.)

      Delete
  8. අව්වෙ ඉන්න එපා...අයියො
    ලබ්බ කහ වෙනවනෙ...
    ශිට් හැපන්ස් අගේන් ඇන්ඩ් අගේන් ඇන්ඩ් අගේන්??

    ReplyDelete
    Replies
    1. සබ්බේ ලබං අයියො..
      ශිට්..? ආ.. මේ තියෙන්නෙ
      http://gaslabba.blogspot.com/2015/11/blog-post_16.html
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  9. විලෙන් තනමල්
    නෙලා වන මල්

    පාවිච්චි කලා දෝ?

    ReplyDelete
    Replies
    1. නැතුව සික් එක... සික් එක... මෙව්වා ලියවෙන්නෙ වෙන මොනවටද ඉතිං..
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  10. කැච් යූ ලේටර්........... හිටිං පස්සේ අල්ලාගන්නං කියලා නේද????

    ReplyDelete
    Replies
    1. ඔය කුරුට්ටො තේරුනේ යස අගේට... (අත්දැකීම්ද මන්දා.)
      ජයවේවා..!!

      Delete
  11. මොනව කියන්නද? මට මතක් උනේ මහාචාරිය සුනිල් ආරියරත්න නන්දා මාලනීට ලියා දීලා ගායනා කරවපු “යනවානං අනේ මං අරං“ සිංදුව. ඒකෙන් ප්‍රබුද්ධ දෙපොළක් තරුණයන්ගෙ මල් මල් සිහින ගැන කරන කෝචොක් එක.

    මට හිතෙන්නෙ, අපි මේ ලියන ඒවයිං වෙන්නෙ ඒ වගේ කෝචොක් කිරීමක් විතරයි. සමාජය වෙනස් කරන අදිෂ්ඨානයෙන් අපි වැඩ කළත්, ඒ අරමුණ ඉෂ්ට වෙන්නෙ යන්තමින්. (වෙන්නෙම නෑ කියන එකයි මට පේන්නෙ.)

    ReplyDelete
    Replies
    1. එකෙක් හරි ඩ්‍රැකියෝ... එකෙක් හරි ගොඩයයිනෙ.. අඩුගානෙ මුකුත් නැතුවට වඩා එහෙම හිතුනත් ඇති. නැද්ද මචෝ.
      ජයවේවා..!!

      Delete
    2. මට හිතෙන්නෙ, අපි මේ ලියන ඒවයිං වෙන්නෙ ඒ වගේ කෝචොක් කිරීමක් විතරයි. සමාජය වෙනස් කරන අදිෂ්ඨානයෙන් අපි වැඩ කළත්, ඒ අරමුණ ඉෂ්ට වෙන්නෙ යන්තමින්. (වෙන්නෙම නෑ කියන එකයි මට පේන්නෙ.

      මෙහෙම වෙනවා කියලා ඩ්‍රෑකි හිතෙනවද? ඔය කියන වෙන්ඩ පොශ් අයියලා මිසක් හැබෑ පොශ් අයියල අක්කලා හෝ නංගිලා මල්ලිලා මේ දේවල් කියවන්න එන්නෙත් නෑ.
      අනික මවා ගත්ත පොශ්කමක් ගාගත්ත එවුන්ට උන් මඩ් වෙනවා කියලා තේරෙන්නෙත් නෑ උන්ට ඒකත් පොශ්....
      මට හිතෙන්නේ ඒකයි!

      Delete
    3. @Buru Babe
      එක්කෙනෙකුගෙ එක ලිපියකින් වෙනසක් හිතන්න අමාරුයි.ඒත් ගොඩක් ගස්ලබ්බ කියවපු බ්ලොග් වලින් මතුකරන්නෙ මනුස්ස වටිනාකම් කියන එක... ලිපි දෙක තුනක් කියවන කෙනාගෙ උනත් යටිහිතට අදහසක් ගිහින් කවදා හරි ඉස්මතුවෙයි කියන දේ ගස්ලබ්බ හිතනවා.. මොකද බ්ලොග් දිරන්නෙ,කාවො කන්නෙ නැති නිසා. වෙන්ඩ පොස් කියන්නෙ වල්මත් උන ඈයො.ගොඩ දෙනෙක් හරි පාරෙ සේයාවක් දැක්ක ගමන් ඒකෙ යනවා.
      ජයවේවා..!!

      Delete
    4. Buru Babe,

      /ඔය කියන වෙන්ඩ පොශ් අයියලා මිසක් හැබෑ පොශ් අයියල අක්කලා හෝ නංගිලා මල්ලිලා මේ දේවල් කියවන්න එන්නෙත් නෑ.
      අනික මවා ගත්ත පොශ්කමක් ගාගත්ත එවුන්ට උන් මඩ් වෙනවා කියලා තේරෙන්නෙත් නෑ උන්ට ඒකත් පොශ්....
      මට හිතෙන්නේ ඒකයි/

      ඒකට මං එකඟයි. ඇනස්ලි ඩයස් සහ පිරිස කාලයක් තිස්සෙ සමාජයේ දුර්වල තැන් පෙන්වමින් ඒවා හාස්‍යයට ලක් කළා. සෝමවීර සේනානායක “යශෝරාවය“, “අසල්වැසියෝ“ වැනි නිර්මාණ තුලින් කළෙත් ඒකමයි. ඒත් සෝමවීර සේනානායක ම කියනවා, යශෝරාවය එකේ තාත්තගෙ චරිතය නිර්මාණය කරන්න වස්තු බීජය සැපයූ මනුස්සයා, යශෝරාවය බලලා කිව්වලු, “අන්න මිනිස්සු. මට උන්දැව මුණගැහුනොත් අඩියක් අරං දෙනවා.“ කියල.

      Delete
    5. ගස්,

      මං කිව්වෙ අධෛර්යමත් වෙන්න දෙයක් නෙවෙයි. තමන් කරන දේ දිගටම කරගෙන යාම තම පුරවැසි යුතුකමයි. ඒත් ලොකු බලාපොරොත්තු තියා නොගෙන යථාර්ථය තේරුම් ගැනීම වැදගත්. එහෙම නොවුනොත්, තමන්ගෙ අපේක්ෂාභංගත්වයෙන් සිද්ධ වෙන්නෙ (මධ්‍යස්ථ මතධාරියා වගේ) තවත් හොඳ බ්ලොග් කාරයෙක් අහිමි වෙන එකයි.

      Delete
  12. කැච් යු පස්සේ මෙයා...
    මොන හුයන්නක්ද...

    ReplyDelete
    Replies
    1. මටත් මලපනිනවා චාමර..!! ආ.. නෑ.. ලොකුපුතා..!!
      ජයවේවා..!!

      Delete
  13. මොකද්ද බොල මේ??? තෝව කැච් යූ ලේටර්...

    ReplyDelete
    Replies
    1. කැච් කැච් මචං.... හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  14. කැච් යු ලේට මෙය කියවා බෙහෙත් ගන්න යන ගමන් මොලේ ගැට ගැහුනා

    ReplyDelete
    Replies
    1. ආ... එහෙනම් මොලේ ගැට ගැහුනු එකටත් බෙහෙතක් ගමු ශානු.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  15. මාල පොෂ් අනා........

    ReplyDelete
    Replies
    1. අනා මධූ...මල කෝලං අයියො
      ජයවේවා..!!

      Delete
  16. අනේ මංද බං හැම එකාම උජාරුවෙන් කතාකරනව සරල කම ගැන. ඒත් උන් දඟලන්නෙම ගොං පොෂ් වෙන්න.

    ReplyDelete
    Replies
    1. වෙන්න පොස් ගොන්නු හරි භයානකයි මනෝශ්.. ඕ යෙස්..
      ජයවේවා..!!

      Delete
  17. මට මේකට ලියන්න කිසිම දෙයක් නෑ. ස්කුබීට වගේ තේරුම් ගියේ නෑ

    ReplyDelete
    Replies
    1. විචා සීයා ඉඟියක් දීලයි තියෙන්නෙ.. අත්දැකීමෙන් 'ලු'...
      සාදරයෙන් පිළිගන්නවා සුරංග.. දිගටම එන්න ගස්ලබු ඇට ගනින්න..
      ජයවේවා..!!

      Delete