එන්න එන්න දරදඬු ගැහුනා
නුඹේ ගතටත් වඩා මගේ හිත
දාල එන්නෙ නම් නෑ
කොහොමත්
අපේ පිල උඩට එනකන්
නොතෙත් දරදඬු
ඒ හිත්වලට වඩා
පොඩි හරි හයියක්
තාමත් මගේ හිතට දෙනව
ඔයා
ටිකින් ටික හයිය වෙලා
ආදරෙන්...
නිමිත්ත : මියගිය තම බිරියගේ මලසිරුර ප්රවාහනය කිරීමට රථයකට මුදල් ගෙවීමට නොහැකි හෙයින් කර මතින් කිලෝමීටර හැටකට වඩා දුර මලසිරුර කර තබා යන්නට පිටත් උන ඉන්දියානුවෙක්.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)
