Monday, April 13, 2015

ඩෝං...!!!!!!!





දුප් යන්න...
මුර කරන.. හපා කන
නිදි නොලැබ කඹුරන
සුනඛ ගති
ගොරවන්න ඔට්ටු නැති
හාම්පුතා
කන පතට අත දාන
දුප් යන්න..
දත් ටිකට බය ඇයිද
හැපුවෙනම් නෑ ඔන්න
කොර ගහන... ගඳ ගහන
කියන විදිහට වැනෙන්නැති
වලිගය රැගෙන
දුප් යන්න..
ඉඳා උඹට අවුරුද්දට
පත්තු කරපු
රතිඤ්ඤයක්.!!

GO HOME

ඩෝං...!!!!!!!

ලබ් ඩබ්... ලබ් ඩප්... ලබ් ඩප්... ලබ් ඩප්...




නිමිත්ත : කෙනෙක් ආතල් එකට ඇඟට දැමූ රතිඤ්ඤයකට බියවූ බල්ලෙක් ව රැකියාව අහිමිවූ ගස් ලබ්බාට දක්නට ලැබීම.