Saturday, September 5, 2015

රෙද්ද තමයි..



පණ කෙන්ද රැක දෙන්න
ගිය ගමන වැරදුනා
අම්මාට පව් නොමැත
පීනන්න බැරි උනා


ලොකු සාදු නෑයෙක් ලු
පංසල්ම හතරක් ලු
කාල ඇඳලා ඉන්න
පවුලටම නම්බුයි ලු


පිරිසිදුව ඉන්නෝන
දෙවියො අදහන්නෝන
ලේ ගලන චූ පැටියා
රටම අල්ලන්නෝන


අළුත් කිරි බඩුවක් ලු
මයිල් ඇදිලත් නෑ ලු
කාත් කවුරුත් නෑ ලු
පෝලිමට යමු යාලු


තුවක්කුවෙ තරමටත්
උසනොමැති උව නුඹත්
පිහියකින් කපාපං
ලේ සුවඳ බලාපං

.
නිවාසෙට හාල් ටික
මොණර මිටි මගෙ බඩට
කිරි සුවඳ කඳුළු කැට
මිළ බැහැල නෑ තාම



රෙද්ද තමයි..



ප.ලි.
සිරියානු සිඟිත්තයි දොස්තර රුවන් ගෙ මෙන්න මේකයි සෑහෙන්න රිදෙව්වා..

45 comments:

  1. Replies
    1. රොම්බ නන්ඩ්‍රි අයියා..!! සහතිකයක් ලැබුනා වගේ තං තෝසෙයි.
      (හිස නමා සහතිකය භාරගන්නා ඇක්ශන් එකෙන්.)
      ජයවේවා..!!

      Delete
  2. කියල වැඩක් නෑ. ඒ විඩියොව බලලා නොහිතුණු දෙයක් නෑ. මේක තමා ඇත්ත දේ.....සුපිරි මචෝ

    ReplyDelete
    Replies
    1. අයියෙ ඒ දරුවා කෑ ගගහ අඬන්නෙ 'අම්මා.. අම්මා..' කියලා..'මට යන්න දෙන්න' කියලා.. අඩු ගානෙ 'අතෑරපං.. යන්නදීපං' කියල හපල කුනිති ගහන මුකුත් නෑ..
      අපි මෙහෙම නං ඒ අම්මා කොහොම පිච්චෙනවා ඇද්ද?
      ජයවේවා..!!

      Delete
  3. ඔය ඇත්ත මහ උන්ට තේරෙණවා නම් මෙහෙම වෙන්නෙ නෑ බං. හදන්න බැරි නම් මොන රෙද්දටද වදන්නෙ දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එතකොට බං වදලා හදන උන්ගෙ කොන කපන්නෙ?
      අතට ආයුධ දීල මිනිස්සුන්ගෙ බෙලි කපන්නෙ??
      උං හදන්නෙම ඒකට නෙ.
      ජයවේවා..!!

      Delete
  4. අනිචිචෙ දුක්ඛෙ සංසාරෙම අපචාරේ

    ReplyDelete
    Replies
    1. උන්ට ගොඩ ඒමක් නම් නෑ මනෝ..
      ජයවේවා..!!

      Delete
  5. දුකයි,..ඇත්තයි.

    ReplyDelete
    Replies
    1. තිත්තයි.. හැම රටේම හැම තැනම...
      ජයවේවා..!!

      Delete
  6. Replies
    1. බොහොමත්ම ස්තූතියි අයියා දිරි ගැන්වීමට..
      ජයවේවා..!!

      Delete
  7. Replies
    1. නොකියා වැඩකුත් නෑ..
      ජයවේවා..!!

      Delete
  8. මහානායක හාමුදුරුවනේ ඔන්න සිවුර අස්සෙන්........................

    ReplyDelete
    Replies
    1. එහෙම අය ඉන්නවාද?
      ජයවේවා..!!

      Delete
  9. දෙයියෝ සාක්කි.අපි අමාරුවෙන් හම්බ කරන එවුගෙන් හොඳම හරිය මුන්ට ගිල්ලවල තව දන ගහලත් වඳිනවනේ

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න එපා ලබ්.ඩබ්. අපේ පංසල් වල වගේම හැම තැනම මේක වෙනවා.. මුස්ලිම් පොඩි එවුන්ගෙ සුන්නත් කරපුවාම කෑ ගහන්නෙ දවස් ගනන් එක දිගට..
      ජයවේවා..!!

      Delete
  10. මේවා දැක්කම ඇඩෙනවා ලබ්බෝ............

    ReplyDelete
    Replies
    1. ඇස් දෙකටම... ඇස් දෙකටම..
      ජයවේවා..!!

      Delete
  11. ඇඩෙනවා.. ඩොක්ටර් රුවන්ගේ පොස්ට් එක බැලුවෙත් දැන්.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. ඒක නං දෙපාරක් බලන්න බැරි වීඩියෝ ක්ලිප් එකක්. ළමයා කියන්නෙ මොකෙද්ද දන්නැති ලෝකයකට අපි යන්නෙ..
      ජයවේවා..!!

      Delete
  12. අගෙයි ගස්............. සුපිරියි

    ReplyDelete
  13. දුකයි! ඒත් ලීව දේ අගෙයි.

    ReplyDelete
    Replies
    1. දුකත් එක්ක පට්ට ලැජ්ජාවකුත් දැනෙනවා අයියෙ
      ජයවේවා..!!

      Delete
  14. අති විශිෂ්ටයි යාලුවා !!!!!! උපරිමයි !!!!

    ReplyDelete
    Replies
    1. පත්තරේ මේ උඹමද?
      මේ කොමෙන්ට් එකෙන්ම පේනවා මේ වැඩ වල තියෙන කැත කම..
      ජයවේවා..!!

      Delete
  15. සිරා බන් වැදුනා ඒක නම්

    ReplyDelete
    Replies
    1. පැටවු තමුන්ගෙ න්‍යායපත්‍ර වලට දාගෙන ගේම් ගහන එවුන්ට මොනවා වදින්න ඕනෙද කියලා කල්පනා කලේ බං..
      ජයවේවා..!!

      Delete
  16. Replies
    1. ලෝකෙ පුරා පව්කාරයෝ බං
      ජයවේවා..!!

      Delete
  17. Replies
    1. :(( තමා ඔමා.. :) උන දවසට අපි කිරිබත් කමු.
      ජයවේවා..!!

      Delete
  18. Replies
    1. 'කරන කලට පව් මිහිරිය මී සේ
      විඳින කලට දුක් දැඩි වෙයි බෝ සේ' කියලත් තියෙනවානෙ..
      ජයවේවා..!!

      Delete
  19. ඉස්තරම් ඈ..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  20. මේක මරු කවියක්නෙ ගස්. පට්ට ඈ...
    ජය වේවා ගස්.

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බට දැන් අහසිනුත් එනවා...හෙහ් හෙහ්..
      එල එල මචෝ..
      ජයවේවා..!!

      Delete
  21. බොදු ජනයො දින්න දවසට අපිත් පාටි දාමු.

    ReplyDelete
    Replies
    1. පාටිය අද නොවෙයි හෙට..!
      ජයවේවා..!!

      Delete
  22. කැලෑ පත්තර කවියක් වගේ
    අගෙයි ගස්
    ජයවේ ගස්ලබ්!

    ReplyDelete