Wednesday, August 19, 2015

අපට ඕනෙ....!!


අවුරුදු දහස් ගණනක් රාජාණ්ඩු යටතේ එක්තරා වැඩවසම් මොඩලයකට හිරවෙලා මුළු ලෝකෙම තිබුනනෙ.ඉතින් ශ්‍රී ලංකාවෙ අපිත් එහෙමමයි.හැබැයි 1505න් පස්සෙ හම සුදු සෙට් එකක් එයාලගෙ කිරීටයට අපිව යටත් කොරගන්න ට්‍රයි කරා මේ දූපතේ දේවල් ටික අයිති කොර ගන්න.(ඇත්තටම එහෙම කර ගත්තා.)එයාල ඔන්න යනවා මෙන්න යනවා කාලෙදි වගේ නෙ මේ පාර්ලිමේන්තු ක්‍රමය අපට දීලා ගියේ.
ඉතින් අපිට ඕක එහෙම්මම සැට් වෙනවා ද?
සෑහෙන්න ගොඩ.

එතකොට මොකක්ද අවුල?
ආ.... ඒක මෙහෙමයි..

මේ ආසන්න මාස කීපෙ ශ්‍රී ලංකාවෙ වීරයා කවුද?
කවුද?

කවුද?

හා කවුද?

ආරංචි විදිහට මෙයා ගල් බලකායෙ ගරු තනතුරකට උනත් පත්වෙන්න සුදුසුයි.

බස් එකේදි කඩපිලේදි ලංවෙලා ඇහුවත්..
ලෑන්ඩ් ෆෝන් එකට හෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා ඇහුවත්..

ඕන කෙනෙක් කියන්නෙ....................

මැකෝ හෙන වීරයා කියලා.

ඉතිං මැකෝ වීරයෙක් ද?
ඔව්.

කොහොමද?
නිර්භීතව සෘජුව බලය පාවිච්චි කරලා තමන්ගෙ ඩියුටිය කරපු නිසා..

ඒකට ඕන මහජන විශ්වාසය සහ නිලධාරීන් ගේ අවනත භාවය ලැබුනෙ කොහොමද?
අතීතෙ ඉඳන් කොරපු දේවල් තියෙනවා.ඒත් ආසන්නතම සහ ප්‍රමාණවත් දේ උනේ අර අවම බලය ටෝක් එක නෙ..

'අවම බලය මොකටද? ඔලුව කුඩු වෙන්න තියන එකනෙ..' වගේ කතාවක් ජනාධිපතිවරනෙ කාලෙයි,
මහ මැතිවරණ කාලෙ කියපු
'පාතාලෙ හැමෝම මිනිස්සු නෙ.. කවුරුත් හෙණරාජ තයිලෙ ගාල එන්නෙ නෑ නෙ.. එන කෙනෙකුට පෙනෙයි පාවිච්චි කරන බලය' වගේ කතාවයි..
කතාවක් කිව්වට ටෝක් ඉෂූ කරපු නිසා ලංකාවම හෙල්ලිලා ගියා..

ඡන්ද මැශිම වෙච්ච එස්.බී කියන කාලකණ්ණියා පවා හැඳි ගෑවිලා ගියා..

එස්.බී. කියනකොට මතක් උනේ... ප්‍රයිවට් කැම්පස් සීන් එක.මිනිහත් හෙන ඒකාධිපති සීන් එකෙන් කොල්ලන්ගෙ ඔලු පළලා ප්‍රයිවට් යුනිවසිටි වැඩේ කලා නෙ.හැබැයි හොඳ වැඩක්.. කරපු ක්‍රමේ තමයි වැරදි.උදේ පාන්දරම ඩොකා ල හදලා මිනිහා හිතුවෙ වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක් ද කියලා මොනවා හරි කඩ ටිකක් අටවන්න ලයිසොන් දෙන්න.එහෙම කොරලා බෑ..නියම ක්‍රමේකට සැලසුමකට ළමයින්ට ඉගෙනගන්න චෑන්ස් එක දෙන්න ඕනෙ..හැමෝටම රජයේ කැම්පස් යන්න බෑ.. හැමෝටම ඩිග්‍රි ගහන්න රට යන්නත් බෑ.ඉතාමත් සුපරික්ෂාකාරී නිරීක්ශණ සහිතව ප්‍රයිවට් යුනිවර්සිටි දාන්න ඕනෙ.. නැත්තම් කොම්පැණි කාරයො පිස්සු කෙලලා සල්ලි වලට ගේම ගහනවා..

ඉතිං... මේ වැඩේ කොරන්න පුලුවන් කාටද?
ඒකාධිපතියෙකුට ඇර වෙන කාටද?

හැබැයි සොඳුරු විදිහට..
(අර ධවල පත්‍රිකා ගෙනාවා වගේනම් නෙමෙයි දෙයියනේ..)
ඔළු පලලා නෙමෙයි.

දියුණුයි කියන රටවල් වේගෙන් දියුණු උන එකේ රහස මරණ බය.ඒක හංගන්න දෙයක් නෑ.
කොළඹ ලස්සන කරන්න,වැස්සට යට නොවෙන්න කාණු පද්ධතිය හදාගන්න අනවසර ඉදිකිරීම් කඩලා දාන්න ගෝඨා පාවිච්චි කළේ මරණ බය.
සිංගප්පූරුවෙත් සේම්..
ජපානෙ ඔලුව උස්සන කාලෙ කී දෙනෙක් බඩගින්නෙ මලා ද?
අපිටත් කැප කිරීම් කරන්න වෙනවා.
ගේම අදින්න කර ගහන්න කෙනෙක් ඕනෙ.
මහින්ද යුද්ධෙට කර ගහලා තාම ඔය අහගන්නෙ යස අගේට..
අපිට කොච්චර කරත් වැරදියි..
අන්න ඒක නිසයි ඒකාධිපති වෙන්න සිද්ධ වෙන්නෙ..

කෙලින්ම කිව්වෙ ගේම නම් ගේම...
දැඟලුවොත් මරණවා කියලා.මරණ බය දැනෙන්නම ඒත් හිනා වෙවී..

අච්චර සීනියර් වාසුට මළ පන්නලා වැදගත්ම කරුණු මතු වෙන එක වලක්වලා පකයා කියලා කියවපු රනිල් ට මේවා එච්චර ගේම් නෙමෙයි..
ඒත් බලය නැති සතායි බලය ඇති සතායි වෙනස් නෙ. මහින්ද මාමා රජතුමා වෙලා අප්පච්චි උනා වගේ මොන මොන වෙස් පෙරලෙයිද දන්නෙ නෑ නෙ.

ඒකාධිපති විදිහට බලය පාවිච්චි කරමින් තීරණ ගන්නා යම් පුද්ගලයෙක් වටා එකතු වෙලා තමන්ගෙ ඇඟ බේරගෙන අරයගෙ නම විකුණගෙන වැඩ කරන්න තමයි අපේ කස්ටිය ආස...
පහු ගිය අවුරුදු 64 දිහා බලනකොට වැඩ වෙලා තියෙන්නෙ එහෙමයි.
ඒ අතරෙන්ම රාජ ඌෂ්නෙ ඇඟට ගහපුවාම වටේ උන්ටත් ඒක බෝ වෙනවා.ඉතිං ගම් වර,පඬුරු පාක්කුඩම්,නම්බු නාම ඕන වෙනවා.රජකම තියාගන්න ඕන දෙයක් තමන්ගෙ වගේ දීලා අන්තිමේට කිච වෙනවා..

මේ ඔක්කොම ප්‍රායෝගිකව අපි අත් දැක්කා..

සාර්ථක ඒකාධිපති ක්‍රමයක් හරහා නිවරදි දැක්මකින් කුහක නොවී හරි දේවල් ඉදිරියට ගෙන යන්න බය නැති
ශ්‍රී ලංකා කොම්පැණිය නොවී මේක රටක් විදිහටම තියාගෙන ගේම ගහන
'පොරක්' අපට ඕනෙ..

මං අහන්නෙ එතකොට... 
මෙහෙම හරිද? 
වෙන විදිහක් අපට ඇත්තෙම නැද්ද? 
මේකද ක්‍රමේ??
මඤ්ඤං අප්පා..

43 comments:

  1. මෙවර මහ මැතිවරණයේදි ඡන්දය දැමීමටවත් මට ඡන්දයක් ඇති නොවීය.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම වැරදියි මචං.. කුරුටු ගාලා දාන්න හරි යන්න ඕනෙ.. ඒකත් එක විදිහක්.
      ජයවේවා..!!

      Delete
    2. ජන්දේ දාන්න අකමැති උනාට මම මැතිවරණයට ඉදිරිපත්වුන මගේ යාලුවෙකුට ජන්දයක් දැමිමා

      Delete
    3. මොකක්ද අනේ ඒ හතර බීරි කතාව මනෝ

      Delete
    4. අකමැත්තෙන් දුන්නයි කියලා නෙද කියන්නෙ? ගොඩ දෙනෙක් එහෙමයි..

      Delete
  2. මිනිස්සු කැමතිනෑ කැප කිරීම් කරන්න. ඒ දේ කරවන්න පුලුවන් තමන් ගැන නොහිත රට ගැන හිතන සොඳුරු ඒකාධිපතියෙක්..... හැබෑ නොවන ලස්සනම ලස්ලන හීනයක් විතරයි.
    ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා කියුවම හිතුවෙ කවදහරි දවසක ලංකාව සංවර්ධිත රටක් කියලා කියලා කියන්න පුලුවන් වෙයි කියලා. ඒත් දැන් තේරෙනව ලංකාව මේයන විදියට කිසිදා සංවර්ධනය නොවන රටක් කියලා.

    ReplyDelete
    Replies
    1. ගේමට බහින එකාට තමන්ගෙ අනාගතේ ගැන බය හිතෙන නිසයි ඔය.බලපං ඇනෝ දැං මොනවා කිව්වත් රට වෙනුවෙන් කියලා දෙයක් කරන්නෙ නැති ගානට රට වැසියගෙ මොරාල් එක බස්සලා තියෙන්නෙ.ඒක හදනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි..
      ජයවේවා..!!

      Delete
  3. මේක ලංකාව බං. වෙන විදිහක් ඇත්තෙම නෑ......

    ReplyDelete
    Replies
    1. එහෙනං පිල්ලියක් වත් මතුරලා ගෙනෙන්න වෙනවා ඉස්සරහට.. නැත්තං අපටත් 'ඇරෝ' වගේ රට පිරිසිදු කොරන එකෙක් ගැන බයිල කතා හද හද ඉන්න වෙනව.. අමරිකන් කාරයෝ වගේ
      ජයවේවා..!!

      Delete
  4. ගල් බලකායෙ තනතුරක් දෙන්න මැකෝට මූලික සුදුසුකමක්වත් නෑ . දවස් තුනක් බාර් වහන්න කියපු මැකෝ අපිට එපා.

    ReplyDelete
    Replies
    1. කොහෙද දවස් තුනක් වැහැව්වෙ.

      Delete
    2. එව්වා මැකෝගෙ ඕඩර්ස් වෙන්න බෑ කම්මලේ.. මොකෝ කලින් ඡන්ද තිබ්බෙ නැතිවයැ.. මේවා අර මතට තිත කියලා අරක්කුයි ගංජයි විතරක් අල්ලන ලොක්කගෙ වැඩ.. චික්..
      බොලාට ජයවේවා..!!

      Delete
    3. නැතුව .. ඌ කරපු වැඩෙන් ගල් බෝතලය 1800 ට ගත්තා

      Delete
    4. ඉතින් එයා කලින් දැනුම් දීලනේ වැහුවේ, බඩු ඕනේ අය ගෙනත් තියාගන්න ඇතිනේ

      Delete
    5. කලින් ගත්තට වැඩක් නෑ... ඒව නිකන්ම ඉවර වෙනවා... නැත්තං බඩු පිට ඉන්න වෙලාවට හාල් උන මොකෙක් හරි ඇවිත් උස්සන් යනවා.. අපිත් දෙනවා.. ඇයි හෙන ආදරේ හිතෙන වෙලාවනෙ.. වෙරි හිඳුනාම හූල්ලනවා ඉතින්..

      Delete
    6. මොනවද මෙන්ඩා ලංකාවෙ බාර් වල සිංහලෙන් නෝටිස් දාලා තිබුනෙ හෙට නැත අනිද්දාත් ෂුවර් නැත කියලා....ඇස් කටේ දාගෙනද බාර් ලගින් ගියෙ...

      Delete
  5. මැකෝව උස්සං ගිහිං බලහත්කාරයෙන් ජනාධිපති පුටුවේ වාඩිකරවමු.

    හැබැයි පුතෝ ඊට පස්සේ එතන ඉන්නේ පරණ මැකෝ නෙවෙයි. ඔන්න ඔතන තමා පුරස්නේ.

    ReplyDelete
    Replies
    1. ටීම් එකක් නැතිව කිසිම දාක ගේමක් ගොඩ දාන්න බෑ.. ලොක්කා කොච්චර හොඳ උනත් ටීම් එකත් එක්ක එකතු වෙනකොට මූලික පුරුශාර්ථ පවා වෙනස් කරගන්න අවස්ථා තියෙනවා.එහෙම නොවෙන්න නම් ලොකු බැක් සපෝට් එකක් ඕනෙ.අපේ එහෙම බැක් කොරන්න අය නෑ.. කරනවා නම් පඬුරු පාක්කුඩම් දෙන්න වෙනවා.. මැකෝ නෙමෙයි මොකා ආවත්..
      ජයවේවා..!!

      Delete
  6. ඕව විසඳන්න සෑහෙන්න ගල් ගහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අමුවෙන් නම් බෑ ඔන්න...
      ජයවේවා..!!

      Delete
  7. මරණ බය ඇතිකරල රට පාලනය කරන්න ඔබ යෝජනා කරනවනම් ඒක හෙළා දකින්න ඕන. ඔබ හදන්නෙ රට ආපස්සට ගෙන යන්න. ඉස්සරහට යන ගමනෙදි ජපානෙ කී දෙනෙක් බඩගින්නෙ මැරුනද කියල ඔබ අහනව. අපේ රටේ මිනිස්සුන්ට බඩගින්නෙ මැරෙන්න සෙසු ජනතාව ඉඩ දෙන්නෙ නෑ.ඒක සුනාමි වගෙ ව්‍යසනවලදි දැක්ක. මේ වගෙ ත්‍රස්තවාදී යෝජනා හොද ඒකාධිපති රටවලට.
    මිනිස්සු බඩගින්නෙ මැරෙන මරණ බය දැනෙන රටක් අපට ඕන නෑ. රටක් දියුණු කරන්න හොදම ක්‍රමය ත්‍රස්තවාදය කියල හිතන්නෙ දුර්වලයො. දියුණු සමාජය විද්‍යාත්මක විසදුම් සොයන්නෙ.
    ඔබ තුල මරණ බය ඇතිකරල වැඩගන්න කවුරුහරි යෝජනා කළොත් ඔබ කැමතිද?
    එහෙම යෝජනාවක් වැරදි වෙන්න බෑ ඔබත් අනුන්ට නිර්දේශකරන්නෙ එහෙම ක්‍රමනෙ.
    සිංගප්පූරු දකුණු කොරියන් මොඩල් ගලපන්න ජේ ආර් පප්පටත් බැරිඋනා නේද

    ReplyDelete
    Replies
    1. මරණ බය තුලින් රට දියුණුකිරීම අදට යල් පැන ගිහින්.
      ඒ වගේම තමයි කැපවීම් ගැන. එය කල යුත්තේ ජනතාව පමණක් නෙමෙයි පාලකයිනුත්. අපේත් ජනතාවනම් කැපවීම් කලා 70-77 කාලෙත් යුද්ධයේ අවසාන කාලයෙත්. එතකොට සංවර්ධනයට යොදවන මුදල් අඩුමගානෙ 90% ක් වත් ඉලක්ක කාර්යයටම යෙදවීම? යටිතල පහසුකම්වලට පෙර බිම් මට්ටමේ කර්මාන්ත සංවර්ධනය?

      Delete
    2. ම.ම. ඔබ මතු කරන තර්කයන් මම දකින්නෙ මගේ අදහස් හා සමාන්තරයි කියලා.මොකද අන්තිමට මම අහන්නෙ මේකද ක්‍රමේ?මෙහෙම හරිද? කියලා.ඇත්තටම අපට ඕනෙ අපටම අනන්‍යවූ ක්‍රමවේදයක්.නමුත් ලාංකිකයා කියන්නෙ සාමාන්‍ය අවස්ථාවේදී යම් කිසි මෙහෙයවීමකට යටත් වෙලා ඔහේ යන පිරිසක්.ඔබට මතක ඇති සුනාමියෙන් පසු දුම්‍රිය මාර්ගය නැවත ඉදිකල ආකාරය.එහෙව් පිරිසක් ඉන්න දුම්‍රිය සේවයේ වර්ථමාන තත්වය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ද? අන්න එතෙන්ටයි අපේ පාලකයන් උපක්‍රම යෙදිය යුත්තේ.අනෙක් අතට ලංකාවේ කුමන අරමුණකින් උනත් මරණ බය ඇති කරන්න බෑ.ඔහුව දිය වෙලා යනවා.ඒ නිසා ත්‍රස්ථවාදී පාලනයක් මෙහි බිහි වන්නේ නෑ.මේක පින් බිමක් නිසා.මම මතු කරන්න උත්සාහ කරන්නේ දැනෙන පාලනයක් අවශ්‍යයි.. නමුත් ඒ කොහොමද කියන කාරණය.

      Delete
    3. මධු මාධවී ඔබ හරි.70- 77 කාලයේ අපේ ජනතාව කැපකිරීම් කලා.නමුත් එයින් ඵල නෙලාගන්න බැරි උනා.ඒක නිකන්ම අපතේ ගියා.යුද්ධයේ අවසාන කාලයේ කල කැපකිරීම් අහක ගියේ නැති උනත් ඒ ගැම්මෙන් ඉදිරියට වැඩක් කරගන්න පාලකයා අසමත් උනා.පිස්සු කෙලින්න ගත්තා.ඒකට දඬුවමත් ලැබුනා.දැං තියෙන්නෙ යන්තන් හරි දියුණුවකට යනව නම් තියෙන අන්තිම අවස්ථාව කියලයි හිතෙන්නෙ.ඒකත් අහක නොයවා දියාරු සහ රූකඩ නැටවීම් වලින් තොරවූ පාලනයක් දැඩිව මවුරටට අවශ්‍ය වෙලා තියෙනවා..

      Delete
    4. ම.ම. දෙපලටම ජයවේවා..!!

      Delete
  8. //බස් එකේදි කඩපිලේදි ලංවෙලා ඇහුවත්..
    ලෑන්ඩ් ෆෝන් එකට හෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා ඇහුවත්..

    ඕන කෙනෙක් කියන්නෙ....................

    මැකෝ හෙන වීරයා කියලා//
    සහතික ඇත්ත!

    ReplyDelete
    Replies
    1. පොර ඔය නම කාගන්නැතිව හිටියොතින් නම් වටිනවා...
      ජයවේවා..!!

      Delete
  9. රනිල් තමයි ඩේන්ජරස් ම බුවා අද ලංකාවේ පොලිටික්ස් වල ඉන්න.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... හරිම වචනෙ තමයි ඒක... ඩේන්ජරස්..!
      ජයවේවා..!!

      Delete
  10. ඇත්තටම මැකො වෙනසක් කරා..ඉස්සර තිබුනට වඩා

    ReplyDelete
    Replies
    1. ඒක කරේ ලයිසන් චණ්ඩියෙකුගේ ටෝක් ඉශූ කරලා.. අන්න එතනයි රහස මචෝ..
      ජයවේවා..!!

      Delete
  11. හොරකම වංචාව දූෂණය නවත්තපු ගමන් රට ඉබේම ගොඩ යනවා....

    ReplyDelete
    Replies
    1. ඒ දවස ඒවිද සැකයි

      Delete
    2. කිසි සැකයක් නෑ.. එහෙම දවසක් එන්නෙ නෑ.. ඒත් හොරකමට,වංචාවට ,දූෂණයට විරුද්ධව කෑ ගහපු තරමට ඒවා අවම වෙයි..පාලනය වෙයි.. ඒ වෙනුවෙන් හඬ නඟමු..!!
      (බ්ලොග් ලෝකෙ වටින්නම දෙන්නෙක් එකතැන.. මාර ෆිට් එකක් දැනුනෙ..හෙහ් හෙහ්...)
      ජයවේවා..!!

      Delete
  12. දැන් හැමෝට ම මැකෝ පොරක් වෙලා.... යකෝ මීට කලිනුත් මැකෝ ලා හිටියා..... ඒත් මිනිහාට ඒ වැඩ කරන්න නිදහස තිබුණාද??? මේ ඡන්දය බොහොම තීරණාත්මක තත්වයක තිබුණ ඒකක්... ඒකයි මේ තරම් සාධාරණ වුනේ..... ඒත් අනාගතය මේ විදිහට ම සාධාරණ වෙයි කියලා හිතන්න අමාරුයි.. රනිල් දෙයියක් කියලා හිතනවානම් ඒක වැරදියි.... ජනතාව හරියට හිටියොත් විතරයි රනිල් දෙයියෙක් කරගෙන මැකෝ ට මේ විදිහට ම වීරයෙක් වගේ ඉන්න පුළුවන් වෙන්නේ.... ඡන්දේ දී ලා ඉවරයි කියලා අනික් පැත්ත හැරිලා නිදාගත්තොත් ඉතින් නැගිටිද්දි අප්පච්චි විතරක් නෙමෙයි පුතාලා ටිකත් මරලා තියෙයි......

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුට්ටො.. අර කමියා කිව්වා වගේ රනිල් ඩේන්ජරස් බුවා.. තෙල් ගාලා බස්සන්නෙ .. ගන්නකොට තමයි තේරෙන්නෙ.මැකෝ කොහොමත් කෙලින් මිනිහා.... ඒ උනාට තගරිය දාගෙන මැච් එක ගැහුවෙ.. ඒ ක්‍රමේ අනුමත කරන එකයි හැමෝම මේ වීරයා කියල කියන එකෙන් වෙන්නෙ..
      ජයවේවා..!!

      Delete
    2. මෛත්‍රීට පින් දිපල්ලා.

      Delete
  13. මේ ලිපි නිසා මං මැකෝ ගැන නෙට් එකේ කියෙවුවා. ස්තුතී.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ ළමයි...
      ජයවේවා..!!

      Delete
  14. ඇත්තටම මැකෝ කියන්නෙ සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාවටම ආදර්ශයක් වෙච්ච චරිතයක්...මැකෝ හරියට හිටියෙ නැත්තං ජනවාරි 8 වෙනිදා එ්කාධිපති වියරුව පරාද කරන්න ජනතාවට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මැකෝ හිංදා වැඩේ පිරිසිදුවට කෙරුනා තමයි.ඒත් සිරා මට මිනිහගෙ හැසිරීම පෙනෙන්නෙ අනතුරු ඇඟවීමක් විදිහට. ආදර්ශය කෙසේවෙතත්...
      ජයවේවා..!!

      Delete
  15. මේ දේවල් ගැන කතා කරන්නවත් කැමති නෑ බං මං ගස් ලබ්බෝ.. ඒ වුණාට කිය යුත්ත නුඹ සුපිරි විදියට කියල තියනවා. වැරදි හැමෝම අතින් වුණා. ඉදිරියටත් වනවා ඒත් අතීතය දිහා බලලවත් හැදෙනවනං හොඳයි. අපි බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අන්න හරි නලින් අයියෙ.. අපි බලං ඉන්නවා.. ඒ වගේම දැං.. 'අපි' කතා කරනවා... මේ 'අපි' කියන කොටස වැඩි වෙන්න වැඩි වෙන්න රටට යහපතක් වෙයි..
      ජයවේවා..!!

      Delete