Tuesday, November 3, 2015

සමා අවසර මිනිට්ටුවකට




මහත්තයෝ

මෙට්ටය ඇජස්කර

පොවන්නම් බෙහෙත්

උගුරින් උගුර තිතටම

ඇක්සයිස් දෙන්නම් කලට වේලට

බෙඩ්පෑන් ගඳ නෑ සුවඳ කොට
මොණර කොල...

සමා අවසර මිනිට්ටුවකට
වාත තෙල් ජුණ්ඩක් 
පෙන්නලා එන්නම්

ඉදිමිලා ගිණිගන්න දණියට
........

72 comments:

  1. ඇඩෙනවා යකෝ උඹේ මේ කවියට

    ReplyDelete
    Replies
    1. සිද්ධිය ඇහැටම දැක්කම??
      ජයවේවා...!!

      Delete
  2. විශ්‍රාම වයසේත් සේවය කරන්නට වීම දුකක් ම තමයි!

    ReplyDelete
    Replies
    1. සේවා කොන්දේසි මුකුත් නැතිව... හැඟීම්,ආසාවල් මරාගෙන සොච්චමක් වෙනුවෙන් කරන සේවයක්.
      ජයවේවා...!!

      Delete
  3. දෙවෙනි පාර කියවන කොට තේරුනේ . රසික හරියටම කියල තියනවා. සංවේදී කවියක්.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි අජිත් අයියෙ.. ඩබල් චෙක් කරන්නැතිව අමුවෙන්ම දැම්මා.. ඒ නිසා වෙන්න ඇති.
      ජයවේවා...!!

      Delete
  4. අත පය හතර වාරු නැති වයසෙදිත් ජීවිතේ ජීවත් කරන්න අනුන්ගේ කැත කුණු අතගාන මිනිස්සුත් මේ ජන සමාජයේ ඉන්නවා කියල අපේ මිනිස්සුන්ට මතක් කරාට පිං .තමුන් ගැනම විතරක් හිතන මිනිස්සු එක විනාඩියකට හරි ලෝකේ දිහා ඇස් ඇරලා බලනවානම් කොච්චර දෙයක්ද..

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ලෙඩා මාරු වෙලාද කියලා හිතෙනවා..
      ජයවේවා...!!

      Delete
  5. මේක සිරා ගස් ලබ්බෝ. හැබැයි රසික ගෙ කමෙන්ටුව නැත්තං තේරුම් ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කලබලෙන්ම පබ්ලිශ් කලේ.. අඩු පාඩු පෙන්නාදීම වටිනවා රාජ් අයියෙ.. තංතෝසෙයි.
      ජයවේවා...!!

      Delete
    2. සමහරුන්ට එකපාර තේරුම් ගන්න බැරිවීම උඹේ වරදක් නෙවෙයි බං....

      Delete
    3. කීප දෙනෙක්ම කීවෙ අඩුවක් ඇති ඇනෝ.. මොනා උනත් අඩු පාඩු පෙන්නල දෙනවට මම කැමතියි. ෆිට් එකේ කොමෙන්ට් කරාට දාං පහක්..
      ජයවේවා..!!

      Delete
  6. හිතන්න හිතවන කවියක් ...
    හිතට බරට දැනෙනවා...

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. නොහිතා ඉන්නෙ කොහොමෙයි..?
      ජයවේවා...!!

      Delete
  7. .මොකකද මේ කමෙන්ට් එක Publish කරන්න දෙන්නෙ නැතුව I am not robot කියලා පෙන්නන්නේ..මේක හදාගන්න ක්‍රමයක් කියලා දිපන්

    ReplyDelete
    Replies
    1. උඹේ අර රො‍බෝ ගැජට් එක ගලෝල දාල කොමෙන්ට් කරහං.

      Delete
    2. ටැක්නොලොජි නම් දන්නැතෝ.. ප්‍රසා අයියා වැඩේ ගොඩදාල වගේ

      Delete
    3. ඒක ගලවලා දාන්න ප්‍රසාට දිලා බෑ..ඉරිදට 18 කනුවට ගිහින් සර්විස් කර ගන්නවා

      Delete
  8. මම ඊයේත් උඔව හෙව්වා ලියන්නෙ නැත්තෙ ඇයි කියලා..
    අපිටත් කවදා හරි මේ ඉරනමමයි..

    ReplyDelete
    Replies
    1. ගෙදර ආපු ගමන් ඒක දැක්කෙ.. ඉතින් පස්සට පෙට්‍රල් ගැහුව වගේ මේක දැම්මා.. ක්‍රෙඩිට් එක උඹට මචෝ..
      බොට කොහෙද බොල මේ ඉරනම?
      උඹ නාකි වෙලා සාත්තුසේවයට යන්නද හිතන් ඉන්නෙ?
      (කයිය ටිකක් සාර්තක මදි ලියවෙලා තියෙන හැටි, හෙහ් හෙහ්..)
      ජයවේවා...!!

      Delete
    2. නෑ..උඔ සාර්තකයි..ඒ නිසයි එහම දැම්මේ..මචං අවුරැදු 55න් පස්සේ අපිව ෆැක්ට්‍රි වල තියාගන්නෙ නෑ..ඒත් එතනින් අපේ වගකිම් යුතුකම් ඉවර වෙන්නෙ නෑ ඒ නිසා කවදාහරි මටත්
      සිකියුටරි කෙනෙක් වෙලා ගෙට්ටුව ඇරලා “ගුඩ් මෝනින් සර්“ කියන්න වෙයිද නැත්නම්
      ලෙඩෙක් බලාගන්න වෙයිද කියලා කවුද දන්නේ?

      Delete
    3. මචං මෙණ්ඩො.. වයස,සෞඛ්‍යමය හේතු නිසා පුද්ගලින අංශයේ ඉන්න පිරිසට තියෙන අවිනිශ්චිත බවට ඊපීඑෆ්,ඊටීඑෆ් විසඳුමක් උනාට ගස්ලබ්බ වගේ ගොඩ දෙනෙකුගෙ කොම්පැණි ඔය නීති වල සිදුරු වලින් රිංගනවා.එතකොට තමයි රක්ෂන මතක් වෙන්නෙ.රක්ශන ගැන පැහැදිලි අදහසක් දෙන්න පුලුවන් බ්ලොගර්ස් ලා කවුද කියන එක උඹ හොඳටම දන්නවා ඇති.පොඩ්ඩක් උනන්දු කරලා බලමුද? (දෙයක් උන එකෙක් විදිහට කියන්නෙ.)

      Delete
    4. බලමු මචං..මේ දවස් වල ඒකට පොඩි සිම්පල් පෑලැන් එකක් හදාගෙන යනවා..
      ඒ ගැන වැඩිය හිතන්නේ නෑ බං එන විදිහට ගහ උලුවස්සා

      Delete
  9. නූතන සමාජ වටපිටාව මත ගොඩ නැගුනු කාක්කන්ගේ රාජධානියක ඉත්තෙක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... සේවා සපයන සමාඟමෙන් ලොකු කුට්ටියක් කඩාගන්නවා මේ අහිංසකයින්ගෙ මහන්සියෙන්.ඒත්.... ඒකත් මහ මෙරක් වගේ වටිනවා.
      ජයවේවා...!!

      Delete
  10. අපිටත් වාත තෙල් ජුණ්ඩකින්ම වේදනාව දුරුකරගෙන බර අදින්න වෙන කාලයක් එනවා...එදාට දුකට ලග ඉන්නේ බෙහෙත් තෙල විතරයි තමයි....

    සංවේදි කවියක් ලබිබා

    ReplyDelete
    Replies
    1. අඩේ... පහු ගිය ටිකේ මගෙ ලඟ හිටියෙත් දවල්ට තෙල් බෝතලේ.. රෑට අරක්කු බෝතලේ..අන්තිමට දෙකම අතෑරියා.ජීවත් වෙන්න මිනිස්සු කොන්දේසි අතාරින හැටි දකිනකොට හෙන අවුල් බං.
      ජයවේවා...!!

      Delete
  11. උඔගේ අත්දැකිමකින්ම මේක ලියපු නිසා වටිනවා..
    යකෝ අසනිපයක් වුනාම අපිට කියපල්ලකෝ..යාලුවෝ කියන්නෙ ඒකටනේ

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං... ඔන්න ඔහෙ වැටිලා හිටියා.. මට උඹව මතක් උනා.ඒ හිටපු නර්ස් ලට තෑගි ටිකක් ගෙන්න ගන්න තිබුනා උඹට කියල.අනිවා අනිත් සැරේ පරවියෙක් අතේ හරි කියලා එවන්නම්.. හෙහ් හෙහ්...
      ජයවේවා...!!

      Delete
  12. නිතර කතා නොකර කෙනෙක් ගැන හිතට කා වදින ලෙස ... අනගියි

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්කෝතුයි ප්‍රියන්ති..
      ජයවේවා...!!

      Delete
  13. මන් හිතපු දේ රසික ගේ කොමෙන්ට් එකෙන් වෙනස් උනා.. දෙවිදියම ඇත්ත.. දැන් කකුල කොහොමද?

    ReplyDelete
    Replies
    1. මුලින් හිතපු විදිහත් දාපංකො මචෝ... උඹෙන් එන අර්තකථනය මක්කද බලාගන්න ආසයි.
      කකුල මචං දිග කතාවක් වෙයි වගේ.. බලමුකො..
      ජයවේවා...!!

      Delete
  14. වාතතෙල් ගගා හෝ
    දිව්වෙ නැත්තං තරගය
    කුසගින්න නිවන්නට
    වේලක් කන්නේ කෙලෙස.

    නියමයි.

    ReplyDelete
    Replies
    1. ලෙඩාට සමබර කෑම,අතුරුපස කවලා.. පොවලා.. ඔක්කොම කරලා පොඩි ප්ලාස්ටික් තැටියකට හොදි ටිකක් දාගෙන රෝස්පාං කන සීය කෙනෙක් හිටියා බං අයියෙ.. ලෙඩා කියන එකාට මහ අවුලකුත් නෑ.. හ්ම්ම්ම්ම්...
      ජයවේවා...!!

      Delete
  15. ඕකෙ වැඩේ ඔය වැඩේට බාල වයස්කාර කොල්ලෙක් හෝ කෙල්ලෙක් යොදාගත්තත් උඹලා අනං මනං කියනවා. කවි හදනවා. රටේ නැති එව්වා. උඹලත් එක්ක බෑ ඕයි.

    ReplyDelete
    Replies
    1. බෑ.. බෑ.. බෑ... බෑ..මයි.පොඩි උනුත් ඉන්නව අයියෙ.වයසක අයටයි පොඩි අයටයි මේක හොඳ ෆීල්ඩ් එකක්.ඔලුව ෆෝමැට් කොරගන්න ඕනෙ.. නැත්තම් වනගත වෙන්න ඕනෙ.. හෙහ් හෙහ්..
      ජයවේවා...!!

      Delete
  16. මුදලින් නිර්ණය වන ජීවන තත්ත්ව

    ReplyDelete
    Replies
    1. මුදල්=ඔක්සිජන්=හිරුඑළිය.
      කොන්දේසි විරහිතයි.
      ජයවේවා...!!

      Delete
  17. Replies
    1. අංකුර ..කවි.
      ජයවේවා..!!

      Delete
  18. කවිය නියමයි.තේරුණේ රසිකගේ කමෙන්ට් එකෙන් පස්සෙ.මටත් ඔය වගේ අත්දැකීම් රාශියක් තියෙනවා බං.

    ReplyDelete
    Replies
    1. රසිකයියට වෙනම තෑග්ගක් දෙන්න වටිනවා.හෙහ් හෙහ්...
      මට නම් මේ වගේ ලැබුන අත්දැකීම් ටිකත් වැඩියි වැඩියි වගේ..බරයි..
      ජයවේවා..!!

      Delete
  19. ඔව්ව ගැන කියල වැඩක් නෑ බං.. යකඩ වගේ මිනිස්සුන්ගෙ බඩු උස්සගෙන යන දුර්වල මිනිස්සු... ඔය වගේ උපස්ථායකයෝ, අන්තිමට බැලුවම අපිත් එහෙමයි බං අවසානෙදි කල්පනා කරලා බලනකොට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... මේක හෙන විශම චක්‍රයක් බං.අපි කියල ඉතින් මක්කොරන්නද? මොනව උනත් උඹ ආයෙ බ්ලොගේ දකින්න ලැබුනු එකට නම් හරි සන්තෝසයි..
      ජයවේවා..!!

      Delete
    2. මම නං දැං ඔව්වා ගැන හිතන එක අත්අරින්ඩයි උත්සාහ කරන්නේ , අපේ ඉරනම අපිට වෙනස් කරන්ඩ බැ

      Delete
    3. අපි වටේ ඉන්න එවුන් මතක්වෙනකොට ඉන්න බෑ නෙව..

      Delete
  20. හිත කඩාගෙන වැටුණ යකෝ...

    ගොඩක් ලෙඩ්ඩු මළහම මේ උදවියට දානෙයක් දෙනවා...

    ReplyDelete
    Replies
    1. ඉන ඉහ අතගාගන්න අයත් නැතිවම නෙමෙයි.ඒත් අන්තිමට වතුර උගුරක් හරි පොවන අයවලුන්ටත් ආත්මගරුත්වයක් දෙන්න දැනගන්න ඕනෙ..
      ජයවේවා..!!

      Delete
  21. හ්ම්ම් මේක ජිවිතය නෙවී ගස්.. දුප්පත් කම

    ReplyDelete
    Replies
    1. දුප්පත්කම ජීවිතය උන පිරිසකුත් ඉන්නවා මචං..
      ජයවේවා..!!

      Delete
  22. Danne ne ban mama tube light da kiyala. Melo deyak therenne ne uba liyala thiyena..

    ReplyDelete
    Replies
    1. leddu langa saaththu seweta inna ledatath wada amaruwen inna minissu innawa machoo.. e minissu ganay liyanna haduwe..
      Jayawewaa..!!

      Delete
  23. මම දැන් දිනපතා දකින ආයතනයක් තියනවා , ඔය විදිහේ ගෑනු මිනිස්සු තුන්හාරසියක් වැඩකරන , ඒ මිනිස්සු දැක්කහම හිතෙනවා , සාත්තු කරන අයද නැත්තං ලෙඩ්ඩුද කියලා

    ReplyDelete
    Replies
    1. බුදු සංතෝ.... අටං අයියා ආයෙත් ගස්ලබු කන්න ඇවිත්.... පට්ට ෆිට් හොඳේ..
      දැං පැකේජ් ක්‍රමේට සේවා සපයන්නෙ.ඒත් ඒ මිනිස්සුන්ට හම්බෙන්නෙ සොච්චමයි.වෙන රස්සාවකට යා ගන්න බැරි උදවිය තමයි ගොඩක් මේකට යොමු වෙලා ඉන්නෙ..හ්ම්ම්ම්
      ජයවේවා..!!

      Delete
  24. මම දැන් දිනපතා දකින ආයතනයක් තියනවා , ඔය විදිහේ ගෑනු මිනිස්සු තුන්හාරසියක් වැඩකරන , ඒ මිනිස්සු දැක්කහම හිතෙනවා , සාත්තු කරන අයද නැත්තං ලෙඩ්ඩුද කියලා

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බටත් ඕකම හිතුනා නෙව.ඒකනෙ මේ පද බැන්දෙ.හැබැයි අයියෙ මේ බිසී ලෝකෙ මුදලට හරි කෙනෙක් නවත්තන්න සිද්ධවෙනවා.ඒකෙ මම වැරැද්දක් දකින්නෙ නෑ.මොකෝ හොස්පිටිතාලෙ ඔය වෙනුවෙන්ම ඉන්න ඈයො උපස්ථාන කොරනවා කියලයැ.. බොහොම කලාතුරකින් කරයි.
      ජයවේවා..!!

      Delete
  25. Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියා දෙන සහයෝගයට.
      ජයවේවා..!!

      Delete
    2. වෙලාවක් කලාවක් තියේනම් ඔය රටවල තත්තෙ කෝමෙයි කියලත් දැනගන්න ආසයි ඔන්න.
      ජයවේවා..!!

      Delete
  26. Replies
    1. පට්ට දුකක් බං... හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  27. සුපිරිම සුපිරියි බං........ නෙලුම් යායෙන් මුලින් ම දැක්කේ... ඒතනත් සුපර් පාරක් කෙටුවා... ජයවේවා

    ReplyDelete
    Replies
    1. නෙළුං අජිත් අයියට ජයවේවා..
      අඩේ කුරුට්ටො.. තංතෝසෙයි ඈ..
      ජයවේවා..!!

      Delete
  28. විශ්‍රාම ජීවිතය විශ්‍රාම ගිහිං

    ReplyDelete
    Replies
    1. විශ්‍රාම ගියානං පිනක්... කඹුරන්න පටං අරං තියෙන්නෙ එතනින් නෙව..
      ජයවේවා..!!

      Delete
  29. මොන තරම් දුකක් කියයෙනවද ඒ පද කිහිපයෙන් ..දනහිස් ඉදිමිලා තියෙන්නේ හිටගෙන ඉදලා වෙන්න ඇති.කැතකුණු අතගාන්න වෙලා තියෙන්නේ නැතිබැරි කම හින්දා වෙන්න ඇති.ලෙඩුන් බලා ගත්තට සමහරවිට ඒ තාත්තටත් අසනීප ඇති.
    ඇස් වලට කදුළු එන කවියක්.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අනුත්තරා.
      ජයවේවා..!!

      Delete
  30. මොන තරම් දුකක් කියයෙනවද ඒ පද කිහිපයෙන් ..දනහිස් ඉදිමිලා තියෙන්නේ හිටගෙන ඉදලා වෙන්න ඇති.කැතකුණු අතගාන්න වෙලා තියෙන්නේ නැතිබැරි කම හින්දා වෙන්න ඇති.ලෙඩුන් බලා ගත්තට සමහරවිට ඒ තාත්තටත් අසනීප ඇති.
    ඇස් වලට කදුළු එන කවියක්.

    ReplyDelete
    Replies
    1. කිව්ව ඔක්කොම වෙන්න ඇති නෙමෙයි.එහෙම තමයි උනේ. තමුන්ට තරම් අමාරුවක් නැති කෙනෙකුට තමුන්ගෙ අමාරුව යටකරගෙන උපස්ථාන කරනවා කියන්නෙ මොන අසරණ කමක්ද?
      ජයවේවා..!!

      Delete
  31. ගස්, දුකයි.මාත් දැකලා තියෙනවා අනන්තවත් එහෙම.හරිම පව් බං.ඒත් එහෙම මිනිස්සුන්ට ලොකු එක දාන උනුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. ලොකු එක කියන්නෙ මනුස්සයාට කන්න රෝස් පාං එකක් අරන් එන්න ගියාම එන්න පමා උනා කියලා බල්ලට වගේ බනිනවා.කොහේ යන්නද මංදා...
      (කෝ උඹේ ෆිල්ම් එක??)
      ජයවේවා..!!

      Delete