Friday, June 2, 2017

සුපෙම් හැඟුම් ඔබෙන් එපා....

(අඳුරේ යහන මත ටැබ් එකක තිරය දෙස බලා සිටින දැරියක්)

දිව්‍යා ෆෝන් ස්ක්‍රීන් එක ඕෆ් කලා... ගොඩක් වෙලා තමුන් බලන් හිටිය ඒ රූපය තාමත් හිතේ ඇඳිලා.. ඇස් ඇරල පොඩි කරගෙන ආයෙ පියාගත්තත් පාට පාට බෝල අස්සෙන් මතුවෙන්නෙම ඒ මූණ.
ඔන්න ඔහෙ ඕනදෙයක් වෙන්න කියල රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්නත් හිතෙනවා.. ඒත්... ඒත් ඒකෙන් මොනවගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියල හිතෙනකොට ඒ අදහස ආයෙ අතෑරෙනවා... තමුන්ට නෙමෙයි... මේ රූපෙ හිමිකරුට ප්‍රශ්නයක් වෙයිද කියන එකයි දිව්‍යට තියන ගැටළුව.

අවුරුදු ගාණකට කලින් තමුන් ම සෙල්ලමට වගේ රික්වෙස්ට් එකක් යවපු මේ හාදයා තමුන්ගෙ ජීවිතේට මේ විදිහටම බලපෑමක් වෙයි කියල දිව්‍යා ඒ දවස්වල නම් නිකමටවත් හිතුවෙ නෑ.
කැම්පස් එකෙන් අවුට් වෙලා ගෙදරට වෙලා හිටපු කාලෙ පාළුව යන්නත් එක්ක ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවට... ඕකෙ උඩ පාත ගියාට දන්නෙ නැති මනුස්සයෙකුට රික්වෙස්ට් එකක් දාන්න හිතුනෙ මෙයාට තමයි මුලින්ම.
දැක්ක ගමන්ම ඇහැ නැවතුනා.
ලස්සන කොල්ලෙකුත් නෙමෙයි.
නිකමට හොයල බලන්න හිතුනා..
ප්‍රොෆයිල් එක බලන ගමන්ම රික්වෙස්ට් එක දැම්මා.දවස් කීපයක් ගියා හැබැයි ඇපෲව් වෙන්න.

කොල්ලා පරිස්සං කෙනෙක් වගේම අමුතු කෙනෙක් කියල තේරුනේ තමුන් ෆේක්ද නැද්ද කියල දන්නෙ නැති බව කියලම ඒත් නිදහසේ චැට් එකට ආපු නිසා.

මුල අල්ලලා දීපු ගමන් මුලින් කතා කලේ තමුන්ද එයාද කියලවත් මතක නැතුව මිනිහ බැට්න් එක ගත්තු හැටි... පස්සෙ දිව්‍යම ගනන් උස්සලා ලයින් අල්ලපු හැටි මතක් වෙලා දිව්‍යට පොඩි හිනාවක් ගියා.
මෝඩයා....

ආයෙත් ෆෝන් එක අතට අරන් ඒ මූණ බලන්න ආසාවක් ආවා.
නෑ... බලන්නෑ... එයා... එයා.... ඕන නෑ.
ඇඳ හෙල්ලෙන්නම තරම් හයියෙන් අනිත්පැත්තට හැරිලා වකුටුවෙලා අඳුරෙම ඇස් ඇරගෙන දිව්‍යා වටපිට බැලුවා.කණාමැදිරියො කීප දෙනෙක් එහෙ මෙහෙ පියාඹනවා... මදුරුවො කූං... ගාගෙන යනව ඇහෙනවා.මදුරුවාගෙත් ගෑණු සතාලු මිනිස්සුන්ගෙ ලේ බොන්නෙ.පිරිමි මදුරුවා ගස්වල යුෂ ලු බොන්නෙ.මිනිස්සු වගේම තමා.මිනිස්සුත් මොකක් හරි ගහකින් පෙරාගන්න යුෂකට පුදුම පෙරේතකමක් නෙ තියෙන්නෙ.ගස්වල යුෂ බොයි.කොල පුච්චන් දුම අදියි... පිරිමි ඔක්කොම එකයි.මොලේ ටිකක් කචල්.. හිකිස් ගාල හිනාවක් ආයෙත් කටෙන් පනිනකන්ම දිව්‍යා දන්නෙත් නෑ.

දවස් ගනන් චැට් කරපු හැටි ටිකෙන් ටික මතක් කරනකොටත් ආයෙත් ඒ කාලෙට ගියා වගේයි දිව්‍යට දැනෙන්නෙ.කිසි කලබලයක් නැතුව තමුන්ගෙ හිත ආක්‍රමණය කරලා මාලිගාවකුත් හදාගත්තට ඒ මනුස්සයා හැසිරුනේ මාලිගාවෙ සැප විඳින ගමන්ම තමුන් ඉන්නෙ මාලිගාවෙ නෙමෙයි වගේ විදිහකට නේද කියන එක තවමත් ප්‍රශ්නයක්..
මේ ගතිය නිසාම දිව්‍යා නිතර නිතරම උත්සාහ කලේ එයාට ආගන්තුකයෙකුට වගේ කතා කරන්න.. සලකන්න.. ඒවා එයාගෙ හිත රිදවන කාරණා කියල දැනදැනත් මොකද්දෝ හේතුවකට එයා හිත රිදවගන තරහින් මැසෙජ් එවන දිහා බලන් ඉන්න තමුන් පුරුදු උනා නේද කියලත් දිව්‍යට මතක් උනා.චැට් එකෙන් එහාට හිහින් රෑට කෝල් කරපු කාලෙ හිටපු ගමන්ම බැට්‍රි ලෝ කියල කෝල් කට් කරන එකෙන් දිව්‍යා අමුතු වින්දනයක් ලැබුවා.බොහොම වෙලාවට ඒ කෝල් එකේ තියන හැඟීම්බරම උච්ඡතම මොහොතක...
බොහොම හැඟීම්බර මනුස්සයෙක් උනු එයා එක්ක විනාඩි කීපයක් කතා කරත් තමුන්ගෙ හදගැස්ම වැඩි වෙලා මූණත් රත් වෙලා පිබිදෙන හැටි... ඒත් එක්කම කෝල් කට් කරන එක සිද්ධ උනේ අනාගතේ ගැන දැනුන ඉවකින්වත්ද කියලා ආයෙ ආයෙත් සිහි කරන එක ඔලුවට මහ වදයක් වෙලා තියෙන්නෙ දැන් නම්..

මොනව උනත් දැන් ඒ දේවල් වැඩක් නෑ... යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න පටන්ගත්තෙ දේවල් මේ විදිහට වෙයි කියල හීනෙන් වත් හිතාගෙන නෙමෙයි.යාළු කමින් එහාට යන්න උවමනාවක් නොපෙන්වාම හිටපු නිසා එයත් එහෙම්මම හිටිය වත්ද?
අද දිව්‍යට කොච්චර එයාව මතක් උනත් එයාගෙ ලඟට යන්න බෑනෙ කියල මතක් වෙලා දිග හුස්මක් හෙලුනා.
අවුරුදු ගාණක් කොච්චර කෝල් කලත්,කොච්චර චැට් කලත් ඇත්තටම හම්බවෙලා කතා කලේ එකම එක දවසක් කියන එක විශ්වාස කරන්නෙ මේ ලෝකෙන්ම දෙන්නයි.ඒ දිව්‍යයි එයයි විතරමයි.එච්චරකට අභව්‍ය උනත් ඒ සිදුවීම ඇත්තටම සිද්ධවුනේ එහෙම.
නිදහසේ හම්බවුනු දවසෙත් ඔහේ විකාර කිය කිය හිටිය මිසක් වැදගත් දෙයක් කතා කලේම නෑ... පැය දෙකතුනක් කතා කරනකොට දිව්‍යව ඕන තැනකට ලේසියෙන්ම එක්කගෙන යන්න පුළුවන්කම තිබිලත්,ඒ බව ඇඟවිලත් නොතේරුණා වගේ අතින් විතරක් යන්තන් අල්ලලා වල් කතා ගොඩක් කියලා හිනා වෙවී යන්න ගිය හැටි දිව්‍යා ආසාවෙන් මතක් කලා. ෆෝන් එකේදි තියන දඟකාරකම හැබෑවට හම්බුනාම එලියට දැම්මෙ බොහොම පරිස්සමින්.තමුන්ගෙ ගෞරවේට හානි වන මුකුත් නොවෙන්න හැසිරෙන්න එයා කොච්චර පරිස්සම් උනාද? හැමෝටම පේන ප්‍රසිද්ධ තැනක හමු වෙලා ඒ විදිහටම වෙන් වෙලා ගිය ෆේස් බුක් එකෙන් හම්බුනු එකම ජෝඩුව අපිද?
හැබැයි ගිය වෙලාවෙ ඉඳන් දැකපු දේවල් නොදැකපු දේවල් ඔක්කොම එක්ක කියපු කතා ටික නම් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි... ඒ කතා මතක්වෙනකොට තමුන්ගෙ කම්මුල් රත් වෙනවා දිව්‍යට දැනුනා.

මොනවද මේ කල්පනා කරන විකාර....

මොනවා උනත් එයා දැන් ගිහිල්ලා ඉවරයි...

හම්බවෙලා ගියාට පස්සෙ උනත් කොච්චර ලංවෙන්න හැදුවත් තමුන් විහින්ම හදාගත්තු බාධක එකක් වත් ලිහිල් කරන්න දිව්‍යා ලෑස්ති උනේ නෑ.එදා මොන දේ වෙන්න ගියත් පාලනය උනේ එයා.දැන් පාලනය වෙන්නෙ මම.ඒ දිව්‍යා හිතපු හැටි.හිටි ගමන් දවස් ගණන් චැට් නොකර ඉන්න පවා තමන් පෙළඹුනේ ඇයි..??

හදිසියෙන්ම දැනුම් දුන්නු එයාගෙ විවාහය ගැන පණිවිඩේ දිව්‍යාව ආයෙ මහ පොළොවට ගෙනාවා.තමුන් වටේ කැරකුනු මංගල යෝජනා අතර එයාවත් කෙනෙක් විදිහට තමුන් තියාගත්තා වගේම එයාටත් ඒක කරන්න සිද්ධවෙන්න ඇති..
හරි ලස්සන කපල් එක..
වෙලාවකට හිත ඉරිසියාවෙන් බර උනත්.... මේ වෙනකොට ගැඹුරට කල්පනා කරන හැකියාවක් දිව්‍යට පුරුදු වෙලා තිබුනෙ ඉලක්කම් ලොකු වෙවී වයසට යන නිසාද නැත්තම් ලැබෙන අත්දැකීම් ප්‍රමාණයත් එක්කද කොහොමද මන්දා ඒ සියළු දේවල් උපේක්ශාවෙන් විඳගන්න දැන් පුළුවන්.

එදා දිව්‍යා පහන්ටැඹක් වෙලා ඈත ඉඳන් නැවකට පාර කියනවා වගේ එයාව ආශ්‍රය කල විදිහ ඒ විදිහටම පිළි අරන් එයා නෞකා චරිතය බාරගත්තා.

නෑ... දිව්‍යා භාර දුන්නා..
නොදැනම.


පහන්ටැඹට ඕනවාට වඩා ලංවෙන මොන නෞකාවටත් වෙන්නෙ ගල්පර වල හැපිලා විනාස වෙන්න.ඒත්.... ආසාවෙන් පාර කියපු ඒ ලස්සනට ගමන් කරන නැව විනාස වෙනව දකින්න දිව්‍යා කැමති උනේ නෑ.
රික්වෙස්ට් එක ඔහේ තිබුනාවෙ.බ්ලොක් නොකර ඉන්නතාක් ඈත ඉඳන් ඒ රූපෙ බලල සැනසෙන්නම්. දිව්‍යට හොඳටම විශ්වාසයි එයත් මේ වෙලාවෙ තමුන් දිහා බලාගෙන ඉන්න බව.


හිත හදාගෙන ඇස් පියාගන්නකොටම බෝඩින් නංගිව නයිට් ශිෆ්ට් එකෙන් පස්සෙ ගෙදරට දාන්න ආපු වාහනේ වාදනය වුනු ගීතය දිව්‍යගෙ දැවෙන හිතට සිසිලසක් දනවන ආලේපයක් උනා..


සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි 'ඔබ' ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිම්
සිහිනය මියයා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම්..

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිනෙමි වියරුවේ පාළුවෙන්
පිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකිනතුරු දුරින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි 'මා' ඈත සමුදුරේ
මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ


57 comments:

  1. මේක මම බොහොම ආස ගීතයක් ලබ්භෝ, කතාවත් මසුරං !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කණ්ඩා... මේක මහ අමුතු සිංදුවක්..
      ජයවේවා..!!

      Delete
  2. ඔලුවත් මොන්ගල් වෙනය. මෙහෙම සීන් වෙනවද බං මං නං හිතන්නෑ

    ReplyDelete
    Replies
    1. ඔළුවත් මොංගල් වෙන්නෙ මෙහෙම දේවල් ඇත්තටම වෙන හින්දා මද්දෝ
      ජයවේවා..!!

      Delete
  3. ඔලුවත් මොන්ගල් වෙනය. මෙහෙම සීන් වෙනවද බං මං නං හිතන්නෑ

    ReplyDelete
    Replies
    1. හොඳටම මොංගල් වෙලා වගේ දෙක දෙක දාන්නෙ. හැක්..

      Delete
    2. දෙක දෙක ලෙඩේ ආයෙත් බෝ වෙලා වගේ

      Delete
  4. ඔලුවත් මොන්ගල් වෙනය. මෙහෙම සීන් වෙනවද බං මං නං හිතන්නෑ

    ReplyDelete
    Replies
    1. නොහිතන දේවල් කොච්චර මේ ලෝකෙ වෙනවද ඉයන්.. මේකත් ඒ වගේ එකක්..මගෙන් එකතු උනේ පොඩි ලුණු ඇඹුල් ටිකක් විතරයි
      ජයවේවා..!!

      Delete
  5. මේ සින්දූව සහිත ආදර ගී තියෙන සීඩී එකක් මා ලඟ තියෙනවා වාහනයේ. මේ සතියෙත් ඇහැව්වා. මං කැමති ගීතයක්!

    ReplyDelete
    Replies
    1. අනේ රසික ඔයාටත් වාහනයක් තියනවද මොකද්ද අනේ එක.? මරුටියක්ද ? අපිනම් ඉතින් අර බස් ගැමුනේගේ වාහනයේ යනකොට තමයි මේවා අහන්නේ

      Delete
    2. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත නේද රසික.. හයිවේ එකක තනියම ඩ්‍රයිව් කරනකොට එහෙම හොඳට දැනෙයි..
      ජයවේවා..!!

      Delete
  6. ප්‍රදීපා ධර්මදාස කියන්නේ මම කැමතිම ගායිකාවක් සහ මේක තමා කැමතිම සින්දුව. කතාවත් අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ප්‍රදීපගේ හඬ හරි ආවේනික හඬක්.ඒ වගේම අවධානයෙන් ඇහුවොත් මේ ගීතය තුලත් බොහොම අසීරු තැන් අපූරුවට ඇය ගයනවා.
      ජයවේවා..!!

      Delete
  7. ලස්සන ගීතයක් වගේම කතාවත් ලස්සනයි ලභ්භෝ.

    ReplyDelete
    Replies
    1. පෙසන්න බොස් පසුපාදයේ ක්‍රීඩා කරන්නෙ මක්කෙයි අර.. කාර්යබහුල වෙලා වගේ.. හෙහ් හෙහ්.. තැංකිව්
      ජයවේවා..!!

      Delete
  8. හෆොයි...
    I like the way you touch me without using your hands.... :D

    ReplyDelete
    Replies
    1. අපිත් ලැයික් තමයි හිටං..
      ජයවේවා..!!

      Delete
  9. ක්‍රෂ් එකත් එක්ක ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න එකත් වෙනම කලාවක්.සින්දුව නම් මම ආසම එකක්.

    ReplyDelete
    Replies
    1. දැලි පිහියෙන් කිරිකන එකත් කලාවක් ලුනෙ බක්කරේ...හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  10. Replies
    1. ටික්කා මොකෝ මේ බැට්‍රි බැහැලා.. එන්නකො ආයෙත් චාර්ජ් කොරගෙන.. පෝස්ට් කාරිය දාගෙන.
      ජයවේවා..!!

      Delete
  11. බෝ කුසුමක් පුජා කලාවත්ද...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතේ... අනාවැකි කියන්න දේවාලයක් දාගන්න බය වෙන්න එපා.. යේස්.ඔබ හරි.
      ජයවේවා..!!

      Delete
  12. මං ආසම සිංදුවක්. කතාවත් නියමයි..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අරු.. කවුරුත් ආසම ගීත ගොන්නේ තියන ගීතයක්
      ජයවේවා..!!

      Delete
  13. පිස්සු කෙලින්න එපා බං.. මම හොල්මන් වෙලා උන්නේ අර වෙඩින් ඉන්විටේෂන් කියන තැනට එනකං.. හම්මේ.. වෙලාවට ෆේස්බුක් එන්න කලින් බැඳලා හිටියේ.. :)

    සිංදුව පට්ට.. ඒ සිංදුව මෙහෙම වචන කරපු විදිය ඊටත් පට්ට..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... කමියා බුකියෙ ඔන්ලයින් ඉන්න තරමට මේ වගේ කතා නොදැන ඉන්න බෑ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  14. ෂිහ් අම්මපා මේ ෆේස්බුක් තියෙනවා නේද. හරිම නාකයි.

    ReplyDelete
    Replies
    1. අන්නේකයි කුරහන්... යේක අරිම නාකයි..
      ජයවේවා..!!

      Delete
  15. සින්දුවට ආසයි ඉස්සර ඉඳන්ම...මේ කතාව ඒ සින්දුවට තවත් නවමු මානයක් ගෙනල්ල දුන්නා...ලස්සනයි...( ගස් ලබ්බෝ.....)

    ReplyDelete
    Replies
    1. තැන්කූ විසිරි... මේකත් සිහිනයක් වගේම තමා
      ජයවේවා..!!

      Delete
  16. හප්පා මොනා කියන්නද මන්දා එක්කො ඔන්න ඔහෙ මුකුත් නොකියා මම මීට අවුරුදු ගානකට කලින් ලියපු එකක් මෙතන කොටන්නම්කෝ


    ඈත දුරක නන්නාඳුනනා අපි
    මිතුරු කොදෙව්වක මුණ ගැසුනා
    පරිගණකයෙ මුඳු අකුරින් අකුරට
    ඔබෙත් මගෙත් සිතුවිලි මැවුණා

    දවසින් දවසට කාලය යද්දී
    ඔබේ ඇසුර මගෙ හිත හෙව්වා
    නොසිතූ මොහොතක නොපැතූ විලසට
    ඔබෙත් මගෙත් රූ නෙතු ගැටුනා

    පෙර සංසාරේ මගෙම කවුරු හෝ
    තරම් හුරුපුරුදු බව හැගුනා
    ඔබෙම වෙලා ඔබ ළඟම හිදින්නට
    හීන කප්පරක් හිත මැවුනා

    ඔබ අන්සතු බව කොතරම් කීවත්
    හිත පිළිගන්නට මැලි වූවා
    ඇගේ වෙලා ඔබ පිටමං වෙන හැටි
    දකින්න මේ ඇස් පව් කෙරුවා

    ඔබට තරම් වෙන කාටත් දෙන්නට
    ආදරයක් නැති බව දැනුනා
    ඉපදෙන සසරක මගේම වෙන්නට
    අවිහිංසක පැතුම්ක පැතුවා

    ReplyDelete
    Replies
    1. හඃ.. හිටාන් සට්ටලන්ට කේලම කියන්න.. :))))

      Delete
    2. හෑක් හැක් සත්තලන් මෙව්ව දන්නවා නොවැ උන්ද තමා දැන ගන්නම ඕන එකා

      Delete
    3. සොඳුරු සඳවතී.... සොඳුරු සඳවතී.... මේ... ශුවර් එකටම ඔයා දිව්‍යා නෙමෙයි නේද හා?
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
    4. කියලා වැඩක් නෑ මේක කියවගෙන කියවගෙන යද්දි මට හිතිච්ච දෙවල් අම්මපා...

      Delete
  17. GPS තාක්ෂනේ තියෙන හින්දා දැන් නෞකාවන්ට මග හොයාගන්න පහන්ටැඹවල් ඔ්නේ නෑ. ලස්සන ගීතයකට අපුරු කතා ගෙත්තමක්

    ReplyDelete
    Replies
    1. GPS බැයි නම් මක්ක තිබුනත් පහන්ටැඹක නැවත් එක්ක තියන සම්බන්ධෙ නම් නැතිකරන්න හම්බෙන්නෑ.. ඒක හෙන රොමාන්තිකයි බං..
      ජයවේවා..!!

      Delete
    2. //GPS බැයි නම් මක්ක තිබුනත් පහන්ටැඹක නැවත් එක්ක තියන සම්බන්ධෙ නම් නැතිකරන්න හම්බෙන්නෑ.. ඒක හෙන රොමාන්තිකයි බං.// dhaapan 5k

      Delete
  18. කතවෙ පට්ට ලබ්ස්
    නියමයි ඈ
    වැඩි මොනවත් ලියන්න වෙලාවක් නෑ
    සමාවෙන්ට ඔන ඒ ගැන
    කතාව රස වින්ද සුපිරියටම
    <3 <3

    ReplyDelete
    Replies
    1. ආයෙ මක්කෙයි බං සමාව. බොලා ඇවිත් කියවලා,ඒ ගැන කොමෙන්ට් එකකුත් දැම්මා කියන්නෙ ආයෙ වෙන මොනවද... හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  19. හ්ම්ම්.. හ්ම්ම්ම්ම්... බකමූණා... (දිව්‍යත් එහෙමලු කියන්නෙ.) හිකිස්
    ජයවේවා..!!

    ReplyDelete
  20. Pattai Labbo..hemadam awata comment kare ada...

    ReplyDelete
    Replies
    1. ආහ්... තැන්කිව් Latta.කියවන අයගෙ ප්‍රතිචාරයක් දෙන්න හිතුන කියන්නෙ තවත් සංතෝසයි..
      ජයවේවා..!!

      Delete
  21. සුපිරි බන්. පට්ට රසයි මේ ලියවිල්ල.

    සින්දු ගැන මෙහෙම විචාර ලිව්වාම ඒ සින්දු සුපර් ග්ලූ දාල ඇලෙව්ව්වා වගේ හිතේ ඇලෙන්නේ.

    පට්ට පෝස්ට් එක !

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. බොහොම ස්තූතියි දුකා.. සිංදු ගැන කතා කරන එකෙත් අමුතු ලල් එකක් තියනවා නෙහ්...?
      ජයවේවා..!!

      Delete
  22. fb එකෙන් යාලු වෙලා ලස්සනට පවුල් කන අය වගේම තියෙන පවුල් කඩා ගන්න කීදෙනක් ඉන්නවද ගස් අය්යේ ..
    පට්ට කතාව ගස්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මීටරේ නැති උන් ඇණ ගන්නවා
      ජයවේවා..!!

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. සින්දුවට මෙවැනි අර්ථයක් ලබාදීම ගැන සතුටුයි. වර්තමාන පරම්පරාවේ ගැහැණු ළමයින්ට ඇති උනේ හැටියට කතාව ඇත්තය. මේ පරම්පරාවේ කොල්ලන් කපටි අතර කෙල්ලන් මෝඩය.

    ReplyDelete
  25. ගණන් උස්සන කෙල්ලොන්ට හොද වැඩේ.කතාව ලස්සනයි ගස් ලබ්බා.මේක තමා ලංකාවේ ෆ්‍රෙන්ඩ්සෝන් ගීතය :D

    ReplyDelete
  26. මම නම් ආසම සින්දුව.

    ReplyDelete
  27. ආසම සිංදුවක්
    කාථාවත් ඒ වගේම තමයි හරි අපුරුවට ලියලා තියෙනවා කතාවයි සිංදුවයි අහද්දි දැනෙන විදිහට

    ReplyDelete
  28. ලභ්භ හැලෙයි මෙහෙම නොලිය හිටියොත්නං. හැක්..

    ReplyDelete
  29. ආයේ දෙකක් නෑ යාළුවත් එහෙනං කාල ඇවිල්ල තමයි මේ ලියල තියෙන්නේ. 'ගෑණු හිත' තේරුම් ගන්න ජගතෙක් මේ ලෝකේ නෑ. කැමැති එකාව විඳවන්න ඇරල තමනුත් විඳවන එකයි මේ ගෑණු කරන්නේ.

    ReplyDelete
  30. හරිම ලස්සනයි මචෝ

    ReplyDelete