Friday, April 7, 2017

සිංහල බ්ලොග් අවුරුදු තෑග්ග. (ජයලාල් රෝහණ- නෙවිල් ෆර්නෑණ්ඩු- භාග්‍යා iv)



පහු ගිය සැප්තැම්බර් මාසෙ පෝස්ට් එකක් දැම්මට පස්සෙ ඔන්න භාග්‍යගෙ ගෙදර ගැන අළුත්ම කතන්දරේ කියන්නයි හදන්නෙ.
මුල ඉඳලම මේ ව්‍යාපෘතිය ගැන අවධානෙන් හිටපු අය,මූල්‍යමය දායකත්වය දරපු අය බලනවා ඇති මොකද මේකට උනේ කියලා..
ඔව්... ඇත්තටම බොහොම හෙමින් තමයි අපි ක්‍රියාත්මක උනේ.අවශ්‍යතාවය හදිස්සි උනත් පැවති ප්‍රායෝගික තත්වයන් එක්ක අපිට හෙමින් ක්‍රියාත්මක වෙන්න සිද්ධ උනා.
මොකද... ගෙයක් ගැන හීනෙන් පේන හීනයක් තරම් වත් හැඟීමක් නොතිබුනු පිරිසකටයි අපි මේ 'ගෙදරක්' ලබා දෙන්න ක්‍රියාත්මක උනේ.ඔවුන්ගේ සමාජ ආර්ථික වටපිටාවට සහ දරාගැනීමේ හැකියාවන් අවබෝධ කරගනිමින් ඔවුන් කබලෙන් ලිපට ඇදල නොදා මේ වැඩේ කෙරුනොත් තමයි සාර්ථක කියන මතය දරපු නිසා ගස්ලබ්බ හදිස්සිය කියන දේ අමතකම කරල දැම්ම.ඊට අමතරව තව තව ප්‍රායෝගික කාරණාත් නොතිබුනා නෙමෙයි.

රායිට්...
මෙන්න සුභ පණිවිඩේ.
ගේ හැදල ඉවරයි.
ඒ වගේම ඔවුන් එහි පදිංචි වෙලත් ඉවරයි.ගෙදරට නමකුත් දාලා.
දවසක් ගස්ලබ්බ යනකොට බිත්තියේ විට කන හුණු වලින් නම සිත්තම් කරලා තිබුනා.
ගෙදර නම තමයි 'භාග්‍යා'

ඉතින් ගේ හැදුනෙ මෙහෙමයි... වචන වලට වඩා පින්තූර වලින් බලමුකො.


ඔන්න නූල් ගහනවා.පසුබිමින් පෙනෙන්නෙ එයාල හිටපු පැල්පත

මේත් එදාම තමයි.ඔය ඉන්නෙ ගස්ලබ්බගෙ ප්‍රවාහන සහකරු.මේ වැඩේ මුල ඉඳලම හිටපු අතීසාර මිත්‍රයා ජනිත.නිවාඩු දාගන පෙට්‍රල් ගහගෙන උදව්වට ආවෙ.මොකද ඒ දවස් වල ගස්ලබ්බාට ඇවිදගන්න බැරුවයි හිටියෙ.

ගස්ලබු පියා අත්තිවාරම් කැපීම් නිරීක්ශනය කරමින්.භාග්‍යාව අපට හඳුන්වා දුන් ගස්ලබු මව වත් ගස්ලබ්බි වත් තවමත් මේ නිවස දැකලවත් නෑ.

මුළුතැන් ගෙය ඉදිකෙරෙමින්

ලඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නඟින්නේ

කොංක්‍රීට් වැඩ

වහලෙත් ගැහුවා.

බිමට කොංක්‍රීටුත් දැම්මා

විදුලි කාර්මික වයර් ඛණ්නා

වයරිං එක චෙක් කරන්න කොකු ගහල විදුලිය ගත්තා කියල කාටවත් කියන්න එපා ඔන්න

හා.... ඔන්න ගේ පොඩ්ඩ

ඔයාලට ස්තූතියි.අපේ තමයි මේ ගෙදර (පාසල් නිළ ඇඳුමින් ඉන්නෙ භාග්‍යා දෝණි.)


පෙර ලිපියේ සටහන් කරාට පස්සෙ පරිත්‍යග එක් කල හිතවතුන්

රසික සූරිය ආරච්චි මහතා 22600/-
නිරෝශන් පෙරේරා මහතා10 000/-
අසේල කුලතුංග මහතා 55000/- + 20000/-
විශාන් කෞශල්‍ය මහතා 5000/-
අජිත් ධර්මා මහතා 20000/-
X නම් සිංහල බ්ලොග් රචකයා 40000/-
රංජන් මහතා 8691/-
රංජන් මහතා සහ මිතුරන් 45046/-
ජයානි වින්ධ්‍යා මහත්මිය 10000/-
සමීර හේමන්ත මහතා 10000/-
ජනිත ගමගේ මහතා 15000/-
.............10000/-
.............5000/-

(හිස්තැන් සහිතව සඳහන් කර ඇත්තේ මුදල් තැන්පත් කල අය කවුදැයි සටහනක් සොයා ගැනීමට නොහැකිවූ පරිත්‍යාගශීලීන් ගේය.ඔබගේ පරිත්‍යාගය ලිපියේ සටහන් කරන්නට තිබුනේ නම් අගේ ය.හැකිනම් gaslabba1@gmail.com මේලක් දමන්න.)






ඉතින් ඔන්න ඔහොමයි උනේ.
ලොකු පුතා එවපු සැලසුම හදන්න හැදුවත් හදිසියෙන්ම ඉඩමේ ප්‍රමාණය අඩු උන නිසා ගස්ලබ්බා විසින් පොඩ්ඩක් වෙනස් කලා.ඊට අමතරව ලොකු පුතාම මාගා කන්ස්ට්‍රක්ශන් ආයතනය සම්බන්ධීකරණය කරල දුන්න නිසා බිම පුරවගන්න යම් පස් ප්‍රමාණයක් නොමිලෙම ලැබුනා.ඔවුන්ට ස්තූතියි.
අසේල කුලතුංග මහතා විසින් දරුවන්ට අවශ්‍ය සියලුම වියදම් සහ ද්‍රව්‍ය මේ වනවිටත් භාග්‍යාගෙ පන්තියේ ටීචර් හරහා ලබාදෙනවා.ඊටත් අමතරව නිවසට අවශ්‍ය ඇඳන්,පුටු,මේස වගේ දේවල් ලබාදුන්නෙත් ඔහුයි.ඒ අමතරව සිදු උනු වැඩ.

නිවස සම්පූර්ණයෙන්ම වයරින් කරලා,අගුළු ලා හැකි දොරවල්,ජනෙල් කූරු සහිත ජනෙල් රාමු, කොන්ක්‍රීට් ඇතිරූ බිම සහිතව ලබාදෙන්න අපට හැකි උනා.
විදුලිය ලබාගැනීමේ මාර්ගය පහදා දුන්නා.
කිසිවෙකුටත් ජාතික හැඳුනුම්පතක් නොමැති නිසා ග්‍රාමනිලධාරී මාර්ගයෙන් ඉතිරි වැඩ සිදුවනු ඇති.

අවසන් වශයෙන් සිංහල බ්ලොග් ලියන කියවන උදවියගේ හොඳහිත පිළිබඳ තවත් දෘශ්‍ය භෞතික සාක්ශියක් මහපොළොවට මත ස්ථාපිත උනා.

අත්දෙකයි ඔලුවයි කටයි විතරක් හොල්ලගන්න විතරක් පුළුවන් වෙලා හිටපු ගස්ලබ්බා අවුරුදු එක හමාරක් විතර යනකොට දැන් හැරමිට්ටෙන් ඇවිදිනවා.නමුත් ඒ කාලය තුල නිකන්ම නිකන් නිකමෙක් විදිහට ඔක්සිජන් බිබී ඉන්න ප්‍රාණියෙක් නොවී ගත්තු හුස්මට හරි සමාජය වෙනුවෙන් දෙයක් කරලා සොබාදහමත් එක්ක තියන අය වැය බැලන්ස් කරගන්න, හිත හදාගන්න මේ ව්‍යාපෘතිය හේතු උනා.
ඒ වෙනුවෙන් ඔබ හැමදෙනාටම අනේක වාරයක් පිං..!!
ඒ වගේම අද වෙනකන් කිසිම සැක කිරීමක් , මඩ ප්‍රහාරයක් නැතුව මේ දේ කරගන්නට ලැබුනු එකත් අපූරු ආශීර්වාදයක්.සමාජ සේවා නමින් නොයෙකුත් වංචා වැඩිපුර ක්‍රියාත්මක වන මේ කාලයේ ඔබ හැම ගස්ලබ්බ කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින්ම රැකගන්න ගස්ලබ්බ උපරිම උත්සාහය දැරුවා.

තනියම කලා නම්,තනි පුද්ගලයෙක් විදිහට ක්‍රියාත්මක වෙන්න හිටිය නම් මේ ගෙදර අදටත් මේ පොළොව මත නෑ.සාමුහික බව නිසා අද ඔවුන්ට හිසට වහලක් තියනවා.

ඔබට,අපට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

කිසිම උත්සවයක් හෝ ආරාධිතයන්ගෙන් හෝ බාහිර පාර්ශවයක සහභාගීත්වයක් නොමැතිව බ්ලොග් කරුවන්ගේ තවත් එක් ඇනෝනිමස් වැඩක් විදිහට නිවස ඔවුන්ට ක්‍රමානුකූලව භාරදුන් වගත් සිහිපත් කල යුතුයි.

ඔබ සැමට නැවත වාරයක් ගොඩක්ම පිං..!!!!
ජයවේවා..!!

කියවන්න කැමති අයට මුල් ලිපි.
ජයලාල් රෝහණ - භාග්‍යා - නෙවිල් ෆර්නෑන්ඩු
කාලෝ අයංතේ (ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු II)
ඉතින් හදමු අපි.. (ජයලාල් රෝහණ-භාග්‍යා-නෙවිල් ෆර්නෑණ්ඩු III)


ප.ලි. මේ සමඟින් නිවස සෑදීමේ කටයුත්ත වෙනුවෙන් තවදුරටත් පරිත්‍යාග ලබාගැනීමක් සිදු නොකරන අතර ගිණුමට අදාල විස්තර පෙර ලිපි වලින් ඉවත් කරනු ලබන බවත් ස්තුතිපූර්වකව දනවා සිටින්න කැමතියි.

(අපිලිවෙලට වැඩකරන්න පුරුදු ගස්ලබ්බා අතින් යම් පරිත්‍යාගශීලින්ගේ නමක් සටහන් කරන්න අතපසු වෙලා නිසා ඒ ගැන සමාව ලොකු භාජනේකට දාල මේලක් දාන්න හොඳේ.)

48 comments:

  1. දුක දැක උණුවන ... ඒ ගැන ඇත්තටම වුවමනා දේ හොයල බලලා කරනා ඔයාල වගේ අය නිවනට ළඟයි. මම එහෙම කිව්වේ ඒ ගැන කියන්න මට වචන නැති නිසා. මේ සමාජ සත්කාරය අගයමි . ජයවේවා

    ReplyDelete
    Replies
    1. හැමදෙනාම වෙනුවෙන් බොහොම ස්තූතියි ප්‍රියන්ති.
      ජයවේවා..!!

      Delete
  2. හොඳ වැඩක්, ජයවේවා.

    මගේ නමට බැර කර ඇති මුදල ගැන පොඩි වචනයක් ලියන්නම්. මා ලංකාවේ ඉන්නා මිතුරෙකුට සිඩ්නිවල දී මිලට ගෙන තැපැල් මගින් යැවූ භාණ්ඩයක් සඳහා මුදල් ඔහු මට එවන්නට සැරසුනා. ඒ දිනවල මේ ව්‍යාපෘතිය ගැන මා කියවා සිටි නිසා, මා මිතුරාට කීවා, අදාල මුදල මේ සඳහා යොමු කරන ලෙස.

    බැංකුවට ගිය විට මගේ මිතුරාට ඔසී ඩොලර් සහ ඇමරිකානු ඩොලර් පැටලීම නිසා ඔහුටත් මේ සඳහා නොදැනම සම්මාදම් වෙන්නට හැකිවුණා.

    ඒ අනුව, ඒ මුදලෙන් 30% පමණ මා මිත්‍ර නිමල් ජයතිලක විසින් කළ පරිත්‍යාගයක්.

    ReplyDelete
    Replies
    1. අමුතු ඉලක්කමකින් ගානක් අකවුන්ට් එකට ආපුවාම කැරකිලා ගියා.. හෙහ්.. මේකයි එතකොට කතාව.හරි සතුටුයි.
      ජයවේවා..!!

      Delete
  3. හොඳ වැඩක් ..
    ජය වේවා ..!!!!

    ReplyDelete
    Replies
    1. හරි සතුටුයි.
      ජයවේවා..!!

      Delete
  4. උබට ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි

    ReplyDelete
    Replies
    1. උඹලටත් තෙරුවන්සරණයි මෙණ්ඩෝ
      ජයවේවා..!!

      Delete
  5. නියමයි ගස්. නියම වැඩක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..ඉයන්.ගොඩක් පින්
      ජයවේවා..!!

      Delete
  6. මම සෑහෙන්න මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා මට පුලුවන් විදියට.. ඒත් මට ජීවිතේට අමතක කරන්න බැරි වෙන අඩුපාඩු දෙකක් මගෙං උනා.. උඹේ මේ වැඩෙයි.. සිරා ගේ කන්දේගම ඉස්කෝලේ වැඩෙයි. ඇත්තටම සල්ලි වලට වඩා වෙන උදව් ගොඩක් කරන්න තිබ්බා.. නොහිතූ කරදර ගොඩක් හා ඊට වඩා මගේ නොසැලකිල්ල නිසා ඔය අතපසුවීම් දෙක උනේ.. සමාවෙයං..

    භාග්‍යාලට හිනාවක් ගෙනාවා වගේ තව බොහෝ දෙනෙකුට හිනාව අරං එන්න උඹට යෝධ බල යෝධ ශක්තිය ලැබේවි!!!

    ReplyDelete
    Replies
    1. මේ වැඩේට සම්මාදම් උනා කියල මතකයි. සිරාගෙ වැඩේට සම්මාදම් වෙන්න බැරිව ගියා. කොහොම හරි උඹල මේ වගේ තවත් වැඩ කරන්න අවශ්‍ය සියලු දේ ලැබෙන්න කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව .

      Delete
    2. නෑ කමියෝ... වැඩේ පටන් ගන්න දවස් වල උඹයි ලොකු පුතයි දීපු ධයිර්යෙන් තමයි ගැම්මක් ආවෙ.අනික ස්මූත්ලි ගලාගෙන ගියානෙ.නැහ්නං උඹවත් බලෙන්ම හරි ඈඳ ගන්නවා බර අදින්න.. හෙහ් හෙහ්
      උඹල අපි ඔය කොයි කවුරුත් එකතු උනොත් ලෝකෙ තව කීප දෙනෙක් වත් හිනැහේවි..
      ජයවේවා..!!

      Delete
    3. ගොඩක්ම පින් කම්මලයෝ..
      කස්ටිය එකතු උනොත් යමක් කොරන්න ඇහැකියි..
      ජයවේවා..!!

      Delete
  7. උඹ අතක් පයක් හොලවන්න බැරුවත් කරපු මේ වැඩේ ගැන මෙන්න මචං මගේ හදපිරි ආචාරය.. කොච්චර උවමනාව තිබුනත් මේ වගේ හෘදයාංගම මිනිසුන් නැතිව ඒක කරන්න බෑ.. ඒ හැමටත් අසීමිත ආදරය.. භාග්‍යාටත් ජය

    ReplyDelete
    Replies
    1. දේශකයා හරියට හරි.. කොච්චර උවමනාව තිබුනත් මේ වගේ දේවල් තනියෙන් කරන්න අමාරුයි.
      මේ වැඩේ තුලින් අත්දැකපු ඒ සුන්දර මිනිසුන්ගේ හෘදයාන්ගම බව සදාකල් හිතේ තියේවි
      ජයවේවා..!!

      Delete
  8. හොඳ වැඩක් කරලා උඹල කි දෙනෙක් සතුටු කලාද. ඒක දැකල අපිත් බොහොම සන්තෝස වුනා.
    කෙනෙක් සන්තෝස කරවන එක ලේසි පාසු කටයුත්තක් නෙවේ හිටං.

    තැන්කිව් වේවා බ්‍රෝ!

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඉන්න කී දෙනෙක් මේකට සහය දුන්නද? ඒ වගේම කිසිම වෙලාවක ඇනෝ පහසුකම කකුලෙන් අදින්න භාවිතා උනෙත් නෑ.ඒකත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනෙ.
      බොහොම පින්.
      ජයවේවා..!!

      Delete
  9. මේ වගේ කාලෙක මේ වගේ වැඩක් කරන්න එකතුවෙච්ච ඔක්කොටම බොහොම පිං.

    ReplyDelete
  10. මෙවන් කාර්ය කිරීමට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඔව් සමන්.. මේ හැමෝටම ඒ ශක්තිය ධයිර්යය ලැබේවා..
      ජයවේවා..!!

      Delete
  11. හිස නමා ප්‍රණාමය පුද කරමි

    ReplyDelete
    Replies
    1. හැමෝම වෙනුවෙන් බොහොම ස්තූතියි විසිරි
      ජයවේවා..!!

      Delete
  12. ගස් ලබ්බා, මම මේ කථාවේ පසුබිම කිසිවක් දැනගෙන හිටියේ නැහැ. අහම්බෙන් මේ ලිපිය කියවලා ඊට පස්සේ පරන ලිපි ටිකත් කියෙව්වා. පහුගිය කාලේ මම බ්ලොග් කියවීම බොහෝම අඩු වෙලා තිබුනේ.
    ඔබලා එකතුවෙලා කරලා තියෙන මේ වටිනා වැඩේ දැක්කහම මට අදහගන්න බැරි වුනා. මිනිස්සු ඇත්තටම සුන්දරයි.
    ලෝකයක කඳුලු පිහින්න බැරි වුනාට පුළුවන් එකෙකුගේ කඳුලු පිහ දැමීම මොන තරම් සුන්දර වැඩක්ද.
    ඒ දරුවාට ඔබ සැම එක්වී දුන් ආත්ම විශ්වාසය අගයන්න මට වචන නැහැ.
    මේ මහඟු පින්කමට දායක වුනු ඔබ සැමට මෙය සත්‍යාවබෝධය පිණිසම හේතු වාසනා වේවි.
    සියල්ලන්ටම ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් නයනේ.. ලෝකය ලස්සනයි. එකින් එක ඉටිපහන් දල්වනකොට අඳුරට එලියක් ලැබේවි.
      සියලු දෙනා වෙනුවෙන් බොහොම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  13. ගස්ලබ්බාටත් මෙයට දායක් වූ හැමෝටමත් මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. සියලු දෙනා වෙනුවෙන් බොහොම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  14. Hat off to you and and the crew !!

    I hope and prey for you that you can get better soon and walk soon ..!!

    ReplyDelete
  15. කියන්න වචන නෑ.. විශිෂ්ඨයි ලොක්කා...!
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. සියලු දෙනා වෙනුවෙන් බොහොම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  16. කිසිම උත්සවයක් හෝ ආරාධිතයන්ගෙන් හෝ බාහිර පාර්ශවයක සහභාගීත්වයක් නොමැතිව බ්ලොග් කරුවන්ගේ තවත් එක් ඇනෝනිමස් වැඩක් විදිහට නිවස ඔවුන්ට ක්‍රමානුකූලව භාරදුන් වගත් සිහිපත් කල යුතුයි.///////

    මේ ටිකම ඇති ඔය කරන කියන වැඩක් සහතික සාර්ථක වෙන්න. ....... අනවශ්‍ය වියදම් බින්දුව කිරීම ......සුපිරි පට්ටා !!!!!

    ReplyDelete
    Replies
    1. සියලු දෙනා වෙනුවෙන් බොහොම ස්තූතියි.
      ජයවේවා..!!

      Delete
  17. Replies
    1. මේ හැමෝම වෙනුවෙන් ආචාරය..
      ජයවේවා..!!

      Delete
  18. නියමයි. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම පින්..
      ජයවේවා..!!

      Delete
  19. නියම වැඩක් කරල තියෙන්නෙ ඡයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ තරිඳු.
      ජයවේවා..!!

      Delete