Friday, August 26, 2016

ආදරෙයි මං..







               එන්න එන්න දරදඬු ගැහුනා
               නුඹේ ගතටත් වඩා මගේ හිත
               දාල එන්නෙ නම් නෑ
               කොහොමත්
               අපේ පිල උඩට එනකන්
               නොතෙත් දරදඬු
               ඒ හිත්වලට වඩා
               පොඩි හරි හයියක්
               තාමත් මගේ හිතට දෙනව
               ඔයා
               ටිකින් ටික හයිය වෙලා
               ආදරෙන්...




නිමිත්ත : මියගිය තම බිරියගේ මලසිරුර ප්‍රවාහනය කිරීමට රථයකට මුදල් ගෙවීමට නොහැකි හෙයින් කර මතින් කිලෝමීටර හැටකට වඩා දුර මලසිරුර කර තබා යන්නට පිටත් උන ඉන්දියානුවෙක්.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

59 comments:

  1. Replies
    1. අඩෝ බොට අහසිං යන්න ඕන වෙලා ද? හැක්..

      Delete
    2. හැක් හැක්. මටත් ඕන ඒක තමා.

      Delete
    3. ආ.. කසුන ගගණගාමී ද?

      ප්‍රසාගේ තිත වෙනුවට කසුනාගේ හිස්තැන.
      ජයවේවා..!!

      Delete
  2. දැක්කා මේක... හරිම දුකයි

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.. හිතාගන්න බැරි උනා..
      ජයවේවා..!!

      Delete
  3. හිතක් දරදඩු උනාම කරන්න බරි දෙයක් නෑ... ඒ ආදරය, වෛරය, මේ ඕනෙම එකක් වේන පුලුවන්...

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් හරියට හරි.. දැඩි ආවේගයක් හිතට දැනිල දරදඬු වෙනවා කියන්නෙ නිකන් මෝහනය උනා වගේ තමා..
      ජයවේවා..!!

      Delete
  4. මමත් මේක බැලුවා හරිම දුක්බරයි

    ReplyDelete
    Replies
    1. ගැස්සිලා ගියා දැක්ක ගමන්... සමාජයකට මීට වඩා පහලට වැටෙන්න බෑ
      ජයවේවා..!!

      Delete
  5. මමත් මේක දැක්කා. මිනිස්කම බල්ලටම ගිය අවස්තාවක්. මට මතක් වුනේ මයිකල් ජැක්සන්ගෙ මේ වචන පෙල...
    All I want to say is
    they don't really care about us...

    ReplyDelete
    Replies
    1. //they don't really care about us...//
      හරියටම හරි..
      ජැක්සන් ගොයියා හූ කියනවා කියල බැන්නට සිංදු වල වචන දැකපු කෙනෙක් නම් ආයෙ බණින්නෙ නෑ..
      ඒ මනුස්සයා හූ කිය කිය කියපු දේ තාමත් අපට තේරිලත් නෑ
      ජයවේවා..!!

      Delete
  6. Replies
    1. ඉස්තූතියි ඉකොනො.. ඒ ටික ගලපන්න හිත හයි කරගන්න නම් ටිකක් අමාරු උනා..
      ජයවේවා..!!

      Delete
  7. Replies
    1. දුකට එහා ගිය අමුතු හැඟීමක් දැනුනෙ..
      ජයවේවා..!!

      Delete
  8. ඉන්දියාවේ ඔය වගේ දේවල් මීට කලිනුත් මම මාධ්‍යවලින් දැකලා තියෙනවා. දුකයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට ඉදිරියටත් දකින්න ලැබෙයි.. ඒකයි අවුල
      ජයවේවා..!!

      Delete
  9. මාත් මේක බැලුවා. මම හිතුවේ ලංකාවේ කියලා. එහෙම බැලුවාම අපේ මිනිස්සු රත්තරන්. විශේෂයෙන් ත්‍රීවිල් මහත්වරුන්.

    ඔය වීඩියෝ එකේ තව කෙල්ලෙක් ඉන්නවා. මම හිතන්නේ දුව වෙන්න ඕන. මම සසල උනේ ඒක දැක්කාම. මොකටද බං මෙහෙම ලෝකයක ජීවත් වෙලා.

    ReplyDelete
    Replies
    1. මාත් මේ අහන්න හැදුවෙ කෝ අයිනෙන් යන මේ දෙන්නගෙ දුව කියල..සංසාරෙත් එක්ක එපා වෙනවා.

      Delete
    2. @මාතලං
      අනිවාර්යෙන්ම.. ගස්ලබ්බවත් ඇක්සිඩන්ටුව හැප්පුනු ගමන් වටවෙලා බේදයක් නැතුව උදව් කලේ ත්‍රීවීල් සෙට් එකක් තමයි.ලේ ,මඩ බලන්නැතුව වාහනේට දාගෙන ගිහින් ඉස්පිරිතාලෙන් දාන ලොකු ලයින් කාගෙන ඇඩ්මිට් කරලා අතිං කයිට් කරගන්නවා දෙපාරක් හිතන්නෙ නැතුවම.
      තෙත් වෙන්නැති හිත් තියන තැනක මොන ජීවිතයක් වත් නෑ බං අයියෙ..

      @ලොකු පුතා
      මෙන්න මගේ වැට
      +++++++++++++++++++++++++++++

      @පත්තරේ
      ඒ දුවත් ඉන්න ෆොටෝ එක කොහොමෙයි බං දාන්නෙ? සැර අඩුම එකක් බලලා දැම්මෙ මේක.
      ජයවේවා..!!

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  10. ලියන්න දෙයක් හිතාගන්න බැහැ. අපි ඉන්නේ නරුම ලෝකයක.

    ReplyDelete
    Replies
    1. ඒක වෙනස් කරගැනීමත් තියෙන්නෙ අපේම අතේ..
      ජයවේවා..!!

      Delete
  11. මෙහෙම වෙන්න බැරිද?

    "එකට හිටපු ටිකට උඹේ ලතෝනි අහලා එපා වෙලා, උඹේ මල මිණිය ගේ කිට්ටුවක තියා ගත්තොත් ආයිමත් නැගිටලා එන්නත් බැරි නැහැ. උඹේ හොල්මනටවත් ආයිමත් පාර හොයාගන්න බැරි තැනකට ගිහින් දැම්මෙ නැත්තං හරියන්නෙ නැහැ. ඇති යන්තං ආගමේ හැටියට තව හතරක් බැඳගන්න ඉඩ තිබ්බෙ. උඹැ ඉන්නකන් මට තව තුනක් ගන්න නොදුන් එකට හරියන්න මට දැන් අළුත්ම හතරක් ගන්න පුළුවන්. ඒක නිසා උඹේ මිනිය උඹෙ මහ ගෙදරටම ගිහින් දාන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඉයන්ටත් හිතෙන දේවල්... එහෙම හිතුවනම් මේ අනවස්ස්‍ය බර හිතට දැනෙන්නෑ නේන්නං..
      ජයවේවා..!!

      Delete
  12. කියන්න කිසිම දෙයක් නැහැ ඊයෙ දැකපු සංවේදීම සිදුවීම :(

    ReplyDelete
    Replies
    1. මුව ගොළු වෙන දසුන් පෙලක්..
      ජයවේවා..!!

      Delete
  13. ඉන්දියාවෙ බොහෝ විට ඔය වගේ ඒව වෙනව නෙට් එකේ දැකල තියෙනව. මේ ළඟදි ත්‍රීවීල් එකක හැප්පිච්ච මිනිහෙක් දිහා බලන්නෙවත් නැතව හිටිය සීන් එකක් තිබුණෙ.

    මේ නිවුස් එකේ තිබුණෙ මිනිය ගෙනියන්න ඇම්බියුලන්ස් එකක් ඉල්ලුවයි කියල. මම දන්න තරමින් නං මිනී ගෙනියන්න ඇම්බියුලන්ස් දෙයි කියල හිතන්න අමාරුයි. ලංකාවෙ උනත් මල් ශාලාවක කබල් වාහනේකනෙ මිනී ගෙනියන්නෙ.

    මොනව උනත් සංවේදී සිද්ධියක්.

    ReplyDelete
    Replies
    1. ගෙනියන්නෙ මල් ශාලාවෙ වෑන් එකේ. ගෙදරට ගේන්නෙ හර්ස් එකේ රෙෂ්පට් එකට බං :D

      Delete
    2. බොහිමියානුවා කියල නාට්ටියක් තියෙනවා බලනවා ද? එකේ කොල්ලෝ ටිකක් ඔහොම මිනී ගෙනියන්න සල්ලි නැති අයගේ ඉස්පිරිතාල වල මැරෙන අයගේ මිනී තමුන් හයර් කරපු වෑන් එකකින් ගෙදරට ගිහින් දෙන සීන් එකක් තියෙනවා.. උන් හැබැයි ඒක කරන්නේ ගානක් හොයා ගන්න.. මල් ශාලාවලට වඩා අඩු ගානට වැඩේ කරලා.. හෙහ් හෙහ්

      Delete
    3. @ප්‍රසන්න සභාපතිතුමා
      සමහර වෙලාවට ටාට බට්ටගෙ පැදුරක් හරි ගෝණියක් උඩ හරි තියල අරන් යනවා.. ඒක මක්ක හරි කමන්නෑ මේ දරදඬු උන මිනියක් කර ගහගෙන යනවයි කියන්නෙ හත්දෙයියනේ එපා වෙනවනෙ අප්පා.. මොන සල්ලි නැති එකාගෙ උනත් 'මරණෙ' වැඩ ටික වටේ මිනිස්සු වත් එකතුවෙලා කොරනවා නෙව... ඒ අතින් ලංකාව හොඳා.. (ඒත් ඉතින් වතුකරයෙ නම් ඔය වගේම කැත සිද්ධියක් වෙලා තියනවා නේද?ඒත් එහෙ ඇමතිලා බඩු ගහන්න ඉංදියාවෙ යන්න තරම් පොහොසත්.. අනේ අපොයි )

      @පත්තරේ
      අන්දලා කරල ගත්තට පස්සෙ බලන්න එපැයි සැප.. ගහන්නෙ සට සෙන්ට්.. තියන්නෙ දාස් ගණන් වල මල්..

      @පැතුම්
      ඒක සෙට් වෙලා නෑ බං.. ඔය කිව්වට පස්සෙ හොයාගෙන බලන්න හිතුනා.
      ජයවේවා..!!

      Delete
    4. පැතුම්, බොහීමියානුවා මම බලමි....:)

      Delete
  14. Replies
    1. ඔහුගෙ හිතේ එහෙම තියෙන්න ඇති..
      ජයවේවා..!!

      Delete
  15. සිත කම්පාවට පත්කළ මේ සේයාරුව දකින්න තරම් මා අවාසනාවන්ත වුනේ ඇයි දැයි හිතාන්නට අමාරුයි. කපුටකු මළත් අනෙක් රැළ එක්ව කම්පාවට පත්වන හැටි දකින්න හැකියි ඒත් මිනිස්සුන්ට තිරිසනුන්ටත් වඩා අන්ත විය හැකි ද

    ReplyDelete
    Replies
    1. රුපියල් සත වලින් මිනිස්සුන්ගෙ හිත් මොන තරම් දරුණු විදිහට වියලලා කඨෝර කරලද කියලා පැහැදිලිවම පෙන්නපු නැවත නොදැකිය යුතු අවස්ථාවක් මහත්මයා..
      ජයවේවා..!!

      Delete
  16. මුදලට හැමදේම යටවුණු කාලයක් මේක . මීට සමාන සිද්ධියක් මතක්වෙනවා පසුව ලියන්න ඕනෑ ..

    ReplyDelete
    Replies
    1. ලියපං මචෝ... උඹේ තියන අත්දැකීම් ගොන්නත් එක්ක හොඳ කතාවක් එලියට එයි.
      ජයවේවා..!!

      Delete
  17. මෙ පින්තූරෙයි නිව්ස් එකයි කියවපු වෙලාවේ හරිම දුක හිතුනා.මෙ ලොකේ මෙහෙමත් දෙවල් වෙනවනෙ අප්පා

    ReplyDelete
    Replies
    1. තවත් නම් මෙහෙම සිද්ධි සිද්ධවෙන්න එපා කියල අපි පතමු..
      ජයවේවා..!!

      Delete
  18. ආදරේ ගල් ගැහුණම මිනියක් වගේ තමයි මචං..පණ දෙන්න බෑ..:(

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි.. යකෝ.. උඹ තාම පණපිටින් නේද? මොනවද වෙලා තියෙන්නෙ? අන්න උඹේ බ්ලොග් එකත් අයිස් බැඳිලා ගල් වෙලා...
      ආදරයේ උණුසුම පලා ගිහින් ගල් ගැහුනම එතන ආයෙ කිසිම හැඟීමකට ඉඩක් නෑ තමයි.. හ්ම්ම්ම්...
      ජයවේවා..!!

      Delete
  19. ෂොකිං.. නෝ වර්ඩ්ස්! උඹ මේක වචන වලට හරවපු විදිය මට හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න බෑ බොස්..
      ශෝක් එකේ තරම වෙන්න ඇති.. තනියෙන් අල්ලන් ඉන්න බැරි උනා
      ජයවේවා..!!

      Delete
  20. http://www.divaina.com/2016/01/27/provin10.html

    මේකත් කියවල බැලුවොත් මොකද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජයි..
      ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවායයි කියමින් දවසේ පඩියෙන් නොසෑහෙන ගනනක් තමුන්ගේ පැවැත්මට කොටා ගන්නා ඇමතිලාගෙ පස්සට පයින් ගහන දවසක් ලඟදිම ආ යුතු මයි.
      ජයවේවා..!!

      Delete
  21. බහරේන් ද කොහෙද ශේක් කෙනෙක් මේ මනුස්සයට පිහිට වෙනවා කියලා නිව්ස් එකක් දැක්කා

    ReplyDelete
    Replies
    1. දුකා සංතෝසයි දකින්න ලැබුනු එක මේ පැත්තෙදි...
      ඔව්... උදව් කරනවා වගේම ඉංදියන් ලොක්කන්ට රත් වෙන කතාවකුත් කියල තියනවා. ඔහුට අපේ අචාරය..!
      ජයවේවා..!!

      Delete
  22. මේ ෆොටෝ එක දැක්කම එක පාරටම හිතුනේ ලංකාවේද කියල.. හැබැයි ඒත් එක්කම හිතුනා ලංකාවේ මොන අවුල් තිබුනත් මෙච්චර නම් අපි තාම වැටිල නෑ කියල.. ජිවිතේ හැටි..

    ReplyDelete
    Replies
    1. ඔව්... අපි තාම මෙච්චර සවුත්තු නෑ.. අර ප්‍රසණ්න අයියා දාල තියන ලින්ක් එකේ තියන සිද්ධිය තමා ප්‍රසිද්ධ උනු මීට ආසන්නතම සිදුවීම.ඒකත් මෙච්චර චාටර් නෑ..
      මොනව උනත් ලාංකිකයො කරදරයකදි එකිනෙකා ගැන බලාගන්නවා.
      ජයවේවා..!!

      Delete
  23. වචන දෙක තුනක් අටවලා, උඹ අපව අඬවන්න තරම් දක්‍ෂ වුනා ගස් ලබ්බෝ +++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. වචන වල හපන්කමක් නෙමෙයි මචෝ... මේ සිද්ධියම එකම ඛේදවාචකයක්...
      ජයවේවා..!!

      Delete
  24. රුපියල් සත වලින් මනුස්සකම මනින සමාජේ නොවේ අපි මේ හක්කොලන් කරන්නේ ..

    ReplyDelete