දුප් යන්න...
මුර කරන.. හපා කන
නිදි නොලැබ කඹුරන
සුනඛ ගති
ගොරවන්න ඔට්ටු නැති
හාම්පුතා
කන පතට අත දාන
දුප් යන්න..
දත් ටිකට බය ඇයිද
හැපුවෙනම් නෑ ඔන්න
කොර ගහන... ගඳ ගහන
කියන විදිහට වැනෙන්නැති
වලිගය රැගෙන
දුප් යන්න..
ඉඳා උඹට අවුරුද්දට
පත්තු කරපු
රතිඤ්ඤයක්.!!
GO HOME
ඩෝං...!!!!!!!
ලබ් ඩබ්... ලබ් ඩප්... ලබ් ඩප්... ලබ් ඩප්...
නිමිත්ත : කෙනෙක් ආතල් එකට ඇඟට දැමූ රතිඤ්ඤයකට බියවූ බල්ලෙක් ව රැකියාව අහිමිවූ ගස් ලබ්බාට දක්නට ලැබීම.
අඩෝ කව්ද මේ බල්ලා ????????
ReplyDeleteගස් ලබ්බා..!
Deleteඋන්ටත් අවුරුදු කන්න දෙන්න.
ReplyDeleteඋන් කිව්වෙ බල්ලොද අයියෙ? බල්ලට අවුරුදු නැති එක නොවේනං කාරණේ..
Deleteඅපේ ගෙවල් ළඟ හන්දියේ ඉන්න බලු රංචුවට, අවුරුද්දට, වෙසක් එකට එහෙම, ගෙවල් වලින් ගෙනත් හලලා යනවා ලොරි ගණන් කෑම.
ReplyDeleteඅන්න මිනිස්සු....
Deleteඅඩෝ ලබ්බා
ReplyDeleteඅර කටුකන බලු ශ්රීනා
එහෙම උස්සන්නේ නැ සුදා
මන් එයාගේ පොන්න පියා
ඉස්සුවොත් එහෙම ඔයා
අත්තන ඇටගිලිනවා හොඳා
කොමෙකට උත්තර
Deleteහලෝ මචන්.... සුබ අලුත් අවුරුද්දක් උඹටත්....
Deleteමගේ කොන කපලා අවුරුදු නැ සාන් තමයි තියෙන්නේ
Deleteඊද් මුබාරක්
Deleteමේක බල්ලෝ ගැන ලියුවා කියලයි මටත් හිතෙන්නේ.. අවුරුදු කාලයට මේ අහිංසක සත්තු බය වෙන තරමනම් කියලා වැඩක් නැහැ.. ඒළියට වත් ඒන්නෑ... අැදවල් අස්සට වෙලා... මාර දුකක් විදින්නේ..... අපි ඉතින් උන් ගැන හිතන්නැතුව අපේ අාතල් ගන්න අයනේ
ReplyDeleteබල්ලො ගැන නම් තමයි.උං හෙන බයයි බං රතිඤ්ඤා වලට.වචන ටික හිතුන හැටි සෙට් වෙන්න ඔන්න නිමිත්තක් දැම්මා.
Deleteවචන ටික හිතුන හැටි සෙට් වෙන්න ඔන්න නිමිත්තක් දැම්මා.'පමා' උනාට 'සමා' වන්න.
ReplyDeleteරතිඤ්ඤා වලට වියදම් කරන මුදල නම් පට්ට අපරාදයක්..
ReplyDeleteඒකට එකඟයි මාතයියෙ... පොඩි කාලෙ ඉඳන්ම රතිඤ්ඤා එක්ක තිබුනු සම්බන්ධෙ අඩුයි.ඒ උනාට ඉඳල හිටල කණ ලඟම රතිඤ්ඤා පුපුරණවා.එතකොට බල්ලට හිතෙන්නෙත් මෙහෙමනෙ කියල හිතෙනව.. හෙහ් හෙ..
Deletehttp://chef-archiect.blogspot.com/2014/10/thundershirt-hug-machines.html?m=0
ReplyDeleteGus...උන්ට අපිට වගේ කන කොන්ට්රෝල් නැහැ බං..ඒ උනාට රතිඤ්ඤා නැති අවුරුද්ද අර මොකක්ද එක නැති අරක වගේ මෙව්වාලු මාතලන් තුමා මොනා කීවත්...
චූටිට හොඳ මොලයක් නම් තියෙනව වගේ...
Deleteඅපෙ රතිඤ්ඤා වල තියෙන එකම ප්රමිතිය සද්දෙ විතරයි නෙ අයියෙ.හොඳම එක තමයි වැඩිම සද්දෙ.ඔන්න ඕක පොඩ්ඩක් කොන්ට්රෝල් උනා නම් ඉතින් කමක් නෑ.. මොකෝ ලංකාවෙ පොලීසියේ වැඩ වගේ බල්ලො නිසා රතිඤ්ඤා තහනම් කරන්න යැ..
අවස්තා සම්භන්දය උපරිමයි! කං අඩියෙම රතිඥ්ඥයක් පිපිරුවත් අවුරුද්දේ ඉතුරු ටික සරු වේවා!
ReplyDeleteඅතාරින්නෙ නෑ මචං.. කොහොම හරි සරු කරගන්නවා..
Deleteසමහර වෙලාවට රතිඤ්ඤා වලට බල්ලන්ගේ නං අඩි පුපුරලා පැසවලා ගඳ ගහන්න ගන්නවා පළාතේ ඉන්න බැරි වෙන්න.
ReplyDeleteසමහර කාලකන්ණි අහස්කූරු රතිඤ්ඤා බල්ලන්ගෙ ඇඟට දාල තිරිසන් ආතල් ගන්න එකෙන් ඒ සතාගෙ ජීවිතේ එතනින්ම ඉවර වෙනවා.කන පැසවපු බල්ලෙකුට උරුම එකම දේ පොලු පාරක් විතරනෙ.
Deleteඅහිංසක සත්තු බය වෙන්ඩ රතිඤ්ඤා පත්තු කරලා ආතල් ගන්න...පුන්ය කාලයට පන්සල් යන..වේලාවට කිරි උතුරවන රටක් ඕයි මේක....
ReplyDeleteසත්ව හිංසා ට්රෙන්ඩ් එක ලංකාවෙ නැති එක නම් ලොකු දෙයක්.මුන්ට උතුරන්න ඕනෙ කිරි නෙමෙයි....
Deleteඅවුරුදු කාලෙට ලොකුම දුක විදින්නෙ බල්ලො වෙන්න ඇති මේ රතිඤ්ඤා හින්දා... ඒ උනත් දැන් තියෙන රතිඤ්ඤා වැඩක් නෑ ලබ්බො.... ඉස්සර හනුමා රතිඤ්ඤා වල සද්දෙ කොහොමද...?
ReplyDeleteඅන්න බඩු...!! ඒවගෙ නූල කොට උනා එක කාලෙක මට මතක විදිහට.බෝම්බ තමයි...
Deleteපට්ට පට පට
ReplyDeleteපට පට පටස්... ඩෝං..!!
Deleteරතිඥ්ඥා වලට ආස කට්ටිය කාමරයකට දාලා දොර වහලා පත්තු කළා නම් ඉවරයි. සමහර අවුරුද්දට කන්න සතේ අතේ නැති එවුනුත් රතිඥ්ඥා පත්තු කරන එක තමයි මල පනින කාරණේ. බල්ලෝ විතරක් නෙවෙයි මිනස්සුත් භයයි. ඒකනේ ඈතට විසි කරන්නේ.
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්.... අන්න කතාව සුදීක අයියෙ.කරන ඕනෙ එහෙම වැඩක් තමයි.හෙහ් හෙහ්... ඇයි අයියෙ මේ කාලෙ වැඩිහිටියෙකුට වඳිනකොට කීයක් හරි දෙනවනෙ.ඔක්කොම සල්ලි රතිඤ්ඤා,අහස්කූරු වලට තමයි වියදම් කරන්නෙ.
Deleteගැස්මකට,තැති ගැනීමකට මිනිස්සු කොහොමත් ආසයිද මන්ද..
මම මේ පැත්තෙ එද්දි නම් බල්ලො සුපුරුදු විදිහට ජීවත් වෙන්න පටන් අරං මගෙ හිතේ. හැබැයි අවුරුදු දවස් ටිකේ නම් බල්ලෙක් හොයාගන්න බැරි උනා. පව් අහිංසක සත්තු. අපේ රටේ මිනිස්සුන්ගෙ තියරිය ඉතිං තමන්ට ආතල් එකක් සෙට් වෙනවනම් වෙන ඕන එකෙට්ට හෙන ගැහුණත් කමක් නෑ කියන එකනෙ.
ReplyDeleteමේ කාලෙ තමයි අර ඩූඩ් කියල තියෙන්නැහෙ රතිඤ්ඤා සද්දෙට කන් පැලුනු බල්ලන්ට එලව එලව ගහන කාලෙ.
Deleteඅනික් උන්ට හැන ගැහුනත් ගන්න ආතල් ඇත්තටම 'ආතල්' ම ද?
ප්රස්නයක්..
මමත් පොඩි මෙන්ඩාට කියලා දුන්නෙ අපේ සතුටෙන් සතේකුටවත් රදෙන්න බඋ
ReplyDeleteඋන් ගැනත් හිත පියා
Deleteකුණු සතුට හැර පියා
කියා දුන් එළ පියා
අමුවටම ගල් ඇස් පියා
පොඩි මෙන්ඩාගෙත් බ්රෑන්ඩ් එක ගල් වුනෙත් හොදයි
Deleteඒ කාලෙ වෙනකොට ගල් විසිකි වලටත් වඩා ගණන් යන හැඩයි.ඌ පොෂ් පිට බොයි.. හෙහ් හෙහ් හේ...
Deleteඅපේ සතුට අනිත් අයට කරදරයක් නොවිය යුතුයි.
ReplyDeleteඑසේ යැ.. එසේ යැ..
Delete-බ්රෑන්ඩ් එක ගල්-
අවුරු කාලෙට රතිඥ්ඥා බල්ලොන්ගෙන් ගල් වැඩපල පිරෙනවා.. වෙනද සද්ද තියන තැන අවුරුද්දට නිස්සද්ද වෙන නිසා වෙන්නැති... රතිඥ්ඥා බල්ලන්ට දාන එක මහා බලු වැඩක්...
ReplyDeleteඔව් ඉතින්... අවුරුදු කාලෙට ගල් වල බල්ලන්ගෙන් පිරෙනවා.අනිත් කාලෙට වටේ ගෙවල් ගල් වලින් පිරෙනවා උඹේ බ්ලාස්ට් වල සැරට..බල්ලන්ගෙ ඇඟට රතිඤ්ඤා දාන එකෙක් ගාවට ඩයිනා කරලක් දැම්මොත් කොහොම හිටීද හැබෑට..
Deleteබල්ලන්ගෙ ශ්රවන හැකියාව මිනිසාට වැඩි නිසා..මිනිසාට වඩා තියුණුව රතිඤ්ඤා හඩ බල්ලන්ට ඇහෙනවලු...ඒක එයාලට බොහොම තද පීඩාවක්ලු...මමත් මේ ලගකදි ඔය ගැන කියෙව්වෙ..ඉස්සර අවුරුද්දට ගෙදර රතිඤ්ඤා පත්තු කරනකොට අපේ බල්ලා පෝරනේ යට හැංගුනේ...ඒ දිහා බලලා අපි ඉස්සර සතුටු උනා...අද මතක් වෙද්දි දුක හිතෙනවා.
ReplyDeleteමලාට ගෙට රිංගන්නෙ නැති අපේ බල්ලා මෙදා ගිහින් ඇඳක් යට හැන්ගිලා...
Deleteඒ වටෙන් ආපු සද්දෙට..
සුනාමියට කලින් බල්ලො කුලප්පු උනෙත් ඔය ශ්රවන හැකියාවට වෙන්න ඇති එහෙනම්..
ගොඩක් පරක්කු වෙලා ආපු නිසා දැන් රතිඤ්ඤා සහ බලු ගැටළුව විසඳිලා ඇත්තේ
ReplyDeleteඅපේ ගෙදර කවදාවත් බල්ලෝ හදල නැහැ...
අපේ ගම්වල ඉඩකඩ තියෙන නිසා අනිත් ගෙවල් වල ඉන්න බල්ලෝ ඒ දවස්වල ශේප් එකේ කොහාට හරි මාරුවෙලා ඉන්නවා වෙන්න ඕනේ
///නිමිත්ත : කෙනෙක් ආතල් එකට ඇඟට දැමූ රතිඤ්ඤයකට බියවූ බල්ලෙක් ව රැකියාව අහිමිවූ ගස් ලබ්බාට දක්නට ලැබීම.///
බල්ලෝ ගැන දුක හිතිච්ච ගොඩ දෙනෙක් ගස් බල්ලාගේ (ආආ වැරදුනා... ගස් ලබ්බා) කණ පැලිච්ච එක දැක්කේ නැත්තේ ඇයි කියන එකයි මම මේ කල්පනා කරන්නේ...
දැන් මොකද තත්ත්වය...
සතෙක් හදලම බලන්න ඕනෙ ඒකෙ තියන මෙව්ව එක.හැබැයි දුර ගමනක් වත් යන්න බෑ උගෙ කෑම ටික එහෙම සෙට් නොකර.මට නං යන යන ගොඩක් තැන් වල සත්තු සෙට් වෙනවා.කන් තුවාල උනු හොරි හැදුන බල්ලො,ගුටි කන්නම ඉපදුනු කළු පූසියො.. වැඩ ඇරිලා බෝඩිමට එනකොට උනුත් ඇවිල්ලා මූණ පෙන්නලා හිනා වෙනවා.මහන්සිය කොහෙ ගියාද නෑ..
Deleteලොකු පුතාට හරි කවියෙ නිමිත්ත බරට පෙනුන එක නම් හිතට ලොකු මෙව්වා එකක්.
අලුත් තැනක් සෙට් උනා.. දැං එතන බොසා කණ පැලුණු තුවාලෙට බෙහෙත් ඩිංගක් දැම්මා... හෙහ් හෙහ් හෙ...
අදහස් නොකීවට මමත් කියෙව්වා ගස් ලබ්බෝ
ReplyDeleteඑල යැ..එල යැ.. පිස්සුවෙන් වගේ හිතුන දේත් කිව්වනම් ගස්ලබ්බට පොහොරක් ද වැටෙන්නේ යැ.. හෙහ් හේ...
Deleteඔටාරා නැන්දිත් එක්ක එකතු වල බල්ලන් බේර ගන්ඩ යන්ඩ ඕනේ
ReplyDeleteගෙදරින්ම පටන් ගමු.. නැන්දිත් එක්ක සෙල්ෆියකුත් ගමු..!
Deleteජයවේවා..!!