Friday, June 29, 2018

X එක්ස්



'මම බඳිනවා... ඔයාට කියන්න හිතුනා ඒ බව..'
සෑහෙන කාලෙකින් x ගෙන් ආපු ඒ එස් එම් එස් එක චරක ආයෙත් බැලුවා.කීවෙනි පාරටද මතක නෑ.. මොකද්දෝ කියාගන්න බැරි හැඟීමක් හිතේ තෙරපෙන බව බොහොම තදට චරකට දැනුනා.. ඒත් ඇයි..??
තමුන්ගෙ උණුහුමට ගුලිවෙලා නිදාගන ඉන්න බිරිඳගෙ නින්දට බාධාවක් නොවෙන්න චරක හෙමින් නමුත් මහ ගැඹුරු හුස්මක් පිට කලා... නෑ... කිසි සැහැල්ලුවක් දැනෙන්නෑ...
සිගරට් එකක අවශ්‍යතාවය කොච්චර තදට දැනුනත් නැගිටලා යන්න කම්මැලියි.. ඇඟ හරි බරයි වගේ දැනුන නිසා ඇස් දෙක පියාගන නිදන්න උත්සාහයක් ගන්නකොට තමයි රූප පේලි පේලි මැවෙන්න ගත්තෙ.
නිකන් ආතල් එකට චැට් කරපු X මේ තරම් හිතට දැනෙන්න හේතුව මොකද්ද?

නිකන් ෆේස්බුක් චැට් එකක් මෙච්චර දුරක් යයි කියලා හිනෙන් වත් හිතුවෙ නෑ... ඒ චැට් එක කොච්චර දෙන්නව ලං කලාද? ඒ කියන්නෙ කොච්චර ම නං ලං කලාද? නිකමට වත් එහෙම වෙයි කියල දෙන්නම හිතුවද? ජීවිතේ මහ පුදුම දෙයක්...

කාලයක් තිබුනා දෙන්නම වැඩ ඇරිලා දුවගන එන්නෙ ස්කයිප් කෝල් එක ගැන බලාගෙන.වෙලාව හරියනකන් චරක කෑල්ලට කෝල් එකක් අරන් නලවලා කරලා නිදි. X ආපු ගමන් නිදිමත කොහෙද නැතුව පැය ගානක් ස්කයිප් එකේ මොනවද නොකලෙ..
බීල බීලා වෙරිමරගාතෙ හිටියත් කතාව නැවතුනේ නෑ.. ඒ කියන්නෙ දෙන්නගෙන් කවුරු වෙරිපිට හිටියත්.

අවුරුදු ගණන් වැඩේ ඇදෙනකොට දෙන්නා ගැන නොදන්න දෙයක් දෙන්න අතරම තිබුනෙම නැති තරම්.. චරක නොදැන හිටියෙ X එකපාර චරක වගේම කීදෙනෙක්ව හැන්ඩල් කරනවාද? උන් කවුද කියන එක විතරයි. හැබැයි ඒ කවුද කියල චරක කවදාවත් ඇහුවෙ නෑ... X කාගෙවත් විස්තරයක් චරකට කිව්වෙත් නෑ. හැබැයි පත්තිනි වෙන්න උත්සාහ කලෙත් නෑ... අමුතුයි.. අමුතුම අමුතුයි

කාලෙක් තිබ්බා X පිස්සුවෙන් වාගෙ චරක මත්තෙම නැහුනු.. ඒ කාලෙ අවටියෙල් වැඩත් ඔක්කොම වගේ නවත්තලා පූර්ණව චරක වෙනුවෙන්ම වෙන් වෙලා හිටපු බව දැනගන හිටියත්, X සහ කෑල්ල අතරින් කෑල්ලව නිතරම උඩින් තියාගන්න චරක වෙහෙසුනා... ඇත්තටම නිරායාසයෙන්ම ඒක උනා...
ඒ කාලෙ X ඇඬූ කන්දුලින් චරකට ආදරෙයි කියපු හැටි....
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........
තාමත් ඇහෙනවා වගේ.. පපුව ඇතුලෙ ඇණුනු කටුවක් ගලවන්න වගේ චරක පපුව අතගෑවා.. ඒත් තුවාලෙ පෑරෙනවා විතරයි.
එකපාරටම මහ ඉරිසියාවකින් තමුන්ව රත්වෙලා යනවා ලාවට දාපු දාඩිය පාරක් අස්සෙන්ම චරකට දැණුනා...

'රට වටේ එක එකා එක්ක නිදාගත්තු බැල්ලි..!! කසාද බඳින්න... හෙහ්... පව් අර මිනිහා.. නිකන් කර ගහනවා.. ගොනා.."

මේ සිතුවිලි වලින් තව තවත් බර වැඩිවෙන බවක් චරකට තදින්ම දැණුනා.. එක පාරටම බිරිඳ නින්දෙන්ම අතක් තමන්ගෙ බඩ උඩින් දානකොට චරක ආයෙත් පියවි ලෝකෙට ආවා...
අඳුර අතරින් කණාමැදිරියො පියාඹනවා... වහලෙ මකුළුදැල් වල පැටලුණු කණාමැදිරියො එක තැන දඟලනවා... හැබැ‍යි එතනම මිය යනවා.. දැල කඩාගන යන්න හයියක් තියන කණාමැදිරියා වේගෙන් වේගෙන් ඉවතට පියාඹනවා..

'මම තීරණය කලා මැරි කරන්න' චරක කියපු වෙලාවෙ X නිකමට වත් කාවද කියලා ඇහුවෙ නෑ.. එයා දැනගන හිටියා ඒ එයා නෙමෙයි කියන්න. ලස්සනට හිනාවෙලා සුබ පැතුවා. ඒත් එක්කම වෙඩින් එකෙන් පස්සෙ අනන් මනන් ඔක්කොම නවත්තලා 'ඔයා දැන් බැඳපු මිනිහෙක්' කියලා චරකට කිව්වෙ මොනතරම් සෙනෙහසින්ද?
X තවමත් මට ආදරෙයි.. චරකට හිතුනෙ එහෙම.
ජීවිතේ අමාරු තැන් ආපුවාම තාත්තට කතා කරනවා වගේ චරකත් එක්ක ඒ දේවල් කතා කරන්න විතරක් X පුරුදු වෙලා හිටියා. ඒ කතා බහත් ටික ටික අඩුවෙනකොට X කාත් එක්ක හරි සිරියස් සම්බන්ධයක් තියනවා කියලා දැණුනු වෙලෙත් චරකට ඉරිසියාවක් දැනුනා.
තමුන්ට අයිති නැති උනත් වෙනකෙනෙකුට අයිති වෙන්න දෙන්න අමාරු ගතියක් දැණුනා...
දවසක් හදිසියෙන්ම කතාකරපු වෙලාවක චරක මේ බව කෙලින්ම කිව්වා...
'මෝඩයා..'

X කිව්වෙ එච්චරයි.

හ්ම්ම්... මෝඩයා.... එයාට යන්න දෙන්න.. ආදරේ කරපු කිසිම දෙයක් බලෙන් අයිති කරගන්න හිතුවෙ නැති... තමන් වෙනුවෙන් කිසිමදාක පෙනී හිටියෙ නැති බොහොම විවෘත්තව තුරුම්පු කොල ඔක්කොම තියාගෙනත් සෙල්ලම විහින් පරාදවෙන්න තීරණය කරපු ඒ කෙල්ලට ඉරිසියා කරපු උඹ මෝඩයා තමා...

එයාට යන්න දෙන්න... ජීවිතේ පටන් ගන්න දෙන්න... ජීවිතේ රශ්මියෙන් පිච්චෙන වෙලාවක සිහිලැල් හෙවනක් වෙන්න... නිමක් නැති පාරදිගේ හෙමින් හෙමින් ජීවිතේ අහුලගෙන එයා යන හැටි බලාන ඉන්න.... සුබ මංගලම්..!!

චරකට පොඩි සැහැල්ලු හුස්මක් පිට වුනා..

බිරිඳට තුරුල් වුනු චරකගෙ සියුම් ගෙරවිලි නාදයක් හෙමින් හෙමින් වා තලයට එකතු වුනා....

40 comments:

  1. මරු ඈ.. හිත කලබලයි. තව ටිකකින් කමෙන්ට් එකක් දාන්නං..

    ReplyDelete
    Replies
    1. කලබලේට කොරොස්කටෙත් අතදාගන්න බෑ අයිබොන්ට...
      ජයවේවා..!!

      Delete
  2. ෆීලින් මිසිංග්.. සම්තින්ග් ඕර් සම්වන්.. අයි ඩෝන්ට් නෝ.. රාද ඩෝන්ට් ආස්ක් මී එනිතින්ග්.. වොන්න ස්මෝක්.. අයිම් ඕෆ්.. :/

    ReplyDelete
    Replies
    1. මී ටු

      (උඹත් දැන් ස්මෝක් කරනවද වගේ ඕන්නැති හු.....වල් අහන්න එපා ඉතිං)

      Delete
    2. ///උඹත් දැන් ස්මෝක් කරනවද වගේ ඕන්නැති හු.....වල් අහන්න එපා ඉතිං ///

      ස්මෝක් වර්ග පානය කිරීම උඹේ රාජකාරියේම කොටසක් බව දන්නෝ දනිති... ;)

      Delete
    3. ඔහොම කෙනෙක් මාත් දන්නවා හේ හේ එයමද දන්නේ නැහැ මේත්

      Delete
    4. @කමී
      වොන්න ස්මෝක්.. දැට්ස් ඕල් අයි ගොට්

      @ඉවාන්
      මී ත්‍රී

      @ලොකූ
      ඇයි මනුස්සයා දැන් චිමිනි වලද වැඩ?

      @අජිත්
      මම හිතන්නෑ.. හැබැ‍යි X කියන්නෙ පොදු චරිතයක්
      ජයවේවා..!!

      Delete
  3. .......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................X

    ReplyDelete
    Replies
    1. .............................................................................................................................................................................................................................................................................................................XXX
      ජයවේවා..!!

      Delete
  4. මං කැමතියි ... තව ටිකක් මැදට එක්කහු උනා නම් කියලා හිතුනා.😊 x කොහොම වුනත් චරකට ආදරේ කරලද කොහෙද.. කොහොම වුනත් මෙච්චර හිතේ තියන් ලියන්න තරම් චරක නම් xට හුඟක් ආදරේ කරලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආදරේ කියන්නෙ මොකද්ද හා? තව ලියවුනා.. ඒත් විස්තර වැඩි උනාම හිස් ගතිය මිස් වෙයි කියල හිතුනා.තැන්කූ අරු
      ජයවේවා..!!

      Delete
  5. අපි අපේ කියලා හිතාගෙන ඉන්න දේවල් වෙන උන්ට අයිති වෙනකොට පොඩ්ඩක් හඳුන්පොත කීන් ගානවා තමා බං

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් නං මදෑ මල්මලේ.. චරකට ගොඩක් රිදිලා වගේ. මොකෝ කාටවත් කියන්න්ට කියලයැ
      ජයවේවා..!!

      Delete
  6. ලබ්බ බ්‍රෝ.

    මම සමහරක්විට මේ ලියන්නෙ අන්තිම කමෙන්ට් එක වෙන්න පුළුවන්. ඒත් උබ මාව අවුරුදු 15ක් ආපස්සට අරන්ගියා. 2001 හෝ 2002 අවුරුද්දෙ මම වැඩ කලේ WTC එකේ 18 වෙනි තට්ටුවෙ ගොළුබෙල් ආයතනයේ අන්තර්ජාල අංශයේ. (කෙටියෙන් කියන්නං) මට අන්තර්ජාලයෙන් x කෙනෙක් සෙට් උනා. අපි ටික කලකින් පෙම්වතුන් උනා MSN, YAHOO, AOL මැසෙන්ජර් නිසා. මගේ පිස්සු වැඩ නිසා හිරේ විලංගුවේ වැටුන තැන් වලදි අසරණ උනහම මට උදව් කළා. මගේ ඔක්කොම දේවල් එයාට කිව්ව. එයාගෙ ඔක්කොම දේවල් මට කිව්ව. ඒ දවස්වල ලංකාවේ තිබ්බ ලක්ෂරි ම ෆෝන් එක මට එව්ව. සමහරක් වෙලාවට ඇඳුම් ගන්න කියල ගොඩක් සල්ලි එව්වත් ඒවත් ගෙදර සල්ලිත් දාල මම SIW කියන අන්තර්ජාල උපාදිය ඉවර කළා. සමහරක්වෙලාවට මට සල්ලි එව්ව ඔයා එක්ක මට ඉන්න බැහැ. ඒත් කැමති ඕනෑම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න, මම සල්ලි දෙන්නං කියල. මම එහෙම කලේ නැහැ. මම කටාර් ගියා. ආයේ ලංකාවට ආව. අන්තර්ජාතික බැංකුවක නීති අංශයේ විදායක විදිහට වැඩ කළා. කොළඹ අළුත්කඩේ කාමර අංක xx මට ගෙදර උනා.. ලෝවය්ර්ස්ල මට නතින්. එයාට කිව්ව මම කසාද බඳිනව කියල. එයා කිව්ව ඕනෑම දෙයක් කරන්න සල්ලි දෙන්නං කියල. මම කිව්ව සල්ලි එපා කියල. මට සල්ලි තියෙනව කියල. මම බැන්ද. සති දෙකෙන් සෙපරේට් උනා. මම එයාට කිව්ව. එයා කිව්ව මොඩය. ඔයා අහු උනා කියල. මම පස්සෙ යුරෝපෙට ආව. එයා අල්ලපු රටේ ඉන්නේ. ගොඩක් සන්තෝස උනා. මම සෙට්ල් වෙනකං මගේ පස්සෙන් අම්ම වගේ හිටිය. අපේ ෆිට් එකට අවුරුදු 15 උනා. එයාට ඕන උනා මාව බලන්න එන්න. මම කිව්ව එන්න එපා කියල. එතකොට එයාට අවුරුදු 13=15 ළමයි ඉන්නව. එයා කසාද බැඳල ලෝකේ ඉස්තරම්ම විදිහට ඉන්න කෙනෙක්. මම කිව්ව මම අනුන්ගෙ කුරුළු කුඩු වලට ගල් ගහන්න තරං අමනුස්සයෙක් නෙමෙයි කියල.

    මම එයාට අදටත් ලව්. එයා මට ලක්ෂ ගණන් වියදම් කරපුව මම ගෙවලත් ඉවරයි. එයා වගේම මගේ දෙමව්පියන් උනත් මගේ ගැන හොඳටම දන්නා දෙයක් තමයි මම අම්ම තාත්තාගෙන් උනත් වතුර උගුරක් බිව්වොත් ඒ නය ගෙවනව වගේම ඒ අය වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් පුළුවන් කියල.

    මට අදටත් අසාවක් තියෙනව, මම ඒ රටට සති දෙකකට කලින් ගිහිල්ලත් ආව. එයාගේ ගෙදර දොරට තට්ටු කරලා මේ මම කියල කියන්න. මම ඔන්න අද එයාට ඊ මේල් එකක් දැම්ම.

    ReplyDelete
    Replies
    1. පට්ට X කතාවක් ටික්කා

      Delete
    2. WTC එකේ 18 - නැගනෙහිරද? බටහිරද? මද්දත් 18 හිටිය

      Delete
    3. ටික්කෝ.. උඹ මේක දකියි කියල හිතනවා...සියල්ල හොඳින් විසඳෙන්න ඇති කියල හිතනවා. උබ මාරයි බං.. සිරාවටම..
      ජයවේවා..!!

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඔය අහිමිවීම තුල ඔය අයිතිකර නොගැනීම තුල තමා මේ කැක්කුම තියෙන්නේ....අයිතියක් නැති තැන බොහෝ වෙලාවට සැබෑ ප්‍රේමය හමුවිය හැක.

    ReplyDelete
    Replies
    1. ඔතන සැබෑ ප්‍රේමය කියන එක අස්සෙ හෙන පස්නයක් තියනවා.එහා ඉවුරෙ තණකොල කොලපාටට පේන සීන් එක නෙමෙයිද ඔය?
      ජයවේවා..!!

      Delete
  9. සුපිරි පෝස්ට් එක
    මචං තාම කියෙව්වෙ නැද්ද ටකබුං.. එහෙනං ටක් ටුක් ගාල ගිහං කියවන්න..
    https://takabung.blogspot.com/

    ReplyDelete
    Replies
    1. රා..යිට් බලමු.
      ජයවේවා..!!

      Delete
  10. මං හිතුවේ මං විතරයි ඔහොම කියලා......හිහ් හිහ් හිහ්

    ReplyDelete
    Replies
    1. ඔබ තනි නැත ඔබ තනි නැත උම්මත්තකේ
      ජයවේවා..!!

      Delete
  11. ගස් ලබ්බගේ ඇත්තම කතාවක්ද කොහෙද මේක ..... හිටුකෝ කුත්තු කොරන්ට ....

    ReplyDelete
    Replies
    1. හා හා.. සද්ද කරන්න එපා බං.. කටුඅකුල් අස්සෙ ගහයි අල්ලලා
      ජයවේවා..!!

      Delete
  12. උබ නිකන් X එකක් දාගෙන ඒකෙන් ගොඩ යන්න හදනව නෙද? අනේ යකෝ අල්ලපු ගෙදර ගෑනිගේ නම හරි දාහන්කො. උබලත් මාර මොරත නෙද බන් . හරියට හෝඩියේ එවුන් වගේ. උබ නම් සිරාම පොන්නයෙක් බන්

    ReplyDelete
    Replies
    1. ආ... තැම්බෙන බිලී... වෙල්කම් මචං
      ජයවේවා..!!

      Delete
  13. ලබ්ස් මොන ලබ්බේ කංකාරිය කරත් බොහොම පරිස්සමින් කරපං මස්සිනේ ... :)

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං මක්ක හරි 'හිතුවිල්ලක්' ;) අකුරු කරං ඔන්න අයිංශකයොනෙ කණ්ඩෝ..
      ජයවේවා..!!

      Delete
  14. නියමයි....තව තවත් ලිවීමට ශක්තිය ලැබේවා .....

    ReplyDelete