Friday, March 13, 2015

කොකුන් පිටින් ඈ කිරට ගොසින්නේ





අම්මා සොයනා මා පුතුනේ
නාඬන් මා පුත රත්තරනේ
කොකුන් පිටින් ඈ කිරට ගොසින්නේ
කිරි එරවාගෙන එන්න ගොසින්නේ


පුංචි පැලක පුතු රජකරවන්නට
මැවූ සිහින පොදි බැඳගෙන හදතුල
ඉගිල්ලුනේ දුරු කතරට තනිවී
වැලි කතරේ රන් මසු ඇහිඳින්නට


මව් පිය සෙනෙහේ අයදින පුතු ලොව
මවු සෙනෙහේ නැති අඩුව මකන්නට
මව් වෙන්නම් පුතුනේ මින් මතුවට
පිතු වෙන්නම් පුතුනේ ඔබෙ තනියට


ගස්ලබ්බා ඕලෙවල් කාලෙ ඉස්කෝලෙ තරඟෙකට ලියපු ගීතයක්.පරණ පොත් පත් අවුස්සනකොට හම්බුනේ.. 

34 comments:


  1. මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්
    අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්
    සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
    යන්න නුඹ උගසට දරු සෙනේ අරන්

    ඇහැල මල් පිපිණු දෙවටෙදි හමුවෙලා එදා
    දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා
    අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා
    පුංචි උන් අඩයි අම්මා බැස්සේ නෑ කියා

    කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
    නින්ද නෑ කියයි මගෙ කවි තාලේ නෑ කියයි
    මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි
    අඩන සිතට මල් පැණි නැතුව බැරි හැඩයි

    ගායනය - අසංග ප්‍රියමන්ත පිරිස්

    ReplyDelete
    Replies
    1. සද හාමිනේ මගේ දරුවන් උකුලේ තියා
      නිදි මරනවා කිරනවා ඇති රෑ මැද නෙත නොපියා
      දීපන්කරේ ආවෙ මගෙ දරු පැටවු නිසා
      මට බය උන්ට මා අමතක වේද කියා....

      කීවට කමක් නැ පැරකුම් ගැමුණු කතා
      මං ගැන උන්ට ඉද හිටවත් කියන් ගොතා
      පියෙකුගේ සිතේ දරු සෙනෙහේ කොතෙක් කියා
      තේරුම් ගනී ලොකු උනදා අපේ පුතා.....

      දැනුනොත් උන්ට නැතිබැරි කම අපේ කම
      සැනසෙන්න අපට මොකටද ඉසුරු වෙන
      අතමිට සරු උනත් විගඩම් මෝස්තර
      නොදී හදාපන් උන් මගේ පණයි මට....

      ගායනය - අසංග ප්‍රියමන්ත පිරිස්

      Delete
    2. මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
      හොඳ පරිස්සමින් ඉඳපන්
      මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
      නුඹ මූදුකරේ තනියෙන්

      යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
      ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
      මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි
      නුඹ නොදැක්ක සේ ඉඳපන්

      මගෙ අමල් බිසෝ…

      ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්
      ගෙට එබී බලයි හොරැහින්
      මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්
      නුඹ හෝදිසියෙන් ඉඳපන්

      මගෙ අමල් බිසෝ… //

      හඬ : සුනිල් එදිරිසිංහ
      සංගීතය: රෝහණ වීරසිංහ
      පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ

      Delete
    3. හම්මේ මේ තියෙන්නේ සින්දු

      Delete
    4. ඇරෝ ඇරෝ.... සිංදු ඇනෝ සාදරයෙන් පිළිගන්නවා... එලස්....

      Delete
    5. මැලේ... ඒකත් නියමෙට සෙට් වෙනවා නේද? එල...ස්..

      Delete
    6. කෝ ඉතිං ඔමාගෙ සිංදුව..?

      Delete
  2. අඩෝ.............. ගස් කවියක් ලියුවා...... ජයවේවා......... අපි කිව්ව විදිහට බය වුණා නේද?????? නියමයි ගස්... කවිය පට්ටයි... කවියකටත් වඩා ඒක ගීතයක පද වගෙයි පෙනෙන්නේ............

    ReplyDelete
    Replies
    1. භය උන ථරම ඛියන්නෙ... මේක ගොඩක් කාලෙකට කලින් ඉස්කෝලෙ ගේය පද රචනා තරගයකට ලියපු එකක්... භයටමයි දැම්මෙ.. හෙහ් හේ... තංතෝසෙයි... ආයෙ එන්න..

      Delete
  3. අඩේ බලන් ගියාම උබත් නොකරන ලබ්බක් නැනේ

    ReplyDelete
    Replies
    1. ඝශ් ලභ්භා සිංහල කොල්ලෙක්..ඒ නිසා ඕන එකයි එපා එකයි හැම එකටම හොට දානවා.. හෙහ් හෙ.. තං තෝසෙයි ගස් ලබු බලන්න ආවට.ආයෙ එන්න..

      Delete
  4. // පුතු වෙන්නම් පුතුනේ ඔබෙ තනියට// මෙතන ගැලපෙනවද කියල බලපන් පැපෝ
    ලබ්බ කියන්න මොකක්ද වගේ හින්ද උඹට පැපෝ කිවුවෙ.

    ReplyDelete
    Replies
    1. හුට්ටප්පරේට ගහපි කණාමැදිරියා කිව්වලු. මිශ්ටේක් එකක් නෙව... ඔන්න හැදුවා.. කම්මලේට ජය වේවා..!!
      තං තෝසෙයි ගස් ලබු බලන්න ආවට.ආයෙ එන්න..

      Delete
  5. ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඔමා..
      තං තෝසෙයි ගස් ලබු බලන්න ආවට.ආයෙ එන්න..

      Delete
  6. Replies
    1. මහේෂ්ටත් ජයවේවා..!!
      තං තෝසෙයි ගස් ලබු බලන්න ආවට.ආයෙ එන්න..

      Delete
  7. ජයවේවා ලබ්බෝ, අර පුංචියට දාපු ඕ ලෙවල් කතාව ටිකක් ලොකුවට දාපං.. දිග මදි නිසා උඹේ කවිකාරකම ගැන කට්ටිය පටුවට හිතන්න පුළුවන් ඒ හින්ද.. දැන් අලුතෙන් ටිකකුත් ලියපන්. ඒ කාලෙත් එහෙනං උඹ හෙන කවිය ඈ...

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනං ලොකු කළා සජ්ජෝ... ඔය කියන කාලෙට පස්සෙ හිරිවැටිලා වගේ කාලයක් ගත උනා.දැං හිරි ඇරගන්න තැනකුත් තියෙන නිසා හිරි අරිමු...
      තං තෝසෙයි සජ්ජා හැමදාමත් වගේ ආවට.. ආයෙත් එමු මේ පැත්තෙ..

      Delete
  8. ලස්සනයි කවි ටික..

    ReplyDelete
    Replies
    1. තං තෝසෙයි දිනේශ්...
      ආයෙ එන්න ගස්ලබු බලන්න.

      Delete
  9. සුපිරි කවි ටික......

    ReplyDelete
    Replies
    1. රූපේ....................රූපේ මහද පිනා යයි...
      තං තෝසෙයි ආවට.. ආයෙ එන්න..

      Delete
  10. ලබ්බාගේ කාව්‍ය අභිශේකයට සුභ පැතුම්.මටනම් මතක්වුනේ නෙලන්නට ගොසින් "කියන රුකාගේ සින්දුව.ඔය මොනවා කිවුවත් අම්මලත් පවු...තාත්තලත් පවු....ළමයිනුත් පවු....ඒත් මේ යන සිස්ටම් එක අනූව වෙන මොනවා කරන්නද?
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. වටෙ පිටේ අහපු දැකපු දේවල් ටිකක් කාලෙකට කලින් ලිව්වෙ..මේ යන සිස්ටම් එකට අනුව ඉක්මනටම ගස්ලබ්බටත් පව්.. ජයවේවා කටුසු... තං තෝසෙයි මේ පැත්තෙ ආවට.ආයෙ එන්න..

      Delete
  11. රස කවි ලබ්බ....!

    ReplyDelete
    Replies
    1. තං තෝසෙයි Jay ... ආයෙත් එන්න ගස්ලබු රස බලන්න.

      Delete
  12. දවස් ගානකින් ගොඩ උනේ.. ගීතයකට සුදුසු නිර්මාණයක්.. ඕ ලෙවල් කාලෙ නිසා අවුලක් නෑ.. හැබැයි වචන වලින් තව පොහොසත් වෙන්නෝනේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. පොඩි කලෙ ඉතින් ඔහොම තමයි... හෙහ් හේ... ක.මි පේන්න නැත්තෙ මොකෝ කියල කල්පනා කර කර හිටියෙ... පොහොසත් කොරල ගමු ටික ටික.. අධුනිකයො නෙව... තං තෝසෙයි.. ආයෙ එන්න..

      Delete
  13. උබ මෙ වැඩෙට දක්සයෙක් වගෙ ලබ්බො

    ReplyDelete
    Replies
    1. තං තෝසෙයි... මෙන්න මගෙ ගනෙ රස ගස්ලබ්බක්..!! දිගටම එන්න මේ පැත්තෙ

      Delete
    2. ආය අලුතෙන් සිනි පිටි කෙසෙල් දාන්න දෙයක් නෑ උඔගේ ගස්ලබ්බට..

      Delete
  14. එපා යකෝ මේ වගේ එවා ලියන්න..අඩන්න පුලුවන්ද ඔපිස් එකේ..
    මම පොඩි මෙන්ඩාවයි සදුයි ආදේශ කරලා බැලුවා..
    මම යනවා දුමක් දාන්න.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ කියන ඔය ආදේශ වීම තමයි හිත කීරි ගැහෙන සීන් එක.. ඇත්තටම අහපු දැකපු දේවල් දරාගන්න බැරිව ලිය වුන එකක් ඕක..
      මටත් පාරක් දියං එහෙනම්..
      ආයෙ එන්න..

      Delete