Friday, April 22, 2016

පොල්




ඉරිමා උදේ මල් පූදින වෙලාවේ
මුළුතැන් ගෙයයි කඩිසර මුල් තැන ගන්නේ
කරස් බරස් හඬ දසතම පැතිරෙන්නේ
පොල් ගෙඩියයි දවසෙ ඇරඹුම අරගන්නේ


තිබුනොත් කඩා ලෙලි ගසලා පිලිවෙලට
උම්මා එක්ක තේ එක එයි අත ලඟට
කඩලා නැති උනොත් නිසි කල වෙලාවට
පණ එන්නේ ඇගෙ කටට සහ ලොකු හැඳි මිටට

පැහිලා වැටෙන පොල් ගෙඩි අහුලාපන්නේ
ඔලුවේ ගෙඩි ගැහුනු තැන් ටික තවමින්නේ
කඩමණ්ඩියේ නිරතුරුවම ඇවිදින්නේ
පොල් ටික කඩා දෙන්නට කවුරුද එන්නේ

මේ සතියෙ නම් ඉඩ නෑ නේ මට එන්න
ඕඩර් පොත බලා ඉඩ බුක් කර ගන්න
මම එන වෙලාවට නිවසේ ඔබ ඉන්න
ඇමතූ අංකයෙන් ලැබුනේ පිළිතුරු ඔන්න

නවතා තෙසක් රිය සෙවනැති ගහක් මුල
නළුවෙක් වගේ ඇඳලා හැඩ කොට ඩෙනිම
බලලා පැහුන ඉත්තෙන් තෝරා කඩන
පොල් බිම වැටෙයි කැඳවාගෙන සිත් සහන

නෝනගෙ මල් පෝච්චි පැල හැම බේරනවා
නිසි කාලෙට ඇවිත් පොල් කඩලා දෙනවා
තව පොඩි වැඩත් ඕනෑ නම් කර දෙනවා
පොල් මහතා බිස්නස් කාඩ් එක දෙනවා


   *
නිමිත්ත
තණකොල කපන රත්නේ ගේ බිස්නස් කාඩ් එක.

71 comments:

  1. හික් හික්... ඒ සිරාවට. අපේ පැත්තෙත් දැන් පොල් කඩන්න කලින් කෝල් කරල දවසක් දාගන්න ඕනෙ ගස්. Appointment නැත්තං පොලුත් නෑ.

    ReplyDelete
    Replies
    1. දවසක් දෙකක් නිවාඩු දාන කේස් එකක් වෙලා තියෙන්නෙ පොල් කැඩිල්ල.කීය දීල හරි කමක්නෑ..
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  2. අඩේ ඒකත් නියම බිස්නොස් එක නේ බං...!

    ReplyDelete
    Replies
    1. සිරාවටම ගොඩ යන්න ඇහැකි..
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  3. මේ පැත්තෙ තාම නෑ... හැබැයි හොඳ ජොබ් එකක් වගේ පටන්ගන්නවානම්...

    පද පෙලත් මරු....
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. මොළයක් තියෙන මිනිහෙකුට ඔළුව උස්සන්න නියම චාන්ස් එක.. හෙහ් හේ
      ජයවේවා..!!

      Delete
  4. හත්තිලව්වයි මටත් දැන් ම කාඩ් එකක් අතින්වත් ලියාගන්න වෙනවා......... ඒත් ඉතින් මොකට කියලා කාඩ් එක ලියාගන්නද???????

    මේක කියවගෙන යද්දි මතක් වුණා අද දැකපු සුනිල් පෙරේරාගේ හොදි සින්දුව....... මේකට ඒකත් පට්ටෙට ගැලපෙනවා... උඹේ කවි ටිකනං සුපිරියි.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. හෑන්ඩ් මේඩ් විසිටිං කාඩ්.. සෑහෙන අගයක් තියෙයි. හෙහ් හේ
      ඉස්කෝතුයි..
      ජයවේවා..!!

      Delete
  5. මරු ජොබ් එක... අය කිරීම කොහොමද???

    කවි පද ටිකත් අපූරුයි...
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. කීයක් දීලවත් හොයාගන්න බෑ ... ගස්ලබ්බත් ඇහැගහගෙන ඉන්න ජොබක්.. හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  6. පොල් කඩනවා.. ගස් වල අතු කපනවා.. ළමයි බය කරනවා.. ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහනවා.. ආ..අ..අ.. කවදවත් නැති වෙන්නේ නැති බිස්නස්..

    ReplyDelete
    Replies
    1. ආ.. ඒ ඔයාගේ රස්සාව නේද? මම කිව්වේ පොල් කඩනවා, තැඹිලි බානවා, ළිං කපනවා, ටැප් අරිනවා වගේ....

      නෑ මම මේ නිකන් කිව්වේ. NGO සල්ලි වෙච්චිකොට මට මොකෝ නෙහ් ?

      Delete
    2. @කමියා
      ආරක්ශාකාරී ලෙසට කෝමෙයි මේවා කොරන්නෙ හැබෑට??

      @උපේ
      ඔව්ව කුමන්ත්‍රණ

      ජයවේවා..!!

      Delete
  7. පොල් කඩන එකට මැසිමක් ඩ්‍රෝන් ආස්‍රයෙන් හදල අලුත් බිසිනස් එකක් පටන් ගන්න ඉන්නෙ මන් ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. පොල් කැඩීමේ ඔන්ලයින් ඇප් එකක් දක්වා දියුණුවේවා..!
      හෙහ් හෙහ් හේ..
      ජයවේවා..!!

      Delete
  8. මරු ජොබ් එක කාටවත් යටත් නෑ.සලකල බලන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. වැඩ වර්ජනයක් උනත් කරන්න ඇහැකි තරම් බලපෑමක් තියෙන ජොබක් අයියෙ..
      හෙහ් හෙහ් හේ..
      ජයවේවා..!!

      Delete
  9. මොඩර්නයිසේෂන්..... කාලයේ තාලය.

    ReplyDelete
    Replies
    1. බැන බැන ඉන්නැතුව දියුණු වෙන ක්‍රමේ අල්ලගත්තු මිනිස්සු තාම ඉන්නවා මචෝ..
      ජයවේවා..!!

      Delete
  10. ගස් ලබ්බගේ පොල් කඩලා දෙන උන්දෑ
    ඕනැම වැඩක් කර දෙනවා කී හන්ඳා
    අම්ම කෙනෙක් වෙනවලු ගෙදරැති උන්දෑ
    පොල්ද පැපොල් දැයි දන්නෑ අනෙ මන්දා

    ReplyDelete
    Replies
    1. පොල් කැඩිල්ල ගැන හොඳ හැටියට දන්නා
      ලෑන් සීය කීවා හොඳ කතාවක්
      ලබ්බට තදට හෙණ වැදිලා තියෙනකොට
      හැම දෙවියනේ 'අහවල් දේ' රඛෝ රඛෝ
      ජයවේවා..!!

      Delete
  11. Replies
    1. ශෝයි දත් සැට් එක..
      :D
      ජයවේවා..!!

      Delete
  12. නියම බිස්නස් එක හැබැයි.. කිසිම දවසක පාඩු වෙන්නෙ නැති බිස්නස් එකක්.

    ReplyDelete
    Replies
    1. ඕ යේස්.... ඉල්ලුම බොහොම වැඩියි.. දියුණු කරගෙන ලෙවල් එකට කරන්න පුළුවන්.
      ජයවේවා..!!

      Delete
  13. මේ සතියෙ නම් ඉඩ නෑ නේ මට එන්න
    ඕඩර් පොත බලා ඉඩ බුක් කර ගන්න
    මම එන වෙලාවට නිවසේ ඔබ ඉන්න
    ඇමතූ අංකයෙන් ලැබුනේ පිළිතුරු ඔන්න///////////

    පිස්සුද බන් අපේ ඒරියා එකේ බුකින්ග්ස් ඔන් ලයින් ඔන්ලි.... වෙබ් සයිට් එක ඩිසයින් කරලා තියෙන්නේ පොරගේ පොඩිපුතා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අරූ...
      අන්න කොල්ලො.. ඇත්තටම හොඳ වෘත්තීය මට්ටමකින් කරන්න පුළුවන් රැකියාවක්.. හැබැයි පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න ඕනෙ.
      ජයවේවා..!!

      Delete
  14. ෆියුචර් ගෝල්ස් බේබෙයි....යෙහ්....හැක්..ඔන්න කොපි කොලා...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් දබොස්...
      ඕ යෑස්... වන් ඩේ විලිං ටු ඇචීව් ඉට් කිව්වලු කවුද එකෙක්.. හෙහ් හෙ
      ජයවේවා..!!

      Delete
  15. ඩෙනිම් ජංගි කෑල්ලක් බැරිනං ෆුල් සූට් ඇඳලා හරි කමක් නෑ, හරිය පැහුණු පොල් ඉත්ත කඩලා දෙනවනම්.

    අර තව තව පොඩි වැඩ ඕන්නෑ. එව්වා වැඩි වැඩ.

    ReplyDelete
    Replies
    1. සම හරක් පැහුණු ඉත්තෙන් ගෙඩි දෙක තුනක් කඩලා බාල ඉත්ත කඩලා බහිනවා.. ආයෙ සතියෙන් දෙකෙන් කඩන්න ඕනෙ.උන්ට පොල් පෙන්නන්න හිතෙන්නෙ එතකොට තමා..
      වැඩ කිව්වෙ ඔය.. කමිය කිව්ව වගේ මකුළුදැල් කඩන ඒවා.. තැඹිලි බාන ඒවා.. පොඩි උන්බයකරන.. හැට්ටකටු.. ආ.... එපා නේද කිව්වෙ.. එහෙනං එපා එපාමයි.
      හෙහ් හෙ
      ජයවේවා..!!

      Delete
  16. මමත් පොල් කඩන බුවාලගෙ ආඩම්බර තරම් ආඩම්බරයක් තව දැකලා තියෙන්නේ බොහොම ටික දෙනෙක්ගෙ විතරයි. ඒකත් හරි. ඉහල යන්න හැකි රස්සාවක්නෙ. ආයෙ ඔහොම එකකට තියෙන්නේ විදුලි සෝපාන ක්‍රියාකරු.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙ.. ඉහල තැන්වල රස්සා කරන ගොඩ දෙනෙක් ඔහොම තමයි නේහ්..? ඒක මරු කතාව..
      ජයවේවා..!!

      Delete
    2. හෙහ් හෙ.. ඉහල තැන්වල රස්සා කරන ගොඩ දෙනෙක් ඔහොම තමයි නේහ්..? ඒක මරු කතාව..
      ජයවේවා..!!

      Delete
  17. ගහට නැගලා පොල් කඩා ගනින්කො ලබ්බෝ
    පොඩිකාලේ පුහුනු උන් නැතෙයි??


    මක්ක උනත් තාක්ෂනෙත් එක්ක යන්න එපයි
    ජයවේවා"

    ReplyDelete
    Replies
    1. පයිලට් ජොබ් එක හැමෝටම කොරන්න බෑ ලුනෙ විදානේ..
      අනාගත ශැට් එක ගහේ තියල තමයි බහින්න වෙන්නෙ... හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  18. මම හිතුවේ පොල් විතරයි තරු වගේ ගණන් කියලා. බලාගෙන ගියාම පොල් කඩන මිනිහත් ඒවගෙනේ...

    ReplyDelete
    Replies
    1. දැං හැමදේම ඕනවාට වඩා ගණන් එකේ ඒ මනුස්සයා විතරක් බේරෙන්නෙ කොහොමෙයි ඉතිං..?
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  19. අර උඹලා පැත්තේම කොල්ලෙක් ඉස්සර දවසක හැදුවා නේද පොල් ගස් නගින්න මැෂිමක් , ඒක දියුණු කරගන්න කවුරුවත් ඒ කොල්ලට අතහිත දෙන්නේ නෑනේ . පොල් ගස් නගින්නන්න්ගේ කුමන්ට්‍රනයක්ද දන්නෙත් නෑ .

    ReplyDelete
    Replies
    1. නිර්මාණ කරන ඈයො නං එමට.. අත දීමක් නම් දකින්න නෑ.. ඒක ඉතිං අනන්‍යතාවයක් වගේ වෙලානෙ දැං කාලෙ...
      ජයවේවා..!!

      Delete
  20. අපේ පැත්තේ පොරක් හැදුවා පොල් ලෙලි ගහන මැසිමක් ලොකු පෙට්ටියක් වගේ මේ පැත්තෙන් පොල් ගෙඩිය දාපුවම එහා පැතෙන් පොල් ගෙඩිය ලෙලි ගැහිලා එලියට එනවා. අපේ එකෙක් ඒකට එබිලා බලනකොට අරු අමුඩේකුත් ගහගෙන පොල් ලෙලි ගගාහ අනිත් පැතෙන් එලියට දානවලු

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.... උඹලගෙ පැත්ත තමයි පැත්ත.. ඇයි බං අර වතුරෙන් දුවන කාර් එකෙත් ඔහොම මරසියක් ලුනෙ ගහල තිබුනෙ..
      ජයවේවා..!!

      Delete
  21. කතාව නම් සහතික ඇත්ත...

    අදහසක් ආපු පලියට කලබලේ කවි ලියලා දාන්න කලබල වෙනවට වඩා.... කීප සැරයක් තමන්ම කියෙව්වාම වැරදි තැන් තමන්ටම හදා ගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. එසේය එසේය අයියණ්ඩි.. කලබලේ කියන්නෙ.. හිතුනා.. ඒ ගමන්ම ලිය උනා... පොටෝ එක හොයන පරක්කුව විතරයි ගියේ.. දැං කිව්වාම බලනකොට තමයි එක එක අහුවෙන්නෙ.. ඉස්කෝතුයි උපදේසෙට.
      ජයවේවා..!!

      Delete
  22. පොල් කඩනවා.. තැබිලි බානවා.. ගස් වල අතු කපනවා.. පවුල් කඩනවා....හැක් හැක්

    "පොල් කඩලා ගාලා දෙන්නම්
    රෙදි සෝදා වේලා දෙන්නම්"

    ReplyDelete
    Replies
    1. බලන්න අතීතයේ ඉඳන්ම පොලේ තමයි පවුලෙ බලේ.. හෙහ් හේ..
      ජයවේවා..!!

      Delete
  23. ඉස්සරනම් මටත් ගහකට බඩ ගාන්න පුළුවන් කම තිබ්බා...
    ඒකට දැන්, ගහ පෙරළලා බිමට දැම්මොත් මිසක් ගස් යනවා බොරු...

    ReplyDelete
    Replies
    1. දැං හේත්තුවෙලා ඉනත් ගස් පෙරලන වැඩේ නම් කොරන්න පුළුවං කියලයි ආරංචිය.. ඩෝසර් නැතුවම. හෙහ් හේ..
      ජයවේවා..!!

      Delete
  24. පොල් බාස් කෙනෙක් වත්ද??

    ReplyDelete
    Replies
    1. හා.. අර ප්‍රසිද්ධ පුවක් බාස් වගේ නේහ්? හෙහ් හේ..
      ජයවේවා..!!

      Delete
  25. ඉන්දුනීසියාවෙද කොහෙද වඳුරො පුහුණු කරනවලු ඔය වැඩේට.

    ReplyDelete
    Replies
    1. මෙහේ නම් පුරුදු කරන්න දෙයක් නෑ.. ඇට්ටියක් තියන්න දෙන්නේ නෑ...

      Delete
    2. @වඳුරො අල්ලන උගුලත් හදන්නෙ පොල් ගස්වලම නේද?
      මෙන්න මෙහෙමයි අහල තියෙන්නෙ..
      පොල් ගෙඩියෙ අත දාන්න(වඳුරට.) පුළුවන් හිලක් හදලා ගලක් දානවාලු ඇතුලට.වඳුරා මේ හිලෙන් අත දාල අර ගල අල්ලගත්තාම අත එලියට ගන්න බෑ.ඌ ගල අතාරින්නෙත් නෑ.පොල් ගෙඩියක් අතේ බැඳගෙන ගහෙන් ගහට පනින්න බැරුව ඌ මාට්ටු වෙනවා.. කොහොමෙයි ගේම? තන්හාය ජායති සෝකෝ වඳුරෝ.. කියල කියල දෙන්න වෙනව.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  26. අපේ පැත්තෙ ඝස් ලබ්බවල් කඩනෙ එවුන්ගෙත් හෙන රැස්පොට් එක බං

    ReplyDelete
    Replies
    1. උඹලට දොස්තරලා නෑස්ලා රැස්පොට් දැම්මට අවුලක් නෑ නේද හිටං

      Delete
    2. දොස්තර අක්කලා හා නර්ස් අක්කලා දාන රැස්පොට් අවුලක් නෑ ......හැක් හැක්........මේ වෙනකන් එක ඩොකයි රැස්පොට් දාල තියෙන්නෙ....උගෙන් එපා කියල වෙන ඩොකෙක්ගෙන් බොහෙත් ගත්ත මාතෙ....

      Delete
    3. දැං මොන රස්සාව කොරන අයගෙත් හෙන රැස්පොට් අප්පා...
      එලිපිට බලු වැඩ කරලත් මම දන්නෑ කියන තැනට වට්ටලා තියෙනකොට අහවල් ලබ්බද? හෙහ් හෙහ්
      මාතයියා දන්නවානෙ ගස්ලබ්බ ඩොකාලගෙන් කාපු කට්ට.. හම්මේ.., සැප..
      ජයවේවා..!!

      Delete
  27. හෙහ්. ලබ්බිගෙන් පාන්දර ම කාල වගෙයි.

    ReplyDelete
    Replies
    1. ශ්......කට කට....!! ඔන්න ඕකනෙ බැරි බොලත් එක්ක..
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  28. අපොයි දැංවත් ගස් බඩගාන්න ඉගෙන ගනිං ලබ්බො. හැක්..
    මේ පැත්තෙනං තාම ඕවට මිනිස්සු හිඟයක් නෑ. එකෙක් කඩන්න ආවොත් උෟ දිගටම එනව ඊගාව මුරේ පොල් පැහෙන්නත් ඉස්සරිං.
    අර කිවුව වගේ හෙටානිද්ද වෙනකොට ඔන්ලයින් බුක් කරන්න වෙයි පොල් පොරවල්.

    ReplyDelete
    Replies
    1. මෙහෙ නං පොල් වැඩේ නැගල යනව... ඒත් දැං දැං ඉස්කෝල වලිං එන ආරංචි අනුව නම් ඉස්සරහට අහේනියක් වෙන එකක් නෑ.ගෙඩ්ගරටම වෙලා ඉන්න එකේ ගස්ලබ්බත් බැලුවෙ 'ගස්ගෙඩි හෝල්ඩිංග්ස්' සමාඟමක් පටං අරන් මැනේජර් වෙන්න..
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  29. අදහස අපූරුයි...ඒත් පාර අතුගාන කෙනාගේ ඉඳන්ම සමාජය තුල තිබෙන භූමිකාව කොතරම්ම වැදගත් ද කියල ඒ මිනිස්සු ඒ ක්‍රියාවලිය කරගෙන යන තාක් කල් අපිට එදිනෙදා ජීවිතයේදී දැනෙන්නේ නැහැ...මම හිතන්නේ ඒකයි අද පොල් කඩන කෙනත් බිස්නස් කාර්ඩ් එකක් හදන තත්වෙට පත් වෙලා තියෙන්නේ...එතකොට තමයි අපේ මිනිස්සුන්ට දැනෙන්නේ ඒ අයගේ ශ්‍රමය කොයි තරම් වටිනවද කියල...

    ලංකාවේ තවමත් පවතින වැඩවසම් අදහස් වල ප්‍රතිපල තමයි මේ ධුරාවලි ක්‍රමය...ඒකයි අපිට ගස් නගින මිනිහගේ ලොකු කම් කියල දැනෙන්නේ...අපි හිතන් ඉන්නේ අපි කරන්නේ ඊට වඩා උසස් රස්සාවක් කියල...ඒත් ඉතින් හදිසිය්යකට ගහකට නැගල පොල් ගෙඩියක් කඩා ගන්න බැරුව නෝනගේ නෝක්කාඩුව ඇහෙනකොට තමයි ගස් නගින මනුස්සයගේ වටිනාකම දැනෙන්නේ...

    ඔයා මතු කලේ අපූරු අදහසක්...

    ReplyDelete
    Replies
    1. මුලින්ම සාදරයෙන් පිළිගන්නවා පොකුරු වැහි..
      පොකුරු ගුටි දැකල තිබුනට පොකුරු වැහි දැක්කෙ දැනුයි.
      ඔයා කියපු කතාව හරි.අපි කවුරුත් කරන්නෙ අපේ ශ්‍රමය නැත්තම් දැණුම විකුණන එක..ඒකෙ උස් පහත් බවක් වෙන් කරන්න බෑ..තමුන්ගේ විකුණුම් හැකියාවට අනුව ආදායම තීරණය වන කාලයක්නෙ මේක..
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  30. අම්ම කියනව මං පොල් ගාන්න හපනලු
    ගෙවල් පැත්තෙ දානයක් හේම තිබ්බොත් පොල් වැඩේ බාරවෙන්නෙ මට
    මං ට්‍රයි කරනව චාටර්ම විදියට පොල් ගාන්න
    ඒත් හැමදාම කියන්නෙ මමලු හොඳට පොල් ගාන්නෙ
    මාව අන්දවනවද දන්නෑ පොල් ටික ගාවගන්න

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් උඩුවා..
      හැමෝටම හොඳට කිරි එන්න පොල් ගාන්න බැරි බව හැබෑව.ඒ උනාට කවුරුත් පොල් ගාන්න ආසත් නෑ නෙ.. අපි පොඩි කාලෙ මැල්ලුම් කාපුවාම ඇස් නිල් වෙනවා කියලා මැල්ලුම් කවපු හැටි මතක් උනා...හොඳ ළමයි වෙන්න අපි කවුරුත් ආසයි නෙව..
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  31. gaslabba,atampahura,ambalngoda katha wage wena blog nadda bn

    Madda
    (ofiz nisa log una na oo)

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ හැලප කාල නැද්ද? ගිහිං බලහංකො.. තව ගොඩක් එතනින්ම හොයා ගන්න ඇහැකි. කවුද යකෝ මේ මද්දා...???
      ජයවේවා..!!

      Delete
  32. aniwa yanwa,
    "madda" ekomath eka ofiz ekka kranna wedak nathiwa inna ekke tami oo...
    google log wenna bariyoo firwall ekkin okkoma scan wenooo..

    ReplyDelete
  33. පට්ට .. ලෙසටම ලියල ගස් .....

    ReplyDelete
    Replies
    1. නිකන් පොල් වතුර රා වගේ ය?
      ජයවේවා..!!

      Delete