Wednesday, April 1, 2015

උන් රවනවා මට



ඇස් හීන් වෙනතරන් සන්තෝසෙන් මේ රූපෙ බලමුද? නැත්තම් ජපන් බබා වගේ ඇස් දෙක හීනි කොරගෙන මේ රූපෙ බලල හිටියත් කමක් නෑ..











කන්නට කෑල්ලක් පාන්
ඇච්චගෙ කිරි ගින්දර නිවන්න
ගන්න පිටි ඇබිත්තක්
පොලිය විතරක් වත් දෙන්න
ඉතිරි එකම චේන් එකේ
අනේ....
හිතල කෙරුවා නෙවෙයි
විරිත්තුවේ මටමයි
උන් ඉඳගෙන මම හිටගෙන
බඩ කනට ලඟ වැඩි උනාදෝ
වටේ උන් රවනවා මට
බඩගින්නටයි ගොරහඬ
හිනා වෙයන් මහතුනේ
මම යනවා තෙමෙන්න
මහ වැස්සේ...
හිනා වෙන කඳුලු කැට
සේදිලා යයි..
පිස්සෙක්..!
නෑ බං පිස්සු *ත්තෙක්..