Wednesday, May 4, 2016

රාල

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

යුද්ධය අවසන් විය.වටිනා ජීවිත රාශියක්,මහා ධනයක්,කාලයක් නාස්ති වූ කාලකණ්නි යුද්ධය අවසන් විය..

ගිණිගන්නා...ගිණි නිවීගිය මැදුරු,ශාලා වලින් අහසට නැගෙන දුම් රොටු තවමත් තැනින් තැන දක්නට ඇති බව යහන් ගැබේ කවුළු සළුපට ඈත් මෑත් කරන කල දකින්නට ලැබෙයි.

රාජකීය වෙදදුරුතුමන්,පුරෝහිත සහ මහසෙනවි සමඟින් යොදාගත් රහස්‍ය මන්ත්‍රණයට නොපමාව යායුතු ය.

මහත් කල්පනාවෙන්ම සිරුරු කිස නිමකරමින්ම තවත් පමා නොවී මන්ත්‍රණය අරඹන්නට රජ තෙමේ තීරණය ගත්තේ යහන් ගැබ අබියස කුටිය ඒ සඳහා සූදානම් විය.

'ජයශ්‍රී රජතුමණි'

'ජයශ්‍රී'  'ජයශ්‍රී'

රජ තෙමේ තිදෙනාට අසුන්ගන්නට අතින් සන් කරමින් රවුම් මේසය වටා අසුන්ගත්තත් කිසිවෙකුත් උනන්දුවෙන් භෝජන ලබාගන්නා බවක් දක්නට නොවීය. එහෙන් මෙහෙන් යන්තම් කුස රවටාගෙන මහත් කල්පනාවට මුල්තැන දී සිටින වෙදදුරුගේත් මහසෙනවිගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලමින් එක් ක්ශීර බඳුනකින් උදෑසන භෝජනය අවසන් කළ රජ තුමා ඖෂධ කල්කය ගිල දමා මන්ත්‍රණය ආරම්භ කලේ අස්පස් කල සියළු දාසයන් ඉවත් වූ පසුව ය.

'මහසෙනවි..
නගරයේ සිදුවන මංකොල්ලකෑම්,ඝාතන සඳහා තවමත් සෙබළුන් සම්බන්ධවන බවට තතු සැලවෙනවා.. ජහග්‍රහණයෙන් ඔදවැඩී මධුපානයේ යෙදුන සෙබළුන් පිරිස් මීට සම්බන්ධ බව සැලයි...'

'එසේය මහරජතුමණි,මීට අමතරව විවිධාකාරයෙන් තම දිවිතොර කරගත් සෙබළුන් ගණනද අඩුවක් නැහැ'

'හ්ම්ම්ම්... වෙදදුරුතුමණි,
ඔබතුමන් දුර්ලභ ඔසු භාවිතයෙන් තනවා දුන් විශේෂ ඖෂධ හේතුවෙන් මා යම්කිසි අස්වැසිල්ලක් ලැබුවද සුවපත් නින්දක්... සැනසිල්ලක් මා හට පවා නොමැති තරම්..
කඩු පහරින් සතුරු හිස් දෙපළු කලේ මා පමණක් නොවේ..
අප මනුශ්‍යඝාතනය කෙලිකමට කලා නොවේ..
ඉදින් සෙබළුන් ගැන කවර කථා ද..??
විසඳුමක් සෙවිය යුතුමැයි..'

'අවසර මහරජතුමණි,
යුද්ධය හේතුවෙන් අතපය අහිමි වූ,තුවාල ලැබූ පිරිස් වලින් අපගේ වෙදශාලා පිරී ඉතිරී ගොසින්.යටත්වූ සතුරු හමුදා තුවාල කරුවන් සියළුදෙනාගේ වගකීමත් දැන් දරන්නේ අපයි.
ශාරීරික තුවාල.. ආබාධ පිළිබඳ ඔබතුමා කිසිසේත් නොතැවෙන්න.. ඒ වගකීම මා භාරගන්නවා.. නමුත්....
නමුත්... අප එක්වී මනසට ප්‍රතිකාර කිරීම වහ වහා ඇරඹිය යුතුයි..ජනයාට පැහැදිලි සන්සුන් මනසක් ලබාදිය යුතුයි..'


'පුරෝහිත තුමණි..,
කලභ්‍ර වංශිකයන්,පුණ්ඩු වංශිකයන් ඇතුළුව සතුරු භූමියේ වාසය කල වාසි ලැබූවන් මහා සංග්‍රාම කාලයේ අසල්වැසි රාජ්‍යයට කෙසේ හෝ පැනගොසින්.ඔවුන් විවිධ අවාසි සහගත අසත්‍ය චෝදනා අපට විරුද්ධව දැන් සිටම පතුරන බව සැලයි...
වහ වහා මෙයට පියවරක් ගත යුතුයි.'

'අවසර රජතුමනි..
එදවස අපගෙන් යම් දඬුවම් ලබා ඔබතුමන් හා හිත් අමනාප ඇති පිරිස් ද මේ හා සම්බන්ධයි.ඔබතුමා වෙතට ලැබී ඇති මහා ජන ප්‍රසාදය ඉවසාගත නොහැකි ප්‍රභූන් පිරිසක් ද යම් යම් කුමන්ත්‍රණ වල යෙදෙන බවක් බුද්ධි තොරතුරු වලින් කියැවුනා.. ඔබතුමා මොවුන් දිනාගත යුතුමයි..

'හහ්... යුද්ධයේ අසීරු අවස්ථාවන්හි මහජන මතය සකස් කරමින් අපහට සහාය දුන් චිත්තධයිරිය වඩවාදුන් මහා සංඝයා විශයෙහි තත්වය කෙසේද?'

'කමාවන්න රජතුමණි.., මා ඉහත සඳහන් කල ප්‍රභූන් රැස්වන්නේත් චීවර ආරක්ශාව පිටයි..ඔබතුමන්ට ඔබතුමන්ගේ කිරුළ රැක ගැනීමට කල්පනාකාරී වන්නට සිදුවේවි...
එසේම ඔබතුමන් වෙනුවෙන් හඬක් නැඟෙන්නේත් සංඝයා තුලින්මයි.මහත් ඉවසීමෙන් කල්පනාකාරී විය යුතුයි රජතුමණි.'

'හහ් හහ් හා... අපට සැමදෙනාම සතුටු කළ නොහැකියි පුරෝහිත.. බලන්න.. සතුරුභූමියේ තිබූ වෙහෙර විහාර ගිණිබත් කරමින් .. වස්තුව කොල්ල කමින් කෙරෙන විනාශයට එරෙහිවයි අප සටන් වැදුනේ...

අහිංසක වැසියන් තලා පෙලා අප දිවයිනේ වස්තුව පිට කරනවාට විරුද්ධවයි අප සටන් වැදුනේ..
 මේ මතය ජනගත කළ යුතුයි..'

'අවසර රජතුමණි..'

'ඔව් සෙනවි.. පවසන්න..'

'සේදමාවත ඔස්සේ එන වෙළෙන්දන්.. වෙනත් වෙළෙන්දන් නාවිකයන් ගැන අප අවධානය යෙදිය යුතුයි.
යුද්ධායුධ වෙළෙඳාමේ යෙදුන ඇතැම් වෙලඳුන් අප හට ආයුධ සැපයූ නිසා ඔවුනට ඇතැම් වරායන් තහනම් කලාප වී ඇති බවට වාර්ථා කලා.. බොහෝ වෙළඳුන් අපව මඟ හරින අවස්ථාවේ අප හා සමඟ සිටි වෙළඳුන්,ඔව්.. ඔවුන් අති විශාල ලාභයක් ලැබූ බව සත්‍යයක්.. නමුත් ඔවුන් වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි..

ඇතැම් වෙළෙඳ ප්‍රජාවන් අප දිවයින වෙළෙඳාමට නුසුදුසු දේශයක් බවට පතුරන මතවාද පරාජය කිරීමට මොවුන් අපට යොදාගත හැකියි..'

සාකච්ඡාව නැවතුමක් නොමැතිවම කෙරීගෙන යන්නට විය...සතුරා උවත් මිනිසෙකු හෙයින් ගරුකල යුතුබව රජතුමාම පෙන්වමින් සතුරු රජ සොහොනට රජතුමා ගරු කරමින් රට වැසියාට ආදර්ශ සපයා දුන්හ.
මාළිගය තුලත් පිටතත් තවමත් ජයඝෝශා.. ප්‍රීති සාද උත්සව පැවතෙන්නටම විය..

මේ අතර හදිසියෙන්ම රාජ ආඤ්ඤාවක් නිකුත් විය.

රට සශ්‍රීක කිරීමේ වගා සංග්‍රාම ඇරඹින..

මගා සංඝ‍යා වහන්සේලාගේ අනුශාසනා පරිදි විශාල පිරිසකට එකවර සහභාගී විය හැකි වෙහෙර විහාර ව්‍යාපෘති ඇරඹුනි.

සෙබලුන් ගේ ශ්‍රමය වැටුප් සහිතව මේ සඳහා යොදාගැනුනු අතර වඩා සුව පහසු කූඩාරම් හා නැවතුම් මොවුන් හට පිලිවෙල විය.

ගම්මාන ආශ්‍රිතව වැව් පොකුණු ඉදිකිරීම් සිදුවිය.. 

ගමේ හැදූ පොකුණ විවෘත්ත කිරීමට පැමිණි මහසෙනෙවිගේ යෝධයා  රැගෙන ආ රා කල ගම්මුන්ට බෙදා දුන් බවක් මතක ඇත..ඒ ජය ඝෝශා තාමත් ඇසෙනවා වැනිය... තමාව යමෙකු ඔසොවන බව රාල ට දැනෙන්න විය.

'ලොකු උන්නැහේ... මොකද..?? ඊයෙ ආපු බස් එක මිස් උනාද?
කඩේ අරින්න තියෙනවා.. මගෙ දවස කාලකණ්නි කරන්නැතුව පව් නොදී යනවද........? කාලකණ්නි මැයි දින කාරයො'

ඇමැති තුමාට ජයවේවා කියා ලොකු අකුරින් ලියූ බැනරයක් පොරොවා කඩපිලේ නිදා උන් මනුශ්‍යයා ඇද දමන ලදින් උඩ බිම බලමින්,තතනමින් ඉවත් වනු පෙනින...



60 comments:

  1. අද ආවෙ මේ පැත්තෙ..නොකිය කතාවක් කියනව වගේ මට පෙනුනෙ

    ReplyDelete
    Replies
    1. කස්ස හොස්ස දාලා නොකිය නෙවෙයි සැම්සුන්

      Delete
    2. මොකක්ද බන් මේ කුනුහබ්බෙ

      Delete
    3. හුනුකබ්බෙ

      Delete
    4. වෙල්කම් කස්සා.. උඹ හරි.. මේක පොඩි පහේ අච්චාරුවක් කොරන්නයි හැදුවෙ...
      ජයවේවා..!!

      Delete
    5. අඩේ ඇනෝ... බොලත් අලුතෙන් වගේ මේ ඉසව්වෙ කොටන්නෙ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  2. දැක්කනෙ,
    හාන්ඳුරුවනේ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි

    ReplyDelete
    Replies
    1. කොහොම කරත් අන්තිමට එකයි.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  3. හැක් හැක්..
    හැම කෙනාටම තම තමන් දකින හීනෙන් නැගිටින්න කාලෙ හරි..
    හුඟක අය හිතං ඉන්නෙ තමං ඉන්නෙ නැගිටල කියල. ඒත් මුං තාම මර නින්දෙ

    ReplyDelete
    Replies
    1. නිදි මන්තර.. අංගම් පිඹිනකොට ඕසෙට කොහොමෙයි බං නැගිටින්නෙ?අවදි කොරන්න ඕන එවුනුත් නැලවිලි ගී ගයනවා නෙ..
      ජයවේවා..!!

      Delete
  4. හාන්දුරුවරු රට වළඳනවා

    ReplyDelete
    Replies
    1. පූජකයො කිව්වනං වඩා හරි වගේ.ගස්ලබ්බට එතන ටිකක් වැරදුනා.. කලබලේ නෙ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  5. ඔන්න ඒකට මිඩිලීස්ට් වල තම්බි...

    ReplyDelete
  6. Replies
    1. තැන්කූ සාරස තුමා. තිත් දෙකයි ඩී අකුරයි නැතුව දෙයක් වැටුනම කික් එකක් තියේ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  7. geme gihin colombo eddi 6h bus eke hira una paya 2.5 gamana e madiwata yakada aspaya inna handiye idan kotuwata pin soook athal may day mataqnm

    Maddama tami

    ReplyDelete
    Replies
    1. කැප කොරන ජනතාව වෙච්චි ඔව්ව මොනව්යි මද්දෝ... හෙහ් හෙහ් කාට කියන්නද ඔව්ව.
      ජයවේවා..!!

      Delete
  8. මහ සෙනෙවියා රජකම ගන්න තැත් කළා යැයි ද, ඉන් කිපුණු රජු සෙනෙවියා තනතුරෙන් නෙරපා දඟ ගේ ලූ බැව් ද ආරංචි තිබුණා නේද?

    ReplyDelete
    Replies
    1. රාල නිදාගෙන ඉන්න අතරේ කලවැද්දෙක් මූණ කිස් කොරලා කටට පිස් කරාලු.ඒ අතර ඔහොම දෙයක් පෙනිලා.. ලැජ්ජාවට කිව්වෙ නෑ ලු.. හෙහ් හෙ
      ජයවේවා..!!

      Delete
  9. අගෙයි ලියවිල්ල. ලොකු කතාවක් කියනව වගේ හිතුණ.
    //නමුත්... අප එක්වී මනසට ප්‍රතිකාර කිරීම වහ වහා ඇරඹිය යුතුයි..ජනයාට පැහැදිලි සන්සුන් මනසක් ලබාදිය යුතුයි..// අපේ රටේ පශ්චාත් යුධ කාලෙ නැති වුණෙ මේ ටික. ඒකෙ පල විපාක කැම්පස් එකේ වෙන වෙන ජන කොටස් එක්ක ඉද්දි මට හොඳට දැනුනා.
    රජා දූරදර්ශී වගේ. හැබැයි our own experiences වගේ රජා නොමඟ ගියොත්, තව ටික දවසකින් රජ්ජුරුවන්ට සිංහාසනෙන් බැහැල යන්ට වෙන ඒවට, ආරක්ෂාවක් නැති වෙන ඒවට සූදානං පිට ඉන්ට වෙයි.

    ReplyDelete
    Replies
    1. ට්‍රාන්සැල්වේනියා බ්ලොග් එක කියවනවා නේද ඩොක්.රුවන් ගෙ.අපේ අය අපේ වල කපාගෙන විහිං වැනසෙන හැටි අගේට ඇත්ත තොරතුරුත් එක්කම තියෙනවා.
      අතීතය නැවත නැවතත් සිදුවෙයි කියනවානෙ..
      ජයවේවා..!!

      Delete
  10. කිං ආතර්ට වගේ රවුන්ඩ් ටේබල් එකක් තිබිල තියෙන්නෙ නේද?

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ කට්ටිය ආතල් එකේ රැස් උනේ.හැබැයි හතර දෙනයි.මේසෙ නිධන් කරල තියෙනවාලු තැනක.. මොකෝ කියන්නෙ..??හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  11. අපූරුයි...
    රජා නම් හොඳා..
    සෑහෙන දුරදිග බලලා වැඩක් කරනවා.. හැමෝම ගැනත් හිතනවා..

    ඒත් මොන නායකයටත් වෙන්නේ අර නන්දා මාලනියන්ගේ සිංදුවේ කියන දේ තමා
    “පූජාසනයේ ඔබ හිදුවා,,,“
    අන්න ඒ සිංදුව..

    ReplyDelete
    Replies
    1. ඒක හරි..ලෝකෙ කොහෙත් 'මහජනයා' කියන එකාට සේවය කලොත් බඩු පැකට් වෙනවා.ඒකමද මන්දා කස්ටිය එලෙව්වට පස්සෙ හැංගිලා වියදම් කරන්න මෙච්චර හොරකම් කරන්නෙ..
      ජයවේවා..!!

      Delete
  12. හීනෙන් හරි කමක් නෑ රජවෙන්ඩම තමයි උන්නැහේ තවමත් දඟලන්නේ. අනේ කාලේ වනේ වාසේ.

    ReplyDelete
    Replies
    1. කොයි උන්නැහෙත් එහෙම තමයි නේ මාමෙ.. එදා තොප්පි දාගෙන පාර පුරා කංකරුවො කෑ ගැහුවෙ රජ පවර් එක ඇඟට අරගෙන නෙ..
      'ඇතැම් සිවුපා ගුවනෙ ඉගිලේ..'
      ජයවේවා..!!

      Delete
  13. මැයි දිනේට ගිහිල්ල කුණුවෙන්න ගහල බත් පැකට් එකත් බල්ලට දාල එනකොට ඔහොම හීන පේනව. හැක්..
    දැං ඉන්න රජවරුන්ටත් ඔෟෂධ කල්ක දෙන්න කෙනෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ බත් පැකට්ටෙක බල්ලන්ට දාන්නෙ? ගෙදර පොඩි එකාට කන්න ඕක ඔතන් යන කී දෙනෙක් ඔය බස් වල යන්ටැද්ද?
      කල්ක කාරයෝ බොහොමැයි.. හෙහ් හෙහ් හස්තිරාජ මදනමෝදකේ කාල ඉන්නෙ හැමෝම
      ජයවේවා..!!

      Delete
  14. හයියෝ ..රාළේ ...

    ReplyDelete
    Replies
    1. දෙයියෝ බලාගනියි රාලේ..
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  15. හි හි අනේ රාලේ වනේ වාසේ

    ReplyDelete
    Replies
    1. වනේ නෑ මචං.. කපල දාල වණයක් වෙලා තීන්නෙ.. ඉස්සෙල්ලාම වගේ මේ පැත්තෙ...වෙල්කම් උශාන්.
      ජයවේවා..!!

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මුන් ඔක්කොටම පිස්සු

    ReplyDelete
    Replies
    1. අපිටත් පිස්සු බං... මෙව්ව දැකලම
      ජයවේවා..!!

      Delete
  18. Replies
    1. ජාති ජාති... ගහමු කසියා පාරක්
      ජයවේවා..!!

      Delete
  19. බද්දේගම පැත්තෙ මනුස්සයෙක්ව කිරිලපනේ එක්ක ගිහින්. මිනිහා තාම ගෙදර ඇවිත් නැහැ කියලා පත්තරේ තිබුනා. මේ ඉන්නේ ඒ හාදයාද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කලවං උනාවද්ද... ? ඌත් අපි වගේ ආත බූත කියෝ කියෝ ඇති.. පව් අසරණයා..ගස්ලබ්බ අරූගේ අඩවිය පීරනව මේ දවස්වල හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  20. Replies
    1. ඒත් මිනී මරුවෙක්.. හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  21. රජවරු ඔහොම තමා බං........

    ReplyDelete
    Replies
    1. උනුත් මිනිස්සුනෙ නැද්ද හා..?
      ජයවේවා..!!

      Delete
  22. Replies
    1. කාලත්‍රයේම.. වෙල්කම් කිව්වා කෙන්කියුශා...(හැබෑට මොකද්ද ඒකෙ තේරුම..?)
      ජයවේවා..!!

      Delete
  23. ඔය මනස සුවපත් කරන එක ගැන නම් ලංකාවෙ රජගොල්ල කවදා හිතයිද මන්දා..

    ReplyDelete
    Replies
    1. කෙල උනාට පස්සෙ පොලු පාර දෙන එක ලේසියි ලු නෙ..
      ජයවේවා..!!

      Delete
  24. මහජනතාවට හැමදාම හීන දකින්න තමයි වෙන්නේ බං

    ReplyDelete
    Replies
    1. මුදලාලිලා කොරන වැඩ වලින් ඇහැරෙනවා මදිවට ඇඟ පතත් රිදෙනවානෙ.. ආයෙ අගු පිලක වැටිලා හීන බලන එකම තමා කාරිය.. ඔන්න තත්තෙ..
      ජයවේවා..!!

      Delete
  25. රජෙක්... අපේ හාන්දුනේ... හැක්

    ReplyDelete
    Replies
    1. අමතක උනා රවි ගොයියගේ පෝස්ට් එකක් දෙකක් කියවල මේක ලිව්ව නං තව සාරයි ආ... ජය

      Delete
    2. එකඟයි දේශකතුමණි.. මේක පෝස්ට් වෙලා ටිකකින් නෙ රවී අයියගෙ මකුළු දැල ආවෙ.. එතකොට ගස්ලබ්බගෙ භාශා දුර්වලතාවයන් හොඳට පෙනුනා.. කියෝලාම හෙමින් සැරේ හදාගන්නෝනෙ..
      බොහොම ඉස්කෝතුයි වටිනා අදහසට..
      ජයවේවා..!!

      Delete
  26. කන්න බොන්න දීලා එක්කන් යන එකම මදිද බොල?
    කතාවනම් මරු ඈ......

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ.. පොඩි ටිප් එකක් යන්න පුළුවන්නෙ කොළොඹ රටට.. වැඩපලේ සැට් එකත් එක්ක අඩියක් ගගහා.. ආතල් බේරේ..
      ජයවේවා..!!

      Delete
  27. රාළ කිව්වම මට මතක් වුනේ අපෙ අත්තම්මා ඒ දවස්වල කිව්ව කවියක්.

    දුන්න දුනුගමුවේ,
    ඊතල කිතලගමුවේ,
    රාළ මීගමුවේ,
    මුවෙක් ඇඬුවයි සබරගමුවේ,

    ReplyDelete
    Replies
    1. අන්න හරී.... අන්න හරී.... දැං අපේ ජාතික ගීය ඕක නෙ.හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  28. හීනයක් හින්ද හොඳට ගියා

    ReplyDelete
    Replies
    1. හැමදේම හීනයක් වෙලා නෙව තියෙන්නෙ අයියෙ... ඇහැරුනාම අවුල..
      ජයවේවා..!!

      Delete