Wednesday, January 13, 2016

දුම




"යමක් කෙරේ ඇති උනන්දුව වැඩි වන තරමට එය තමුන්ගේ දුර්වලතාවයක් බවට පත්වනු ඇත"
-කෙවින්-

කෙවින් කියන නම උඩින් පෑනෙන් තට්ටු කරන ගමන්ම මම කල්පනා කලේ ඇයි මම මේ නමට මෙච්චර කැමති කියලා...
හිතාගන්න බෑ.. මොනව උනත් ලියන කියන වැඩ වලදි මම පාවිච්චි කරන්නෙ මේ නම.
ඇත්තටම මට මේ නම මුලින්ම දැම්මෙ මගෙ යාලුවෙක්...?
ම්ම්ම්ම්..... හ්ම්ම්.. යාලුවෙක් වෙලා හිටපු එකෙක්.
ඌ කිව්වෙ හැබැයි කෙලවින් කියලා.මොක්ද මට වෙන හැම වැඩක්ම කෙල වෙන වැඩක් විදිහට අඳුනගෙන තිබුන නිසා.
ඒත්..... ඒවගෙන් ගොඩ එන එක මගෙ විනෝදාංශය බවත් ඌ දැනන් හිටියා.

ඌ පොලා.
ඇත්තටම පොල් තෙලා.ඕනම දේකින් ලෙස්සලා යන්න බෙදන්න තෙලක් උගෙ ලඟ තිබුනා.බෙඩ්ශීට් එකක් වගේ රෙද්දකින් මහපු හාමුදුරු බෑග් එකක් වගේ එකක් කරක එල්ලගෙන ගොනයි මීමයි වගේ ඩෙනිමකුයි ශර්ට් එකකුයි ඇඳගෙන හැමදාම පරක්කු වෙලා ලෙක්චර්ස් ආපු පොලා මගෙ යාලුවෙක් උනේ කොහොමද කියල මට මතක නෑ..

පොලා ගෙ රූම තමයි කිරා.
ඌ බරක්.සල්ලිය බාගෙ තිබුනා.කිසිම බරක් පතලක් නැතිකම කියන පොදු සාධකය විසින් මුං දෙන්නා ඈඳලා තිබුනා කියලයි මට හිතෙන්නෙ.කිරාගෙ බයික්කෙක උගෙ වෙන්නෙ තෙල් ගහන වෙලාවට විතරයි.නැත්තම් වේස ගෑණි වගේ.හැමදාම හවසට කිරයි පොලයි කඩ පිලක හරි ගහක් යට හරි සිගරට් එකක් ගගහ බලන් ඉන්නවා බයිකෙක එනකන් බෝඩිමට යන්න.. මොනව උනත් උන්ට ගානකුත් නෑ.. ඉල්ලන් යන එවුන්ට ගානකුත් නෑ.සමහර දවස් වලට මුං බයිසිකලේ තල්ලු කොරං යන්නෙ ඉල්ලන් ගිය එකා තෙල් කඳුලක් වත් ගහන්නවත් කල්පනා නොකරන නිසා.මට මලපැනල බනිනකොට කිරා හිනාවෙලා 'මැරෙන ටිකටනෙ බං' කියලා දුං ගුලියක් එවනවා මූණට.
කිරා කුකුළ උනත් කෙල්ලො හතරක් පහක් එකට කරා උනත් ඌ කෙල්ලන්ට පදිරි නොවී , කෙල්ලන්ව පදිරි කරන් හිටපු සාත්තරේ නම් දන්නෙ ඌම විතරයි..


හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.............................

ඒක රසවත් අතීතයක්... පොලාගෙ රූම් එකට වෙලා ජොයින්ට් පාරක් ගහන ගමන් ත්‍රී ඉඩියට් ෆිල්ම් එක බලන එක අපිට නිකං සිරිතක් වගේ වෙලා තිබුනෙ..
කී පාරක් ඔය ඉටි ගෙඩිය බැලුවද?
ඕකෙ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට අමුතු අමුතු අර්ථ දක්වන්න පොලා හරි ආසයි.අමීර් ඛාන් ට ඌ හරි කැමතියි.ඒ අවුරුද්දකට සැරයක්කරන ෆිල්ම් එක අවුරුද්දම ආයෙ ආයෙ බලන්න තරම් රහට කරන නිසා ලු.
ඒ මොනව කරත් විභාග ගොඩදාගන්නත් අපිට පුලුවන් උනා.පාස් අවුට් උනාට පස්සෙත් අපි සැරින් සැරේ හම්බුනා.. ට්‍රිප් ගියා... පරණ පිස්සු මතක් කර කර සංතෝස උනා..


අන්තිමට අපි ගියේ සතියක ට්‍රිප් එකක්..
හරියටම අන්තිම දවසෙ සිද්දවෙච්ච ඒ දේ නොවෙන්න අපි තාම යාලුවො...
චැඃ.. ඇත්තටම ඇයි එදා අපි ඒ විදිහට රණ්ඩු උනේ කියලා මට හිතාගන්න බෑ.කොහොමත් පොලා තමයි ගේම ඇවිලුවෙ කියලයි මට මතක.
ඒකත් උනේ ජනවාරි මාසෙක නිසා වෙන්න ඇති මට ආයෙ ඒක මතක් උනේ..
ශික්...
උන දේවල් ඔලුවට හරි බරක් නිසයි මේ විදිහට ලියන්න කල්පනා කලේ.. ඒත් දැං මූඩ් එක බැස්සා... දෙකක් දාගෙන ෆිල්ම් එකක් එහෙම බලල ආයෙ ලියන්නම්...
ඔව් ඉතිං ඒ.. ෆිල්ම් එක තමයි බලන්නෙ.. අවුල් ද?


                                                                                            -කෙවින්-


ඉදිරියට 
දුම(2)

59 comments:

  1. I'm the 1st....
    Ayyoooo patangaththa witharai kathawa ethanama nawaththalane polo.....

    ReplyDelete
    Replies
    1. Ano... umba Nasarani neda?
      patan gatta witharayi thama.. issarahata badu thiyenawa..
      jayawewaa..!!

      Delete
  2. එහෙනං දිල් චහතා හේ පිලුමත් බලලම ඉන්න ගස්..

    ReplyDelete
    Replies
    1. බැලුවා හෙ.. බැලුවා හෙ...
      බලමුකො මේකෙ ඉස්සරහට මක්ක වෙයිද කියලා නේ දේශකයාණෙනි...
      ජයවේවා..!!

      Delete
  3. මේ ගානට බාගෙට ලියපු ඒවා පෝස්ට් කරනවානම් මට දවස ගානේ දාන්න පෝස්ට් තියෙනවා ලබ්බෝ...

    ReplyDelete
    Replies
    1. මේක මේ කොටස් කරලා දාන්න ගිහිං වැඩේ කෙල වෙලා වගේ...සමා අවසර..
      ඉක්මනට ඉතුරු ටිකත් දාන්න වෙයි වගේ.. හෙහ් හෙහ්...
      මෙහෙම කරමු.. බාගෙට ලියපු එකක් අරගෙන සම්පූර්ණ කර කර දාමු..
      හෙහ්.. හෙහ්...
      ජයවේවා..!!

      Delete
  4. ඔය කෙවින් කියන නම තියනවා නේද?පෞද්ගලිකව මේ ලෝකේ මට පේන්නම බැරි වචනේ.
    තව ටිකක් දිගට ලියපන්.කෑලි කරන්න කොට වැඩියි.

    ReplyDelete
    Replies
    1. හෑ.... මොකෙක් හරි අජූත ලොක්කෙක් වත් ඉන්න ඇති.. ඒක මහ වෙනස් නමක් නෙව..
      ඊලඟ එකේ ඉඳං ටිකක් දිගට දාන්න ට්‍රයි එකක් දෙන්නම් කටුස්..
      ජයවේවා..!!

      Delete
  5. ඉතුරු ටිකත් ලියමු . හුඟක් දේවල් නොකිය හිටියඩහ මන්ද :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ගොඩක් දේවල් නොකිය තමයි.හිතුන,ලිව්ව,දැම්ම එකක් නෙ.
      ජයවේවා..!!

      Delete
  6. උඹෙ ෆෝන් එක දීපන් ළමයෙකුට... උදේ ඉඳන් ගන්නවා තෝ ආන්සර් කරන්නෙ නෑ... උඹෙ ඉස්කෝලෙ කාලෙ වැදිලා තිබුනු කාර්ඩ් ටිකත් කියන්නද...?

    ReplyDelete
    Replies
    1. උඹේ ඩොන්ගල් එක දියං ළමයෙකුට.. ඒක අස්සෙ තියෙන සිම් එකත් එක්කම.. ඇයි යකො.....
      උඹ බස් එකේ ගිය හැටි අහගන්න තමයි ඔය.. හික්ස්..
      ජයවේවා..!!

      Delete
  7. මදි මදි හොඳටම මදි. හැක්...

    ReplyDelete
    Replies
    1. හැක්.. වරද පිලිගමි.. ප්‍රසන්න අයියෙ.. ඔයාගෙ මේල් එක හරි න් ඔම්බරේ හරි මේකට දාන්නකො පීස්..
      gaslabba1@gmail.com
      ජයවේවා..!!

      Delete
  8. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. එසේයැ.. ලලිත් එසේයැ
      ජයවේවා..!!

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. චැහ්ඃ.. ඇයි මැකුවෙ? දිග වැඩි නෑ මචං.. බොලා රහට ලියල තියෙනවා.. අපරාදෙ..සාරස ගෙ අවසර ලැබෙනවා නම් ඒක පලකරන්නම්.
      ජයවේවා..!!

      Delete
  10. අතීතාවර්ජනා .....

    ස ර ස තුමා ගේ පරන ගැන්සිය මතක් වී... අද ඔවුන් ලොව දස දෙස විසිර ඇත....

    ReplyDelete
    Replies
    1. පට්ට ගැන්සියක් නෙව ඉඳල තියෙන්නෙ... ඒ ආතල් ආයෙ නෑ.. මක්කෙයි කොරන්නෙ.ඒකමයි එව්ව වටින්නෙත්.. හෙහ් හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  11. මටත් මතක් ඔනා නෙව මගේ අතීතේ.
    චහ්..එහෙම අතීතයක් ආයෙත් එනවනම්.
    කුතුහලය අවුස්සලා ගියා නෙව කෙවින්

    ReplyDelete
    Replies
    1. ඔය කෙවින් ඔහොමම තමයි මහේශ්.බලමු ඊලඟට මක්කෙයි වෙන්නෙ කියලා.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  12. කෙවින් කියලා මමත් දන්න එකෙක් ඉන්නවා.

    මේ ඉන්නේ ඒකා

    ReplyDelete
    Replies
    1. අම්මියෝ...ව්.. විචා සීයගෙ යාලුවො සැට් එක දරුණුයි නෙව.
      මේ.... කොහොමෙයි සීයෙ ඔය කොමෙන්ට් එකේ අකුරු උඩට ලිංකුව දාන්නෙ හැබෑට?
      ජයවේවා..!!

      Delete
    2. මෙන්න මේක බලන්න

      http://smallbusiness.chron.com/leave-blogger-comment-26481.html

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  13. හා හා ඉතිරියත් ලියමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිනේශ්... කෙවින් ඉක්මනට ලියනවයි කියන්නෙ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  14. කෝ යකෝ මේක පටංගත්ත විතරයි මෙන්න ඉවර වෙලා. ලියහං ටිකක් දිගට. ඉතුරු ටික එනකල් මම මෙතන.

    ReplyDelete
    Replies
    1. උඩුන් උඩුන් වර
      බිමින් බිමින් වර
      බ්ලොග් කියවන්නට කසුන් පුතේ..
      ඔහොම්මම ඉඳහන් කෙවින හෙට දානවෙයි කිව්වා..
      ජයවේවා..!!

      Delete
  15. දුම කියන නම දැම්මේ.... මේක කියෝලා දුම් දාන හින්දද? ඇත්තම් ගස් ට දුම් දාන්න දෙන්න හිතෙන හින්දද?

    ReplyDelete
    Replies
    1. ගස් ට දුම් දාන්න දෙන්න හිතෙන හින්දද? ++++++++

      Delete
    2. ඇක්චුඅලි උපේ.... ගස් ට දුමක් දාගන්න විදිහක් නැතුව ඉන්න හින්දා... ඔන්න සත්ත කතාව.
      ජයවේවා..!!

      @ඇනෝ.
      බොලා ඉතිං වැටවල් ගහපං... හ්ම්ම්ම්ම්

      Delete
  16. ඇත්ත කියහං. උඹ නේද පොලා?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියාණෙනි, මම ගස්ලබ්බා වෙමි.අනෙකෙක් නොවෙමි. පොලා යනු වෙනකෙක්ම ය.. බොරුවක් නම් ඩ්‍රැකියානිගෙන් ටොකු දහසක් ඩ්‍රැකියාට වදිනු ඇත.. එසේමය..
      ජයවේවා..!!

      Delete
  17. ගස් ලබු ලෙල්ලක් උඩ ලිස්සල ගියා වගේ, පටන් ගන්නකොටම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඕකට තමයි කම්මලේ කියන්නෙ ගස්ලබු වල ඖෂධීය ගුණය කියලා... යනකන් දන්නෙ නෑ..
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  18. ඉක්මනට දාපං ඉතිරි ටිකත්

    ReplyDelete
    Replies
    1. කෙවින් කියන්නෙ හෙට දාන්නම් කියල මනෝ...
      ජයවේවා..!!

      Delete
  19. බොලෑ කිරාට වගේ මටත් එකම ෆිල්ම් එක ආයේ ආයේ බලන්න පුළුවනි.. එකට හේතු දෙකක් තියනව.. එකක් මම ඒ චරිත උපරිමයෙන් රසවිඳින නිසා.. දෙවැනි එක මගේ මොලේ මෙමරි චිප් එක භාගෙට ගිහිල්ල නිසා ෆිල්ම් එකක් බලල ටික දවසක් යද්දී මුළු ෆිල්ම් එකම අමතකයි.. මේ දවස්වල prison Break බලනවා ආයෙත්.. කීවෙනි පාරටද කියලවත් මතක නෑ .. හැක් ..

    පොලා කියන නම මටත් පොදු නමක් වෙන්නේ එළකිරියේ එවුන් මට කියන්නෙත් පොලා කියල නිසා.. හැක් .. බැලුවාම තවත් පොලාල ඉන්නවා නෙව ... සන්තෝසයි හසන්ත..

    යාලුවෙක් එක්ක සෙට් වෙලා කඩ පිලක ගෝල්ඩ් ලීෆ් එකක් උරණ සොමිය නැහැ බන් සීතලේ තනියම ගහන මල්බොරෝ ලයිට් වල.. ඉතුරු ටික ලියහන් ඉක්මනට..

    ReplyDelete
    Replies
    1. හෑ... බොලා ගැන වද්ද මේ ලියන්නෙ? මේ දවස් වල බැලුවා තුන්වෙනි සැරේට.චැහ්ඃ... අලුතෙන් බැලුවා වගේ..අම්බලමෝ.. මෙමරි චිප් එකේ අවුල ගස්ලබ්බටත් එක වගේම තියෙනවා... තංතෝසෙයි..
      ජයවේවා..!!

      Delete
  20. Kevin Bacon කියලා පට්ට නළුවෙක්නං ඉන්නවා.
    අතීතාවර්ජනේ සුටුස් ගාලා ඉවර වෙලානෙ බං.

    ReplyDelete
    Replies
    1. සනික ආතල් එකක් ලු නෙ..බලමු කෙවින් මක්කද කරන්නෙ කියලා මධූ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  21. අපිටත් පොලා කියලා මෙලෝ රහක් නැති අඩි 6 ක් විතර උස ටියුබ් ලයිට් ඩයල් එකක් හිටියා ඉස්සර..මේ කථාව පටන් ගත්ත ගමන් නතර කරලා තියෙන්නෙ ෆිල්ම් එකක් බලන්න වෙන්න බෑ..ඇත්ත කියහං...ගවුම් කෑල්ලක් ආවා නේද ගේ දොරකඩට....

    ReplyDelete
    Replies
    1. ශ්.......ශ්....... ශ් හෙමින් හෙමින්.. කාටවත් කියන්න එපා.. එව්ව කල් දාන්න ඇහැකි වැඩ නෙමෙයි නෙ සිරා.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  22. දුම දෙක බලලා ආපහු ආව මොකාද මේ කෙවින් කියලා බලන්න.

    මම ආසම නලු බට්ටෝ දෙන්නෙක් තමයි Kevin Bacon සහ Kevin Costner.

    ReplyDelete
    Replies
    1. කෙවින් කොස්ට්නර්... අන්න නළුවො.

      Delete
    2. @ඩූඩ්
      ශහ්ඃ.. කඩවසම් නෙමෙයි සුපර් මාකට්වසම් කොල්ලො නෙ.

      @ඩ්‍රැකී
      ඒක නෙවේ නං

      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  23. දෙකත් බැලුවා එකත් බැලුවා අයියා ඉක්මනට තුනත් දාන්ට (තිත් දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete
    Replies
    1. හෑ... දෙකත් බලලා එකත් බැලුවනං ඉතින්.. ඔන්න තුනත් බලාන්ට..
      විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා..
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  24. අග ඉදන් කියවන් ආවේ.. එල

    ReplyDelete
    Replies
    1. බොලා ඉතින් කොහොමත් ෆෘට් සැලඩ් නෙ..
      එල එල..
      හෙහ් හෙහ්...
      ජයවේවා..!!

      Delete
  25. අපෙත් බැචෙක් ඉන්නවා පොලා කියල.. ඌට නම් ඔලුවට පොල් ගෙඩියක් වැටිලා වගේ පිස්සු කෙලින නිසා තමයි කාඩ් එක ඔලුවට පොල් හෙවත් පොලා උනේ.. 4 දැක්කම තමයි මතක් උනේ මේක කියෙව්වේ නෑ නේද කියල.. පහුගිය ටිකේ මගෙත් ඔලුව ටිකක් විතර පොල් වෙලා නේ හිටියේ.. ඔන්න දුමට සෙට් වුනා එහෙනම් එකෙන්ම..

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ බොලා දුම් දාගෙන එහාට මෙහාට දුවනකොට මෙහෙ හෙමින් සැරේ දුම් දැම්මෙ.. එළ..
      ජයවේවා..!!

      Delete