Sunday, March 8, 2015

උෂ්ණ ශිරෝමි




අද කොච්චර වතුර බිව්වත් උගුර කට වේලෙන එක නම් අඩු නෑ.වතුර බෝතලයෙන් භාගයකටත් වඩා ආසන්න පැය තුල අඩුවූ බව දකිත්දියි ගීත්ට එහෙම හිතුනෙ.
බෝඩිමට ගිහින් සිගරට් එකක් වත් බිව්ව නම්....
අත්දෙකට හොඳටම දාඩිය දාලා... කකුල් වලටත් එහෙමමයි... සෙරෙප්පු දෙකත් දැං ලිස්සන ගාන...
තව කොච්චර වෙලා මෙහෙම ඉන්නද?..
ඇවිද ඇවිද හිටියා...
ෆෝන් එක ඔහේ... එබුවා...
නර්ස් කෙනෙක් ලඟට ඇවිල්ල කියනකන් දන්නෙ නෑ තහඩු පුටුවට තට්ටු කරමින් හිටපු බව..
ශෙහ්..කොච්චර වෙලාද දන්නෑ..
මොනව උනත් අද නම් මඟින් යන්නෙ නෑ නෑ නෑ................මයි...


පොඩ්ඩක් සංසුන් වෙන්න හිතගෙන දිග හුස්මක් ගත්තු ගීත්ට තමංගෙ ලස්සන පාසල් කාලෙ මතක් උනා.
දෙමවුපියො කොච්චර ආසාවෙන්ද ගීත්ව ඒ කොලෙජ් එකට දැම්මෙ..
නිළ ඇඳුම ඇඳගෙන පාරෙ ඇවිද්දෙ උනත් ටිකක් ආඩම්බරෙන් කියලා පිළිගන්න ගීත් ලැජ්ජ වෙන්නෙ නෑ... දීප්තිමත් අධ්‍යාපන දිවියක් එක්ක හත අට පංති වලට එනකොට ගීත් හැමෝම දන්න අඳුනන චරිතයක්..
අනේ ඒ කාලෙ ඇත්තට...
ගීත්ට චූටියට හිනාවක් ගියා.. ඒත් එක්කම මූණ අඳුරු වෙලා අතින් මූණ පිහගෙනම හිනාව විසිකරලා දැම්මෙ මේ හිනාව හිංද මොනතරම් දේවල් උනාද කියලා මතක් උන නිසා වෙන්න ඇති.



පොතෙ පතේ වැඩ වලට අමතරව කොලෙජ්ජෙකේ අනිත් වැඩ වලටත් සම්බන්ධ වෙන්න ගීත්ට ආරාධනා ගලාගෙන ආවෙ ගීත් බොහොම සමාජශීලී වගේම හුරුබුහුටියට සකසුරුවමට වැඩ කරන නිසා කියලා තමයි එයාල කිව්වෙ.
ඒක ඉතින් බොරුවකුත් නෙමෙයි..
මොකද ගීත් මුල් උන හැම වැඩසටහනක්ම හරිම සාර්ථක උන නිසා.
මේ වගේ කරුණු නිසා ගීත්ට නිතරම ඉන්න උනේ තමන්ට වඩා වයසින් වැඩි පිරිසක් එක්ක.නමුත් අත්දැකීමෙන් වගේම ශරීරයෙනුත් ගීත් වයසට වඩා මෝරලයි හිටියෙ.
සම වයස් කණ්ඩායම් අතර ඉරිසියාවට ලක් වෙන්නත් මේක හේතුවක් උනා.නමුත් ගීත්ට පංතියේ යාලුවො ගැන්සිය එපාම වෙන්න හේතු උනේ එයා නමය වසරෙදි උපන්දිනේ දවසෙ සිද්දවුන දෙයක්.

චොක්ලට් අයිසිං කේක් එක කපලා විශ් කරලා හග් කරලා.. කේක් කාලා කට්ටියම එකතුවෙලා ලස්සනට ඔතපු ගිෆ්ට් එකක් දුන්න හැටි...
සංතොසෙන් ඇස් වල කඳුලු පුරෝගෙන රැපින් කඩපු හැටි...
මුළු ඔක්කොම කෙල්ලො හිනා උනා.....
යස්සනියො...
ගීත් අත් මිටි මෙලවුනා...
එතන තිබුනෙ කාගෙදෝ ඇඳලම පරණ උන ලොකුම ලොකු පෑන්ටියකුයි පරණ ලොකුම ලොකු බ්‍රා එකකුයි..
36 කියල මාකර් පෙන් එකකින් සුදු ගවුමෙ පිටිපස්සෙ එතකොටම එක යස්සනියක් ලිව්වා..

එදා තමයි ගීත් අන්තිමටම ඇඬුවෙ...

ටොයිලට් පැත්තට ගිහිං හිතේ හැටියට අඬලා බෑග් එකෙන් ගවුමෙ ලියපුවා වහගෙන ගෙදර ගිහිං දොර වහගත්තා මතකයි.
රෑ අම්මට උන දේවල් කියනකොටත් ඇඬුනා..
ඒත් එයාල කිව්වෙ මේක පොඩි විහිලුවක් ගණන් ගන්න එපා කියලා.
ඒත් ඒක විහිලුවක් විතරක් නෙමෙයි කියන්න නං ගීත් ට තේරුණා.
කොන්දෙ බලි ඇන්ද කෙල්ලට පපුවකුත් නෑ පස්සකුත් නෑ..
ඒත් ගීත් ගෙ ඇඟ හැඩයි කියල හැමෝම කියනවා...

පංතියෙන් ඈත් වෙන්න ඕන නිසාම ගීත් බෑන්ඩ් එකට සම්බන්ධ උනා...
බොහොම උද්යෝගෙන් පුහුණුවීම් වලට සහභාගී උනා.ඇත්තටම ඒකෙං ඇඟට වගේම හිතටත් ලොකු සහනයක් දැනුනෙ..



උදේ පාන්දර කාටත් කලිං කොලේජ් ඇවිල්ලා එක්සයිස් ටිකක් කරලා ප්‍රැක්ටිස් කරලා වොශ් එකක් දාගෙන පංතියට ගියාම කම්මැලි දැනෙන්නෑ ටිකක් වත්.
මොනවා කළත් පොතේ පතේ වැඩ නං ගීත් අමතක කලේ නෑ.
බෑන්ඩ් එකට කොච්චර ආස උනත් එපා වෙන වෙලාවල් නම් නැත්තෙ නෑ.
පොඩ්ඩක් වැරදුනත් කුණුහරපෙන් බණින ශිරෝමි අක්ක තමයි සැරම.
අනෙක් අයත් එහෙම තමයි.. බෑන්ඩ් එක වෙනුවෙන් නිසා ඉවසලා ඉන්නවා..
ඒත් ශිරෝමි අක්ක මොනව හරි වැරැද්දක් හොයාගෙන ගීත්ට කුණුහරපෙන් බනින එක දැං පුරුද්දක් වෙලාද මංද..
එයාගෙ ෆේවරිට් ස්වීට් ජාතිය තමයි ලොලිපොප්.කොයි වෙලෙත් එකක් කටේ...
ශිරොමි අක්ක පාසලේ විවාද කණ්ඩායමේ නායිකාව.
කාන්තා විමුක්තිය තමයි ආසම මාතෘකාව..
කතාකරන්නෙ දුං විසිවෙන්න.. කොල්ලො කියන්නෙ උෂ්ණ ශිරෝමි කියලා.. ගීත් ල උනත් නැති තැන කිව්වෙ එහෙම.


පුටුවෙ වාඩි වෙලා ඉන්න එක එපාඋන ගීත් ජනේලය ලඟට ගියා.උඩ තට්ටුවෙ ඉඳන් බලනකොට පල්ලෙහා පාර ලස්සනට පේනවා.
හැන්ඩි කොල්ලො දෙන්නෙක් පාරෙන් එහාපැත්තෙ මොකක්දෝ ලොකු කතාවක්..
කෙල්ලෙක් ගැන වෙන්න ඇති.ඔය මෝඩ ජාතියට කෙල්ලෙක්ගෙන් එහා දෙයක් හිතාගන්න පුලුවනැයි..
එකෙකුට මල පැනල වගේ.ඔර්ලෝසුව බල බල දඟලනවා.
උගෙ විකාර දකිනකොට ගීත්ට ආයෙත් පරණ සිද්ධි මතක් වෙන්න පටංගත්තා.



දවසක් ශිරොමි අක්ක ගීත්ට දුන්න නොටේශන් වගයක් හදාගෙන එන්න කියලා..
නරක වෙලාවට පාන්දර ප්‍රැක්ටිස් යනකොට ඒ ටික අරං යන්න ගීත්ට අමතක උනා.
ශිරොමි අක්ක ඒක ගැන අහනකොටයි මතක් උනේ...
ගීත්ට හීන් දාඩිය දැම්මා..
එතෙක් මෙතෙක් අහපු නරකම කතා ටිකක් ශිරොමි අක්කා ඇතුලු පිරිසගෙන් අහගත්තෙ දණ ගහගෙන අත් උස්සගෙන ඉන්න ගමන්.
සෑහෙන වෙලාවක් එහෙම හිටියට පස්සෙ ගීත්ට දඬුවම් කිරීම ශිරොමි අක්ක භාර ගත්තා.
දඬුවම තමයි නොටේශන් ඔක්කොම ලියල දීල ඉවර වෙලා පංතියට යන එක.

බෙල් ගහන්නත් ටික වෙලාවයි..
ඉක්මනට ඉක්මනට ලියන්න පටන්ගත්තත් හිතෙන් නෝට්ස් දාන්න තරම් හැකියාවක් ගීත් ට තිබුනෙ නෑ.
ඒ මදිවට අද මිසුත් නිවාඩු.
මිස් හිටිය නම් කොහොම හරි පංතියට යන්න තිබුනා.
මිස් නැති දවසට බෑන්ඩ් කාමරේ යතුර තිබුනෙ ශිරෝමි අක්ක ලඟ.
අන්තිමට සිද්ධවුනේ ගීත් වයි ශිරෝමි අක්කවයි බෑන්ඩ් රූම් එකට දාල එලියෙන් වහලා අනිත් අය පංති වලට ගිය එක.
මොකද හවසට අනිවාර්යෙන් අලුත් නෝට්ස් ඕන නිසා.

කරන්න දෙයක් නැති තැන පාඩම් වැඩ අමතක කරලා ගීත් නොටේශන් හදන්න ගත්තා.
ශිරෝමි අක්කා ලොලිපොප් එකක් කටේ දාගෙන ගීත් වැඩ කරන දිහා බලන් හිටියා.
දණ ගහගෙන හිටපු නිසා රිදෙන දණිස් අතගගා වැඩ කරනකොට..........
බාම් එකක් අරගෙන ශිරොමි අක්ක ලඟට ආවා.

"කෝ ඉන්න.. මේක ගාපුවාම හරි."

අමුතු කරුණාවන්ත හඬකින් එයා කිව්වා.
අමාරුවෙන් බොටමෙ කකුල් උස්සගෙන ගීත් ඒක ගාන කොට එයා අමුතු විදිහට බලන් හිටියා.
එක පාරටම
"ඔහොම ගාල හරියන්නෑ.. කෝ ඉන්න"
 කියලා එයා ගාන්න පටං ගත්තා...
රටාවකට...
වැරැද්දකුත් කරලා තව පණ්ඩිතකම් කියවන්න බැරි නිසා ගීත් ඔහෙ බලන් හිටියා.

ඒත් ටිකෙන් ටික ශිරෝමි අක්ක වෙනස් වන බවක් ගීත් ට දැනුනා..

කරුණාවෙන් යාලුවෙක් වගේ කතා කරන්න පටංගත්තු එයා අමුතුම සෙල්ලමක් පටන් අරන් හිටියෙ....

ගීත්ට මොනවත් හිතාගන්න වෙලාවක් තිබුනෙ නෑ...

අඩවන් දෑසින් ශිරොමි අක්ක දිහා බලන් ඉන්න එක විතරයි එයාට කරන්න ඉතිරිවුනේ..




'ගුඩුස් ගුඩුස් ගුඩුස්..'
බෝතලේ තිබුන වතුර ටික ඔක්කොම බීගෙන බීගෙන ගිය ගීත් ඔලුව දෑතින්ම බදාගත්තා...
කොච්චර අමතක කරන්න උත්සාහ කළත් අමතක නෙවෙන අත්දැකීම් ගොන්නක ආරම්භයට එදා දවසෙ මුල් ගල් තැබුනා.


ලෝකෙට හොරෙන් අමුතුම රසයක් ගීත්ගෙ ලෝකෙට එකතු උනා...
ශිරොමි අක්කගෙ පෞර්ශයට... ඒ හඬට...
අදහස් වලට ගීත් වශී උනා...
ඊට අමතරව කොහොම හරි දෙන්නා තනි වෙලා මිහිරි මොහොතකට ඉඩ කඩ හදා ගන්නත් අමතක කලේ නෑ.
බෑන්ඩ් එකට අමතරව නිවේදන කටයුතු,කථික,විවාද කටයුතු නිසා ගීත් ටයි ශිරොමි අක්කටයි එකිනෙකාගේ නිවෙස් වලට ගිහින් රාත්‍රී ගත කිරීම පවා පහසුවෙන්ම කර ගන්න ලැබුනා.

කාන්තා විමුක්තිය,ගෘහස්ත හිංසනයට එරෙහි වීම,සමතැන සඳහා හඬ නැගීම බොහොම ජයට කෙරුන නිසා ගීත් ප්‍රදේශය පුරා රිදී සීනුවක් ලෙසින් නමක් දිනාගත්තෙ කොලේජ් එකට පදක්කම් කුසලාන එකපිට එක ගෙන දෙමින්..

අනිත් කෙල්ලො මොනව කිව්වත්...
පාරෙ යනකොට අවලං කොල්ලො ආප්පෙ කියල කෑ ගැහුවත් ගීත්ට ඒවා ගාණක් තිබුනෙ නෑ.
ඇත්තටම අම්ම තාත්ත කියන දෙයක් වත් වැදගත් නොවන අවවාද කරන්න එන අයවත් තර්කයෙන් පරද්දන්න ගීත් පුරුදු උනා.

කාලය වේගයෙන් ගත උනා
විශ්ව විද්‍යාල කියන්නෙ ගෝත්‍රික මතවාද දරන නොදියුනු මිනිස්සු එන තැනක් ය..
නිදහස් චින්තනය අගයන්න එහෙ ඉන්න දේශපාලන අතකොලු දන්නෙ නැති ය..
පුරුෂ ඒකාධිකාරයට විරුද්ධව හඬනගන එකයි උතුම් කියල ශිරෝමි අක්කා ඒ වෙනකොට ක්‍රියාකාරී වෙලා හිටපු එන්.ජී.ඕ. එකෙන් ලොකු හොටෙල් වල කරපු වැඩමුලු වලින් දීපු අදහස් හිස් මුදුනින් පිලිගත්ත ගීත් ඒ වෙනුවෙන්ම කැප උනා.

සිගරට් එක.. හර්බ්.. මේවා ගීත්ගේ ඇඟිලි වලට වේගෙන් හුරු උනා.

ඒත් එකපාරටම ශිරෝමි අක්ක කාටත් නොකියම රට ගියා.

ශිරෝමි අක්ක රට ගියාට පස්සෙ පාලුව මකා ගන්න ක්ලබ් යන එක පුරුද්දක් උනා.
ගීත්ගෙ ඔලුව යකාගෙ කම්මල වගේ උනා.
එල්.එස්.ඩී. දාපු දවසෙ පරණ කාලෙ සැහැල්ලුව හිතට දැනෙනන් ගත්ත වගේම කාමරේ හිටපු හැම ගෑණු ළමයම ශිරොමි අක්ක වගේත් ගීත්ට පෙනෙන්න පටන් ගත්තා...

මොනව උනත් ලංකාවෙ ඉන්න ගමන් උපාධියක් හදාරන්න පටන් ගත්ත කාලෙ තමයි ශිරෝමි අක්ක වෙනස් උනේ...
එයා ගීත් ටත් නොකියම රට ගියේ ගීත්ව හොඳටම අසරණ කරලා.ඒ හිදැස මකා ගන්න ගීත් නොකරපු දෙයක් නැති තරම්..

මෙහෙම යනකොට දවසක් ගෘහස්ත හිංසනයට ලක්වුනු කාන්තාවන් වෙනුවෙන් ගීත්ගේ සංවිධනයෙන් පැවතුනු වැඩසටහනක් අවසානයෙ ඒ වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් පැමිණි වයෝවෘද්ධ නීති නිලධාරිනිය ගීත් ගැන හොයල බලුවෙ අම්ම කෙනෙක් වගේ.
ගෙදරින් පිටත් වෙලා සම්බන්ධකම් අතෑරලා හිටපු ගීත්ගෙ  හිස්කම ඇය අඳුන ගත්තා.
ඇයගේ පෙළඹවීමෙන් තමුන්ගෙ මනස නැවත ශක්තිමත් කරගන්න උපදේශන සහය ලබාගන්න ගීත් කැමති උනා..



ඔන්න දැන් නම් බලා හිටියා ඇති...
වෙනස් වෙන්න සූදානම් ගීත්ට පොඩි සහයයි ඕන වෙන්නෙ...
ජනෙල් පඩියට අත් දෙකින්ම බර වෙලා ගීත් ලොකු හුස්මක් හෙලුවා...

"මිස් ඔයාගෙ වෙලාව.."

ලස්සන නර්ස් කිව්වෙ උරහිසට අතක් තියල කල්පනා ලොකෙන් ගීත්ව අවදි කරමින්.


උගුර පාදගෙන හොඳ හුස්මක් අරන් .. බෑගයේ තිබුනු චූටි කණ්නාඩියෙන් බලාගෙන කොණ්ඩයත් සකසගෙන ගීත් කාමරයට ඇතුල් උනා...

තමාට පිටුපස හරවගෙන ෆිල්ටරෙන් වතුර එකක් පුරව ගත්තු උපදේශක වරියට ඇත්තටම ලස්සන හැඩයක් තියෙන බව ගීත්ට පෙනුනා...

පිලිවෙලට අස්කරපු මේසෙ පැත්තකින් ලස්සන පාට පාට ලොලිපොප් පිරුනු දීසියක් තියලා තිබුනා

37 comments:

  1. කාන්තා විමුක්තියේ ඇත්ත.....??????
    යුතුකම් ගැන සතේකටවත් සැලකීමක් නැති මහා ලොකුවට අයිතිවාසිකම් ඉල්ලලා කෑගහන,සටන් කරන ගෑණු පිරිමි දෙපාර්ශවේම ඇත්ත ඕක තමයි බන්.ලෝකෙට එක මූනක්.තමන්ට එක මූණක්.සමලින්ගිකත්වය කියන දේ මමනම් පහත් කරන්නේ නෑ.අපි තෘප්තිය ලබන්නේ විරුද්ධ පාර්ශවයෙන්.ඒ අය ඒකෙන් තෘප්තිමත් වෙන්නේ නැතිනම් ඔවුන්ටත් තෘප්තිමත් වෙන්න ඉඩක් මේ ලෝකේ තියෙන්න ඕනෙනේ.ඒත් ගොඩක් වෙලාවට සිද්දවෙන්නේ සමාජයට බයේ එකම රාමුවකට කොටුවෙලා ජීවිත2-3ක් අමාරුවේ දාන එකතමා.

    උඹ කතාව ලස්සනට ලියල තියනවා.පුළුවන්නම් තව ටිකක් කුතුහලය ඉතුරුවෙන විදිහට ලියන්න ට්‍රයි කරපන්.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ඔන්න පොඩි වෙනසක් කලා.. කොහෙං හරි එන සල්ලි ටිකකින් අමුතු ලෝක මවාගෙන ජීවිත අපරාදෙ අවුල් කරගන්නවා..නමුත් දක්ෂ මිනිස්සු.. අපරාදෙ..
      ගොඩාක් තං තෝසෙයි කටුස් මේ පැත්තෙ ආවට.. ආයෙත් එන්න...

      Delete
  2. අපේ මිනිස්සු තාම බන්නේ 1800 ගණන් වල බන්...උන්ට මේවා මැජික්...
    හැමෝගෙම ආශාවල් එක වගේ නෙවෙයි කියල‍ෙ උන් පිලිගන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මොකා උනත් රවට්ටන එක වැරදියි.. සමාජෙට වැඩක් වෙන්න තියන ජීවිත සමාජයට බරක් වෙනවා සමහර මිනිස්සුන්ගෙ ආත්මාර්ථෙ නිසා... හා නැද්ද?
      රූපේ.. මහද පිනා යයි... හාහ්..හහ්..හහ්...හා..!
      සාදරයෙන් පිළිගන්නවා..දිගටම එන්න ගස්ලබු ගනින්න..

      Delete
  3. තවමත් අපේ සමාජයේ විවෘතව කතා කිරීම බොහොම සීමිතව සිදුවන මාතෘකාවක්. මේවා අද ඊයේ වුන දේවල් නෙවෙයි. මගේ බිරිඳ කියනවා 1960 දශකයේදී ඇය සහ ඇගේ යෙහෙලියන්ට, පාසල් නේවාසිකාගාරයේ මේට්‍රන් ගෙන් බේරෙන්න, විවිධ උපක්‍රම යොදන්න වුන බව. හමුදාවේ මෙවැනි සිදුවීම් ගණනාවක් මා දන්නවා. නමුත් මේ දෙස විද්‍යාත්මකව බැලීමක් අදටත් අපේ රටේ නොකෙරෙන තරම්.

    ReplyDelete
    Replies
    1. එනකං බලන් උන්නෙ.. අනිවාර්යෙන් අහල දැකල තියෙන්නෙ ඕන කෙනෙක් නෙව මේ ඉන්නෙ. කොල්ලො විතරක් ඉන්න තැනක උනත් කෙල්ලො විතරක් ඉන්න තැනක උනත් මේවා සිද්ධ වෙනවා.ඒත් සමහරු පෙට්ටියකට බැහැල පියන වහගන්නවා වගේ මේ තුලටම ඇබ්බැහි වෙලා ජීවිත විනාස කර ගන්න එක අපරාධයක්.ගොඩක් පිරිසක් එකම සමාජ මට්ටමකට අයිති වෙනවා..මේ වගේ දේවල් ගැන මුහුකුරාගිය සාකච්ඡා තියෙන එක හොඳයි කියලායි මට හිතෙන්නෙ..
      ආයෙත් එන්න.. ගස්ලබු ගනින්න..

      Delete
  4. කෝ................... කවිය.......... අඩෝ

    අපි හිතුවේ ඊළග පෝස්ටුව කවියක් වෙයි කියලා... අපෙන් වදේ නිසාවත් දාපංකෝ

    ReplyDelete
    Replies
    1. අඩේ.....කයි ගැන කතාව යනකොට මේක ලියල ඉවරයි.ඉතින් දැම්ම.. ලොවෙත් කයිය පද බඳිනවා... සූන් ඔන් හොඳේ...
      එන්න දිගටම ගස්ලබු ගනින්න..

      Delete
  5. කාන්තා විමුක්තිය වෙනුවෙන් සක්‍රියව වැඩ කටයුතු කරන අය දැනගන්න ලැබීමත් සතුටක්. ඔබට ජය

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වූවාට තුති.මිනිස්සු වෙනුවෙන් ලිව්වෙ.
      ඔබටත් ජය..!!

      Delete
  6. අදටත් නිතර කතා නොවෙන මාතෘකාවක්,, ජය

    ReplyDelete
    Replies
    1. ඒක නොවේනං...කතා කොරන්න දේවල් මේ මාතෘකාවෙ එමට. තව ටිකක් දිගට ලියල කොටස් දෙකකට කඩන්නත් හදල ඔමා වගේ අයගෙ 'කොටස් භීතිකාව' නැමැති රෝගය මතක් උන නිසා එකකට සීමා කළා..
      හරිම තං තෝසෙයි කියවලා කොමෙන්ටුවකුත් කෙටුවට.
      දිගටම එන්න ගස්ලබු ගනින්න..

      Delete
  7. අනේ මන්ද බං මොකක් කියන්නද කියල "දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි.." හැමෝටම තමුන්ගෙ ලිංගික නිදහස කැමති විදියට විඳගන්න තියෙන්න ඕන. හැබෑටම අපි මොක්කුද බං? එහෙන් කෙල්ලො කොල්ලො නිසාත්, කොල්ලො කෙල්ලො නිසාත් මැරෙන්න දඟලන ලෝකෙ අරෙහෙම වෙන්නෙ? කොල්ලො අම්මට වැඩියෙන් ආදරේ වෙන්නත් කෙල්ලො තාත්තට වැඩියෙන් ආදරේ වෙන්නත් ඔය විරුද්ධ ලිංගික ආකර්ෂණය බලපානවලු. සම ලිංගික ආකර්ෂණය හෙළ නොදකියයුතු කරුණක් .ඒත් ඒක වෙන්නෙ කොහොමද කියන එක අදටත් මට හෙනම ගැටළුවක්. කොල්ලෙක් දැක්කම මොන හිතකින්ද බං "නගින්නෙ?"

    ReplyDelete
    Replies
    1. උඹ කියන එක හරි.ගොඩක් වෙලාවට උසස් යයි සම්මත මිශ්‍ර නොවන පාසල් වල 'තරු' ඔය සීන් එකේ ඉන්නවා.මොකද නව යෞවන කාලෙට කාලෙට ස්වාභාවිකව එන ප්‍රෙශර් එක චූටි ආප්පයක්,ලී කෙලි සෙල්ලමක් කරලා පිට කර ගන්නන මෙයාල පෙළඹෙනවා.ඕක දිගට දිගට ගිහින් ඇබ්බැහියක් වෙන පිරිසකුත් ඉන්නවා.ලොකු රස්සා කරන 'පොර' චරිත තමයි බහුතරයක් සමරිසි වෙලා ඉන්නෙ.
      මටත් තාම හිතාගන්න බැරි කොහොම ලී කෙලි සෙල්ලං කොරන්න හිත හැදෙනවාද කියලා.
      දිගටම ලබු ගණිමු නෙහ්?

      Delete
  8. කාලීන මාතෘකාවක් තමා. මම හුඟක් උපේක්ෂාවෙන් මේ ප්‍රශ්න දිහා බලන්නේ. මගේ බිරිඳගේ යහළුවෙක් හිටිය පිරිමි ජර්මන් රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක්. එයාගේ බෝය් ෆ්‍රෙන්ඩ් එක්ක අපේ ගෙදර ආව. දෙන්න කිස් කරන කොට මට නිකම් අමුත්තක් අපුලක් දැනුන. ඉතින් මම wife ට කිව්වා ආයේ කතා කරන්න. සෝවියට් දේශයේ ඕක තහනම් කරල තිබ්බේ. එංගලන්තේ ප්‍රශ්නයක් නැහැ. එපා කියල.හැබැයි දැන් හිතනවා මම වැරදියි කියල.

    ReplyDelete
    Replies
    1. හරිද... වැරදිද... ප්‍රකෘතිද... විකෘත්තිද... මේක හෙන පටැලවිල්ලක්.භෞතිකව ශරීරයේ අංග උපාංග හැදිලා තියෙන්නෙ මොකටද?එතකොට සමරිසි හැසිරීම් විකෘතියක්ද?තමන්ගෙ මට්ටම් තංමට්ටම් කියලා හිතන කොට උන්ට හොඳයි නම් අපට පාං ද? අපට අයිතියක් නෑ ඒවට ඇඟිලි ගහන්න කියල හිතෙනවා.
      මොනව හරිදේක සීමාව පන්නන්න ගියොතින් ඒ පුද්ගලයගෙන් සමාජයටෙ වෙන්නෙ හානියක්.. මට හිතුනෙ එහෙම.
      තං තෝසෙයි අජිත් අයියා මේ පැත්තෙ ආවට.ආයෙ එන්න..

      Delete
    2. මිට කලිනුත් ආවා. අපි හරි වැරදි හොයන එකත් වැරදියි. සමරිසි දේවල් වැරදිය නොකියපු ආගම් තමා බුද්ධාගම ජයින ආගම වගේ දේවල්. කෙලින්ම ආශාව පහ කිරීම සඳහා හැම දෙයක්ම අයිති වෙනවා. ඒ නිසා මේවා අපි ඉවසිය යුතු දේවල්. මිනිස්සු ඉපදිච්ච විධිහට ඒ මිනිස්සු පලි නැහැනේ.

      Delete
    3. කුමන හෝ දහමකින් මේ සංසිද්ධිය විග්‍රහ කරන ආකාරය පිළිබඳ නම් මට අවබෝධයක් නෑ.හොයල බලන්න ඕනෙ. නමුත් අජිත් අයියෙ ලිංගික හැඟීම් කියන ඒවා හුදෙක් ආශාවල් විතරක් ද? මොවුන් මොවුන්ගේ සමාජ වගකීම (වර්ගයා බෝ කිරීම ) මඟ අරිනවා නේද? එතකොට ඒක විකෘත්තියක් වගේ කියල මට හිතෙනවා.නමුත් ආයාසයෙන් ළමයි හදන්න ගිහින් ජීවිත අවුල් කරනවාට වඩා නම් සංතෝසෙන් ජීවත් වෙන එක සමාජයට වැඩදායකයි වගේ.

      Delete
    4. දැන් මුස්ලිම් ආගම වගේ එවල කෙලින්ම මරනවා. කතෝලික වගේ ඒවල කෙලින්ම වැරදියි කියල හංවඩු ගහනවා. නමුත් ඒවා ඇතුලේ ඕන තරම් මේවා වෙනවා. කන්‍යාරාම ඇතුලේ හා සෙමිනරි වල. දැන් කොච්චර නඩු යනවද? වර්ගයා බෝ කිරීම කරන අය ඉන්නවා මේ රටවල. තමන්ගේ ශුක්‍රානු හෝ දිඹ වෙන කෙනෙකුට දීලා ළමයි හදා ගන්න. ඔයා මේ වගේ බරපතල මාතෘකාවක් කතා කරන එකත් හොඳයි.

      Delete
    5. පූජ්‍ය පක්ෂය කුමනාකාරයක හෝ ලිංගික ක්‍රියාකාරකම් වලින් වැලකිය යුතුයි කියන එක අදාල ආගමික සංවිධානය සමඟ ඔවුන්ගේ ඇති එකඟතාවයක්.ඒ එකඟතාවය කඩ කරන එක නම් කොහොමත් වැරදියි.නමුත් සාමාන්‍ය ජීවිතයේදී සමරිසි වීම තමයි කාරණේ.ඇත්තටම ඔවුන් නව යෞවන වියේදී විරුද්ධ ලිංගිකයන් හා ඇසුර නොලැබීම නිසා සමරිසි වූ අයද? නැත්නම් ළමා වියේදී මුහුණ දුන් යම් අමිහිරි අත්දැකීමක් (අතවරයක් වැනි ) නිසා මොවුන් සමරිසි වෙනවාද?

      Delete
    6. නැහැ කතෝලික හා මුස්ලිම් ආගම්වල කෙලින්ම තහනම්. මේ රටවල කියන්නේ ඉපදුනු විධිහ අනුව එක වෙනවා කියල. ටෙස්ටොස්ටරෝන් වැඩිනම් පිරිමි ලක්ෂණ. ඊස්ට්‍රජන් වැඩිනම් ගැහැණු ලක්ෂණ හා ජාන ආකෘතිය අනුව. සමහර වෙලාවට සමහර බෙහෙත් ජාති ගන්න කොට ඒ වගේ හැඟීම් ඇති වෙන බවත් කියනවා. එහෙම නඩුවකුත් ගියා. හාර්ට් ප්‍රශ්නෙකට බෙහෙත් බිල එහෙම වෙච්ච් කෙනෙක් නඩු දැම්ම. ළමා වියේ අතවර වලින් වෙන්නේ පාලි ගැනීමට එහෙම කරනවා කියල. හුඟක් වැඩිහිටි කාලේ තරහෙන් වැඩ කරන්නේ ළමා වියේ එහෙම වුන අය කියල හොයාගෙන තිබෙනවා.

      Delete
    7. හෝමෝන වර්ග වල අඩු වැඩි වීම් මත 'නපුංසක' තත්වය සහ 'ලිංග විපර්යාස' ආදිය ඇතිවීම අහල දැකලා තියෙනවා.නමුත් 'සමරිසි' තත්වය සඳහා මානසික බලපෑම වැඩි බවයි මගේ අදහස.සමරිසි අයවලුන් ගේ බහුතරය මනා භෞතික ශරීර සෞඛ්‍යයකින් යුක්තයි.කොටින්ම ඉහෙන් බහින ලෙඩක් නෑ.හෝමෝන තත්ව වල වෙනසක් නිසා සමරිසි වනවානම් එය ඖෂධ මඟින් සුව කළ යුතු රෝගී තත්වයක් විය යුතුයි.නමුත් වර්තමානයේ මෙය රෝගී තත්වයක් නොව සාමාන්‍ය තත්වයක් බවට මත පලවෙනවා.

      Delete
    8. මං හිතන්නේ බටහිර විශ්වාස කරන්නේ උපතින් එනව කියල ලිංගිකත්වය. පිරිමි හෝ ගැහැණු ශරීර තිබ්බට ගැහැණු බව හිතෙනව පිරිමියාට , ගැහැණු ශරීරය තිබ්බට පිරිමි බව හිතෙනවා ගැහැණියට (ලෙස්බියන්) ට්‍රාන්ස්ජෙන්ඩර් කට්ටිය තමන්ට අවශ්‍ය විධිහට හෝමෝන ගහ ගන්නවා ඕන පැත්තට යන්න. මට කවුද කිව්වා (නැවත ඉපදීම , ගිය ආත්ම විශ්වාස කරානවනම්) ගිය ආත්මේ ගැහැනියක් වෙලා මේ ආත්මේ පිරිමියෙක් වුනොත් ඒ හැඟීම් තියෙනවය වගේ දෙයක්. විද්‍යාත්මකව නම් මන් හිතන්නේ ඕක උපතින් එනවා කියලා. ඒ අයට ඔහේ ඉන්න විධිහට ඉන්න දුන්නම ඉවරයි. අර ISIS රැලනේ මරන්නේ ඔහොම අයව . ඒ වගේ තිරිසන් තත්වයට පත්වෙන්නේ මොකටද.

      Delete
    9. අනිවාර්යෙන්ම.. සමාජයෙන් කොන් කිරීම වත්,මරා දැමීම වත් නෙමෙයි කලයුත්තෙ.ඒක මහ තිරිසන් වැඩක්.සත්තු සමඟ හැසිරීම හෝ සමරිසි වීම හෝ මේවා අලුතෙන් අද ඊයෙ ඇරඹුන දේවල් නෙමෙයි නෙ.ඇත්තටම මේකට හේතුව මොකක්ද කියන එක තමා මම කල්පනා කරන්නෙ..පුනරුත්පත්ති සංකල්පයෙ තියෙනවා කල්පනා කරන්න දෙයක්.එහෙම වෙන්නත් පුලුවන්.සමරිසි වීම අපරාධයක් නොවෙයි කියන මතය පොදු සමාජයේ තහවුරුවීම දැනටමත් සිද්ධ වෙලා නිසා ඔවුන් ඔවුන්ගෙ පාඩුවේ කරදරයක් නැතිව ඉඳියි..

      Delete
  9. බිත්තියේ..... හුජ්ජ.. අල්ලන්න එපා කිව්වලු.. ශිරෝමි අක්කගේ උශ්ණේ දැනෙන්න ලියලා තියෙන්නේ.. කාන්තා විමුක්තිය කියල පිරිමියෙකුට කියල අහවල් එකවත් කොරගන්නේ නෑ කියන මතේද මංදා මුං ඉන්නේ.. අනේ ඒ විදියට පුරුශ විමුක්තියක්නම් මට එපා.. උශ්ණ ශිරෝමි ගේ යාලුවා ගයිල් මාලා ද දන්නෙ නෑ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. සමහර වනිතා ක්‍රියාකාරීන් හිතන්නෙ අහවල් එක කිරීමේ 'වරම' පුරුෂයාට නොදිය යුතුයි කියලනෙ.ලිංගික සූරාකෑම් වලට විරුද්ධවලු ඒ.යට වෙන්නෑ ඒ මොහොතට වත්.අනේ ..... නන්නනේ කිව්වලු.
      මාස ගනන් නැවු වල යනකොටනම් පුරුෂ විමුක්තිකාමීන් ගේ ලී කෙලි සෙල්ලම් නිතර දකින්න ඇති.හෙහ් හෙහ් හේ....
      තංතෝසෙයි කමි ගෙ අදහසටත්..

      Delete
    2. කමී, චතුරංගි ලු අඳින්නෙ...

      Delete
    3. සජ්ජා කොහොමද බොලේ මේක දැක්කේ...?? අන්න ලොකු ප්‍රස්නයක්..!!!

      Delete
  10. ඔබ කියන්නට හදන්නේ සමලිංගික වීම ප්‍රතිකාර/උපදේශ ගැනීමට කරාණයක් කියාද? නැතිනම්, ආදරය බිඳ වැටීම නිසා ඇතිවන මානසීක පීඩනයක් ගැනද?

    ReplyDelete
    Replies
    1. මම කියන්න හැදුවෙ ඕනම දෙයක් ඕනවාට වඩා ඔලුවට දාගත්තම විනාශයක් වෙනවා කියලා.ඒක ශාරීරිකව බලපාන දෙයක් වෙන්නත් පුලුවන්,මානසික දෙයක් වෙන්නත් පුලුවන්. සමලිංගිකත්වයත් ඒ වගේ... ඒක විකෘතියක්ද නැද්ද කියන දේ තවමත් ප්‍රශ්නාර්ථයක්.නමුත් ආදරය,ලිංගිකත්වය වෙගේ සංවේදී මාවත් හරහා අහිංසකයන් ගොදුරු කර ගැනීමේ සීග්‍රතාවය වැඩිවෙලා... ඉතින් කතාබහක් අරඹන්නයි උත්සාහ කළේ..

      Delete
  11. හොඳ මාතෘකාවක් ගස් ලබ්බෝ..
    අර කිව්වත් වගේ සමහර පිරිමි තුළ ගැහැණු ලක්ෂණත් ගැහැණු තුළ පිරිමි ලක්ෂණත් තියෙන්න පුළුවන්.ඒවා ඍජුවම ලිංගිකත්වයට හෝ එහි හැඟීම්වලට බල නොපා ආකල්ප,හැසිරීම, සිතුවිලි,සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරීත්වය වගේ දේවල්වලින් පිලිබිඹු වෙන්න පුළුවන් කියලයි මගේ අදහස...දැන් ඔය හිලරි ක්ලින්ටන් පිරිමියෙක් වගේ ගෑණියෙක් කියනවනේ..එතකොට මාග්‍රට් තැචර්...ඒ වගේ අපි සමහර ගෑණුන්ට කියන්නේ ඒ ගෑණි යකඩියෙක්, මිනිහෙක් පරාදයි එයාගේ වැඩවලට කියලා..ඒ වගේ අය පෙනුමෙනුත් පිරිමියෙක්ගේ රළුබව ගන්න පුළුවන්...අර ගෑනු වගේ පිරිමි ඉන්නේ...ඒ වගේ තමයි...:)

    ReplyDelete
    Replies
    1. මම අඳුනන අක්ක කෙනෙක් හිටියා.ටී ශර්ට් ගන්නෙ කොල්ලන්ගෙ ඒවා.ට්‍රිප් ගියත් ඉන්නෙ අපිත් එක්ක.කොල්ලෙක්ම තමයි ඉතින්.හැබැයි ඕන වෙලාවට සාරි අඳිනවා... ඒ ඔක්කොම කෙරෙනවා.ඒව අවුල් නෙමෙයි.ඔය රූප ලාවන්‍ය ශිල්පියො ඉන්නෙ රියල් ලඳ ඩයල්.හැබැයි අවයව වැඩ.මේක පුදුම ලෝකයක්.. හෙහ් හෙ...
      තනිතරුවේ.... ආයෙ එන්න..

      Delete
  12. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16181-2015-03-13-22-24-26

    ReplyDelete
    Replies
    1. අජිත් අයියෙ.. රන් පදක්කමක් දුන්නා වගේ තමයි...

      Delete
  13. මම උඹේ බ්ලොගේ කියවපු හොඳම ලිපිය!

    ReplyDelete
    Replies
    1. ආයිස් අම්ම ගුණ්ඩු... හරිම තං තෝසෙයි..
      ගුණ දොස් හරිම වටිනවා...
      ආයෙ එන්න...

      Delete
  14. ඇත්ත කියහන් ගස් අය්යේ අල්ලපු ඉස්කෝලේ ......ටි ගැන නේද මේ කියන්නේ ?

    ReplyDelete