Wednesday, March 9, 2016

දුම (4)



දුම
දුම (2)
දුම (3)

ඔබට අතීතය වන දෙය තවකෙකුට වර්තමානය විය හැක.වෙනකෙකුගේ අනාගතය ඔබගේ වර්තමානය විය හැක.කාලය යනු අරුමයක් පමණි.
                                                                             -කෙවින්-

'උඹ අහල තියෙනවාද නැස්කා චිත්‍ර?' පොලා ඇහුවා

'ඔව්.. අර පොලොවෙ කානු වගේ හාරලා තියෙන ඒවනෙ.. උඩින් බැලුවොත් විතරයි පෙනෙන්නෙ.මොනවද බං ඒ?'

යන්තං මූ මම අහල වත් තිබුන දෙයක් ගැන කියවන්න පටංගත්තා..

අපේ නුවර එළිය පැත්තෙ කන්දක ගලක තියෙන ද්වාර ලක්ශණයි පේරූ රටේ ඒ වගේම කන්දක ගලක තියෙන ද්වාර ලක්ශණයි එකම ගණිතමය අනුපාතයක් කියල උඹල දන්නවාද?

ලංකාව ගුරුත්වාකර්ශණය අඩුම රට බවයි පේරූ වල සාපේක්ශව ලොකු ගුරුත්වයක් තියෙන බවයි උඹලා දන්නවාද?

'මොනවද බං කියන්නෙ? හා එහෙනං  අනුරාධපුරයෙ විශාලම චයිත්‍ය තුනයි, ඊජිප්තුවෙ ලොකුම පිරමීඩ තුනයි, අහසෙ තරු තුනකුයි එකම හැඩේකට පිහිටලා තියෙන්නෙ කොහොමද?' ඔන්න කිරා ආතල් ගන්නයි හදන්නෙ..

'නිකමට හිතල බලපං... ඔව්වගෙ සම්බන්ධ තියෙන්න පුළුවං.. වැඩිය කියෙව්වොත් උඹල හිතයි මට පිස්සු කියලා'

පොලා කලකිරුණු හඬකින් කියවන්න ගත්තා..

'අඩේ උඹට පිස්සු කියල අපි දන්නවානෙ.. ආයෙ මොනවයි අමුතුවෙන් හිතන්නෙ..'

'ආතල් කුඩු කරගන්නැතුව ඉඳහන්.. '

කියලා මම හෙමින් සින්දුවක් දාගන දැහැන්ගත උනා..



පහුවදා කැලෙන් එලියට ආවත්,ඉතුරු දවස් තුන එහෙ මෙහෙ ගියත් අපි අතර අමුතු නොසන්සුන් කමක් ගොඩ නැගුනා.කොයිවෙලෙත් බුම්මගෙන කල්පන කර කර හිටපු පොලාම අන්තිමට මහ බලු කතා ගොඩක් කියලා උගෙ බෑග් එකත් අරන් ඒ වෙනකොට නැවතිලා හිටපු හෝටලෙන් යන්න ගියේ ආපහු අපේ මූණවත් බලන්නෙ නැතිව.
කිරයි මායි අතරෙත් ආයෙ කතා නොකරන මට්ටමේ වචන හුවමාරුවක් උනේ හිතාගන්න බැරි විදිහට..

ඒ පිටම තමයි මම විදෙස් ගත උනේ.

..............................................

මධුවිතයි කතා බහයි එක්ක ටිකෙන් ටික කල් ගෙවෙන ගමන් මගෙ මේ ලිවිල්ල කිරා දැක්කා.හදිසියෙන්ම මට අතීත කතා මතක් උන හැටි.. ලියන්න හිතුන හැටි.. දැං ඇබ්බැහියෙන් වගේ දින පොත වගේ ලියන හැටි මම උට කිව්වා.. ඇත්තටම පහුගිය කොල කෑලි ටික මිනිහට කියවන්නත් දුන්නා.

'උඹට පොඩි දේත් මතකයිනෙ..' ඔන්න ඔච්චරයි මේ හරකා කිව්වෙ..

වේගෙන් ආපු ජීප් එකක් නවත්තපු සද්දෙට අපි දෙන්නම බැල්කනියෙන් පහලට එබුනෙ මේ මොකදෑ මේ කියල බලන්න.
විනාඩියෙන් අපේ දොරට තට්ටු කරපු වේටරයෙක් ආයෙත් දුන්න කොල කෑල්ලක්.

'මචං.. මේ පල්ලෙහා වාහනේට වරෙන්'

යකෝ මෙච්චර දුරක් ගෙවාගෙන ඇවිත් මුට බැරිද මෙතෙන්ට එන්න..?

'බෑ' කියල ලියලා මම කොලේ ආයෙ වේටරයට දුන්නා.

'ඒ සර් කිව්වා බෑ කියයි කියලා.සමාවෙලා එන්න කියන්න කිව්ව බෑ කිව්වොතින්.බෑග් ටිකත් අරන්ම යමු සර්'

'බෑ.. උට ඕන නං උඩට එන්න කියන්න.අපි එන්නෙ නෑ.එච්චරයි'
කියල කට ගන්න හම්බුනේ නෑ එතකොටම..

'මට සමාවෙයං..'

ගාම්භීර සද්දෙන්,තෙත් උන ඇස් වලින් අපි දිහා බලාගෙන පොලා..


කණට ගහන්න තරම් ආවේගයක් ආවත් අපි වැලඳගෙන හිටිය සෑහෙන වෙලාවක්.

රවුල කොණ්ඩෙ කපලා... ලස්සන ඇඳුමක් පිලිවෙලට ඇඳලා... මූ ලස්සන වෙලා..

'ඇයි මේ....?' කුතුහලය ඉවසගෙන ඉන්න බැරිම තැන මම ඇහුවා.

'ඒක තමා.. ඇයි උඹලා ආවෙ.. හ්ම්ම්ම්ම්ම්..... ඇයි මේ....... කොහොමද කියන්නෙ..
හරි.. මම ගිහින් කියන්නම්.'

'කොහෙ ගිහිං ද?' කිරා ටිකක් තදින් ඇහුවා.

'වැඩි දුරක් නෑ..'

එහෙම කිව්වට තව පැය දෙකක්ම කිසි කතාවක් නැතුව නුවර එළියට යන පාරෙ අපි වාහනේ ගියා.
හදිසියෙන්ම පාර අයිනෙ තිබුනු හෝටලේකින් වාහනේ නවත්තනකොට මම පිටිපස්සෙ සීට් එකේ තිබුනු ෆයිල් දෙකක් තුනක් කියවලා ඉවරයි.එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති කොල අස්සෙ මැණික් ගැන,කැසීනෝ ගැන විස්තර පත්‍රිකා ගොඩක් තිබුනා.. මූ මොනවා කරනවාද මන්දා..

..............................................................

'ලෝකෙ ගොඩක්ම විකිරණශීලී මැණික් ජාතියක් ඒකනයිට් කියන්නෙ.බොහොම දුර්ලභයි.
ඒත්....ඒක ලංකාවෙ දුර්ලභ නෑ.... දැනට ලෝකෙ ලොකුම සයිස් ඒකනයිට් ලැබෙන්නෙ ලංකාවෙන්.ඊට අමතරව  තෝරියනයිට්,මෙටාමික්ට්,ඇලනයිට් වගේ මැණික් ජාතිත් අපිට හම්බෙනවා.'

සිසිල් බීර බඳුනෙන් තොල් තෙමාගෙන පොලා කතාව පටන් ගත්තා.

'උඹ දැන් මැණික් බිස්නස් ද කරන්නෙ? බොට හරි ගිහින් වගේ නේද? සංතෝසයි කොල්ලෝ' මම බොක්කෙන්ම ආපු හැඟීම කිව්වෙ.

කිරා මුකුත් නොකියා බලාගෙනම හිටියා.. ඌ මොකක් හරි ඉව වැටුනු ගානට හිටියෙ.
'උඹ බිස්නස් වලට අමතර දේවලුත් කරනවා නේ?'
හදිසියේම පොලා දිහා බලාගෙන ඌ ඇහුවා.

'ඔව් බං.. කැසිනෝ.. මට සල්ලි හදිස්සියක් උනාම කොරන්නෙ ඒක.'
'මම දිනන හැටි මට දැනෙනවා..මම හිතල කරන දෙයක් නෙමෙයි.පස්සෙයි හොයාගත්තෙ.'
පොලා බොහොම සැහැල්ලුවෙන් කියන්න ගත්තා..
මගෙ බඩ සීතල උනා.. මේක මොනව කලත් සූදුවට පට්ට විරුද්ධවනෙ හිටියෙ..

'එතකොට උඹ තමයි එදා මරීන එකේ රැඟුවෙ?? හැබැයි කොණ්ඩෙ රැවුල වවාගෙන.. මට සැක හිතුනා.. ඒත් මට උඹට කිට්ටු කරන්න තත්වයක් තිබ්බෙ නෑ'

'හ්ම්ම්ම්ම්..... ඔය ඔක්කොටොම ලොකු හේතුවක් තියෙනවා... මම පැහැදිලි කරන්නම්.

මචං උඹ කියන එව්ව මම ලියනවා.. කැමති උනත් නැතත්..' මම ලියන්න පටන් අරන් කිව්වා..


'හෙහ් හෙහ්... කවදාවත් ඩයරි නොලියපු උඹ මේ කතාව විතරක් ඕනකමෙන් ලියන්න පටන් ගත්තෙ ඇයි? උඹට එකපාරටම දැනුනා නේද? ඇත්ත කියපං'

'ඔව්.. මම දන්නෑ.. මට දැනුනා මේක ලියන්න.ඒත් මම දන්නෙ නෑ මම මොනවද ලියන්නෙ කියල .. තොගෙ මේ අණ්ඩර වැඩ හින්ද මට පිස්සු වගේ යකෝ..'
මගෙ සද්දෙ වැඩි උනාද මන්දා..


උඹට ලියන්න හිතුන වගේ.. මට උඹල එන බව දැනුනා.
ඒත් මහරගමින් හම්බෙනකන් මම දැනගෙන හිටියෙ නෑ උඹල එයි කියලා.
මම එතෙන්ටම ආපුවාම තමා මම දැනගත්තෙ මම තමයි උඹලව ගෙන්නුවෙ කියලා..
දැන් ආපහු හැරෙන්න බෑ...
අපිට වෙලාව තියෙන්නෙ එලිවෙනකන් විතරයි...'

කිරයි මායි මූණෙන් මූණ බලාගත්තා.


'මේ කතාව අද දවසේ මිනිස්සුන්ට පිස්සු කතාවක්.මවා ගැනීමක්....
කවුරුත් විශ්වාස කරන එකක් නෑ..
ඒකයි මම ම වැඩේට බැස්සෙ.'
පොලා රහසින් වගේ කියන්න පටන් ගත්තා..

'මචං ලංකා භූමියේ මේ වෙනකොට ලෝකෙ තියෙන නවීනම පර්යේශනාගාර ස්ථාපිත වෙලා තියෙනවා..ඒවගෙ අති නවීන පරීක්ශන කෙරෙනවා.. හැබැයි බොහොම රහසිගතව.'

'උඹ දන්නවාද හඩ්සන් ඵලය?' පොලා හදිසියෙ මගෙන් ඇහුවා..

'අර ටෙස්ලගෙ පරීක්ශනේ නෙ? '

'ඔව්.....මීට අවුරුද්දකට කලින් ඒක මෙහෙ සාර්ථක උනා..'

'මොකක්...?'

'කලබල වෙන්න එපා...ඒක ආරම්භයක් විතරයි.
මේ වෙනකොට මේ ලෝකෙ තියෙන ලොකුම රහසක්... ඔව්... ලොකුම රහසක් උඹලට මම කියනවා... ලෝකෙට මෙච්චරම ලංකාව වැදගත් ඇයි කියලා මම කියනවා...

මේ වගේ දේවල් කියන අයට කියන්නෙ මානසික රෝගීන් කියලා.
සායනිකව නමකුත් තියෙනවා...
ඒත් උඹ දන්නවාද ඔය ලෙඩ රෝග හොයාගන්න වාර්ථා කොච්චරක්,එව්වට ෆන්ඩ් කරන ඖෂධ කොම්පැණි වලට ඕන විදිහට දත්ත වෙනස් කරනවාද කියලා..?
ඒ කොම්පැණි පිටිපස්සෙ ඉන්න ඔත්තු සේවා කොච්චර තදට විහිදුන ඒවද කියලා...?

එක පාරටම මිනිහෙකුට ක්ලික් වෙන්නැති දේවල් හොයන තමුන්ට පාලනයක් නැති මිනිස්සු කරන සොයාගැනීම් වල වලංගුබව නැති කරන්න විවිධ මත සමාජගත කරන්න මොවුන් කොච්චර සංවිධානාත්මකව දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවාද?

ලෝකෙ එලියට දාන තාක්ශනේ ඇත්තටම හොයාගන තියෙන තාක්ශනේට වඩා කොච්චර පරණ දෙයක්ද?????'

ජනේලයෙන් පෙනෙන අහසෙ ඈත තරුවක් දිහා බලාගෙන පොලා කියන දේවල් මම ලියාගෙන ලියාගෙන ගියා..

'මතකද මම තරහ වෙලා ආව පොඩි එකෙක් වගේ.මේව දරුණු වැඩියි බං..  ඒකයි එදා උඹලව මගෙන් ඈත් කලේ... ඒත් හරි ගියේ නෑ.. අන්තිමේ උඹලවත් එලිදරවු උනා..
පරක්කු වැඩියි මචං මම දැනගන්නකොට...
උඹට ලියන්න හිතුනෙ නිකන් නෙමෙයි.. මේ කොල කෑලි...

...............................................................................................

එතනින් ලියල තියන දේවල් ඉවර වෙලා...


ඩොක්ටර් වීරසිංහ එක දිගටම ෆයිල් එක කියවගෙන ගියා...


මීට කාලෙකට කලින් එයාගෙ ඇස් ඉස්සරහ වෙඩි ප්‍රහාරයකට මූණදීපු තරුණයන් තුන්දෙනාගෙන් දරුණු තුවාල ලබලා ඒත් පණ බේරුනු එකම කෙනා ඩොක්ටර් වීරසිංහ යටතේ මානසික රෝහලේ ඉන්න බව කතාබහෙන් එලිඋන විගසින්ම වගේ නුවර එළිය පැත්තෙ හෝටලේක මැනේජර් උන ඩොක්ටර්ගෙ මිත්‍රයා මේ ෆයිල් එක දුන්නෙ බොහොම රහසිගතව.
එකපාරටම පිටින් ආපු මැරයෝ කොල්ලො තුන්දෙනාට  වෙඩි තියන අස්සෙ මේ ෆයිල් එක තමුන්ගෙ දිහාට ඒ තරුණයෙක් විසිකරපු සිද්ධිය එයා කාටවත් කියල තිබුනෙ නෑ..

ඩොක්ටර්ගෙ ඇස් දෙක පුදුමයෙන් විශාල වෙලා තිබුනා..


?ඇම්බියුලන්ස් හඬට බයවෙලා ඒ ස්ප්ලයි යනව අන්න සප්ලයි යනවා කිය කිය කෑ ගහන කෑ ගැසීම්..

?මිනිස් මනසට විධාන නිකුත් කරලා සිතුවිලි පාලනය කරන යන්ත්‍ර

?ඉවක් බවක් නැතිව මිනි හයිඩ්‍රො ප්ලාන්ට් නාමයෙන් කෑලෑ අස්සෙ හදන රසායනාගාර,පරීක්ශනාගාර ගැන කියන කතා...

?භාවනාවෙන් මානසිකව එකතු වෙලා ශක්ති ප්‍රභව බලාත්මක කරන කතා..

?මැණික් වර්ග භාවිතා කරලා ගුරුත්වය බිඳ හෙලන කතා..

?මුළු ලෝකෙම ශක්තිය පාලනය කරන කතා..

?රෙදි රෝල් අස්සෙ ආයුධ ගේන කතා..

?පරිප්පු අස්සෙ විස එවන කතා..

?විශාල දේවාල හදන.. ඒවගෙ ඇතුලෙ යන්ත්‍ර ස්ථාපනය කරන කතා..



තමුන්ගෙ රෝගියා 100%ක් විශ්වාසෙන් දොඩවන මේ ඔක්කොම ඩොක්ටර්ගෙ කන්දෙක ඇතුලෙ දෝංකාර දෙන්න පටන් ගත්තා.. තමුන්ගෙ ඔලුවෙන් දුම් පිටවෙන ගතියක් ඩොක්ටර්ට දැනෙන්න ගත්තා....


නිමි..

53 comments:

  1. ඒ ඉස්පිරිතාලේම මාවත් ඇඩ්මිට් කරහන් මචන්.. මටත් දැන් නිකම් කොයිල් කොයිල් වගේ..

    ReplyDelete
    Replies
    1. හොයන් ඇවිත් ගිණිනිබිඳියි... පරිස්සමෙන්.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  2. උඹ ලියලා තියෙන විදිහට මං කියන්නේ නගරාන්තර ක්‍රමය කියලා.... ඒ තරම් ඒක ස්පීඩ්... ඒ වගේ ම මේ විදිහට කතාවකට ඒක එළස් කියලත් කියන්න ඕනේ.... ලංකාව කොහොමත් ඉතින් වැදගත්නේ බං.... පේන්නැද්ද,,,,?????

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි.ලංකාව වැදගත්.. ඉන්න උන් කොරන වැඩ නම්... අනේ මන්දා.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  3. ආයේ කියවන්ඩ වෙනවවවවවවා

    ReplyDelete
    Replies
    1. 'මෙතෙක් කතාව' කෑල්ලක් දාන්ඩ වෙයි වගේ..
      ජයවේවා..!!

      Delete
  4. දැන් මට කොයිල් වගේ , අපිත් එක්ක තරහක් තියෙනවද උඹට මෙහෙම අන්ද කයිප්පු කවන්නේ අපිට

    ReplyDelete
    Replies
    1. යේක මේමයි... අපිලා විශෙන් විශ නශන්න තමා ඇදුවා... හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  5. පැය බාගයක් තිස්සෙ සම්පූර්ණ කතාවම ආපහු කියෙව්ව.
    ටෝටලි අන්දකයිප්පු කෑව වගේ හැබැයි සුප්ප...
    මේ පෝස්ට් එක අර රාවණා කාරයන්ට හම්බුනොත් උනුත් කෑ ගහන්න ගනී මේම සීන් කෝනුත් ලංකාව ඇතුලෙ වෙනව කියල
    බලාගෙන හිහි

    ආයෙත් මේ වගේ පස්ට ස්ටෝරියකින් ඉක්මණටම හම්බෙමු
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හුහ්. ඕව මොනවද ලෝකෙ ඔක්කොම කරපු තරමක් කලේ අපේ හෙල රාවණා
      තමයි

      //He invented lot of technology. King Ravana was the Founder of Civilzations like Maya Atex in South America, Egypt in Middle East. At that time he was like the Emperor who controles 10 states.///

      http://www.djchar89.byethost4.com/?ckattempt=1

      :- DDDDD

      Delete
    2. ශහ්ඃ.. මහේශ් එකෙන්ම බැහැල නේ.. සංතෝසයි... ලියමු ලියමු..

      @Pra අන්න ඒකනෙ කියන්නෙ... අපි තාම හිතාගෙන ඉන්නෙ අපි ලොක්කො කියලා.. හෙහ් හෙහ්..(ප්‍රා රාවණාගෙ නෑයෙක්ද හැබෑට?)
      ජයවේවා..!!

      Delete
  6. //ඉවක් බවක් නැතිව මිනි හයිඩ්‍රො ප්ලාන්ට් නාමයෙන් කෑලෑ අස්සෙ හදන රසායනාගාර,පරීක්ශනාගාර// ඉලව්වයි...

    සෑහෙන්න බොන්න වෙනව මේ ටික කියෝල තේරුං ගන්නනං. ඒත් නියමයි.

    ReplyDelete
    Replies
    1. සෝඩ ටිකක් වැඩියෙන් දාල... අයිස් කැටයක් උඩින් දාල.. ටකට ටකට ටකස් ගාල.. තේරුම් ගමු අයියෙ දැං.
      ජයවේවා..!!

      Delete
  7. Mulinma hodin liyagena awath awasanaya tikak withara apahadili wage. bandata passé mole kuruwal wela wage gathiyak penne mata witharada manda........?

    ReplyDelete
    Replies
    1. උඹ බැඳල උඹට වෙච්ච දේවල් ඔක්කොම මට වෙන්න ඕන නෑ නෙ බං.. තව කොටසකට නොයා ඉවර කරන්න හදපු එක අවුල් වෙලා වගේ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  8. පොඃ, යකෝ මෙහෙම කතාවක් කවදාවත් අහල තිබුනේ නෑ. නියමයි. පොඩි ටෙලි නාට්ටි කෑල්ලකට ගැලපෙනවා. අම්මපා උඹ දන්න ඒ වගේ එකෙක් එක්ක කතාකරලා බලපන්කො.

    ReplyDelete
    Replies
    1. ආහ්... නළුවොත් ඉන්නව 225ක්.. ආ වැරදුනා.. නළුවො නෙමෙයි මොළ..
      හෙහ් හෙහ්
      අනේ අපට මොන ටෙලිද.. තියෙන බ්ලොග මදෑ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  9. ආචාර්ය රොහාන් පෙතියාගොඩ ට අයත් පෞද්ගලික පර්යේශනාගාරයක් ආගරපතනේ තිබෙමි. එහි ඔබ කියනා රහස් වැඩ නම් වෙන්නේ නැත....

    ReplyDelete
    Replies
    1. එතුමගෙන් අහල බලන්ටොනැ.. මිනි හයිඩ්‍රොප්ලාන්ට් හිංදා අපේ මාළුන්ට වෙන්නෙ මක්කදෝ කියලා..
      මම අහන්නම හිටියෙ සාරසතුමෝ.. ඔය ඩී.සී.ඩී එහෙම හොයාගන්න අපේ රටේ රසායනාගාර මදිද? ඇයි සිංග යවන්නෙ?
      ජයවේවා..!!

      @Pra ඒ කියන්නෙ ආචාර්ය නෙමෙයි කියලද?

      Delete
    2. අන්සු මාත්‍ර DCD දැයි සෙවීමට HPLC නැමැති ක්‍රමය යොදා ගැනේ....

      ඒ සඳහා High Performance Liquid Chromatograph යන්තරයත් විශේශිත Column සහ standerds තිබිය යුතු ය.

      සින්ජොප්පූරුවේ ඔවැනි සාම්පල දිනපතා කරනා රසායනාගාර ඇත....

      ඒවා ට එම සඳහා international quality assurance certificates ලැබී ඇත...
      එම නිසා ඒවායේ ප්‍රතිපල ලෝකයේ පිලිගැනීමකට ලක් වේ.
      මා දන්නා හැටියට එවැනි quality assurance certificates ලැබූ රසායනාගාර ලන්කාවේ නැත

      Delete
    3. ටැංකූ... රසායනාගාර ටිකක් හදලා.. අරිශ්ඨ,ගුලි චූර්ණ වල ඇතුලාන්තය හොයන,එංගලන්තෙට ගෙනිහින් තියෙන පුස්කොලපොත් වල තියෙන වට්ටෝරු එලිපිට අපේ අයම චෙක් කරන රටක් ගැන හීනයක් තියෙනවා කියන්නකො.. හොඳ වෙලාවට හීනයක්..

      Delete
  10. කේරලින් ගෙනත් දුමක් දැම්මා වගේ.. හැබැට ඔය කියන කාරනා වල සත්‍යයක් තියෙනවද කියලා ටිකක් නිවී සැනසිල්ලේ පැහැදිලිව ලියපන්කො.. :)

    ReplyDelete
    Replies
    1. කේරළ ඒවා ඈක්කා.... මොරොක්කෝ එකක් නං තියෙනවා සනීපයි.. මාස ගානකින් රහ බලල නෑ ඔන්න..හෙහ් හෙහ්. මෙව්වා හොයල බලන එක උඹලට නම් නතිං... හෙහ්
      ජයවේවා..!!

      Delete
  11. මුල හරියෙදි මම කියෙව්වෙ ඉසබෙලා අය්‍යන්දෙගේ බූතය වැහිල කියල​ හිතාගෙන​

    ReplyDelete
    Replies
    1. හෑ....කාගෙ මොකා කිව්ව..?? අපිට වැහෙන්නෙ දේශීය භූත්යෝ හරිය ඇනෝ.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  12. මේක ලියපු උඹට පිස්සුද නැත්නම් කියවපු මට පිස්සුද කියලා සියලු වැඩ නවතා කල්පනා කරමින් සිටිමි !

    ReplyDelete
    Replies
    1. ලියපු මට එකෙන්ම පිස්සු... පිස්සෙක් ලියපුවා කියවපු උඹට ඊට වඩා පිස්සු... එකෙන්ම.. එකෙන්ම..හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  13. https://en.wikipedia.org/wiki/Hill_figure

    ReplyDelete
    Replies
    1. ආ.. මේ තියෙන්න බඩු.. මට පෙනෙන්නෙ ප්‍රා මේ සබ්ජෙක්ට් එකට ටිකක් උනන්දුයිද මන්දා.. මතකද ඉස්සර ආතර් සී ක්ලාක් මහත්තයාගෙ වැඩසටහනක් එහෙම ටීවී එකේ ගියා..හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  14. මේ තියෙන්නේ මගේ අතද නැත්තම් අතක්මද කියල කියනවද?? පික්සු පිකදු උන අය්යෝ... මොකද්දෝ හදිස්සියක් තිබ්බද මන්ද. එක්කෝ මුල ටික ඇදුනා වැඩිද?? නමුත් තේමාව නියමයි...

    මට මතක් වෙන්නේ යාය -4 කියල ගියපු ටෙලියක්.

    ReplyDelete
    Replies
    1. මේ අත මගෙ අත මට හයි උන අත.. ඒත් අත කියන්නෙ අත මද?
      හෙහ් හෙහ්
      ඇත්තටම මම අතදික්කොරල පෙන්නන්න හිටපු පැති වලට දේශකයයි,වෙදගෙදර මහ වෙදනයි බොහොම පිළිවෙලකට ගවේශණාත්මකව යනවා.
      මම ඒ ටෙලිය බලල නෑ බං..
      ජයවේවා..!!

      Delete
  15. උඹ හොඳ වෙලා ආවට පස්සේ උඹට බෙහෙත් කරපු ඩොකා ඒ වාට්ටුවෙම ඇඩ්මිට් වෙලා වෙන ඩොකෙක්ගෙන් බෙහෙත් ගන්නවලු...

    ReplyDelete
    Replies
    1. විශම චක්කරයක්..විශම චක්කරයක්..
      ලොකු පුතා කැලේ කොලේ බඩගානකොට මෙහෙම ඒව දැක්කෙ නැතෙයි..??
      ජයවේවා..!!

      Delete
  16. හායි හරියටම මාසෙකින් නේද ?

    අන්තිම කොටස කියෙව්වට මොකද මුල ටිකත් ආයේ කියවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. යන්තම් දණි පනි ගාගෙන මාසෙන් හරි ආවනේ.... හෙහ් හෙහ්..
      අද එතැන් සිට කොටහක් දැම්මනං හරි තමා..
      ජයවේවා..!!

      Delete
  17. Replies
    1. මරු ගෙන් බේරිලි බොරු...
      හෙහ් හෙහ්.. තැන්කූ වේවා
      ජයවේවා..!!

      Delete
  18. වර්ණනා විස්මාකාරයෙන් ටෝටලි ලාංතරස් උනෙමි.මාස ගාණකට කතාවක් ලියාගන්නට ලැබේදැයි සැකයක් ඇතිවේ.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක තේරුම් ගන්න ගිහිං ගස්ලබ්බගෙ කන්දෙකෙන් දුම් දැම්මා නෙ හැලපයියෙ.. සිරාවට තේරුනේම නෑ.. හෙහ් හෙහ්..
      ජයවේවා..!!

      Delete
  19. Replies
    1. හා.... තැන්කූ ඩොක්. මේ තියෙන්නෙ සායනික වචනෙත්...
      හැබැයි මම කියල නෑ මේවා කෙවින්ගෙ ඇත්ත අත්දැකීම් ද? මවා ගැනිලිද? දොස්තර වීරසිංහත් රෝගියෙක්ද කියලා...
      පොඩ්ඩක් ඉන්න.. එතකොට ගස්ලබ්බද...???
      හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  20. අනේ මටත් වෙඩි තියපන්කෝ කවුරුහරි ඇවිත්....මට පිස්සු මේක කියෙවුවට පස්සේ.....

    රාවනා නැගිට්ටට පස්සේ පොරට කියලා අණ්ඩුවේ ජොබක් ගන්න නේද තෝ මේවගේ කතා ලියන්නේ....

    ReplyDelete
    Replies
    1. තල්මස් දඩයම නීති විරෝදී බං.. නැත්තං උඹට වෙඩි තියන්න තිබුනා.
      රජයේ රැකියාවක තියෙන ආනිසංස දැක දැක නිකං ඉන්න ඇහැකිය.. මාත් ලාවට කඩේ ගියා.. නැගිට්ටට පස්සෙ විකුණගන්නවා ලෙසටම..
      ජයවේවා..!!

      Delete
  21. උඹේ ප්‍රතිභාව මාරයි බං...!

    ReplyDelete
  22. හොදට හිටපු ඔයාට මොකෝ මල්ලි උනේ එකපාරටම....? මේක කියව්වාම නිකන් ඩොපෙ වගේ සෝඩා නැතුව

    ReplyDelete
  23. අම්මට හුඩු....මේක කියෙව්වහම විශ්කි බෝතලයක් ගුඩු ගුඩු. ගාල බීගෙන ගියහැකී........
    කොහොම හරි අයියෙ කතාවෙ තියන අමුතු........කියන්ඩ නොතේරෙන....මොකක්ද එකට මම හරි කැමතී...

    ReplyDelete
    Replies
    1. ආ... එල එල... එහෙම ගතියක් දැනුනා කියන්නෙ ගස්ලබ්බට රොම්බ සන්තෝශම්..
      ජයවේවා..!!

      Delete
  24. දුම(3) කියවන්ට එද්දි දුම සහ දුම(2) කියවලා එන්ට වුනා දැන් දුම(4) කියවන්ට ආවාම දුම දුම(2) දුම(3) ඔක්කම කියවලා එන්ට වුනා වැඩිම වාර ගාණක් කියවපු කතාව සම්පුර්ණයෙන්ම ලියලා ඉවරකරලා තියෙනවා දැක්කම හිතට දැනෙන සතුට සල්ලී වලට ගන්ට බෑ මහත්තයෝ (තිත්දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete
    Replies
    1. සතුටුයි නං එච්චරයි රංගන සහෝදරයා.. සොරි වෙන්න ඕනෙ පරතරේ ටිකක් වැඩි උනාට.
      ජයවේවා..!!

      Delete
  25. (මිනි හයිඩ්‍රො ප්ලාන්ට්,හඩ්සන් ඵලය.ටෙස්ලගෙ පරීක්ශනේ) රෑ ගහපු පැට්ටට දැන් වැදුන වගේ....

    ReplyDelete
    Replies
    1. තනියෙන් ගැහුවද? ඇන්න වර මේ පැත්තටත්..
      ජයවේවා..!!

      Delete
    2. ඇන්න එන්නම් වෙලාවක

      Delete