Wednesday, May 9, 2018

ඒ විජය මම වෙමි



කුවේණිය නුඹ දන්නැතුව ඇති
සාප ලත්
ලාට රට සිටු මැදුරු බිඳ දා
දිළින්දන් කුසගින්න නිව්වෙමි
නොරිසි රජ සැප තියාගත්දෙන්
ද්‍රෝහියා මං පිටුවහල් විම්
නුඹයි ජීවය
නුඹයි ප්‍රාණය
රැක ගන්න නම් දීප වාසින්
තමයි මම කැපකලා ඔබ
තමයි මම කැපකලා දරුවන්
පසුපසින් ආ මගේ පාපය
නොගිලගනු වස් ඔබේ දීපය
ලදිමි සාපය ලදිමි මම
මුවින් නොදොඩා එකදු වදනක්..

23 comments:

  1. Replies
    1. එහෙමලු කියන්නෙ
      ජයවේවා..!!

      Delete
  2. හය මාසකට පස්සෙ ලියන එකත් නන්නපෝල් කෙළින්නේ නැතුව කියවන්න දෙයක් ලියපං බං.

    ReplyDelete
    Replies
    1. අනේ මංද හැලපයියෙ.. කුවේණි කියලා සිංදුවක් ඇහිලා එක පාරටම ඔහෙ ලියවුනා. නිකමට දැම්මා... තදට හිතට ගන්නම් උපදේසෙ
      ජයවේවා..!!

      Delete
  3. ෂිටි විතරක් මදෑ තකාලෙකින් ලබ්බ කතාවක් දාල කියල හිතන්

    ReplyDelete
  4. යකෝ උඹ ලියපු කල්...

    අපුර්වි ඔමායා මෙන්න ඹහේ ගැන මු කවි ලියලා

    ReplyDelete
    Replies
    1. මගේ කෑල්ල ගැන කවි ලියන්න ලබ්බා කව්ද බං.. හැක්..

      අම්මප අවුරුදු දෙකකින් විතර දැක්කේ නෑ අපුර්වි නංගිව

      Delete
    2. හප්පට සිරි අපූර්විත් කුවේණි නෙව..

      නෑ නෑ දූසක මහත්තයෝ.. අපිලා අහිම්සක මුනියලා
      ජයවේවා..!!

      Delete
  5. ලස්සන ෆිගර් එක

    ReplyDelete
    Replies
    1. ආවුස් අප්පා.... පළාත්සබා චන්දෙ ඉල්ලන්න ඇහැක් වෙයිද?
      ජයවේවා..!!

      Delete
  6. ඒ කියන්නේ ඉන්දියාවත් ගොඩ දාල මෙහෙ ඇවිත් ලංකාවත් ගොඩ දාල.. ඒත් අන්තිමේ ඉතුරු වෙලා තියෙන්නේ සාපය විතරයි.. අපි මූට.. සොරි විජේ කාරයාට සළකනවා මදිනේ යකෝ.. :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ කියන්නෙ
      ජයවේවා..!!

      Delete
  7. Replies
    1. බලන්න නන්දා..
      ජයවේවා..!!

      Delete
  8. ඔය විජයද?

    ReplyDelete