Friday, September 18, 2015

'මාමේ...'


අවුරුදු තුනක්ම ගෙවිල ගිහිං කියල දැනුනෙ ආයෙ ලංකාවට ගොඩ බැහැපුවාම.කාටවත්ම නොකියම මවුබිමට ආවෙ ඇයි කියලා මට තාම තේරෙන්නෙ නෑ.. බැරි වෙලාවත් කිව්ව නං එහෙම මෙතන එකම කලබලයක් වගේ තියෙයි..
අම්මව අප්පච්චිව බලන්න ආසයි..
ඒත් කොහේදෝ නැති උදාසීන බවක්...

ඕන කෙහෙල්මලක් කියලා ජොබ් එකත් දමල ගහල ආවෙ මේ හැඟීමෙන් මිදෙන්න.. ඩිප්‍රෙස් වෙලාද කියලා හිතුනත් එහෙ ඩොකා කිව්වෙ නම් චේන්ජ් එකක් ගන්න.එතකොට හරියයි කියලා.

ටැක්සියක නැගලා මීගමුවට ගියෙත් කිසිම හැඟීමක් නැතිව.
ඔක්කොම ලට්ට ලොට්ට දාගත්තත් බැගේජ් දෙකේ තවත් ඉඩ තිබුන නිසා ඒවා තනියම ආංබාං කරගන්න පුලුවන් උන එක ලොකු දෙයක්..
බ්‍රවුන්ස්බීච් එකේ මුහුදට මූණ දාපු හෝටල් කාමරේ සුවපහසුයි..
පිස්සුද මංදා..
කාලෙකින් මවුරටට ඇවිත් ගෙදර නොගිහිං හෝටල් ගානෙ ලගින්න.. හෙහ් හෙහ්...

කාලෙකින් නොලැබුනු අත්දැකීමක් ගන්නත් එක්කයි මිනිස්සුන්ගෙ මූණු බලන් ඉන්නයි තියෙන ආසාවටයි නගරයේ පයින් රවුමක් ගහන්න හිතුනෙ..
පෙට්ටි කඩේකින් ප්ලේන්ටියක් ගහලා ගෝල්ලීප් දුමක් ඇදලා විටකුත් කටේ දාගත්තම ඇත්තටම සැහැල්ලුවක් දැනුනා..
ඒ කාලෙ සයිට් වල වැඩ කරනකොට වාගේ..

හුරු පුරුදු සුවඳයි රසයි එක්ක එහේ මෙහේ දුවන්න හදන හිත් පොඩිය ඔතලා කිහිලිගන්නගෙන පාරවල් දිගේ අරමුණක් නැතිව ඔහේ ඇවිදන් යන්න පටං ගත්තෙ මේ සංකර වෙන්න දඟලන කෙල්ලො දැකල වත් වෙනසක් වෙයිද බලන්න..

පාරවල් ටික නම් ඉස්සර තරං ට්‍රැෆික් නෑ..
යනගමන් විස්සෙ කණුවෙ සුරුවම ලඟ සරත් අයියා ඉන්නවාද බලන්න ඕනෙ.
පොර අපිට ජරාව දුන්නෙ නෑ නෙ.පිරිසිදු අහස්කූරු නැත්තං 'නෑ මල්ලියේ' කියලා ගුලි දෙක තුනක් දීලා අපිව පිටත් කරන්න තරං මිනිහා හිතවත් උනා.. ඒත් ඌ දැං හිරේ විලංගුවේද දන්නෙත් නෑ..


පාරෙන් එහාපැත්තෙ හිටපු අවුරුදු තුන හමාරක් හතරක් විතර පොඩි එකා
"මාමේ..."
ගාන සද්දෙට නැවතිලා බැලුවෙ අද දවසේ රාජකාරිමය නොවන දේකට කතා කරපු පලවෙනි සහ එකම කෙනා ඒ පොඩි එකා නිසා..

ඒත්...

ඒත් එක්කම පොඩි එකා පාරට පැන්නා..
 එතකොටම තමයි මහ හයියෙන් හෝන් ගහගෙන ලයිට් දාගෙන ප්‍රාඩෝ එකක් පාරදිගේ ආවෙ...
හිතන්න වෙලාවක් නෑ...
එක පාරටම පාරට පැනලා දරුවව තුරුල් කරගෙන අයිනට පනිනවා ලාවට මතකයි.


කූං සද්දයක් එක්ක මිනිස්සු කෑ ගහනවා ලාවට ඇහෙන්න පටං ගන්නකොටම වගේ තමයි බොඳ වෙවී පෙනුන දේවල් පැහැදිලි වෙන්න ගත්තෙ..

නිල්පාටයි කහ පාටයි මිශ්‍ර වෙච්ච ලස්සන සූට් එකත් ඇඳගෙන ඉන්න පොඩි එකා මගෙ මූණ අතගානවා..

මම මැරිලද??

වෙන්න බෑ.. උරහිස පැත්තෙන් වේදනාවක් දැනෙන නිසා මැරිලා වෙන්න බෑ..

'අනේ මගේ පුතා........'

 කියලා කෑ ගහගෙන ආපු ගෑණු කෙනෙක් පොඩි එකාව වඩාගෙන දූවිලි පිහින්න ගත්තා..
වටේ මිනිස්සු අත දික් කර කර කෑ ගහන්නෙ ඒ ගෑණු ළමයට බනිනවා වෙන්න ඇති.

ඒත් එක්කම හැරිල බලපු ඒ කෙනා...

"රන් අයියෙ ඔයා...??"

කියලා මොහොතක් බලං ඉඳලා දරුවත් වඩාගෙනම පේමන්ට් එක දිගේ දුවගෙන ගියා... ගිහිං වංගුවෙන් හැරිලා නොපෙනීම ගියා...

වටේ මිනිස්සුන්ගෙ කාලගෝට්ටිය පැහැදිලිව ඇහුනෙ නෑ..
අහගන්න ඕන කමක් තිබුනෙත් නෑ..


ඒත් ඒ එයාමද? වෙන කවුද "රන් අයියා" කියලා කතා කරන්නෙ..

කල්පනා ලෝකෙ පැටලිලා ඉන්නකොට පියවි ලෝකෙට ආවෙ කව්දෝ මාව කිහිලි අස්සෙන් අත දාල උස්සනවා දැනෙනකොට.. 
මට කරදරයක් නැති බව කෙටියෙන් කියලා ඉක්මනට ගැලවෙන්නයි ඕන උනේ.. 
ඒත් එතන හිටපු ත්‍රී වීල් මල්ලි කෙනෙක් බලෙන් වගේ මාව පටවගෙන හෝටලේට එක්කයන්න පිටත් උන නිසා  සහනයක් ලැබුනත් ඒකත්  තාවකාලික උනේ උගෙ කට ඔක්කොටොම වැඩියෙන් වැඩකරන්න උනු නිසා.. 

පොඩි එකා පාර පැන්න හැටි,..
වාහනේ ආපු හැටි,..
මම පැනලා පොඩි එකාව බේර ගත්ත හැටි.. ....
නැත්තං පොඩි එකා චප්ප වෙන හැටි....
වාහනේ නවත්තන්නැතිව ගිය හැටි.. 
ළමයි හදන්න දන්නෙ නැති අම්මලායි උන්ගෙ අම්මලයි... 



ආයෙ කං දෙක කූං ගාන නිසා වීල් එක පාර අයිනෙ නවත්තන්න කිව්වෙ තැඹිලි ගෙඩියක් බොන්නම නෙමෙයි.
කන්දොස්කිරියාවෙන් බේරෙන්න.. 
මූ ආයෙත් තැටියෙ ප්‍රතිවාදනේ පටංගත්තෙ තැඹිලි කපන මනුස්සයා එක්ක... 

එහෙං මෙහෙං තැඹිලි උගුරක් දෙකක් ඇඟට වැටෙනකොට පොඩි පනක් ආපු බව තේරුන නිසා වීල් මල්ලිට නොවඳිනා වැඳුම් වැඳලා හෝටලේට පයිං යන්න අවසර ගත්තෙ.

පව්.. ඌ සල්ලි ගත්තෙත් නෑ කොටිංම තැඹිලි ගෙඩියට සල්ලි දෙන්න දුන්නෙත් නෑ.. 

හිත හොඳ කොල්ලෙක්.. කතා කරානම් හොඳයි.. 
ඒත් මට ඕනෙ ඉක්මනටම තනි වෙලා මොකක්ද මේ උනේ කියලා ආයෙ කල්පනා කරලා බලන්න.. 
හිත හිරි වැටිලා වගේ..


ඉර බැහැගෙන එන අහස අස්සෙන් මුහුදු රැළි මාව හොයාගෙන එනවා පේනවා.. 

ඒ එක එක රැල්ලක් එක එක වචනයක් ගානෙ ගෙනල්ලා මේ පැටලුම ලිහාගන්න දෙන උදව්ව අහක දාන්න මට හිතුනෙ නෑ..

මුහුද දිහා බලං ඉන්න හැටි දැකපු රූම් බෝයි මලයා ගෙනල්ල දීපු ජොයින්ට් එකයි ගෝලීප් පැකට් එකයි තව තවත් මාව හාන්සි පුටුවට තද කරලා බැඳල දැම්මා..

දැං මුහුදු රළ අහන ප්‍රස්න වලට උත්තර දෙන්නම වෙනවා... 
නැත්තං වේගෙං එන රළ පාරක් ගල් කුළුවල සද්දෙට ගසලා සුදු පෙණ නංවලා මට තර්ජනය කරන්න මුහුදු රළ පැකිලුනේ නෑ..

ඔව්.. ඒ ගෑණු ළමයා එයාම තමයි.. 

මට රන් අයියෙ කියන්නෙ නෑ නෙ එහෙනම්.

තාම මතකයි බෝඩිමේ හිටපු කාලෙ.
කෑමෙන් බීමෙන් සැලකීමෙන් කිසි අඩුවක් නෑ.
ඇන්ටිගෙ පොඩි පුතා බොක්ක හොඳ කොල්ලා.මිනිහගෙ වෙඩින් එක ලස්සනට කරගන්න දිවා රෑ නොබලා වැඩ කලේ ඒ හොඳ කමට ප්‍රතිචාරයක් විදිහට.
ඒත් ඒ ගෙනාපු කෙල්ල කොහොම මුට සෙට් උනාද මංදා.අහංකාර කම විතරමයිද කොහෙදෝ ලඟ තිබුනේ.


මලයා මාසෙකට සැරයයි ගෙදර එන්නෙ.
දැං මාත් එක්කත් වැඩි ඇසුරක් නෑ.ඒත් කාලයක් යනකොට මොකක් හරි ලොකු අවුලක් තියෙන බව කට්ටියගෙ හැසිරීමෙන් දැනුනා.. 
එක පාරටම ගෙදරට ආපු කෙල්ලගෙ අම්මලා ගිහින් තිබුනෙ ඒ ගෑණු ළමයට හොඳටම  ගහල බව ඇන්ටි මට කිව්වෙ පස්සෙ....
මලයා දවසක් මගෙ කාමරේට ඇවිත් අඬ අඬ කිව්වෙ පුළුවං උදව්වක් කරන්න.. නැත්තං කෝච්චියට හරි පනිනවා කියලා.
එහෙම කියල ඌ ගියා.. 
මට මුකුත් තේරුනෙත් නෑ.. මම ඇහුවෙත් නෑ..

ගෙදර පරිසරය වෙනස් උනා.
මට සැලකීම වැඩි උනා.
තනියම බියර් එකක් ගහන වෙලාවට බිත්තරයක් වත් බැදලා දෙන්න ඇන්ටි කාරුණික උනා.
කන පිඟාන සෝදන එකටත් අර ගෑණු ළමයව සම්බන්ද උනා.
ඇත්තටම අපි හිතවත් උනා.
කොටිංම මම 'රන් අයියා' උනා
.
හදිස්සියේ ඇන්ටිලා වන්දනා ගමනක ගිය එකත්,,,,නංගියි මමයි බොඩිමේ තනි වුන එකවත්,,,,මහ රෑ බාත් රූම් එකේ නංගි කිසිම හානියක් නැතිව ලෙස්සලා වැටුනු එක වත්,,,,කාමරයට උස්සගෙන යන්න වීමත්,,,,ක්‍රීම් ගාන්න වීමත්.......
එතනින් එහාටත්....................... 
උන දේවල් අහම්බයක් කියලයි මට හිතුනේ...


ඒත් එක සැරේටම නංගි ගැබ් ගත්ත හැටි.. 

තනියට එක්කගෙන එන පුංචිඅම්මට කාමරේ දෙන්න කියලා මට වෙන බෝඩිමක් හොයා ගන්න කියපු හැටි.. 

කොටින්ම මාව පන්න ගත්ත හැටි...

මට තේරුම් ගන්න බැරි උනා.. 

හිත රිදුනා වැඩි කමට මම තෝරගත්ත රට ඇරලා යන තීරනේ විසඳුමක් නෙමෙයි කියලා තේරෙන්න අවුරුදු තුනක්ම ගියා...





මේ ඔක්කොම කියන කන් මුහුද හූ මිටි දුන්නා විතරයි..

පොද වැස්සක් පටං අරං.. 
ඈත මුහුදෙ නැවක් එක සැරේටම දිග..ට නලාව සද්ද කලා.. 
පොඩි බෝට්ටු කාරයෙකුට වෙන්න ඇති.. 
පොඩි මාළු හොයාගෙන එක් දින පන්න කරන අය රෑට මුහුදු යනවනෙ.. 

පොඩි මාළු හරි ගුණයි කිය කිය කන යාලුවෙක් මට හිටියා.. ඌ දැං ඩොකෙක්.රට ඉන්නකොට දවසක් හම්බෙලා අඩියකුත් ගහලා ගියේ.. 
එදත් කිව්වෙ පොඩි මාළු ගැන.. 

ම්ම්ම්ම්.............

එච්චරමද? 

පොර වීඕජී කෙනෙක්.මිනිහගෙ අරුම පුදුම ලෙඩෙක් ගැන කිව්වෙ.. 
පිරිමියාගෙ සදාකල් නොහැකියාවක් තියෙද්දි,ඒකට බෙහෙත් ගන්න ගමන් ළමයෙක් හදපු හැටි ගැන කිව්වෙ.. 


මොනවා....????

ඒ... ඒ.. විස්තරේ හරියටම ගැලපෙන්නෙ බෝඩිමේ මල්ලිටයි නංගිටයි.. විතරමයි..


වැස්ස හොඳටම වැඩි උනා..

ඩෝං ගාලා හෙනයක් මගෙ කණ ලඟින්ම පිපිරුනා... 

මුල මැද ඔක්කොම එකට ගැට ගැහිලා පෙනෙන්න පටං ගත්තා.. දරුවා වඩාගෙන මගෙන් ඈතට නංගි පැනලා දුවනකොට ජීවිතේට මාව නොදැකපු පොඩි එකා 'මාමේ...' කියලා අත දිගු කරපු හැටි මැවෙන්න පටං ගත්තා..


විදුලි කොටන එලියෙන් මගෙ ඇස්වලින් බේරෙන කඳුළු දැකලද කොහෙදෝ....
මුහුද එක දිගටම සුළං එව්වා... 
කඳුළු වේලන්න.. 

දෙපාරක් පණ දීලත් පුතේ කියන්න බැරි උන ආත්මානුකම්පාව පියෙකුගේ දෑසින් දිගින් දිගටම ගලාගෙන ගියා..

97 comments:

  1. එළ බන් මෙව්වනේ යකෝ කතා.......

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි ඒජන්ට්. බණ්ඩා
      හෙහ් හේ... (රහස් පරීක්ශක නමක් වගේ නෙහ්.??)
      ජයවේවා..!!

      Delete
  2. සත්‍ය සිද්දියක් එහෙම නෙවෙයි නේද ලබ්බෝ...?
    නියමයි මචං.. සුපිරි..

    ReplyDelete
    Replies
    1. සත්‍ය?? බුදු සන්තෝ... ඔන්න මේ අකුරක් හරි සත්ත නම් අර කැමා කියන එකා ගස් බැඳලා ගහන්න ඕන ඕං..
      ජයවේවා..!!

      Delete
  3. හ්ම්................ප්‍රබන්ධයක් වුනත්, යම් යම් අද්දැකීම්, මේක අස්සේ නැතුවාම නෙවෙයි නේද ලබ්ස්?

    මුල මැද අග අපිට හිතාගන්න ඉඩ දීලා, සිද්ධි ටික විතරක්, මේ විදිහට ඉදිරිපත් කිරීම තමයි, කතාවේ විශිෂ්ඨත්වය.

    ReplyDelete
    Replies
    1. මේකෙ තියෙන එකම සත්‍ය සිද්ධිය බෝඩිමේ මලය උද්දච්ච කෙල්ලෙක් බැඳපු එක විතරයි... ඉතුරු ටික මැවුනෙ නම් බඹර පදම් උන වෙලාවක..
      තං තෝසෙයි විචාරකතුමනි..
      ජයවේවා..!!

      Delete
  4. මාමේ කියන්න ඈති සංසාරගත බැඳීම නිසා, තාත්තේ කියන්න තරං දැනුමක් නෑනේ පොඩි එකාට . කොහොම වුනත් ජීවිතේ ගොඩක් වෙලාවට අහම්බයෙන් මහා පුදුමාකාර දේවල් සිද්ධ වෙනවා . එල පට්ට වල්ලා පට්ට

    ReplyDelete
    Replies
    1. ඉවාන්.. මාත් එක්ක වැඩ කරපු ඩ්‍රැයිවර් ලා දෙන්නෙක් එයාලගෙ 'හොර ශොට්' වල (කැතයි ඒ යෙදුම නම්.ඒත් කිව්වෙ එහෙම.) ළමයි ගැන කිව්වා.එක්කෙනෙක් දැං මෙඩිකල් කොලේජ්.තව කෙනෙක්ට හිතාගන්නවත් බැරි සල්ලිකාරයෙක් දුව කියනවා.. ඒ දුවලා දෙන්නම ඇත්ත තාත්තව දන්නෙ නෑ.මේක අවුලක් නෙ බං..මේවත් හිතේ කාලයක් හොල්මන් කලා..
      ජයවේවා..!!

      Delete
    2. පොඩි එකා මාමේ කිව්වේ, අම්මා ෆොටෝ එකක් පෙන්නලා මේ ඉන්නේ මාමා කියල හඳුන්වලා දෙන්න ඇති කියලයි මට හිතුනේ. ඇත්ත කියන්න බැරි නිසා.........

      Delete
    3. අච්චර කපටිකම් කරපු කෙල්ල එහෙම කරයිද බං?

      Delete
  5. පිරිමි කියන ජාතිය විශ්වාස කරන්ට බැරි මේකනේ....:P

    ReplyDelete
    Replies
    1. වෙල්කම් පොඩි කුමාරිහාමි.. අන්න අන්න.. නැන්දම්මත් කාන්තාවක්.එයත් එක්ක එකතු වෙලා අර අහිංසකයව රවට්ටගෙන තමන්ගෙ වැඩේ කරගත්ත ලේලිත් කාන්තාවක්.එතකොට මෙතන කපටිකම කොරලා තියෙන්නෙ කවුද හා..???
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  6. රන් අයියේ.. ඔයා? එතකොට.. දෙපාරක්ම පණ දුන්නත් පුතේ කියා ගන්න බැරිඋනා.. හ්ම්ම්.. සුපිරි කියුවට ගතියක් නෑ.. පට්ට!

    ReplyDelete
    Replies
    1. ඔය ආකාස කුළුණ තරණය කොරන ගමන් නිකමට කයියක් දාලා බලහං.. මෙහෙම සීන් දෙක තුනක් වත් සෙට් වෙයි..
      තං තෝසෙයි මචෝ..
      ජයවේවා..!!

      Delete
  7. හම්මේ හොයා ගං අර කෙලිත්තිව.. පුතා වත් බලාගන්න
    හිහක්
    මරු ඉට්ටෝරිය ඈ මල් හැත්තැවයි

    ReplyDelete
    Replies
    1. හෙහ්.. මල් තමයි ගේම ඇද්දෙ මහේශ්..
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  8. චඃ මරුනෙ බං.කතාව ඇත්ත සිද්දියක් නෙවෙයි නං නිර්මාණය සුරිරියි කියන්න පුළුවනි.කෙටිකතාවක ලක්ෂණ බෙහෙවින් අඩංගුයි.මේ ක්‍රමය දියුණු කරගත්තොත් උඹට හොඳ කෙටිකතා කරුවෙක් වෙන්නට පුළුවනි.ජය!!

    ReplyDelete
    Replies
    1. මේක කොත්තුවක් හැලපයියෙ.. මිරිස් තුනපහ සෝස් තක්කාලි විතරයි මගෙන් වැටුනෙ..
      තං තෝසෙයි.. අයියලාගෙ ඒව නෙව අපි කියවන්නෙ..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  9. ශෙහ්! පට්ට කතාව ගස්ලබ්බා!

    ReplyDelete
    Replies
    1. අහෙම්..
      ඉස්කෝතුයි බස්සි..
      ජයවේවා..!!

      Delete
  10. Replies
    1. තැංකිව් ඈ..
      ජයවේවා..!!

      Delete
  11. උඹගේ ලබිබ බලන්න එන්න උනේ ටිකක් පරක්කු වෙලා .(ලබිබ කිවිවම වෙන එකක් හිතයිද මම කිවිවෙ කතාව ගැන)
    ආයේ දෙකක් නැ ගස්ලබු වගේ පැනි රස කතාවක්.
    ආයෙත් එන්නමි ජය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම 'ලබිබ' කියන්නෙ මක්කෙයි මචෝ..??
      ආයෙත් එන්න.. ගස්ලබු ගනින්න.
      ජයවේවා..!!

      Delete
  12. අපූරු කතාවක් බං. අන්තිම ටික යද්දි තේරුණා මේක තමයි සීන් එක කියලා. සංවේදී කතාවක්. හැලපයියා කිව්වැහේ මේක උඹේ අත්දැකීමක් නෙවෙයි නං උඹේ පරිකල්පනය ගැන කියන්න වචන නෑ...

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික යනකොට අරූට ඕක තේරුනා නම් අඬන්න වෙන්නෙ නෑ නෙව.. හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  13. නියමයි. නියමම නියමයි.
    ඇත්තම අත්දැකීමක් කියවනවා වගේ ලියල තියනවා. මාරම මාරයි

    ReplyDelete
    Replies
    1. //ඇත්තම අත්දැකීමක් කියවනවා වගේ//
      වගේ වගේ.. අන්න හරිම වචනෙ..අවධාරනය කරහන්න වියතුනේ..!!. වගේ.
      ජයවේවා..!!

      Delete
    2. වගේ...? මොන වගයක්ද... මේක සම්පූර්ණ ඇත්ත...

      Delete
    3. වියතුන්ට කිව්වෙ බං.. සියොතුන්ට නෙමෙයි..

      Delete
  14. අපූරුම කතාවක්නේ ගස්... ඔබ ඉතාමත් සාර්ථකයි මේ නිර්මාණයේදී. විශේෂයෙන්ම සිත් ගත්තේ ඔබ මේ කතාව කයන්න තෝරගත් ආකෘතියටයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නලින් අයියෙ..
      ජයවේවා..!!

      Delete
  15. //ඩෝං ගාලා හෙනයක් මගෙ කණ ලඟින්ම පිපිරුනා... //
    ඔතනින් නැවැත්තුවනම් හොදයි කියල මට හිතුනෙ. ලිවීමනම් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. මුලින්ම එතනින් නවත්තලා තිබුනෙ.. පස්සෙ ඉතුරු ටිකත් ලියැවුනා බං ඉබේට වගේ. ආයෙ මැකුවෙ නෑ..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. උඹේ නියම හැකියාව මම දැක්කේ අද.

    අන්තිම වාක්‍යය තමයි පන්ච් ලයින් එක. පන්ච් ලයින් කිව්වට it kicks you in the balls and gets you by the small hairs.

    ReplyDelete
    Replies
    1. මුලින් ඒ වාඛ්‍යය තිබ්බෙ නෑ අයියෙ.ඒක එකතු වෙන්න අයියගෙ පෝස්ට් එකත් නොසෑහෙන්න බලපෑවා මට හිතෙන්නෙ.
      ඉස්කෝතුයි ඩූඩ්..
      ජයවේවා..!!

      Delete
    2. ඇත්තට? කෙනෙකුට influence එකක් inspiration එකක් වෙන්න ලැබෙන එක මොනතරම් ආඩම්බරද ගස් ලබ්බ!
      ඒ බව එහෙම වෙච්ච එකා අවංකවම කියන එක අහන්න ලැබීම ඊටත් වඩා ආඩම්බරයක් නෙවෙයිද!

      Delete
    3. එකනෙ ඩූඩ් අපි කියන්නෙ ලියන්න ලියන්න කියලා.. ගත හැකි දේ බෝමයි නෙ..
      ජයවේවා..!!

      Delete
  19. මේක පට්ටම පට්ට කතාවක් ගස්. කියල වැඩක් නෑ. මට හිතුනෙ මේ ඇත්තම සිද්දියක් කියලා.
    ජයවේවා ගස් තව මේ වගේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නම් මෙහෙම දේවල් වෙන්න එපා නේද බං කසුනො.. අර කොල්ලගෙ ඩොලර් පනස්පහෙන් ටිකක් හොරකම් කොරලා වෙච්ච දෙයක්..
      ජයවේවා..!!

      Delete
  20. අඩෝ..කියන්න වදන් නෑ එල ද බ්‍රා
    ඩබල් පුෂ්-අප් බ්‍රා උඔගේ හැකියාවට

    ReplyDelete
    Replies
    1. උඹගෙ පුශ් එක හෙන වටිනවා මෙණ්ඩො..!
      ජයවේවා..!!

      Delete
  21. බණ්ඩාගේ කතා......
    හිනා කලා ඉල ඇදිලා මැරෙන පොස්ට් එකක් ලියලා..

    ReplyDelete
    Replies
    1. මරු ආතල් එකක් බං එතන.. එල එල..

      Delete
  22. බාත් රූම් වල වැටුනම ගාණු අයට ලමයින් හම්බුවෙන්න එනව කියන එක ඇත්ත එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මේකෙ කොනක ඉයනුත් ඉන්නවෙයි? අපටත් හොරා...?? දෙන්නම් බැස්ටිය..!!
      හෙහ් හෙහ් හේ..
      ජයවේවා..!!

      Delete
  23. නියම කතාව ගස්. ඇත්තටම කිසි අවුලක් නැතුව ඇත්ත කතාවක් වගේ ලියල තියෙනව. (කිවුවට අපි නොදන්න මොනව හරි තියේද දන්නෙත් නෑ. :D)

    අර දේශකය බාත්රූම් එක ඇතුලෙ සර්පයෙක් දාගෙන කේස් එකක් කරගත්ත, දැං මේ ගමන බාත්රූම් එකේ වැටිල බඩ වෙලා. පා.ආ.ප. රජයේ අවවාදය : බාත්රූම් අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහරනය කරන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම මක්කවත් නැතෝ... ප්‍රසන්න අයියෙ 'පා.ආ.ප' කියන්නෙ මොකක්ද බං? බාත් රූම් ඇතුලෙ කොච්චර දේවල් නම් වෙනවද හැබෑට..
      ජයවේවා..!!

      Delete
    2. ඔව්..ඔව්..මෙණ්ඩො.., බ්‍රා වල ඇත්ත තත්තෙ ඔව්ව ඇතුලෙ එලි වෙනව තමා..

      Delete
    3. පාරිභෝගික ආඥා පනත.
      අම්මප එහෙම එකක් තියෙනවද?

      Delete
    4. අප්පට සිරි ඒකද? නිතර දඩ වදින ව්‍යාපාරිකයෙක් ඉන්නවාලු මුහුදු මට්ටමට වඩා ටිකක් විතර උඩින්.. එයාගෙන්ම තමයි ඔන්න අහන්න වෙන්නෙ.. හෙහ් හෙහ් හේ..

      Delete
  24. පට්ට....... අවසාන හරිය නියමෙටම හිතට වැදෙන්න ලියලා තියෙනවා............

    ReplyDelete
    Replies
    1. අවංකවම සංතෝසයි ආර්යන්...
      ජයවේවා..!!

      Delete
  25. අම්මටසිරි.. සිරාම කතාවක්නේ ලබ්බෝ.. කියන්න වචන නෑ..

    ReplyDelete
    Replies
    1. නැති වචන වලින් කියන එකත් දැනුනා මචෝ...
      ජයවේවා..!!

      Delete
  26. උඹේ මේ හැකියාව කොහෙද බං හැංගිලා තිබුණෙ? උඩ දාපු ඇගයීමේ කොමෙනට්ස් සේරම මං දැම්මා කියලා හිතාගනිං.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ ඔක්කොම කොමෙන්ට්ස් මූ දැම්මෙ අපි නෙවෙයි ගස් හොඳේ...

      Delete
    2. මධූ... හා මචං.. ඒවට දුන්නු උත්තරත් ඔක්කොම උඹටම දුන්න කියල හිතාගනින්.. හෙහ් හෙහ් හේ..
      තැංකිව් බ්‍රදර්...
      ජයවේවා..!!

      Delete
    3. ඔන්න කසුනො වැඩක හැටි.. අනිත් වෙලාවටත් ඩූ ඈස් අබව් කියලා ඉන්නවාද කොහෙදෝ... හෙහ් හෙහ් හේ..

      Delete
    4. කසුනො, මං කියන්න හිතාගෙන උන්නු සේරම කලින් කොමෙන්ට්ස් දාපු උන් කියලානං මං වෙන මක්කානං කියන්ටද බොල?

      Delete
    5. මක්ක කියන්නද? ඔහෙලා මේ ඉසව්වට ගොඩ බහින එකම මදෑ.. හෙහ් හෙහ්

      Delete
  27. මෙන්ඩ කොහේදී හරි කියපු නිසා තමයි මිස් වෙලා තිබ්බ මේ පෝස්ට් එක බලන්න පරක්කු වෙලා ආවේ...
    කතාව සුපිරියි මචං...
    රන් අයියේ කියල පොඩ්ඩවත් උස්සගෙන පැනල දුවපු ඒකිගේ මුණ මට මැවිලා පෙනුනා වගේ උනා...

    ReplyDelete
    Replies
    1. ලොකූ කාලෙකින් මේ පැත්තෙ... ඉස්කෝතුයි කිව්වා..
      තං තෝසෙයි..
      ජයවේවා..!!

      Delete
    2. බ්‍රා මෙණ්ඩෝ...
      එල ද බ්‍රා..!!!
      ජයවේවා..!!

      Delete
  28. හදිස්සියෙන් ගොඩ වැදිල ගියා විතරයි මචෝ. කියවල අදහසක් දානවා අනිවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කියවලාම කියහංකො උඹේ අදහසත්..
      ජයවේවා..!!

      Delete
  29. සුපිරියටම තියනවා

    ReplyDelete
    Replies
    1. තැංකිව් කිව්වා ඇනෝ..
      ජයවේවා..!!

      Delete
  30. Replies
    1. තාත්තේ කියහං බං තාත්තේ..
      හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
    2. තාත්තේ බං... (එහෙනං)

      Delete
  31. ප්‍රභන්ධයක් උනාට මේ හා සමාන දේවල් අද සමාජයේ බහුලයි . මේක පත්තරේක පල උනානම් කියවන කී දෙනෙක් මේක කියවල ඉවරවෙලා හිත අමාරු කරගනීවිද..

    ReplyDelete
    Replies
    1. කී දෙනෙක් ඉබි යතුරු දාල,යතුර විසිකරලා රහස් රැකගෙන ඉන්නවාද? ජීවිත කාලයටම..
      ජයවේවා..!!

      Delete
  32. Replies
    1. බොහොම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  33. Replies
    1. තැන්කූ...යි.
      ජයවේවා..!!

      Delete
  34. මචෝ ගස්..එන්න වෙලාවක් තිබුණේ නෑ..දැන් ඇවිත් ආපස්සට ඔක්කොම කියවනවා..
    මේක අති විශිෂ්ඨයි..//දෙපාරක් පණ දීලත් පුතේ කියන්න බැරි උන ආත්මානුකම්පාව // පට්ටයි!

    ReplyDelete
    Replies
    1. ආ... බොනිකර තරූ... තැංකූ කිව්වා.බොලාගෙත් ලස්සන පෝස්ට් කීපයක්ම දැක්කා.. එල..
      ජයවේවා..!!

      Delete
  35. අතිවිශිෂ්ඨයි!!! (Hats off)

    ReplyDelete
    Replies
    1. තැන්කූ කුෂ්.. වෙල්කම් කිව්වා.
      ජයවේවා..!!

      Delete
  36. ඉතා ලස්සන කතාවක් මචෝ සොරී වෙන්න ඕනී ප්‍රමාද උනාට කියවන්න..... මාර ලස්සනය්... කීප් ඉට් අප්

    ReplyDelete
    Replies
    1. හප්පෝ...යි.... හෙන කාලෙකින්.. මම ඒත් බැලුවා මොකද මේ පැත්තෙ කාලෙකින් ආවෙ නැත්තෙ කියලා.ඉස්කෝතුයි අයියෙ.. දිගටම එන්න.
      ජයවේවා..!!

      Delete
  37. ලස්සන කතාව. ප්ලොට් එක නියමයි.
    http://nelumyaya.com/wp-admin/post-new.php

    ReplyDelete
    Replies
    1. අජිත් අයියත් දැක්කෙ කාලෙකින්.ඔයාල ආව කියන්න්නෙත් ඉතිං හයියක්.නෙළුම් යායෙ දැම්මට තැන්කූ.. (මම සිරාවටම හිතුවෙ මොකක් හරි අවුලක් වත් නිසා මේ පැත්තෙ එන්නැතිව වත් දෝ හෝයි කියලා.)
      ජයවේවා..!!

      Delete
    2. අවුලක් නම් නැහැ. හොඳටම වැඩ. ඒ මදිවට ගෙවල් වල කල යුතු වැඩත් එනවනේ. බ්ලොග් වලටම වෙලා ඉන්න බැහැ. ඕන කමින් නම් යන්නැති එකම එක බ්ලොගයයි තියෙන්නේ. අටමස්ථානෙ එක. අර බුරු කෙස් එකේදී පොර ලින්ක් අත හරිනං කිව්වනේ. අනිත් ඕනේ එහෙකට යනවා උන්ම එපා වෙලා එලවනකන්.

      Delete
  38. Replies
    1. මචෝ මෙණ්ඩෝ.. හොස්පිටිතාලෙ නැවතිලා ඉඳලා දැන් ගෙදර ආවෙ. සොරි වෙන්න ඕනෙ.ඉක්මනටම දාන්නම්.. ඇහැගහගෙන ඉන්න එක ගැන සංතෝසයි බං.
      ජයවේවා..!!

      Delete
  39. ඔය අකුණ ගොඩක් උන්ගෙ කන ගාව වදින්න ඇති..
    පට්ට පහර සුපිරි කතාව මචං..
    කොහොමද බොඩිම පැත්ත...

    ReplyDelete
    Replies
    1. මුදියන්සෙ මලයගෙත් කන ගාවම හෙනේ වැදිලා වගේ..
      හෙහ් හෙහ් හේ...
      ජයවේවා..!!

      Delete
  40. මෙන්න මේවනෙ කෙටි කතා කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි කවිඳු..
      ජයවේවා..!!

      Delete
  41. රන් අය්යේ... / ගස් අය්යේ පට්ට කතාව හොදේ ..

    ReplyDelete
    Replies
    1. තැංකූ කුලේ.... උඹත් ලියහං අපිට කියවන්න හනික..
      ජයවේවා..!!

      Delete