Wednesday, May 27, 2015

මොකද්ද යකෝ මේකෙ තේරුම??


ඉස්කෝලෙ කාලෙ කරපු වැඩක් මතක් උනා ය.නිකන්ම මතක් උනා නෙමෙයි,වෙන දේවල් දිහා බලන් ඉන්නකොට සමාන කමක් පෙනුනා ය.උනේ මෙහෙමයි ය. .
ගස්ලබ්බ බාලදක්ශයා ය.අවුරුද්දකට වතාවක් ලංකාව පුරා පාසල් වලට ආරාධනා කරලා කොහේ හරි කන්දක් අල්ලගෙන ගවේශන තරගයක් පවත්වන එක අඛණ්ඩව කරගෙන එන එක බාලදක්ශ කණ්ඩායමේ පුරුද්දකටත් වඩා වගකීමක් එහෙම නැත්තන් සිරිතක් බවට පත් වෙලයි තියෙන්නේ ය..
පොඩි කාලෙ ඉඳන් අයියලා කියන කියන වැඩ කර කර හමයන.. බර වැඩ කරලා කරලා ඔන්න වගකීම් පැවරෙන තරමට කර දඬු උස් මහත් උනාම පැවරුන පළමු වගකීම ප්‍රධාන වේදිකා සැරසිලි ඉදිකරන එක ය.
අපේ සින්නන්ගෙ සිරිත් විරිත් තිබුන අපරාදෙ කියන්න බෑ මඩවන්නේ දෙකෙන් තුනෙන් නොව එකෙන්මය...කියන්නෙ හොද්ද රස වෙන්න හැඳිගානවා කියලා ය.ඒත් ඒ වෙලාවට උන්වත් හැඳි ගෑවිලා යන්න තරම් දේවල් කියන්න හිතුනට කියන්නෙ නෑ.. මොකටද ඉල්ලගෙන පනිශ්මන්ට් කන්නෙ කියලා ය.එච්චරකට ඉතින් සීනියර් භක්තිය සහ විනය ය.

කිව්වද කලා... නොකලොත් මලා.

වේදිකාව සරසන එකත් ආවට ගියාට කොරන්න බැරිය.මුලින්ම ප්ලෑන් ඇඳිය යුතුය.ඇපෲ කරගත යුතුය.ඒ අතර වෙන වැරදි සඳහා පනිශ්මන්ට් ද කෑ යුතුය.අපට මුලින්ම පැවරුනේ ග්‍රාප් ශීට් වල නිවරදි ස්කේල් එකට එකිනෙකට වෙනස් සැලසුම් පහක් ඉදිරිපත් කොරන්නටය.
හිත හොඳ සින්නෙක් ඉදිරිපත් වී අපට කීවේ

"ඔය මොක ඇන්දත් ආයෙ අඳින්න වෙනවා.. ඒ නිසා මුලින්ම මොකක් හරි බයිලයක් ඇඳන් එනවා.පස්සෙ අපි වෙනස් කරල දෙන්නම්" කියලා ය.

ඉස් මුදුනින් ඒ අවවාද පිලිගෙන අපි පස් දෙනෙක් ග්‍රාප් ශීට් වල එක එක ජාති ඇඳ ගෙන සැදැහැ සිතින් පෙල ගැසුනෝය.
පොඩි අව්ලකුත් නොතිබ්බා නෙමේය..
ඒ මක්කද යත් එහෙන් මෙහෙන් කුරුටු ගාන විට ගස්ලබ්බාට වැඩේ රස වැටීම ය.
ඉතින් වී තිබුනේ එකල දන්නා පරිදි විව් තුනකින්ම මහා සංකීරණ සැලැස්මක් ගස්ලබ්බා අතින් බිහි වී තිබීම ය.
අනෙක් උන් කීවේ උඹට ඔය කොළ ටික කන්න වෙනවා සත්ත බවය.අළුතෙන් එකක් අඳින්නට වෙලාව මදි නිසාත් ආසාවෙන් කළ සැලසුම ඉවත දමන්නට දුක නිසාත් ගස්ලබ්බා නොබියව තත්තෙට මූණ දෙන්නට සිතා ඉදිරියටම ගියේ ය.

සැලසුම් එකක් නෑර බැලූ සින්නන් අවසානයට ගස්ලබ්බාගේ සැලසුම දැක.. මූණෙන් මූණ බලා සෑහෙන වේලාවක් සිනාසුන හේතුව ගස්ලබ්බාට තේරුනේ ටික වේලාවකට පසුවය.

'අපි කිසි වෙනසක් කරන්නෙ නෑ... තොපි මෙන්න මේකම හදපල්ලා... කිසි වෙනසක් වෙන්න බෑ..'

හපෝයි... ඔය කෑවෙ මලකඩ බැඳුනු ටකරං..

මුල් සැලසුම් විසිකරනවා කියා අපට යහපාලන බලාපොරොත්තු දුන් සින්නා උගේ ඔරන් ඔටන් මූණ දික්කොරගෙන හිනා වෙනවා ය.

අපට දැං පව් ය.

මක්කෙන් හරි දන් වළඳන්න උවමනා නිසා අනෙක් උන්ගේ අපහාස..තර්ජන.. ඝර්ජන.. මැද ගස්ලබ්බා වැඩ ඇරඹීය.මෙතුවක් කල් තිබූ ඇහැට හුරු රූප වෙනස් කර අලුත් ක්‍රමයකර අලුත් රූප තැනීම ඇරඹුනේ ය..

පොඩි උන් මරාගෙන කමින් මෙන්න මේවා නිර්මාණය කිරීම සිදුකළ යුතුමය.

1)බාලදක්ශයෙකුගේ අනුරුවක්
2)යන්ත්‍රානුසාරයෙන් කැරකෙන ශූරතා කුසලාන දෙක.
3)විනිවිද පෙනෙන මයික්‍රෆෝන රඳවනය
4)සිරස්ව ගලායන ජලය තුලින් දැල්වෙන පහන්
5)ගින්දර නොමැතිව දැල්වෙනවා සේ පෙනෙන ගිණිමැල

කොහොමෙයි වැඩසටහන?? මේවා හයර් කරන්න තිබුනත් ඒකට අවසර නතිය.. කැමැත්තකුත් නතිය.. අපේ අතේ පයේ වෙර වීරියෙන්ම ගොඩදැමීමේ පරම පවිත්‍ර පවිටු චේතනාවෙන් දිවා රෑ නොබලා කස්ටිය දැන් වැඩ ය.
කස්ටිය වැර වෑයම් කර ඇහැක් විදිහට කනක් හදාගත් බව චිත්තප්ප්‍රීතියෙන් දන්වන්නෝය..

ඔන්න දැන් වැඩසටහන හෙට ය.

වතුර ඇතුලෙන් දැල්වෙන පහන් හදන්නට පැරපින් ගුලි හෑරූ එකා  එක අතක් බලාගෙන ය.කොච්චර කීවත් වෙනතක් බලන්නේම නැතිය.උගේ බෙල්ල උළුක් වෙලා ය.

සිරස්ව වතුර ගලනවා පෙන්නන්නට වීදුරු තහඩු සමඟ ඔට්ටු උන එකා අත් මේස් දමාගෙන ය.ගැලෙව්වාම ලේ ගලනවා ය.
ඕන වෙලා තිබුනු පොකුණු වතුර මෝටරය ගෙදරින් ගලවාගෙන ආ පොඩි එකාව ගෙදරට වද්ද ගන්නේ නැතිය.
ඒ අව් අස්සේ වේදිකාව එලිමහන් චතුරස්‍රය වෙත මාරු කිරීමට සින්න අයියලා පතල මහා අනුකම්පාවෙන් ක්‍රියා කළෝය.
අපට 'නානසාර ලකුණ' දරන අබ සරණ ය.

කොහොම කෙරුවත් එකයි නිසා සැලසුම් උඩු යටිකුරු කොට කොහොමින් කොහොමින් හරි වැඩේ ඇටෙව්වෝ ය. එක අවුලක් තියෙනවා ය.
වේදිකාවට පිටුපස බිත්තියක් නැති ය.
එහෙම උනොත් පුල් චාටර් ය.
හදපු ඒවා පේන්නැතිය.
එහෙම වෙන්න දෙන්න බැරිය..
වෙස්මූණ බැන්දේ නටන්නය.කොහොම හරි නැටිය යුතුය.

ටිං ටොං ටිං ටිං.....

නුවණ පහල විය.

හැන්දෑකොරේ ඉස්කෝලෙ තාවර වෙමින් ඉන්නකොට ගස්ලබ්බා ඇතුලු පිරිස ඇදගෙන ගොහිං ප්‍රාථමික අංශයේ රෙපෙයාර් වැඩ ටිකක් නොමිලේම කරගත් මොහොතේ කබඩ් ඇතුලට වී ගස්ලබ්බාට අත් වැනූ කළු කොළ ටික පිහිට වන්නට ඉඩ තියෙන්නේය.

හුරුබුහුටි පොඩි එකෙකුට වාක්‍ය කීපයක් උගන්වා දහඩිය දමන්නට රවුම් කීපයක් දුවවා දුක හිතෙන ස්වරූපයෙන් ප්‍රාථමික අංශයට යැවූ විට තාප්ප වහන්නට තරම් ලැබුනේ කලු කොල මය..මින් කළු ගලක හැඩ මතුකොට වේදිකාවේ වැඩ හමාර ම කල වග ය.

ඔන්න ඉතින් වැඩේ දවස ය...

වෙනදා ලැබෙන ගල් මුල් වෙනුවට කිසිසේත් හුරු නැති මල් ලැබෙන විට ගස්ලබ්බාට බැචාලාගෙන් ලැබුනු රැවුම් ගෙරවුම් කිංඩි අඩු වීම ගස්ලබ්බා ප්‍රමෝදයට පත්කලේය.

නමුත් කරුමෙ ඩබල් පින සිංගල් ය.

දරුණු සින්නෙක් කියා මහා සිංහලයේ වංශකතාවේ පවා නම සඳහන් පොරක් මේ වැඩේ ඇදක් දැක්කේ අමුතුම ඇහැකින් ය.
මිනිහා එක පාරටම ගුගුලේ ය..

'යකෝ.. මේ මොකද්ද? කිසිම තේරුමක් නැති අටමගලක් නෙ.මොකාද මේක හදපු එකා..??'

පූජාසනයේ හිඳුවා ගස්ලබ්බාට පිදූ ලෝකයම එක බැල්මකින් එරෙහිව නැගිටින හැටි දුටු විට නන්දා මාලනීට ජෑම් ගෙඩියක් දෙන්නට තරම් හිතක් පහලවූයේ ගස්ලබ්බාටත් හොරාටමය.

හීන් දාඩිය අර දාඩිය මේ දාඩිය ඔක්කොම එකපාරම දැම්මේ ය.
බඩත් ගොර ගොර ගාන්න ගත්තේ ය.
ඒ මදිවාට දත කට පූට්ටු වෙලා ය.
කටේ මුද්දරයක් අලවන්නවත් කෙල ටිකක් නැත.

'ඛවුධ යඛෝ..??'

ගස්ලබ්බා හීන් කෙඳිරියක් නගාගෙන අත ඉස්සුවා මතකය.
දැං ඉතින් කොරන්න දෙයක් නැතිය...

"මේ තෝ අටවලා තියෙන්නෙ මොකද්ද කියපිය."

ගස් ලබ්බා මෙන්න මෙහෙම කතාවක් කී බවක් යාන්තමින් මතකය..


"අයියෙ.. ගල් යුගයේ ඉඳන් නවීන ලෝකය වෙනකන් ලෝකය කැරකි කැරකි වෙනස් උනත් බාලදක්ශයෙකුගෙ වගේ යහ ගුණදම් තමයි මොන බාධක ආවත් දිලෙන්නෙ"

ඊට පස්සෙ ඇහුනේ මහා හූ හඬකින් හිනාවෙන හඬක් බවත් මතකය.


සත්‍යයට ලුණු ඇඹුල් දමා මේක කියන්න හිතුනේ නිකම්ම නෙමෙයි ය..නිරුවත ඉන්ටප්‍රිට් කිරීම,වාසු සීයා ගේ රැවුල කපා මොලේ පාදා බැලීමට තැත් කිරීම,උත්තරීතර ආයතන තුල පහත්ම වචන භාවිතය,භාණ්ඩාගාර බිල්පත් වංචාව,විදෙස් මුදල් වංචාව වංචාවක් නොවීම,වෙලේ සුදා උපාසක මහතෙකු වීම,කුඩු පාං පිටි වීම,සිංහලයාට රටක් නැති වීම හා මේ සියල්ල නිවරදි හේතු සහිතව සිදුවිය යුතුම ඒවා බවට මහජනයාට ඒත්තු ගැන්වීම යනාදිය දුටු විටය.

64 comments:

  1. කෙටි කාලීන සිද්ධියක් උනත් උපමා උපමේය අටුවා ටීකා ටික එළ.

    ReplyDelete
    Replies
    1. තං තෝසෙයි තං තෝසෙයි...
      හෙහ් හේ...

      Delete
  2. Replies
    1. නැචුව නැචුව.. ගොඩක් වෙලාවට එහෙම තමයි..

      Delete
  3. උඔ අන්තිමට ලියලා තිබුන දේශපාලන උපමෙයන් අහකට..උඔගේ අත්දැකිම් ටික එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. දවස් ගානක් ටික ටික කොට කොට පල් වෙවී තිබුන පෝස්ටුව උඹ දේශකයගෙ එකේ දාපු කොමෙන්ටෙක දැකලා බූස්ට් කොරලා ලිව්වා.. මේකෙ තනිකරම ගෞරවේ මෙණ්ඩට.
      එළ ද බ්‍රා.. (ඔව්.. එල එල.)

      Delete
    2. ඒ බලපන් මගේ පිංතුරේ ලස්සනද?

      Delete
    3. බුදු අම්මෝ ඒවගෙ ලොකු??
      මෙණ්ඩො.. මම කලිනුත් කිව්වනෙ.. හොඳ එකා වගේ මටත් ජොබක් සැට් කොරල දියන්.. වෙන මොකකටවත් නෙමෙයි.ඔය වගේ පින්තූරයක් ගන්න.
      උඹ ඉන්නවෙයි ඒ පින්තූරෙ? දැක්කෙ නෑ නෙ..
      හෙහ් හේ..

      Delete
    4. මෙවා ඇදලා පෙන්නන්න එන ෆිටොන් නංගිගේ සහයට කෙනෙක් හොයනවා...හැක් හෙහ්...හෙහ්

      Delete
  4. "මාගේ රට හා ආගම කෙරෙහි යුතුකම් ඉටු කිරීමද සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමද බාල දකෂ නීතියට කීකරු වීමටද මාගේ අවංක විස්වාසය උඩ මාගේ සම්පූර්ණ උස්සාහය යෙදීමට මම පොරොන්දු වෙම්."

    හිකිස් .නියමයි ලබ්බෝ ...පාසල් කාලය වාගේ ජිවිතයක් අයේනම් එන්නේ නැ ....

    ReplyDelete
    Replies
    1. &&& ..ආයෙත් එනවානම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ...&&&
      ඒ නීති වලට කීකරු උනා නම් ගොඩම තමයි.
      හෙහ් හේ...

      Delete
  5. //භාණ්ඩාගාර බිල්පත් වංචාව,විදෙස් මුදල් වංචාව වංචාවක් නොවීම,වෙලේ සුදා උපාසක මහතෙකු වීම,කුඩු පාං පිටි වීම,සිංහලයාට රටක් නැති වීම හා මේ සියල්ල නිවරදි හේතු සහිතව සිදුවිය යුතුම ඒවා බවට මහජනයාට ඒත්තු ගැන්වීම යනාදිය දුටු විටය. //

    :D

    ReplyDelete
    Replies
    1. හා නැද්ද? කලින් එකා සමාන්‍ය මිනිහට එපා උනේ අවුරුදු තුන හතරකින්.ඒත් මේක..??

      Delete
  6. හැක්.. හැක්.. මම එහෙමනං අර කලු (කොළ) ගලේ ඔළුව ගහගෙන මැරෙනව.
    නියමයි ලබ්බ‍ො.

    ReplyDelete
    Replies
    1. හැක්... එතකොට ගල් බැම්ම බොල් බැම්මක් බවට ඔප්පු කොලා වෙනවනෙ.. බොල් බව දැන දැනම වහලා තිබුනා...අවුලක් නෑ..
      හෙහ් හෙහ්...

      Delete
  7. මොකක් කියන්නද... ඔක්කොම කියල තියෙන එකේ... හැක්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ මොකක් හරි කියන්න අනේ.....
      (උදා: හෙට ඉර පායයිද? ) :p
      හෙහ් හෙහ්...

      Delete
    2. උපේක්ෂාට තව කියන්න පුලුවන්
      කබ්බෝද පුබ්බෝ ඉගිල්ලෙති ඉබ්බෝ...
      ඉබ්බෝ කවදද චොකලට් කැවේ?
      බස්සෝ කවදද බස්වල ගියේ?

      Delete
    3. ගස් ලබ්බා: එහෙනම් කියන්නම්කො එකට දෙකක්! ඉර පායයි කියන එක වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. උනේ නැත්තම් මම ගිනිතියන් මැරෙනවා... ( ඉර නැතුව කළුවරේ ඉන්න උන් කොහෙද මාව හොයන්නේ හෙහ්....!)

      මෙන්ඩා : ඉබ්බන් පවා චොක්ලට් කාපු බව රාවනා යුගයේදී ලැබෙන සාක්ෂි වලින් කියන්න පුළුවන්. බස්සෝ බස්වල ගිහින් වෙච්ච අලකලංචි ඕනේ තරම්, අහන්න වීර බස්සිගෙන්!

      Delete
    4. ගාමිණී ෆොන්සේකා ඉට්ටයිල් එකෙන් 'හෙට ඉර පායයි ද?' අහපුවාම මෙයා
      චන්ද්‍රසිරි බණ්ඩාර ඉට්ටයිල් එකෙන් 'ගිණි තියාගන්නවා' කියනවා... හපෝයි...

      මෙන්න මෙණ්ඩො බොටත් වඩා නාකි ඩයල් එකක්.අද අහු උනා වයස.. රාවනා කාලෙ පොරක් නෙව..
      හෙහ් හෙහ් හේ...

      Delete
  8. මේ උඹේ ලබ්බේ ගනින්න තරම් දැන් ඇට වැටෙන්නේ නැත්තේ මොකෝ කියපං.. අර හැමෝටම වගේ පට්ට බිසී ලෙඩේ බෝ වෙලාද?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ කමියො.. රෑට මල් කඩනකොට උනත් ෆෝන් කට්ට බිම වැටිලා ඕෆ් වෙනකන් දන්නෑ නින්ද ගිහිල්ල... මුන් එකසිය ගානට වැඩ..බෝඩිමට එනකොට මැරිලා.. මේල් ටික බලලා පෝස්ට් දෙක තුනක් කියවනකොට බඩු හරි.. කොහොම හරි ලියනවා ඉතිං..
      හෙහ් හෙහ්...

      Delete
  9. Replies
    1. තංතෝසෙයි.. තංතෝසෙයි.. ඉතින් නොලියා කොහොමෙයි..?
      හෙහ් හෙහ්...

      Delete
    2. වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

      Delete
    3. අනේ ඇනෝ දන්නැති දේවල් කතා කරන්න එපා. නෙලුම් යායට හොස්ට් කරන්න සල්ලි ගෙවන්නේ අපි. අපේ පඩියෙන්. අපි වැඩ කරන්නේ නිකන්. ආසාව නිසා. කල්‍යාණ මිත්‍ර කරන්නෙත් නිකන්. මංගලගේ කෙහල් මලක් මෙතන නැහැ.

      Delete
  10. ගස් ලබ්බත් බාල ලබ්බෙක්ද ... එල එල . . බලන් ගියාම පර්ලිමෙන්ට් නොගියට ලබ්බත් ලොකු ලොකු වැඩ කරලා තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. පාර්ලිමේන්තු යන්න තරම් පව් කොරල නෑ බං මම..
      හෙහ් හේ..

      Delete
  11. හරිම රහයි.ලොකු ලොකු වැඩත් ගොඩදාල එහෙනම්. :)

    ReplyDelete
    Replies
    1. රහ නං එච්චරයි.. අහවල් ලොකු ආයෙ..
      හෙහ් හේ..

      Delete
  12. සුපිරි. ඉස්කෝල කාලේ ඔය වෙච්ච ඒවා කොච්චර සාටර් පීටර් උනත් දැන් ඒවා මතක් වෙද්දී ආතල් නේ :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. තනියම ඉන්නකොට මතක්වෙන දේවල් තමයි.. මොන සීන් එක උනත් හිනාවක් එක්ක සිහිකරන එකත් හොඳ අත්දැකීමක්..
      හෙහ් හේ...

      Delete
  13. හමුදාවේ මෙන්න මෙහෙම කියමනක් තියනවා. කවදාවත් ලොක්කන්ට අයිඩියා දෙන්න එපා කියලා. ඒ කියන්නේ මම මගේ ලොක්කෙකුට කිව්වොත් සර් මේ වැඩේ කරන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා, වහාම ඒ වැඩේ මගේ පිටේ පටවනවා, හා......හරි ඔයා තමයි එහෙනම් ඒ වැඩේ කරන්න සුදුසුම කෙනා කියලා.

    ඒ හින්දා, ගුඩ් මෝනිං කිව්වත්, දන්නේ නෑ සර් කියන එක තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. මගෙ කලින් චීන බොසා නම් කරන්නෙ අයිඩියා එක අහගෙන ඉඳලා ටිකකින් උගෙ වගේ කියනවා... හෙන උපදෙස් ගොන්නකුත් එක්කම..
      දන්නෑ සර් තියරියෙන් ඔලුව බේරගෙන ඉන්න පුලුවන් බව නම් සැටිපිකේට් ඇත්ත විචාරක තුමනි..
      ජයවේවා..!!

      Delete
  14. අම්මපා බලාගෙන යද්දී ඒක ඇතුලේ එවුනුත් එකයි පිට ඉන්න මේ වගේ එවුනුත් එකයි..

    ReplyDelete
    Replies
    1. අහිංසක අපිට කොරන්න තියෙන ලොකුම අපහාසෙ කොරපු බොලත් එකයි..
      හෙහ් හේ..

      Delete
  15. බාල යක්ෂයොනෙ බලාගෙන ගියාම.

    ReplyDelete
    Replies
    1. වැඩ සතියට පාරවල් ගානෙ ඇවිදිනකොට නිතරම ඇහුනු වචනයක්... හප්පේ ඉතින් යක්ස වැඩත් නොකලා නෙමෙයි..
      හෙහ් හේ..

      Delete
  16. මචන් මමත් ඔය කියන අකාරයේ බල යක්ශයෙක් ඒ කාලෙ. හැදුවා තමා එකක් යාන්තම් ෆැලැශෙර් එකක් මාට්ටු කරලා සමනල්ලු පියබනවා වගෙ පේන අර තොරනවල් වගේ පනෙල් එකක්. ප්‍රදන අමුත්තා අවා නේ, අහුව මේ මොකක්ද කියලා කියන්න බැ නේ තොරනක් කියලා, කටට අවා කියලා දැම්මා "ස්ර් මේක ඊලෙක්ට්‍රොනික් සමනල්ලු කියලා" පොර ස්ක්‍රීන් එක පස්සට ගිහින් බලලා මගෙ දිහා බැලුවා බැල්මක්... මට චූ ගියා. ඇය් බන් ඊලෙක්ට්‍රොනික් වල කොහෙද පතන්ග දැති රෝද කැරකෙන්නෙ??
    මේ උබට එම්මානුඒල් හමූනාද........?

    ReplyDelete
    Replies
    1. අඩේ ..... ඒ ප්‍රධාන අමුත්තා අපේ ජාතියේ එකෙක් මයි,නැහ්නං ඕවා අස්සෙ රිංගන්න යනවෙයි.. පොර බොට මෙඩ්ල් එකක් දීලා ඉවරයි ඒක බලන්න ගිය එකෙන්ම.
      මට එමානුවෙල් මහතා හමු උනා.හැබැයි ඒ වෙලාවෙ මට ඒ වගේ දෙන්නෙක් පෙනෙන ගානට හිටියෙ.. වසන්ත කීවම මතක් වෙලා විස්තර ටිකක් කීවා.. මෙහෙම කෙනෙක් ගස්ලබ්බ කියවනවා කියන එකත් මදැයි.. මක්කෙයි කියන්නෙ.. තියන අත්දැකීම් ටිකක් ලියමුද? ඒවා අපට ගොඩක් ප්‍රයෝජං වෙයි.. ලියමු ලියමු...
      ජයවේවා..!!!!

      Delete
    2. අහා.... නෑ බොලේ මට එච්චර හොදට යුනිකොර්ඩ් ලියන්න බෑ... එතින් බොලාගේ එවා කියවලා සතුටු වෙනවා... අනික වෙලාව හොයගන්න එක තමා ලොකුම ප්‍රශ්නය. නෑතිනම් ලියන්න තියන එවා මහා ගොඩාය්. කමක් නෑ මෙහෙම හොදය්. ලගදී එනවා අවාම එන්න්නම් කෝ බලලා යන්න.

      Delete
    3. අනිවාර්යෙන් හම්බවෙමු... මේ ලියන යුනිකෝඩ් මදැයි.. එකක් පටන් ගත්තම ඉබේම වෙලාව ලැබෙයි... වෙනස් කතා ටිකක් තියෙන හැඩයි.. බලමුකො පොඩි ට්‍රයි එකක් දීලා...

      Delete
    4. අනේ මචෝ අව තමා, අව ගියා. දවස් 14ක් හිටියා කොහෙන් දවස් ටික ගියාද මන්ද. එම්මානුඑල් හමු වෙන්නත් බරි උනා, ඌට මම හමුවෙන්න කීවා ඒත් ඩ්වසක් හොය ගන්න අමාරු උනා. ඒත් මට උබලග ඩ්ර්වර් කෙනෙක් හමු උනා ඉන්ද්‍රජිත් කියලා මැටෙරියල්ස් ලබ් එකේ ඉන්න. ඌ මගෙ ච්ලස්ස් මේට්. උම්බ ගැන ඇහුවා ඌ දන්න ලබ්බක් නැ. නෙංට් ටයිම් සුරෙ හමු වෙමු සෙප්ටෙම්බෙර් වල.

      Delete
    5. හපෝයි... දවස් දාහතර කියනකොට මතක් වෙන්නෙ රිමාඩ් එක.. ඊට හපන් වගේ නිවාඩුව. හෙහ් හෙහ්... මක්කෙයි ඉතින් කොරන්නෙ..බෙටර් ලක් නෙක්ස්ට් ටයිම් කියලා හිත හදාගමු.
      මම මාතරින් ඇවිල්ලත් දැං මාස දහයක් විතර.පරණම ඩ්‍රවාල නම් තාම කෝල් කරලා එහෙම ඉන්නවා.ඔය කියන කෙනා වීරවංශ රැවුලක් වවන කන්ණාඩි දාන කෙනෙක්ද?
      සැප්තැම්බරය ඉක්මනින් පැමිනේවා..!!

      Delete
  17. උඹල හදපු මෙව්වා එක නිකන් ජෑම් පානුයි ලුණුමිරිසුයි වගේ තියෙන්න ඇති නේද බං.

    මමත් බාලයක්ෂයෙක් වෙන්න හිතාගෙන ටික කාලයක් ගෑටුවා...
    මට ලේසියෙන් දෙයක් කට පාඩම් කරන්න බැහැ.
    අර මොකක්ද ලහුලමක් තියෙන්නේ පොරොන්දුද මොකක්ද කියලා. ඕවා මතක තියාගෙන කට පාඩම් දෙන්න බැරි කමටම ඒ වැඩේ මම නතර කලා...

    උඹ අර අන්තිමට කියල තියෙන කතාවට උඹේ කටේ මසුරන් දාන්න වටිනවා ලබ්බෝ...

    ReplyDelete
    Replies
    1. හදපු එකද?? ඒක නිකං
      අහසයි වැටකොළුයි වගේ..
      කොණ්ඩ කැවුමුයි මාළු හොදියි වගේ..
      ආප්පයි බුලත්විටයි වගේ..
      ඒත් කොල්ලා ගොඩ ගියා..
      ගස්ලබ්බටත් ඉන්නෙ මහ මඤ්ඤං ගිරවෙක්.ඔය කටපාඩම් නැති සීන් නිසා කොච්චරනම් පනිශ්මන්ට් කෑවද? ඒත් විශයානුබද්ධ නොවෙන නිසා මේවා අදටත් මතකයි.අපරාදෙ... මිස් කරගත්තෙ නැත්තම් පට්ට අත්දැකීමක්.
      ජයවේවා..!!

      Delete
  18. ගස් ලබ්බා කලොත් කරන්නේ ඔය වගේ වැඩක් තමයි, එක්කෝ මේ වගේ දෙයක් කරයි, නැත්තම් අවධානම් කලාපයකට ගිහින් රස්සාවක් කරයි. ඔය මොනව කලත් මට වෙන්නේ දහ අතේ කල්පනා කරන්න වෙන එකයි. ඒ, මම පොඩි පහේ ටියුබ් ලයිට් එකක් නිසයි........

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බා ගෙ ජීවිතේ ගැන නම් කම්පනා කොරන්න එපෝ.. බොගෙ උම්මත්තකේ හොඳවෙයි.. උඹ ඔහොම හොඳයි...
      හෙහ් හේ..

      Delete
  19. මමත් බාල යක්ෂයෙක් වෙලා හිටියා බොල බෑන්ඩ් ගහන්න කලියෙන්...92 කුරුණෑගල තිබ්බ ජාත්‍යන්තර ජම්බෝරියටත් මම ගියා. ඔය බලොග් ලියන මල්කොබා ජනාධිපති බාලදක්ෂයෙක්...අපේ පන්තියෙමනෙ ඒකා හිටියෙ..ඉතින් මම දන්නවා ඌ ගැන...වැඩ සතිය තමයි මම ආසම එක...වේලි වේලි ඉන්න අපට කීයක් හරි ලැබෙන්නෙ ඒ කාලෙට තමයි ඕං...

    ReplyDelete
    Replies
    1. හප්පා.. එළ කිරි එළ කිරි... ගස්ලබ්බත් අර කිව්ව ජාතියේ එකෙක් තමා...හොඳ කට්ටක් කාලා එල්ලගත්තා ඒ පදක්කමත්.වැඩ සතිය කියන්නෙ නම් පට්ට අත්දැකීමක්.පුදුම විදිහේ මිනිස්සු හම්බවෙන ඉවෙන්ට් එකක්... මගෙ ජීවිතේ හිතන පතන විදිහ පවා වෙනස් කරන්න වැඩ සතිය හේතු උනා.ඒත්... ඒ හොයපු සල්ලි වලින් ටොපියක් වත් කන්න තරම් හිතක් ඒ කාලෙ තිබුනෙ නෑ ඔන්න.
      ජයවේවා..!!

      Delete
  20. අර වතුර මෝටරේ ගෙදරින් ගලවං ආපු එකාගේ ඉරණම මොකක්ද ගස් ලබ්බ? පස්සේ උඹලා ඒ ආපහු හයි කරලා දුන්නද?
    උඹේ වේදිකා නිර්මාණ අදහස් ටික නම් මරු.

    ReplyDelete
    Replies
    1. ආ... ඒක අවුලක් උනේ නෑ.. ගෙදර අය ඇවිල්ල හිටියා මුන් මොකක්ද මේ කොරන්නෙ බලන්න.පොඩි එකා වැඩේ ඉවර උනු ගමන්ම ගලවලා වාහනේට දා ගත්තා.එතනින් ඒක ශේප්...
      ඉස්කෝතුයි ඩූඩ්..ඒ අදහස් වලට මටත් මරු පෙනිලා උන්නෙ.. හෙහ් හේ..
      ජයවේවා..!!

      Delete
  21. හි හි මේක නම් ඝස් ලභ්භක්ම තමයි

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ... මෙන්න හොල්මනක් ඇවිල්ලෝ.....
      හෙහ් හෙහ් හේ....

      Delete
  22. දැන් ටික දවසක්...
    දාමු පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. හත්දෙයියනේ..... මේ කොමෙන්ට් එක දකින්නත් කාලයක් ගියා... ඔන්න දැම්මා.
      (මේ කොමෙන්ටුව ගස්ලබ්බාට ලැබුනු සම්මානයක් සේ සලකන බව කිව යුතුය.)

      Delete
  23. ලියන්නෙ නැද්ද බං?
    කමෙන්ටුත් නෑ..අවුලක්ද?

    ReplyDelete
    Replies
    1. අවුල් කොහෙද නැත්තෙ බං...
      ඔන්න එක අවුලක් ගැන පෝස්ට් එකක්ම දැම්මා..

      Delete
  24. මොකෝ ටික දවසකින් දැක්කෙ නැත්තෙ බං? ගස් ලබු වැල කඩං වැටුනද?

    ReplyDelete
    Replies
    1. ගස්ලබු වැල් නෙමෙයි බං.. ගස්..ගස්..! ඒකනෙ බං 'ගස්'ලබු කියන්නෙ.
      හෙහ් හෙහ්....
      උඹ ලේ බිව්වම අමරණීය වෙනවළු නේද? මේ අනිත් එවුන් අපේ ලේ බොන විදිහට කොයි වෙලේද ශුවර් නෑ.. ඔන්න පෝස්ට් එකකින්ම කිව්ව...

      Delete
  25. පූජාසනයේ හිඳුවා ගස්ලබ්බාට පිදූ ලෝකයම එක බැල්මකින් එරෙහිව නැගිටින හැටි දුටු විට නන්දා මාලනීට ජෑම් ගෙඩියක් දෙන්නට තරම් හිතක් පහලවූයේ ගස්ලබ්බාටත් හොරාටමය.
    එළ...........

    ReplyDelete
    Replies
    1. ශා... බෙන්සීන්.. වෙල්කං කිව්වා.. උඹ හෙන අවධානෙන් කියවලා නේ බං. තං තෝසෙයි හිත පුරාම.ආයෙ එන්න ගස්ලබු ගණින්න..
      ජයවේවා..!!

      Delete
  26. ගස්, බාලදස්සයෝ මාර ආතල් නේ ගන්නේ ... (හැක හැක)

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න චෙස්.. උඹෙත් හොඳ හොඳ කතා ඇති.හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete