චෙෆාකියාණන් පෝස්ටුවක් දාල තිබුනා දික්වැල්ල වරුණ.එතනින් හොඳටම වර්ණනා කරල තිබුනෙ බයිට් පොට් එකක් සහ බයිට් වර්ග.
කාලයක් දික්වැල්ල ඒරියල් එකේ නොසෑහෙන්න ගැවසුනු එකෙක් විදිහට ගස්ලබ්බාගේ මතකයන් හෝ පට ගාල ඇවිස්සෙන්න පටන් ගත්තා ඒ පෝස්ටුව දැකලා..
ඔය පැත්තෙ ඉන්නෙ සෑහෙන්න සොමියට බර ආතල් බුවාලා සහ බුවී ලා. රස්සාවෙ ගිහින් ගොඩට එනවා කියන්නෙ දාහෙ පටිය සීයට පිස්සෙක් වගේ පිස්සෙක් වගේ වියදම් කරන්නෙ.
'කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු.. ඊටත් වැඩියෙන් යුද්ධෙට හරිම හපන්නු'
කිව්වෙ මෙයැයිලා ගැනද දන්නෑ කියල හිතෙනවා වෙලාවකට.
ජොලි වගේම තමා පොඩ්ඩ වැරදුනොත් සැරත්.. ගෑණු පිරිමි බේධයක් නෑ ආයෙ අම්ම මෝ නැතුව අහගන්න පුළුවන්.. ඒ වගේම තමා සෙට් උනාම.. බොක්ක උනත් දෙනවා.
ගස්ලබ්බගෙ ටීම් එකේ හිටිය අයගෙන් පිටින් ඒ කියන්නෙ ගඟෙන් එහා ඉඳන් ඇවිත් හිටියෙ ගස්ලබ්බා විතරමයි.එහෙම කියලා කට්ටිය හුරු උනාට පස්සෙ ලොකු වෙනසක් තිබුනෙම නැති තරන්.
ගස්ලබ්බා උදේට ඔෆිස් එකෙන් එන්නෙ බොසා එක්ක කතා කරගෙන වැඩ ලිස්ට් එකක් අරන්. ඕක දවසේ ටාගට් එක විදිහට තියාගන වෙලාව බැලන්ස් කරගෙන තමයි වැඩේ යන්නෙ.අපි ඉතින් මාතර ඉඳන් දික්වැල්ලෙ සයිට් එකට උදේ පාන්දර ඇවිත් වැඩ කොරලා රෑට රෑ වෙලා තමයි යන්නෙ.වාහනේට උදේට තෙල් ගහලා ගත්තම සයිට් එකේ කොහෙ තිබුනත් හෙවිල්ලක් බැලිල්ලක් නෑ.
වැඩ කොරනවයි කියල හැමදාම එකම ගැම්මෙන් ඕක කොරන්න ඇහැක.. අනික ජොලියටම සෙට් උන ගමේ කොල්ලො,මිනිස්සු සෙට් එකක් ආං බාං කරගෙන ගේම ගහන්නත් ඕනෙ.
ඉතින් අපට හරියට තිබහ හෙම හැදෙනවා... වැස්ස දවස් වලට කොහොමත් ඔය තිබහ වැඩියි.ඔය අස්සෙ අපට අලුතෙන් එකතු උනා ටිකක් වයසක ඩෑල් එකක් කයිවාරු පප්පෙක්.. වතුර වෙනුවට අරක්කු හොයන පොරක්.මිනිහා සීටීබී එකෙන් ඉන්ටඩික් වෙලා අපට හේත්තු උනාට මොකද රට අල්ලන ටෝක්.. දැන් මේ කියන්න හදන කතාවට අවස්ථාව පෑදුනේ මිනිහා නිසාවෙන් මතක් කලා මිසක ලඟින් ගියොත් ඇහැක් නැති ඩෑල් එකක්.
ඔන්න දවසක් උදෙන්ම අහස දිහා බල බල ඉඳලා මිනිහා මාව පැත්තකට කොරගෙන කියපි
'අද නම් වහියි වගේ.. මොනව හරි කොරමුද?' කියලා..
අපිත් ඉතින් ඔය නෑ බෑ කියන වචන එච්චර පුරුදු කරන්න අකමැති නිසාත් එක සැරේටම මුකුත් කියන්න බැරි නිසාත් 'බලමු' කියල උත්තර දීල සයිට් එකට පිටත් උනා.
හැබයි වාහනේ යන ටිකට මිනිහා අනිත් අයටත් ගානට විස පොවන බව ගස්ලබ්බ හොඳටම දැනන් හිටියා.
වැඩ කටයුතු යන අතරේ ඔන්න ටීම් එකම එකතු වෙලා සාකච්ඡා කොරලා අදහස අනුමැතියට ඉදිරිපත් කලා..
ඒ වෙලාවට දෙන්න විසඳුමක් හැමදාමත් ගස්ලබුස් ලඟ තියනවා.
වැඩ ලිස්ට් එක පෙන්නුවා...
'මේ වඩ ටික ගහල ඉවරවෙන්නෙ කොයි වෙලාවෙද? අන්න ඒ වෙලාවෙ ඉඳන් මම රෙඩි'
පිළිගන්න පින්වතුනි, ඒ වගේ දවස් වලට කොල්ලො ටික කඩියො වගේ. දුරට කතා කරන්න වෝකි ටෝකි ඕනත් නෑ.පැය අටේ වැඩ ටිකට උපරිම පැය පහයි යන්නෙ.ලන්ච් එකට පැය දෙකක් තියන නිසා අපි කරන්නෙ නොනැවතී එකදිගට වැඩ කරලා ඒ පැය දෙකත් අපේ ගොඩට දාගන්නවා.. කොහොම හරි එක වෙන්න කලින් වැඩ ඉවර කරලා පනිනවා.. හෙහ් හෙහ්
ඔන්න එදා අපි අළුත් තැනකට එක්කන් යන්න ඩැයිබර තුමා පිටත් උනා.. දික්වැල්ලෙන්
හල්මිල්ල බෝතල් දෙහෙකයි (එහෙම තමා පාටි ඕගනයිසර් කියන්නෙ.)
බිත්තර කඩල දෙසීයකයි
වඩේ මුරුක්කු සිගරට් අනන් මනන් ටිකයි
අරගෙන කොහෙන්දෝ ගිහිල්ලා අපි නැවතුනා බෝට්ටු නවත්තලා තිබුනු හෙවන ගහක් යට.
මුහුදු හුළ\ වැදි වැදි වැඩසටහන ක්රියාත්මක වෙනවා..
කතන්දර ගලා එනවා..
කොච්චර මොනව උනත් ගස්ලබ්බා ටිකක් අවදියෙන් ඉන්නෙ කෝකටත් කියලා. මොකද ගොඩක් වෙලාවට පලවෙනි පැය බාගෙ ඇතුලෙ ඩැයිබර කට් වෙලා වැටෙනවා.වාහනේ ගෙනියන්න වෙන්නෙත් මම තුමාටම තමා.
ඔය අස්සෙ ටිකක් ඈත පොල් වත්තක් අස්සෙන් බොන්ගො පාරක් ඇහෙන්න ගත්තා...
ඒ අස්සෙම ඒ පැත්තෙ ඉඳන් සුදු ස්කූටියක අමුතු අමුතු කොල්ලො සැරින් සැරේ යනවා... එනවා.... යනවා... එනවා... අපි දිහත් බලනවා..
ටික ටික අපේ වැඩේත් අහවර වේගන එනවා ඔන්න.කශ්ටිය ශන්තෝශෙන්..
ඔන්න ගමේ මිනිස්සුත් එකා දෙන්නා අර පොල් වත්ත පැත්තට ඇදෙනවා..
නයිටි පිටින් ළමයි ඉනේ ගහගත්ත 'අක්කලා' ඉඳන් ශෝට ස්කිනිය ගහපු ස්කූටි පදින 'නංගලා' ත් යනවා...
ඇන්ටිලාත් එනවා... සීයලාත් එනවා...
පොඩි කොල්ලො කුරුට්ටොත් එනවා...
අපි දිහාත් බලනවා..
ඔන්න අපේ කුතුහලෙත් වැඩි වෙනවා...
හෙමින් සැරේ හොයල බලනකොට නියම වැඩක් නෙව වෙලා තියෙන්නෙ.
පොරක් ඇවිත් පොල් වත්තෙ පාළුම හරියට.කෝල් එකකුත් අරන්.ගෑල්ලමයෙකුට.එයැයි තමා කියල තියෙන්නෙ පොල් වත්තට එන්න කියලා.
ඇයි දන්නවාද කියල තියෙන්නෙ..?
අර පොර තහනම් ගෙඩි කන්න නිතර නිතර ඇවිටිලි කරන නිසා එව්ව කන්න.
හැබැයි ඊට කලින් බෑ කියලා...
කෝල් කරන්න එපා කියලා...
බැනලා...
මොනව කරත් අර පොර නෙමෙයි සැලිලා තියෙන්නෙ.
මනුස්සයා රස්සවෙ ගිහින් ආවට පස්සෙ මිනිහට කියල මිනිහත් අර පොරට අවසන් අවවාදෙත් දීල.
පොර නෙමෙයි සැලිලා තියෙන්නෙ.
ඔන්න ඊට පස්සෙ තමයි මනුස්සයත් රස්සාවෙ ගිහින් ය කියලා අර විදිහට පොල් වත්තට එන්න කියල තියෙන්නෙ.
ඉතින් මේ මල්සරාව පිළිගන්න බලාගන හිටියෙ අර ගෑල්ලමයද හා??
මොන....
ගමේ කොල්ලො සෙට් එකට අර ගෑල්ලමයගෙ මනුස්සයා නිව්ස් එක දීල ගේම සෙට් කරලා තියෙන්නෙ.
ඔන්න පොර එනකොට එතන සැදී පැහැදී ඉන්න කොල්ලො කුරුට්ටො ටික මෙතුමාව ගස් බැඳලා පොඩි සංග්රහයක් එහෙම පවත්වලා... පොර ගෙනාපු චොක්ලට් එකත් උන් කාලා... උගෙ අතේ තිබුන සල්ලි වලින් බොන්න ගෙනල්ලා බොන අතරෙ බයිට් එකට මිනිහවම සින්දු කිය කිය උසුළු විසුළු නටවලා...
අර සැරින් සැරේ ගිය සුදුපාට ස්කූටිය මල්සරාගෙ වාහනේ.
ඒකෙම ගිහින් උගෙ සබ්බ සකලමනාවම හිඳෙනකන් අරක්කු අරන් බීල වෙරි හිඳෙනකන් ඌව උසුළු විසුළු නටවලාත් මදි තැන තමයි මුන් ගමට නිව්ස් එක දීලා අරූව පිස්සෙක් වගේ.... පිස්සෙක් වගේ.. ගමක් ඉස්සරහ නැටෙව්වෙ.
හැබැයි ඌ වාසනාවන්තයි.. බයිසිකලේ තල්ලුකරගෙන හරි යන්න ඌ පණ පිටින් තුවාල නැතුව ඉතුරු උනා.
කොච්චර ලස්සන තැනක් උනත් එදැයින් එදා අපි සෙට් එක ඒ පළාතෙවත් ගියේ නෑ අනුමත වෙන්න නම්.
එල ද බ්රා
ReplyDeleteඅනේ අම්මෝ මගේ ඇගත් එක්ක හිතල උනා
අන්නේකයි මෙණ්ඩෝ... වැඩේ හයානකයි.
Deleteජයවේවා..!!
පොල්වත්තේ පොල් ගුටි.....මූ පිස්සෙක්නේ බං...බැහැ කියද්දිත් කන්න ඉල්ලන්නේ හෙන බඩගිනි කාරයෙක්නේ...දුකයි. ඒත් ඉතින් ඉල්ලන් කාලා තියෙන්නේ.
ReplyDeleteඋගෙ බඩගින්න සදහටම නිවෙන්නැති.. ෆෝන් වලින් වදදෙන උන්ට ඔහොම සීන් තමා කොරන්නෝන.කොල්ලෙකුත් නෙමෙයි ඩයල් එක.ඉල්ලන් කෑවෙ.
Deleteජයවේවා..!!
පව් බං
ReplyDeleteඅර වදදුන්න ගෑණිට පවු නෑ..? ඌ හෙ පණ බේරුන එකම වාසනාවක්.පව් නෑ.. පින්.
Deleteජයවේවා..!!
මදැයි තහනම් ගෙඩි කන්න ගියා පිස්සෙක් වගේ.... පිස්සෙක් වගේ :)
ReplyDeleteපොරගෙ පිස්සුවට හොඳම බෙහෙත ලැබුනා මයෙ හිතේ..
Deleteජයවේවා..!!
තහනම් ගහ කටු ඉබුල වෙච්චි...කතාව රහට ලියල තියනවා...
ReplyDeleteඋට මොනවා හිතෙන්නැද්ද හා? හෙහ් හෙහ් ඉස්තූතියි.
Deleteජයවේවා..!!
ඔය කතා කරල ගේම සෙට් කරන වැඩේට ඔය පැත්තේ උන් හෙන දස්සයි.. හිටහං මේකටම ලඟින් යන කතාවක් තියෙනවා අවුරුදු විසි දෙකක් පරණ.. හවහට ලියන්නං..
ReplyDeleteනියමයි ලියපං
Delete///ඔය කතා කරල ගේම සෙට් කරන වැඩේට ඔය පැත්තේ උන් හෙන දස්සයි..///
Deleteපළමෝත අත්දැකීමක්ද මන්ද... ;)
පළවෙනි...... වට්ටක්කේ තමයි
Deletehttp://kalahitha.blogspot.com/2017/02/dikwella-experiences-continued.html
Deleteපොරොන්දු ඉටුකරන කලාහිත ලොතරැයිය.. එල කිරි.
ජයවේවා..!!
ජොලි වගේම තමා පොඩ්ඩ වැරදුනොත් සැරත්.. ගෑණු පිරිමි බේධයක් නෑ ආයෙ අම්ම මෝ නැතුව අහගන්න පුළුවන්//////// migamuve ganuth ehemai
ReplyDeleteඒ ගතිය මූදුකරේ දිගටම තියනවා වගේ නේද ඩොක්ට
Deleteජයවේවා..!!
මමත් හෙන ආසාවෙන් හිටිය බං කොළඹින් පිට සයිට් එකක වැඩට යන්න...
ReplyDeleteකොහෙද අද වෙනකල් චෑන්ස් එකක් ලැබුනේ නැහැනේ...
මොනවා උනත් අර ගස් බැඳපු බුවා පව් ඉතිං, නොපසුබස්නා උත්සාහය ඇතුව වැඩේ කරගෙන යන්න ඇත්තේ කවදාහරි වැඩේ ගොඩ යයි කියල හිතාගෙන වෙන්න ඇති...
එන්න කියල කෝල් එක ආවම යන්න ඇත්තේ මොන තරම් ආතල් එකකින්ද...
මමත් හෙන ආසාවෙන් හිටියා කොළඹ සයිට් එකක වැඩ කරන්න.. කොහෙද ඉතින්.. අද වෙනකල් චෑන්ස් එකක් ලැබුනෙ නෑ නෙ.හෙහ් හෙහ්
Deleteඅරූ චොක්ලට් එකක් එහෙම අරන් ඇවිල්ල තියෙන්නෙ.හපෝයි...
ජයවේවා..!!
පව් ඔයි
ReplyDeleteමිනිහා ඉල්ලගෙන කෑවෙ.. අපිට කොරන්න දෙයක් නෑ.
Deleteජයවේවා..!!
හැක්... හැක්.. අරූට වෙලා තියෙන්නෙ ඉල්ලං කෑමෙ හොඳම එක තමයි.
ReplyDeleteඇත්තටම බං ඔය 'පිස්සෙක් වගේ පිස්සෙක් වගේ' කතාවෙ මුල මම තාම දන්නෑ කිවුවම මාව සමාජෙං කොයි වෙයිද දන්නෑ.
ඒක නේන්නං පෙසන්නයියෙ..
Deleteඔය පිස්සෙක් වගේ කතාව මුලින්ම කිව්වෙ ඇස්.බී ගොයියනෙ.පස්සෙ අර හඬවල් අනුකරනය කරන බුවා සුපිරියට ඔය වචනෙන් ආතල් දෙනවා.ඒකෙන් අපට බෝ උනා.
ජයවේවා..!!
බීලා කස්ටියම සයිට් එකේ වැඩට ගිහින් නයි වගේ වන්ගු තියෙන බිත්ති එහෙම ගොඩනන්වලා නැද්ද හිටන්?
ReplyDeleteගොඩක් වෙලාවට දවසෙ ටාගට් එක ගහල ඉවරවෙලා තමයි බොන්න සෙට් උනේ.ඔය අතරින් පතර කෑම රුචිය වඩවගන්න බීපු අවස්ථා නැතුවම නෙමෙයි... හැබැයි ඒත් මිලිමීටර් පහක් ඇතුලෙ වැඩ කරගන්න පුළුවන් ඒ කාලෙ.(වැනෙන්නැත්තං.)
Deleteජයවේවා..!!
මතක් උනේ බත්තලංගුංඩුව පොතේ කසිප්පු පොට් එකේ සෙට්වෙලා පොලිස් ඉන්ස්පැක්ටර් කෙනෙක්ට කරපු දෙයක් ගැන කියන කතාව.
ReplyDeleteඅඩේ... ඒ කාලේ රෑ 7න් පස්සේ ගෙයින් එළියට බහින්න හෙන ගේමක් දෙන්න ඕන නිසා බිවුවේ උදේ වරුවේ. මාලබේ බාර් එක ගාව වාහනේ නවත්තන් ඉන්නවා බාර් එක අරිනකම්. සිනෙක් එක පාරේ ගස් ගල් වලට කතාකරන්න පුලුවන්නම් කියයි රසකතා ගොඩක්.
ගස් බැඳලා දිමිගොටු දාන්න ඕනේ මූවනේ!
Deleteබත්තලංගුණ්ඩුව කියවනකොට පළතුරු පාරක් ගහන්න පුදුම ආසාවක් නෙව ආවෙ..
Deleteඋදේ පාන්දර හිස්බඩ ඇල්කොහොල් නෙමෙයි දුම් ජාති තමා පත්තියන් වෙන්නෙ කියලයි පත පොතේ තිබිලා හම්බුනේ.. හෙහ් හෙහ්
ජයවේවා..!!
ආ... ලිබිතා... ආයිබෝවන් කිව්වා.
Deleteපුරුස හිංසනේ හෙලා දකිනවා හිටං.ඔව්. හෙහ් හෙහ්
ජයවේවා..!!
බත්තලන් ගුණ්ඩුව කියන්නේ කියෝනකොට ලෙඩ ගොඩාරියක් හදාගන්න හිතෙන එකම ලෙඩ වාට්ටුවක්!
Deleteගස්: ලිබිතා නෙවෙයි යකූ.. ලිඛිතා..... අය්යූඌ
හා.. හා.. හෙලා දැක්කනේ? දැන් එහෙනම් බිම බලාගන්න
බත්තලංගුණ්ඩුව ගැන එකෙන්ම එකඟය..
Deleteකැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෑ කියන එක තේරෙන්නෙ ලිබිතගෙ මේ කොමෙන්ට් දැක්කම තමයි.
උඹලා ආයේ ඒ පැත්තේ ගියේ නැත්තේ උන් උඹලාගේ බෝතල් ටිකටත් වගකියලා උඹලවත් රිලව් නටෝනවා වගේ නටවයි කියන බයට නේද. ලැජ්ජා නොවී ඇත්ත කියහන්.
ReplyDeleteආයෙ මොකටෙයි මල්මල්ලි අයියා ලැජ්ජා වෙන්නේ..... ඉල්ලං කන්නෙ මොකටෙයි කියාලා අපි කතාවීලා ආයෙ පැත්ත පලාතටවත් ගියේ නෑ ඕං.
Deleteකියන්න බෑනෙ බොස්... කරුමෙ ඩබල් නෙ.හෙහ් හෙහ්
ජයවේවා..!!
පව් අසරණයා.. හැබැයි ඉතින් තහනම් ගෙඩි කනකොට ඔහොම ඒවත් වෙනවයි කියලා නොදන්නව නෙවෙයිනෙ
ReplyDeleteකාමයෙන් අන්ධ උනාම ගිණි අඟුරත් පෙනෙන්නෙ මල් පෙත්තක් වගෙයි කියනවානෙ... හැබයි ඌට අඟුරෙ සැර හොඳට දැනෙන්න ඇති.
Deleteජයවේවා..!!