Thursday, December 7, 2017

කැරට්




වැඩිය ගෙදරින් එලියට බහින්න අකමැති සෝමවීර කාලෙකින් නුවර ආවෙ ලෙඩෙක් බලන්න.ඉස්සර එකට වැඩ කරපු මුණේ අසනීප වෙලා කියල ආරංචි උන ගමන් මිනිහව බලන්න ඕන කියල සෝමවීර තීරණය කලා.වැඩ ඇරිල යන ගමන් හවසට පොඩි අඩියක් කාරිය ගහලා කයියක් ගහල හිටපු මනුස්සයානෙ.

සීනි අමාරුව කියන්නෙ නම් කාලකණ්නි ලෙඩක්. කකුල් හිරිවැටිල හිටපු මුණේ ගෙ කකුලෙ කටුවක් ඇනිලා වෙච්ච තුවාලෙන් ඇරඹුනු ගමන නම් එච්චර සුභ නැති බව මිනිහා එක්ක හිටපු පැය තුන හතරෙදි සෝමවීරට තේරුනත්, බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන උන්නු මුණේට මුකුත් නොකියා ආයෙ එන්නම් කියල පිටත් උනේ මිනිහා මියැදෙන්න කලින් තව එකපාරක් හරි එනවමයි කියල හිතාගෙන.

'මහත්තයා එනකොට කැරට් කිලෝ එකක් අරන් එන්න.. නුවරින් අළුත් එව්වා ගතහැකියි නෙ'
නෝනගෙ කෝල් එක අමතක උනොත් ආයෙ ගෙදර ගිහින් හමාරයි. නිස්සද්දව පැත්තකට වෙලා ඉන්න කැමති සෝමවීර අකමැතිම නෝනගෙ කට අවුස්සගන්න එක. ඉස්සර නම් හිතලම මොනව හරි කරලා අවුස්සගත්තත් දැන් නම් ඒකත් කංකරච්චලයක් කියල දැනෙන බව හංගන්න සෝමවීර උත්සාහ කලේ නෑ.

නුවර එළවලු මාකට් එක වටේ රවුමක් ඇවිදලා බැලුවත් හොඳ කැරට් ටිකක් හොයාගන්න එක නම් ලේසි නෑ.. ඔක්කොම ඇඟිලි සයිස් කූරු කූරු අල. කොහෙ බැලුවත් එච්චරයි.. ආයෙ මක්කරන්නද මීට වඩා.. කියල හිතපු සෝමවීර වෙළෙන්දෙක් ලඟට කිට්ටු කරා.
'මුදලාලි මට කැරට් කිලෝ එකක් දෙන්න'
'මල්ලක්.. මල්ලක්... මල්ල දෙන්න..'
මල්ලක් නෑ නෙ.
'සොපින් නෑ.. සොපින් නෑ... පණහක් දීල මල්ලක් අරන් එන්න'

මුදලාලි කෑ ගැහුවෙ එතන මලු විකුණන පැත්තට අතක් දික් කරලා ජේලර් කෙනෙක් හිරකාරයෙක් එලවන ස්වරේකින්..
රජයේ සේවකයෙක් වෙලා උන්නු සෝමවීරට තරහක් දැනුනු නිසාම වෙන අතක් බලාගෙන ගියා..
'හහ්.. මූ ලඟ විතරද කැරට් තියෙන්නෙ..'

ඊලඟ වෙළෙන්දා ලඟට ගියපු සෝමවීර කෝකටත් කියලා කැරට් ගොඩෙන් ටිකක් ලොකු ලොකු ඒවා බල බල අතට එකතු කරන ගමන් කිලෝ එකක් කියල කිව්වා.
'මහත්තයා..' මුදලාලි බොහොම හිතවත් කමට කතා කරලා ලං වෙන්න අතින් සංඥාවක් දුන්නා...
වටේ කාටවත් ඇහෙන්නෙ නැතිව මුදලාලි මෙහෙම කිව්වා..
' මහත්තයා.. ඔයයි මායි මෙතන බොරුවට රණ්ඩු වෙලා තරහ වෙන්න ඕන නෑනෙ. කැරට් තෝරන්න දෙන්නෙ නෑ.. ඔයා යන්න.. යන්න.. ඔයා යන්න'
තෝරපු කැරට් ටික මුදලාලිගෙ අතට ම දීලා මුදලාලි වගේම හිතවත් හිනාවක් හිනාවෙලා එතනින් හෙමින් හෙමින් පියනඟන සෝමවීරට 'කැරට් ලාභායි... බෝංචි ලාභා...යි' සද්දෙ හරි සංගීතයක් ඇහෙනවා වගේ දැනෙන්න උනා..

දැන් ඉතිං කැරට් නැතුව මාකට් එකෙන් එලියට යන්න බෑ.. කොහොම හරි අරන් තමයි යන්නෙ කියලා සෝමවීර පොඩි තරුණ පහේ ගැටයෙකුගෙ එළවළු තට්ටුවට කිට්ටු කරා...
'පුතා.. කැරට් කිලෝ එකක් දෙන්න'
'බෝංචි... ලීස් වැටකොළු එහෙම..???' අහන ගමන් කොල්ලා බොහොම සුරුවමට කැරට් අහුරක් අරන් ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් තිබ්බා.. ග්‍රෑම් පන්සිය ගානක්..

'ක්‍රැට් දෙසිය පණහයි'..
එක පාරටම සුවඳ පතුරගන ආපු පැඟිරි කෙල්ලක් තාලෙට කිව්ව පමාවට කොල්ල තරාදියෙන් කැරට් ටිකක් එලියට දාලා දෙසිය පණහ හදන්න පටන් ගත්තා..
'යකෝ මට දාපු කිලෝ එක අතෑරලා පස්සෙ ආපු එකීගෙ දෙසිය පණහ දානවා.. මූ...'
සෝමවීරට ක්ශණිකව ආපු තරහට කන් දෙකත් රතු උනා..
එහෙම්මම ආපහු හැරුනු සෝමවීර දිග අඩි තියමින් එතනින් අයින් වෙනකොට වරද වටහ ගත්තු කොළුවා 'සර්.. සර්...' කියනවා ඇහුනත් පස්ස වත් බැලුවෙ නෑ..

මාකට් එකේ දෝංකාර දෙන සද්ද මැද්දෙන්පාට පාට එළවළු තට්ටු අස්සෙන් කැරට් ගොඩවල් තැඹිලි පාටට හිනාවෙන හැටි සෝමවීරට පෙනෙනකොටම එක කැරට් ගොඩකට විරිත්තලා ගාණ අහන්නෙවත් නැතුව කිලෝ එකක් අරන් එලියට බැහැලා බස් එකට ඇවිල්ලා වාඩි වෙලා නලලට දාපු දාඩිය ටික පිහගත්තට පස්සෙ.. ලොකු හුස්මක් පිට කලා..

තදට අල්ලගත්තු කැරට් පාර්සලේ සෝමවීරගෙ අතින් අතෑරුණේ කිලෝමීටර් ගාණක් බස් එකේ ගිහින් බැහැලා ආයෙ පයිනුත් ගිහින් ගෙදරටත් ගිහින් ගේ ඇතුලට යනකොට නෝනා ' වීරේ, කැරට් ගෙනාවා නේද?' කියල අහනකොටයි. එතකොට ඔන්න දෙවනි දිග සුසුමත් පිට කරලා ශර්ට් එකේ බොත්තං ලිහිල් කලේ හරිම මහන්සියක් දැනෙන්න ගත්තු නිසා..
කාලෙකින් නෙ එලියට බැස්සෙත්...

'මොනවද මනුස්සයෝ... මේ උස්සගෙන ඇවිත් තියෙන්නෙ..? මම කිව්වෙ කැරට් ගේන්න කියලා.. මේ මොනවද මේ නූල් නූල් වගේ...????'

'හ්ම්ම්... '
ශර්ට් එකේ බොත්තං තුනක් ගලවනකොටම නෝනා වර්ණනාව පටන් ගත්තා.. එහෙම්මම සාලෙ පුටුවක් උඩට 'දඩස්' ගාලා අතෑරලා දාපු කැරට් පාර්සලේ දිහා ඇස් කොණෙන් බලපු සෝමවීර හෙමින් සැරේ ටැප් එක පැත්තට ගියා..

පොඩි වොශ් එකක් දාගෙන ආපු සෝමවීරට උණුසුම් තේ කෝප්පයක් හදල දෙන්න නෝනා පුරුද්දෙන්ම ක්‍රියා කලා.. සන්සුන් විදිහට මුණේ ගැනත් විස්තර ඇහුවා.. ඒ අහන ගමන් කුස්සියට යන්න පිටත් වෙනකොටම අර කැරට් පාර්සලේ දැක්කා..

' මොනවද වීරේ මේ පොඩි දරුවෙක් වගේ කරන වැඩ..? මෙව්ව උස්සන් එනවද මෙහෙම ගෙදරකට? අඩු ගානෙ ගාන වත් අහන්නැතුව ගන්න ඇත්තෙ.. මම දන්නවානෙ ඉතින් කෙනාගෙ හැටි..'
නෝනගෙ කට ආයෙත් මුවහත් වේගන එනකොට සෝමවීර හෙමිහිට වත්ත පහල බණ්ඩක්කා , අමුමිරිස් හදපු පැත්තට පල්ලම් බහින්න පටන් ගත්තා..

රෑට කන්න සූදානම් වෙනකොට ඔන්න තවත් වතාවක් නෝනගෙ ඉවසීම නැති උනා..
'වීරෙ.. ඕන දෙයක් කරල සද්ද නැතුව ඉන්න නම් දන්නවා. ඔයාට වැඩ කියනවාට අකමැතියි කියල දන්නවා.ඒත් ඉතිං මෙහෙං ගිණි ගණන් වලට කැරට් ගන්නවාට වඩා නුවරින් අළුත් පිට හොඳ ඒවා ගන්න පුළුවන් නිසානෙ ඔයාට ගේන්න කිව්වෙ.. ඒත් බලන්න ඔයා කරපු දේ.. මූණට දමල ගැහුවා වගේ වැඩක් නෙ...'

තරහටත් එක්ක ගැම්මට වැඩ කරන ගමන් 'සුරුස්..' ගාල හොටු දල්ලක් ඉහලට අදින ගමන් නෝනා ඇත්තටම හිතේ වේදනාවෙන් කියවන හැටි සෝමවීර බලන් හිටියෙ හැඟීම් විරහිත මනුස්සයෙක් වගේ.. ඇත්තටම කිසිම හැඟීමක් දැනුනෙ නෑ කිව්වනම් හරි තමා..

ඈත ඉස්කෝලෙක වැඩකරන දුවව බස් එකට දාන්න උදේ පාන්දර යන්න වෙන නිසා කලින්ම නිදාගන්න ඇඳට ගිය සෝමවීරට මහන්සියටම නින්ද ගියත්.. හ්දිස්සියෙන්ම ඇහැරුනේ කුස්සියේ වැඩ ඉවරකරලා ඇඳට ආපු නෝනාගෙ ගැස්සිල්ලට..

'ඇත්තටම මට තාම හිතාගන්න බෑ ඔයා ඇයි මෙහෙම දේවල් කරන්නෙ කියලා.. ' ආයෙමත් කුණු කුණු සද්දෙට නෝනගෙ කියවිල්ල පටන් ගත්තා නින්ද නොනින්ද අතරින් සෝමවීරට ඇහුනා.

එදා රෑ හීනෙන් සෝමවීරට ලොකු කැරට් අලයක් පෙනුනා.

නෝනා පාන්දර නැගිටලා කුස්සියට ගිහින් වතුර එක රත් කරනකොට නැගිටලා කුස්සිය පැත්තෙ රවුමක් ගහන එක සෝමවීරගෙ පුරුද්ද.. තමන්ගෙ තේ මග් එක අරගන උගුරක් තොල ගාන ගමන් එලියෙන් එන සීතලට පපුව අල්ලපු සෝමවීරට කුරුලු සද්ද අහන්න කලින් නෝනගෙ සද්ද අහන්න උනේ නෝනා කැරට් උයන්න කල්පනා කරපු නිසා..
'බලන්න වීරෙ.. මේවා සුද්ද කරන්නෙ කොහොමද? අල්ලන්නෙ වත් කොහොමද? මේවා කැරට්ද අම්මපා..?? '

'හ්ම්ම්... ඒක තමා'
සෝමවීර කිව්වා.
' කෝ දෙන්න බලන්න..' 

කියලා දෝත පෑවත් නෝනා කුණු කුණු ගාන ගමන් උනත් කැරට් ටික සෝමවීරගෙන් ඉවතට අරන් තිබ්බෙ මේ නම් කැරට් බැලිල්ලට වඩා වත්ත පහල ගෙම්බන්ට කැරට් පෙන්නිල්ලකට සැරසෙන බවක් දැනුනු නිසා වෙන්න ඕනෙ.

එහාට මෙහාට වෙලාව ගතවෙනකොට හිත තැලුනු සෝම වීර කෑම කාමරේ පුටුවකට වෙලා පරණ පත්තරයක් බලන්න පටන් ගත්තා.

දුවත් නැගිටලා කුස්සිය පැත්තට ආවෙ තමන් හා හා පුරා කියල වැඩ භාර අරන් වැඩ කරන අති දුශ්කර පාසලට රෑ කළුවර වෙන්න කලින් යන්න නම් ගෙදරින් පාන්දර කළුවර තුරන් වෙන්න කලින් පිටත් වෙන්න ඕන නිසා.

'ඔන්න බලාගනින් දුවේ උඹේ තාත්තගෙ කැරට්..! මෙව්ව තමයි නල්ල මලෑඉ කැරට්..!! ටිකක් ඔතා ගනින් උඹේ ළමයිටත් පෙන්නන්න .. උනුත් දැකල නැතුව ඇතිනෙ මොනවද කැරට් කියන්නෙ ..කියලා'

නෝනගෙ සද්දෙ කුස්සියෙන් එනකොට නම් සෝමවීරට තවත් උහුලන් ඉන්න බැරි උනා...

අඩි දෙකට කුස්සියට යැවුනු සෝමවීරට තමුන්ගෙ කට පාලනය කරගන්න සෑහෙන වෙලාවක් ගත උනා.. වේගයෙන් ගැහෙන හදවත වෙනම දැනෙන්න පටන් අරන් දාඩියකුත් දාල මහා මහන්සියක් දැනෙනකොට තමා සෝමවීරට තමුන්ට තරහ ඇවිස්සිලා කියල තේරෙන්න පටන් ගත්තෙ..

එහෙම්මම කතා නැතුවා කාමරේට ගිහින් කමිසයක් දාගෙන දුව සූදානම් වෙලා එනකන් ඉස්තෝප්පුවට වෙලා බලන් ගිය සෝමවීර පුටුවක ඉඳගත්තා...

කැරට් අලයක් වගේ හැඩේ තියන ඉස්කූටරේ නංවගන දුවව ගෙනිහින් බස් එකට නග්ගනකොට දුවගෙ මූණ ඉඹිනකොටයි දැක්කෙ දුවගෙ නහයත් නිකන් කැරට් අලයක් වගේ නේද කියලා..

රතුපාට ලයිට් එක්ක පත්තු උන තැඹිලි පාට සිග්නල් ලයිට් එක අඳුරෙ දිලිසුනේ කැරට් අලටක් වගේ... බස් එකත් ඉස්සරහ ලොකු පස්ස පොඩි කැරට් අලයක් වගේ ලොකුවට තිබිලා පොඩි වෙවී ගිහින් නොපෙනීම ගියා..

සෝමවීර එතනම බිම ඉඳගෙන ගෙදර ගෙනියන්න කැරට් ගලවන්න පටන් ගත්තා..

51 comments:

  1. කැරට් වල සීනි.. හැක්

    ReplyDelete
    Replies
    1. මිදි තිත්තයි
      ජයවේවා..!!

      Delete
  2. Replies
    1. හහ් හහ් ප්‍රා... මාකට් එකේ මිළ ඇහුව නම් ඕක ශුවර් හැදෙනවා
      ජයවේවා..!!

      Delete
  3. චන්දෙ කිට්ටු වෙනකොට ලොකු ලොකු කැරට් ලාබෙට හම්බවෙයි හිටං.

    ReplyDelete
    Replies
    1. හැබැයි කස්ටියක් ස්වෙච්ඡාවෙන්ම කැරට් අරන් පශ්චාත් භාගෙ ඔබාගන වගේ මීක් නෑ දැන්.. ඡන්දෙ කියනකොටත් බය හිතෙනවා ඒ මහත්තුරු දකිනකොට.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  4. හෙන කාලෙකින් නේ....... මේකනම් බොට වුන සීන් එකක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. ඕ බං.. මාව නැති වෙලා හිටියනෙ.. ආයෙ හම්බුනා.. හෙහ් හෙහ්
      මට කොහෙද මෙහෙම වෙන්නෙ.. ගස්ලබ්බි රත්තරං මේ එක්ක බලනකොට
      ජයවේවා..!!

      Delete
  5. ඇයි කැරට් කාපන් ගස්ලබු
    මාස 6කට පස්සෙආ ෙමතන කැරට් උස්සන්

    ReplyDelete
    Replies
    1. හපොයි... ඇයි මද්දො අවුල්ද සීන් එක?
      ජයවේවා..!!

      Delete
  6. අපි පොඩි කාලෙ ගේ වටේම තිබ්බෙ කැරට් , කාලයක් මට සෙට් වෙලා හිටපු කෙල්ලගෙ කාඩ් එක කැරට් . දැන් මගෙ අකමැතිම එලවලුව කැරට්.

    ReplyDelete
  7. අපි පොඩි කාලෙ ගේ වටේම තිබ්බෙ කැරට් , කාලයක් මට සෙට් වෙලා හිටපු කෙල්ලගෙ කාඩ් එක කැරට් . දැන් මගෙ අකමැතිම එලවලුව කැරට්.

    ReplyDelete
  8. අපි පොඩි කාලෙ ගේ වටේම තිබ්බෙ කැරට් , කාලයක් මට සෙට් වෙලා හිටපු කෙල්ලගෙ කාඩ් එක කැරට් . දැන් මගෙ අකමැතිම එලවලුව කැරට්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කැරට් 3ක් සෙට් වෙලා හිටියද?
      එපා වුනේ අජීරණයක් නිසාද?

      Delete
    3. තුන් පාරක්ම එකම කෙල්ල සෙට් වෙනකොට එපා වෙන එක අහන්නත් දෙයක්යැ. හැක්..

      Delete
    4. කම්මලගෙ ට්‍රිපල් කැරට්ටුව

      Delete
    5. අද ඔරිමජිනල් කම්මල.. :))))))

      Delete
    6. @දේශකයා,
      කොපි කල හැක, සමකල නොහැක. හැක්..

      Delete
    7. ආයි ලෙඩේ ත්‍රිබල් වෙලා හැදිල.

      Delete
    8. මේ තෙවරක් පෙරුම නිසාම කම්මලේ හොඳම පුකර් වූ වගයි..!!!
      ජයවේවා..!!

      Delete
  9. නියමයි!
    ලස්සනට කතාව ලියවිලා තියෙනවා.
    එක දිගට කියවන් යත හැකියි විදියට.

    කැරටුත් ඉතින් ගස් ලබු පාටමනේ. ගැලපෙනව.

    ReplyDelete
    Replies
    1. තැන්කූ නයනේ..
      ජයවේවා..!!

      Delete
  10. අප්පට.. උඹ තාම යහතින් ඉන්නවා නේ.. මේ වගේ ගස්ලබු කතාවක් කියවන්න එක්කෝ උඹ නැත්නං අර ඉවාන් පවුලූස් වගේ එකෙක් ලියන්නම ඕනි.. බොරු කියන්නේ මොකද හරිම අමාරුවෙන් කියෙව්වේ.. එකක් සීනි අමාරුව ගැන කියපුව.. අනික.. උඹ ලියල තියෙන විදියෙන් සෝමවිරයා ගේ පිඩනේ අපිටත් අඩු නැතුව දෙනවා..

    නියමයි! ආපහු ලියපන් කම්මැලි නැතුව.

    ReplyDelete
    Replies
    1. යහතින් කෙසේ වෙතත් තාම ඉන්නෝ කමියො.. මනුස්සයෝ.. ඉවාන්ලගෙ වැඩ එක්ක අහලකින් වත් යන්න ඇහැකිය අපට.. පිස්සු නේ..
      මොනව උනත් මේ කොමෙන්ට් එකෙන් උඩ ගිය යෑමට දැන් ගස්ලබ්බ ඇවිදිනෙ කැරට් අලයක් *කේ ගහගත්තු ගැම්මට.. ආයෙ ඉතින් දන්නවානේ..
      හෙහ් හෙහ් හේ..
      කම්මැලි නැතුව ලියපන් අයියණ්ඩි..
      ජයවේවා..!!

      Delete
  11. ඕක සිරා සීන් එක බං. බැඳල ටිකක් කල් යනකොට තමයි තේරෙන්නෙ.

    දවසක් මාලුකාරයෙක් මට කියනව, "ගෙදරට ගේන මිනිහ තමයි බැණුං අහන්නෙ. මොනවත් ගේන්නැතුව, තියෙන දේ කාල යන එකාට ඔය මොකුත් ප්‍රශ්නයක් නෑ..." කියල.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කතාවත් එක්ක එකෙන්ම එකඟයි. පිඟන් හෝදන එකා අතින්නෙ බං බිඳෙන්නෙ..
      එනිවේ බොලාට අන්තර්ජාලෙ හම්බෙලා වගේ.. සුපුරුදු ඩ්‍රැකී ආතල් එක හම්බෙයි එහෙනම්.
      ජයවේවා..!!

      Delete
  12. "එදා රෑ හීනෙන් සෝමවීරට ලොකු කැරට් අලයක් පෙනුනා."

    මම වීරේ වුනානම් ඒ විසාල කැරට් අලෙ ගෑණිගේ පුකට බස්සල කටේ සද්දේ අඩු කරනවා

    ReplyDelete
    Replies
    1. එතකොට උඩ යට මාරුවෙයිනෙ බං.. උඹ හරි ප්‍රචණ්ඩ ඇනෝ කෙනෙක්.හෙහ් හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  13. නියම කැරට් කතාවක්. ලනක්වේ කැරට් එංගලන්තටත් වඩා ගණන් ලු නේද? එහම් තමයි දිද්යුනු වෙනකොට. අර කවුද ඇමති කෙනෙකුත් කියල තිබුනේ :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. කැරට් වල ඇත්තම පාට තැඹිලි පාට නෙමෙයි දම් පාට කියලත් කියනවා දැක්කා. දැන් නං මෙහෙ පොල් ගෙඩියටත් මිළ ගහන්නෙ අමෙරිකන් ඩොලර් වලින්.. එච්චරකට දියුණුයි.. හෙහ් හෙහ්..
      කාලෙකින් මේ පැත්තෙ දැකීමත් සතුටුයි අජිත් මහතැන්..
      ජයවේවා..!!

      Delete
    3. දම්පාට කැරට් තියනවා තමයි. ඔය පුඩින් වගේ දේවල් හදනව අපේ නෝනා නම්.

      Delete
    4. AnonymousDecember 8, 2017 at 4:54 AM
      This comment has been removed by a blog administrator.

      ගස්ලබ්බා උගේ ඇට නැති බව ඔප්පුකරලා පෙන්නලා u පුස්සෙක් බව

      Delete
    5. AnonymousDecember 16, 2017 at 7:44 AM

      අන්න එහෙම කියන දෙයක් මට කියපං.. එව්වට ඉඩ තියනවා

      Delete
  14. ගස්ලබු කැරට් කතාවකින් කාලෙකට පස්සෙ ඇවිත්... කොහෙද අප්පා ගිහින් හිටියෙ

    ReplyDelete
    Replies
    1. මටත් මාව හොයා ගන්න බැරි වෙලා නෙව උන්නෙ.. දැන් නං ආපහු වැඩේට බහින්න ඕනෙ..
      ජයවේවා..!!

      Delete
  15. ඇත්තම කියනවනම් ඔය කැරට් කතාව සහතික ඇත්ත බං. ඒක එළවලු කඩයකවත් අතට අහුවෙන සයිස් කැරට් නැහැ. ලීක්ස් වලටත් ඒ සෙතේමයි. මම හිතන්නේ ඔය ලොකු සයිස් එව්වා වෙනම පාරකින් රෙස්ටුරන්ට් වලට විකිනෙනවා. ඉස්සර තිබ්බ ලොකු ළූණුත් දැන් රතු ළූණු සයිස් වෙලා. තක්කාලිත් ජිල් බෝල සයිස්. මම ඇත්තටම හිතුවේ පිටරටවල ඉඳන් ගියාම අපිට එව්වා පොඩියට පේනවා කියලයි. මේක කාලීන මාර්තුර්කාවක් ලබ්බෝ.. එක්කෝ ගොවියන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය පහත වැටිලා.. නැත්තම් අපේ රටේ පොළොවේ සාරය නැතිවෙලා. යන්ත්‍ර සූත්‍ර වලින්ම හිටවලා යන්ත්‍ර සූත්‍ර වලින්ම ගලවලා වෙළඳපොළට එන පිටරටවල කෘෂි නිෂ්පාදන තත්වයෙන් ලංකාවට වඩා හුඟක් වෙනස්. පාරම්පරික ගොවියෝ ඉන්න අපේ රටේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය එන එන්නම පහල යනවා.

    ReplyDelete
    Replies
    1. අපේ පොළොව විනාසවෙලා තියෙන්නෙ බං.. ගොයියො තෙල් බෙහෙත් කොක්ටේල් කරල ගහනවා.. ඉතිං පද්ධතියම කුරුවල්.. මෙව්වා බලන්න හදන්න ඉන්න උන්ටත් ඔෆිස් වලින් එලියට බහින්න උවමනාවක් නැතිකොට ආයෙ කවර කතාද? ඔක්කොම රටින් ගෙන්නන සීන් එකක්නෙ තියෙන්නෙ දැන්
      ජයවේවා..!!

      Delete
  16. නොදකින් කැරට්. නොදකින් මෙහෙම ගෑණු

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි ප්‍රචණ්ඩ වෙලා වත්ද?
      ජයවේවා..!!

      Delete
  17. නැවත පැමිණීම ගැන සතුටුයි . මාරු කතාව කැරට් මේ දවස්වල කැරට් 24 ට වඩා වටිනවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ අක්කෙ.. කැරට් 24 ගාන ගෙව්වත් හම්බෙන්නෙ මේ වගේ ප්‍රතිඵල උනාම කොහොමෙයි සංතෝසෙ.?
      ජයවේවා..!!

      Delete
  18. කැරට් වලට වගේම මේ කැරට් කතාවටත් මම ආසයි,

    ReplyDelete