අම්මා සොයනා මා පුතුනේ
නාඬන් මා පුත රත්තරනේ
කොකුන් පිටින් ඈ කිරට ගොසින්නේ
කිරි එරවාගෙන එන්න ගොසින්නේ
පුංචි පැලක පුතු රජකරවන්නට
මැවූ සිහින පොදි බැඳගෙන හදතුල
ඉගිල්ලුනේ දුරු කතරට තනිවී
වැලි කතරේ රන් මසු ඇහිඳින්නට
මව් පිය සෙනෙහේ අයදින පුතු ලොව
මවු සෙනෙහේ නැති අඩුව මකන්නට
මව් වෙන්නම් පුතුනේ මින් මතුවට
පිතු වෙන්නම් පුතුනේ ඔබෙ තනියට
ගස්ලබ්බා ඕලෙවල් කාලෙ ඉස්කෝලෙ තරඟෙකට ලියපු ගීතයක්.පරණ පොත් පත් අවුස්සනකොට හම්බුනේ..
ReplyDeleteමගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
යන්න නුඹ උගසට දරු සෙනේ අරන්
ඇහැල මල් පිපිණු දෙවටෙදි හමුවෙලා එදා
දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා
අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා
පුංචි උන් අඩයි අම්මා බැස්සේ නෑ කියා
කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
නින්ද නෑ කියයි මගෙ කවි තාලේ නෑ කියයි
මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි
අඩන සිතට මල් පැණි නැතුව බැරි හැඩයි
ගායනය - අසංග ප්‍රියමන්ත පිරිස්
සද හාමිනේ මගේ දරුවන් උකුලේ තියා
Deleteනිදි මරනවා කිරනවා ඇති රෑ මැද නෙත නොපියා
දීපන්කරේ ආවෙ මගෙ දරු පැටවු නිසා
මට බය උන්ට මා අමතක වේද කියා....
කීවට කමක් නැ පැරකුම් ගැමුණු කතා
මං ගැන උන්ට ඉද හිටවත් කියන් ගොතා
පියෙකුගේ සිතේ දරු සෙනෙහේ කොතෙක් කියා
තේරුම් ගනී ලොකු උනදා අපේ පුතා.....
දැනුනොත් උන්ට නැතිබැරි කම අපේ කම
සැනසෙන්න අපට මොකටද ඉසුරු වෙන
අතමිට සරු උනත් විගඩම් මෝස්තර
නොදී හදාපන් උන් මගේ පණයි මට....
ගායනය - අසංග ප්‍රියමන්ත පිරිස්
මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
Deleteහොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්
යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්
මගෙ අමල් බිසෝ…
ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්
මගෙ අමල් බිසෝ… //
හඬ : සුනිල් එදිරිසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ
හම්මේ මේ තියෙන්නේ සින්දු
Deleteඇරෝ ඇරෝ.... සිංදු ඇනෝ සාදරයෙන් පිළිගන්නවා... එලස්....
Deleteමැලේ... ඒකත් නියමෙට සෙට් වෙනවා නේද? එල...ස්..
Deleteකෝ ඉතිං ඔමාගෙ සිංදුව..?
Deleteඅඩෝ.............. ගස් කවියක් ලියුවා...... ජයවේවා......... අපි කිව්ව විදිහට බය වුණා නේද?????? නියමයි ගස්... කවිය පට්ටයි... කවියකටත් වඩා ඒක ගීතයක පද වගෙයි පෙනෙන්නේ............
ReplyDeleteභය උන ථරම ඛියන්නෙ... මේක ගොඩක් කාලෙකට කලින් ඉස්කෝලෙ ගේය පද රචනා තරගයකට ලියපු එකක්... භයටමයි දැම්මෙ.. හෙහ් හේ... තංතෝසෙයි... ආයෙ එන්න..
Deleteඅඩේ බලන් ගියාම උබත් නොකරන ලබ්බක් නැනේ
ReplyDeleteඝශ් ලභ්භා සිංහල කොල්ලෙක්..ඒ නිසා ඕන එකයි එපා එකයි හැම එකටම හොට දානවා.. හෙහ් හෙ.. තං තෝසෙයි ගස් ලබු බලන්න ආවට.ආයෙ එන්න..
Delete// පුතු වෙන්නම් පුතුනේ ඔබෙ තනියට// මෙතන ගැලපෙනවද කියල බලපන් පැපෝ
ReplyDeleteලබ්බ කියන්න මොකක්ද වගේ හින්ද උඹට පැපෝ කිවුවෙ.
හුට්ටප්පරේට ගහපි කණාමැදිරියා කිව්වලු. මිශ්ටේක් එකක් නෙව... ඔන්න හැදුවා.. කම්මලේට ජය වේවා..!!
Deleteතං තෝසෙයි ගස් ලබු බලන්න ආවට.ආයෙ එන්න..
ලස්සනයි !
ReplyDeleteඉස්තූතියි ඔමා..
Deleteතං තෝසෙයි ගස් ලබු බලන්න ආවට.ආයෙ එන්න..
ජය වේවා....
ReplyDeleteමහේෂ්ටත් ජයවේවා..!!
Deleteතං තෝසෙයි ගස් ලබු බලන්න ආවට.ආයෙ එන්න..
ජයවේවා ලබ්බෝ, අර පුංචියට දාපු ඕ ලෙවල් කතාව ටිකක් ලොකුවට දාපං.. දිග මදි නිසා උඹේ කවිකාරකම ගැන කට්ටිය පටුවට හිතන්න පුළුවන් ඒ හින්ද.. දැන් අලුතෙන් ටිකකුත් ලියපන්. ඒ කාලෙත් එහෙනං උඹ හෙන කවිය ඈ...
ReplyDeleteඔන්න එහෙනං ලොකු කළා සජ්ජෝ... ඔය කියන කාලෙට පස්සෙ හිරිවැටිලා වගේ කාලයක් ගත උනා.දැං හිරි ඇරගන්න තැනකුත් තියෙන නිසා හිරි අරිමු...
Deleteතං තෝසෙයි සජ්ජා හැමදාමත් වගේ ආවට.. ආයෙත් එමු මේ පැත්තෙ..
ලස්සනයි කවි ටික..
ReplyDeleteතං තෝසෙයි දිනේශ්...
Deleteආයෙ එන්න ගස්ලබු බලන්න.
සුපිරි කවි ටික......
ReplyDeleteරූපේ....................රූපේ මහද පිනා යයි...
Deleteතං තෝසෙයි ආවට.. ආයෙ එන්න..
ලබ්බාගේ කාව්‍ය අභිශේකයට සුභ පැතුම්.මටනම් මතක්වුනේ නෙලන්නට ගොසින් "කියන රුකාගේ සින්දුව.ඔය මොනවා කිවුවත් අම්මලත් පවු...තාත්තලත් පවු....ළමයිනුත් පවු....ඒත් මේ යන සිස්ටම් එක අනූව වෙන මොනවා කරන්නද?
ReplyDeleteජය වේවා......
වටෙ පිටේ අහපු දැකපු දේවල් ටිකක් කාලෙකට කලින් ලිව්වෙ..මේ යන සිස්ටම් එකට අනුව ඉක්මනටම ගස්ලබ්බටත් පව්.. ජයවේවා කටුසු... තං තෝසෙයි මේ පැත්තෙ ආවට.ආයෙ එන්න..
Deleteරස කවි ලබ්බ....!
ReplyDeleteතං තෝසෙයි Jay ... ආයෙත් එන්න ගස්ලබු රස බලන්න.
Deleteදවස් ගානකින් ගොඩ උනේ.. ගීතයකට සුදුසු නිර්මාණයක්.. ඕ ලෙවල් කාලෙ නිසා අවුලක් නෑ.. හැබැයි වචන වලින් තව පොහොසත් වෙන්නෝනේ.. ජය ශ්‍රී!
ReplyDeleteපොඩි කලෙ ඉතින් ඔහොම තමයි... හෙහ් හේ... ක.මි පේන්න නැත්තෙ මොකෝ කියල කල්පනා කර කර හිටියෙ... පොහොසත් කොරල ගමු ටික ටික.. අධුනිකයො නෙව... තං තෝසෙයි.. ආයෙ එන්න..
Deleteඋබ මෙ වැඩෙට දක්සයෙක් වගෙ ලබ්බො
ReplyDeleteතං තෝසෙයි... මෙන්න මගෙ ගනෙ රස ගස්ලබ්බක්..!! දිගටම එන්න මේ පැත්තෙ
Deleteආය අලුතෙන් සිනි පිටි කෙසෙල් දාන්න දෙයක් නෑ උඔගේ ගස්ලබ්බට..
Deleteඑපා යකෝ මේ වගේ එවා ලියන්න..අඩන්න පුලුවන්ද ඔපිස් එකේ..
ReplyDeleteමම පොඩි මෙන්ඩාවයි සදුයි ආදේශ කරලා බැලුවා..
මම යනවා දුමක් දාන්න.
මෙන්ඩ කියන ඔය ආදේශ වීම තමයි හිත කීරි ගැහෙන සීන් එක.. ඇත්තටම අහපු දැකපු දේවල් දරාගන්න බැරිව ලිය වුන එකක් ඕක..
Deleteමටත් පාරක් දියං එහෙනම්..
ආයෙ එන්න..