Tuesday, March 7, 2017

ඤෑව්..ඤෑව්...ඤෑව්...!!!



පූසරයෝ නුඹ නාඬන්
තව පොඩ්ඩක් ඉඳපන්
ගේ වටේට පාර දිගට
කෑ ගැහුවට වැඩක් නැතේ
උඹේ අක්කා ඈත ඉඳන්
'පූවා' කියනවා ඇහුනට
අම්මත් කාලයක ඉඳන් 
එතන ඉඳන් හඬ නැඟුවට
ලඟදි ඉඳන් අප්පච්චිත්
පෙනෙන්නෑලු හඬ ඇහුනට
ඇඳන් මේස පුටු යට වත්,
කඩේ ලඟත් පාර දිගෙත්
එක පතේම බෙදාන කෑ
බ්ලැකියව වැලලූ තැන වත්
පේන්නැත්තෙ ඇයි කියලා
හඬ නඟනා හඬ නවතන්
නුහුරු පිටට සුද්ධ කරපු
සාලයො බත් උඹ කාපන්
කිරිත් සීනි කහට වැඩියි
ඒත් මචෝ කිරි බීපන්
සති අන්තෙට එයැයි ඇවිත්
උයල දේවි රසට ගුණට
කමු එදාට උඹයි මමයි
ඤෑව් උගුරෙ හිර වෙනකන්
එතකන් ඔය හඬ නවතන්
හෙවුම් බැලුම් නවතාපන්
පූසරයෝ මේ අහපන්
උඹ තව පොඩ්ඩක් ඉවසන්..

57 comments:

  1. Phone eke sinhala font pissu kelinawa rate maha ewun wage...
    Heta ennam, kawiya maru...

    ReplyDelete
    Replies
    1. මේකනම් මරු මචං...
      මේක කවියක් කියල මම කිව්වට කවියක්මද දන්නේ නැහැ, හැබැයි හිතට දැනෙන රහ ලියවිල්ලක්...

      Delete
    2. මෙව්ව කවි නෙමෙයි ලොකුපුතා..
      අනේ මන්දා.. කැටගරියක් නෑ.බ්ලොගේ ලේබල් නැතුව යන්න හිතුවෙත් ඒකමයි.හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. oh you are a cat person ! nice to read this too !

    ReplyDelete
    Replies
    1. yaa yaa.. hv to be one.. :) Thank u doc
      ජයවේවා..!!

      Delete
  4. කලේ පැන් ඇත නවුම් රහ නැත.. බිරින්දත් නෑ වැඩට ගොහින් නෙහ්.. මේක හරිම කූර ලෝකයක් පූසෝ.. :(

    ReplyDelete
    Replies
    1. හදාගත් ලුණුමිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ.... හෙහ් හෙහ්
      ලෝකෙ කූරයි කූරම කූරයි.ඒ කූරෙ ගහල චිකන් කෙබාබ්ස් හදං කන්නයි කම්පනාව.
      ජයවේවා..!!

      Delete
    2. ඇත්තටම ඔය වගේ වෙලාවට කලේ පැන් ද බෝතලේ පැන් ද බොන්නේ ? :D

      Delete
    3. බෝතල් පැන් භාවිතය අති විශේෂ අවස්ථා වලට විතරක් සීමා කරන්න වෙලානෙ තියෙන්නෙ.නැහ් නං ඉතින් ආයෙ මක්කෙයි...

      Delete
  5. අපේ ගෙදර පූසෝ හතර දෙනෙක් ඉන්නවා..උන්ගේ චර්‍යාවන් අධ්‍යයනය කරන තරමට විචිත්‍රවත් ...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම හරි එයාලගෙ නීති තමයි නීති.ආයෙ පොඩි චාන්ස් එකක් වත් දෙන්නෑනෙ හැබෑට
      ජයවේවා..!!

      Delete
  6. වයිෆ් ගෙදර නැති උනාම පූසරයාත් බඩගින්නේ. මහ එකත් බඩගින්නේ නේද....වයිෆ්ලා කියන්නේ මලෙන්, සුවඳෙන් පුදන්න ඕන ජාතියක් ලබ්බෝ...

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා.. හැබැයි බඩ ගින්නෙ නම් නෑ.මොනව හරි ලයින් කරනවා.පෝක් විත් ග්‍රීන් ඇපල් වලට තමයි ට්‍රයි එකක් දෙන්න කල්පනාව ඊලඟට.
      එයැයිලගෙ අම්මත් උයාගන එන නිසා කෑම අවුලක් නම් ලොවෙත් නෑ.හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  7. Replies
    1. වාද නෑති... බේද නැතී.. ලස්සන ලොව හෙට අපට උදා වේවා....
      (හුටා.. බේද නෙමෙයි ඛේද නේද ලියල තියෙන්නෙ...)
      ජයවේවා..!!

      Delete
  8. Replies
    1. හ්ම්.. ලස්සන පූසෙක්.හැබයි එයාගෙ නම තමයි ගස්ලබ්බට තාම කියවගන්න බැරි..හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  9. කැරපොත්තො කන්ට එපා
    කටුස්සො අල්ලන්න එපා

    ReplyDelete
    Replies
    1. හැබැයි මීයො නම් අල්ලනවා ලෙසටම.වීදුරු,කෝප්ප බිඳල බඩු මුට්ටු පොලේගහල අහක්කෙලා මීයව කනවා නැට්ට පවා.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  10. ඌවත් එක්කං කොලඹ වරේන් තුන්දෙනාම අඩියක් ගහමු

    ReplyDelete
    Replies
    1. කට්ටිය නැතුව දැනටමත් උට නුහුගුනේ වගේ... ආයෙ පිට ගෙනිහින් පෙව්වා කියන්නෙ සදා සොත්ථි... හෙහ් හෙහ්
      (තිබහක් නම් දැනෙනවා තමයි.)
      ජයවේවා..!!

      Delete
  11. ඕකව සුරංගගෙ ටිකිරි සඳමාලිට සෙට් කරල දුන්නනං හරි.

    ReplyDelete
    Replies
    1. ඔබ දුරයි නෙතට....මා සිටිනා ලවැලි තලාවේ.. කියල දුක් ගී ගයන්න ගත්තොත් කණක් ඇහිලා වසලා හමාරයි.ඒ නිසා මෙහෙ අන්තඃපුරෙත් එක්කම ඉන්න අරිමු.. හම්බෝ..
      ජයවේවා..!!

      Delete
  12. 🐱වැළපුම් ගී ඤෑව් වර්ශන්....සුපිරි.....👌🏼

    ReplyDelete
    Replies
    1. හපොයි.. වැලපුම්... හ්ම්ම්... ඔව් නේන්නං.
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  13. හෆොයි පාආආආව් පූස. ඕකට කඩෙන් ගෙනල්ලහරි කන්න දියං ලබ්බෝ.

    ReplyDelete
    Replies
    1. කඩේ කෑම කන්නෑ බං... පෙඩිග්‍රි වත් කන්න මනාප නෑ කියහංකො මේ තඩියා.උයල දුන්නොත් කනවා දෙන දේ.
      ජයවේවා..!!

      Delete
  14. පූසරයා කියා යෙදුමක් මීට පෙර අහලා නෑ!

    ReplyDelete
    Replies
    1. රසික 90 ගණන් වල වගේ TV එකෙත් පෙන්නපු මී පුරවැසියෝ වේදිකා නාට්‍යය බලල නැද්ද...
      මට මතක විදිහට ඒක බැලුවට පස්සේ තමයි අපිත් ඔය පුසරයා කියන නම පාවිච්චිය පටන් ගත්තේ, හැබැයි ඒ නම ඒ විදිහටම තිබුණද කියන එකත් දැන් මතක නැහැ...
      කොහොම උනත් අපිත් ඉස්සර පුසරයා කියන නම පාවිච්චි කලා...

      දැන්නම් කියන්නේ "කිටි-කා" හෝ "පුවා" කියලා, ඒ අපේ පොඩි එකා පුසන්ට කියන නම්...

      Delete
    2. පූසරයා පනින සිනා -ජීවිතයක් නැතිව යනා
      ඔහු නොයෙනා තැන කොතැනා//
      කාටත් බැරි කුණුකන්දල් කන..
      මී පුර වැසියෝ..//

      .......

      පොත් හතක අටක් දැනටත් ලියා දමාලා
      තියනව මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා...

      වගේ සිදු තාම මතකයි.මීපුරවැසියෝ නාට්‍යයෙන් තමයි ඒ නම අහුලගත්තෙ.
      ජයවේවා..!!

      Delete
    3. ගෑණු සතා පූසාරිය

      Delete
    4. ප්‍රා ආගමික සහජීවනයට අකුල් හෙලන්ටෙපා හරිය? කියන දෙයක් සිවුරකට විතරයි.. නැත්තම් කේස්

      Delete
  15. බවලත් උදවිය නැතිවෙනකොට ඔහොම තමයි

    පූසර බාසාවෙන් ලියා ඇති බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. බවලත්තුන්ගෙ බලවත්කම නම් මෙතකෙයි කියන්න බෑ මචෝ..
      ජයවේවා..!!

      Delete
  16. පූස් වැලපුම... පේනවනේ ගෙදර උන්දා නැති උනාම දෙපා සිව්පා සේරම බඩගින්නේ

    ReplyDelete
    Replies
    1. හෙහ්... අපි ඉඳියි බඩගින්නෙ.. උයනවා.හැබැයි ඒවට අළුතෙන් නමක් දෙන්න ඕනෙ.හෙහ්හෙහ්
      ජයවේවා..!!

      Delete
  17. මේක කියවනකොටත් අපේ පූසරයා කෑගහනවා... ඌටත් අම්ම බත් අනල දුන්නැත්තන් කවුරු දුන්නත් වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ... එයාලගෙ මහ අමුතු නීති තියෙන්නෙ.
      ජයවේවා..!!

      Delete
  18. පයින් ගහන්ඩ ඕනෙ ඕකට විසි වෙන්ඩ ඤෑව්..ඤෑව්...ඤෑව් ගානකොට
    (කෲර වැඩිද මන්දා)

    ReplyDelete
    Replies
    1. වැඩියි වැඩියි.... හොඳටම සැර වැඩියි... හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  19. කොළඹින් ඇනෙක්ස් එකක් ගත්තානං මොකෝ වෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. ඒකත් ස්වීට් ඩ්‍රීම් ගොඩේ තියන එකක් නම් තමා.. තමා...
      ජයවේවා..!!

      Delete
  20. අඩේ ලබ්ස්.. කන්න උයනට පුරුදු වෙයන්කෝ. කුකුලෙක් පරිප්පුවක් ගහගන්න එක මහලොකු ගේමක් නෙමෙයි බන්ස් 🙈

    පව් උබද නැත්නං පුසද? 🤔

    ReplyDelete
    Replies
    1. උයනවා මචං ශේප් එකේ.වැඩිය උයන්න වෙන්නෑ වයිෆගෙ අම්ම ගෙනත් ෆ්‍රිජ් එකෙ පුරවලා යන්නෙ.ඒ අස්සෙ මාත් දෙනව බැස්ටිය.
      පූස පව් බං.උට මුකුත් තේරුම්ගන්න බැරුව වයර් ශෝට් වෙලා වගේ..
      ජයවේවා..!!

      Delete
  21. අහෝ කේදයකි ඉරකි තිතකි කොමාවකි

    ReplyDelete
    Replies
    1. කේදයට බෙහෙතක් ලෙස කේඳි දමා යහමින් ලුණු ගම්මිරිස් යෙදූ පොඩි මාළු අළුත් පොල්තෙලින් බැද අනුභවය යෙහෙකි..
      ජයවේවා..!!

      Delete
  22. පූසර නුඹ නාඩන්- තව පොඩ්ඩක් හිටහන්
    මම උඹට කුම්බලා දෙනවා.....

    ReplyDelete
    Replies
    1. කුම්බලා මාළු කෑවනම්..... හපොයි
      ජයවේවා..!!

      Delete
  23. අපොයි දෙය්යනේ ගස් ලබ්බටයි පුසරයටයි වෙලා තියෙන දේ ?
    දෙන ගස් ගේ පයේ අපලේ මොකෝ උනේ ?

    ReplyDelete
    Replies
    1. එය එසේමයි... ඒත් බොන්න අවුලක් නෑ.වරෙන්
      ජයවේවා..!!

      Delete
  24. ඉන්නකොට අගේ නෑ ඒත් නැති උනාම පට්ට පාලුයි නේහ් හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... දුකා දන්නවාද ඔහේගෙ අර පිච්චුන වෙලේ හදපු පෝස්ට් එක කොච්චර වටිනවාද කියලා? ලඟදිම ඒකෙ ගස්ලබු වර්ශන් එක බලාපොරොත්තු වන්න.
      ජයවේවා..!!

      Delete
  25. මේ ඔක්කොම පූශ්ලා ගැන කතා ලියනවා...සත්ව ලෝලියෝනෙ

    ReplyDelete
    Replies
    1. ඕ යේශ්.. අපි ඉතින් නිතරම බල්ලටත් මචං කියන්න පෘථිවියේ ඇලේ ඇඟට දැනෙන්න රෙඩි පිට ඉන්න උදවිය වෙච්චි..
      හෙහ් හෙහ් හේ..
      ජයවේවා..!!

      Delete