Monday, March 2, 2015

ඒ වගත් මෙසේම - මේ වගත් එසේම




"ගෙදෙරෙ කවුදේ.....?????"
"ගෙදෙරෙ කවුදේ.....?????..................."

භව් ... භව්....වාආඅව් භව්..

මහත් කම්මැලිකමකින් හිස ඔසවා බලන රංදික ට ගේට්ටුව අසල මල්ලක් තුරුල් කරගත් ගැහැණියක් හඬ නඟනවා පෙනුනි.
බල්ලන්ගේ සැර වැර වලට බියෙන් ඇය, ඇඳ සිටින චීත්තය පොටකින් වැරෙන් අල්ලාගෙන පස්සෙන් පස්සට යනවා දුටු නිසා
'ඔහෙ යන්න යයි' කියා හිස හරවන විටම

"ගෙදෙරෙ කවුද.....?????..........."

හෝන් එක නැවත වාදනය විය.ලේසියෙන් යන පාටක් නෑ...

රංදික අමාරුවෙන් ඉස්තෝප්පුවට පිය මැන්නේ, ලාබ හවුස්කෝට් එකක්,පරණ චීත්තයක් ඇඳගෙන බැගෑපත් බැල්මෙන් තමාවෙත් නෙත් යොමන ස්ත්‍රිය දිටීය.

'මහත්.....' භව්..භව්...

බල්ලන්ගේ කන්දොස්කිරියාව නිසා කී දේ අපැහිදිලි මුත් පුරුද්ද විසින් මෙහෙය වූ රංදික කාමරයට ගොසින් යම් මුදලක් රැගෙන ආවේ ඇය කෙරෙහි අනුකම්පාවක් ඉපදුන නිසාවෙනි.

'කෝ..??? ගිහින්ද?'
තමන්ටම කොඳුරමින් වට පිට බලන විට බල්ලන්ට නොපෙනෙන්නට මාවතේ අයිනක එකෙල මෙකෙල වෙමින් සිටින ඇය ඔහුගේ නෙතට හසු වින..
සෙමෙන් සෙමෙන් ඇය වෙතටම ගොස් මුදල පිරිනැමූ විට ඇය රංදිකට මහත් යටහත් පහත් බවක් පාමින් දසන් දක්වා දෝතින්ම එය පිලිගත්තාය.

ඒ අතරම..

'අනේ මහත්තයෝ.. අනතුරක් වෙලා පුතා එකතැන් වෙලා... අහක දාන ඇඳුමක් එහෙම ලැබෙනව නම් ලොකු දෙයක්...'
කීවේ හිස පැත්තට ඇලකරමින් බයාදු හඬිනි.

'හ්ම්.. හ්ම්.. ඔහොම ඉමුකෝ..'

රංදික නැවතත් නිවසට විත් පෙරදා සෝදා දැමූ තමාගේ හා පියාගේ ඇඳුම් කීපයක් ගෙන ආවේ කල්පනාවෙන් බරවූ සිතිනි.

මේ වනතුරුත් තම දැඩි මුර කාවල් බිඳකට වත් ලිහිල් කිරීමට අකමැති වූ සුනඛ සේනා තම දේපල අන්සතු කිරීමට නම් තම තදබල විරෝධය පල කළේ නොනවතින බිරුම් කෙඳිරුම් හඬිනි.
එය නොතැකූ රංදික...,

'පුතාට මොකද උනේ..?'

'අනේ මහත්තයෝ බස් එකකට අහුවෙලා.. සුසුම්නාව කැඩිලලු.'

'දැන් ඇවිදින්න බැරිද? රෝද පුටුවකද?'

'නෑ මහත්තයො... ඇඳක වැතිරිලා ඉන්නෙ... දැං ඉතින් බෙහෙත් හේත් කරනෙත් නෑ... කිරිපිටි එකක් බොන එක තමයි කරන්නෙ.'

'මේ ඇඳුම් ඔක්කොම දැනටත් අඳින ඒවා..
ආ.... මෙන්න මේකත් ගන්න..' යි පවසමින් තවත් සුලු මුදලක් ඇය අත තැබීය..

'අනේ ඉස්සර මෙහෙම ඉල්ලන්න ගියේ නෑ... දැං වෙන කරන්න දෙයක් නෑ මහත්තයො..'
බැගෑපත් හඬින් ඇය කෙඳිරීය.

ඇය නොකීවත් ඇගේ තෙත්වූ දෙනෙතින්.. ආත්මානුකම්පාවෙන් මැඩීගිය වතින් ඒ බැව් මොනවට පිලිබිඹු විය.

'මහත්තයා....ම්ම්... ම.. ම්....'

තමන්ගෙ දෙපය දෙස බලනා ඇය අසන කාරණය පැහැදිලිය..

'ඔවු....
මාත් බස් එකකටම තමයි අහු උනේ.. තාම කකුල් ඩැමේජ්.. 
ඇවිදිනකොට කොර ගහන්නෙ ඒකයි..'

කාන්තාව තමන්ට සෙත් පතමින් මොනවදෝ කීවත් ආපසු නිවසට කොර අනින රංදිකට ඒවා ඇසුනේ නැත...

අනතුරෙන් පසු කාලයේ ප්‍රතිකාර කළ සැටි.. 
ගණන් හිලවු නොබලා... උදයක් රැයක් නොබලා... 
වෙහෙසුනු අයුරු...
රැකියාවෙන් රංදික ඉතිරිකරගත් සොච්චමත් වියදම් කිරීමට සිදුවීම නිසා තව තවත් තැවුනු අයුරු...
අදටත් රංදිකට නොපෙනෙන්නට තෙත්වූ නෙතින් ඔහු දෙස බලමින් සුසුම් හෙලන අයුරු...


'අම්මා...'


ගතින් පමණක්ම වෙනස් වන................,නොසිඳෙන නෙතින් යුතු ලොවේ වෙසෙනා සහසක් මව්වරුන් සිහි වී රංදිකගේ රත්වූ නෙත් කෙවෙනි තුලින් කලකට පසු උණු කඳුලක් මෝදුවනු දුටු නිසාදෝ සුනඛ පෝතකයින් නැගූ කූක් කූක් කෙඳිරිය මැකීයන්න සෑහෙන වේලාවක් ගතවූයේ....


(පින්තූරය ගූගල් වෙතිනි)

24 comments:

  1. අම්මා... ජීවන උයන් තෙරේ..
    නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ..
    ඔබ මට සුවය ගෙනේ..

    කියලා නිම කරන්න බෑ.. 'අම්මා'..

    ReplyDelete
    Replies
    1. සිරාවටම... කියන්න වචන නැති දෙයක් ගැන ලියන එකත් මොකක්දෝ වගේ.ඒත් නොලියා ඉන්නත් බෑ නෙව...
      තං තෝසෙයි අදහසට.

      Delete
  2. ඔය තියෙන්නෙ තව පැත්තක්.....!
    තාමත් කකුල්දෙක හොඳනැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං..
      තං තෝසෙයි මේ පැත්තෙ ආවට... අදිගටම ගස්ලබු ගණින්න එන්න හොඳේ...

      Delete
  3. ඔව්ව සර්වලෝක ධර්මතා බං. මිනිස්සු දුකට වැටෙන එක, මිනිස්සු උදව් කරන එක, අම්මගෙ ආදරය...

    ReplyDelete
    Replies
    1. මොන තත්වෙකදි උනත් 'අම්මා' කියන චරිතය හැසිරෙන්නෙ තමන්ගෙ දරුව වෙනුවෙන් කියන එකයි මට කියන්න ඕන උනෙ බං.ඒකට කිසිම කොන්දේසියක් නෑ... ඒක මහ පුදුම ආදරයක්.
      ආයෙ එන්න..

      Delete
  4. අම්මා දරුවන් වෙනුවෙන් හිඟාකන්න විතරක් නෙවෙයි වෙසාකමේ යන්නත් ලජ්ජා වෙන්නේ නැහැ. අම්මා කියන්නේ ඒ අම්මාට විතරයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.. අන්න ඒකනෙ කියන්නෙ.. කිසිම කොන්දේසියක් නැතිව ඕනම දෙයක් දරුවො වෙනුවෙන්.ගොඩක් අම්මලා තමන්ගෙ පුතාව තව කෙනෙක් එක්ක බෙදාගන්නත් අකමැති ඒ නිස වෙන්න ඇති.
      ආයෙත් එන්න..

      Delete
  5. සංවේදී කතාවක් ගස්.............. (අනික් කෑල්ල විතරක් දැම්මොත් අවුල් නිසා)

    ඔබේ ලියැවිල්ල අත්දැකීම් බහුතරයක් අැති කෙනෙකුගේ වගෙයි... නියමයි.. දිගට ම ගස් ලබු කමු.........

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ජීවත් වෙන්න පුදුම දුකක් විඳින්නෙ.අර උඹේ කවි ටිකේ කිව්ව වගේ.. ඒ ජීවිත ගොඩ දාන්න මහ ලොකු දේවල් කරන්න ඕනෙ නෑ.. විධිමත් ක්‍රමයක් හැදුන නම් ඉවරයි.හැබැයි එතකොට ඡන්දෙ ගන්න අමාරුයි නෙව...
      කමු කමු..ලබු(ඝස් ළභු )

      Delete
  6. මට උබේ බ්ලොග් එක ෆලෝ කරන්න බෑනේ
    We're sorry...

    We were unable to handle your request. Please try again or return a bit later.
    මෙන්න මේ මැසේජ් එක දවස් ගානක්ම ආව

    ReplyDelete
    Replies
    1. පිං වතුනි... උපකාර කරනු මැන.. ගස්ලබ්බාට මෙය නොතේරේ... සමහර ගැජට්ටු එල්ලීමේ ගැටලු ද ඇත. තාක්සනික ඇත්තන් සලකා බලනු මැනවි..

      Delete
    2. http://www.ithelpzone.info/2014/03/blog-post.html

      ඔතනින් ගිහින් බලන්ඩෝ

      Delete
    3. මේ තියෙන්නෙ බඩු... ජය වේවා..!!

      Delete
  7. මම නම් දාගත්ත. කොමෙන්ට් එක නැතුව http://gaslabba.blogspot.co.uk/ විතරක් ඇඩ් කරන්න.

    ReplyDelete
    Replies
    1. එසේයැ.. එසේයැ...

      Delete
  8. ලස්සනට ලියල තියෙනවා අම්මා ගැන.

    ReplyDelete
    Replies
    1. හප්පේ... හරිම තං තෝසෙයි... තව තවත් ගස්ලබු හැදෙන්න පොහොර දැම්මට තුති වේවා..!!
      ආයෙ එන්න ගස්ලබු ගනින්න..

      Delete
  9. එළමකිරි ගස්ලබ්බෝ, දිගටම ලියහන්. නිතර කොමෙන්ට් නැති උනාට අපි එනවා.

    ReplyDelete
    Replies
    1. එන එක වටිනව.. කියවන්න නෙව ලියන්නෙ.. කොමෙන්ටුවක් කෙටුවම තවත් වටිනවා... හයියක් නෙව... දිගටම එන්න මේ පැත්තෙ..
      ජය වේවා..!!

      Delete
  10. Niyemeta liyala thiyenawa labbo. Okkoma ammala dewiwaru..

    ReplyDelete
    Replies
    1. කාගෙද කොතැනද කියලා නෑ ටික්කො.... අම්ම කියන්නෙ අම්මා...
      තං තෝසෙයි ගස්ලබු ගනින්න ආවට.. ආයෙත් එන්න...

      Delete
  11. අම්මා...
    උඹ කිව්වත් වගේ ලියලා ඉවරයක් කරන්න බෑ.."නුඹේ ගුණ නැත නිම්මා" කියන්නේ ඒකනේ..
    අම්මා කියන්නේ පොතක් නම් මේ ඒ පොතේ එක අකුරක් විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. ඒ පොතෙන් එක අකුරක් හරි ලියාගන්න පුලුවන් උනා නම් ඒක ලොකු දෙයක්...'මව' කියන්නෙ අසම සම චරිතයක් නෙව.
      තං තෝසෙයි තනිතරුව... ආයෙ එන්න..

      Delete